අරාබි-යුදෙව් ගැටුමේ ඓතිහාසික පසුබිම නොහොත් - දිවැසිවර ආබ්‍රහම්ගේ බූදල් අර්බුදයසංස්කරණය

"පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක"... බයිබලයේ පරණ තෙස්තමේන්තුව නොහොත් හිබෲ 'ටෝරා' වේ සඳහන් වි ඇත: එය වඩාත් විචිත්රව විස්තර කල පරන තෙස්තමේන්තුවේ අරාබි මුහුණු වර වූ අල් කෝරානයේ සම්පාදකයෝ මැටියෙන් මිනිසා නිමවූ දෙවියන් වහන්සේ ඔහුට ජීවන හුස්ම පිම්බ බව පෙන්වා දුන්හ. ඇතමුන් විසින් මෙම අදහස් යුගලය විකාරයක් ලෙස සලකා බැහැර කෙරුන ද එතුල ගැබ්ව ඇති කැපී පෙනෙන ලක්ෂණය නම් ඒවා භෞතික විද්‍යාවේ නීති වලට ගෝචර නොවීම නොව එකී අරාබි හා යුදෙව් ශුද්ධවූ ලියැවිලි මඟින් හෙලිකරන ඔවුනතර ඇති සමීප නෑ කමයි: වෙනත් වචනයෙක් කිවහොත් අල් කෝරානය හා හිබෲ 'ටෝරා' ඊශ්‍රායල්-මුස්ලිම් ඉතිහාසය පිළිබිඹු කෙරෙන අපූරු කැඩපතකි. මිසරයේ යෝධ පිරමිඩ ගොඩනැඟෙන අතරතුර පුරාණ මෙසපොතේමියාවේ දකුණු දිග තැනිතලා මත ගොවිතැන හා එඬේර වෘත්තිය කොටගත් ආදම්ගේ දරුවෝ ක්‍රිස්තු පූර්ව දෙදහස වන තුරුත් නොයෙකුත් ගැටුම් මැද පවා තනි ප්‍රජාවක් ලෙස ජීවත් වූ බව හුදු දේශපාලන රුචි ආරුචි කම් මත බැහැරකොට හැකි කරුණක් නොවේ .

කිතු උපතට සියවස් විසි එකකට පෙර කනාන් දේශයේ (වත්මන් ඊශ්‍රායලය, පලස්තීනය, සිරියාව ජෝර්දානය හා ලෙබනනයට අයත් ප්‍රදේශ කිහිපයක්) විසූ ආබ්‍රහම් නොහොත් ඉබ්‍රාහිම් නැමති ගෝත්ර නායකයාට උරුමක්කාරයකු නොවීය. එහෙයින් දෙවියන්ගේ අවසරය හා බිරිඳ වූ සාරාගේ කැමැත්ත මත ඔහු ඇගේ මිසර ජාතික සේවිකාව වූ හාගර් ද දෙවන බිරින්දෑ කොට ගත්තේය. ඈට ඉෂ්මායෙල් නමින් පුතෙකු ලැබිණ. නොබෝ කලෙකින් තොමෝම ඊසාක් නැමති පුතකු බිහි කල සාරා, හාගර් ගේ පුත් ඉෂ්මායෙල් කෙරේ දුෂ්ට සිත් ඇතිකොටගත්තී, ‘මිසර ජාතික සේවිකාව’ හා ඇගේ දරුවා කානාන් දේශයෙන් පිටමං කරන මෙන් ඉල්ලමින් ආබ්‍රහම්ට කරදර කරන්නට වූවාය: මේ අසා ඉමාහත් සන්තාපයට පත් දිවැසිවරයා තම දුක්ගැනවිල්ල දෙවියන්ට ඉදිරිපත් කලේය.

"සාරාට හඬට සවන් දෙන්න. නුඹගේ පරපුර පැවතිය යුත්තේ ඊසාක් ගෙනි. එහෙත් නුඹගේම පුත් වූ ඉෂ්මායෙල්ද මම විශාල ජාතියක් කරන්නෙමි." දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කී සේක. ඒ ඇසූ ආබ්‍රහම් පසුදින උදෑසන හාගර් ට පාන් හා වතුර සහිත මල්ලක් දී ඉෂ්මායෙල්ද සමඟ ඈ කාන්තරයට පිටමන් කරවූ බව බයිබලය කියයි. (උත්පත්ති 21)

අල් කෝරානයේ මේ පිළිබඳ දැක්වෙන සටහන වඩාත් විස්තරාත්මකය. හාජර් ලෙස හඳුන්වා දෙනු ලැබ ඇති ඈ හා බිළිඳු දරුවා මක්කම දෙසට ගෙන ආ ඉබ්‍රාහිම් දෙවියන්ගේ අභිමතය පරිදි ඔවුන් දෙදෙනා අසල වූ පාළු ප්‍රදේශයක හැරදමා ආපසු කානාන් දේශය බලා ගොස් ඉමහත් කනගාටුවෙන් යාඥාකරන්නට විය.

"ස්වාමිනී මා ඔවුන් කාබා හි නිසරු මිටියාවතක තනිකොට ආවෙමි. ඔවුන්ට ඵලවැල හා ජලය ලබා දුන් මැනව…"

වැලි කතරේ දැඩි උෂ්ණයෙන් පීඩාවිඳි කුඩා ඉෂ්මායෙල් දැඩි පිපාසාවෙන් හඬා වැටෙන්නට විය. හාජර් දිය බිඳක් සොයමින් අල්-ආෆා හා අල්-මර්වා කඳු ගැට අතර සැරිසැරුවාය. හාජර් දිය බිඳක් සොයමින් අල්-ආෆා හා අල්-මර්වා කඳු ගැට අතර සැරිසැරුවාය. එවිට ඈ හමුවේ පෙනී සිටිදේව දූතයෙක් ඈට මෙසේ කීය. " කණගාටු නොවන්න....අල්ලාහ් ඉෂ්මායෙල්ගේ අඬ ඇසූ සේක. උන්වහන්සේ ඔහු විශාල ජාතියක් බවට පත් කරවනු ඇත.." ඒ සමඟම ඉෂ්මායෙල් වැතිරී සිටි ස්ථානයෙන් උල්පතක් මතුවී ජලය ගලා ආයේය. හජ්ජි උත්සවය අතරතුරදී ඉස්ලාම් වරු මෙම සිද්ධියද ඉමහත් බැතියෙන් යුතුව සමරති....

ඉස්ලාමය හා ජුදා දහම අතර සමීප ලේ ඥාතීත්වය පිළිබඳ සටහන එතැකින් අවසන් නොවේ. ආබ්‍රහම් නොහොත් ඉබ්‍රාහිම් විසින් තෝරා ගත් පුත්‍රයා ඉස්ෂ්මායල්ය යන පදනම මත බිහි වූ ඉස්ලාමය තුල පවා ඔහුගේ සුළු සහෝදරයා වූ ඉෂාක් (ඊසාක්) ගේ පරපුරින් පැවත එන මූසා (මෝසෙස්) හා ඉසා (යේසුස්) යන දිවැසිවරු ගැන සඳහන් වේ. ඉෂ්මායෙල් හා හාගර් විසින් ඔහුට කරකාර බන්දවා දුන් මිසර තරුණියගෙන් පැවත එන මුස්ලිම් වරු තම පාර්ශ්වයේ එකම ප්‍රධාන දිවැසිවරයා ලෙස මහාම්මද් ලෙස සැලකීම වෙනමම කරුණකි. ඉස්ලාමය වෙනම ආගමක් ලෙස හැඩගැන්විමත් සමඟ පසුකාලීන හීබෘ හා ක්‍රිස්තියානි ලියැවිලි තුල සුළු සහෝදර ඉෂ්මායෙල් අරබයා වඩාත් සෘණාත්මක ලෙස ලියැවී ඇති බවක්ද හැඟේ.

මෙම විස්තරය කියවන භෞතිකවාදියෙක් මෙසේ සිතනු ඇත: කපටි පූජකයකු වූ ආබ්‍රහම් තම බිරිඳ රවටාඅසරණ සේවිකාව අපරිහරනය කොට අවසානයේ දරුවාද සමඟ ඈ මහ මඟට ඇද දැමුවා නොවේද?

නීතිමය අර්ථයෙන් ගත් කල චෝදනාවක් ලෙස එහි යම් තාක්ෂණික සත්යයක් ගැබ්ව ඇත.

එහෙත් වඩාත් වැදගත් කරුණ වන්නේ ඉෂ්මායෙල්ට හා හාගර්ට කිසියම් අසාධාරණයක් සිදුවූ බව බයිබලයේ පරන තෙස්තමේන්තුව හා අල් කෝරාණය පමනක් නොව මෙන්ම සියළු ආගම් බැහැරලන භෞතික වදියා පවා නොදැනුවත්වම එකඟ වී තිබීමය. කාබා හි නිසරු මිටියාවතක අසලදී පොරොන්දු වූ පරිදි දෙවියන් වහන්සේ විසින් විශාල ජාතියක් බවට පත් කරනු ලැබ තිබුනද, තම උරුමකම අහිමි කෙරුන ජුදා දේශයේ තනි අයිතිය සුළු සහෝදරයාට පැවරීමට ඉෂ්මායෙල් ලා සූදානම් නැති නැති බව පෙනේ. බටහිර ඉවුරේ ඊශ්‍රායල් ජනාවාස කරනය තම දේශපාලන තේමාව කොටගත් පලස්තීන හමාස්වරුන්ගේ දෘෂ්ඨිමය ස්ථාවරය වී ඇත්තේ වැඩිමලා වූ ඉෂ්මායල්ට කානාන් දේශය හිමි විය යුතු බවය.

"මුස්ලිමුන් හා යුදෙව්වන් අතර අවසන් ගැටුම හට ගන්නාතුරු ලෝක විනාශය සිදු නොවනු ඇත..." හමාස් ප්‍රඥාප්තිය තුල කියැවේ.

එහෙත් ඊසාක්ලාගේ වත්මන් අනුග්‍රාකයන් වන එක්සත් ජනපදයේ බලපෑම මත තම නිවුන් අරාබි සහෝදරයින්ගෙන් පවා ඵලදායී සහායක් නොලබන තත්වයක් තුල තම සම්ප්‍රදායික නිජබිම් අරමුණු කොතෙක් දුරට සාක්ෂාත් කොට ගැනීමට ඔවුනට හැකි වනු ඇත්දැයි යන්න සැක සහිතය.


 
අද ඊශ්‍රායලය හා පලස්තීනය
 
එදා කනාන් දේශය
 
Abraham family tree




© CS WRITES

චාමර සිරිවර්ධන

ඉංග්රීසි අධිරාජ්යයේ අවසන් වික්රමය හෙවත් - 1956 සූවස් අර්බුදයසංස්කරණය

“යාන්ත්රණය අධීක්ෂණයට පමණක් සීමා විය යුතු බව සෝවියට් සංගමය, ඉන්දියාව, ඉන්දුනීසියාව හා ලංකාව කියා සිටියහ…”

ශතවර්ශ හතරකට ආසන්න යුගයක් පුරා ගොඩබිම හා සාගරයේ ආධිපත්ය දැරූ බ්රිතාන්ය අධිරාජ්යය දෙවන ලෝක යුද්ධය අවසන් වන විට හති වැටී සිටියාය. පශ්චාත් යුද ප්රවණතාවන් හමුවේ පවත්වාගෙන යාම අතින් හීන ශාක්යතාවයෙන් යුත් ඉන්දියාව හා ලංකාව වැනි පෙරදිග යටත් විජිත වලට ඩොමීනියන් තත්වය ප්රදානය කරමින් තුමුද නිදහස් වූ ඉංග්රීසීන් තවදුරටත් තම අවධානය යොමු කලේ මැදපෙරදිග දෙසට පමණි. තෙල් සම්පතින් පොහොසත් මෙම කලාපය ඔවුනට වඩාත් වැදගත් වූයේ උපාය මාර්ගික වශයෙන් අතිශය වැදගත් වූ ඉන්දීය සාගරය හා මධ්යධරණී මුහුද යාකල සූවස් ඇලෙහි පිහිටීම නිසාය. මැදපෙරදිග සිට දෛනිකව යුරෝපයට ආනයන කෙරුන බොර තෙල් බැරල් විසි ලක්ෂයෙන් 60%ක් ප්රවාහනය කරනු ලද්දේ බ්රිතාන්ය හා ප්රංශ කොටස් හිමි සමාගමක් මඟින් පාලනය කෙරුන සැතපුම් 120ක් දිගුවූ මෙම මුහුදු මාර්ගය මතිනි. තවදුරටත් පැරණි ලෝක බලවතා ලෙස වංසය කබල් ගාමින් සිටි බ්රිතාන්ය මේ තත්වය තුල ඉරාකයේ ජෝර්දානයේ හා ඊජිප්තුවේ සහයෝගීතාවය සිය මැදපෙරදිග ආධිපත්යයේ මුදුන් මල්කඩ ලෙස සැලකුවාය.

කෙසේ වුවද සූවස් ඇල කල් බදු පදනමක් මත තවදුරටත් ඉංග්රීසීන් විසින් භාවිතා කරනු ලැබීම දෙවන ලෝක යුද්ධයෙන් පසු 'මුස්ලිම් සහෝදරත්වය' වැනි දේශීය සංවිධාන වල බලපෑමට ලක්වෙමින් පැවති ඊජිප්තුව තුල ජනප්රිය වූයේ නැත. මෙම නොමනාපකම් වඩාත් තියුනු කරවන ලද්දේ 1948 දී ඊශ්රායලය බිහි කිරීමේදී බ්රිතාන්ය විසින් ඉටු කරන ලද කාර්ය භාරය හේතුවෙනි. අශතවර්ෂ එකහමාරක් උතුරු අප්රිකාවේ වැජඹුන මුහම්මද්-අලි රජ පෙලපත බලයෙන් පහ කෙරුන 1952 විප්ලවයද මෙම ආතතියේ අතුරු ප්රථිඵලය ලෙස සැලකිය හැක.

ඊශ්රායලය තම අංක එකේ කලාපීය සතුරා ලෙස සැලකූ අභිනව ඊජිප්තු ජනරජයේ නායක ගමාල් අබ්දුල් නසාර්ගේ අභිප්රායය වූයේ මැදපෙරදිග ඉංග්රීසි ආධිපත්යය අවසන් කරලීමයි. අරාබිකරය ඊජිප්තුව නාභියකොටගත් කේන්ද්රයක් තුලට එක්සත් කිරීමෙහි ලා පෙරුම් පිරූ ඔහු බ්රිතාන්යය විසින් තමාට එරෙහිව ඉරාකය හා ජෝර්දානය බලල් අතක් යොදවා ගන්නා බවට සැක කලේය. මැදපෙරදිග ආධිපත්යය සඳහා ප්රධාන ඉස්ලාමීය බලවතුන් අතරද පැවතියේ දැඩි තරඟයකි. මේ වන විටත් මැදපෙරදිග තීරක බලයක් නුවූ ඇමෙරිකාව සමඟ නසාර් පවත්වාගෙන යාමට තැත්කල සබඳතා වලට විශාලතම බාධාව වූයේ ඊශ්රාලයේ සුභසිද්ධිය වෙනුවෙන් වොෂින්ටනය පල කල කැපවීමයි. ඊජිප්තුවට අවි සැපයීමේ කොන්දේසියක් ලෙස ඒවා ඊශ්රාලයට එරෙහිව භාවිත නොකරන බවට අයිසන්හවර් ඉල්ලා සිටි පූර්ව ආරක්ෂණ සහතිකය නිසා කෝපයට පත් නසාර් ඩොලර් මිලියන 83 ක රුසියන් අවි මිලදී ගැනීමට පෙළඹුනේය. එහි ප්රථිඵලය වූයේ ඊජිප්තුව සෝවියට් පිළට වඩාත් සමීප වීමය. ක්රෙම්ලිනයේ අනුහස් වැයික්කිය අරාබි කරය දෙසට හැකිතාක් ව්යාප්ත කිරීම සීතල බටහිර ලෝකය සමඟ සීතල යුද්ධයක නිරතව සිටි නිකිතා කෘෂෙව්ගේ අභිප්රායය විය. මෙම ගණුදෙනුව සඳහා මොස්කොව් හා කයිරෝව අතර තැරැව් කාරකම් කරන ලද්දේ චෙකොස්ලෝවැකියාව විසිනි.

මේ අසා ඉමහත් අසතුටට පත් ඇමෙරිකාව හා බ්රිතාන්යය නයිල් ගඟ හරහා ඉදිකිරීමට නියමිත වූ අස්වාන් වේල්ල සඳහා ඊජිප්තුවට අනුමත කොට තිබූ මූල්යාධාරය අත්හිටවූහ. නසාර් මීට ප්රතිචාර දැක්වූයේ 1956 ජුලි 26 දා සූවස් ඇල ජනසතු කරන බව ප්රකාශ කරමිනි. බ්රිතාන්යය හා ප්රංශ කොටස් හිමියන් වන්දි ලබා ගෙන නික්ම යායුතු බව කියා සිටි ඔහු ගේ නිදහසට කරුණ වූයේ අස්වාන් වේල්ල ඉදිකිරීම් සඳහා සූවස් ඇලේ රේගු ආදායම ඊජිප්තුවට අවශ්ය බවයි.

ඒ අනපේක්ෂිත පුවත ලබෙන විට බ්රිතාන්ය අගමැති ඇන්තනි ඒඩන් ඉරාකයේ දෙවන ෆයිසාල් රජු සමඟ රාත්රී ආහාර ගනිමින් සිටියේය. පැහැදිලිවම එය මැදපෙරදිග කලාපය තුල බ්රිතාන්ය ආර්ථික හා හමුදාමය ක්රියාකාරීත්වයට එල්ල වූ මරු පහරක් බව කිව යුතු නොවේ. වඩාත් කලබල වූයේ කලාපීය නායකත්වය සඳහා නසාර්ගේ ප්රතිවාදී තරඟකරුවා වූ ෆයිසාල් රජුය. ඊජිප්තුවට පහරදීම සඳහා පළමුවෙන්ම ඊඩන් පොලඹවන ලද්දේ ඔහු විසින් බව සැලකේ. තමා ඊශ්රායලය සමඟ එක්ව ඊජිප්තුව හා සටන් වදින බව තෙදිනකට පසු ප්රංශය ප්රකාශ කලාය.

යුද්ධයක් වලක්වමින් ගැටළුව නිරාකරනය කරනු වස් අයිසන්හවර්ගේ මැදිහත්වීමෙන් සූවස් ඇල භාවිතා කරන රටවල් 22 ක සමුළුවක් අගෝස්තුවේ කැඳවන ලදී. ඇමෙරිකාව බ්රිතාන්යය හා ප්රංශය ඇතුළු රටවල් 16ක ස්ථාවරය වූයේ ඇල මාර්ගය ජාත්යන්තර යාන්ත්රණයක් විසින් මෙහෙයවනු ලැබිය යුතු බවය: නසාර්ගේ මිතුරා වූ පකිස්ථානය ආර්ථික හේතූන් මත බටහිර බලවතුන් හා එක්ව ඡන්දය භාවිත කිරීමද මෙහිදී කැපී පෙණින. එහෙත් මෙම යාන්ත්රණය අධීක්ෂණයට පමණක් සීමා විය යුතු බව සෝවියට් සංගමය, ඉන්දියාව, ඉන්දුනීසියාව හා ලංකාව කියා සිටියහ.

කෙසේ වුවද මෙම සාම වෑයම සාර්ථක නොවිමට ප්රධාන හේතුව වූයේ අර්බුදයට සම්බන්ධ පාර්ශ්වයන් දෙකටම සාමය සඳහා සැබෑ උවමනාවක් නොතිබීම බව පෙනේ . බ්රිතාන්යය හා ප්රංශය සාම සාකච්ඡා යොදා ගත්තේ යුද්ධයට සූදානම් වීම සඳහා අවශ්ය කාලය ලබා ගැනීමේ මාර්ගයක් ලෙස පමණි. නසාර් රුසියානු අවි මිලදී ගැනීම නිසා බෙහෙවින් තැති ගෙන සිටි ඊශ්රායලයේ ස්ථාවර වූයේ සීග්රයෙන් වියැකෙමින් පවතිනදෙරට අතර අතර හමුදාමය පරතරය මුළුමනින් පියැවී යාමට පෙර ඊජිප්තුවට පහරදී පරාජය කල යුතු බවය. අනිත් අතට ඉංග්රීසි-ප්රංශ හමුදා මැදිහත් වීමකට ඇති ඉඩකඩ ඉතා අඩු බව නසාර්ගේ විශ්වාසය විය. ඊජිප්තුවට පහරදීම යනු ඊශ්රායලයට 'කල නොහැකි' දෙයකැයි හේ පුරසාරම් දොඩවමින් සිටියේය.

