ටජ් මහල්
ටජ්මහල් ඉන්දියාවේ අග්‍රා නගරයේ පිහිටා ඇති සොහොන් ගැබැක් ලෙස තැනවු කිරිගරුඬ මන්දිරයකි. මෙය තම දේවිය "මුම්ටාස් මහල්" සිහිවීම පිණිස "ෂා ජෙහාන්" නම් මෝගල් අධිරාජ්‍යා විසින් ඉදිකරන ලදී. මෙය ඉන්දියාවේ ඉස්ලාමීය ගෘහ නිර්මාණ කලාවේ ආභරණය ලෙස හදුන්වන අතර ලෝක උරුම ශ්‍රේෂ්ඨ කලා කෘතියක් ලෙස සලකණු ලබයි. පර්සියන්, තුර්කි හා ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පයන්ගේ සංකලනයක් වු මෙය මෝගල් ගෘහ නිර්මාණ ශිල්පයේ කැඩපතක් ලෙසටද හැඳින්විය හැක.
1983 දී ටජ්මහල යුනෙස්කෝ ලෝක උරුමයක් විය. කිරිගරුඬ බුබ්බුලාකාර කොත සහිත සොහොන් ගැබ මෙහි ප්‍රධාන අංගය වුවත් ටජ්මහල් යනු ගොඩනැඟිලි සංකිර්ණයකි. මෙහි ඉදිකිරීම් 1632 දී පමණ ආරම්භ කළ අතර චිත්‍ර හා කැටයම් ශිල්පීන් දහස් ගනණකගේ දායකත්වයෙන් 1653 දී පමණ ඉදිකිරීම් අවසන් විය. ටජ්මහල ඉදිකිරීමේදි අධිරජ්‍යාගේ මඟ පෙන්වීම මත ගෘහ නිර්මාණ ශිල්පින් කිහිප දෙනෙකුම කටයුතු කර ඇත. ඒ අතරින් "අබ්-උල්-කරීම්", "මාමුර්-ඛාන්", "මක්‍රමත්-ඛාන්" හා ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී "උස්ටාඩ්-අහමඩ්-ලහාවුරි" විශේෂ වේ.
මූලාරම්භය
සංස්කරණය1631 දී මෝගල් අධිරාජ්‍යයාගේ තෙවන දේවිය වන "මුම්ටාස් දේවිය" ඔවුන්ගේ 14 වන දරුවගේ උපත සිදුවන අතර තුර මරණයට පත්විය. මේ පිළිබඳව බලවත් කම්පාවට පත් වු අධිරාජ්‍යයා ටජ්මහල කරවු බව වංශ කථා වල සඳහන් වේ. මෙහි ප්‍රධාන සොහොන් ගැබ 1648 දි ඉදිකර නිමකර ඇති අතර පරිවාර ගොඩනැඟිලි එයින් වසර පහකට පමන පසු ඉදිකර ඇත. "ෂා-ජෙහාන්" රජු ටජ්මහල මේ ආකාරයට විස්තර කර ඇත.
"පව්කාරයකු වුවද මෙහි පැමිණි කල
ඔහුගේ සියලු පෙර පව් සෝදා
වරදකාරී හැඟීමෙන් මුදවා
සමාව දුන් කෙනෙකු ලෙස පව් වලින් නිදහස් කල හැකි
දැකීමෙන් පවා සුසුම්ලෑමට හේතුවන
ඉර හඳ පවා කඳුලූ වගුරුවන
ටජ්මහල
මැවුම්කරුවාගේ මහිමය විදහා පෑමට
මහ පොලව මත ඉදිකරන ලද්දකි"
ටජ්මහල ඉදිකිරීමෙදී පර්සියානු ගෘහ නිර්මාණ ශිල්පිය ලක්ෂණ බලපා ඇත්තා සේම එවකට ඉදිකර තිබු මෝගල් ගොඩනැඟිලි වල ගෘහ නිර්මාණ ලක්ෂණ බලපා ඈත. ඒ අතර "ගුර්-එ-අමීර්", "ඉට්මැඩ්-උඩ්-ඩුලහ් හි සොහොන් මන්දිරය (කුඩා ටජ්මහල් ලෙසද හදුන්වයි) හා "ජමා-මස්ජිඩ්" ඒ අතර ප්‍රධාන වේ. මිට ඉහතදී මෝගල් ගොඩනඟිලි සඳහා රතු වැලි ගල් භාවිතා වු අතර "ෂා-ජෙහාන්" රජු විසින් කිරිගරුඬ හදුන්වාදෙන ලදී.
ගෘහ නිර්මාණ ශිල්පය
සංස්කරණයසොහොන් ගැබ
සංස්කරණය
ටජ්මහල් ගොඩනැඟිලි සංකිර්ණ්යේ ප්‍රධාන අංගය සොහොන් ගැබයි. සුදු පැහැති විශාල චතුරස්‍රාකාර පාදමක් මත ඉදිකර ඇති මෙය බොහෝ මෝගල් ගොඩනැඟිලි මෙන්ම "ඉවාන්"(ආරුක්කු හැඩැති දොරකඩක්), විශාල බුබ්බුලාකාර කොතක් හා කොත් කැරැල්ලකින් යුක්තය.
