ද්වාරය:ආසියාව
Portal maintenance status: (2020 නොවැම්බර්)
|
හැඳින්වීම
ආසියාව යනු ලොව විශාලතම සහ ජනාකීර්ණම මහාද්වීපය යි. එය පිහිටා ඇත්තේ පෘථිවියේ නැගෙනහිර සහ උතුරු අර්ධගෝලවලය. පෘථිවියේ මුළු මතුපිට වර්ගඵලයෙන් 8.6%ක් හෙවත් මුළු භූමි ප්‍රමාණයෙන් 29.9%ක් එයට අයත් වෙයි. එහි බිලියන 4ක ජන ප්‍රමාණයක් ජීවත් වෙන අතර මෙය වත්මන් ලෝක ජනගහණයෙන් 60%කි. 20 වැනි සියවස තුළ ආසියාවේ ජනගහණය සිව් ගුණයකින් වැඩි විය.[1]
ආසියාව අර්ථ දක්වා ඇත්තේ සූවස් ඇළෙන්, යූරල් කඳුවලින්, කොකේසස් කඳුවලින්, කැස්පියන් මුහුදෙන් සහ කළු මුහුදෙන් නැගෙනහිරින් පිහිටි යුරේසියාවේ නැගෙනහිර භූමි කොටස ලෙසයි[2]. යුරේසියාවේ බටහිර භූමි කොටස යුරෝපය යි. ආසියාව නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් ද, දකුණින් ඉන්දියන් සාගරයෙන් ද, උතුරින් ආක්ටික් සාගරයෙන් ද මායිම් වී ඇත.
තෝරාගත් ලිපි
-
Image 1
හොංකොං මහජන චීන ජනරජය විසින් පාලනයවන විශේෂ පරිපාලන (Hong Kong Special Administrative Region of the People's Republic of China) කොටස් දෙකෙන් එකකි. අනින් එක මැකාඋ වේ. සම්පූර්ණ ප්‍රමාණය වර්ග කිලෝ මීටර 1104 කි. (තව දුරටත්...) -
Image 2
කීර්ගිස්තානය නිළ වශයෙන් කීර්ගිස්තාන් සමුහාණ්ඩුව, මධ්‍යම ආසියාවේ රටකි. එය මායිම් වන්නේ උතුරින් කසක්ස්තානය, බටහිරින් උස්බෙකිස්ථානය, නිරිත දෙසින් ටජිකිස්තානය සහ නැගෙනහිරින් චීනයට ය. පුරාවෘත්තයක සඳහන් මනාස් යන වීරයාගේ ගෝත්‍රයන් 40 යක නාමයෙන් බිදී ආ නමක් ලෙස කීර්ගිස්තානය හඳුන්වයි. ඒ රටේ ජාතික කොඩියේ ඇති හිරු කිරණ 40 යෙන් එම ගෝත්‍ර 40 විදහා දක්වයි. (තව දුරටත්...) -
Image 3
රුසියානු සමූහාණ්ඩුව උතුරු ආසියාවේ පිහිටි රටකි. එය අර්ධ ජනාධිපති සමූහාණ්ඩුවක් වන අතර විෂයන් 83 ක් ඇතුළත්ය. රටේ මායිම් වයඹේ සිට ගිනිකොණ දක්වා නෝර්වේ, ෆින්ලන්තය, එස්තෝනියා, ලැට්වියා, ලිතුවේනියා, පෝලන්තය, බෙලාරුස්, යුක්රේනය, ජෝර්ජියා, අසබර්ජාන්, කසකස්තාන්, චීනය, මොන්ගෝලියාව සහ උතුරු කොරියාවට මායිම් වේ. එහි වරාය මායිම ජපානය, ඇමරිකාව සහ බෙරීන් බොක්ක දක්වා ඇත. 17,075, 400km2 වර්ග සැතපුම් 6,592, 800 වේ. මෙය ලෝකයේ විශාලම රට වන අතර පෘථිවියේ බිමි ප්‍රමාණයෙන් 9% ක් ආවරණය කරයි. එහි ජනගහනය මිලියන 142 ක් වන අතර ලෝකයේ ජනාකීර්ණම රටවල් අතරින් 9 වන ස්ථානයට පත්ව ඇත. එය මුළු ආසියාව පුරාම හා යුරෝපයෙන් 40% ක් හා කලාප 09 කට අයිතිය. එහි ලෝකයේ විශාලතම ඛණිජ හා බලශක්ති සංචිතයන් වේ.එහි ලොව විශාලතම වනාන්තර සංචිතය ඇති අතර ලෝකයේ පිරිසිදු ජලයෙන් 1/3 ක් මෙහි අඩංගුවේ. මෙහි ඉතිහාසය ශත වර්ෂ 3 ක් 8 ත් අතර නැගෙනහිර ස්ලේවිස් වරුන්ගේ පැවත එයි. කේමන් රෝස් රාජ්‍යයේ ප්‍රබලම අනුප්‍රාප්තිකයා වන්නේ මොස්කව් ය. 18 වන ශත වර්ෂයේ දී මෙම රාජ්‍ය අත්කර ගැනීම් බද්ධ කිරිම් හා ගවේෂණය කිරිම් මඟින් රුසියානු රාජ්‍යය බිහිවිය. මෙය ඉතිහාසයේ විශාලතම රාජ්‍ය වේ. සෝවියට් සංගමය ලොව ප්‍රථම ව්‍යවස්ථාදායික සමාජවාදී රජයයි. 1991 සෝවියට් සංගමය අහෝසි වී සෝවියට් සමූහාණ්ඩුව බිහි විය. මෙහි ලොව 11 වන විශාලතම දළ ජාතික නිෂ්පාදිත (GDP) සාමාන්‍ය මත ආර්ථිකයක් පවතී. මෙහි ලොව 05 වන විශාලතම හමුදා අයවැය පවතී. මෙය පිළිගත් න්‍යෂ්ටික ආයුධ රාජ්‍යයක් හා විනාශකාරී ආයුධ ගබඩාවක් ඇති විශාලම රටයි. රුසියාව එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල G8, G20 යුරෝපානු සංගමය, ආසියානු පැසිපික් ආර්ථික සහයෝගීතාවය, ෂැංහයි සහයෝගීතා සංගමය, යුරේෂයන් ආර්ථික සංගමය, OSCE සහ පොදු රාජ්‍ය නිදහස් රාජ්‍යයේ සාමාජිකයෙකි. මෙහි කලාවට හා විද්‍යාවට විශිෂ්ට සම්ප්රදායක් ඇති අතර තාක්ෂණික විද්‍යාව පිළිබඳව දැඩි සම්ප්රදායක් ඇත. පළමු මානව අභ්‍යාවකාශ ගමනට රුසියාව මුලික විය. (තව දුරටත්...) -
