කොළඹ
කොළඹ යනු ශ්‍රී ලංකාවේ විශාලතම නගරය මෙන්ම වාණීජ අගනගරයයි.[3] පරිපාලන අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කොළඹට තදාසන්නව පිහිටා ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ පරිපාලන කේන්ද්‍රස්ථානය කොළඹ වේ. කොළඹ නගර සීමාව තුළ 752,993 ජනගහනයක් වාසය කරයි.[2] කොළඹ නගරයේ වරාය ශ්‍රීලංකාවේ ප්‍රධාන ආනයන හා අපනයනය අතින් ආර්ථික ප්‍රගමනයට ද හේතු වේ.
කොළඹ Colombo கொழும்பு | |
---|---|
වාණිජ අගනගරය | |
පුරවරය | |
ඛණ්ඩාංක: 6°56′04″N 79°50′34″E / 6.93444°N 79.84278°Eඛණ්ඩාංක: 6°56′04″N 79°50′34″E / 6.93444°N 79.84278°E | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
දිස්ත්‍රික්කය | කොළඹ දිස්ත්‍රික්කය |
ආණ්ඩුව / පරිපාලනය | |
• පරිපාලනය | කොළඹ මහනගර සභාව |
• ප්‍රධාන කාර්යාලය | නගර ශාලාව |
• නගරාධිපති | රෝසි සේනානායක (එජාප) |
සරිය | |
• වාණිජ අගනගරය | 37.31 කිමී2 (14.41 සතරැස් සැත) |
උන්නතාංශය | 1 මී (3 අඩි) |
ජනගහණය(2011[2]) | |
• වාණිජ අගනගරය | 752,993 |
• ඝණත්වය | 20,182/කිමී2 (52,270/වර්ග සැත) |
• නාගරික | 2,323,826[1] |
• පුරවර | 5,648,000 |
වේලා කලාප | SLST (UTC+05:30) |
තැපැල් කේත | 0xxxx |
දුරකථන කේතය(න්) | 011 |
වෙබ් අඩවිය | colombo.mc.gov.lk |
නිරුක්තිය
කොළඹට එම නම ලැබීමට කලකට ඉහත නගරයේ තිබූ අඹ ගස් හේතු වූවා යැයි මතයක් ද පවතී. කොළ + අඹ යන්න කොළඹ ලෙස විකාශය වූවා විය හැක.[4]
පෘතුග්‍රීසීන් විසින් 1505 වසරේදී "කොළඹ", යන නාමය මුලින්ම ඉදිරිපත් කල බවටද මතයක් වේ. සාම්ප්‍රදායික සිංහල වදනක් වූ, කැළණි ගඟේ තොටුපල" යන්න අරුත් දක්වන කොලොන් තොට යන වදනින්, කොළඹ යන වචනය බිඳී ආ බව විශ්වාස කෙරේ.[5]
13 වන සියවසට අයත් පැරණි සිංහල ව්‍යාකරණ ග්‍රන්ථයක් වූ, සිදත් සඟරාවෙහි කතුවරයා විසින්, මුල්කාලීන සිංහලයන්ට අයත් සුවිශේෂී වදන්හී ගණයන් සම්බන්ධව රචනා කොට තිබෙන අතර, එහි නාරඹ සහ කොළඹ යන වදන් ස්වදේශීය මූලාශ්‍රයකට අයත් යැයි දක්වා තිබෙයි. මින් කොළඹ යන වදන අගනගරය සඳහා යෙදෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.[6][7]
ඉතිහාසය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
වසර 2000 කට පෙර කොළඹ ස්වාභාවික වරායක් තිබී ඇති හෙයින් එය ඉන්දියානු, ග්‍රීක, පර්සියානු, රෝම, අරාබි සහ චීන වෙළඳුන් දැන සිටියේය. 14 වන සියවසේදී දිවයිනට පැමිණි සංචාරක ඉබ්නු බතුතා එය කලන්පු ලෙස හැඳින්වීය. වෙළඳාම මූලික කරගත් අරාබි ජාතිකයින් ක්‍රි.ව. 8 වන සියවසේදී පමණ කොළඹ පදිංචි වීමට පටන් ගත්තේ වැඩි වශයෙන් සිංහල රාජධානි සහ බාහිර ලෝකය අතර පැවති වෙළෙඳාම පාලනය කිරීමේ ක්‍රමය මඟින් වරාය තම ව්‍යාපාරවලට උදව් කළ බැවිනි. ඔවුන්ගේ පරම්පරාව ශ්‍රී ලංකාවේ මුවර් ප්‍රජාව ලෙස හදුන්වයි. ඔවුන් දැන් දේශීය අයගෙන් සමන්විත වේ.