මෙහි පාදම් සැකිල්ල ඉතා විශාල වූත් කුටීර සහිත අසමමිතික අෂ්ටාස්‍ර හැඩ ගනී. මෙහි එක පැත්තක් මීටර් 55(අඩි 180) පමණ වේ. මෙම සෑම පෙදෙසකින්ම විශාල ආරුක්කු මඟවල් තනා ඇති අතර ආරුක්කු හැඩැති සඳළුතල නිමවා ඇත්තෙ ගොඩනැඟිල්ලෙ සෑම පැත්තක්ම සමමිතික වන පරිදිය. ප්‍රාසාදශෘංග සතරක් ගොඩනැගිල්ලේ පාදමේ කොන් සතරෙහි පිහිටයි. ප්‍රධාන කුටීරයේ "ෂා-ජෙහාන්" රජුගේ හා "මුම්ටාස්" දේවියගේ ව්‍යාජ සොහොන් කොත් පිහිටයි. සත්‍ය සොහොන් ගැබ් පිහිටා ඇත්තේ ඊට පහලින්ය.
කිරිගරුඬ බුබ්බුලාකාරය මෙම මන්දිරයේ විශේෂම අංගය වේ. එය මීටර් 35 (අඩි155) පමණ උස වේ. මෙය සිලින්ඩරාකාර හැඩැති මීටර් 7(අඩි 23) පමණ උස සිංගාරමක් මත පිහිටයි. මෙහි හැඩය නිසාම ලූනු ගෙඩියෙ හැඩය ගත් බුබ්බුලාකාරය (Onion Dome) ලෙස හදුන්වයි. එහි මුදුන නෙලුම්මල් මෝස්තරයෙන් නිම කර ඇත. මෙම බුබ්බුලාකාරයෙහි හැඩය ඉස්මතුවීම සඳහා තවත් කුඩා බුබ්බුලාකාර සතරක් කොන් සතරෙහි නිමකර ඇත. එහි වහලය ස්ථම්භ වලින් උසවගෙන සිටින අතර එමඟින් ආලෝකය ගොඩනැඟිල්ල තුලට ගමන් කරයි. ප්‍රධාන බිත්ති අග උල් වූ තුඩු වලින් අලංකාර කර ඇති අතර එමඟින් ගොඩනැඟිල්ලට උස් බවක් එක්වී ඇත. බුබ්බුලාකාරය මත සාම්ප්‍රදායික හින්ඳු හා පර්සියන් මෝස්තරයෙන් හැඩවු කොත් කැරැල්ලක් පිහිටයි.
මෙම කොත් කැරැල්ල මුලින් රත්‍රන් වලින් නිමවා ඇති අතර 19 සියවස මුල් භාගයෙදි එය තඹ වලින් නිමවු කොත් කැරැල්ලකට ප්‍රතිස්ථාපනය කර ඇත. මෙයට හින්ඳු හා පර්සියන් නිර්මාණ ශෛලියන් මුසුවි ඇති අතර මෙහි මුදුනෙ හඳක හා ඉස්ලාමීය නිර්මාණයකින් යුක්ත වේ. මෙම නිර්මාණයේ හදේ තුඩු හා කොතෙ තුඩු එක්වු කල ශිව දෙවියන්ගෙ සළකුණක් වන ත්‍රිශුලය සිහිකරවනු ලබයි.
මෙම ගොඩනැඟිල්ලේ පාදම කෙලවර පිහිටා ඇති ප්‍රාසාදශෘංග සතරකි. මිටර් 40(අඩි130) පමණ උස් වන මෙම ප්‍රාසාදශෘංග නිර්මාණයෙහි සමමිතික බව අරක්ෂා කර ඇති ආකාරය විශ්මය ජනකය. මෙවා මුස්ලිම් දේවස්ථාන වල යාඥා සදහා භාවිත වෙන ප්‍රාසාදශෘංග අයුරින්ම නිමවා ඇත. සෑම ප්‍රාසාදශෘංගයක්ම සඳළුතල දෙකකින් කොටස් තුනකට බෙදා ඇති අතර මෙහි මුදුන "චට්රි" ගෘහ නිර්මාණ අංගයෙන් නිමව ඇත. මෙම සියලුම "චට්රි" ගෘහ නිර්මාණ අංගයන් නෙලුම් මල් මොස්තරෙන් අලංකාර කර ඇත. මෙම ප්‍රාසාදශෘංග ප්‍රධාන සොහොන් මන්දිරයෙන් දුරස්ථව තනවා ඇත්තෙ යම් හෙයකින් මෙම ප්‍රාසාදශෘංග කඩා වැටීමකදී සොහොන් මන්දිරයට හානි නොවන ආකාරයටය.
-
බුබ්බුලාකාරය සහ ප්රසාදශෘංගය
-
කොත්කැරැල්ල
-
ප්‍රධාන ඉවානය
-
ටජ්මහලේ සරල බිම් සැකැස්ම
පිටත අලංකරණය
සංස්කරණයටජ්මහලේ පිටත අලංකරණය මෝගල් ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ඨත්වය විදහා දක්වයි. ගොඩනැඟිල්ලේ මතුපිට අලංකරණය සඳහා තීන්ත, කැටයම්, ඔබ්බවු ගල් හා "ස්ටුකො" නිර්මාණ ශෛලය යොදා ගෙන ඇත. මෙහි නිර්මාණ කාව්‍යලේඛන, අමුර්ත ආකෘති හා වර්ධක ලෙසට කාණ්ඩ කිහිපයකට වර්ග කල හැක. ඉස්ලාම් ධර්මයට අනුව වාරණයට ලක් වු මනුෂ්‍යත්වාරෝපිත කාණ්ඩයට නිර්මාණ කිසිවක් අයත් නොවේ.