Image 4
සෞදි අරාබිය, සවුදි අරාබියාව, නිල වශයෙන් සවුදි අරාබි රාජධානිය යනු මැද පෙරදිග පිහිටි විශාලතම රටයි. එහි මායිම් වන්නේ උතුරින් හා ඊසාන දිගින් ජෝර්දානය හා ඉරානය නැගෙනහිරින් කුවේට්, කටාර්, බහරේන් හා එක්සත් අරාබි එමිරේට්ස්, ගිණිකොණ දිගින් ඕමාන් හා දකුණෙන් යේමනය වේ. පර්සියානු අගාධය ඊසානයට හා බටහිරට රතු මුහුද වේ. ජනගහනය මිලියන 28 වන අතර එය වර්ග කි. මී. 21 49 690 (වර්ග සැතපුම් 830 000) විශාලය. ඉස්ලාමය තුල ඇති පුජනීයම ස්ථානයක් වන මෙඩීනා හා මක්කම මෙහි ඇති බැවින් මෙය පුජනීය දේවස්ථාන 2 ඇති නගරය වශයෙන් ද හදුන්වයි. වර්තමාන රාජධානිය සොයා ගනු ලැබුවේ, අබ්දුල් අසීස් බින් සවුද් විසිනි. 1902 ඔහුෙග් වෑයම නැරඹුන අතර අල් සවුද් පුරාතන නිවහන වන රියාද් සහ 1932 එය පිලිගැනුනු අතර හා ප්‍රත්‍යාගණනය කරනු ලැබු අතර එය සවුදි අරාබිය තුල උච්චාවචනයට ලක් විය. එහි ජාතික මුලාරම්භයක් 1744 පලමු සවුදි රාජ්‍ය ස්ථාපනය දක්වා දිව යයි. සවුදි ආර්ථිකයේ ප්‍රධානතම අපනයනය වන්නේ පෙට්ට්‍රෝලියම්ය. අපනයනයෙන් 90% හා 75% ක් රාජ්‍ය ආදායම සුභසාධන රාජ්‍යයන් ගොඩ නැගීමට ඉවහල් වි ඇත.
නිළ වශයෙන් සවුදි අරාබි රාජධානිය මැද පෙරදිග පිහිටි විශාලතම රටයි. එහි මායිම් වන්නේ උතුරින් හා ඊසානෙන් ජෝර්දානය හා ඉරානය, නැගෙනහිරින් කුවේට්, කටාර්, බහරේන් හා එක්සත් අරාබි එමිරේට්, ගිණිකොණින් ඕමාන් හා දකුණෙන් යේමනය වේ. පර්සියානු අගාධය ඊසානයට හා බටහිරට රතු මුහුද වේ. ජනගහනය මිලියන 28 වන අතර එය වර්ග කි.මී. 21,49,690 (වර්ග සැතපුම් 830,000) විශාලය. ඉස්ලාමීය තුල ඇති පුජනීයම ස්ථානයක් වන මදීනා හා මක්කම මෙහි ඇති බැවින් මෙය පුජනීය දේවස්ථාන දෙකක් ඇති නගරය වශයෙන් ද හඳුන්වයි. වර්තමාන රාජධානිය සොයා ගනු ලැබුවේ, අබ්දුල් අසීස් බින් සවුද් විසිනි. 1902 දී අල් සවුද් පුරාතන නිවහන වන රියාද් සොයා ගැනීමත් සමඟම ඔහුගේ වෑයම ඇරඹුනි. එය 1932 දී පිළිගැනීම හා ප්රකාශනය කරනු ලැබු අතර එය සවුදි අරාබිය තුල උච්චාවචනයට ලක් විය. එහි ජාතික මුලාරම්භයක් 1744 පළමු සවුදි රාජ්‍ය ස්ථාපනය දක්වා දිව යයි. සවුදි ආර්ථිකයේ ප්‍රධානතම අපනයනය වන්නේ ඛනිජ තෙල්(පෙට්ට්‍රෝලියම්)ය. අපනයනයෙන් 90% හා 75% ක් රාජ්‍ය ආදායම සුභසාධන රාජ්‍යයන් ගොඩනැගීමට ඉවහල් වි ඇත. (තව දුරටත්...) -
Image 5
වර්ථමානයේ ඛ්මේර් රාජය ලෙස හදුන්වයි.කාම්බෝජියා රාජධානිය ගිනිකොන ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ බටහිරින් හා නිරිත දෙසින් තායිලන්තයෙන්ද, උතුරින් ලාඕසය, නැගෙනහිරින් හා ගිනිකොණින් වියට්නාමයෙන්ද, දකුණින් තායිලන්ත ආගාධයට ද මායිම් වේ. කාම්බෝජියාවේ භූගෝලීය පසුබිම බැලු කල මීකොන්ග් ගංගාව ප්‍රධාන වේ. කාම්බෝජියාහි ව්‍යවස්ථාදායක රාජ්‍යතන්ත්‍රයක් තිබෙන අතර, නොම් පෙනේ එහි අගනුවර වෙයි. එය එරට විශාලතම නගරයද වේ. ආර්ථික, කර්මාන්න, වානිජ සහ සංස්කෘතික කේන්ද්‍ර ස්ථානයද මෙම නොම් පෙනේ නගරයයි . සියම් රීප් යනු පෞරාණික ප්‍රදේශයක් ලෙස ප්‍රකට අන්ගෝබොට් සහ අන්ගෝ ප්‍රදේශයට ඇති ප්‍රවේශය කාම්බෝජියාව සතු ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයවේ. බටම්බන්ග් බටහිර කාම්බෝජියාවේ පිහිටි විශාලතම නගරයවේ. මෙහි සහල් නිෂ්පාදනයට මූලික තැනක් හිමිවේ. සිහනොක්විල් වෙරළබඩ නගරය එරට මුලික වරාය වේ. කෘෂිකර්මය