1956 ඔක්තෝබර් දෙවන සතියේ ඊශ්රායල් අගමැති ඩේවිඩ් බෙන්-ගුරියන්, ආරක්ෂ ඇමති ෂිමොන් පෙරේස් හා හමුදාවේ මාණ්ඩලික ප්රධානී මොෂේ දයාන් හොර රහසේම ප්රංශයට ගොස් පැරිස් හා බලධාරින් හමුවූහ. ඊශ්රායලය විසින් ඊජිප්තුවට අයත් සීනායි අර්ධද්වීපය ආක්රමණය කල යුතු බවටත්, ඒ හා සමගාමීව බ්රිතාන්ය-ප්රංශ හමුදා සූවස් ඇල අත්පත් කොටගත යුතු බවත් එහිදී ගිවිස ගන්නා ලදී. ක්රියාන්විතයේ අවසන් ඉලක්කය වූයේ නසාර් බලයෙන් පහකිරීමය.

නසාර් විමතියට පත් කරමින් ඔක්තෝබර් 29 දා සීනායි අර්ධද්වීපයට ඇතුළු වූ ඊශ්රායල් හමුදා සීග්රයෙන් ඉදිරියට ගමන් කලහ. නවීන අවිආයුධ විනා නිසි පුහුණුවක් හෝ සැලසුමක් නුවූ ඊජිප්තු බල ඇණි වලට පසු බැසීමට සිදු විය. කලින් කතිකා කොටගත් පරිදි ඒ හා සමගාමීව බ්රිතාන්ය හා ප්රංශ ගුවන්යානා විසින් සූවස් ප්රදේශයට ගුවනින් පහර දෙන ලදී. ඇල මාර්ගය සුදු ජාතිකයන් අතට පත්වුවහොත් තම හමුදා කොටු වනු ඇතැයි හදිසියේ බියක් ඇතිකොටගත් නසාර් සීනායි අර්ධද්වීපයෙන් පසුබසින ලෙස ඊජිප්තු යාන්ත්රික බල ඇණි වලට නියම කලේය.

අනිත් අතර ඊජිප්තු හමුදා ප්රධානි අබ්දුල් හකීම් අමීර් නසාර්ගේ දේශපාලන අනුගාමිකයකු විනා පෙරමුණු දෙකක සටනකට මුහුන දීම සඳහා තරම් අත්දැකීම් ඇත්තෙකු නොවීය. නොම්මර එකේ බේබද්දෙකු ලෙස ඔහුට විශාල ප්රසිද්ධියක් තිබිණ. බියපත් වූ හමුදා ප්රධානියා විසින් බ්රිතාන්යයට යටත් වීම මැනවයි කල යෝජනාව නසාර් ප්රතික්ෂෙප කලේ කෙන්තියෙනි.

"කවුරුවත් යටත් වෙන්නෙ නෑ!" නොවැම්බර් 03 දා කයිරෝවේ පැවති හමුදා නායකයන්ගේ රැස්වීමේදී මොර දුන් හේ නැවු 49 ක් විනාශ කොට ඇල මාර්ගය අවහිර කිරීමට අන කලේය.

සෙනෙවි මණ්ඩලය හා අණදෙන්නන් තුල නිසි සැලැසුම් නොතිබීම හා සතුරාගේ ගුවන් බලයට මුහුන දීමට සූදානමකින් පසු නොවීම ආක්රමණය හමුවේ ඊජිප්තුව මුහුන පෑ තීරනාත්මකම අවාසිය ලෙස සැලකිය හැක. හමුදාවට අතිරේකව ස්වේච්ඡා මිලිෂියා භටයන් 400,000 ක් සටනට කැඳවීමට නසාර් පෙලඹවූයේ මෙම තත්වයයි. ඉමහත් පිරිවැයක් දරා රුසියාවෙන් මිලදී ගත් මිග් හා ඉල්යුෂින් යානා පැදවීමට මැනවින් පුහුණුවූ ගුවන් නියමුවන් නොසිටීම නිසා, ටී 34 හා අයි එස් 2 කාණ්ඩයේ යුද ටැංකි වලින් නිසි ඵල නෙලීමට ඔහු දුක්බර ලෙස අසමත් විය.

නොවැම්බර් 5 දා වන විට ගාසා තීරය හා සීනායි අර්ධද්වීපය ඊශ්රායල් වරු විසින්ද, සයිඩ් වරාය බ්රිතාන්ය හා ප්රංශ හමුදා විසින්ද අත්පත් කොටගෙන තිබුනද සටන පවත්වාගෙන යාම ඔවුනටද පහසුවූයේ නැත. විශාලතම බාධකය වූයේ ත්රිපාර්ශ්වික ආක්රමණයට දැඩි විරෝධය පල කල එක්සත් ජනපදය වහා සටන් විරාමයක් ඉල්ලා සිටීමයි. එජා සංවිධානයේ කැඳවූ ඡන්දවිමසීමේදී ඊට රටවල් 64ක් පක්ෂ වූ අතර විරුද්ධ වූයේ බ්රිතාන්යය, ප්රංශය, ඊශ්රායලය, ඔස්ට්රෙලියාව හා නවසීලන්තය පමණි. නොබැඳි කණ්ඩායම් නායක හා ඉන්දීය අගමැති නේරු තුමා මෙහිදී ඉටු කල කාර්යභාරය කැපී පෙනින. හමුදාමය පසුබැස්ම මත පවා මෙය නසාර් ලද විශාල ජයග්රහණයක් වූයේ ඔහුගේ ජනප්රියත්වය වඩාත් ඉහල නැංවීමට එය ඉවහල් වූ නිසාය. එහෙත් බ්රිතාන්යය ප්රංශය හා ඊශ්රායලය එක්සත් ජාතීන් ඉල්ලා සිටි පරිදි අල්ලා ගත් ප්රදේශ වලින් ඉවත් වීමට වීමට කැමති වූයේ නැත.

තත්වය වඩාත් බරපතල වූයේ සෝවියට් මැදිහත් වීම හේතුවෙනි. ඊජිප්තුවේ සහායට රතු හමුදා ඩිවිෂන 15 ක් කැඳවූ රුසියානුවෝ වහාම මැදපෙරදිග කලාපයෙන් ඉවත් නොවන්නේ නම් බ්රිතාන්ය ප්රංශ හා ඊශ්රායල් නගර වලට අන්තර් මහද්වීපික 'සෙම්යෝර්කා' මිසයිල වලින් පහර දෙන බවට තර්ජනය කලහ. සෝවියට් උපාය මාර්ගික රොකට් බලඇණි දේශසීමා හමුදා දිස්ත්රික්ක අසල ස්ථාන ගත කෙරෙන බවට බට හිර ඔත්තු සේවාවන්ට හෝඩුවා ලැබින. නේටෝ එකඟතාව අනුව සෝවියට් ප්රහාරකදී බ්රිතාන්යයට හා ප්රංශයට සහාය වීමට ඇමෙරිකාව බැඳී සිටියාය.

"රුසියන් කාරයො මේ තත්වය යටතෙ ඕනම පිස්සු වැඩක් කරාවි. එයාල ගැහුවොත් අපිටත් නිකම් ඉන්න බෑ. මේකෙන් වෙන්නෙ මහ යුද්ධයක් ඇති වෙන එක විතරයි" අයිසන්හවර් පැවසුවේ කණගාටුවෙනි. රාජ්ය ලේකම් ඩලස්ගේ අදහස වූයේ 1917 න් පසු ක්රෙම්ලිනයේ දක්නට ලැබුන භයානකම පුද්ගලයා කෘෂෙව් බවය.

යුද්ධයක් වැලක්වීමට දැඩිව අදිටන් කොටගත් ඇමෙරිකානුවෝ තම බ්රිතාන්ය ස්ටර්ලින් බැඳුම් කර විකුණා දමන බවට අනතුරු ඇඟවූහ. සූවස් ඇල අවහිර වීම නිසා මේ වනවිට ඩොලර් බිලියන 50කට අධික පාඩුවක් සිදුව තිබූ බ්රිතාන්ය ආර්ථිකයට මෙමඟින් තම මුදල් ඒකකය අවප්රමාන වීමේ අවදානම දැරීමේ හැකියාවක් නොතිබිණ. දැඩි ඇමෙරිකානු රාජ්යතාන්ත්රික හා ආර්ථික බලපෑම්, රුසියානු තර්ජන, හා ලන්ඩනයේ තීව්ර වූ යුද විරෝධී උද්ඝෝෂණ මධ්යයේ ප්රංශ හා ඊශ්රායල් සහකරුවන් හා සන්නිවේදනය කිරිමෙන් තොරවම ඒකපාර්ශ්වීය සටන් විරාමයක් ප්රකාශයට පත්කිරීමට අගමැති ඒඩන්ට සිදුවිය.

දෙසැම්බරයේ ප්රංශ හා බ්රිතාන්ය හමුදා ඊජිප්තුවෙන් ඉවත් වූහ. ඊජිප්තුවට පූර්ණ හිමිකම් පැවරන ලද සූවස් ඇල තාවකාලිකව මධ්යස්ථ රට වලින් සමන්විත එක්සත් ජාතීන්ගේ හමුදාවක් යටතට පවරන ලදී. රුසියානු ප්රහාරයකදී සහාය නොදෙන බවට ඇමෙරිකාව විසින් අනතුරු අඟවනු ලැබූ ඊශ්රායලයද සීනායි අර්ධද්වීපයෙන් ඉවත් වූවාය. මොෂේ දයාන් පැවසුවේ සමස්ත මිත්ර හමුදාවට අණදීමේ වගකීම තමාට පැවරුනි නම් තවත් හතලිස් අට පැයක් තුල නසාර් බලයෙන් පහ කිරීමට අවකාශ තිබූ බවයි. ඊලඟ මාසයේ සූවස් ඇල නැවු ගමනා ගමනය සඳහා යලි විවෘත කෙරිණ.

පසු කාලීන චර්යාව කුමක් වුවද සූවස් අර්බුදය වනාහි අමෙරිකානු රාජ්යතාන්ත්රික පිළිවෙතේ මුදුන් මල්ක්ඩ ලෙස සැලකිමෙහිලා වරදක් නැත. ධවල මන්දිරයේ විචක්ෂණත්වය නොවන්නට ඒ හරහා තුන් වන ලෝකයුද්ධයක් ඇතිවීමට බෙහෙවින් ඉඩ තිබිණ. ඉමහත් ලෝකාපාදයට මුහුණ පෑ අගමැති ඒඩ්න්ට ධුරය හැර යාමට සිදුවූ අතර සියවස් හතරක යටත්විජිත දේශපාලනය අවසන් කල බ්රිතාන්යය වඩාත් නිශ්චල විදෙස් පිළිවෙතක් කරා යොමුවූයේ බටහිර ලෝකයේ නායකත්වය ඇමරිකානුවන් අතට පත් කරමිනි. ඉමහත් අමනාපයට පත් ප්රංශය නේටෝවෙන් ඉවත් වීම ගැන සලකා බලන බවක් පල කලද පසුව සැනසුනාය. ඉලඟ වසර කිහිපය තුල අප්රිකානු යටත් විජිත නිදහස ලැබීමද සූවස් අර්බුදයේ වක්ර ප්රථිඵලයක් ලෙස සැලකේ.

අර්බුදය නිමා වූ ස්වභාවය මත දේශපාලන වශයෙන් වඩාත් ශක්තිමත් වූ නසාර් අරාබි ලෝකයේ විමුක්තිදායකයා ලෙස විරුදාවලි ලැබීය. කට ගොන්නක් බීගත් හමුදා ප්රධානි අබ්දුල් හකීම් අමීර් පරාජයේ වගකීම නසාර්ට හා හමුදාවට පවරමින් කෝලම් නැටීමට සූදානම් වුවද ඔහුට තරවටු කොට නිහඬ කරවන ලදී.

ජයග්රහණය තුලින් ඉමහත් ආත්ම විශ්වාසයක් උපදවාගත් ඊශ්රායලය ටිරාන් සමුද්ර සන්ධිය හරහා නැවු ගමනා ගමනය සඳහා මේ තාක් තමාට පැනවුන තහංචි වලින් නිදහස් වූවාය. මැදපෙරදිග කලාපයේ බලවත්ම හමුදාව ඈ සතු බව පිළිගැනීමට සතුරු මිතුරු කොයි කාටත් සිදුවිය.

මේ අතර තුන්වන ලෝකයේ ආරක්ෂයා ලෙස ඉමහත් බුහුමනට පාත්‍ර වූසෝවියට් සංගමය මැදපෙරදිග කලාපය තුල සිය බලපෑම වඩාත් වර්ධනය කොට ගැනීමේහිලා සමත් වූවාය. එහෙත් ක්‍රෙම්ලිනයට වඩාත් වැදගත් වූයේ මේ කලබලය අස්සේ වෝර්සෝ හමුදා යවා හංගේරියානු විප්ලවය සුනු විසුනු කිරීමට ලද අගනා අවස්ථාවයි. එදා ඊජිප්තුව ආරක්ෂා වීමට හේතුවූයේ ඇමෙරිකානු රාජ්යතාන්ත්රික භාවය බව නසාර් පවා පෞද්ගලිකව පිළිගෙන ඇතත් අස්වාන් වේල්ල තැනීම සඳහා ඩොලර් බිලියනයක ණයක් 2% ක පොලියක් යටතේ ඊජිප්තුවට සැපයීමට රුසියානුවන් එකඟ වීම ඊජිප්තුව ලද විශාලතම ජයග්‍රහණයයි.

කෙසේ වුවද කෘෂෙව් වහසි බස්දෙඩූ අන්දමට බ්රිතාන්යයට ප්රංශයට හා ඊශ්රායලයට එකවිට පහරදීමට තරම් ප්රමානවත් 'සෙම්යෝර්කා' මිසයිල සූවස් අර්බුදය අවස්ථාව වන විට සෝවියට් සංගමය සතුව නොතිබූ බව පසුව හෙලිවිය…

 
ඇන්තනි ඒඩන්
 
නසාර් හා කෘෂෙව්


© CS WRITES Chamara Siriwardene

තුර්කියසංස්කරණය

සුල්තාන්ගේ බොඳවූ සිහිනය නොහොත් ඉඩ්ලිබ් සටන් විරාමයසංස්කරණය

ගතවූ දශකය පුරා තුර්කි ජනාධිපති රෙසෙප් ටායිප් එර්ඩොගන් අනුගමනය කල පිළිවෙත තුලින් පිළිබිඹු වූ එක් කරුණක් වූයේ ලොව අන් සියළු නායකයන්ට වඩා තමා කරුණු කාරණා හා බලපුළුවන්කාර කම් වලින් පොහොසත් බවය. මෙය ඔහුට පමණක් සීමාවූ මානසිකත්වයක් නොව 1453 කොන්ස්තන්තිනෝපලය අත්පත් කොට ගැනීමෙන් අනතුරුව පුරාණ ඔටෝමන් පාලකයන් බොහෝ දෙනෙක් පෙළුන භයානක රෝගයකි. නේටෝ හවුලේ දෙවන විශාලතම සම්ප්රදායික යුද බලවතා ලෙස සැලකුන තුර්කිය සිරියානු අර්බුදය හමුවේ දශක හතක් පුරාවට තම උපාය මාර්ගික සහකරු වූ ඇමෙරිකාව පවා අමනාපයට පත් කරමින් තම ඓතිහාසික පස මිතුරා වූ රුසියාව සමඟ හවුලේ කැඳ පිසීමට පෙළඹුනේද මෙම ආකල්පය මත යයි සිතිය හැක. පෙබරවාරි 28 වනදා වනවිට අල්ලාගත් ප්රදේශ වලින් ඉවත් වන ලෙස සිරියාවට කෙරුන අවසන් නිවෙදයකින් අනතුරුව දියත් කෙරුන එර්ඩොගන්ගේ මෙහෙයුමේ ඉරණම ගැන ආරම්භයේ පටන් බොහෝ සැක සංකා තිබිණ. තම විරොදය නොතකා රුසියාව හා කලින් ඇති කොටගත් S 400 ගණුදෙනුව ගැන උරණ ව සිටි අමෙරිකානුවෝ තමාට Patriot මිසයිල පද්ධති ලබා දෙන මෙන් තුර්කිය කල හදිසි ඉල්ලීම ප්රතික්ෂෙප කිරීම පුදුමයක් නොවේ. මෙහෙයුමේ සාර්ථකත්වය සඳහා සපුරාලීමට අවැසි වූ ප්රදානතම සාධකය වූ අසාද්ගේ අතිජාත මිතුරන් වූ රුසියානුවන් සටනින් ඈත් කොට තැබීමය. ඉමහත් පරිශ්රමයකින් අනතුරුව M5 මහා මාර්ගයේ වූ උපායමාර්ගික සරාක්විබ් නගරය අත්පත් කොටගැනීමට මාර්තු 01 දා තුර්කි හමුදා සමත් වුවද ස්ටාව්කා (STAVKA) නොහොත් රුසියානු සෙනෙවි මණ්ඩලය විසින් ගුවන් ඉලක්ක වල ඛණ්ඩාංක ඩැමස්කස් බලධාරීන්ට නිරතුරුව ලබා දීම හේතුකොටගෙන ඒ වනවිටත් මියගොස් සිටි තුර්කි හමුදා භටයන් ගණන 50 ඉක්මවා තිබිණ. එම තත්වය යටතේ පවා රුසියානුවන්ට ප්රසිද්ධියේ අභියෝග කිරීමට තවදුරටත් පැකිළුන එඩොර්ගන් ක්රෙම්ලිනයෙන් ඉල්ලා සිටියේ තමාට සිරියාව හා තනිව ගණුදෙනු බේරා ගැනීමට ඉඩ දිය යුතු බවයි. උපායමාර්ගික සරාක්විබ් නගරය තුර්කි හමුදා අත පැවති ඒ මොහොතේ වහා සටන් විරාමයකට එලැබීමත්, එමඟින් තම සායම බේරාගැනීමත් ඔහුගේ අභිප්රාය වූ බව පෙනේ. අනිත් අතට සිරියානු හමුදා ප්රහාර හමුවේ තුර්කියට පලා යන සරණාගතයන් අවියක් ලෙස යොදා ගනිමින් රුසියාවට එරෙහිව යුරෝපා සංගමයේ සහාය බලාත්කාරයෙන් ලබා ගැනීමටද ඔහු තැත් කලේය. මෙමඟින් පිළිබිඹු වූයේ ස්වයං අධිතක්සේරුවක් තුලින් සිරියාවට එරෙහිව හදිසි යුද්ධයකට එලැබීම තුලින් තුර්කිය මුහුණ පා සිටි අර්බුදයේ සැබෑ පරිමාණයයි. රුසියානු සාධකය බැහැරකල විට පවා දස වසරක සිවිල් යුද්ධය තුලින් පන්නරය ලබා සිටි සිරියානු හමුදාව හා අනුබද්ධිත කණ්ඩායම් (ඉරාන IRGC බ්රිගගේඩය, ඉරාක මිලීෂියා ඒකක හා ලෙබනනයේ හෙස්බුල්ලා ගරිල්ලන්) සමඟ සටන් කිරීම වේදනාකාරී අත්දැකීමක් බව ඈ පසක් කොට ගනිමින් සිටියාය. අර්බුදයක් තුල හටගන්නා ඇතැම් තීරණාත්මක සිදුවීම් මාධ්ය වල පල නොවේ. මෙවන් අවස්ථාවලදී රාජ්යතාන්ත්රික අභිවෘද්ධිය මත සියළු පාර්ශ්ව නිහඬව සිටිති. 2016 දී ඇලෙප්පෝ නුවර සම්මාන් කඳු වැටියට එල්ල වූ රුසියානු මිසයිල ප්රහාරයකින් කැරළි කරුවන් පුහුණ් කිරීමේ නිරතව සිටි CIA හා මොසාඩ් නිලධාරීන් 30ක් මිය යාම එක් උදාහරණයකි. මාර්තු 02 දා ටාර්ටස් හි පිහිටි රුසියානු මධ්යධරණී නාවුක ආඥා මූලස්ථානයේ සිට ඉඩ්ලිබ් හි තුර්කි පාලන ප්රදේශයට එල්ලවූ කෲස් මිසයිල ප්රහාරය පිළිබඳ තුර්කිය මෙන්ම රුසියානු මාද්යද නිහධතාව පල කලහ. එහෙත් මෙම සිද්ධිය වාර්තා කල බල්ගේරියානු ආරක්ෂක වෙබ් අඩවිය වැඩිදුරත් හෙලි කොට සිටියේ අසාද්ගේ තවත් ප්රධානතම අනුග්රාහකයකු වන ඉරානයද ඉඩ්ලිබ් සටන අරබයා එඩොර්ගන්ට දැඩි අනතුරු හැඟවීමක් කොට ඇති බවයි. පාබල සහායට අමතරව උතුරු සිරියාවේ ඉලක්ක වලට මිසයිල එල්ල කිරීමේ හැකියාව ඉරානය සතුවද ඇත. මේ වියවුල අතර උපාය මාර්ගික සරාක්විබ් නගරය එදින සවස යලි අත්පත් කොටගැනීමට අසාද්ට පක්ෂපාත හමුදා සමත්වූහ. ඔවුන් සමඟ රුසියානු හමුදා-පොලිස් ඒකක ද සිටීම මඟින් කෙරුන ඉඟිය ඉතා පැහැදිලිය. ලතාකියා නගරයේ පිහිටි තම ගුවන් මූලස්ථානය කරා දිවෙන M4 මාර්ගය මූලධර්මවාදීන්ට විවෘත වීමට රුසියානුවන් ඉඩ හරිනු ඇතැයි සිතිය නොහේ. මේ තත්වය යටතේ ජයග්රහණයේ සටන්පාඨ තෙපලමින් තුර්කි හමුදා සරාක්විබ් නගරයෙන් පසු බසිද්දී, අසාද්ගේ හමුදාවේ ඉදිරි ගමන වැලැක්වීම සඳහා වහා සටන් විරාමයක් පතා මොස්කොව් බලා යාමට එඩෝර්ගන් සුල්තාන් තැනට සිදුවිය. මෙහෙයුම අතරතුරදී සිරියානු හමුදා භටයන් 2500ක් මරාදැමූ බවට ඔහු උදම් ඇනුවද ලද පරාජය වසා ගැනීමට ඉන් ලද හැකිවූයේ අල්ප පිටුවහලකි. සිරියානු සානා පුවත් සේවය කියා සිටියේ තම භටයන් 600 ක් මියගිය බවත් තුර්කි-හිතවාදී සටන්කාමීන් 6500ක් මරා දමුන බවත්ය. එහෙත් විශ්ලේෂකයෝ දෙරටේම සංඛ්යාලේඛණ හුදු පම්පෝරි ලෙස බැහැර කරති. මාර්තු 05 දා එර්ඩොගන් ඇතුළු ඉහල පෙලේ තුර්කි දූත පිරිස හා ව්ලැදිමීර් පුටින් අතර හමුව සිදුවූයේ මෙවන් වාතාවරණයක් තුලයි. ක්රෙම්ලිනයේ පිළිගැනීමේ ශාලාව තුල කාටත් පෙනෙන සේ ප්රදර්ශනය කොට තිබූ මහා කැතරින් සාර්තුමියගේ ලෝකඩ ප්රතිමාවකි. 1878 යුද්ධයේ සිහිවටනයක් එර්ඩොගන් ගේ අසුනට ඉහලින් විය. මෙමගින් සංකෙතවත් කෙරුනේ රුසියාව විසින් 17 වන හා 18 වන සියවස් තුල ඔටෝමන් වරුනට එරෙහිව ලබා ගත් යුද ජයග්රහණ මාලාවයි. ස්වාමියෙකු ලෙස හැසිරුන ව්ලැදිමීර් පුටින් හමුවේ එඩොර්ගන් පත්ව සිටි අසරණ තත්වයට වෙනත් අටුවා ටීකා අවශ්ය නොවීය. අල්-මොනිටර් වෙබ් අඩවිය සඳහන් කලේ ඔහු ඇතුළු තුර්කි දූත පිරිස ප්රධානාචාර්ය හමුවට පැමිණී පාසැල් සිසුන් කණ්ඩායමක් සිහිගැන්වූ බවයි. ලෝකයා හමුවේ අපකීර්තියට පත් තම ප්රතිරූපය බේරාගැනීම සඳහා නූතන සාර් හමුවේ එක්තපස්ව සිටිනු හැර අන් විසඳුමක්ද තුර්කිවරුනට නොතිබිණ. එර්ඩොගන්ගේ මූලික උවමනාව වූ ඉඩ්ලිබ් හි සටන් විරාමයක් සඳහා සිරියාව වෙනුවෙන් ඇප වීමට රුසියානුවෝ කැමති වූහ. M4 මහා මාර්ගය දෙපස සැතපුම් 12 ක අධි ආරක්ෂිත කොරිඩෝරයක් ඇති කිරීමටද ගිවිස ගන්නා ලදී. මෙහි අර්ථය නම් තුර්කි හිතවාදී මූලධර්මවාදී කන්ඬායම් එම ප්රදේශයෙන් ඉවත් වන බවට එර්ඩොගන් විසින් වග බලාගත යුතු බවය. මෙය සහතික කරනු වස් මාර්තු 15 දා සිටි M4 මාර්ගයේ තුර්කි හා රුසියානු භට පිරිස් මුරසංචාරයේ යෙදෙනු ඇත. M4 හා M5 මහාමාර්ග මූලධර්මවාදීන්ගේ ග්රහණයෙන් බැහැර කරවීම අසාද් ලද විශාල ජයග්රහණයකි. යම් හෙයකින් සටන් විරාමය බිඳ වැටුනහොත් හමුදාමය වශයෙන් අතිශය වාසිදායක අඩියක සිට යලි සටන් ඇරඹීම සඳහා මෙමඟින් ඔහුට අවස්ථාව සලසනු ඇත. දවැන්ත පරාජයකින් තොරව මෙහෙයුම අත් හිටුවා සායම බේරා ගැනීමටත් තම වේදනාකාරී තුවාල සුවපත් කොටගැනීමත් අගනා අවස්ථාවක් එර්ඩොගන්ටද සටන් විරාමය හරහා උදා වී තිබේ. එහෙත් අනාගතය තීරණය වනු ඇත්තේ මූලධර්මවාදීන් මොස්කොව් රාමුව තුල කළමණාකරගැනීමේහිලා ඔහු දක්වන දක්ෂතාව මතය. යම් හෙයකින් Hayat Tahrir al-Sham හා අල්-කයිඩා සටන් කාමීන් සටන් විරාමයට පටහැනිව කටයුතු කලහොත් නැවත සටන් ඇරඹීමට අවස්ථාවක් එමඟින් අසාද්ට උදා වනු ඇති අතර නැවත ඊට මැදිහත් වීමට තුර්කියට ඇති සදාචාරාත්මක හැකියාව අල්පය. බ්රහස්පතින්දා ඇතිකොටගත් රුසියානු- තුර්කි එකඟත්වය කෙරේ තම දැඩි අප්රසාදය හා අසතුට පල කල ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පිලිගැනීම නොලැබෙනු වස් ඊට එරෙහිව සිය නිෂේධ බලය යෙදවූවාය. පුටින්- එර්ඩොගන් සටන් විරාමය වනාහී මැදපෙරදිග තීරක බලය තමා නොවන බවටත්, තුර්කිය තවදුරටත් විශ්වාසදායී සහකරුවකු නොවන බවටත්, වොෂින්ටනයට කෙරුන වේදනාකාරී සිහි කැඳවීමකි. එහෙත් සිරියානු ශමථයෙන් එලෙස එක්සත් ජාතීන් බැහැර කරවීම තුලින් බියකරු යථාර්ථය පිටුදැකීමටද ඇමෙරිකානුවන්ට නොහැක. මන්ද යත් කවුරු කා සමඟ සටන් වැදුනද අවසන් ජයාග්රාහකයා තමා බව ව්ලදිමීර් පුටින් විසින් නැවත වරක් සනාථ කොට හමාර බැවිනි.