කාලගුණය
Climate data for කොළඹ | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Month | Jan | Feb | Mar | Apr | May | Jun | Jul | Aug | Sep | Oct | Nov | Dec | Year |
Record high °C (°F) | 35.2 (95.4) |
35.6 (96.1) |
36.1 (97.0) |
35.2 (95.4) |
33.2 (91.8) |
33.5 (92.3) |
32.2 (90.0) |
32.2 (90.0) |
32.5 (90.5) |
33.6 (92.5) |
34.0 (93.2) |
35.0 (95.0) |
36.1 (97.0) |
Mean daily maximum °C (°F) | 31.0 (87.8) |
31.2 (88.2) |
31.7 (89.1) |
31.8 (89.2) |
31.1 (88.0) |
30.4 (86.7) |
30.0 (86.0) |
30.0 (86.0) |
30.2 (86.4) |
30.0 (86.0) |
30.2 (86.4) |
30.4 (86.7) |
30.7 (87.3) |
Daily mean °C (°F) | 26.6 (79.9) |
26.9 (80.4) |
27.7 (81.9) |
28.2 (82.8) |
28.3 (82.9) |
27.9 (82.2) |
27.6 (81.7) |
27.6 (81.7) |
27.5 (81.5) |
27.0 (80.6) |
26.7 (80.1) |
26.6 (79.9) |
27.4 (81.3) |
Mean daily minimum °C (°F) | 22.3 (72.1) |
22.7 (72.9) |
23.7 (74.7) |
24.6 (76.3) |
25.5 (77.9) |
25.5 (77.9) |
25.1 (77.2) |
25.1 (77.2) |
24.8 (76.6) |
24.0 (75.2) |
23.2 (73.8) |
22.8 (73.0) |
24.1 (75.4) |
Record low °C (°F) | 16.4 (61.5) |
18.8 (65.8) |
17.7 (63.9) |
21.2 (70.2) |
20.5 (68.9) |
21.4 (70.5) |
21.4 (70.5) |
21.6 (70.9) |
21.2 (70.2) |
21.0 (69.8) |
18.6 (65.5) |
18.1 (64.6) |
16.4 (61.5) |
Average precipitation mm (inches) | 58.2 (2.29) |
72.7 (2.86) |
128.0 (5.04) |
245.6 (9.67) |
392.4 (15.45) |
184.9 (7.28) |
121.9 (4.80) |
119.5 (4.70) |
245.4 (9.66) |
365.4 (14.39) |
414.4 (16.31) |
175.3 (6.90) |
2,523.7 (99.35) |
Average precipitation days | 5 | 5 | 9 | 14 | 16 | 16 | 12 | 11 | 15 | 17 | 15 | 10 | 145 |
Average relative humidity (%) (at Daytime) | 69 | 69 | 71 | 75 | 78 | 79 | 78 | 77 | 78 | 78 | 76 | 73 | 75 |
Mean monthly sunshine hours | 248.0 | 246.4 | 275.9 | 234.0 | 201.5 | 195.0 | 201.5 | 201.5 | 189.0 | 201.5 | 210.0 | 217.0 | 2,621.3 |