කාම්බෝජියානු ආර්ථිකයේ ප්‍රධාන අංගයයි. ජනගහනයෙන් 59% ක් කෘෂිකර්මය, ඔවුන්ගේ ජිවනෝපාය බවට පත්කොට ගෙන තිබේ. ඇඟලුම්, සංචාරක හා ඉදිකිරීම් කර්මාන්තද එරට වැදගත් කර්මාන්ත අතර වේ. ඇන්කොබොට් වෙත ලඟාවෙන විදේශිකයන් ගණන මිලියන 4 ක් ලෙස 2005 වර්ෂයේ සඳහන් විය. තෙල් සහ ස්වාභාවික ගෑස් නිධි කාම්බෝජියාවේ ජලජ ප්‍රදේශවලින් හමු වී ඇත. වානිජ කැණීම් 2011 ආරම්භ වු පසු මෙම තෙල් නිධි කාම්බෝජියානු ආර්ථිකයට ගැඹුරු ලෙස බලපානු ඇත. නිරීක්ෂකයින් පවසන පරිදි මෙම නිධි මනා ලෙස ආරක්ෂා කර නොගතහොත් ඒවා බොහෝමයක් සංවර්ධිත රටවල්වලින් හා දේශපාලන බලවතුන් විසින් අත්කර ගනු ලබනු ඇත. (තව දුරටත්...) -
Image 6
-
Image 7
බංග්ලාදේශය දකුණු ආසියාතික රටකි. ගිනිකොණ දෙසින් ඇති ඉතා කුඩා මියන්මාර මායිම ද, දකුණෙන් පිහිටි බෙංගාල බොක්ක ද හැරුණු විට මුළු රටම ඉන්දියාවෙන් වට වී පවතියි. ඉන්දියාවට අයිති බටහිර බෙංගාල ප්‍රාන්තය ද බංග්ලාදේශය ද සහිත ප්‍රදේශයට බෙංගාලය යැයි කියනු ලැබෙයි. මෙහි නිල භාෂාව වන බෙංගාලි බසෙන් 'බංග්ලාදේශය' යන්න 'බෙංගාල රාජ්‍යය' යන අර්ථය ලබාදෙයි.
වත්මන් බංග්ලාදේශ දේශසීමා ලකුණු වූයේ 1947 දී සිදුවුණු බෙංගාල සහ ඉන්දියානු බෙදා වෙන්කිරීම් වලදීය. මෙහිදී පාකිස්ථානය නමින් රාජ්‍යයක් ඇතිවුණු අතර එයට අයත් නැගෙනහිර පාකිස්ථාන ප්‍රදේශය වත්මන් බංග්ලාදේශය වෙයි. කෙසේ වෙතත් පසුව ඇතිවූ දේශපාලනමය සහ භාෂාමය භේද නිසාත් ආර්ථික වශයෙන් ලැබුණු කුඩම්මාගේ සැලකිලි නිසාත් 1971 දී බංග්ලාදේශ නිදහස් සටන මගින් බංග්ලාදේශය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරන ලදී. නිදහස ලැබීමෙන් පසු දුර්භික්ෂ, ස්වභාවික විපත් සහ දුගී බව මෙන්ම දේශපාලන ගැටුම් සහ හමුදා කුමන්ත්‍රණ ද බංග්ලාදේශයේ සුලභ දසුනක් විය. 1991 දී ප්රජාතන්ත්රවාදය නැවත ස්ථාපිත කිරීමෙන් පසු වාතාවරණය සන්සුන් වූ අතර ක්රමික ආර්ථික දියුණුවක් ඇතිවිය. අද බංග්ලාදේශය ආගමික දේශපාලන පක්ෂ තහනම් කර ඇති ප්රජාතන්ත්රවාදී, අනාගාමික (secular), ඒකීය, ව්‍යවස්ථානුකූල ජනරජයක් වෙයි. (තව දුරටත්...) -
Image 8
හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ගත් ජපානය, ජපන් ජාතිකයන් විසින් හදුන්වනු ලබන්නේ "නිප්පොන්/නිහොන්" යනුවෙනි. එය "නි" ඉර සහ "හොන්" මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුනකි. පැසිපික් සාගරය නැගෙනහිර දෙසින් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කි. මී. 377,835 කි. (තව දුරටත්...) -
Image 9
බහරේන් නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ බහරේන් රාජධානිය ලෙසයි. මෙය අල් සාෆීනා රාජකීය පවුල් විසින් පාලනය කරනු ලබන පර්සියානු ගල්ෆ්හි පිහිටි කුඩා දුපතකි. බහරේන් දුපත් 33 කින් සමන්විත කොදෙව්වකි. විශාලතම බහරෙන් දුපත කී.මී. 55 දිගින් හා කි.මී 18 පළල යුත් එකකි. සවුදි අරාබියට බටහිරට වන්නට පිහිටා ඇති අතර එය බහරේන් හා ෆාහාඩ් රජ මාවත (1986 නොවැම්බර් මස 25 දින විවෘත කරනු ලැබු මාවත) හා සම්බන්ධයි. කටාර් ගිනිකොන දෙසින් ගල්ෆ් හරහා පැතිරේ. යෝජිත කටාර් බහරේන් මාවත බහරේන් හා නාමර් සම්බන්ධ කරන අතර, එය ලෝකයේ දීර්ඝතම මාවත වන්නේය. බහරේන් එහි ඇති තෙල් හා මුතු වලට ප්රසිද්ධයක් දරයි. මෙහි ඉතා උස් වු ගොඩනැගිලි (Skyscrapers) ඉදිකර තිබේ. වර්තමානයේ යෝජිත මීටර් 1022 (අඩි 3353) කින් යුත් මුරුජාන් කුළුන වැනි ගොඩනැගිලිද ඇත. මෙහි බහරේන් ජාත්‍යන්තර ධාවන පථයද පිහිටා ඇත. එබැවින් බහරේන් F 1 ධාවන තරඟයද මෙහි පැවැත්වේ. (තව දුරටත්...) -