සංකීර්ණය පුරාවට කුරානයේ අන්තර්ගත කොටස් නිර්මාණ සඳහා යොදාගෙන ඇත. නූතන විශාරදයන්ට අනුව මෙම කොටස් තෝරාගෙන ඇත්තේ "අමනත්-ඛාන්" විසිනි.
මෙහි අන්තර්ගත යෙදුම් අතර
සුරහ් 36 – යා සින් Ya Sin
සුරහ් 39 – සමූහය The Crowds
සුරහ් 48 – ජයග්‍රහනය Victory
සුරහ් 67 – ආධිපත්‍යය kDominion
සුරහ් 77 – ඉදිරියට යැවූ Those Sent Forth
සුරහ් 81 – ඉහලට නැමීම rThe Folding Up
සුරහ් 82 – කැබලි වලට ඉරීම The Cleaving Asunder
සුරහ් 84 – දෙපලූ කිරීම The Rending Asunder
සුරහ් 89 – අරුණෝදය Daybreak
සුරහ් 91 – සූර්‍යයා The Sun
සුරහ් 93 – උදෑසන කිරණ Morning Light
සුරහ් 94 – සැනසිල්ල The Solace
සුරහ් 95 – දිඹුල් The Fig
සුරහ් 98 – සාක්ෂිය The Evidence
සුරහ් 112 – පාරිශුද්ධ භක්තිය The Purity of Faith
මෙහි ඇති කාව්‍ය ලේඛන සිදුකර ඇත්තේ 1609 දී "අබ්දුල්-හක්' නම් ශිල්පියා විසිනි. "ෂා-ජෙහාන්" රජු විසින් පසුව "අමනත්-ඛාන්" නම් නම්බුනාමය පුදකරන ලදී. මෙම කාව්‍යලේඛන නිර්මාණය කර ඇත්තේ කිරිගරුඬ කැටයම් පුවරු මත සූර්‍යකාන්ත පාෂාණයෙන් හා කලුගරුඬ පාෂාණයෙනි. ඉහල ඇති පුවරු මත ප්‍රමාණයෙන් විශාල නිර්මාණ කර ඇත්තේ පහළ සිට බැලීමට හැකි වන පරිදිය. ස්මාරකයේ කැටයම් කර ඇති කාව්‍යලේඛන ඉතා සවිස්තර වූත් විචිත්‍ර වූත් නිර්මාණ වේ. අමුර්ත ආකෘති ආකාරයේ නිර්මාණ ගොඩ්නැඟිල්ලේ සෑම තැනකම පාහේ යොදාගෙන ඇත. බුබ්බුලාකාරය හා තැන්පත් ගර්භය තුල වැලිගල් සහිත මතුපිටෙහි විශිෂ්ථ ජ්‍යාමිතික චිත්‍ර, කතිර රටා හා කැටයම් වලින් යුක්තය. සුදු පැහැති ඔබ්බවන ලද කැටයම් වැලිගල් මතද කලු පැහැති ඔබ්බවන ලද කැටයම් කිරිගරුඬ මතද නිමකර ඇත. හුණු බදාමයෙන් කල කොටස් විචිත්‍ර ලෙස වර්ණ ගන්වා ඇති අතර පොළව සදහා එකින් එකට වෙනස් වූ පිඟන් ගඩොල් රටා යොදාගෙන ඇත.
පහළ මට්ටමේ ඇති බිත්ති "පේකඩ" නම් මුර්ති නිර්මාණ ශිල්පයෙන් අලංකාර කර ඇත. මෙහි කිරිගරුඬ පසුබිම ඔපදමා ඇති අතර එමඟින් කැටයම් වඩාත් විස්තර සහිතව දිස්වේ. පහළ බිත්ති කොටස්, ආරුක්කු දෙපස කොටස් ජ්‍යාමිතික හැඩ, මල් හා පළතුරු වැල් වලින් අලංකාර කර ඇති අතර මේ සඳහා සුර්‍යකාන්ත පාෂාණය, හරිතමනි පාෂාණය හා කහගරුඬ යොදාගෙන ඇත.
ඇතුලත අලංකරණය
සංස්කරණයටජ්මහලේ ඇතුලත අලංකරණය සාම්ප්‍රධායික නිර්මාණ වලින් ඔබ්බට ගොස් ඇත. මෙහි ඔබ්බවන ලද ගල් කැටයම් "පෙයිට්‍රා ඩුරා" ආකාර නොගනී. ඇතුලත කුටීරය සෑම පැත්තකින්ම ඇතුලුවිය හැකි අෂ්ටාස්‍ර හැඩ ගනී. නමුත් දකුණු දිශාවේ දොර පමණක් භාවිතා වේ. ඇතුලත බිත්ති මිටර් 25(අඩි 82) පමණ උස වන අතර ඒවා ව්‍යාජ බුබ්බුලාකාරයකින් අවසන් කර ඇත. ආරුක්කු 8 කින් පහත මාලය සමන්විත වන අතර මේවා පිටත සමඟ සම්බන්ධ වී වැඩි ඉඩකඩක් ලබා දී ඇත. සෑම පහත ඇති ආරුක්කු හැඩති විවරයක්ම බිත්තියේ මධ්‍යයේ දී තවත් එවැනිම ආරුක්කු හැඩති විවරයක් හා සම්බන්ධ වේ. ඉහල මධ්‍යයේ ඇති ආරුක්කු විවරයන්ගේ සඳළුතල මතින් වටපිටාව මැනවින් දිස් වන අතර එහි පිටත ඇති ජනේල විවරය සංකීර්ණ කැටයම් මෝස්තර සහිත "ජාලි" වලින් නිර්මිතය. බොහෝ විට මෙය ආලෝකය ලබාගැනීම සඳහාද භාවිතා වේ. සෑම කුටීර බිත්තියක්ම ඉතා විචිත්‍ර හා සියුම් පේකඩ, මැණික් නිර්මාණයන් ගෙන්ද කාව්‍යලේඛන නිර්මාණයන් ගෙන්ද සමන්විතය.