Chamara Siriwardene

මැද පෙරදිග චෙස් ක්‍රීඩාවසංස්කරණය

ෂියා ඉස්ලාමීය ඉරානයට විනාශ කිරීමට සියොන් වාදී ඊශ්‍රායලය මෙන්ම වහාබ් වාදී සෞදි අරාබිය තුල දශක හතරක් මුළුල්ලේ වූ අභිප්‍රායක් මල් පල ගන්වමින් ඉරාන විප්ලවීය කෝර්ප්ස් බල ඇණිය (IRGC) ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස හෙලා දුටු අමෙරිකාව, ඉරාන යුද මර්මස්ථාන කිහිපයකට කෲස් මිසයිල වලින් පහර දීමට පසුගිය සිකුරාදා ගත් තීරණයට ආසන්නතම හේතුව වූයේ පර්සියානු බොක්කේදී සිය ඔත්තු බලන ඩ්රෝන් යානාවක් ඉරානය විසින් වෙඩි තබා බිම හෙලීම වුවද ඊට සැබෑ හේතුව අයි. එස්. සංවිධානය මෙන්ම සෞදි අරාබිය ‘මධ්යස්ථ සටන් කාමීන්’ ලෙස හඳුන්වන ‘අල්-නුස්රා’ ජිහාඩ් වාදීන් සිරියානු කාන්තාරයේදී සමූල ඝාතනය කිරීමට ඉරානය ඩැමස්කස් හි අසාද් රජයට දැක්වූ සහාය බවට සැකයක් නැත. ලිබියාවේ උදාහරණය සිරියාව තුල අත් හදා බැලීමට ඇමෙරිකාව හා සෞදිය දැරූ උත්සාහයට එරෙහි එක් තීරණාත්මක බාධාවක් වූයේ ඉරානයයි. ඉරානයට පහර දීමට සිකුරාදා උදේ ගත් තීරණය එදාම සවස ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අවලංගු කලේ සෞදියේ හා ඊශ්රායලයේ බලවත් අමනාපයට හේතුවෙමිනි. මීට හේතුව ඉරානයට ඇති බියක් හෙම නොව නිකරුනේ මිනිසුන් මැරීමට තමා තුල ඇති අකමැත්ත බව අවධාරණය කල ඇමරිකානු ජනාධිපති වරයා ඒ වෙනුවට ඉරාන අවි පද්ධති අලලා සයිබර් ප්‍රහාරයක් එල්ල කරන මෙන් නියම කලේය. ඇමෙරිකාවට එරෙහි සම්ප්රදායික යුද්ධයකින් ජය ගැනීමට ඉරානයට නොහැකි බව ඉතා පැහැදිලිය. එසේ නම් සෞදිය හා ඊශ්රායලය තුල වූ බලා පොරොත්තු සුන් කරවමින් යෝජිත ප්රහාරය අවලංගු කිරීමට ඇමෙරිකානුවන් හදිසියේ තීරණය කලේ ඇයි? ඇමෙරිකානුවෝ අවශ්‍ය විටෙක ජීවිත විනාශ කිරීමට නොපැකිලෙති. මීට පිළිතුරු සැපයිය හැක්කේ ඉරාන-ඇමෙරිකානු යුද්ධයක ස්වභාවය කෙසේ වනු ඇත්දැයි පරිකල්පනය තුලින් පමණි. යම් හෙයකින් ඇමෙරිකාව ටෙහෙරානයට මිසයිල ප්රහාරයක් එල්ල කලේ නම් ඉරානයට සිය ආරක්ෂාව පතා ගත හැකි පියවර කිහිපයකි. පළමුවැන්න ගල්ෆ් බොක්කේ හර්මුස් සමුද්ර සන්ධිය තුල මුහුදු බෝම්බ අතුරා නාවුක ගමනා ගමනය මුළුමනින්ම කඩා කප්පල් කිරීමයි. මෙමඟින් ලෝක ආර්ථිකයට සිදුවන හානිය අති විශාලය. එහි මුල්ම විපාකට වනු ඇත්තේ බොර තෙල් මිල ඉහල යාමයි. තෙසතියක් තුල කුඩා ඉරාන නාවුක හමුදාව විනාශ කොට සමුද්ර සන්ධිය පිරිසිදු කිරීමට ඇමෙරිකාවට හැකියාවක් ඇතත්, ඒ සඳහා දැවැන්ත පිරිවැයක් දැරීමට ඔවුනට සිදුවනු ඇත. මේ සඳහා මූල්ය අනුග්රහය දැක්වීමට සෞදි අරාබියට සිදුවේ. දෙවනුව ඉරාන හිතවාදී ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලන් ඇමෙරිකානු හා ඊශරාලය ඉලක්ක වලටද යේමනයේ හෝති හරිල්ලන් සෞදිය ඇතුළු වහාබ් වාදී කධවුරට දැවැන්ත ප්රහාරයක් දියත් කරනු ඇත. ඉරානය විසින් කල යුතුව ඇත්තේ ලොව පුරා විහිදී ඇති මෙම ත්‍රස්ත ජාලය සක්‍රිය කිරීම පමණි. මෙවන් තත්වයක් උද්ගත වුවහොත් සිය නම්බුව රැක ගැනූම සඳහා ඉරානය ගොඩබිමින් ආක්රමණය කිරීම හැර අන් විකල්පයක්ද ඇමෙරිකාවට නැත. එහෙත් එවැන්නකට මුහුන දීම පහසු නොවන බව සිරියාවේ අත්දැකීම් වලින් පෙනේ. මෙහිදී වඩාත් වැදගත් වන්නේ රුසියානු සාධකයයි. ඉරානයට පහර නොදෙන ලෙස බ්රහස්පතින්දා ඇමෙරිකාවට අනතුරු ඇඟවූ රුසියාව, යුද්ධයකදී තම සෘජු සහාය අපේක්ෂා නොකල යුතු බවට ටෙහෙරානයටද දැනුම් දී ඇත. “ක්රෙම්ලිනය ගිනි නිවන හමුදාවක් නෙවෙයි. අපිට හැම අර්බුදයකටම මැදිහත් වෙන්න බැහැ” පුටින් කීය. එහෙත් ඉරානයට සම්බාධක පැනවීමේ ඇමරිකානු තීරණය ‘ආර්ථික ත්‍රස්තවාදයක්’ (Economic terrorism) ලෙස හෙලා දුටු ඔහු ඉරානයට වෙළඳ ගණුදෙනු සඳහා තවදුරටත් සහාය වන බවට ශපථ කලේය. කෙසේ වුවද තමාට S 400 මිසයිල පද්ධති ලබා දෙන මෙන් ඉරාන ආගමික නායකයා කල හදිසි ඉල්ලීම රුසියාව විසින් ප්රතික්ෂෙප කිරීමට බලපෑ දේශපාලන මෙන්ම තාක්ෂණික කරුණු රැසකි. මෙම බිහිසුනු අවිය ඉරානයට ලබාදීමෙන් කලාපීය ආරක්ෂාවට සිදුවන අනතුරට අමතරව තුර්කිය හා ඉන්දියාව S 400 පොරොත්තු ලයිස්තුවේ ඉහලින්ම සිටීම නිසා තව තවත් අතිරේක ඇණවුම් භාර ගැනීමට හැකියාවක් මේ මොහොතේ රුසියානුවන්ට නැත. පෙන්ටගනයේ මතය වී ඇත්තේ රුසියානුවන් බොරදියේ මාළු බාන බවයි. ඉරානය හා කෙරෙන මිල අධික දීර්ඝ යුද්ධයක් තුලින් ඇමෙරිකාව වෙහෙසට පත් කරවාලීම බවයි. සිරියාවේ දී මෙන් ඇමෙරිකාව අපකීර්තියට පත් කරලීමට මොස්කොව් රජය සූදානම් වන බවට විශේෂඥයෝ සැක කරති. ඉරානයට එරෙහි ඕනෑම ක්‍රියා මාර්ගයකට යොමුවීමට පෙර රුසියානුවන් හා එකඟත්වයක් ඇති කොට ගතයුතු බවට ට්රම්ප් විශ්වාස කරන්නේ මෙම තත්වය යටතේය. යුද්ධයක් තුලින් තෙල් වෙළඳ පොල තුල ඇති වන සැපයුම් හිඟය රුසියාවේ වාසියට හේතුවනු ඇත. මේ කරුණ මත ඉහලම ඇමෙරිකානු හා ඊශ්රායල නියෝජිතයන් අද (සඳුදා) රුසියානුවන් හමුවීමට නියමිත බව විදෙස් මාධ්ය වාර්තා කරන්නේ මේ අතරය. සාකච්ඡාවේ අරමුණ ඉරානය නිෂ්ක්රිය කරවීම සඳහා රුසියාවේ සහාය දිනා ගැනීමට නොහැකි නම් අවම වශයෙන් ගල්ෆ් කලාපයේදී රුසියානු මධ්යස්ථතාවය හෝ තහවුරු කොට ගැනීමයි. සිරියාවේ තම උපයාමාර්ගික සහකරු වූ ඉරානය ලෙහෙසියෙන් හැර දැමීමට රුසියානුවන් එකඟ නොවනු ඇති බැවින් මෙම උත්සාහය සාර්ථක නොවනු ඇති බවට බොහෝ දෙනා මත පල කරති. සිරියාවේ සිවිල් යුද්ධයට පෙර බලතුලනය යලි ස්ථාපිත කිරීම රුසියානුවන්ගේ අභිලාෂයයි. යම් හෙයකින් ඇමෙරිකාවේ සෞදියේ හා ඊශ්රායලයේ අවම ඉල්ලීම වන ඉරාන හමුදා සිරියාවෙන් පිටමන් කිරීමට ක්රෙම්ලින් පාලනය එකඟ වුවද ඒ වෙනුවෙන් රුසියානු බහිරවයාට විශාල පිදේනියක් දීමට සිදුවනු ඇත. FSB ඝාතන ලයිස්තුවේ සිටින සිරියාවේ වහාබ්වාදී සටන් කාමී නායකයන් රැසක් පාවා දීමට සෞදියට සිදුවනු ඇති අතර නැගෙන හිර යුරෝපයේ සෝවියට් අනුහස් වැයික්කි වලින් ඉවත් වීමටද ඇමෙරිකානුවන්ටද සිදුවනු ඇතැයි බටහිර විශ්ලේශකයෝ බිය පලකරති. කෙසේ වුවද එක් කරුණක් පැහැදිලිය. එනම් ඉරානය මැද පෙරදිග චෙස් ක්රීඩාවේ වැදගත් ඉත්තෙක් බවට පත්ව ඇති බවයි. ඉරානයේ දීර්ඝ කාලීන පැවැත්ම තීන්දු වනු ඇත්තේ පුහු තර්ජන හෝ ප්‍රකෝප කාරී ක්‍රියා තුලින් නොව තමා මුහුණ පා ඇති තත්වය පිළිබඳ කෙරෙන සැබෑ අගැයීමකිනි. Chamara Siriwardene NB: contribution from Mr. Aflal Deen "... මෙම තත්වයට ,ලබන වසරේ පැවත්වීමට නියමිත අැමරිකානු ජනාධිපතිවරනයත් ප්‍රධාන සාධකයක් වන්නට ඇතැයි සිතිය හැක. අනවශ්‍ය ප්‍රශ්නයක පැටලී ජනාධිපතිවරනය පරාජය වීමට ට්‍රම්ට අවශ්‍ය නැත...".

අයි. එස්. අයි. එස්. කාලිෆ් දේශය වනසා කිතුණුවන් රැකගත් ඉස්ලාම් ඒකාධිපතියාසංස්කරණය

-බෂාර් අල් අසාද් ඒ 2014 වසරයි. ලිබියාව පිසලා හමාගිය අරාබි වසන්තයේ වැලි කුනාටුව සිරියාව හරහා හමා යමින් තිබිණ. ඇමෙරිකාවෙන් ඩොලර් 50 කෝටියක ආධාර ලද ජිහාඩ් වාදීන් ප්රජාතන්ත්රවාදය පිහිටුවීම සඳහා යුද ටැංකි මතින් ඩැමස්කස් අගනුවරට ආසන්න වන අතර IS සංවිධානය ඓතිහාසික පැල්මීරා නගරය අත්පත් කොටගත්තේ නොමඳ CIA සහාය ඇතිවය. බැරැක් ඔබාමාගේ පිළිවෙත වූයේ බෂාර් අල් අසාද් නම් ඒකාධිපතියා පහ කිරීමට යක්ෂයා සමඟ වුව කෑමට වාඩි වීමෙහිලා වරදක් නතැයි යන පිලිවෙතයි. සිරියානු සිවිල් යුද්දයෙන් මිය ගිය අයගේ ගණන් හිලවු ඉදිරිපත් කල බටහිර පුවත් ආයතන IS සංවිධානය හමුවේ අසාද් පසුබසින අන්දම වාර්තා කලේ තරමක් උත්සවාකාරීත්වයෙන් යුතුවය. එදා ඇමෙරිකාව පමණක් නොව යුරෝපා සංගමය, සවුදි අරාබිය, එමිරේට්ස්, බහරේන් ටන ගල්ෆ් රටවල ප්රධාන උපාය වූයේ අසාද් විනාශ කිරීමට IS සංවිධානය යොදා ගැනීම නොහොත් ත්රස්තවාදය කළමණාකරණය කිරීමය.

2015 මාර්තු මස බෂාර් අල් අසාද් සිය අවසානය සඳහා සූදානම් වෙමින් සිටියේය. සිරියානු විදේශ ඇමති වරයා මාසාවසානයේ රුසියානුවන්ට දැනුම් දුන්නේ අසාද් සතුරාට යටත් නොවනු ඇති බවත් ඩැමස්කස් නගරයේදී සටන්කොට ඇද වැටීමට ඉඩ ඇති බවත්ය. ඔහුගේ බ්රිතාන්ය ජාතික බිරිඳ හා දරුවන්ට රැකවරණ දීම සඳහා රුසියානුවෝ කලින්ම එකඟ වී සිටිහය. කෙසේ වුවද සිරියාවට හමුදා යැවීම සඳහා ක්රෙම්ලිනය පොළොඹවනු ලැබුවේ අසාද් ට සහාය දීමේ අවශ්ය්තාවට වඩා ඇමෙරිකානුවන්ට යස පාඩමක් ඉගැන්වීමේ අදිටන බව පෙනේ. එහි පරාජිතයා වූයේ සිය කාලිෆ් රාජ‍යය පිහිටුවීමට ඔන්න මෙන්න සිටි IS සංවිධානයයි. එතුල රුසියාවේ සුවිශාල භූමිකාව මෙහි විස්තර නොකරන්නේ එම මැදිහත්වීම ඔවුන්ගේ ජාතික අවශ්තාවයන් අරමුණු කොටගෙන සිදුවුවක් බැවිනි.   