Image 10
ආර්මේනියාව නිලවශයෙන් ආර්මේනියා සමුහාණ්ඩුව නම්වේ. යුරේසියාවේ කොකේසස් ප්‍රදේශයේ පිහිටි කඳුමුදුන් වලින් සමන්විත රටකි. බටහිර ආසියාවේ හා නැගෙනහිර යුරෝපයේ මංසන්ධියක පිහිටි මෙය, බටහිරින් තුර්කියට, උතුරින් ජෝර්ජියාවට, නැගෙනහිරින් ඩි ෆැක්ටෝ නිදහස් රාජ්‍යයට, නගොනො කරබැක් සමුහාණ්ඩුවට, අසර්බයිජානියට, දකුණින් ඉරානය සහ අසර්බයිජානි නක්චිවාන්වලට මායිම් වේ. අතීතයේ සෝවියට් සමුහාණ්ඩුවට අයත් වූ ආර්මේනියාව වත්මන ඒකීය බහු පක්ෂ ප්රජාතන්ත්රවාදී ජාතික රාජ්‍යයක් වන අතර, එයට පැරණි ඓතිහාසික සංස්කෘතිමය ඉතිහාසයක් තිබුණි. ආර්මේනියා රාජධානිය 4 වැනි ශතවර්ෂයේ මුල් කාලයේ පැවති ක්‍රිස්තු ධර්මය වැළඳ ගත් මුල්ම රාජ්‍යය විය. (සාම්ප්‍රදායික දිනය 301). නව ආර්මේනියා සමුහාණ්ඩුව ඔවුන්ගේ ජාතික දේවස්ථානය වශයෙන් ආර්මේනියානු අපොස්තලිත පල්ලිය විසින් පිළිගෙන ඇති අතර, සමුහාණ්ඩු තුළ දේවස්ථාන හා රාජ්‍ය අතර වෙන් කිරීම් ආර්මේනියානු අපොස්තලිත පල්ලි අතර රාජ්‍ය නීති පද්ධතිය තුළ තිබේ. ආර්මේනියාව අන්තර් ජාතික සංවිධාන 40 කට වැඩි ගණනක සාමාජිකයෙක් වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපානු කවුන්සිලය, ආසියානු සංවර්ධිත බැංකුව, නිදහස් පොදු රාජ්‍ය මණ්ඩලය, ලෝක වෙළෙඳ සංගමය සහ ලා ෆ්‍රන්කෝෆෝනි වේ. එය CSTO හමුදා සන්ධානයේ සාමාජිකයෙක් ද වන අතර, නේටෝහි සාමය සඳහා සහයෝගිතාවයෙහි සහයෝගිතාවය ද දරයි. 2004 වසරේ එහි හමුදා නොසෝවෝහි නේටෝ මෙහෙය වූ අන්තර්ජාතික හමුදාවක් වන KFOR සමඟ සම්බන්ධ විය. එය යුරෝපියානු ආර්ථික සංගමයේ නිරීක්ෂණ සාමාජිකයෙක් වන අතර, පොදු රාජ්‍ය මණ්ඩලයේ ද සාමාජිකයෙකි. මෙහි මතුවෙමින් පවතින ප්රජාතන්ත්රවාදයක් තිබේ. ආර්මේනියාව මධ්‍යම මානව සංවර්ධනයන් පවතින රටක් ලෙස නම් කොට ඇති අතර, එහි ජනගහනයෙන් 10.6% ක් ජාත්‍යන්තර දිළිඳු තීරයට පහලින් සිටි ඒක පුද්ගල දිනක ආදායම ඇමරිකානු ඩොලර් 1.25 පමණ වේ. (තව දුරටත්...) -
Image 11
ලාඕසය (නිල නාමය: ලාඕ මහජන ප්රජාතන්ත්රවාදී ජනරජය) ගිනිකොණදිග ආසියාවේ පිහිටි රටකි. සතර අතින්ම ගොඩබිමින් මායිම් වුණු ලාඕසයේ වයඹින් බුරුමය සහ චීනය ද, නැගෙනහිරින් වියට්නාමය ද, දකුණින් කාම්බෝජය ද, බටහිරින් තායිලන්තය ද පිහිටා ඇත. 2012 දී එහි ඇස්තමේතුගත ජනගහණය මිලියන 6.5ක් පමණ විය. රටේ ජනගහණයෙන් 33%ක් පමණ ලෝක දරිද්‍රතා මායිමෙන් පහළ, එනම් දිනකට ඇමෙරිකානු ඩොලර් 1.25කට වඩා අඩු ආදායමක් උපයමින්, ජීවත් වෙති.
ලාඕසයේ ඉතිහාසය 14 සිට 18 වැනි ශතවර්ෂය දක්වා පැවති ලන් සං රාජධානිය තෙක් දිවෙයි. එතෙක් රාජ්‍ය තුනක් ලෙස පැවති මෙම රාජධානිය 1893 දී ප්‍රංශ යටත්විජිතයක් ලෙස ලාඕසය නමින් එක් රටක් බවට පත් විය. 1945 දී ජපාන ආක්‍රමණයකින් පසුව තාවකාලිකව නිදහස ලබා ගත්තත්, නැවත ප්‍රංශ ග්‍රහණයට නතු වුණු ලාඕසය ස්වතන්ත්‍ර රජයක් බවට පත් වූයේ 1949 දීය. 1953 දී ලාඕසය සිසවං වොං යටතේ ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් ලෙසින් නිදහස ලබා ගත්තේය. වසර කිහිපයකට පසු පැවැති සිවිල් යුද්ධයකින් රාජාණ්ඩුව පහකෙරුණු අතර පැතෙට් ලාඕ නමැති කොමියුනිස්ට් කණ්ඩායම 1975 දී බලය පැමිණෙන ලදී. (තව දුරටත්...) -
Image 12
බොහෝවිට තායිවානය ලෙසද, ක්‍රීඩා කටයුනු වලදී චීන තායිපේ හැඳන්වෙන්නේ චීන සමූහාණ්ඩුව හෙවත් චීන ජනරජයයි. මෙය නැගෙනහිර ආසියාවේ රාජ්‍යයක් වන අතර ආසියාවේ පළමු ව්‍යවස්ථාමය සමූහාණ්ඩුව වෙයි. (තව දුරටත්...) -
Image 13