ස්මාරකය වටා අෂ්ඨාස්‍ර හැඩැති කිරිගරුඬ පුවරුව "ජාලි" විචිත්‍ර කැටයමෙන් යුතු අතර ගරුඬ පාෂාණ පුවරු අටකින් සමන්විතය. එහි කැටයම් කර ඉතිරිවී ඇති කොටස් විවිද පාෂාණ ඔබ්බවා විචිත්‍ර කර ඇත.
ඉස්ලාම් සම්ප්‍රදයට අනුව සොහොන් විචිත්‍ර චිත්‍ර හා කැටයමින් අලංකාර කිරීම සිදු නොකල යුත්තකි. එහෙයින් "මුම්ටාස්" දේවියගේ හා "ෂා-ජෙහාන්" රජුගෙ සිරුරු තැන්පත් කර ඇත්තෙ ඔවුන්ගේ මුහුණු "මක්කම" දිශාවට හරවා චාම් ලෙස නිර්මාණය කර ඇති ඇතුලත කුටිරයකය. "මුම්ටාස්" දේවියගේ ස්මාරකය ඇතුල් කුටීරයේ මධ්‍යයේ මීටර් 1.5(අඩි 4 අඟල් 11) දිග හා මීටර් 2,5(අඩි 8 අඟල් 2) කින් පළල වේදිකාවක් මත පිහිටයි.
වේදිකාව හා ස්මාරකය ඉතා වටිනා මැණික් ඔබ්බවා නිමකර ඇත. ස්මාරකය මත ඇති ශිලා ලේඛන දේවියගේ ගුණ වර්ණ්නා කර ඇත. ස්මාරකයේ මතුපිට ශිලා ලේඛන පුවරුවක් ලෙස භාවිතා කර ඇත. "ෂා-ජෙහාන්" රජුගේ ස්මාරකය "මුම්ටාස්" දේවියගේ ස්මාරකයට බටහිර දිශාවට වන්නට පිහිටයි. එය මුලු ටජ්මහල් මන්දිරයේම ඇති එකම අසමමිතික අංගය වේ. රජුගේ ස්මාරකය දේවියගේ ස්මාරකයට වඩා විශාල වන නමුත් එක සමාන කැටයම් නිර්මාණ වලින් යුක්තය. විශාල ස්මාරකයේ පාදම අනෙකට වඩා විශාල වේ.
සොහොන් කොත මත විවිධ ශිලා ලේඛන/කාව්‍යලේඛන නිර්මාණය කිරිම මෝගල් අවමඟුල් සම්ප්‍රදාය වේ. "මුම්ටාස්" දේවියගෙ සත්‍ය සොහොන් කොතෙහි පැති වල දෙවියන් අනූ නව දෙනෙකුගෙ නම් සහිත ශිලා ලේඛන විය. "ෂා-ජෙහාන්" රජුගේ සොහොන් කොතේ මෙලෙස සඳහන්ව ඇත. "ඔහු "හිජ්රි" දින දර්ශනයට අනුව වසර 1076 "රජාබ්" මස 26 වන දින රාත්‍රියේ මෙලොව හැරදමා සදාකාලිත්වයේ මන්දිරය වෙත පියමැන්නේය".
-
ජාලි කැටයම් සහිත ආරුක්කුව
-
සියුම් කැටයම් නිර්මාණ
-
Jali නිර්මාණ
-
පෙයිට්‍රා ඩුරා නිර්මාණ
උද්‍යානය
සංස්කරණයමෙම සංකීර්ණය වර්ග මීටර 300(වර්ග අඩි 980) පමණ වේ. උද්‍යානයේ පටු මන්තීරු මඟින් උද්‍යානය කොටස් හතරකට බෙදී වෙන් වන අතර ඒ එක් කොටසක් නැවතත් කොටස් සතරකට වෙන් වේ. උද්‍යානයේ මධ්‍යයේ කිරිගරුඬ ජල තටාකයක් පිහිටයි. සමාධිය හා පිවිසුම් දොරටුව අතරමැද පිහිටන මෙය සමාධියේ ප්‍රතිබිම්බ පරාවර්තනය කරන තටාකයකින්ද සමන් විත වේ. මධ්‍යයේ ඇති ජල තටාකය "හෝව්ඩ්-අල්-කව්තාර්" එනම් සමෘදියේ තටාකය ලෙස හදුන්වයි. මෙය පර්සියානු ආභාශය ලද උද්‍යානයක් වන අතර උද්‍යානයට ඔබින ගස්වැල් හා වතුර මල් වලින් සමන්විතය. මෙම උද්‍යාන ක්‍රමය ඉන්දියාවට හඳුන්වා දෙන ලද්දේ පලමු මෝගල් අධිරාජ්‍යා වන "බාබුර්" විසිනි.මෙම උද්‍යාන ක්‍රමය පර්සියානු ගෘහ නිර්මාණ ශිල්පයේ "පාරාදීසයේ උද්‍යානය" (paradise Garden") සංකල්පය අනුව ඉදිවූවකි. මෝගල් යුගයේ ඉස්ලාම් පොත් පත් වලට අනුව පාරාදීසය හඳුන්වාදී ඇත්තේ මධ්‍යයේ උල්පතකින් පටන් ගන්නා ජල පහරවල් සතරක් දිශා සතරකට විහිදී උද්‍යානය කොටස් සතරකට වෙන් කෙරෙන සමෘදිමත් උද්‍යානයක් ලෙසටය.
