මලයාසියාව
මලයාසියාව ගිණිකොණ ආසියාවේ පිහිටි රාජ්‍ය 30 කින් හා එක්සත් පාලන ප්‍රදේශ 3 කින් සමන්විත වර්ග කි.මී. 330,803 (වර්ග සැතපුම් 127,724) යුත් රටකි. අගනුවර වන්නේ ක්වාලා ලම්පූර්ය. එක්සත් ආණ්ඩුවේ ආසනය වන්නේ පුම්මුජයාය. ජනගහනය මිලියන 28 කි. මැලේසියාව මායිම් වන්නේ තායිලන්තය, ඉන්දුනිසියාව, සිංගප්පුරුව හා බෲනායි වේ. එය නිරක්ෂයට ආසන්න වන අතර සෞම්‍ය දේශගුණයක් ඇත. රාජ්‍ය නායකයා වන්නේ යැන්ග් ඩී. පර්ටුආන් අගොන්ග්ය. රාජාණ්ඩුවේ හා රාජ්‍යයේ නායකයා වන්නේ අගමැතිය. මෙරට පවතින්නේ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයයි. 1963 තෙක් මැලේසියාව රාජ්‍යයන් ලෙස නොපැවතුණි. 18 වන ශතවර්ෂය සිට එක්සත් රාජධානියේ බලපෑම ජනාවාස ඇති කිරීමට හේතු විය. වර්තමාන මැලේසියාවේ බටහිර කොටස රාජධානියන් කිහිපයකින් අඩංගු විය. 1946 දි විසිර යාමට පෙර එය බ්‍රිතාන්‍යය මලයාව වශයෙන් හඳුන්වනු ලැබීය. 1948 දි රටේ විසිරි පැවති විපක්ෂ හේතුවෙන් එය එක්සත් මැලේසියාව වශයෙන් නම් කල අතර, 1957 අගෝස්තු 31 දා නිදහස ලැබීය. 1963 වර්ෂයේ සැප්තැම්බර් 16 වනදා සිංගප්පුරුව, සරවන්, බ්‍රිතාන්‍ය, උතුරු බෝනියෝව එකතුවෙන් මැලේසියාව පිහිටුවන ලදි. 20 වන ශතවර්ෂයේ දී රට ආර්ථිකය අතින් ඉහළට ගියේය. එහි මායිමක් වන මලක්කාව වැදගත් නැව් සේවයේ සන්ධිස්ථානයකි. විදේශ වෙළදාම මෙරට ආර්ථිකය පෝෂණය කර ඇත. නිෂ්පාදනය මැලේසියානු ආර්ථිකයේ ඉහල කොටසක් දරන අතර, ශාක හා සත්ව ජෛව විවිධත්වය පවතින රටවල් 17 න් එකක් ලෙස සැලකේ.

ආශ්‍රිත
සංස්කරණයසටහන්
සංස්කරණයමූලාශ්ර
සංස්කරණයභාහිර සබැඳි
සංස්කරණය මලයාසියාව ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
විකිපොත් වෙතින් පෙළපොත් |
- Malaysia. The World Factbook. Central Intelligence Agency.
- Malaysia from UCB Libraries GovPubs
- මලයාසියාව at Curlie
- Malaysia profile from the BBC News
- Wikimedia Atlas of Malaysia