ඊශ්‍රායලයේ නිල නාමය ‘ඊශ්‍රායල් රාජ්‍යය' යන්නයි.මෙය මධ්‍යධරණි මුහුදේ නැගෙනහිර වෙරළේ පිහිටි බටහිර ආසියානු කලාපයට අයත් රටකි. උතුරට ලෙබනනය, ඊසාන දිගට සිරියාව, නැගෙනහිරට ජෝර්දානය, නිරිත දිගට ඊජිප්තුව යන දේශ සීමාවන්ගෙන් ඊශ්‍රායලය වට වී තිබේ. ඊශ්‍රායලයේ සාපේක්ෂ කුඩා භූමි ප්‍රදේශයන්හි භූගෝලීය වශයෙන් එකිනෙකට අසමාන වූ අංග ලක්ෂණ දැකගත හැකිය. මෙය ලෝකයේ පිහිටි එකම බලවත් යුදෙව් රාජ්‍ය වන්නේ ය. මිලියන 7.5 ක් වූ ජනගහනයෙන් මිලියන 5.7 ක් ම යුදෙව් ජාතීහු වෙති. ඊශ්‍රායලයේ අරාබි රට වැසියන්ගෙන් දෙවන විශාලතම ජනවාර්ගික කණ්ඩායම සෑදී තිබෙන අතර මුස්ලිම්වරු, ක්‍රිස්තියානි භක්තිකයින්, ඩෲස් (Druze) සහ සාමාරියානුවන් (ආදී සමාරියේ වැසියන් ) මීට ඇතුලත් වෙති. නූතන ඊශ්‍රායල් රාජ්‍යයේ ඵෙතිහාසික හා ආගමික ප්‍රභවයේ මුලාරම්භය වනුයේ බයිබලයේ දැක්වෙන ඊශ්‍රායල් භූමියයි (Biblical Land of Isreal). පුරාතන යුගයේ සිටම යුදෙව් ආගමට කේන්ද්‍ර වූ සංකල්පයක් වන 'ඊශ්රායෙන් භූමිය' 'සියොන්' (Zion) නමින් ද දැක්වේ. යුදෙව් රාජ්‍යයක් බිහිකිරීමේ දේශපාලන ව්‍යාපාරය 19 වැනි සියවසේ අගභාගයේ පටන් හැඩ ගැසෙන්නට විය. යුදෙව් රාජ්‍යයක් ස්ථාපිත කිරීම පිළිබඳ මනාපය රැගත් බ්‍රිතාන්‍යය ප්‍රතිපත්තිය, 1917 'බල්ෆොර් ප්රකාශනයෙන්' (Balfour Decla ration) විධිමත් කරන ලදි. පළමුවන ලෝක යුද්ධයෙන් පසුව පලස්තීනය සහ එතුළ 'යුදෙව් ජාතික නිජබිම ' පිහිටුවීමේ වගකීම, ජාතීන්ගේ සංගමය (League of Nations) විසින් මහා බ්‍රිතාන්‍ය වෙත පවරනු ලැබීය.
යුදෙව් රාජ්‍යයක් හා අරාබි රාජ්‍යයක් බිහි කිරීම සහ ජෙරුසලම එක්සත් ජාතීන්ගේ පාලනයට නතු කිරීම යන කර්තව්‍යයන් තුන සඳහා පලස්තීනයේ කොටස් වෙන් කිරීමට පක්ෂව 1947 නොවැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ වරම ලැබිණි. ප්රස්තුත කොටස් කිරීම යුදෙව් ජන නායකයින් පිළිගනු ලැබුවද, අරාබි නායකයෝ එය ප්‍රතික්ෂේප කළහ. මෙය සිවිල් යුද්ධයකට මග පාදන්නක් විය. 1948 මැයි 14 වන දින ඊශ්‍රායෙල් ස්වකීය නිදහස් රාජ්‍ය ප්‍රකාශයට පත් කළේය. පසුදිනම අරාබි රාජ්‍යයන් එක්ව පහර දුන්හ. එතැන් පටන් ඊශ්‍රායලය අසල්වැසි අරාබි රාජ්‍යයන් සමඟ අනුක්‍රමික යුද ගණනාවක පැටලී සිටී. මෙහි ප්‍රතිඵලයක් ලෙස, විවිධ පෙදෙස් ඊශ්‍රායලය විසින් බලෙන් අල්ලා ගෙන ඇත. බටහිර ඉවුර හා ගාසා තීරය එවන් ප්‍රදේශ දෙකකි. මේ තත්ත්වය 1949 'ආමිස්ටයිස්' ගිවිසුමේ සවිස්තරව සඳහන් කර ඇති වගන්ති අභිබවා ඇති නමුදු පලස්තීනය සමඟ ඇති ආරවුල සමථයකට පත් කර ගැනීමේ උත්සාහය මෙතෙක් ලබා ඇත්තේ සීමිත සාර්ථකත්වයකි. ඊශ්‍රායලයේ සමහර ජාත්‍යන්තර දේශසීමා පිළිබඳ මතභේද තවමත් අවසන්ව නැත. (තව දුරටත්...) -
Image 14
නිල වශයෙන් කසක්ස්තාන සමූහාණ්ඩුව යනුවෙන් හඳුන්වන කසක්ස්තානය යනු රුසියාවට දකුණු දෙසට වන්නට පිහිටි ලෝකයේ 9 වන විශාලතම රාජ්‍යයයි. වර්ග කි.මි. 2,727,300 වන මෙය බටහිර යුරෝපයට වඩා විශාලය.එහි අසල්වැසියන් වන්නේ උතුරින් පිහිටි රුසියාව, චීනය, කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය සහ ටර්ක්මෙනිස්ථානය ය. මෙහි ජනගහනය ලෝකයේ 62 වන තැනට විශාල ජනගහනය වන අතර ජන ඝනත්වය වර්ග කි.මී. 1 කට 6 දෙනෙක් සිටිති. වර්තමාන කසකස්ථානයේ භූමිය, පෙර නෝමන් වරුන් විසූ ප්‍රදේශය විය. 19 වන ශතවර්ෂය වන විට කසකස්ථානය රුසියානු අධිරාජයේ කොටසක් විය. 1936 එය කසක් සොවියට් සමූහාණ්ඩුව විය. 1991 දෙසැම්බර් 16 වෙනිදා නිදහස ලැබීය. එහි ජනාධිපති ලෙස නර්සුල්තාන් නසාර්බසෙව් පත්විය. මෙහි හයිස්‍රොනබන් කර්මාන්තයේ දියුණුවක් ඇති විය. මෙය සමාජිකත්වය දරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය, නෝමෝ, පොදු රාජ්‍ය මණ්ඩලය හා ෂැංග්හයි සංවිධානයේ වේ. මෙහි ජාතීන් වශයෙන් 131 වන අතර කසාක් රුසියානු, යුක්රේනියන්, අස්බෙන් හා ටාටාය මෙහි ජනගහනය මිලියන 16.0 වන අතර 63% කසාක් වරුන්ය. මෙය රාජ්‍ය ආගම් නිදහස අගය කරන අතර ඉස්ලාම් මූලික ආගම වේ. රාජ්‍ය භාෂාව වන්නේ කසාක්ය. (තව දුරටත්...) -