Source 1: ලෝක කාලගුණ විද්‍යාත්මක සංවිධානය[8] | |||||||||||||
Source 2: නෙදර්ලන්ත කාලගුණ සේවය[9] |
සංචාරක ආකර්ෂණ
- ගාලු මුවදොර පිටිය – කොළඹ නගරයේ හදවත බඳු ප්‍රදේශය සේ සැළකෙන මූදු වෙරළ සමග බැදුනු බිම් තීරයක් වූ ගාලු මුවදොර පිටිය සහ එම ආශ්‍රිත කලාපය, නගරයට පැමිණන සංචාරකයින් හා නගරවැසියන්ගේ ප්‍රධාන සහ ජනප්‍රිය ආකර්ෂණීය ස්ථානයක් වෙයි.[10][11]
- ගාලු මුවදොර හෝටලය – ගාලු මුවදොර පිටියෙහි දකුණු කෙළවර ආසන්නයේ පිහිටි ගාලු මුවදොර හෝටලය කොළඹ සුවිශේෂී නගර සළකුණක් ලෙස සැළකේ.[12][13][14][15][16][17][18][19]
- ගංගාරාම විහාරය – ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පයට අමතරව, ඉන්දියානු, තායිලන්ත හා චීන යන රටවල වාස්තු ලක්ෂණද දක්නට ලැබෙන කොළඹ පිහිටි ගංගාරාම විහාරය නගරයේ වූ වැදගත් බෞද්ධ පුදබිමක් වේ.[20]
- කොළඹ ජාතික කෞතුකාගාරය – පැරණි නාමය අනුව යමින් තවමත් කට වහරේ කොළඹ කෞතුකාගාරය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරය, ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම සහ විශාලතම කෞතුකාගාරය වෙයි.[21][22][23][24][25]
- විහාරමහාදේවී උද්‍යානය – කොළඹ ඉදිකල පැරණිම සහ විශාලතම උද්‍යානය වන විහාරමහාදේවී උද්‍යානය (පැරණි නාමය, වික්ටෝරියා පාක්) නගරයේ වූ තවත් එක් ජනප්‍රිය ආකර්ෂණීය ස්ථානයකි.[26][27]
- ජමි උල්-අල්ෆාර් පල්ලිය – යුනෙස්කෝ ලෝක උරුමයක් වන මෙය රතු පල්ලිය ලෙසද හැදින්වේ.
- ආකේඩ් නිදහස් චතුරස්‍රය – ආකේඩ් නිදහස් චතුරස්‍රය, කොළඹ නගර සංවර්ධන වැඩපිළිවෙල යටතේ සංවර්ධනය ලද සුපිරි සාප්පු සංකීර්ණයකි.[28][29][30]
- පිටකොටුව පාවෙන වෙළඳපොළ – කොළඹ නගර ප්‍රතිසංවර්ධන වැඩසටහනේ අංගයන් යටතේ, සංවර්ධනය කෙරූ ආකර්ශනීය ස්ථානයකි.[31][32][33][34]
- පැරණි කොළඹ ලන්දේසි රෝහල – කොළඹ කොටුවේ ඉදිකොට තිබෙන පැරණි කොළඹ ලන්දේසි රෝහල (ලන්දේසි රෝහල), මෙරට ලන්දේසි සමය දක්වා දිවෙන ඉතිහාසයක් සහිත පැරණි ගොඩනැගිලි කිහිපයක් අතුරින් එකකි. වර්තමානයේ එය නවීන සාප්පු සංකීර්ණයක් ලෙස සංවර්ධනය කොට තිබේ.[35][36]
- නව නෙළුම් කුළුණ – කොළඹ නගර මධ්‍යයේ ඉදිකෙරුණු නෙළුම් මලක් වන් කුළුණකි.