බොහෝ මෝගල් උද්‍යාන සැලසුම් ඍජුකෝණාස්‍රාකාර වන අතර මධ්‍යයේ මන්දිරයක් හෝ ස්මාරකයක් පිහිටයි. නමුත් ටජ්මහල් උද්‍යානයේ ප්‍රධාන ස්මාරකය පිහිටා ඇත්තේ උද්‍යානයේ කෙළවරකය. නමුත් මෙම සංකීර්ණයේ "සඳරැස් උද්‍යානය" (Moonlight Garden) ගවේෂණයෙන් පසු ඉන්දියානු පුරාවිද්‍යා සමීක්ෂණයන්ට අනුව "යමුනා" නදිය මෙම සංකීර්ණයේ සැලැස්මට දායක වී ඇති බවද "යමුනා" නදිය පාරාදීසයේ ජල ධාරා සතරින් එකක් බවට සළකනු ලැබූ බවද දැක්වේ. මෙම උද්‍යානයට සමාන තවත් උද්‍යානයක් ඇති අතර එය "ෂර්ලීමා උද්‍යානය" (Shalimar Gardens) ලෙසත් හඳුන්වයි. මෙහි සමාන්ත්වය නිසා උද්‍යාන දෙකම "අලි-මාර්ද්න්" නම් ශිල්පියා විසින් කල බවට සැලකේ. උද්‍යානය වෘක්ෂලතා හා රෝස, ඩැෆිඩෙල් හා පළතුරු ගස් වලින් සමන්විතය. අධිරාජ්‍යාගේ වියෝවෙන් පසුව නඩත්තු කටයුතු අඩුවී ගොස් බ්‍රිතාන්‍යයන් විසින් එහි පාලනය ගෙන බ්‍රිතාන්‍ය භූමි නිර්මාණකරන ක්‍රම අනුව වෙනස් කලහ.
පිටත ගොඩනැඟිලි
සංස්කරණයමෙම මන්දිර සංකීර්ණය තුන් දිශාවකින් රතුවැලි ගලින් නිමවු බිත්ති වලින් වටවී ඇති අතර නදිය දෙසට මුහුනලා ඇති දිශාව විවෘතව පවතී. මෙම බිත්ති වලින් පිටත තවත් සොහොන් ගැබ් පිහිටා ඇත. ඒ අතර "ෂා-ජෙහාන්" රජුගේ අනෙක් දේවියන්ගේ හා "මුම්ටාස්" දේවියගේ වැඩකරුගේ සොහොන ප්‍රධාන වේ. මේවා රතු වැලි ගලින් නිම වී ඇති අතර සාපේක්ෂව කුඩා සොහොන් ගැබ් වේ.
ප්‍රධාන දොරටුව ගරුඬ පාෂාණයෙන් නිමවා ඇති අතර එය අතීත මෝගල් ගෘහ නිර්මාණ ශිල්පය සිහිකරවන්නකි. එයද ස්මාරකයේ මෙන් ආරුක්කු මඟකින් හා කාව්‍යලේඛන වලින් විචිත්‍රවත් වී ඇත. මෙය පේකඩ හා "පෙයිට්‍රා ඩුරා" කැටයමින් සමන්විතය.මෙහි සිවිලිම හා බිත්ති ජ්‍යාමිතික හැඩතල වලින් යුතු අතර සංකීර්ණයේ අනෙක් ගොඩනැඟිලි වලට සමාන වේ.
ගොඩනැඟිලි සංකීර්ණයේ එක් අන්තයක තවත් රතු වැලි ගලින් නිර්මිත එක හා සමාන ගොඩනැඟිලි දෙකක් ඇත. එහි බටහිර අන්තයේ ඇති ගොඩනැඟිල්ල ඉස්ලාම් දේවස්ථානයක් වන අතර අනෙක් ගොඩනැඟිල්ල "ජාවබ්" නමින් හඳුන්වන සමමිතිය ආරක්ෂා කරගැනීමට ඉදිකරන ලද්දකි. නමුත් මෙය අමුත්තන්ගේ නවාතැන් පොළක් ලෙසට භාවිතා කල බවට සඳහන් වේ. "ජාවබ්" ගොඩනැඟිල්ලේ ජ්‍යාමිතික හැඩ වලින් සමන්විත අතර දේවස්ථානයේ ගෙබිම කළු ගරුඬින් නිමකල යාඥා බුමුතුරුණු 569 කින් සමන්විතය. දේවස්ථානය බුබ්බුලාකාර තුනකින් සමන්විතය වන අතර මෙය "ෂා-ජෙහාන්" රජු නිමකල අනෙක් ගොඩනැඟිලි වලට බොහෝ සේ සමන වේ. මේ යුගයේ ඉස්ලාම් දේවස්තාන ප්‍රධාන කොටස් තුනකින් යුක්ත විය. ප්‍රධාන කොටස අනෙක් දෙකට සාපේක්ෂව විශාල වේ. මෙම පිටත ගොඩනැඟිලි 1643 දී ඉදිකර නිම කරන ලදී.