Image 15
පිලිපීන (i/ˈfɪləpiːnz/ FIL-ə-peenz; Tagalog: Pilipinas [ˌpɪlɪˈpinɐs] or Filipinas [ˌfɪlɪˈpinɐs]) සමූහාණ්ඩුව බටහිර පැසිෆික් සාගරයේ ගිනිකොණ ආසියාවේ පිහිටි රටකි. මායිම් උතුරින් ලුසාන් සමුද්‍ර සන්ධිය, බටහිරින් හා දකුණින් චීන මුහුද, නිරිතදිගින් සුලූ මුහුද, නැගෙනහිරින් පිලිපීන මුහුදට මායිම් වේ. කොදෙව් දුපතක් වන මෙම දූපත් 7,641 හා භූගෝලීය වශයෙන් ප්‍රදේශ 03 වන ලූසෝන්, විසායාස් හා මන්ඩානෝ වලට බෙදේ. අගනුවර වන්නේ මැනිලාය. ජනගහනය මිලියන 92 වන අතර ලෝකයේ ජනාකීර්ණ 12 වන නගරයයි. විදේශ රටවල පිලිපීන ජාතිකයන් මිලියන 11 වෙසේ.සෞම්‍ය දේශගුණය ජෛව විවිධත්වයෙන් ඉහළය. මෙහි මුල් පදිංචිකරුවන් වශයෙන් නෙග්රිටෝ ජනයා විසීය. මොවුන්ගෙන් පසු ඔස්ට්‍රොනේසියන් ජනතාව මැලේ, හින්දු සහ ඉස්ලාම් සංස්කෘතීන් ගෙන ආවේය. චීනුන් විසින් වෙළදාම හඳුන්වා දෙනු ලැබීය. 1521 ෆර්ඩිනන් මැගලන් ස්පාඤ්ඤ යුගයක් ඇති කළේය. 19 වන 20 වන ශත වර්ෂ වල පැවති යුධමය හා විප්ලවකාරී පසුබිමකින් පසු ඇමරිකාව ස්පාඤ්ඤය හට බලය පවරන ලදී. දෙවන ලෝක යුද්ධයෙන් පසු පිලිපීනය නිදහස ලැබීය. (තව දුරටත්...) -
Image 16
සිරියා අරාබි සමුහාණ්ඩුව බටහිර ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ බටහිරින් ලෙබනන් හා මධ්‍යධරණි මුහුද, උතුරින් තුර්කිය, නැගෙනහිරෙන් ඉරානය, දකුණින් ජෝර්දානය හා නිරිතෙන් ඊශ්‍රාලයටය. සිරියා නමට ඇතුලත් වන්නේ ලැඩන්ට් මුළු රාජ්‍යමය. වර්තමානයේ එහි පුරාතන රාජධානි කිහිපයක හා 3 වන මිලේනියමෙහි ඇබ්ලන් ජනාවාසය ඇතුලත් වේ. ඉස්ලාමීය යුගයේ අගනුවර වන දමස්කස් උයයැඩ් රාජධානියේ ආසන්නයේ වු අතර එය ටම්ලුන් රාජධානියේ ප්‍රාදේශීය අගනුවර විය. දමස්කස් ලෝකයේ අඛණ්ඩව ජනාවාසයක්ව පැවැති පැරණිතම නගරයයි. සිරියාව ප්‍රංශ නිල නියෝගයකින් ආරම්භ වු අතර 1946 අප්‍රේල් මාසයේ නිදහස ලැබීය. 1949 – 1970 අතර කාලය තුල හමුදා කාණ්ඩ බලඇණි විසින් රට තුල අසහනය ඇති කිරීමට උත්සාහ ගන්නා ලදි. සිරියාව 1962 සිට හදිසි නීතිය යටතේ තිබු අතර, එයින් සිවිල් ජනයාගේ බොහෝ ව්‍යවස්ථාදායක අයිතීන් නතර වු අතර එහි රාජ්‍ය තන්ත්රය ප්‍රජාතාන්ත්‍රික නොවන සේ සැලකේ. 1963 සිට බාත් පක්ෂය විසින් රට පාලනය කල අතර රටේ සැබෑ පාලනය පවතින්නේ ජනාධිපතිවරයා, කුඩා හමුදා කණ්ඩායම් හා දේශපාලන බලවතුන් කිහිපදෙනෙකු අතරය. වර්තමානයේ සිරියාවේ ජනාධිපති වන්නේ බශා අල් අටාඩ්ය. ඔහු දෙවන නිල කාලය සඳහා පැවැති මැතිවරණයෙන් ඡන්ද 97.62% , 2007 වර්ෂයේ දී ලබා ගත්හ. ඔහුගේ පුතා වන හෆේස් අල් අසාඩ් ද 1970 සිට 2000 වර්ෂයේ මියයන තෙක් බලයේ සිට ඇත. සිරියාව, අරාබි සහ ඊශ්‍රායලය අතර අරගලයේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් ලෙස සහභාගී විය. ජනගහනයෙන් වැඩි පිරිසක් මුස්ලිම් වන අතර සැළකිය යුතු ප්‍රමාණයක් අලපිටි, ෂියා, ක්‍රිස්තියානි, ඩෲස් ආගම් අදහති. සුළු පිරිසක් 1960 වර්ෂයේ සිට අලවීමා හමුදා නිළධාරින් රටේ දේශපාලනය පාලනය කරන අතර, ජනගහනයෙන් 80% පමණ අරාබිය. එය පාලනය කරනු ලබන්නේ බාත් පක්ෂය වන අතර අරාබි ජාතික නීතියන්ට අනුකූලවය. ජනගහනයෙන් 20% අයත් වන්නේ තර්ඩිෂ්, ආමේනියානු, අසරියන්, තුර්කා හා සුළු සර්කැසියන් ජන වර්ගයකිනි.