ජන විවිධත්වය
කොළඹ යනු බහු වාර්ගික, බහු සංස්කෘතික නගරයක් වේ. නගරයේ ජනගහනය විවිධ වූ ජන වර්ගයන්ගෙන් සමන්විත වන අතර, ප්‍රධානතම ජන කොට්ඨාශයසිංහල වේ. මුස්ලිම්, සහ දමිල ජාතීන්ද නගරයෙහි ප්‍රමුඛව වාසය කරයි. මීට අමතරව කුඩා ජන කණ්ඩායම් ලෙස චීන, පෘතුග්‍රීසි, ඕලන්ද, මැලේ, සහ ඉන්දියානු ප්‍රභවයක් සහිත පිරිස්ද, යුරෝපියානු ප්‍රවාසිකයෝද නගරයේ වාසය කරති.
ශ්‍රී ලංකාවේ ජනාකීර්ණතම නගරය කොළඹ වන අතර, එහි ජනගහනය 642,163 පමණ වේ. 1866 වර්ෂය වන විට නගරයේ ජනගහනය 80,000 පමණ විය.[37][38] 2012 සංගණනයට අනුව නාගරික කොළඹ ආගමික සහ ජන විවිධත්වය මෙසේය.
2012 | ප්‍රතිශතය | |
---|---|---|
ඉස්ලාම් | 174,492 | 31.4% |
බෞද්ධ | 173,372 | 31.2% |
හින්දු | 125,569 | 22.6% |
රෝමානු කතෝලික | 60,014 | 10.8% |
ක්‍රිස්තියානි | 20,784 | 3.7% |
වෙනත් | 800 | 0.1% |
මුළු එකතුව | 555,031 | 100.0% |
සිංහල | 204,520 | 36.9% |
ශ්‍රී ලාංකික දෙමළ | 164,043 | 29.6% |
ශ්‍රී ලාංකික මරක්කල | 160,713 | 29.0% |
ඉන්දියානු දෙමළ | 12,155 | 2.2% |
මැලේ | 4,709 | 0.9% |
බර්ගර් | 3,120 | 0.6% |
වෙනත් | 4,569 | 0.8% |
ශ්‍රී ලාංකික හෙට්ටි | 750 | 0.1% |
භාරත | 452 | 0.1% |
මුළු එකතුව | 555,031 | 100.0% |
නගර සීමා
තැපැල් අංකය | අදාළ ප්‍රදේශ |
කොළඹ 1 | කොටුව |
කොළඹ 2 | කොම්පඤ්ඤ වීදිය, යූනියන් පෙදෙස |
කොළඹ 3 | කොල්ලුපිටිය |
කොළඹ 4 | බම්බලපිටිය |
කොළඹ 5 | තිඹිරිගස්යාය, කිරුළපන, නාරාහේන්පිට |
කොළඹ 6 | වැල්ලවත්ත, පාමංකඩ, |
කොළඹ 7 | කුරුඳු වත්ත |
කොළඹ 8 | බොරැල්ල |
කොළඹ 9 | දෙමටගොඩ |
කොළඹ 10 | මරදාන, පංචිකාවත්ත,මාලිගාවත්ත |
කොළඹ 11 | පිටකොටුව |
කොළඹ 12 | අලුත්කඩේ |
කොළඹ 13 | කොටහේන, බ්ලූමැන්ඩල් |
කොළඹ 14 | තොටළඟ |
කොළඹ 15 | මෝදර, මට්ටක්කුලිය, මාදම්පිටිය |
අගනගර ප්‍රදේශයේ උප නගර
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශය
බාහිර උප නගර
නීතියේ ආධිපත්‍යය සහ අපරාධ
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
යටිතල පහසුකම්
නාවික කටයුතු
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
ගමනාගමනය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
බස් මාර්ග
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
දුම්රිය මාර්ග
- ප්‍රධාන දුම්රිය මාර්ගය – කොළඹ කොටුව සිට වේයන්ගොඩ; එතැන් සිට මහනුවර, බදුල්ල, මාතලේ, කුරුණෑගල, අනුරාධපුරය, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය සහ මඩකලපුව (2013 සිට මඩු පාර දක්වා).
- මුහුදුබඩ දුම්රිය මාර්ගය – කොළඹ කොටුව සිට පානදුර; එතැන් සිට ගාල්ල සහ මාතර දක්වා.