2015 සැප්තැම්බරයේ පටන් නොකඩවා ගලා ආ රුසියානු ආධාර තුලින් බෂාර් අල් අසාද් IS සංවිධානය විනාශ කරන විට සිරියානු -රුසියානු හමුදා සිවිල් වැසියන් ඝාතනය කරන බවට මොර දුන් බටහිර මාධය ලොවට කීවේ IS නරක නම්, අසාද් ඊටත් වඩා නරක බවයි. එහෙත් ඔහුට හා (රුසියාවෙ පුටින්ට) පින්සිදු වන්නට අද සාමාජිකයන් 20000කට අධික පිරිසක් සමූලඝාතනයට ලක්වූ IS සංවිධානය අද සිරියාවෙන් බොහෝ දුරට අතුගා දමනු ලැබ සිටියි. අද කිසිවෙක් අසාද් ඒකාධිපතියෙක් යැයි නොකියති. සිරියාවට ප්රජාතන්තරවාදය අවැසි බවක්ද අසන්නට නැත. සිරියාවේ ක්රිිස්තයානි ප්රජාව තම දේශපාලන ගැලවුම් කරුවා ලෙස සලකන්නේ බෂාර් අල් අසාද්ය. කිතුනුවන්ට රැකවරණය සැපයීම තම වගකීම බව අද සිරියානු මුස්ලිම් වරු සලකති. බ්රිතාන‍ය-සිරියානු තරුණියක් හා විවාහ සිටින අසාද් මූලධර්මවදියකු නොවේ. සිරියාව තුල පුළුල් ආගමික හා සස්කෘතික නිදහසක් ඇත. සිවිල් යුද්ධයට මුහුන දුන් කිතුනු වැසියන් පවසන්නේ ආගමික ම්ලේඡ්චයන් ට වඩා දේශපාලන ඒකාධිපතියා යහපත් බවය. මිනිසුන්ගේ හිස් සිඳ දැමූ IS සංවිධානය මෙන්ම සතුරන්ගේ අවයව අනුභව කල අල්-නුස්රා සටන්කාමීන් (මොවුන් මැදහත් මතධාරීන් ලෙස වොෂින්ටනයේ හඳුන්වනු ලැබේ) පරාජය කිරීම සඳහා මූලධර්මවාදීන් ලෙස සලකන ඉරානය මෙන්ම හෙස්බුල්ලා සටන්කාමීන්ද සිරියානු හමුදා සමඟ එක්ව මහත් කැපවීමෙන් සටන් කල බවද සඳහන් කල යුතුය. මේ සියල්ලෙන් කියැවෙන්නේ කුමක්ද? සියළු මුස්ලිමුන් ත්රස්තවාදීන් නොවේ. ඔවුනතර ගැලවුම් කරුවෝද සිටිති. ලිබියාවේ හා සිරියාවේ පැටිකිරිය අනුව ඇමෙරිකානුවන්ද ඔය කියන තරම් යහපත් නැත. බෂාර්-අල්- අසාද් නොවන්නට අද සිරියාව යනු IS කාලිෆ් දේශයකි. ම්ලේඡ්ඡත්වය ඒකාධිපතීත්වය තුලින් හෝ පරාජය කිරීමේ ගෞරවය ඔහුට හිමිවිය යුතුවාක් මෙන්ම IS විරෝධී සටනේ ඔහුගෙන් උගත හැකි පාඩම් ද බොහෝ ඇත. ඇමෙරිකානුවන් අපට කියා දෙනු ඇත්තේ අන්තවාදය කළමණාකරණය කරන අන්දම මිස විනාශ කරන අන්දම නොවේ.

Chamara Siriwardene

නිවීයන යුද ගිණි දැල් අතරින් පිටව යන සිරියාවේ ‘ජිහාඩ්’ වරු දුටුවෙමි.සංස්කරණය

(ඉරාකය හා ලිබියාව ඇතුළු රටවල් ගණාවක ඉස්ලාමීය මූලධර්මවාදය හරහා ප්‍රජතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ ‘අරාබි වසන්තය’නම් බටහිර වැඩසහන සිරියාවේ දී ඛේදජනක ලෙස අසාර්ථක වූයේ දශක දෙකහමාරක කාලයක් මැදපෙරදිග කලාපය තුල පැවති ඇමෙරිකා එක්සත් ජනපදයට හිතවත් දේශපාලන සමතුලිතතාවය යලි‍ ප්‍රකෘත කල නොහෙන සේ බිඳ හෙලමිනි. තෙවසරකට පෙර පරාජය අභිමුව සිටි සිරියානු නායක බෂාර්-අල්-අසාද් ට පක්ෂපාත හමුදා අයි. එස්., අල්-නුස්රා, ඇතුළු භයානක මූලධර්මවාදී කණ්ඩායම් ගණනාවකට එරෙහිව ලද තීරණාත්මක ජයග්‍රහණ මාලවකින් අනතුරුව, නිරිත දිග සිරියාවේ අවසන් කැරලි කාර බලකොටුව වූ ජායිෂ්-අල්-ඉස්ලාම් නම් සංවිධානයේ පාලනය යටතේ වූ ගොවුටා නගරයට ඇතුළු වූයේ පසුගිය සතියේය. සිරියානු රජයේ අවසන් දැනුම් දීම හමුවේ දස දහස් සංඛ්යාත සටන් කාමීන් සිය අඹු දරුවන්ද සමඟ නගරයෙන් පිටව යද්දී එහි රැදී සිටින ‘ද ඉන්ඩිපෙන්ඩන්ඩන්ට්’ සඟරාවේ රොබර්ට් ෆිස්ට් විසින් ලියූ වාර්තාවකි.) ගොවුටා නුවර සටන් කාමීන් සිය පවුල් ද සමඟ දස දහස් ගණනින් නික්ම යති. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ගේ උරහිස් මතින් උණ්ඩ රහිත මල කෑ කැලෂ්නිකොව් රයිපලයක් තවමත් එල්ලා වැටේ. වානේ හිස්වැසුම් පැලඳ තැන තැන සිටින රුසියන් සොල්දාදුවන් ගේ උකුසු ඇස් ඔවුන් මත එල්ල වී ඇත. දැවී පිළිස්සී ගිය භූමිය මත වූ කොල රහිත ගසක් පාමුල දණින් වැටෙන ඇතැම් සටන් කරුවෙක් අහස දෙස නෙත් යොමා යාඥා කරන්නේ එපිටින් වූ සුන්බුන් ගොඩනගිල්ල තුල සිටින අඹු දරුවන් ගමනට සූදානම් වන අතර තුරදීය. ඔවුන් නගරයෙන් පිටතට ගෙන යාම සදහා සූදානම් කෙරුන සුඛෝපභෝගී සංචාරක බස් රථ දුසිම් ගණනාවක් අසල නවතා තිබිණ. ගතවූ සති කිහිපයේ සටන් පවතින අතරතුර ආවරණය කොට ගෙන සිටි සිය මුහුණු සැඟවීමට මෙම ඉස්ලාමීය සටන්කරුවෝ තව දුරටත් තැත් නොකලහ. චිලී රටේ නිෂ්පාදිත ‘පුල්මන්’ බස් රථවල ‘ සුභ ගමන්’ හෝ 'සීග්‍රගාමී ප්‍රවාහන සේවය' වැනි වැකියක් දක්නට විය. එක් බසයක පිටුපස වීදුරුවේ ‘ ප්‍රභූන් සඳහා වෙන් කොට ඇත’ යනුවෙන් ඉංග්‍රීසි හා ලතින් බසින් සටහන් කොට තිබිණ. එය නම් දෛවයේ සරදමකි. ශාපලත් ගොවුටා නගරයේ කෙළවරක තවමත් ෂෙල් වෙඩි පුපුරා යයි. නගරයේ එම කොටසේ සිටිනා සටන් කාමීන් තවමත් නික්ම යාමට සූදානම් වී නැති සැටියකි. පිටව යන්නන්ගේ ඡායාරූප නොගන්නා බවට හා ඔවුන් මාධ්‍ය හමුවට නොගෙනෙන බවට රජය හා සටන්කාමීන් අතර පූර්ව එකඟතාවයක් තිබුනද එය තකන ලද්දේ මඳ වශයෙනි. එක් සටන් කාමියෙක් තම ඉතා ලාබාල බිරිය හා දරු දෙදෙනා සමඟ බස් රථයකට ගොඩවනු අප දුටිමු. තවත් එවැන්නෝ රැසක් සිය අවස්ථාව උදා වනතුරු බලා උන්හ. අතු බිඳීගිය ලොක රහිත ගස් යටට වී තවමත් යාඥා කරන දිගු රැවුල් කරුවන් දෙස දෙස මම බලා සිටියෙමි. ඔවුන්ගේ නොපීරූ හිස කෙස් අපිලිවලය. ඔවුහු ලාභ යුද කබා හැඳ සිටිති. ප්ලාස්ටික් සැන්ඩ්ලස් පාවහන් දූවිලි වලින් වැසී ඇත. ඔවුන්ගේ පැත්තෙන් ගත් කල එය දේශපාලන දහමකට සමාන විය. ධර්මය තුලින් සටනට යොමු කොට ලැබ සිටි ඔවුහු සිය ශුද්ධ වූ යුද්ධය හැර දමා යටත් වන මොහොතේ පවා තමා ඇදහූ දෙවියන් යදින්නේ නොසෙල්වෙන ඇදහිල්ල තුලින් යම් ආකාරයක ජයක් ලබන්නට තැත් කරන්නාක් මෙනි. එහෙත් එය එසේ වන්නේද? තමා ඇතුළු අඹු දරුවන් ගේ ජීවිත රැක ගැනීම පිණිස සිය පරම සතුරු සිරියානු රජය හමුවේ දණින් වැටී, බෂාර්-අල්-අසාද් ගේ ආරක්ෂකයා වූ දෙවියන් නොඅදහන රුසියානුවන්ගේ කරුණාව හා ක්ෂමාව පැතීමට සිදුවීමෙන් අනතුරුව ලද හැකි අධ්‍යාත්මික ජය කවරේද? වරදවා වටහා නොගන්න. ඇමරිකාව ප්‍රමුඛ බටහිර ලෝකයේ නොමඳ අනුග්‍රහයෙන් ඔවුන් විසින් සත් වසරකට පෙර ආරම්භ කරනු ලැබූ සිරියාවේ සිවිල් යුද්ධය දැන් අවසන් වෙමින් පවතින්නේ මොස්කොව් නුවර සිට ගැනෙන තීරණ මත බව අප අමතක නොකොට යුතුය. ගොවුටා නගරයෙන් පිටව යන සෑම බස් රියක්ම රුසියන් හමුදා පොලිස් භටයන්ගේ දැඩි පරීක්ෂාවට ලක්වේ. ඔවුනත ඇති නවීනතම යුද අවි මතට වැටෙන හිරු එලියෙන් නික්මෙන්නේ ඇස් නිලංකාර කරවන දිස්නයකි. දැවැන්ත රුසියන් ජනරාල් වරයෙක් සිය පරිවාර නිලධාරීන් සමඟ ඔබ මොබ සැරි සරන්නේ සියල්ල හරි හැටි සිදු වන වගට පසක් කරගැනීමට මෙනි. බස් රථ වල කළු වීදුරු සවිකොට තිබූ හෙයින් නික්මයන සටන් කරුවන් හා ඔවුන්ගේ ලාබාල බිරින්දෑ වරුන් අපට පෙනුනේ නොපැහැදිලි ඡායාවන් ලෙසය. ගොවුටා නගරයේම උපන් සිරියානු ජාතිකයන් වූ ඔවුන්ගෙන් වැඩි දෙනෙක් තුර්කි පාලනය යටතේ ඇති යාබද ඉඩ්ලිබ් පලාත වෙත යන්නේ ජීවිතයේ පලමු වතාවටය. එහි සිටිනා ඔවුන්ගේ සහෝදර සටන්කාමීන්ට ඔවුන් වෙනුවෙන් වැය කිරීමට ඇති කාලය අල්ප බව සියල්ලෝ දනිත්. සිය මවගේ ඇකයෙන් නැගුන කුඩා දැරියක් බස්රියේ අඳුරු වීදුරුව තුලින් අප දෙස හිස් බැල්මක් හෙළුවාය. සිරියානු ඉතිහාසයේ ලියැවෙමින් පවතින මෙම නව පිටුව අවබෝධ කොට ගැනීමට ඈ තවමත් කුඩා වැඩිය. එහෙත් අපගේ පැරණි පැණයට තවමත් පිළිතුරු ලැබී නැත. දූවිලි වැකුන ඇඳුමින් සැරසී රවුල් වවාගෙන මල කෑ පැරණි අවි දැරූ මෙම අවාසනාවත් මිනිසුන් පැමිණියේ කොහි සිටද? අප ඔවුන් මීට පෙර නුදුටුවේ ඇයි? නගරයේ ඈත කෙලවරක සිය ඔවුන්ගේ සගයන් විසින් නොසැලකිල්ලෙන් තබන වෙඩි වැල් වල ශබ්දය තවමත් වියැකී නොමැත. “ යන්න කලින් පතුරම් ටික ඉවර කරනවා වගේ.” එක් සිරියානු සෙබලෙක් එදෙස බලමින් පැවසුවේ නොසැලකිල්ලෙනි. පසුගිය සමයේ බටහිර මාධ්‍ය හා සමාජ ජාලා තුල යුද්ධයෙන් බැට කෑ සිවිල් වැසියන් හා රජයේ හමුදා ප්‍රහාර වලින් මිය ගිය බව පැවසුන ළමයින්ගේ සිරුරු වලින් පිරී ගිය වීඩියෝ පට නොඅඩුව දක්නට ලැබුනද, අද සතුරාගේ ක්ෂමාව පතමින් තමා විසින්ම විනාශකරන ලද ගම්බිම් හැර යන මෙම සටන් කරුවන් පිළිබඳ ඔවුන් නිහඬව සිටියේ මන්ද? තමා නිදහස් මාධ්‍ය වේදීන් බව ඔවුහු එකල පුරසාරම් දෙඩූහ . ලමුන් සම්බන්ධව ගත් කල තත්වය වඩාත් බරපතලය. හිටපු සටන් කාමීන්ගේ දරුවන් සුඛොපභෝගී බස්රථ වලින් ඉඩ්ලිබ් පලාත කරා ගෙන යන අතර සමාන්යප දරුවෝ අඩ්‍රා ‍ප්‍රදේශයේ අනාථ කධවුරු වලට ගාල් කෙරෙති. සියළු දරුවෝ සමානයෝ නොවෙත්ද? එහෙත් මා කලින් පැවසූ අන්දමට චිත්‍රපටය අධ්‍යක්ෂණය කෙරෙන්නේ ධවල මන්දිරයේ හෝ ඩවුනින් වීදියේ හෝ සිට නොව දැවැන්ත ක්‍රෙම්ලින් බලකොටුව තුල සිට බව සිහි තබා ගැනීම මැනවි. මීට දශක කිහිපයකට පෙර සටන් පවතින කලාප වල සිවිල් පාලනය හා ජනයා ඉවත්කිරීම පැවරුනේ නිල් පැහැති අත් පටි බැඳගත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවකටය; නොඑසේනම් අමෙරිකානු හමුදාවටය. එහෙත් අද සිරියාවේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. දිලිසෙන අවි ගත් රුසියන් භටයෝ අද ගවුටා නගරේ සාම සාධක කටයුතු වල යෙදෙත්. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ආදේශකයක් ලෙස ගොඩ නගන ලද අස්ටානා සමුළුවේ නායකත්වය දරන්නේ ඔවුන්ය. වසර ගනණාවක් මුළුල්ලේ සී. අයි. ඒ සංවිධානය විසින් ඩොලර් බිලියන ගණනාවක් වැය කොට සන්නද්ධ කරනු ලැබූ ජිහාඩ් වරු රුසියන් කෲස් මිසයිල ප්‍රහාර වලින් සමූලඝාතනය වෙද්දී ඇමරිකාවේ විරෝධය ආරක්ෂක මණ්ඩලයේ හෙලාදකීමේ යෝජනාවකට සීමා විය. බටහිර සම්මතයන්ට අනුව ‘සිවිල් වැසියන්’ ලෙස වර්ගීකරණය කෙරුණ සටන් කාමීන් ගේ ආරක්ෂාව වෙනුවෙන් අමෙරිකාව සුදුසු යැයි හැඟෙන විටක ‘ස්වාධීන’ව ක්‍රියා කරන බවට එක්සත් ජාතීන්ගේ අමෙරිකානු තානපතිනී නිකී හේලි මහත්මිය රාජ්‍යතාන්ත්‍රික අනතුරු ඇඟවීමක් කලද, ඊට මොස්කොව් නුවරින් ඈ ලද ප්‍රතිචාරය ඇඟ කිළිපොලා යන සුළුය. රුසියන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ඊට පිළිතුරු ලෙස පැවසුවේ එවන් තත්වයක් යටතේ සිරියාවේ ස්ථානගත කොට ඇති සිය යුද උපකරණ හා භටයන්ට තර්ජන එල්ල විය හැකි ඕනෑම ඉලක්කයක් විනාශ කිරීමට රුසියන් උපාය මාර්ගික රොකට් බලඇණි නොපැකිල කටයුතු කරනු ඇති බවයි. මෙම තර්ජනය පුස්සක් ලෙස සැලකිය නොහැක්කේ මේ වන විට මධ්‍යධරණී ප්‍රදේශයේ සක්‍රිය තත්වයේ ස්ථානගත කොට ඇති රුසියාව සතු අති නවීන එස් 400 ගුවන්යානා නාශක මිසයිල පද්ධති වලින් ගැලවී යාමට කිසිදු නේටෝ ප්‍රහාරක යානාවක් සමත් නොවනු ඇතැයි බටහිර යුද විෂේශඥයන් පවා බිය පල කරන නිසාය. සෝවියට් සංගමයේ බිඳ වැටීමේ අභාග්‍යය හා පැරණි වෝර්සෝ හවුලේ සමාජිකයන් තමාට ද්‍රෝහී වීමේ අනිටු විපාකයන් අභිභවා ලෝක බලවතෙකු ලෙස අද යලි නැගී සිටින ව්ලැදිමීර් පුටින්ගේ රුසියාව, සියළු ස්ලාව් වරුන් එක්සත් කරන ලද ‘දෙවන සෝවියට් දේශයක්’ පිළිබඳ සිහින දකින බව යුක්රේනයේ අත්දැකීමෙන් පසක් විය. හිටපු සෝවියට් ඔත්තු සේවා නිළධරියෙක් වූ පුටින් තම පැරණි කේ.ජී.බී අත්පොත දිග හැර ගෙන ඇති වග ඉතා පැහැදිලිය. වාර්ගික රුසියානුවන් බහුල යුක්‍රේනය සතු ක්‍රිමියා අර්ධද්වීපය දෙදහස් දහ හතරේ එක රැයින් හමුදා යවා ඈඳා ගැනීමත්, රුසියන් හිතවාදී සටන් කාමීන් සන්නද්ධ කොට දොන්බාස් පෙදෙස යුක්රේයනයෙන් වෙන් කිරීමත් හුදෙක්ම ආත්ම-හිතකර ක්රි්යා මාර්ග ලෙස සැලකිය හැකි වුවද, සිරියාවේ රුසියන් මැදිහත් වීම වඩාත් ඔබ්බට ගිය අරමුණු සහිත එකකි. ලෝක බලවතා ලෙස අමෙරිකා එක්සත් ජනපදය දශක දෙකක් මුළුල්ලේ ගෙන ගිය ඒකාධිකාරයට තීරණාත්මක ලෙස අභියෝග කිරීම තුලින් තරඟකාරී විකල්ප ලෝක බලවේගයක් බවට පත් වීම මෙන්ම මැදපෙරදිග තම සම්ප්ර දායයික මිතුරා වූ සිරියාවේ රුසියාවට හිතවත් බෂාර්-අල්-අසාද් පාලනය අයි. එස්. හා අනිකුත් මූලධර්මවාදී සංවිධාන වලිනනෙල්ල වූ ප්‍රහාර මාලාව හමුවේ ආරක්ෂා කිරීමත් එමගින් අදහස් විය. අතිශය සාර්ථක වූ පුටින්ගේ මෙම සිරියානු ප්‍රතිපත්තිය තුලින් රුසියාව ලද අමතර වාසි වූයේ සිය යුද අවි අත් හදා බැලීමට අවස්ථාව හා රුසියන් යුද අවි සඳහා ලෝකයේ ඇතිවූ ඉහල ඉල්ලුමත්ය. රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මැදපෙරදිග වූ අමෙරිකානු අධිකාරය බිඳ වැටුන අතර සිරියාවට පහර දීමට තැත් කොට නිකරුනේ එෆ් 16 ප්‍රහාරක ගුවන් යානාවක් අහිමි කොටගත් ඊශ්රායලය දේශපාලන වශයෙන් හුදෙකලා වූවාය. නේටෝ සාමාජික තුර්කිය රුසියාව සමඟ අත් වැල් බැඳගැනීමට ඉදිරි පත් වීම හා ඉරාකය හා ඊජිප්තුව රුසියාවේ මිතුරන් වීමට පැතීමත් නිසා මැදපෙරදිග බලතුලනය උඩු යටිකුරු වී ඇත. ඉදින් ගවුටා නගරයේ ‘කුඩා සටන්කාමීන්ගේ’ පාලනය අවසන් කිරීමට කල් එලැඹ ඇතැයි රුසියානුවන් තීරණය කල විට ඊට ඵලදායී ලෙස එරෙහි වීමට තවදුරටත් කිසිවෙකුත් නැත. සියළු විරුද්ධවාදීහූ අකාරුණික බෝම්බ ප්‍රහාර හෝ චාටු බස් හරහා මැඩලනු ලැබ සිටිති. අඩු තරමින් සටන් කාමීන් ඉඩ්ලිබ් පෙදෙස වෙත ලඟාවන තුරු හෝ මෙම පොරොන්දු ඉටු කෙරෙනු ඇතැයි විශ්වාසයක් ඇත. අනතුරුව නිමක් නැති සංහිඳියා කමිටු හරහා තමා තුර්කි පාලනයට නතුවන්නේද නැතහොත් නැවතත් අසාද් පාලනය යටතේ ගම් බිම් කරා පැමිණෙන්නේදයි තීරණය කිරීමට ඔවුනට සිදුවේ. සිරියාවේ බෂාර්-අල්-අසාද් තවදුරටත් බලයේ සිටිනු ඇත. ඉදිරි පණස් වසරක් පුරා සිරියාවේ බින්න බැසීමට දැනටමත් ගිවිසුම් ගසා සිටින රුසියානුවන් තමා පෙනී සිටින්නේ යුද්ධය නොව සාමය වෙනුවෙනැයි තව දුරටත් කියා සිටිනු ඇත. දැන් නගරයෙන් සියයට අනුවක් පාලනය කරන්නේ සිරියානු රජයේ හමුදාවයි. නගරයේ ඈත කෙලවර සිටින සටන් කාමීන් තවමත් එල්ලයෙන් තොරව අහසට වෙඩි තබමින් සිටින හෙයින් ඔවුන් තවමත් ඉතා සුපරික්ෂාකාරීය. හෙම්බත්ව සිටියද, ජය නියත වග ඔවුන් දනිති. මහ මඟ යන හමුදා ට්‍රක් රථයක සිටි සිරියානු සෙබලෙක් පෝලිම් ගැසී සිටින සටන් කාමීන්ට සිය මැදඟිල්ල උරුක් කොට අවමන් කරයි. ඊට ප්‍රතිචාර දැක්වීමට සටන් කාමීන් ඉදිරිපත් වූයේ නැත. එහෙත් පුදුමය වූයේ සිරියානු රජයේ රූපවාහිණියේ වාර්ථා කරුවෙක් වීඩියෝ පටිගත කිරීමේ යන්ත්‍රයක් ද ගෙන බස් රථයකට නැගුන කල එකිනෙකා පරයමින් කථා කිරීමට ඔවුන් ඉදිරිපත් වීමයි. තමා හා තම සගයින් නිදහස පතා සටන් කල බව අව් කණ්ණාඩි පැලඳගත් සටන් කාමියෙක් පැවසුවේය. “යුද්දෙට කලින් අපිට නිදහස ඇතිවෙන්න තිබුනා. මම කෑව, බිව්ව, පල්ලි ගියා. කවුරුවත් මට බාධා කරේ නෑ. මේ යුද්දෙ ඇතිවුනේ තමුසෙලට අමුතු නිදහසක් ඕන උන නිසා…” රජයේ වාර්තා කරු ඊට විරුද්ධ විය. එපමණකි. කසුකුසුව අතරින් නැගී සිටි තවත් සටක් කරුවෙක් තමා ඉඩ්ලිබ් කරා යාමට අකැමැති බවත්, මේ පිලිබධ තම කැමැත්ත නොවිමසන ලද බවත්, යුද්ධය අතර තුරදී පවා තම නායකයන්ට අනුභව කල තරම් උසස් ආහාර තමාට ලබා නුදුන් බවත් කියා සිටියේය. ඒ සමඟම කසු කුසුව කලබ ගෑනියක් බවට පත් විය. සටන් කාමීන් එකිනෙකා අතර විවාද කොට ගනිද්දී ඒ සියල්ල පටිගත වූයේ රජයේ රූපවාහිනියේ මීලඟ වැඩ සටහන සදහා විය හැක. සිරියානු රජයේ ප්රවචාරක යුද්ධයද උණ්ඩය තරම්ම බලවත්ය. සත් අවුරුදු සිවිල් යුද්ධයෙන් ඉරි තලා ගියද, රුසියන් මැලියම් වලින් පිළිසකර කොට නඩත්තු කෙරෙන අසාද් පාලනය නැමැති වීදුරුව කොන්ක්රීට් මෙන් ඝනය. (අනුවාදයකි)