ඉදිකිරීම
සංස්කරණයටජ්මහල ඉදිකර ඇත්තේ අග්‍රා නගරයේ දකුණු ප්‍රදේශයට වන්නටය "ෂා-ජෙහාන්" රජු "මහරාජා-ජායි-සින්හ්" හට අග්‍රා වල ඉතා විශාල මන්දිරයක් තෑගි කර මෙම බිම් කොටස ලබාගත් බව සදහන් වේ. අක්කර තුනක පමණ බිම් කොටසක් ජල කාන්දුව වැළැක්වීමට ගංඟා ඉවුරු වලට වඩා මීටර් 50(අඩි 160) පමණ ඉහලින් බිම් සැකැස්ම කර ඇත. ස්මාරකය අසල ළිං කැණ ඒවාට ගල් කැබලි පුරවා ස්මාරකයේ අඩිතාලම සකසා ඇත. ඉදිකිරීමේදී පලංචි සඳහා උණගස් වෙනුවට ගඩොල් භාවිතා කර ඇති අතර එය ගැලවීම සඳහාද වසර ගණනක් ගතවූ බව කියැවේ. කිලෝමිටර 15(සැතපුම් 9.3) පමණ දිග බෑවුම් මඟක් ගරුඬ හා අනෙක් ද්‍රව්‍ය ප්‍රවාහනයට විශේෂයෙන් නිර්මාණය කල කරත්ත භාවිතා කල අතර ඒවා ගොනුන් විසිදෙනෙක් පමණ අදින ලද බව පැවසේ. විශේෂ ලීවර ක්‍රමයක් මඟින් අවශ්‍ය ස්ථානයට අමුද්‍රව්‍ය කොටස් ඔසවන ලදී. ඉදිකිරීම් සඳහා අවශ්‍ය ජලය අසල ඇති ගඟෙන් ලබාගෙන ඇති අතර ඒ සඳහා කඹ හා සතුන් ආධාරයෙන් ක්‍රියා කරන යාන්ත්‍රනයක් යොදාඩෙන ඇත. මෙම ජලය මුලින් ටැංකියකට එකතුකර එය නැවත බෙදාහැරීමේ ටැංකියකට යොමුකර ඇත. පසුව එතැන් සිට කුඩා ටැංකි තුනක් හරහා මුලු සංකීර්ණය පුරාවටම ජලය බෙදාහැරීම සිදුකර ඇත.
පේකඩ හා සොහොන් මන්දිරය ඉදිකිරීම සඳහා දළ වශයෙන් වසර 12 පමණ ගතවී ඇත. ප්‍රාසාදශංගයන් , ඉස්ලාම් දේවස්ථානය, ඇතුලුවන දොරකඩ, "ජාවෙබ්" හා ඉතිරි කොටස් සඳහා තවත් වසර 10 පමණ ගතවී ඇත. එකල මෙම ව්‍යාපෘතිය සඳහා අපේක්ෂිත කාලය හා වියදම ගණනය කර ගැනීමට බොහෝ අපහසු වී ඇත. කෙසේ නමුත් එකල මෙය සඳහා ඉන්දියානු රුපියල් මිලියන 32 පමණ වියදම් වී ඇති බව සැළකේ.
ටජ්මහල සඳහා ඉදිකිරීමේ අමුද්‍රව්‍ය ඉන්දියාවෙන් හා ආසියාවෙන් ලබාගෙන ඇත. මෙම අමුද්‍රව්‍ය ප්‍රවාහනයට අලින් 1000 පමණ යොදාගෙන ඇත. මේ සඳහා පාරභාෂක කිරිගරුඬ මක්‍රානාවෙන් හා රාජස්ථානයෙන්ද සුර්‍ය්කාන්ත පාෂාණ පන්ජාබයෙන්ද හරිතමණි හා පළිඟු චීනෙන්ද නිල්මැණික් ටිබෙටයෙන්ද දීප්තිමත් නිල් මැණික් ඇෆ්ගනිස්ථානයෙන්ද නිල්මිණි ලංකාවෙන්ද කානීලියන් අරාබියෙන්ද ගෙන්වා ගෙන ඇති අතර තවත් වටිනා ගල් වර්ග විසි අටක් පමණ යොදා ගෙන ඇත.