- පුත්තලම දුම්රිය මාර්ගය – කොළඹ කොටුව සිට ජා-ඇළ; එතැන් සිට මීගමුව සහ පුත්තලම දක්වා.
- කැළණි වැලි දුම්රිය මාර්ගය – කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා.
මහා මාර්ග සහ අධිවේගී මාර්ග
රටෙහි යුධ තත්වය නිමාවෙන් අනතුරුව කොළඹ ප්‍රදේශය තුල අධිවේගී මාර්ග නිර්මාණය කිරීම ඇරඹුණි. ඒ අනූව පළමු අධිවේගී මාර්ගය වූ දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගය, කොට්ටාව සිට දිවයිනේ දකුණුදිග ප්‍රධාන නගරයක් වූ මාතර, ගොඩගම තෙක් ඉදිකෙරුණි. මීට අමතරව කොළඹ සිට කටුනායක දක්වා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයද, කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගයද පසුකාලීනව ඉදිකෙරුණි.[41][42]
- A1 මහා මාර්ගය කොළඹ සිට මහනුවර දක්වා.
- A2 මහා මාර්ගය කොළඹ සිට ගාල්ල සහ මාතර දක්වා.
- A3 මහා මාර්ගය කොළඹ සිට මීගමුව සහ පුත්තලම දක්වා.
- A4 මහා මාර්ගය කොළඹ සිට රත්නපුරය සහ මඩකලපුව දක්වා.
පාරු සේවා
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
ගුවන් සේවා
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපළ නගරයට අයත් සේ සැළකෙන ගුවන් තොටුපළවල් වේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රධාන වශයෙන් අන්තර්ජාතික ගුවන් සේවාවන් වෙනුවෙන් පහසුකම් සපයන අතර, රත්මලාන ගුවන් තොටුපළ මූලික වශයෙන් දේශීය ගුවන් සේවාවන් සඳහා පහසුකම් සපයයි.
අධ්‍යාපනය
බාලක පාසල්
රාජකීය විද්‍යාලය කොළඹ 07
ආනන්ද විද්‍යාලය කොළඹ 10
නාලන්දා විද්‍යාලය කොළඹ 10
තර්ස්ටන් විද්‍යාලය කොළඹ 07
බාලිකා පාසල්
අනුලා විද්‍යාලය, නුගේගොඩ
විශාඛා විද්‍යාලය, කොළඹ 05
දේවි බාලිකා විද්‍යාලය, කොළඹ 08
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ 07
මියුසියස් විද්‍යාලය, කොළඹ 07
සංස්කෘතිය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
සහෝදර නගර
රට | නගරය | දිස්ත්‍රික්කය / ප්‍රාන්තය | ආරම්භය |
---|---|---|---|
නේපාලය | බිරාත්නගර් | මොරාන්ග් දිස්ත්‍රික්කය | 1874 |
රුසියාව | ශාන්ත පීටර්ස්බර්ග් | වයඹ ෆෙඩරල් දිස්ත්‍රික්කය | 1997 |
චීනය | ෂැංහයි | ෂැංහයි මහනගර ප්‍රදේශය | 2003 |
එක්සත් රාජධානිය | ලීඩ්ස් | බටහිර යෝර්ක්ෂයර් | 2008 |
මොංගෝලියාව | උලාන් බාටර් | - | 2012 |
මාලදිවයින | මාලේ | කාෆු දූපත් | 2013 |
මාලදිවයින | මරෝෂි | ෂෙවියානි දූපත් | 2015 |
ගැලරිය
-
ද සොයිසා වටරවුමේ පිහිටා ඇති ශ්‍රීමත් චාර්ලස් හෙන්රි ද සොයිසා ප්‍රතිමාව[43]
-
පැරණි කාර්ගීල්ස් සහ මිලර්ස් ගොඩනැගිල්ල
මේවාත් බලන්න
- කොළඹ කොටුව
- කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය
- කොළඹ නගර ශාලාව
- කොළඹ නගරාධිපති
- ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම් ලැයිස්තුව
මූලාශ්‍ර
- ^ "Britannica World Data". Encyclopedia Britannica. 2014. p. 726.