(තව දුරටත්...) -
Image 17මෙම පිටුව රට පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, ලංකාව බලන්න.ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලන සමයේ දී සිලෝන් ලෙස හැඳින්වු අතර වර්තමානයේ නිල වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස හදුන්වයි. ශ්‍රී ලංකාව සෙරන්ඩිබ්, සිලොන්, දීප්තිමත් දිවයින,ධර්ම දිවයින, ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින්ද හදුන්වයි. විවිධ නම් ගණනාවකින් පුරාණයේ හැඳින්වූ මෙම දූපත "නම් දහසක් ඇති දූපත" ලෙස ප්‍රචලිත ද විය. මෙය දකුණු ආසියානු දූපතකි. එය ඉන්දියානු සාගරයේ, බෙංගාල බොක්කෙහි නිරිත දෙසින් සහ අරාබි මුහුදේ ගිනිකොන දෙසින් පිහිටා ඇත; එය ඉන්දියානු උප මහද්වීපය මන්නාරම් බොක්ක සහ පෝක් සමුද්‍ර සන්ධිය මගින් වෙන් කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ පිහිටීම ප්‍රධාන මුහුදු මාර්ගවල පිහිටීම හේතුවෙන් බටහිර ආසියාව සහ අග්නිදිග ආසියාව අතර උපායමාර්ගික නාවික සම්බන්ධකයක් ලෙස එය පුරාණ කාලයේ සිටම භාවිතය ගැණුනි. ඉන්දියානු ජනරජය සහ ශ්‍රී ලංකා ජනරජය 1976 මාර්තු 23 වන දින මනාර් බොක්ක සහ බෙංගාල බොක්කෙහි සමුද්‍ර මායිම් ස්ථාපිත කරමින් ගිවිසුමක් අත්සන් කරන ලදී. ශ්‍රී ලංකාවට ආසන්න ම රටවල් ලෙස ඉන්දියාව සහ මාලදිවයින හැදින්විය හැකිය.
ශ්‍රී ලංකාවේ විශාලත්වය වර්ග කි.මී 65,610 (වර්ග සැතපුම් 25,330) වේ. එය ලොව 123 වැනි විශාලතම රට වන අතර විශාලතම දූපත් අතරින් 25 වන ස්ථානයෙ සිටියි. එහි භූමි ප්‍රදේශය පළාත් නවයකට සහ දිස්ත්‍රික්ක විසිහතරකට වෙන් කර ඇත. රට පළාත් 9 කින්, දිස්ත්‍රික්ක 25 හා ප්‍රදේශිය ලේකම් කොට්ටාශය 331 හා ග්‍රාම නිලධාරි කොට්ටාශ 14,022 කින් සමන්විත වේ. අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ වන අතර විශාලතම නගරය කොළඹ වේ. කොළඹ ජාතියේ ආර්ථික, දේශපාලන කේන්ද්‍රස්ථානයයි. (තව දුරටත්...) -
Image 18
භූතාන රාජධානිය යනු ස්වෛරීය රාජ්‍යයකි. සෑම පැත්තෙන්ම ගොඩබිමින් වටවී ඇති මෙම රට දකුණු ආසියාතික රටකි. හිමාලයේ නැගෙනහිර ප්‍රදේශයට වන්නට පිහිටා ඇති මෙය දකුණින්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද, උතුරින් ටිබෙට් ස්වතන්ත්‍රික ප්‍රදේශයට ද මායිම් වී ඇත. භූතාන ජාතිකයෝ තම රට "මකරාගේ දේශය" යන තේරුම දෙන Druk Yul යන නමින් හඳුන්වති.
භූතානය කලක් යනතුරුම ලොව හුදෙකලාම රාජ්‍යයක් ලෙස පැවතුණි. වර්තමානය වන විට අන්තර්ජාතික ගුවන් ගමන්, අන්තර්ජාලය, ජංගම දුරකථන ජාල සහ රූපවාහිනී සේවා නිසා රටේ නාගරික ප්‍රදේශ නවීකරණය වී ඇත. නමුත් දළ ජාතික සතුට (GNH) සංකල්පය ඔස්සේ පැරණි සංස්කෘතිය සහ සම්ප්‍රදායන් අනුව යමින් මෙම නවීකරණය පාලනය කිරීමට භූතානය පියවර ගෙන තිබේ. පරිසර සංරක්ෂණයට ද වැඩි ප්රමුඛත්වයක් ලබා දි ඇත. භූතාන රජය සැම විටම රටේ සංස්කෘතිය, සංස්කෘතික අනන්‍යතාවය සහ පරිසරය සුරැකීමට ක්‍රියා කරයි. 2006 දී ලෙයිචෙස්ටර් විශ්වවිද්‍යාල සමීක්ෂණයකට අනුව සතුටෙන්ම දිවි ගෙවන ජනතාවක් සිටින රටවල් අතරින් දකුණු ආසියාවෙන් පළමුවැනි තැන ද, ලෝකයෙන් අටවැනි තැන ද භූතානයට හිමිවන බව Business Week සඟරාව වාර්තා කළේය. (තව දුරටත්...) -
Image 19
උතුරු සයිප්‍රසය (තුර්කි: Kuzey Kıbrıs), නිල වශයෙන් උතුරු සයිප්‍රසයේ තුර්කි ජනරජය (TRNC; තුර්කි: Kuzey Kıbrıs Türk Cumhuriyeti) ලෙස හැඳින්වෙන්නේ සයිප්‍රස දිවයිනේ ඊසාන දිග කොටසේ පිහිටි ස්වයං ප්‍රකාශිත රාජ්‍යයක් වේ. එය පිළිගනු ලබන්නේ තුර්කිය විසින් පමණි. උතුරු සයිප්‍රසය, සයිප්‍රස් ජනරජයේ කොටසක් විය යුතු බවට අන්තර්ජාතික ප්‍රජාව විසින් සළකනු ලබයි.