උතුරු ඉන්දියාවෙන් 20,000 ක් පමණ වන කම්කරුවන් පිරිසක් යොදාගෙන ඇති අතර මූර්ති හා කැටයම් නිර්මාණ ශිල්පීන් බුක්හාරාවෙන්ද කාව්‍යලේඛන ශිල්පීන් සිරියාවෙන් හා පර්සියාවෙන්ද ගල් ඔබ්බවීම් කටයුතු කරන්නන් දකුණු ඉන්දියාවෙන්ද ගල් වඩුවන් බලුකිස්ථානයෙන්ද කොත් නිර්මාණයේ විශේෂඥයෝ හා තවත් විශේෂඥ කණ්ඩායම් 37ක් පමණ මෙම නිර්මාණය සඳහා දායක වි ඇත. මේ සඳහා දායක වූ ශීල්පීන් කිහිප දෙනෙක් නම්
"ඉස්මයිල් අෆන්ඩි" - තුර්කිය, ගෘහ නිර්මාණ ශිල්පියෙකි, ප්‍රධාන බුබ්බුලාකාරයේ නිර්මාතෘ
"උස්ටාඩ් ඉසා" - පර්සියාව, ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියෙකි
"පුරු" - පර්සියාව, අධීක්ෂණ ගෘහ නිර්මාණ ශිල්පියෙකි
"ක්වාසිම්-ඛාන්" - ලාහෝරය, කොත් කැරැල්ලේ නිර්මාණකරු
"චිරන්ජිලාල්" - දිල්ලි, ප්‍රධාන මූර්ති නිර්මාණ ශිල්පී
"අමනත්-ඛාන්" - ඉරානය, ප්‍රධාන කාව්‍යලේඛන නිර්මාණ ශිල්පී
"මුහමඩ් හනිෆ්" - පෙදරේරු අධීක්ෂක
"මිර්-අබ්දුල්-කරිම්" හා "මුක්කරිමත් ඛාන්" - මූල්‍ය කළමණාකාරිත්වය
ඉතිහාසය
සංස්කරණයටජ්මහල සාදා නිමවනවාත් සමඟම "ෂා-ජෙහාන්' රජුගේ පුතෙකු වන "අවුරන්ග්සෙබ්" විසින් රජුව රජකමින් පහ කොට අග්‍රා කොටුව අසල බිම් ගෙයක සිරකොට තබා ඇත. රජුගේ මරණින් පසුව පුතා විසින් රජුගේ දේහය දේවියගේ සොහොන් ගැබට පසෙකින් තැන්පත් කරවීය.
19 සියවසෙහි අග භාගය වනවිට ගොඩනැඟිලි සංකීර්ණය ජරාවාස විය. 1857 ඉන්දියානු කැරැල්ලේදී මෙම මන්දිරයට බ්‍රිතාන්‍ය සොල්දාදුවන් හා රජයේ නිලධාරින් විසින් හානි සිදුකරන ලදී. ඔබ්බවා තිබු වටිනා මැණික් වර්ග බිත්ති වලට හානි කර ගලවා ගන්නා ලදී. 19 වන සියවසේ අග භාගයේදි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර "සර් කර්සන්" විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී. 1908 දී ප්‍රතිසංස්කරණ කටයුතු නිමාවිය. ඔහුගේ නියමයන්ට අනුව කයිරෝහි ඉස්ලාම් දේවස්ථානයේ ඇති විශාල ලාම්පුවෙහි ආකාරයට ඇතුලත කුටීරයෙහි ලාම්පුවක් ඉදිකර ඇති අතර උද්‍යානය බ්‍රිතාන්‍ය උද්‍යාන අලංකරණ ශෛලයට අනුව ප්‍රතිසංස්කරණය සිදුවිය.
තර්ජන
සංස්කරණය1942 දී රජය විසින් මුලින් ජර්මානු ගුවන් හමුදාවෙන් හා ජපන් ගුවන් හමුදාවෙන් ප්‍රහාර බලාපොරොත්තුවෙන් ටජ්මහල වටා ආවරණ යෙදීය. 1965 හා 1971 දක්වා ඉන්දීය පකිස්තාන යුද්ධයේදී ප්‍රහරක ගුවන් යානා වල නියමුවන් නොමග යැවීම සඳහා යලිත් ආවරණ යෙදීය.
මීට අමතරව මෑතකාලයේ පරිසර දූෂණය සමඟ යමුනා නදියේ ඉවුරු කාදනය "මතුරා තෙල් පිරිපහදුව" නිසා ඇතිවන අම්ල වැසි වැනි තර්ජනයන්ට මුහුන දී ඇත. පරිසර දූෂණය නිසා ටජ්මහල කහ වර්ණයට හැරෙමින් පවති. මෙම තත්වය පාලනය කිරීමට ඉන්දීය රජය "ටාජ් ත්‍රිපීසියම් කලාපයක්" (Taj Trapezium Zone (TTZ)) නම් කර ඇත. වර්ග කිලෝමිටර 10,400 (වර්ග සැතපුම් 4000) ප්‍රදෙශයක් වන මෙම කලාපය තුල ඉතා දැඩි විමෝචක ප්‍රමිතින් ක්‍රියාත්මක කර ඇත.
යමුනා ගඟේ ජල මට්ටම වසරකට අඩි 5 ක් පමණ අඩුවීම ටජ්මහල් මන්දිරයේ පාදම් සැකිල්ලට බෙහෙවින් බලපා ඇත. 2010 වසරේදී මන්දිරයේ සමහර කොටස් වල ඉරිතැලීම් වර්තා වු අතර ප්‍රාසාදගෘංගයන් ඇල වීමට පටන් ගෙන ඇත. මෙය ඉදිරි වසර 5 තුල කඩාවැටෙනු ඇතැයි ඇතැමෙක් අනාවැකි පල කෙරේ.
සංචාරක ව්‍යාපාරය
සංස්කරණයවාර්ෂිකව සංචාරකයන් මිලියන 2-4 පමණ ටජ්මහල් නැරඹීමට පැමිණෙති. ඒ අතරින් 200,000 පමණ විදේශිකයන්ය. ඉන්දියානු පුරවැසියන්ට විදේශිකයන්ට සාපේක්ෂව සුළු මුදලක් අය කෙරේ. බොහෝ විදේශිකයින් සීතල මාස වන ඔක්තෝබර්, නොවැම්බර් හා පෙබරවාරි වල පැමිනෙති. ටජ්මහල් මන්දිරය අසලට රථවාහන පැමිනිය නොහැකි අතර නරඹන්නන් මන්දිරය කරා රථගාල් වල සිට පයින් හෝ විදුලි බස් රියෙන් පැමිනිය යුතුය. "කාවස්පුරාස්" (උතුරු උද්‍යානය) දැනට ආගන්තුක මධ්‍යස්ථානයක් ලෙස භාවිත වේ.