- ^ a b "A6 : Population by ethnicity and district according to Divisional Secretary's Division, 2012". Census of Population & Housing, 2011. Department of Census & Statistics, Sri Lanka.
- ^ "Colombo is the Commercial Capital". Official Sri Lanka government website. 2014-12-20 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-01-07.
- ^ World Executive Colombo Hotels and City Guide සංරක්ෂණය කළ පිටපත 2016-03-02 at the Wayback Machine
- ^ "කළම්බු – දෙන් ඇන්ඩ් නව්". පද්මා එදිරිසිංහ. ද සන්ඩේ ඔබ්සවර්. 14 පෙබරවාරි 2004. 2007-09-30 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-10-12.
- ^ Indrapala 2007, p. 70
- ^ Gair 1998, p. 5
- ^ "World Weather Information Service – Colombo". World Meteorological Organization. සම්ප්‍රවේශය November 19, 2016.
- ^
"Klimatafel von Colombo (Kolamba) / Sri Lanka (Ceylon)" (PDF). Baseline climate means (1961–1990) from stations all over the world (German බසින්). Deutscher Wetterdienst. සම්ප්‍රවේශය November 19, 2016.
{{cite web}}
: CS1 maint: unrecognized language (link) - ^ "Galle Face Green Development Project". 2007-03-22 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- ^ "Galle Face In Sri Lanka". 2016-10-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- ^ Harris, Paul (2006). Delightfully Imperfect: A Year in Sri Lanka at the Galle Face Hotel. Kennedy & Boyd.
- ^ "CHC: Home". Ceylon Hotels Corporation. 15 March 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 December 2015.
- ^ "Galle Face Hotel, Colombo, Sri Lanka". Selecthotels.com. සම්ප්‍රවේශය 23 December 2015.
- ^ "Galle Face Hotel wins Best Heritage Hotel". Daily News. 10 June 2011. 21 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 December 2015.
- ^ "Face Group wins Best Heritage Hotel 2011 award". Sunday Observer. 9 September 2012. 15 September 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 December 2015.
- ^ Marshall, Peter (17 January 2010). "Luxury meets Heritage: History of the Galle Face Hotel". The Nation. සම්ප්‍රවේශය 23 December 2015.
- ^ "New GM Paton to turn Galle Face Hotel into "best hotel in Colombo"". Daily FT. 13 November 2014. 2015-12-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 December 2015.
- ^ "Newly refurbished Galle Face Hotel opened for business". The Times of Sri Lanka. 27 October 2015. 16 March 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 October 2018.
- ^ "Gangaramaya Temple". John Keells Hotels Group. 10 May 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 April 2012.
- ^ "ICTA & National Museum launch Sri Lanka museums mobile app". Lanka Business Online. 15 March 2017. සම්ප්‍රවේශය 12 October 2017.
- ^ Silva, Dhananjani (22 March 2009). "Swords and fire power add to new-look museum". Sunday Times. සම්ප්‍රවේශය 12 October 2017.
- ^ Jayawardane, Ishara (12 October 2017). "Magnificent historical haven". Daily News. සම්ප්‍රවේශය 12 October 2017.
- ^ Perera, Janaka. "National museum: looking back 130 years". Observer Online. සම්ප්‍රවේශය 27 June 2018.
- ^ Salie, Ryhanna. "National Museum: Window into the past". Sunday Observer. සම්ප්‍රවේශය 27 June 2018.
- ^ "First-class matches played on Vihara Mahadevi Park, Colombo". CricketArchive. සම්ප්‍රවේශය 7 August 2015.
- ^ සංරක්ෂිත පිටපත, http://www.worldportsource.com/ports/LKA_Port_of_Colombo_44.php, ප්‍රතිෂ්ඨාපනය 2014-10-12
- ^ "President opens Arcade Independence Square". News.lk. Department of Government Information. 14 July 2014. සම්ප්‍රවේශය 22 June 2015.