© CS WRITES

අරාබි වසන්තයට තිත තැබූ සිරියාවේ සිවිල් යුද්ධයසංස්කරණය

ඉරාකය, ඊජිප්තුව හා ලිබියාව හරහා හැමූ අරාබි වසන්තයේ වැලි කුණාටුව සිරියාවට ලඟා වන විට එහි ප්රතිඵලය ගැන බොහෝ දෙනා තුල සැකයක් වූයේ නැත. අමෙරිකාවේ, තුර්කියේ, සවුදි අරාබියේ , ජෝර්දානයේ හා කටාර් රාජ්යයේ අනුග්රහය ලද සුන්නි හා කුර්දි අර්ධ මිලිටරි කණ්ඩායම් මෙන්ම අයි. එස්, අල් නුස්රා, ජායිෂ් අල් ඉස්ලාම් ආදී එකි නොකී ඉස්ලාම් මූලධර්මවාදී කණ්ඩායම් පණහකට වැඩි ගණනක් වෙතින් එල්ලවූ ප්රහාර හමුවේ ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය ඔරොත්තු දී සිටිනු ඇතැයි සිතුවෝ අතලොස්සකි. පෙර අත්දැකීම් සැලකිල්ලට ගත් CIA සංවිධානය සිරියානු සටන් කරුවන් පුහුණු කිරීම සඳහා ඩොලර් පණස් කෝටියක් වෙන් කලේය. කියුබාවේ ක්ස්ත්රෝ රජය පෙරලා දැමීමට 60 දශකයේදී කෙනඩි පරිපාලනය දැරූ වෑයමෙන් පසු ඇරඹුන දැවැන්තම ඇමෙරිකානු ව්යාපෘතියයි ඒ. ගඩාෆි ගේ ඉරණම අසාද්ට අත්වනු ඇතැයි බටහිර පුවත් එලිපිටම අනාවැකි පල කලහ. 1979දී ඇෆ්ගනිස්ථානයේ සෝවියට් බලයට එරෙහිව මුජහිදීන් හා තලෙයිබාන් වරු සන්නද්ධ කොට, 2011 දී ගඩාෆිට එරෙහිව අල් කයිඩාව හා එක පතේ කෑ ධවල මන්දිරය සිරියාවේදී අසාද් පැරදවීම සඳහා නැවත මූලධර්ම වාදීන් හා අත්වැල් බැඳ ගත්තේය. CIA උපාය වූයේ සිය දේශපාලන උවමනාවන් තකා ඉස්ලාමිය මූලධර්මවාදය ‘කළමණාකරණය’ කිරීමය. ඉරාකයේ මෝසුල් නගරයේදී අයි. එස්. සංවිධානය හා සටන් වැදුන අමෙරිකානුවන් පැල්මයිරා නගරයදී සිරියානු හමුදා සමඟ සටන් වැදීමට ඔවුන්ට වක්රාකාරව සහාය වීමෙන් මේ බව තහවුරු වේ. වෘත්තියෙන් හමුදා වෛද්යවරයකු වූ බෂාර් අල් අසාද් 2000 දී සිය පියා වූ හෆීස් අල් අසාද් ගේ මරණයෙන් පසු සිරියාවේ ජනාධිපති ධුරයට පත් වනවිට වයස 34කි. බ්‍රිතාන්‍ය සම්භවයක් ඇහි තෞණියක් හා විවාහවූ ඔහු තම දරුවන් සමඟ කාලය ගත කිරීමට බොහෝ කැමැති බව ප්රසිද්ධය. ආඥාදායකයකු වූ අසාද් බටහිර සම්මතයන්ට අනුව මානව හිමිකම් උල්ලංඝනය කිරීමෙහිලා චෝදනා රැසකට වගකිව යුතු යුද අපරාධ කරුවෙකු ද විය. 2011 සිරියාවට අරාබි වසන්තය ලඟාවීමත් සමඟ පැන නැඟුන මුල් වටයේ විරෝධතා මාලාව ඔහු දරුණු ලෙස මැඩලුවේ පෙලපාලි කරුවන් 5000කට මරු කැඳවමිනි. මේ හේතුව නිසා අසාද් බලයෙන් පහ කිරීම ඇමෙරිකාව ප්රමුඛ සන්ධානයේ මූලික ඉලක්කය විය. විදේශ රටවල් විසින් සන්නද්ධ කරනු ලැබ සිටි කැරලි කරුවෝ නගරයකට පසු නගරයක් බැගින් අල්ලා ගනිමින් නොකඩවා ඉදිරියට ගමන් කලහ. ඔවුන්ගේ ඒකාබද්ධ ශක්තිය සිරියානු රජයේ හමුදාව මෙන් කිහිප ගුණයක් විය. අසාද් රජයට ඔක්සිජන් සැපයූ සාධකය වූයේ නොකඩවා කෙරුන රුසියානු අවි සැපයුමත් ලිබියාවේ මෙන් සෘජු හමුදාමය මැදිහත් වීමක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් වූ අමෙරිකානු යෝජනාව රුසියාව විසින් සිය නිෂේධ බලය යොදවමින් දිගින් දිගටම බැහැර කිරීමත්ය. තවත් ලිබියාවක් ඇති වීමට ඉඩ නොතැබීම ක්‍රෙම්ලිනයේ ප්රකාශිත උදෘත පාඨය වන විට පුටින්ගේ සැබෑ අරමුණ වූයේ මැද පෙරදිග සිය අවසන් හිතවතා රැක ගැනීම බවට සැකයක් නොවීය. එක්සත් ජාතීන්ගේ ලේබලය යටතේ ක්රි යාත්මක වීමේ අදහස අත් හල ඔබාමා පරිපාලනය මානව හිමිකම් හේතුවක් කොටගනිමින් සිරියාවට තනිව පහර දීමට අර ඇන්දේ ඉන් අනතුරුවයි. ඊට බ්රිතාන්යයේ හා ප්රංශයේ නොමඳ සහාය හිමි විය. එසේ වුවද සෝවියට් සංගමයේ බිඳ වැටීමේ පටන් ලෝක පොලිස් කාරයාගේ කාර්ය භාරය පවරාගෙන සිටි ඇමෙරිකාවට ද 2014 දෙවන භාගය දුක්බර සමයක් විය. චෙචෙන්යාවේ හා ජෝර්ජියාවේ ලද සාර්ථකත්වයෙන් ඔද වැඩී සිටි රුසියානුවෝ යුක්රේ නයේ බටහිර හිතවාදී කුමන්ත්ර්ණයට පිළිතුරු දුන්නේ ක්රිමියා අර්ධද්වීපය අත්පත් කොට ගනිමිනි. NATO වට මෙසේ අවමන් කිරීමෙන් නොනැවතුන කොසෑකයෝ යුක්රේයනය දෙකඩ කලහ. මේ සියළු එදිරිවාදීකම් පිරිමසා ගැනීම සඳහා සිරියාවේ අසාද් රජය පෙරලා දැමීම ඔබාමා පරිපාලනයේ අරමුණ විය. එමඟින් රුසියාවට පමණක් නොව සිරියාවට භට පිරිසි සැපයූ මුරණ්ඩු ඉරානයටද පාඩමක් ඉගැන්වීම ඔහු අපේක්ෂා කලබව පෙනේ. 2015 අසාද් මුහුණ දුන් අසීරුතම වර්ෂයයි. අලෙප්පෝ, පැල්මයිරා හා රාකා ඇතුළු ප්රාධාන නගර රැසක් විරුද්ධවාදී කණ්ඩායම් අතට පත්වීමත් සමඟ ඔහුගේ සමීපතමයන් පවා ඔහු හැර යාමට ගත්තේ අවසානය එලැඹ ඇති බවට සිතමිනි. ගඩාෆි ගේ හෝ සදාම් හුසේන් ගේ ඉරණම ඔහුටද අත්වන බවට ඒ වනවිට සැකයක් නොවීය. ඒ බව අමෙරිකානු රාජ්ය ලෙකම් ජෝන් කෙරී පමණක් නොව එක්සත් ජාතීන්ගේ තානාපති නිකී හේලි පවා වක්රාකාරව ඉඟි කලාය. සැප්තැම්බරයේදී අසාද් රුසියානු ආධාර ඉල්ලා සිටියේ මේ තත්වය යටතේය. යුක්රේනයේ වාතාවරණය මේ වන විට තමාට හිතකර වන පරිදි සමතුලනය කොට ගෙන සිටි ව්ලැදිමීර් පුටින්ගේ අපේක්ෂාව වූයේ සිරියාවේ හමුදා මැදිහත් වීමක් සඳහා අවස්ථාවකි. එමඟින් මැද පෙරදිග දේශපාලනය හැසිරවීමට මෙන්ම අමෙරිකාවේ අධිකාරිය තවදුරටත් හෑල්ලු කිරීමටද ඔහු බලාපොරොත්තු විය. අනිත් අතට ඉස්ලාමීය මූලධර්මයවාදය රුසියාවට නයාට අඳුකොළ මෙනි. ක්රෙම්ලිනයේ තක්සේරුව වූයේ මතු දිනෙක අයි. එස්. සංවිධානය සමඟ කොකේසස් කඳුකරයේ දී සටන් කිරීමට වඩා මැදපෙරදිග දීම ගණුදෙණු බේරාගෙන අහවරක් කිරීම වඩාත් නුවනට හුරු බවය. සිය නවතම යුද අවි අත් හදා බැලීම පිණීස බටහිර මානව හිමිකම් නිරීක්ෂකයන්ට නොදැකිය හැකිවූ කැරලි කරුවන්ගේ පාලන ප්රදේශ කදිම කෙළි බිමක් වනු ඇතැයි රුසියානුවන් සිතු බව පෙනේ.පුටින් කල නොහැකි වැඩක් භාරගෙන ඇතැයි පැවසූ බටහිර පුවත් පත් සිරියාව තවත් ඇෆ්ගනිස්ථානයක් වනු ඇති බවට කැට පෙන්වූහ. රුසියාව යනු ‘දුර්වල ප්රාපදේශීය බලවතෙකු’ මිස ලෝක බලවතෙකු නොවන බව ඔබාමා කියා සිටියේය. සෝවියට් යුගයෙන් පසු පළමු සෘජු විදෙස් හමුදා මැදිහත්වීමේ ආරම්භය සනිටුහන් කරමින් 2015 ඔක්තෝබර් 7 දා කැස්පියන් මුහුදේ රුසියානු යුද නෞකා 3M-14T කාණ්ඩයට අයත් Kalibr කෲස් මිසයිල ප්රහාරයකින් තම මැදපෙරදිග මෙහෙයුම ඇරඹූහ. මෙම මිසයිල ස්වයංක්රීයව ඉලක්ක හඹා ගියේ ඉරානය හා ඉරාකය හරහා සැතපුම් 1500ක් පියාසර කරමිනි. මේ හා සමගාමීව රාකා, අලෙප්පෝ හා පැල්මයිරා නගර වලට ගුවන් ප්ර්හාර එල්ල කෙරුන අතර ‘රුසියානු කුඩයේ’ සෙවන ලබමින් අයි. එස්. ඇතුළු කරලිකාර කණ්ඩායම් වල එරෙහිව ගොඩබිම මෙහෙයුම් දියත් කිරීමට සිරියානු අරාබි හමුදාවට අවසානයේ අවකාශ ලැබිණ. රුසියානුවන් යටතේ පුහුණුව ලත් සිරියානු කාන්තා බල ඇණී මෙම සටනේ පෙරමුණ ගත් බවද සිහිපත් කල යුතුය. රුසියානු මෙහෙයුම කඩාකප්පල් කිරීමට NATO ව සියළු උත්සහ දැරීම ස්වභාවිකය. නොවැම්බරයේ තුර්කිය උතුරු සිරියාවේ ඉලක්ක වලට පහරදුන් Sukhoi ජෙට් යානයක් බිම හෙළුවේකෙය තම ගුවන් සීමාවට ඇතුළුවූ බවට චෝදනා කරමිනි. මෙය NATO ව සිදු කල මාරක උපාය මාර්ගික වරදක් බව පෙනී ගියේ සිරියාවට S- 300 හා S- 400 කාණ්ඩ වලට අයත් ගුවන් යානා නාශක මිසයිල පද්ධති සවිකිරීමටත්, ‘අද්මිරාල් කුස්නෙට්සොව්’ නැමති ගුවන්යානා ප්රෙවාහන නෞකාව මධ්ය ධරනී මුහුදට ගෙන ඒමට පුටින් මෙම සිද්ධිය සමාවට කරුණක් කොට ගැනීම නිසාය. මේ සමඟ සිරියාවට ඉහලින් පියසර කරමින් පහර දීමට ඇමෙරිකාව හා ඊශ්රායලය සතු හැකියාව බරපතල ලෙස සීමා විය. හිටපු KGB ඔත්තු කරු පුටින් ඉතා දක්ෂ ලෙස පැවති වාතාවරණය තම වාසිය පිණිස යොදාගත්තේය. අසාද් පොදු සතුරාය යන පදනම මත NATO සාමාජික තුර්කිය හා ඇමෙරිකාව අතර සිරියාවේ ගොඩ නැඟී තිබූ ලිහිල් එකඟත්වය බිඳ දැමීම ඔහුගේ අරමුණ විය. ක්රෙම්ලිනයේ උපාය වූයේ අසාද් නෙරපා හැරීමට හෝ සිරියාවේ අරාබි වසන්තයක් සඳහා හෝ රුසියාව කිසිසේත් ඉඩ නොතබන බව ඇමෙරිකානු සන්ධානයේ සාමාජිකයන්ට ඒත්තු ගැන්වීමයි. කෙසේ වුවද රුසියන් ගුවන් ප්රහාර වලට ලක්වූයේ අයි. එස්. සංවිධානය පමණක් නොවේ. මානව හිමිකම් ඒජන්සි වල දැඩි විරෝධය මධ්යයේ ඇමෙරිකානු, තුර්කි, සවුදි. ජෝර්දාන් හා කටාර් සහාය ලද මූලධර්මවාදී කැරලි කාර කණ්ඬායම්ද ක්රමානුකූල ලෙස සමූල ඝාතනයට ලක්වූහ. CIA සහාය ලත් Jaysh al-Islam නැමති කැරලි හමුදාවේ නායක සහිරාන් අලූෂ් දෙසැම්බරයේදී ඩැමස්කස් නුවරට ආසන්නයේදී ඝාතනයට ලක්විය. ගුවන් ප්රහාරයකින් ඔහු මියගිය බව බටහිර පුවත් සේවා වාර්තා කලද, බරපතල තුවාල ලත් ඔහු අසාද්ට පක්ෂපාතව සටන් වදින ලෙබනනයේ හෙස්බුල්ලා සටන්කාමීන් විසින් ජීවග්රහයෙන් සිරභාරයට ගෙන මරා දැමූ බවට චෝදනාවක්ද ඇත. සිරියානු සිවිල් යුද්ධයේ හැරවුම් ලක්ෂය වූයේ 2016 දී කැරලි කරුවන්ගේ පාලනය යටතේ වූ ඇලෙප්පෝ නගරයට අසාද් ට පක්ෂපාතී හමුදා විසින් අත්පත් කොට ගැනීමය. දැඩි රුසියන් ගුවන් ප්රහාර හේතුවෙන් මානුෂීය ඛේදවාචකයක් හටගෙන ඇතැයි මානව හිමිකම් සංවිධාන මොර දුන්නද පුටින් එය ගණනකට නොගත් අතර මධ්යධරණී මුහුදේ සිට එල්ල කෙරුන Kalibr කෲස් මිසයිල ප්රචහාරයකින් CIA හා මොසාඩ් නිළධාරීන් ඇතුළු කරලිකරුවන් මෙහෙයවමින් සිටි විදේශික ඔත්තු සේවා නිළධාරීන් 30 දෙනෙකු මිය යාම මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. අරාබි වසන්තයේ රැල්ල ආපසු හැරී ඇති බව පිළිගැනීමට ඇමෙරිකාවේ අරාබි සගයන්ට සිදුවූ අතර තුර්කිය කලින් වසරේ ජෙට් යානයක් බිම හෙලීම ගැන සමාව අයදිමින් රුසියාව හා එකඟත්වයකට එලඹීමෙන් නොනැවතී රුසියානු S 400 ගුවන් ආරක්ෂණ පද්ධති මිළදී ගැනීමට පවා ඉදිරිපත් විය. තුර්කිය දැන් පවසන්නේ NATO සාමාජික රටවල් සඳහා සැපෙයෙන අමෙරිකානු THAAD මිසයිල පද්ධති වලට වඩා S 400 ගුණාත්මක බවින් උසස් බවකි. රුසියානු ගුවන් ආරක්ෂණ පද්ධති ඇණවුම් කොට ඇති සෙසු රටවල් අතර සවුදි අරාබිය හා ඉන්දියාවද සිටිති. CNN ආයතනය පවසන්නේ සිරියානු සිවිල් යුද්ධය පුටින් යුද අවි වෙළධපොලක් ලෙස යොදා ගන්නා බවයි. 2018 දී සිරියාවේ යුද ජයග්රහනය නිල වශයෙන් ප්රකාශ කල පුටින් සිය මූලික අරමුණ වූ අසාද් පාලනය තහවුරු කිරීමෙහිලා සමත් ව තිබේ. “අසාද් ඉවත් වනු” අරාබි වසන්තයේ මුල් සටන් පාඨය රුසියානු වෙඩි හඬ මධ්යියේ නිහඬ වී ඇති සෙයකි. එහි නිර්මාපකයන් වූ අමෙරිකාව හා යුරෝපා සංගමය ඒ පිළිබඳ වදනක් හෝ නොදොඩති. අසාද් ගේ පරම සතුරන් වූ බැරැක් ඔබාමා, ජෝන් කෙරී හා නිකී හේලී යන තිදෙනාම තවදුරටත් සිය තනතුරු නොදරන අතර ඩොනල්ඩ් ට්රොම්ප්ගේ අදහස වී ඇත්තේ රුසියානුවන්ට සිරියාවේ කුද ගහ ගන්න මෙන් කියා සටන් බිමෙන් ඉවත්වීම නුවනට හුරු බවය. සිවිල් යුද්ධය අතරතුරදී බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ රඟ නොමඳව අත්විඳ සිටි සිරියානු ජනතාවගෙන් අති බහුතරය දැන් අසාද් පාලනය ප්‍රිය කරති. ලෝක අවි වෙළඳ පොල අත්පත් කොටගැනීමට අමතරව පුටින් තවත් විශාල ජයග්ර්හණයක් අත්පත් කොට ගත්තේය. ඒ ඉදිරි වසර 50 සඳහා සිරියාවේ යුද්ධෝපායික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක රුසියන් හමුදා රැඳවීම සඳහා බදු ගිවිසුම් වලට එලැඹීමයි. සිරියාව යලි ගොඩ නැඟීමේ දැවැන්ත ඉදි කිරීම් කොන්ත්රා්තු රුසියානු සමාගම් වලට ලැබී ඇත. 2014 දී ඩැමස්කස් අගනුවර අවට දිස්ත්රිවක්ක කිහිපයකට කොටුවී පරාජය දැක දැක සිටි අසාද්ට පක්ෂපාතී සිරියානු අරාබි හමුදාව හා ඉරාන විප්ලවීය ආරක්ෂක බල ඇණීයේ බ්රිිගේඩ කිහිපයක්, ලෙබනනයේ හෙස්බුල්ලා සටන්කාමීන් හා ඉරාක මිලිෂියා කණ්ඩායම් වල සහායෙන් දල වශයෙන් මෙ වන විට රටෙන් පහෙන් හතරක් පමණ පාලනය කරති. යුප්රටීස් ගඟට උතුරු දිග පෙදෙස් කිහිපයක් පමණක් පසු බසිමින් සිටින කැරලි කරුවන් හා ඇමෙරිකාවේ සහාය ලබන සිරියානු ප්රජාතන්ත්රවාදී හමුදා අත පවතී. මැදපෙරදිග තීරක බලය තවදුරටත් ධවල මන්දිරය නොව ක්රෙම්ලිනය බව NATO සාමාජික තුර්කිය පමණක් නොව ඇමෙරිකාවේ සමීපතම සගයා වූ ඊශ්රායලය පවා සෘජුවම පිළිගෙන ඇත. කලක් හිතූ පැතූ පරිදි අරාබි ලෝකයට පහර දුන් මැදපෙරදිග පොලිස් කාරයා වූ ඊශ්රායලයට තම පරම සතුරු ඉරාන හා හෙස්බුල්ලා භටයන් සිරියාවෙන් පිටමන් කිරීමට අද රුසියාවේ සහාය පැතීමට සිදුවීම දෛවයේ සරදමකි. ඊශ්රා‍යල් ගුවන් ප්රහාරයක් අතරතුර රුසියානු ගුවන්යානයක් විනාශවීම සමාවට කරුණක් කර ගනිමින් අසාද්ගේ හමුදාවට S 300 ගුවන් ආරක්ෂණ පද්ධති සැපයීමට පුටින් ගත් තීරණය නිසා F 15 ගුවන් යානා වලට සිරියානු අහස තවදුරටත් ආරක්ෂාකාරී තැනක් නොවන බව ජෙරුසලම දනී. සිරියාවෙන් ඉරානය බැහැර කිරීම අපහසුව ඇත්තේ NATO සාමාජික තුර්කිය සිය පාර්ශ්වකරුවෙකු ලෙස ටෙහෙරානය පිළිගන්නා නිසාය. සම්බාධක පණවා ඇති ඉරාන බොරතෙල් රුසියානු යුද නැවු මඟින් සිරියාවට සපයන බවට ඇමෙරිකාවේ අළුත්ම චෝදනාවයි. කොහොම කොහොමින් හෝ අරාබි වසන්තය අවසන් විය. අසාද් සිට ජීවිතය පමණක් නොව තනතුරද රැක ගත්තේය. ඇමෙරිකාව හා යුරෝපා සංගමය හත්පොලේ ගාගත් අතර රුසියානුවෝ මැදපෙරදිග බින්න බැස්සෝය. සිරියාව බොහෝ දුරට සන්ධීය රාජ්යයක් බවට පත්වනු ඇත. ඊට අසාද් විරුද්ධ නැත. මන්ද ඔහු දිනාගත් දෑ බොහෝය. උන්න හැටියට මළා මදෑ! මැදපෙරදිග බටහිර විරෝධී බලවේග වලට ඔහු වීරයෙකි. රුසියානුවන් සිරියාවට දීර්ඝකාලීන ආරක්ෂණ සහතිකයක් දී ඇටි හෙයින් නිකරුනේ වද වීමට කාරියක් ද නැත. ඔහු හමුවේ ඇති අභියෝගය නම් සිය මිතුරන්ගේ සහායෙන් සිවිල් යුද්ධයෙන් විනාශවූ සිරියාව යලි ගොඩ නැඟීමයි. ඒ සඳහා තමා සූදානම් බව හේ කියයි. බෂාර් අල් අසාද් ඒකාධිපතියෙකු වුවද ලොව හෙල්ලූ අපූරු ආඥාදායකයෙකි.

