කසක්ස්තානය
නිල වශයෙන් කසක්ස්තාන සමූහාණ්ඩුව වන කසක්ස්තානය යනු රුසියාවට දකුණු දෙසට වන්නට පිහිටි ලෝකයේ 9 වන විශාලතම රාජ්‍යයයි. වර්ග කි.මි. 2,727,300 වන මෙය බටහිර යුරෝපයට වඩා විශාලය.එහි අසල්වැසියන් වන්නේ උතුරින් පිහිටි රුසියාව, චීනය, කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය සහ ටර්ක්මෙනිස්ථානය ය. මෙහි ජනගහනය ලෝකයේ 62 වන තැනට විශාල ජනගහනය වන අතර ජන ඝනත්වය වර්ග කි.මී. 1 කට 6 දෙනෙක් සිටිති. වර්තමාන කසකස්ථානයේ භූමිය, පෙර නෝමන් වරුන් විසූ ප්‍රදේශය විය. 19 වන ශතවර්ෂය වන විට කසකස්ථානය රුසියානු අධිරාජයේ කොටසක් විය. 1936 එය කසක් සොවියට් සමූහාණ්ඩුව විය. 1991 දෙසැම්බර් 16 වෙනිදා නිදහස ලැබීය. එහි ජනාධිපති ලෙස නර්සුල්තාන් නසාර්බසෙව් පත්විය. මෙහි හයිස්‍රොනබන් කර්මාන්තයේ දියුණුවක් ඇති විය. මෙය සමාජිකත්වය දරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය, නෝමෝ, පොදු රාජ්‍ය මණ්ඩලය හා ෂැංග්හයි සංවිධානයේ වේ. මෙහි ජාතීන් වශයෙන් 131 වන අතර කසාක් රුසියානු, යුක්රේනියන්, අස්බෙන් හා ටාටාය මෙහි ජනගහනය මිලියන 16.0 වන අතර 63% කසාක් වරුන්ය. මෙය රාජ්‍ය ආගම් නිදහස අගය කරන අතර ඉස්ලාම් මූලික ආගම වේ. රාජ්‍ය භාෂාව වන්නේ කසාක්ය.

ජාතික ගීය | "මගේ කසකස්ථාන්" |
අගනුවර සහ විශාලම නගරය | අස්තානා |
උතුරු අක්ෂාංශ 51°10′ නැගෙනහිරදේෂාංශ 71°30′ | |
රාජ්‍ය භාෂාව | කසාක්, රුසියානු (දෙවන රාජ්‍ය - කතා කිරීම විශාල වශයෙන් කසකස්ථානුවෙන්ගෙනි) |
ජනවර්ග | (2009 ජන සංඛ්‍යාකය) 63.1% කසාක්, 1.1% - ජර්මානු, 4.5% වෙනත් |
රාජ්‍ය | Kassym-Jomart Tokayev |
ජනාධිපති | Kassym-Jomart Tokayev |
අගමැති | කරිම් මැසිමොව් |
කථානායක | පර් ෆෙස්ර්බර්ජ් |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කිලෝමීටර 2,724,900 |
වර්ග සැතපුම් 1,052,085 | |
ජලය (%) | 1.7 |
ජනගහනය | |
2009 තක්සේරුව | 16,196,800 |
දළ දේශීය නිෂ්පාදිතය (PPP) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 177,835 |
දළ දේශීය නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 135,601 |
ගිනි (2005) | 28.8 (පහළ) |
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) | 0.8041 (ඉහළ) |
මුදල් | ටෙන්ජි (KZT) |
මං තීරුව | දකුණ |
අන්තර්ජාල TLD | .kz |
දුරකථන සංකේත | +7-6xx,+7-7xy |