- ^ "Arcade Independence Square Colombo". George Steuarts Travel International. George Steuarts Group. 20 June 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 21 June 2015.
- ^ සංරක්ෂිත පිටපත, http://siyathafm.lk/%E0%B6%86%E0%B6%9A%E0%B7%9A%E0%B6%A9%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A-%E0%B6%A0%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA-%E0%B6%A2/, ප්‍රතිෂ්ඨාපනය 2018-10-06
- ^ "Floating Market equipped with 92 stalls awaits tourists". Sunday Times. 16 June 2014. 23 June 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 June 2015.
- ^ Perera, Chaminda (16 June 2014). "Floating Market, Latest Attraction in Colombo". Daily News. සම්ප්‍රවේශය 23 June 2015.
- ^ "Floating market in Sri Lankan capital to be opened Monday". ColomboPage. 23 August 2014. සම්ප්‍රවේශය 23 June 2015.
- ^ Tegal, Megara. "Business Sinking At Floating Market". Sunday Leader. 7 July 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 June 2015.
- ^ http://www.defence.lk/sinhala/sn.asp?fname=20111205_06 සංරක්ෂණය කළ පිටපත 2015-05-10 at the Wayback Machine ඉපැරණි ලන්දේසි රෝහල සාප්පු සංකීරණයක් බවට පත් කෙරේ
- ^ Uragoda, CG; Paranavitana, KD (1985). "The seventeenth-century Dutch hospital in Colombo". Med Hist. 29: 182–92. doi:10.1017/s0025727300043994. ISSN 0025-7273. PMC 1139507. PMID 3884935.
- ^ "Department of Census and Statistics". June 10, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය November 22, 2016., Additional source "The case of Colombo, Sri Lanka" (PDF). Archived from the original on December 26, 2016. සම්ප්‍රවේශය November 22, 2016.
The totals are calculated through enumerations made from Colombo Divisional Secretariat and the Thimbirigasyaya Divisional Secretariat, which is also part of Colombo Municipal Council.
{{cite web}}
: CS1 maint: bot: original URL status unknown (link) - ^ Port_of_Colombo සංරක්ෂණය කළ පිටපත 2011-07-18 at the Wayback Machine. World Port Source. Retrieved on 2011-10-17.
- ^ "Department of Census and Statistics Sri Lanka – Population by ethnicity and district according to Divisional Secretary's Division, 2012".
- ^ "Department of Census and Statistics Sri Lanka – Population by divisional secretariat division, religion and sex 2012".
- ^ "අ ස්පීඩි ඇන්ඩ් සේෆ් ජර්නි ටු ගෝල්". ඩේලි නිව්ස්.එල්කේ. 2011-08-16. සම්ප්‍රවේශය 2013-01-01.
- ^ ගාමිණී ගුණරත්න, ශ්‍රී ලංකා නිව්ස් පේපර් බයි ලංකාපේජ්.කොම් (LLC)- ලේටස්ට් හොට් නිව්ස් ෆ්‍රොම් ශ්‍රී ලංකා (2011-11-07). "නියර්ලි හාෆ් ඔෆ් ද වර්ක් කම්ප්‍ලීටඩ් ඔන් අවුටර් සර්කියුලර් හයිවේ අරවුන්ඩ් ශ්‍රී ලංකන් කැපිටල්". කලම්බුපේජ්.කොම්. සම්ප්‍රවේශය 2013-01-01.
- ^ Ceylon, the Land of Eternal Charm, Ali Foad Toulba (Asian Educational Services) p.237 ISBN 9788120614949
අඩවියෙන් බැහැර පිටු
කොළඹ ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
විකිපොත් වෙතින් පෙළපොත් |
- කොළඹ නගරයට මග පෙන්වීමක් සංරක්ෂණය කළ පිටපත 2006-04-20 at the Wayback Machine
- කොළඹ ඩිජිටල් සිතියම