ටජ්මහල් සංකීර්ණයට දකුණු ඩෙසින් ඇති කුඩා නගරය "ටාජ් ගාන්ජි" හෝ "මුම්ටාසාබාද්" ලෙස හඳුන්වයි. මුල් කාලයේ අමුත්තන් සඳහා නවාතැන් පොළක් හා වෙළද පොලවල් වලින් යුක්ත විය. සංචාරක ආකර්ශනය දිනාගත් මෙය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රසිද්ධය. මිලියන 100 ක චන්දයකින් තේරුනු නව ලොව පුදුම හතටද මෙය ඇතුලත් වේ.
උද්‍යානය සෑම දිනකම උදෑසන 6 සිට සවස 7 දක්වා විවෘතව පවතින අතර සිකුරාදා දින මධ්‍යම 12 ත් සවස 2 ත් අතර යාඥා සඳහා දේවස්ථානය විවෘත වේ. මෙම සංකීණය රාත්‍රියේ නැරඹිම සඳහා රාමදාන් මාසෙ සිකුරාදා දින හැර පුර පසොළොස්වක පොහෝ දින ඊට පෙර දින හා පසු දින විවෘතව පවතී. ආරක්ෂක හේතුන් මත විනිවිද පෙනෙන ජල බෝතලය, කුඩා විඩියෝ කැමරාවක්, නිශ්චල ඡායාරූප ගත හැකි කැමරාවක්, ජංගම දුරකථන හා කුඩා කාන්තා අත් බෑග හැර අනෙක් බඩු බාහිරාදිය ගෙන යෑමට අවසර නොදේ.
පුරාවෘත්ත
සංස්කරණයමෙම ස්මාරකය නිර්මාණය කරන කාලය පුරාවටම ඇගැයුම්, වර්ණනා කිරීම් හා පුද්ගලික අදහස් නොවඩුව ලැබී ඇත. පුරාවෘත්තයකට අනුව "ෂා-ජෙහාන්' රජු සොහොන් මන්දිරය යමුනා නදිය හරහා කළුගරුඬ පාෂාණයෙන් නිර්මාණය කිරීමට සැළසුම් කල බව පැවසේ. 1665 දී අග්‍රාහි සංචාරය කල "ජීන්-බැප්ටිස් ටැවෙර්නියර්" නම් යුරෝපීය සංචාරකයාගේ රචනා මඟින් මෙම අදහස ලැබුනු බව කියැවේ. මෙය සනාථ කිරීමට "සඳරැස් උද්‍යානයේ හි තිබි හමුවී ඇති කළුගරුඬ සාක්ෂි බව කියැවේ. නමුත් 1990 කල කැණීම් වලදී සොයාගෙන ඇත්තේ කිරිගරුඬ කළු පාටට හැරී ඇති බවකි. 2006 දී පුරාවිද්‍යාඥයකු විසින් ප්‍රතිසංස්කරණයට ලක් කර ඇති "සඳරැස් උද්‍යානයේ" සුදු ස්මාරකයේ අඳුරු සෙවනැල්ලක් දිස්වන ලෙසට තනා ඇති ජල තටාකයක් නිසා මෙම මතය වඩාත් තහවුරු වන බවද පැවසේ.
මෙම නිර්මාණය සඳහා දායක වූ ඇතැම් නිර්මාණ ශිල්පීන්ගේ මරණයන් සම්බන්ධව කිසිඳු සාක්ෂියක් ඉතිරිවී නොමැත. ඊට අමතරව ඇතැම් නිර්මාණකරුවන් මෙවැනි තවත් නිර්මාණ නොකිරීමට දිවුරුම් දී ඇති බවද පැවසේ. තවද 1830 දී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වූ "විලියම් බෙන්ටින්ක්" සාමිවරයා වරෙක ටජ්මහල බිඳහෙලා එහි ඇති වස්තු වෙන්දේසි කිරීමට උත්සහ දරා ඇති බව කියැවේ. මේ සඳහාද සාක්ෂි නොමැත.
වසර 2000 දී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය "පී. එන් ඕක්" විසින් ගොනුකර තිබූ ටජ්මහල හින්ඳු රජ කෙනෙකුන් විසින් සෑදු බව කියන පෙත්සමක් නිෂ්ප්‍රභා කරන ලදී.
ටජ්මහලෙහි ලොව පුරා පිහිටි අනුරූ
සංස්කරණයටජ්මහලෙහි ලොව පුරා ඇති අනුරු අතර "බංග්ලාදේශයේ ටජ්මහල" (Taj Mahal Bangladesh), මහාරාස්ට්‍රයේ ඇති "බිබි කා මක්බාරා" (Bibi Ka Maqbara), අට්ලැන්ටික් නුවර ඇති "ට්‍රම්ප් ටජ්මහල්"(Trump Taj Mahal) හා "ට්‍රිපෝලි හි වන්දනාස්ථානය" (Tripoli Shrine Temple) ප්‍රධාන වේ.