© CS WRITES

නූතන තුර්කි 'සුල්තාන්' ගේ සාම වෑයමසංස්කරණය

“අර්ඩොගන් ගේ සැලැස්ම ලෙස පෙනෙන්නේ එක්සත් ජාතීන්ගේ හෝ බටහිර ලෝකයේ සහභාගීත්වයෙන් තොරව කලාපීය මට්ටමේ සටන් විරාමයක් ඇති කිරීමය. මෙය සිරියාවේ සාර්ථකව අත්හදා බලන ලද ක්රමවේදයකි…”

ගාසා තීරය හා ඊශ්රායලය අතර රොකට් හුවමාරුව ඇරඹී මේ වන විට දස දිනකට අධිකය. වාර්තාවී ඇති අන්දමට මියගියවුන් හා විපතට පත්වූවන්ගෙන් බහුතරය කාන්තාවන් හා කුඩා දරුවෝ වෙති. පලස්තීනයේ සමීපතම ඥාතීන් වන සුන්නි ඉස්ලාම් ලෝකය රාජ්යයන් මේ අරබයා දක්වන ප්රතිචාරය ඇසෙන නෑසෙන කෙඳිරිල්ලක් බඳුය. ට්රම්ප් පරිපාලනය විසින් කපුකමකට අනුව ඊශ්රාලය හා 'ආබ්රහම්ගේ සම්මුතියකට' එලැඹ සිටින සෞදිය ප්රමුඛ ගල්ෆ් රටවල් විසින් ‘භූ දේශපාලන යථාර්ථයන් හමුවේ’ පලස්තීනය දැනටමත් සිය පොත්පත් වලින් කපා හැර ඇති සෙයකි.

දෛවයේ සරදම නම් සිරියාවේ හා ලංකාවේ යුද අපරාධ ගැන තුන්වන පාර්ශ්වයේ සාක්ෂි මත ඉමහත් කලබගෑනියක් කල ප්රජාතන්ත්රවාදීන්ගේ හා මානව හිමිකම් ක්රියාකාරීන් ගාසා තීරයේ සිදුවන සජීවී සමූල ඝාතනය ගැන නිහඬව පසුවන මේ මොහොතේ, පලස්තීනය වෙනුවෙන් හඬ නැඟීමට ඉතිරිව සිටින්න එකම පුද්ගලයා තවත් ඒකාධිපතියකු ලෙස ලෙස සැලකෙන තුර්කි ජනාධිපති රෙසෙප් ටායිප් අර්ඩොගන් පමණක් වීමය. ඔහුගේ මානව හිමිකම් වාර්තාවද අතිශය අයහපත් වීම වෙනමම කරුණකි. ඒ ගැන ඔහුට දොස් පැවරීමෙන් පලක් නැත්තේ 2016 දී අර්ඩොගන් උපහාසයට ලක් කල බෝමර්මන් නැමැති ජර්මන් කවියාට අපරාධ නඩු පැවරීමට පෙරමුන ගන්නා ලද්දේ අන් කිසිවෙකු නොව භාෂන නිදහස ගැන නිතර ධර්ම සාකච්ඡා පවත්වන ජර්මන් චාන්ස්ලර් ඇන්ජෙලා මාර්කල් විසින්ම නිසාය.

එකාධිපතිකම් කුමක් වුවද සෙසු අරාබි රටවලට සාපේක්ෂව ගත් කල ඊශ්රායලයට එරෙහිව දැඩි ස්ථාවරයක පසුවන එඩොර්ගන් බටහිර ලෝකය හා අරාබි සහකරුවන් මේ අරබයා දරන 'දියාරු' ස්ථාවරය විවෘතවම හෙලා දැකීමට ඉදිරිපත්ව සිටී. ඊශ්රාලයේ ආත්මාරක්ෂ අයිතිය සාධාරණීකරණය කරමින් වොෂින්ටනය කල ප්රකාශය මෙන්ම, යුදෙව්වන්ට තවත් ඩොලර් මිලියන 735ක ආරක්ෂක අවි පද්ධති සැපයීමට බයිඩන් පරිපාලනය විසින් ගෙන ඇති තීන්දුවද දැඩි දෝෂ දර්ශනයට ලක් කල ඔහු ගතවූ බදාදා ප්රසිද්ධියේ කියා සිටියේ ‘ත්රස්තවාදී රාජ්යයක්’ වන ඊශ්රායලයට 'අමතක නොවන පාඩමක්' ඉගැන්විය යුතු බවය.

යුරෝපය අප්රිකාව හා ආසියාව අතර වැදගත් උපායමාර්ගික පිහිටීමක් සහිත තුර්කිය මැදපෙරදිග දේශපාලනයේ වැදගත් සාධකයක් ලෙස සැලකුනේ ඇගේ ඔටෝමන් පුරාණයේ පටන්ය. 1453 තුර්කීන් කොන්ස්තතිනෝපලය අත්පත් කොට ගැනීමෙන් හටගත් බලපෑම මීට හොඳම නිදසුනයි. 1876 දී රුසියාව සමඟ යුද වැදීමෙන් හතිවැටී 'යුරෝපයේ රෝගියා' ලෙස ඔටෝමන් අධිරාජ්යය පිපිරී ගියේ පළමු ලෝක යුද්ධයේ තවත් අතුරු ඵලයක් ලෙසිනි. දෙවන ලෝක යුද්ධයෙන් පසු බටහිර කඳවුර සමඟ හිතවත් කම් ගොඩනගා ගත් තුර්කිය නේටෝවේ දකුණු දිග ඇලය නියෝජනය කරන සාමාජිකයා ද වේ. සීතල යුද්ධයේ අවසානයත් සමඟ වඩාත් ස්වාධීන පිළිවතක් අනුගමය කල තුර්කිය හා බටහිර ලෝකය අතර වූ දෘෂ්ඨිමය වෙනස් කම් දේශපාලන මතභේද දක්වා වර්ධනය වීමට තුඩු දුන්නේ සිරියානු සිවිල් යුද්ධයයි. මේ වනවිට මැදපෙරදිග කලාපයේදී රුසියාව හා තුර්කිය උපායමාර්ගික සහකරුවන් ලෙස කටයුතු කරති.

කෙසේ වුවද පලස්තීනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා කෙරෙන මැදිහත් වීමකට ඇත්තේ ඉතා සීමිත ඉඩකඩකි. අර්ඩොගන්ගේ ස්ථාවරය හෙලා දකින ඇමෙරිකාව තම සගයාට එරෙහිව කිසිදු යෝජනාවක් සම්මත කිරීමට ඉඩක් නොතබන බව ඉතා පැහැදිලිය. අර්ඩොගන් විසින් ඊශ්රායලය අරබයා කරන සංයමයකින් තොර විවේචන ගැනද ධවල මන්දිරය අන්කාරා නුවරට තම නොසතුට පල කොට ඇත.

මෙම තත්වය හමුවේ අර්ඩොගන් ගේ සැලැස්ම ලෙස පෙනෙන්නේ එක්සත් ජාතීන්ගේ හෝ බටහිර ලෝකයේ සහභාගීත්වයෙන් තොරව කලාපීය මට්ටමේ මැදිහත් වීමකින් යුද වදින පාර්ශ්වයන් අතර සටන් විරාමයක් ඇති කිරීමය. මෙය සිරියාවේ සාර්ථකව අත්හදා බලන ලද ක්රමවේදයකි. මෙම පන්නයේ සටන් විරාමයක් සඳහා ප්රධාන අවශ්යතාව වන්නේ දෙපාර්ශ්වයට පිළිගත හැකි මැදහත්කරුවකුගේ සහභාගීත්වයයි. සුන්නි හමාස්වරු වෙනුවෙන් ඇපකරුවෙකු වීමට තුර්කියට ඇති හැකියාව ගැන සැකයක් නැතත් ගැටළුව වන්නේ කිසිදු විදෙස් අතපෙවීමක් නුරුස්සන ඊශ්රායලය සටන් විරාමයක් සඳහා එකඟ වනු ඇත්ද යන්නයි.

අර්ඩොගන් 'සුල්තාන්' තැන ගතවූ සතිඅන්තයේ රුසියානු ජනාධිපති පුටින් සමඟ හදිසි දුරකථන සංවාදයක යෙදුනේ මෙම තත්වය යටතේය. අන්කාරා නුවර ආරංචිමාර්ග වලට අනුව ඊශ්රායලය සමඟ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා කරන මෙන් ක්රෙම්ලිනයෙන් ඉල්ලා සිටි තුර්කි නායකයා, උතුරු සිරියාවේ මෙන්ම ගාසා තීරයේද තුර්කි-රුසියානු සාම සාධක හමුදාවක් යෙදවීමට යෝජනා කොට ඇත. හතලිස් නව අවුරුදු බදු පදනම මත සිරියාවේ යුද කඳවුරු පවත්වාගෙන යන රුසියාව මේ වනවිට සිවිල් යුද්ධයෙන් විනාශ වූ ලිබියාව තුලද භට කණ්ඩායම් ස්ථානගත කරමින් සිටී.

අර්ඩෝගන්ගේ වෑයම සාර්ථක වුවහොත් අරාබි ලීගයද එහි පාර්ශ්වකරුවකු ලෙස සහභාගී වීමට ඇති ඉඩකඩද බැහැර කල නොහැක. එහෙත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ඊශ්රායලය සමඟ 'ආබ්රහම්ගේ එකඟතාවට' එළඹ සිටින ගල්ෆ් රාජ්යයන් සතුව ඇති ඇමෙරිකානු අභිමතය ඉක්මවයා යාමේ ධෛර්යය මත එය තීරණය වනු ඇති බවයි. සෛද්ධාන්තික වශයෙන් ගත් කල තුර්කි-රුසියානු මැදිහත් වීමක් යනු එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමකට වඩා සැලකිය යුතු විභවයකින් යුත් ආදේශකයකි. මෙම තත්වය තුල ඊශ්රායල-පලස්තීන අර්බුදය ක්රෙම්ලිනයේ මැදපෙරදිග උවමනා එපාකම් වලට තර්ජනයක් ලෙස අර්ථ දක්වමින් රුසියානු සෙනෙවි මණ්ඩලය හෙවත් 'ස්ටාව්කාව' හමුවේ බොහෝ කනගාටු වු ව්ලැදිමීර් පුටින් තුර්කිය විසින් ඉදිරිපත් කල සාම යෝජනාව අරබයා තවමත් ප්රතිචාරයක් දක්වා නොමැත. ජෙරුසලම් පොස්ට් පුවත් පත පවසන්නේ (බොහෝ දුරට තුර්කියේ බලපෑම මත) තමා සටන් විරාමයකට එකඟ බව හමාස් වරු විසින් රුසියාවට මේ වනවිටත් දැනුම් දී ඇති බවයි.

අනිත් අතට රාජ්යතාන්ත්රික සබඳතා වලට ඉහලින් පුද්ගලික මිතු දමක්ද පවත්වාගෙන යන ඊශ්රායල් අගමැති නෙතන්යාහු හා පුටින් සැලකෙන්නෙ සමීප හිතවතුන් ලෙසිනි. 2019 දී නෙතන්යාහු පැවසුවේ සිරියානු අර්බුදයේදී රුසියන්-ඊශ්රායල් යුද්ධයක් ඇතිවීම වලක්වන ලද්දේ මෙම පුද්ගලික හිතවත් කම නිසා බවයි. නායකයන් දෙපොල අතර සබඳතාව වඩාත් කැපී පෙනුනේ මරිජුවානා ග්රැම් 10 ක් ලඟ තබා ගැනීමෙ වරදට මොස්කොව් ගුවන් තොටුපලේදී හසුව රුසියානු අධිකරණය විසින් අට අවුරුදු සිරදඬුවමක් නියම කෙරුන නාමා ඉසාචර් නැමති යුදෙව් ජාතික තරුණිය වෙනුවෙන් නෙතන්යාහු කල ඉල්ලිම සලකා බැලූ පුටින් ඈට විශේෂ සමාවක් ප්රදානය කිරීම නිසාය. තුර්කිය තම සාම වැඩපිළිවෙල සඳහා පදනම ලෙස යොදා ගැනීමට තැත් කරන්නේ රුසියාව හා ඊශ්රායලය අතර ඇති මෙම විශේෂ සබඳතාව හරහා බව පෙනේ.

කෙසේ වුවද අර්ඩොගන් මේ අර අඳින්නේ සාමය වෙනුවෙන් නොව ඊශ්රායල්-පලස්තීන අර්බුදය දඩමීමා කරගමින් ඉස්ලාම් ලෝකයේ නායකත්වය දිනා ගැනීමට බවටද මේ වනවිට නේටෝව තුලින්ම නැගෙන චෝදනාවක් ද ඇත. සම්ප්රදායික බලවතුන් යටපත් කරමින් මැදපෙරදිග ප්රධාන බේරුම් කරුවා ලෙස නමක් දිනාගැනීමට ඔහු දරන මෙම පටු ප්රයත්නයේ අවසන් ප්රථිඵලය වනු ඇත්තේ මැදපෙරදිග කලාපයේ රුසියානු බලය වඩාත් ව්යාප්තවීම පමනක් බව ඔවුහු වැඩිදුරටත් අනතුරු අඟවති.

මෙම නිගමන වල සත්යාසත්යතාව අනාගතය විසින් නිර්නය කරනු ඇතත් වර්තමාන යථාර්ථය නම් ලෝක බලවතුන් හා ජාත්යන්තර නියාමන ආයතන කසාය පානය කල ගොළුවන්ගේ තත්වයට පත්ව සිටින මේ මොහොතේ දියේ ගිලෙමින් සිටින පලස්තීනයට එල්ලීමට ඉතිරිව ඇති එකම පිදුරු ගස තුර්කි සාම යෝජනාව පමනක් බවයි.