උතුරු සයිප්‍රසය ඊසානදිගින් කර්පාස් අර්ධද්වීපයේ කෙළවරේ සිට මොර්ෆියු බොක්ක, කොර්මකයිටිස් තුඩුව සහ බටහිරින් කොකිනාව තෙක් විහිදී පවතී. එහි වඩාත් දකුණින්ම පිහිටා ඇත්තේ ලොව්රව්ජිනා ගම්මානය යි. එක්සත් ජාතීන්ගේ පාලනය යටතේ පවතින ප්‍රේරක කලාපයක් උතුරු සයිප්‍රසය හා සයිප්‍රස දිවයිනේ ඉතිරි ප්‍රදේශය අතරමැදින් විහිදී පවතින අතර එමගින් දිවයිනේ විශාලතම නගරය වන නිකොසියාව බෙදීමකට ලක් කරයි. රාජ්‍යයන් දෙකෙහිම අගනගරය වන්නේ නිකොසියාව යි. (තව දුරටත්...) -
Image 20
තුර්කි සමූහාණ්ඩුව යුරෝපියානු රටක් වන අතර එය බටහිර ආසියා ඇනටෝලියන් අර්ධද්වීපය ට්‍රේස් ගිනිකොණ යුරෝපය දක්වා විහිදේ. එහි මායිමේ රටවල් 08 ක් වන වයඹ දෙසින් බල්ගේරියාව, බටහිරින් ග්‍රීසිය,ඊසාන දෙසින් අමේනියා අසබයිජාන්,නැගෙනහිරින් බටහිර ඉරානය, ගිනිකොණ දෙසින් ඉරාකය සහ සිරියාව, දකුණු දෙසින් මධ්‍යධරණී මුහුද හා සයිප්‍රසය, බටහිර දෙසින් එයිගියන් මුහුද සහ උතුරින් කළු මුහුදට අයත් වේ. ජනගහනයෙන් බහුතරයක් ජනවාර්ගික තුර්කි හා කර්ටිස් වේ.එරට ප්රබලතම ආගම වන්නේ ඉස්ලාම්ය. රාජ්‍ය භාෂාව වන්නේ තුර්කිය. අගනුවර අන්කරා වේ.තුර්කිය ඔටෝමන් අධිරාජ්‍යයේ අනුප්රාප්තිකයෙකි. එය ප්රජාතන්ත්රවාදි ලෞකික එකමුතු ව්‍යවස්ථදායක සමූහාණ්ඩුවකි. 1923 මුස්තෆා කොමාල්ගේ නායකත්වයෙන් දේශපාලන පද්ධතිය පිහිටුවන ලදී. ඉන්පසු තුර්කිය බටහිර හා සමඟ බද්ධ වි ඇති අතර යුරෝපා කවුන්සිලය, නේටෝ, ඕ.ඊ.සී.ඩී (Organisation for Economic Co-operation and Development), ඔ.එ.ස්.සී.ඊ (Organization for Security and Co-operation in Europe) සහ ජි විස්ස කණ්ඩායම යන සමුළුවල සාමාජිකත්වය දරයි.2005 වර්ෂයේ යුරෝපානු සංගමය සමඟ සම්පූර්ණ සාමාජිකත්වය සඳහා සාකච්ඡා කර ඇත. 1963 සිට යුරෝපානු ආර්ථික කමිටුවේ සහකාර සාමාජිකයෙක් හා 1995 ආචාර සංගම් එකඟතාවයකට පැමිණියහ. මෙරට නැගෙනහිර ආසියාව,මැදපෙරදිග,තුර්කික් රාජ්‍යය මධ්‍යම ආසියාව සමඟ සංස්කෘතික, දේශපාලන ආර්ථික හා කාර්මික සබඳතාවයන් ගොඩනගා ඇත. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට ආසියාව සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
-
Image 2නාගසාකි වෙරල තීරය (from නාගසාකි)
-
Image 3ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත කලා කෞතුකාගාරයේ ඇති 2600–2450 BCE කාලයේ හරප්පන් ශිෂ්ටාචාරයට අයත් බඳුනක් (from ඉන්දියාවේ ඉතිහාසය)
-
Image 5වෛශාලියේ ඇති අශෝක ස්ථම්භය (from ඉන්දියාවේ ඉතිහාසය)
-
Image 6ඉන්දියානු උප මහාද්වීපයේ ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණය (from ඉන්දියාවේ ඉතිහාසය)
-
Image 7නාගසාකි නුවර නකශිමා ගංගාව හරහා ඉදිකර තිබූ ගල් පාලම් කිහිපයක්. 1870 දශකයේදී උචිඩා කුයිචි විසින් ගත් ඡායාරූපයකි. (from නාගසාකි)
-
Image 8ටයිශෝ යුගයේ නාගසාකි නගර කාර්යාලය. (from නාගසාකි)
-
Image 10මෙයිජි යුගයේ නාගසාකි දිස්ත්‍රික් කාර්යාලය. (from නාගසාකි)
-
Image 11නාගසාකියේ සැලැස්ම, 1860 (from නාගසාකි)
-
Image 12ඉදිරියේ පිහිටන මහා ස්නානාගාරය ඇතුළු කැණීම් වලින් මතුකරගත් මොහෙන්ජෝදාරෝවේ නටඹුන් (from ඉන්දියාවේ ඉතිහාසය)
-
Image 13ලිස්බන් සිට නාගසාකි දක්වා නාවික ගමන් මාර්ගය (from නාගසාකි)
-
Image 14නාගසාකි වෙත පැමිණෙන පෘතුගීසි කැරැක් නෞකාවක චිත්රයකි. මෙය 1571 දී පමණ නිර්මාණය වූ ජපාන නැන්බැන් යුගයට අයත් බ්යෝබු නිර්මාණයකි. (from නාගසාකි)
-
Image 15හරප්පාවේ ධාන්‍යාගාරය සහ මහා ශාලාවේ දර්ශනයක් (from ඉන්දියාවේ ඉතිහාසය)
-
Image 16නාගසාකියේ සැලැස්ම, හයිසෙන් පළාත, 1778 (from නාගසාකි)
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
උප මාතෘකා
ස්වාධීන රාජ්‍යයන් |
| ||||||
---|---|---|---|---|---|---|---|
සීමිත පිළිගැනීමක් ඇති රාජ්‍යයන් | |||||||
යටත් ප්‍රදේශ සහ විශේෂ පාලන ප්‍රදේශ |
|
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව
- ↑ "Like herrings in a barrel". The Economist. December 23, 1999.
- ↑ National Geographic Atlas of the World (7th ed.). Washington, DC: National Geographic. 1999. ISBN 978-0-7922-7528-2. "Europe" (pp. 68–9); "Asia" (pp. 90–1): "A commonly accepted division between Asia and Europe ... is formed by the Ural Mountains, Ural River, Caspian Sea, Caucasus Mountains, and the Black Sea with its outlets, the Bosporus and Dardanelles."