අර්ඩොගන්ගේ දේශපාලන අරමුණු විවේචනය කිරීම තුලින් මානව හිමිකම් පිළිබඳ බටහිර ලෝකයේ දෙබිඩි පිළිවෙත මෙන්ම සුන්නි මූලධර්මවාදය විසින් පලස්තීනය පත් කොට ඇති දුක්බර ඉරනම ද සැඟවිය නොහැක.

 
අර්ඩොගන්
 
මිතුරන් දෙදෙනා - ව්ලැදිමීර් පුටින් හා බෙන්ජමින් නෙතන්යාහු






© CS WRITES

බයිබල් යුගයෙනුත් ඔබ්බට යන ශ්‍රී ලංකා- ඊශ්‍රායල් සබඳතාසංස්කරණය

මීට දශක එක හමාරකට විතර කළින් දවසක කළු පාට උස තොප්පියක් දාගෙන කළු කබායක් ඇඳ ගත්ත විදේශිකයෙක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශයට ආවා. උන්නැහේට උවමනා වෙලා තිබුණේ තමන්ගේ වීසා තව මාසෙකින් දීර්ඝ කර ගන්න. Tourist වීසා වලින් ඇවිත් මාසෙකට වඩා ඉන්නවානම් දෙපාර්තමේන්තුවට ඇවිත් එහෙම කරගන්න ඕන. ඒත් විදේශිකයාගේ වීසා කාලය දීර්ඝ කිරීම නිලධාරීන් ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඒ කියන කාලෙ වෙන කොට සෝම හාමුදුරුවෝ රුසියාවේදී අපවත් වෙලා වැඩි දවසක් ගිහින් තිබුණෙ නෑ.කොටින්ම කිව්වොත් ඒක හෙළ උරුම යුගය. විදේශිකයාත් නිකම් රුසියන් ඕතඩොක්ස් පූජකයෙක් වගේ. උන්නැහේගෙ වීසා ප්‍රතික්ෂේප වෙන්න ඒකත් හේතුවක් වුණා. ඒ නිසා කළු කබා කාරයා වීසා අංශයේ එහෙට මෙහෙට සක්මන් කරමින් සිටියා.

මේ කාලයේ වීසා පාලක වෙලා හිටියේ දැනට විශ්‍රාම ගොස් ඇති බොහෝ ඇසූ පිරූ තැන් ඇති පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. එතුමා සැදැහැවත් බෞද්ධයෙක් වුණාට භගවත් ගීතාව, කුරානය විතරක් නෙවෙයි හීබෲ බයිබලයෙත් කෙළ පැමිණියෙක්. කළු කබා කාරයා වීසා අංශයේ සක්මන් කරනවා දැක්ක එතුමා කා.කා.ස මහත්තැන් කෙනෙකුට කතා කළා.

“කවුද බලපන් අර එහෙට මෙහෙට ඇවිදින කව්බෝයි කාරයා. මිනිහව මෙහෙට එක්ක වරෙන් බලන්න”

වීසා පාලකතුමා කළු කබා කාරයා එක්ක කතා කළාම තමන්ගේ වීසා ප්‍රතික්ෂේප කරපු බවත් නිලධාරීන් ඊට හේතු නොදැක්වූ බවත් අසන්නට ලැබුණා. කළු කබා කාරයා ඊශ්‍රායල් ජාතික රබීබ් වරයෙක් (පූජකයෙක්) බවත් වීසා පාලකතුමාට තේරුම් ගියා. වීසා ලබා නොදීම ගැන නිලධාරීන්ගෙන් ඇහුවාම ඒ අය කිව්වේ මේ ඊශ්‍රායල් කාරයා ආගම ප්‍රචාරය කරන්න ආපු බවට සැක සිතන බව.

"යකෝ යුදෙව් ආගම කියන්නේ conversions කරන ආගමක් නෙවෙයි. religious conversions ( ආගමික ප්‍රචාරණය) කරන ආගම් දෙකයි ලෝකෙ තියෙන්නේ එකක් ඉස්ලාම් අනික ක්‍රිස්තියානි."

එහෙම කියපු පාලකතුමා කළු කබා කාරයාගේ වීසා දීර්ඝ කරලා දුන්නා.

කොහොම හරි එදා වීසා දීර්ඝ කර ගත්ත රබීබ් වරයා තමයි අද කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ තිබෙන ඊශ්‍රායල චබාත් හවුස් මධ්‍යස්ථානය ආරම්භ කළේ. චබාත් හවුස් කියන්නේ දේශීයව ජීවත් වන යුදෙව්වන්ට විතරක් නෙවෙයි සංචාරකයන්ටත් සේවා සපයන ස්ථානයක්. ඒ වගේම විවිධ සංස්කෘතික උත්සව සංවිධානය කරන ආයතනයක්. ඒක අපේ රටේ විතරක් නෙවෙයි යුදෙව්වන් ජීවත් වන බොහෝ රටවල් වල තිබෙනවා. රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධකම් එක්ක කළු කබා කාරයා පසුව බොහෝ වැඩ කටයුතු අපේ රට වෙනුවෙන් කළා. සාමාන්‍යයෙන් ඊශ්‍රායල් කාරයෝ කියන්නෙ කෙළින් වැඩ කරන ජාතියක්. යටි කූට්ටු වැඩ නැහැ. උදව්වක් කළොත් අමතක කරන්නෙත් නෑ. හැබැයි මොසාඩ් සංවිධානය මීට වෙනස් බවත් නොකියා බැහැ. මොසාඩ් සංවිධානයේ තිබෙන්නේ වෙනමම රහසිගත යාන්ත්‍රණයක්. කොහොම නමුත්අ ද වෙන කොට අපේ ලාංකිකයන් බොහෝ දෙනෙක් ඊශ්‍රායලයේ රැකියා සඳහා යනවා. දැන් ඒක වෙනම රැල්ලක්. අනෙකුත් අරාබි රටවල් වලට සාපේක්ෂව ඔවුන්ට ලැබෙන වැටුම කිහිප ගුණයකින් වැඩියි. ඔවුන්ට ලොකුවට කරදරයකුත් නැහැ. පලස්තීන පටලැවිල්ල නිසා හමාස් සංවිධානයෙන් ඉඳහිට ලැබෙන රොකට් උණ්ඩ නැත්නම් නිවිසැනසිල්ලේ රැකියාව කරගෙන ඉන්න අපේ අයට පුළුවන්.

මේ ලිපියේ ඉතුරු ටික කියවන්න කළින් කියන්න ඕන දෙයක් තිබෙනවා. කිසිසේත්ම පලස්තීනයේ දැන් තිබෙන ගැටුම් වලින් සිවිල් වැසියන් මියයෑම මේ කිසි කාරණයකින් සාධාරණීකරනය කරන්න බැහැ. අපේ රටේ දේශපාලන හෝ ආගමික කණ්නාඩි වලින් බලලා මතු පිටින අතගාන්න පුළුවන් මට්ටමක ඉතිහාසයක් නෙවෙයි ශ්‍රී ලංකාවත් ඊශ්‍රායලයත් අතර තිබෙන්නේ. පුරාණ ලංකාව හා ඊශ්‍රායලය අතර තිබූ සමීප වෙළඳ සම්බන්ධතා පිළිබඳව බොහෝ ශ්‍රී ලාංකිකයන් දන්නෙ නැහැ. මේ ගැන කතාකරන විට මෑත කාලීන සමහර දේශපාලන කාරණා අතහරින්නත් බැහැ. ඒ නිසා මූලාශ්‍ර හා අනවශ්‍ය වැල් වටාරම් අතහරිමින් ලිපියේ ඉතිරි කොටස ලියන්න උත්සාහ ගන්නවා. කාට හරි උවමනානම් ඔහේ කටට එන දේ කියන්නෙ නැතිව මේ ගැන ගවේෂණය කරන්නත් පුළුවන්.

දොළොස්වන සියවස වන විට ලංකාද්වීපයේ යුදෙව්වන් 3,000 ක් පමණ ජීවත් වූ බව විශ්වාස කෙරෙනවා. අපේ වරායයන් වසර දහස් ගණනක් තිස්සේ ලෝක වාණිජ කටයුතු වලට උපාය මාර්ගික නැවතුම්පළක් වූ බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. භූගෝලීය පිහිටීම නිසා අපේ රටේ දුර්ලභ ස්වාභාවික සම්පත් වලට ලෝකයේ දියුණු ජාතීන්ගේ අවධානය යොමු වුණා. ස්වභාවයෙන්ම බුද්ධිමත් හා වෙළඳාමට හපන් ජාතියක් වූ යුදෙව්වන් අරාබීන්ට කළින්ම අපේ රටට පැමිණ තිබෙනවා. නමුත් එකම වෙනස ඔවුන් අපේ සමාජය තුළටම අනුගත වෙලා සාමයෙන් ජීවත් වුණ එක. හැම විටම විකල්ප අදහස් දැරීම යුදෙව්වන්ගේ ගති ස්වභාවයක් වුණත් ඔවුන් කිසි විටෙක තමන් ජීවත් වන රට වල ජනතාව පරයා නැගී සිටින්නට උත්සාහ කළේ නැහැ. හොදම උදාහරණය දැන් අපි මේ වැල්වටාරම් කොටන Facebook එකේ අයිතිකාරයා. උන්නැහේ දැන් නොම්මර එකේ ඇමෙරිකන් කාරයෙක් වුණාට පැවත එන්නේ යුදෙව් පරම්පරාවකින්. ලංකාවේ අංක එකේ කොමියුනිස්ට් නායකයෙකු වූ පීටර් කෙනමන් මහත්තයාත් යුදෙව් පරම්පරාවකින් පැවත එන බව අසා තිබෙනවා. එතුමා තමයි මුලින්ම අඩු ආදායම් ලාභීන්ට නිවාස දෙන්න පටන් ගත්තේ.

මෑත කාලයක් වන තුරුම නිල් පාට ඉරක් ඇති සුදු රෙද්දකින් ඔලුව වසා ගත් යුදෙව්වන් මහනුවර සහ ගාල්ලේ දකින්නට සිටි බව පැරැණ්නන් කියනවා. කොළඹ 03 ස්ටුවට් පෙදෙසේ යුදෙව් දේවස්ථානයක්ද පැවති බවට වාර්තා තිබෙනවා.

ලංකාවත් එක්ක ඊශ්‍රායලයේ තිබුණු බැඳීම බයිබල් යුගය දක්වා දිවයනවා. ක්‍රිස්තු පූර්ව 970 සිට 971 දක්වා අවුරුදු 40ක් ඊශ්‍රායලය පාලනය කරපු සොලමන් නම් රජෙකු ගැන යුදෙව්වන්ගේ හීබෲ බයිබලයේ සඳහන් වෙනවා. හීබෲ බයිබලය ක්‍රිස්තියානි ආගමේ පැරණි ගිවිසුම හෙවත් පරණ තෙස්තමේන්තුව ලෙස හඳුන්වනවා.මේ පැරණි ගිවිසුම තනි පුද්ගලයෙක් ලියපු ලියවිල්ලක් නෙවෙයි. පැරණි ගිවිසුමේ මුල් පරිච්ඡේද 5ක්ම ලියා ඇත්තේ මෝසෙස්.

මෝසස් තමයි දැනට ඊජිත්තුවේ වහල්ලු විදියට හිටපු ඔහුගේ මිනිස්සු රතු මුහුද හරහා පොරොන්දු දේශය හෙවත් ඊශ්‍රායලය වෙත කැඳවාගෙන ආවේ. මෝසෙස් විසින් එදා වහල් බවින් මුදවා ගත් ජන කොටසට යුදෙව්වන් කියනවාට වඩා ඊශ්‍රායලිතයන් කියන එක සුදුසුයි. ආගමික ලියවිල්ලකට වඩා පැරණි ගිවිසුම කියන්නේ මෝසෙස් නම් ජනනායකයා විසින් ඔහුගේ ජනතාව පාලනය කිරීමට හා ඔවුන්ගේ ජනජීවිතය හැඩ ගැස්සවීමට හදපු ගිවිසුමක්. බලවත් නායකයෙකු පිටු පස නොපෙනෙන බලවේගයක් ඇති බව ඒ යුගයේත් මිනිස්සු විස්වාස කළා. හරියට ලංකාවේ විටින් විට දියසේන කුමාර වරු පහල වෙනවා වගේ. දෙයියො දෙන පැණියක් බොන්න පොර කනවා වගේ ඒ කාලෙත් දෙවියන්ගේ වාක්‍ය විදියට එන නීති මිනිස්සු පිළිගත්තා. ඇත්තටම හීබෲ බයිබලය කියන්නේ මෝසෙස්ගේ දේශපාලන ලියැවිලිලක්. කොටින්ම කිව්වොත් ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් . ඒක ඊශ්‍රායල සමාජය පාලනය කිරීමට හදපු මූලික නීතියක්. මෝසස්ගෙන් පස්සේ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ යෝෂුවා ආදීන් මේ ලියවිල්ල ඉතිහාස කතාවක් වගේ ඉදිරියට ලියාගෙන ආවා.

සොලමන් කියන්නේ දාවිත් රජුගේ පුත්‍රයා.ඔහු තමයි ඊශ්‍රායල් ජාතියේ ප්‍රබලම දුරදක්නා පාලකයා විදියට බයිබලය පෙන්වා දෙන්නේ. ඒ වගේම ඉස්ලාම් ආගමට අනුවත් දෙවියන් විසින් තෝරාගත් අනාගතවක්තෘවරුන් 25 දෙනාගෙන් එක් අයෙක් තමයි සොලමන්. ඉස්ලාම් ආගමේ ඔහුව හඳුන්වන්නේ සුලෙයිමාන් යනුවෙන්. ඊශ්‍රායලයත් පලස්තීනයත් දැන් මෙහෙම මරා ගන්නවානම් ඊශ්‍රායලයේ රජ කෙනෙක් ඉස්ලාම් ආගමට ගෑවෙන්නේ කොහොමද කියන එක බොහෝ අයට ගැටළුවක් වෙන්න පුළුවන්. ඒත් යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් කියන ආගම් තුනම ඒබ්‍රහම්ගේ ආගම් ලෙස තමයි හැඳින්වෙන්නේ. දේව කතා වල අයිසින් ඉවත් කළාම ඒබ්‍රහම් කියන්නේ ඉඩම් හිමි ධනවතෙක්. ඔහුගේ පුතුන් දෙදෙනක්ගෙන් තමයි මේ යුදෙව් හා පලස්තීන ජනවර්ග දෙකත් බෙදී යන්නේ. දරුවන් දෙදනා මව් වරුන් දෙදෙනෙකුගේ නිසා දේපල බෙදා ගැනීමේදී ඇතිවූ විරසකය මෙසේ ජන කොටස් දෙකක් ලෙස වෙන්ව යෑමට හේතු වී තිබෙනවා

මේ ආගම් තුනම පොදුවේ පැරණි ගිවිසුම අනුගමනය කරනවා.ඒත් යුදෙව්වන් අනුගමනය කරන්නේ පැරණි ගිවිසුම හෙවත් හීබෲ බයිබලය පමණයි. ඔවුන් ජේසුස් වහන්සේගේ පැමිණීම පිළිගන්නේ නැහැ. ඔවුන් අදහන්නේ ඒබ්‍රහම් හා මෝසස්. ඒත් ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගමිකයන් පැරණි හා නව ගිවිසුම් දෙකම පිළිගන්නවා.

ඉතින් ආපසු කතාවට ගියොත් දෙවියන් විසින් සොලමන් ඉල්ලූ සියල්ල මවා දුන් බව බයිබලයේ සඳහන් වෙනවා. ඔහු ඊශ්‍රායලයේ දේශසීමා තව තවත් පුළුල් කළා. ඔහුගේ අන්තඃපුරයේ උප බිසවුන් 300 ක් සිටි බව සඳහන්.

මේ සියළු සැප සම්පත් සොලමන් රජුට ලැබෙන්නේ දෙවියන්ගේ කැමැත්ත අනුව නිසා පූජකයන්ගේ නියෝග පිළිපදින්නට ඔහුට සිදුවුණා. ආගමික පුදපූජා වලට කුරුඳු තෙල් මිල දී ගන්නා ලෙස පූජකයන් විසින් රජුට නියෝග කළා. පරණ ගිවිසුමට අනුව දෙවියන් උදෙසා මේ කුරුඳු තෙල් පූජාව කළ යුතු බව දෙවියන් වහන්සේ විසින් මෝසෙස්ට දන්වා තිබෙනවා.ඒ විතරක් නෙවෙයි. නව ගිවිසුමේ පවා ශුද්ධ වූ සුවඳ ද්‍රව්‍ය සඳහා අත්‍යවශ්‍ය අංගයක් ලෙසකුරුඳු තෙල් දක්වා තිබෙනවා.

“මම සුවඳවත් ලාටු, කෝමාරිකා සහ කුරුඳු මගේ ඇඳට ඉසියෙමි." (හිතෝපදේශ 7:17)

සොලමොන් රජු කුරුඳු තෙල් සොයාගෙන එන ලෙස අණ දී තමන්ගේ නාවුක බලඇණිය නැගෙනහිරින් ඇති දූපතකට යවා ඇති බව කියවෙනවා. බයිබලයේ සඳහන් වන විදියට මේ දූපතේ නම ටර්ෂිෂ් (Tarshish). මේ දූපත කුමක්දැයි නිශ්චිතව දක්වා නැතත් දේවධර්මවාදීන්ට අනුව එය ස්පාඤ්ඤය ලෙස තමයි අර්ථ දක්වා තිබුණේ. පසු කාලයක මේ ගැන ඉතිහාසඥයන් අතර වාද විවාද ඇතිවුණා. ටර්ෂිෂ් දුපත ගැන විවිධ මත පළවුණා. ඉන් පසුව මෙය අප්‍රිකානු මහද්වීපයේ උතුරෙන් ඇති ටියුනීසියාවේ අගනුවර වන ටියුනිස් විය යුතු බව කියවුණා. නමුත් ස්පාඤ්ඤයවත්, ටියුනීසියාවත් කිසි ලෙසකින් දූපත් නොවෙයි. ඉන් පසුව මෙය මධ්‍යධරණී මුහුදේ ඊශ්‍රායලයට නැගෙනහිරින් පිහිටා ඇති සිසිලි හෝ සයිප්‍රස් දූපත් විය හැකි බව කියවුණා.නමුත් සොලමන් රජුට අවශ්‍ය කුරුඳු තෙල් පමණක් නොවයි ටර්ෂිෂ් වරායෙන් ලබාගත්තේ. මොනරුන්, වානරයන්, සඳුන්, ගම්මිරිස්, රන්, ඇත්දළ, මුතු මැණික් ද ලබා ගත්තේ මෙම වරායෙන් බව හීබෲ බයිබලයේ සඳහන්.

ඒ කාරණා නිසාම ටර්ෂිෂ් නම් වරාය පුරාණ ලංකාවේ බටහිර වෙරළේ පිහිටි වරායක් බව නූතන ඉතිහාසඥයන් අතර ප්‍රබල මතයක් ගොඩනැඟී තිබෙනවා.බොහෝ විට මෙය ගාලු වරාය විය හැකි බවයි පැවසෙන්නේ. සමහර විට එය කුදිරමලේ වෙන්නත් පුළුවන්. ටර්ෂිෂ් දූපත වෙත යන ගමන අවුරුදු තුනක් ගතවෙන භයානක ගමනක් බව බයිබලයේ සඳහන්. ටර්ෂිෂ් දූපතේ ගංගා හා වනාන්තර තිබුණු බවත් ගීතිකාවේ සඳහන් වෙනවා. ඒ අනුව කිසිසේත්ම මෙය ඊශ්‍රායලයට නැගෙනහිරින් ඇති සිසිලිය හෝ සයිප්‍රසය නොවන බව පැහැදිලියි. ඒ කියන කාලයේ කොහොමත් සූවස් ඇල කපලා තිබුණේ නැහැ. ඒ නිසා ලංකාවට නැව් ආවේ මධ්‍යධරණි මුහුද හරහා ගොස් අප්‍රිකා මහාද්වීපය වටේ ගමන් කරමින්. ඇත්දළ, මොනරුන් හා වානරයන් ලෙහෙසියෙන් සොයා ගන්න පුළුවන් වෙනත් දූපතක් ගැන ඉතිහාසයේ අසන්නට ලැබෙන්නේ නැහැ. ඒ සියල්ලටම වඩා කුරුඳු තෙල් විශේෂයි. අදටත් ලංකාවේ කුරුඳු තමයි ලෝකයේ හොඳම කුරුඳු විදියට සැළකෙන්නේ.

ඊට අමතරව මුස්ලිම් භූගෝල විද්‍යාඥයෙකු වූ අබ්දුල්ලා එල්-ඉඩ්‍රිස් වාර්තා කළේ ක්‍රි.පූ. 858–891 කාලයේ ලංකාද්වීපය පාලනය කළ 4 වන කාශ්‍යප රජුගේ විනිසුරුවන් 16 දෙනෙකුගෙන් යුත් උසාවියේ හතර දෙනෙකුම යුදෙව්වන් බව. ලංකාවේ නතර වූ සොලමන් රජුගේ නාවිකයන්ගේ පරම්පරා වලින් පැවත එන යුදෙව් ජනගහනයක් සිටි බවට ඒ අනුව සාක්ෂි තිබෙනවා. මේ ලිපිය දිගු වෙන නිසා ටර්ෂිෂ් වරායේ කතාන්දරයට අපේ ද්‍රවිඩ ජනතාවත් එකතු කර මෙතැනින් නතර කරන්නම්.

මොනරුන් දඩයම් කිරීමට පැරණි ද්‍රවිඩයන් උපන් හපන් කම් දැක්වූ බව කියනවා. ද්‍රවිඩයන් මෙහෙම මොනරු ඇල්ලුවේ බයිට් එකට කන්න නෙවෙයි. පිටරට පටවන්න. ඒ කාලේ සතුන් පිටරට යවන්න දැන් වගේ ක්වොරන්ටයින් කරන්න ඕන නැහැ. මොනර වෙළඳාමෙන් ජීවත් වූ මීනිස්සු මොනරාට පූජනීයත්වයෙන් සැළකුවා. දෙවියන්ගෙ වාහනය විදියට ගත්තා. සම්භාව්‍ය ද්‍රවිඩ භාෂාවේ මොනරාට කියන්නේ තොක්කායි කියලා. හීබෲ භාෂාවෙන් මොනරාට කියන්නේ තොක්කායිම්.

දැන් සොලමන් රජුගේ කාලයෙන් ඉවත් වෙලා ලංකාවේ ඩී.ඇස්. සේනානයක අගමැතිතුමාගේ කාලයට ආවොත් 1948 දී තමයි අපි දෙගොල්ලෝම නිදහස ලබා ගත්තේ. ඊශ්‍රායලය බිහිවීම ගැන කළින් ලිපියේ දීර්ඝව කරුණු ලියා තිබෙන බැවින් අද ඒ් ගැන ලියන්නෙ නැහැ.

අවුරුදු දෙදදහස් ගණනකින් පස්සේ දෙවන වරටත් අලුතින් ඉපදුනු ඊශ්‍රායලයට අරාබි ලෝකයෙන් දැවැන්ත රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිවිරෝධතා ඇතිවුණා. ඒ් වගේම ඊශ්‍රායලය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීම ඉන්දියාව ඇතුළු පශ්චාත් යටත් විජිත රටවල් විසිනුත් ප්‍රතික්ෂේප කළ බව කියන්න උවමානයි. පලස්තීන ප්‍රශ්ණය නිසා අරාබි ලෝකයෙන් පිටත තිබුණු පාකිස්තානය වගේ මුස්ලිම් රටවලුත් ඊශ්‍රායලය පිළිගත්තේ නැහැ. ඒ් වගේම සමාජවාදී කඳවුරේ රටවල් වගේම ආසියා අප්‍රිකා රටවල් බොහොමයකුත් හිටියේ අරාබිය පැත්තේ.

නමුතු ඩී. එස්. සේනානායක මහත්තයා ඊශ්‍රායලය රාජ්‍යතාන්ත්‍රිකව පිළිගත්තා. ඔවුන් සමඟ සහයෝගයෙන් වැඩ කරන්න පටන් ගත්තා. ශ්‍රී ලංකා නාවුක හමුදාව පළමු යුධ නෞකාව මිලට ගත්තේත් ඊශ්‍රායලයෙන්. ඒක ගජබාහු 1 කියලා නම් කළා. මුල් කාලයේම උතුරේ වියළි ප්‍රදේශවල නල ළිං ඉදිකරන්න ඊශ්‍රායල තාක්ෂණික උපදේශකයින්ගේ තාක්ෂණික සහාය ලබා දුන්නා. නමුත් 1956 දී බලයට පත් වූ එස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක මහත්තයාගේ කාලයේ ඊශ්‍රායල-ශ්‍රී ලාංකික සහයෝගීතාව ඇති කිරීමේ මේ අංකුර උත්සාහය ආපසු හැරවුණා. ඒ්කටත් හේතු තිබෙනවා. ඒතුමා බලයට පත්වුණේ පංච මහා බලවේගයේ තල්ලුවත් එක්ක. ඒ් කාලයෙ තමයි ඊජිප්තුවේ ජනාධිපති ගමාල් අබ්දූල් නසාර් සූවස් ඇළ ජනසතු කරන්න තීරණය කළේ. සූවස් ඇළ ඊජිප්තුවේ ස්වෛරීභාවය සඳහා අත්‍යාවශ්‍ය අංගයක් වුණා. ඒ් යුගයේ නසාර් තමයි අරාබි ලෝකයේ නිල නොවන නායකත්වය ඉසිලුවේ. බණ්ඩාරනායක මහත්තයා නසාර්ගෙ පැත්ත ගත්තා.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියටත් මේ රාජ්‍යතාන්ත්‍රික උණුසුමට මුහුණ දෙන්නට වුණා. එතුමිය කාලයක් නොබැඳි ජාතීන්ගේ සංගමයේ නායකත්වය ඉසුලුවා. නොබැඳි ජාතීන්ගේ කණ්ඩායම තුළ හිටපු ප්‍රබල සාමාජිකයන් ලෙස ඊජිප්තුව, ලිබියාව වැනි අරාබි රටවල් සිටියා. මැතිණියගේ විදේශ ප්‍රතිපත්තිය සකස් වුණේ නොබැඳි ප්‍රතිපත්තිය තුළ. ඒ් කාලය වන විට පලස්තීනුවන්ගේ නිදහස උදෙසා යසර් අර්ෆත්ගේ පලස්තීන විමුක්ති සංවිධානය (PLO) ආරම්භ වී තිබුණා. නොබැඳි ජාතීන් සිටියේ පලස්තීන විමුක්ති සංවිධානය පිළිගන්නා ප්‍රතිපත්තියක. ඒ කටයුතු වල දිගුවක් විදියට ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග හෙළා දැකීමට නොබැඳි ජාතීන්ගේ නායිකාව ලෙස මැතිණියට සිදුවුණා. නමුත් ඊශ්‍රායලය PLO සැළකුවේ ත්‍රස්තවාදී සංවිධානයක් විදියට. ඒ් කාලය පිළිබඳව අපට අත්දැකීම් නැති වුණත් පලස්තීන විමුක්ති සංවිධානය දෙපිටකාට්ටු වැඩ කරපු බවනම් හිතන්න පුළුවන්. ඒක පැත්කතින් මැතිණියගේ ජාත්‍යන්තර දේශපාලන කැරිස්මාව ප්‍රයෝජනයට ගනිමින් ඇය හරහා සෙසු ලෝකයා නම්මාගන්න ඔවුන් උත්සාහ කළා. අනිත් පැත්තෙන් ඔවුන් දෙමළ බෙදුම්වාදී සංවිධාන සමඟ සම්බන්ධතා පවත්වා ගෙන ගියා. හරියමට කියනවානම් දමිළ බෙදුම්වාදී නායකයන් මුලින් පුහුණව ලබා ගත්තේ තමිල්නාඩුවෙන් නෙවෙයි. මුල් යුගයේ මෙරට බෙදුම්වාදී කණ්ඩායම් වල නායකයා වූ උමා මහේෂ්වරන් පවා පුහුණුව ලැබුවේ පලස්තීනයේ.

PLO නියෝජිතයන් කොළඹ පැමිණීම ගැන ඊශ්‍රායලය කළබල වුණා. "ඊශ්‍රායල රාජ්‍යයේ පැවැත්ම විනාශ කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටින අරාබි ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ වීම" හෙළා දකිමින් කොළඹ ඊශ්‍රායල තානාපති යිට්ෂැක් නවොන් නිවේදනයක් නිකුත් කළා. ඒත් ඒක්කම වැඩේ පත්තු වුණා. ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ එකඟතා උල්ලංඝනය කරන බවට පවසමින් මැතිණියගේ ආණ්ඩුව ඊශ්‍රායලය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හිටවූවා. කොළඹ ඊශ්‍රායල තානාපති කාර්යාලය වසා දැම්මා. එහි නිලධාරීන් බඩුමුට්ටු අකුලාගෙන යන්න ගියා. ඒ් වන විට ලොව පළමු අගමැතිනිය ලෙස ඉමහත් ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කරගෙන සිටි බණ්ඩාරනායක මැතිණියගේ ක්‍රියාමාර්ගය සංකේතාත්මක වශයෙන් PLO සංවිධානයට නොසිතූ ඉල්ලමක් වුණා. අරාබි රටවල නායකයන් මැතිණියගේ තීරණය බොහෝ සෙයින් අගය කළා.

1977 දී ජේ.ආර්.ජයවර්ධන මහත්තයා බලයට පත්වුණාම ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා නැවත අළුත් වුණා. ජේ.ආර්. ගේ ආණ්ඩුවේ ආරක්ෂක ඇමති වුණේ ලලිත් ඇතුලත්මුදලි මහත්තයා. එතුමා දේශපාලනයට එන්න කළින් ජෙරුසෙලමේ හීබෲ විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළා. ජනාධිපතිවරයාගේ එකම පුත්‍රයා වූ රවි ජයවර්ධනත් දැඩි ඊශ්‍රායල හිතවාදියෙක්. LTTE ය ඒක්ක සටන් කරන්න ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් තාක්ෂණික සහාය ලබා ගත යුතු බවට අදහස ගෙන ආවේ ඒ දෙන්නා තමයි. ඒකටත් හේතුවක් තිබුණා. LTTE සටනට ජේ.ආර්. බටහිර රටවලින් ආයුධ මිලට ගැනීමට උත්සාහ කළාට ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා. ඒ නිසා උන්නැහේ ඊශ්‍රායලය පැත්තට හැරුණා. අපි දන්නා STF හෙවත් විශේෂ කාර්ය බලකාය හැදුනෙත් ඊශ්‍රායලයේ ආධාර ඇතිව.

1984 දී දෙවන වතාවටත් කොළඹ ඊශ්‍රායල තානාපති කාර්යාලයක් ආරම්භ වුණා. කොහොම හරි ඊටත් කළින් සිටම ජේ.ආර්.ගේ සමහර තීරණ වලට මොසාඩ් සංවිධානයේ උපදෙස් බලපෑ බව පැවසෙනවා. මොසාඩ් අභ්‍යන්තර තීරණ ගැන ලියවුණු By Way of Deception නම් පොතක් තිබෙනවා. බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස කඩිනම් මහවැලි ව්‍යාපාරය ගෙන ආපු එක ඇත්ත. ඒත් ඒ හරහා සිංහල ගොවීන් වියළි කලාපයේ පදිංචි කිරීම වේගවත් කරන ලෙස ජේ.ආර්.ට උපායමාර්ගික උපදෙස් දුන්නේ කැට්සා නම් මොසාඩ් ඒජන්තයෙක් බව ඒ පොතේ සඳහන් වෙනවා. මහවැලි ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250 ක ආධාරයක් ලබාගැනීමට හැකි වන පරිදි ඒ පිළිබඳ විශ්ලේෂන වාර්තාව සකස් කිරීමටත් මොසාඩ් නියෝජිතයන් දෙදෙනෙකු සහභාගී කරවූ බව එහි දැක්වෙනවා. මහවැලි ව්‍යාපෘතියේ විශාලම කොන්ත්‍රාත්තුවක් ප්‍රධාන ඊශ්‍රායල සමාගමක් වන සොලෙල් බොනාට ලබා දීමට ‌ජේ.ආර්.ගේ ආණ්ඩුව කටයුතු කළා. ප්‍රවීණ ඊශ්‍රායල ගෘහ නිර්මාණ ශිල්පී උල්රික් ප්ලෙස්නර් මහවැලි ජනාවාස සඳහා නව නගර හයක් සැලසුම් කළේ මේ අනුව තමයි.

නමුත් ලංකාණ්ඩුව හා ඊශ්‍රායලය අතර නැවතත් ගොඩනැගෙමින් තිබුණු ඇයි හොඳැයිය මෙරට මුස්ලිම් නායකයන්ට හිසරදයක් වුණා. පලස්තීන විමුක්ති සංවිධානය (PLO) පිළිබඳව ඔවුන්ගේ තිබූ අනුකම්පාව මෙරට ප්‍රධාන පෙළේ දේශපාලඥයන්ගේ හිස් තුලට කාවැද්දීමට ඔවුන්ද උත්සාහ කළා.

ජේ.ආර්.ගේ අනුප්‍රාප්තිකයා වූ ආර්.ප්‍රේමදාස මහත්තයා ආයෙමත් ඊශ්‍රායලයත් එක්ක කොක්ක එල්ලා ගත්තා. සයන්වාදය කියන්නේ කුමක්ද යන්න කළින් ලිපියක පැහැදිලි කළා. රටක් අහිමි යුදෙව්වන්ට තමන්ගේම රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා ඇතිවූ සංකල්පයට තමයි සයන්වාදය කියන්නේ. ඒ වෙන විට සයන්වාදය කියන්නේ ජාතිවාදී ව්‍යාපාරයක් විදියට තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සැළකුවේ. එහෙම යෝජනාවක් මහා මණ්ඩලයේ සම්මත වෙලා තිබුණා. මේ යෝජනාව ඉවත් කරන්න තවත් ප්‍රතියෝජනාවක් ඊශ්‍රායල හිතවාදී බටහිර රටවල් විසින් 1991 දී මහා මණ්ඩලයට ගෙන ආවා. බටහිර රටවල් පුදුම කරවමින් ප්‍රේමදාස උන්නැහේ මීට විරුද්ධව ඡන්දය දුන්නා. මෙරට මුස්ලිම් දේශපාලඥයන් නැවතත් ජයගත්තා. ප්‍රේමදාස මහත්තයා ඊශ්‍රායලයට අවසන් නිවේදනය නිකුත් කළා. ඔහු කොළඹ ඊශ්‍රායල තානාපති නිලධාරීන්ට වහාම රටින් පිට වන ලෙස නියෝග කළා.1992 දී කොළඹ ඊශ්‍රායල තානාපති කාර්යාලය දෙවන වරටත් වසා දැමුණා. නිලධාරීන් බඩුමුට්ටු අකුලාගෙන යන්නට ගියා.

By Way of Deception පොතේ තව තැනක තිබෙනවා මොසාඩ් සංවිධානය පසුව ශ්‍රී ලංකා හමුදාවට පුහුණුව දෙන ගමන්ම LTTE සංවිධානයටත් පුහුණුව ලබා දුන් බව. ඒ වගේම ප්‍රේමදාස මහත්තයාට විරුද්ධව ගෙනාපු දෝෂාභියෝගය මොසාඩ් කුමන්ත්‍රණයක් ලෙසත් අපේ වැඩිහිටියෝ කියනවා ඇහෙනවා. ඒකට හේතුව ඊශ්‍රායලයත් එක්ක දැඩි සම්බන්ධයක් තිබුණු ලලිත් ඇතුලත්මුදලි මහත්තයා දෝෂාභියෝග යෝජනාවේ ප්‍රමුඛත්වය ගැනීම.

ඉන් පසුව චන්ද්‍රිකා මැතිණියගේ යුගයේ නැවතත් ඊශ්‍රායල්- ශ්‍රී ලංකා සම්බන්ධතා අලුත් වුණා. ඒකට ප්‍රබල හේතුවක් වුණේ විදේශ ඇමති ලක්ෂ්මන් කදිර්ගාමර් මහත්තයා. 2000 මැයි මාසය වෙන විට LTTE සංවිධානය සමඟ යුද්ධය දරුණුවට සිදුවෙමින් තිබුණා. එක අවස්ථාවක හමුදාව යාපනය අර්ධද්වීපයට කොටු වුණා. යාපනය බේරා ගැනීමට උදව් ඉලලන්න ජනාධිපතිනිය කදිර්ගාමර් මහත්තයාව නවදිල්ලියට පිටත් කලා. ඒත් ඉන්දියාව ඒ උදව්ව කරන්න ඉදිරිපත් වුණේ නැහැ. ඒ වෙනුවට අවශ්‍යනම් අපේ හමුදාව නිරුපද්‍රිතව යාපනයෙන් ඉවත් කර ගැනීමට උදව් කළ හැකි බව ඉන්දියානු අගමැති වජ්පායි කදිරගාමර්ට දැනුම් දුන්නා. එහෙම වුණානම් ඊලාම් රාජ්‍ය්‍ය බිහිවෙන්නේ එදා තමයි. නමුත් කෘතහස්ත රාජ්‍යතාන්ත්‍රිකයකු වූ කදිරගාමර් මහත්තයා නවදිල්ලියට ගියේ Plan B සැලැස්මක් ඔලුවෙ තියාගෙන. ඔහු නවදිල්ලියේ සිටින ඊශ්‍රායල් තානාපතිවරයා මුණගැසුණා. පැය 48ක් තුළ විදේශ ඇමති වරයාට තමන්ගේ ඊශ්‍රායල සබඳතා අලුත් කර ගන්න හැකිවුණා. කොළඹට ආපු ගමන් කදිරගාමර් මහත්තයා කළේ ටෙල් අවිව් වල ලංකාවෙ තානාපති කාර්යාලයක් ආරම්භ කරපු එක. ඒ අතරෙ ඊශ්‍රායල් ආණ්ඩුව තායිලන්තයේ බැංකොක් නුවර හිටපු ඊශ්‍රායල් තානාපති ඩේවිඩ් මැක්නායිට කිව්වා ලංකාවෙත් තානාපති විදියට වැඩ කරන්න කියලා. එතුමාගෙ තවත් විශේෂත්වයක් තිබෙනවා. ප්‍රේමදාස මහත්තයා ඊශ්‍රායල තානාපති නිලධාරීන්ට වහාම රටින් පිට වෙන්න කිව්වා මොහොතේ කොළඹ ඊශ්‍රායල තානාපති නිලධාරීන් දෙන්නෙක් හිටියා. එයින් එක්කෙනෙක් තමයි ඩේවිඩ් මැක්නායි.

ලංකාව ගැන හොඳින් දන්න මැක්නායි මහත්තයා එදාම වැඩේ පටන් ගත්තා. බැංකොක් වල හිටපු ලංකාවේ තානාපති නිලධාරීන් මුණ ගැසිලා අවශ්‍ය අවි ආයුධ සපයන්න කටයුතු කළා. ඊශ්‍රායලය නිපදවූ 'කෆීර්' යානා සහ රුසියාවේ මිග්-27 යානා මෙන්ම ඊශ්‍රායලය ලබාදුන් ඩෝරා නම් වේග ප්‍රහාරක යාත්‍රා නඩත්තු කිරීමට අවශ්‍ය තාක්ෂණවේදීන් වහාම කොළඹට එව්වා. ඊශ්‍රායල ආයුධ නැව් පිටින් එවන්න ගත්තා. එවකට තායිලන්තයේ හිටපු නියෝජ්‍ය ශ්‍රී ලංකා තානාපති ඒ.එල්. රත්නපාල මහතා මැක්නායි එක්ක මේ කටයුතු සම්බන්ධීකරණය කළා.

හැබැයි 2000 ඉඳන් මේ දක්වා එක දිගට රාජ්‍යතාන්ත්‍රික කටයුතු කරගෙන ආවත් කොළඹ ඊශ්‍රායල තානාපති කාර්යාලය ආයෙත් පටන් ගන්න ඊශ්‍රායලය එතරම් උනන්දුවක් නැහැ. අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය විටින් විට වෙනස් වෙන නිසා ආපසු අකුල ගෙන යන්න උනොත් කියල ඒ ඇත්තන්ට සැකයක් ඇති.

මේකට තවත් එකතු වෙන්න අවශ්‍ය කරුණු බොහෝ තිබෙනවා. යම් සීමා කිරීම් තිබෙන නිසා ප්‍රවේසමෙන් ලියපු ලියවිල්ලක් මේක. දැන් මේ කතාව ඇහුවම බොහෝ අය යමක් දැන ගනීවි. තවත් සමහරු ෆයර් වේවි. තවත් සමහරු ඈත අතීතයේ සොලමන් රජුගේ කතා පිළිගෙන මෑත අතීතයේ ඩී.ඇස්.ගේ කතා ප්‍රතික්ෂේප කරාවි. නිසා තමයි මුලින්ම කිව්වේ අපේ රටේ වර්තමාන දේශපාලනයට මේ කරුණු ගාවගන්නේ නැතිව ඉතිහාසය විතරක් කියවමු කියලා. කියවූ ඔබ සැමට තුති!

Shanaka Madhushan Liyanagama

2021 මැයි 18

Please join with : ලෝකය එකම යායක්

https://www.facebook.com/groups/260756375150496

මෙම ලිපියේ අන්තර්ගත යම් කරුණු කිහිපයක් Indian Defence Review වෙබ් අඩවියට පුන්සරා අමරසිංහ මහත්මිය ලියන ලද ලිපියකින්ද Sunday Observer පුවත්පතට දිල්ෂාන් ජෝසප් මහතා ලියන ලද ලිපියකින් ද, Indo-Christian Culture වෙබ් අඩවියන් ද උපුටා ගන්නා ලදි.

"https://si.wikipedia.org/w/index.php?title=මැද_පෙරදිග&oldid=482781" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි