මහ පොළොව

සූර්‍යග්‍රහ මණ්ඩලයේ තෙවැනි ග්‍රහයා වන අප ජීවත් වන ලෝකය
(පෘථිවිය වෙතින් යළි-යොමු කරන ලදි)

මහ පොළොව හෙවත් පෘථිවිය සූර්යයාගේ සිට පිළිවෙලින් 3 වැනි ග්‍රහලෝකයයි. එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක 8 න් ඝණත්වයෙන් වැඩිම සහ 5 වැනි විශාලම ග්‍රහලොවයි. එමෙන්ම එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති භූමියක් සහිත ග්‍රහලෝක අතුරින් විශාලතම ග්‍රහලොවයි. සමහර අවස්ථා වලදී එය ලෝකය , නිල් ග්‍රහලොව , හෝ එහි ලතින් නාමය වන "ටෙරා" යන නම් වලින් හඳුන්වයි.
මිනිසා ඇතුළු සත්ව විශේෂ මිලියන ගණනකට නිවහන වන පෘථිවිය දැනට සොයාගෙන ඇති පරිදි ජීවය පවතින එකම ආකාශ වස්තුවයි. මෙම ග්‍රහලෝකය මීට අවුරුදු බිලියන 4.54 කට පෙර නිර්මාණය වුණු අතර අදට අවුරුදු බිලියනයකට පෙර පෘථිවි පෘෂ්ඨය මත ජීවය බිහි විය.

පෘථිවිය 🜨
ඇපලෝ 17යානාවේ සිට ලබාගත් "නිල් මුතු කැටය" නමින් හැඳින්වෙන පෘථිවියේ ඡායාරූපයක්
නිලනාමයන්
විශේෂණයearthly, tellurian, telluric, terran, terrestrial.
කක්ෂීය ලක්ෂණ
විහේලිකය152,098,232 km
1.01671388 AU
අපහේලිකය147,098,290 km
0.98329134 AU
අඩ-මහා අක්ෂය149,598,261 km
1.00000261 AU
උත්කේන්ද්‍රියතාවය0.01671123
කක්ෂීය කාලාවර්තය365.256363004 days
1.000017421 yr
සාමාන්‍යය කක්ෂීය වේගය29.78 km/s
මධ්‍යන්‍යය විෂමතාවය357.51716°
ආනතිය7.155° to Sun's equator
1.57869°to invariable plane
ආරෝහණ මංසලෙහි දේශාංශකය348.73936°
පරිතාරාන්තිකයේ විස්තාරය114.20783°
චන්ද්‍රිකා1 (චන්ද්‍රයා)
භෞතික ගුණාංග
මධ්‍යන්‍යය අරය6,371.0 km
සමක අරය6,378.1 km
ධ්‍රැවීය අරය6,356.8 km
Flattening0.0033528
Circumference40,075.017 km (equatorial)World Geodetic System (WGS-84). Available online from National Geospatial-Intelligence Agency.
40,008.00 km (meridional)
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය510,072,000 km2

148,940,000 km2 land (29.2 %)

361,132,000 km2 water (70.8 %)
පරිමාව1.08321×1012 km3
ස්කන්ධය5.9736×1024 kg
මධ්‍යන්‍යය ඝණත්වය5.515 g/cm3
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය9.780327 m/s2
0.99732 g
මිදුම් ප්‍රවේගය11.186 km/s
නක්ෂත්‍ර භ්‍රමණ කාලාවර්තය0.99726968 
23h 56m 4.100s
නිරක්ෂීය භ්‍රමණ ප්‍රවේගය1,674.4 km/h (465.1 m/s)
ආක්ෂක ආනතිය23°26'21".4119
ප්‍රභානුපාතය0.367 (geometric)
0.306 (Bond)
පෘෂ්ඨීය උෂ්ණත්වය අවම මධ්‍යන්‍යය උපරිම
කෙල්වින් 184 K 287.2 K 331 K
Celsius -89.2 °C 14 °C 57.8 °C
වායුගෝලය
පෘෂ්ඨීය පීඩනය101.325 kPa (MSL)
සංයුතිය78.08% nitrogen (N2)
20.95% oxygen (O2)
0.93% argon
0.038% carbon dioxide
About 1% water vapor (varies with climate)

පෘථිවි පෘෂ්ඨය

සංස්කරණය
 
වර්තමාන කාලයේ අහසේ උස මැනීම සහ අගාධ මිතිය. ජාතික භෞතික දත්ත මධ්‍යස්ථානයේ භූමි භාග පදනමේ ඩිජිටල් ටෙරේන් මොඩලයනි.

පොළවේ භූමි ප්‍රදේශය තැනින් තැන මහත් වෙනස්කම්වලින් යුතුවේ. පොළව මතුපිට 70.8% ජලයෙන් යටවී ඇති අතර වඩාත් මහද්වීපික ගල්පර පිහිටා ඇත්තේ මුහුදු මට්ටමට පහලින්ය. ලෝපුරා ජලයෙන් යටවූ ප්‍රදේශවල සාගරය මැද විහිදුන කඳුවැටි පන්ති, මුහුද යට ඇති ගිනිකඳු, සාගර අඟල්, මුහුදු යට කඳු අතර ඇති විශාල වළවල්, තැනිතලා සහ ආගාධ ඇතුළු අංගයන්ගෙන් යුක්තය. ජලයෙන් යට ‍නොවී ඇති ඉතිරි 29.2% වූ ප්‍රදේශය කඳු, කාන්තාර, තැනිතලා සහ වෙනත් දැයින් යුක්තය.


ග්‍රහලෝකවල පිටතලය ටෙ‍ක්ටෝනික් හා සෝදා පාලුව නිසා භූ විද්‍යාත්මකව කාලයක් තිස්සේ නැවත හැඩ ගැසෙමින් පවතී. තැටි හෝ ටෙක්ටොනික් මඟින් සෑදුණු හෝ අංග වෙනස් වී පිටිතල අංග යටට බේරීමෙන්දැඩි දේශගුණික අවස්ථාවන්ට අනුගතවීම සිදුවේ. උෂ්ණත්වය සහ රසායනික හේතූන් නිසා හිමි දියවීම, වෙරළ ඛාදනය, කොරල් වැටි විනාශ වීම සහ විශාල උල්කාපාත ගැටීම් ද භූමි දර්‍ශනය වෙනස් වීමට හේතු වේ.


මහාද්වීපික පෘථිවිතල ග්‍රහලෝකය හරහා යෑමෙන් සාගර පතුල යට ප්‍රධාන මායිම් ඇතිවීමත්, ඒ අතරම ආවරණ ද්‍රව්‍ය ඇතිවීමත් හේතුවෙන් එකිනෙකට වෙනස් සීමාවන් සාගර මැද දිගටම ඇතිවේ. මේ ක්‍රම සම්බන්ධවීමෙන් සාගර පෘථිවිතල දිගටම ඇතිවේ. මුහුදු පතුලේ වැඩිහරියක්ම පෘථිවිතල වයසින් අවුරුදු මිලියන 100 ට අඩුවේ. පැරණිම සාගර තැටිය පිහිටා ඇත්තේ බටහිර පැසිපික්හීය. ඇස්තමේන්තුගත වයස අවුරුදු මිලියන 200 පමණ වේ. සංසන්දනාත්මකව බැලීමේ දී පෘථිවියෙන් සොයා ගනු ලැබු පැරණිම ගල් වූ ඇටකටු අවුරුදු මිලියන 3 ක් පමණ පැරණිය.


ගින්නෙන් සෑදුනු පර්‍වත, කළුගල් සහ ඇන්ඩිසයිට් වැනි ඝනතාවයෙන් අඩු ද්‍රව්‍ය මහද්වීපික තැටිවල අඩංගු ‍වේ. සුලබත්‍වයෙන් අඩු 'බසාල්ට්' ඝන ගිනිකඳු ගල් පර්‍වතයකි. මඩ එක්කාසුවී එකට තද වීමෙන් 'සෙඩිමෙන්ටිරි' පර්‍වත සෑදී ඇත. මහද්වීපික පිටිතල වලින් 75% ම සෙඩිමෙන්ටිරි පර්‍වත වලින් ආවරණය වී ඇති නමුදු ඒවා භූ පටලයෙන් 5% පමණ සෑදේ. පොළවෙහි හමු වී ඇති තුන්වැනි පර්‍වත ද්‍රව්‍ය මෙටාමෝෆික් පර්‍වතය. අධික පීඩනය හා අධික උෂ්ණය යන දෙකම හේතුකරගෙන සැකසුණු ගල් වර්‍ගයකින් මෙම පර්වත නිර්මාණය වී ඇත. පෘථිවියේ මතුපිට වඩා බහුල ඇති සිලිකොට් ඛනිජ වල තිරිමාණ, පෙල්ස්පාර්,ඇම්fපිබෝල්, මයිකා(තලාතු මිනිරන්), පයිරෝසින් සහ ඔලිවීන්(මැග්නීසියම් හා යකඩ අඩංගු ඛනිජ විශේෂයක්)ය. පොදු කාබනේට් ඛනිජ ඇතුලත් වන්නේ කැලසයිට් (හුණු ගල්වල තිබේ) ඇගෙනයිට් සහ ‍ඩොලමයිට්වලය.


පෘථිවියේ පිටස්තරම තට්ටුව පෙඩොස්ෆියර් වන අතර එය සෑදි ඇත්තේ පස්වලිනි. එය පස් සැකසීමේ ක්‍රියාවලියට යටත් වේ. එය පැවත එනුයේ ශිලාගෝලය, වායුගෝලය, ජලගෝලය සහ ජෛව ගෝලය ඇතුලතය. දැනට ගොඩබිමෙන් වගා කල හැකි බිම් ප්‍රමාණය 13.31% කි. එහි උපකාරක ස්ථිර ඵලදාව 4.71% වේ. පෘථි‍වියේ ගොඩබිම මත්තෙන් 40% ආසන්න භූමි ප්‍රමාණයක් තණ බිම් සඳහා වෙන්වී ඇත. එමෙන්ම ඇස්තමේන්තු ගත 1.3 x 107 කි.මි. පළදා බිම් සහ 3.4 x 107 කි.මි. ප්‍රමාණයක් තණ බිම් ද වේ.

 
පෘථිවි පිටිතලයේ හිස්ටොග්‍රැම් නැග්ම ඉතා කිට්ටු වශයෙන් පෘථිවි පිටිතලයේ 71% ක් ජලයෙන් යටවී ඇත.

පෘථිවි පිටිතලයේ ගොඩබිම් නැග්ම මළ මුහුදේ මීටර් 418 සිට මවුන්ට් එවරස්ට් මුදුන තෙක් වර්ෂ 2005 දී ඇස්තමේන්තු ගත උපරිම උස මිටර් 8848 කි. මුහුදු මට්ටමින් උස අඩුම උස වනුයේ මීටර් 686 කි.

පෘථිවියේ අභ්‍යන්තරය

සංස්කරණය

මහ පොළොව මතුපිට සිට මැදට කිලෝමීටර් හය දහසකට වැඩි දුරක් දක්වා තියෙන්නේ පාෂාණ. ඒ කියන්නේ දළවශයෙන්, ඉන්දියාවේ නව දිල්ලි නුවර ඉඳන් පැරීසියට තියෙන දුරට සමාන දුරක්. ඇතුළටම වෙන්න පෘථිවියේ අභ්‍යන්තර හරයේදී මේ ලෝහ බහුල පාෂාණ ඉහළින් එන ඉතා අධික පීඩනය හෙවත් තෙරපුම හේතුවෙන් ඝන යකඩ ලෙස කැටි ගැසී තිබෙනවා දැක ගන්න පුළුවන්. අභ්‍යන්තරයට යා ගන්න හැකියාවක් තියෙනවා නම් දිගින් මීටර සිය ගණනක් වෙන තනි තනි යකඩ ස්ඵටික එහි දැක ගන්නත් හැකිවේවි.

අභ්‍යන්තර හරයේ සිට පිටතට එද්දී පීඩනය අඩු බව දැනුණත්, උෂ්ණත්වය නම් තවමත් සූර්යයාගේ මතුපිට උෂ්ණත්වයට වඩා වැඩියි. ඝන යකඩ දැන් ද්‍රව (දියර) යකඩ ලෙස ගලායමින් පවතිනවා. පෘථිවියේ බාහිර හරය ලෙස හඳුන්වන මෙම කැළැඹුණු යකඩ සාගරයේ භ්රමණය නිසා තමයි පෘථිවියේ චුම්භක කේෂ්ත්රය උත්පාදනයවෙන්නේත්, ඒ වගේම පෘථවියේ මතුපිට කොටස්වල චලනය සිදුවෙන්නේත්.

කහ මදය අර්ධ වශයෙන් ඝනවූ තම්බාපු බිත්තරයක් සිතට නගාගන්න. කලින් සඳහන් කළ ද්‍රවමය බාහිර හරය ඒ දියාරු කහ මද කොටස වාගෙයි. ඒ චිත්ත රූපය සිත තබාගෙන සලකා බලද්දී, තම්බාපු බිත්තරයේ සුදු පැහැ කොටසින් සංකේතවත් වෙන්නේ බාහිර හරය වට කොටගත් මහත දෙහෙත, සැහැල්ලූ පාෂාණමය කොටසයි. මෙ තමයි පෘථිවියේ ප්රාවරණය. ගැඹුරින් පිහිටි මෙහි උෂ්ණත්වය ප‍්‍රවාරණ පාෂාණය පහසුවෙන් උණුවීමට තරම් ප්රමාණවත්. එහෙත් අධිකතර පීඩනය නිසා එය ඝනව, අඩුතරමින් උණුසුම් ක්ලේ හෙවත් ඇඹුම් මැටි (ප්ලැස්ටිසන්) තරමේ ඝන මට්ටමකින් තබා ගන්නට සමත්වෙනවා.

ප්රාවරණයට පිටතින් ඇත්තේ සංසන්දනාත්මකව තුනී ස්තරයක් වන පෘථිවියේ කබොලයි. මේ කට්ට හෙවත් කබොලෙහි ඝනකම කිලෝමීටර කිහිපයක් පමණයි. එහි ඝනකම අඩුම සාගර පත්ලේදී. වැඩිම කඳුවලදීයි. මහද්වීප පිහිටි ප්රදේශ මහද්වීප කබොල ලෙසත් සාගර පිහිටි ප්රදේශ සාගරික කබොල ලෙසත් හඳුන්වනවා. තම්බාපු බිත්තර උදාහරණය නැවත ගත්තොත් මෙය සමාන වෙන්නේ බිත්තර කටුවටයි. කෙසේ හෝ මේ කබොල්ලේදී තමයි අවසානයේ පෘථිවියේ උෂ්ණත්වය සෙන්ටිගේ‍රඞ් අංශක සියයටත් (100°C>)වඩා අඩු මට්ටමකට පහත වැටෙන්නේ. පෘථිවිය අභ්‍යන්තරයෙන් එන අධිකතර උෂ්ණ ප‍්‍රවාහය සිසිල් කබොලෙහි ගැටී සීතලවී අපසු අභ්‍යන්තරයට ගමන් කරනවා. සංවහනය ලෙස හඳුන්වන මෙම ක‍්‍රියාවලිය නිරතුරුව සිදුවීම නිසා කබොල කැබැලි වෙනවෙලයි තියෙන්නේ. මේවාට කියන්නේ භූ තැටි කියලයි. මහද්වීපික තැටි හා සාගරික තැටි යනුවෙන් භූ තැටි දෙකොට්ඨාශයක් දැක්වෙනවා.

මේ භූ තැටි කැඩී පළුදුවන තැන්වලින් පෘථිවි අභ්‍යන්තරයේ පීඩනය මුදා හැරෙන නිසා, කබොල එක්කම පහතින් තිබෙන ප‍්‍රවාරණයේ ක්ලේ ස්වරූපයේ ද්‍රව්‍ය (බිත්තර සුදුමදය) ක්ෂණිකව උණුවී කබොල පළුදුවූ තැනින් නිකුත්වී උඩට ඇදෙනවා. එය පොළොව මතුපිටින් පුපුරා විදාරණයවෙන්නේ (පිටවන්නේ) යමහල් (ගිනි කඳු) ලාවා (ලෝ දිය) හැටියටයි. ගිනි කඳු වඩාත් පහසුවෙන් පැළී පුපුරන්නේ සාගර පතුලෙන්. පෘථිවි කබොලේ වඩාත්ම තුනීයට ඇත්තේ සාගර පතුල වීම ඊට හේතුවයි. මේ පළුදු සිසිල් වීමෙන් අලූත් කබොල බිහිවෙනවා.

බරෙන් වැඩි මහද්වීපික තැටියක් හා සාගරික තැටියක් එකට ගැටුණු විට, සාගරික තැටියට උඩින් මහද්වීපික තැටිය ගමන් කිරීම නිසා තැටි දෙක අතර දාරය ගිලා බසිනවා.එසේ ගිලා බසින තැන් වල ආගාධ හටගන්නවා.

භූකාරක තැටි

සංස්කරණය
 
පෘථිවියේ ප්‍රධාන භූකාරක තැටි

භූකාරක තැටි වාදයට අනුව පෘථිවියේ පිටතම කොටස තැනී ඇත්තේ ස්ථර දෙකකිනි. ශිලාගෝලය තැනී ඇත්තේ ‍කබොල්ලෙන් සහ ඝනීභවනය වු ප්රාවරණයෙහි ඉහළ කොටසෙනි. ශී‍ලාගෝලයට පහළින් ඇති අධෝගෝලය සෑදී ඇත්තේ ඉහළ ප්රාවරණයේ ඇතුල් කොටසිනි. අධෝ‍ගෝලය සුපිරි තාපන ද්‍රව්‍යයක් මෙන් අර්ධ ද්‍රවීය ප්ලාස්ටික් වැනි තත්වයක පවතී.

ශීලාගෝලය අධෝ ගෝලය මත පාවෙමින් පවතින අතර එය භූකාරක තල වශයෙන් කොටස් වලට බෙදේ. මෙම තල දැඩි වන අතර එකිනෙකට සාපේක්ෂව විවිධ කාල සීමාවන්වලදී තුන් ආකාරයකින් චලනය වේ. ඒවා නම් අභීසාරී, අපසාරී හා පරිණාමන වේ. අවසානයට සඳහන් කළ ආකාරයට තල එකිනෙක හා චලනය වීමෙන් තිරස් විභේදන දෝෂය නැමැති තත්වය ඇතිවේ. භුමිකම්පා, ගිනිකඳු ක්‍රියාකාරිත්වය, කඳු සෑදීම හා සාගර අඟල් ඇතිවීම මෙම තල සීමා ඔස්සේ සිදු විය හැක.

ප්‍රධාන තල වන්නේ,

තල නාමය වර්ග ප්‍රදේශය(106km²) ආවරණය කරන ප්‍රදේශය
අප්‍රිකානු තැටිය 78.0 අප්‍රිකාව
ඇන්ටාර්ටික් තැටිය 60.9 ඇන්ටාර්ටිකාව
ඔස්ට්‍රේලියානු තැටිය 47.2 ඔස්ට්‍රේලියාව
යුරේඩියානු තැටිය 67.8 ආසියාව හා යුරෝපය
උතුරු ඇමරිකානු තැ‍ටිය 75.9 උතුරු ඇමරිකාව හා ඊසාන දිග සයිබීරියාව


කුඩා තල අතර ඉන්දියානු, අරාබි, කැරිබියන්, දකුණු ඇමරිකාවේ බටහිර වෙරලාශ්‍රිත නැස්කා (Nazca) හා දකුණු අත්ලාන්තික් සාගරයේ පිහිටි ස්කෝටියා(scotia) තලය ප්‍රධාන වේ. වසර මිලියන 50-55 අතර කාලයකදී ඔස්ට්‍රේලියානු හා ඉන්දියානු තල එකිනෙක සම්බන්ධ විය. වඩාත්ම වේගයෙන් චලනය වන්නේ සාගර තල වන අතර Cocos තලය වර්ෂයකට 75 mm වේගයෙන්ද, පැසිෆික් තලය වර්ෂයකට 52-69 mm ප්‍රමාණයකින්ද චලනය වේ. අනෙක් අන්තය සලකා බැලුව විට යුරේසියානු තලය අවම වේගයකින් චලනය වන තලය වන අතර එය වර්ෂයකට 21mm කින් චලනය වේ.

පෘථිවි වායුගෝලය

සංස්කරණය
 
පෘථිවිය වටා ඇති වායු තට්ටුව


පෘථිවි වායුගෝලය යනු පොළොව වටා ඇති වායු තට්ටුවයි.. එය පෘථිවි ගුරුත්වාකර්ෂණ බලය නිසා පෘථිවිය ආසන්නයේ රැදී තිබේ. එහි 78.08% නයිට්‍රජන්ද, 20.95% ඔක්සිජන් ද, 0.93% ආගන් ද, 0.038% කාබන්ඩයොක්සයිඩ්ද,අනෙක් වායූන් අංශු මාත්‍ර වශයෙන්ද, වෙනස් වන ප්‍රමාණයකින් (1% පමණ) ජල වාෂ්ප ද අඩංගු වේ. මේ වායු මිශ්‍රණයට වාතය යැයි කියනු ලැබේ. මේ වායුගෝල‍ය පෘථිවියේ ජිවින් ආරක්ෂා කරනුයේ සූර්ය කිරණවල අඩංගු පාරජම්බුල වැනි අහිතකර කිරණ උරා ගැනීමෙන් හා දිවා රෑ අධික උෂ්ණත්වය අඩු කිරීමෙන් ය.


වායු‍ගෝලයත්, පිටසක්වළත් අතර ස්ථිර මායිමක් නොමැත. එය සෙමින් සෙමින් තුනී වි අවකාශයට නැතිවී යයි. වායුගෝලයෙන් ¾ ඇත්තේ ග්‍රහ ‍ලෝකයේ මතුපිට සිට කි.මී. 11 ඇතුලත වේ. එක්සත් ජනපදයේ සිට කි.මී. 80.5 (සැ.50) පමණ උසකින් ගමන් කරන මිනිසුන් ගගනගාමීන් ලෙස නම් කෙරේ. කි.මී. 120 (සැ.75 ක් හෝ අඩි 400,000) සීමාවට නැවත ඇතුල් වීමේදී දී වායුගෝලයේ ප්‍රතිඵල පෙනේ. පොළවේ සිට කි.මී. 100 ක් පමණ උසකදී (සැ.62, හෝ අඩි 328,000) පිහිටි කර්මාන් රේඛාව වායුගෝලයේ හා පිටසක්වල අතර සීමාව සේ සැලකේ.

 
An idealised view of three large circulation cells.

පීඩනය හා ඝනත්වය

සංස්කරණය

මුහුදු මට්ටමේ සාමාන්‍ය වායුගෝලීය පීඩනය කිලෝ පැස්කල් 101.3 (14.7px ) වේ. මුළු වායුගෝලීය ස්කන්ධය කි.ග්‍රෑ. 5.136 x 108 පමණි.

පීඩනය මනිනු ලබන ස්ථානයට ඉහළින් වාතයේ මුළු බර වායු භාර ප්‍රමාණයේ සෘජු ප්‍රතිඵලයකි. මෙයින් අදහස් කෙරෙන්නේ වායු පීඩනය, පිහිටීම හා වේලාව අනුව වෙනස් වන බවයි.

මක්නිසාද යත් පොළොවට ඉහලින් ඇති වාතයේ බර ප්‍රමාණය, පිහිටීම හා රත්වීම සමඟ වෙනස්වේ. උස සමඟ වායුගෝලීය පීඩනයද අඩු වේ. එනම් 5.6 km (අඩි 18000) දී, 50% පමණ වායු ප්‍රමාණය අඩුම කි.මී. 5.6 ඇතුළතය.පොළොව මට්ටමෙන් ඉහළට යන,සෑම කි.මී. 5.6 ක දී ම වායුගෝලීය පීඩනය ආසන්න වශයෙන් හරි අඩකින් අඩුවේ.කෙසේ වෙතත් වායුගෝලීය තීරුවේ උෂ්ණත්වය දිගටම වෙනස් වීම නිසාත්, විශාල උස් ප්‍රමාණයක දී ගුරුත්වාකර්ෂණය අඩු වීමට පටන් ගැනීමත්, තනි සමිකරණයක් වායු පීඩනයේ සියලු තැන් නොසෑදෙන නිසාත් ය .(ඉහත දී ඇති සමීකරණයේ අඩු වී යන තට්ටු 7 ක් සෑදේ) එක්ස්සොස්ෆියර් හිදී වූවද වායුගෝලය දැනටත් පවතී. (දැකිය හැකි පරිදි උදා : වශයෙන් සැටලයිට්වල වායුව ඇඳ ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් දැකිය හැකිය)


ඉහත සඳහන් තොරතුරු ‍මත එක පීඩනය සමීකරණය වායුවේ ඝනකම ඇස්තමේන්තු කිරීම සඳහා කෙලින්ම යොදා ගත ‍හැක. කෙසේ වෙතත් පහත සඳහන් ප්‍රකාශිත දත්ත බලා ගැනීම සඳහා දී ඇත.


· විශාල වායු‍ගෝල‍යේ 50% කි.මි. 5.6 උසට වඩා පහත්ය.

· විශාල වායුගෝලයේ 90% කි.මි. 16 උසට වඩා පහත් ය. වානිජමය අහස් යානාවලට පොදු උස. කි.මි . 10 ක් පමණ වේ.

· විශාලත්වයෙන් 99.9999% වන උස කි.මි. 100 අඩුය. එම නිසා වායුගෝලයේ වැඩි හරියක්ම 99.9997% කි.මි. 100 අඩුය. ඝනත්වය මෙයට වඩා වැඩි ප්‍රදේශයක් වුවද අරුණාලෝකය හා වායු‍ගෝලීය ශක්තිය තිබේ.


පෘථිවියේ විකිරණ සමතුලිතතාව

සංස්කරණය

පෘථිවියේ විකිරණ සමතුලිතතාව යනු පොළවට ළගා වන හා පොළවෙන් බැහැර වන තාප කිරණ වල සමතුලිතභාවයයි.


පොළවට පතිත වන කිරණ ලඝු තරංගය වේ. (Short wave) ඒ අනුව පහත ඇති සමීකරණය ලඝු තරංග සමතුලිතය (Q2) වේ.

Qs = G - R = D + H - R හෝ ප්‍රභානුපාතය (Albedo) = G (1-a)

  • G = පොළොවේ විකිරණ
  • D = සෘජු කිරණ
  • H = විසිරණ කිරණ
  • R = පොළොවෙන් නැවත කිරණ ආපසු හැරීම
  • a = ප්‍රහානුපාතය

පෘථිවි තලයත් වායුගෝලයත් තාප කිරණ මුදා හරි. මේ නිසා සුර්ය කිරණ සමග උපපරිපතනය (Overlap) සිදු වේ. මේවා දිගු තරංග වේ (q1)

Q1 = AE = AO - AG

  • AE = ඵලදායි කිරණ
  • AO = පොළෝ පෘෂ්ඨයේ සිට එන කිරණ
  • AG = හරිතාගාර ආචරණය

ඉහත දැක්වෙන සමිකරණ දෙක යොදා මුළු ශක්තීන් ප්‍රමාණය මැනිය හැකිය.

Qt = Qs - Q1 = G - R- AE


මෙහි ඇති අපහසු කාර්යය නම් විකිරණ සමතුලිතතාව කෙරෙහි බලපාන අභ්‍යන්තර හා පිටත සාධක ද සැලකිල්ලට ගෙන නිවැරදි පිළිතුර ලබා ගැනීමයි. අභ්‍යන්තර සාධක වන්නේ යමහල්, ජෛව විද්‍යාත්මක ක්‍රියා හා මානව ක්‍රියාකාරකම්ය.

පිටත සාධක වන්නේ හිරු කිරණයි. හිරුගේ සාමාන්‍ය විකිරණ නිෂ්පාදනය සඳහා 25% වැය වී ඇති බව සොයාගෙන ඇත.

අභ්‍යන්තර හා පිටත සාධක තුළ සහ සම්බන්ධතාවයක් තිබේ. හිරු කිරණ වැඩි වු විට සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ ගොස් ජලය දරා ගැනීමේ හැකියාව වැඩි වේ. මේ මඟින් වලාකුළු ඇති වේ. මේ නිසා ප්‍රභානුපාතය වැඩිවේ.මෙය සංකීර්ණ වන්නේ ඉහත ශාඛා නිසාය.මේ නිසා මේ සංකල්පය ඉතා වැදගත් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=මහ_පොළොව&oldid=544047" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි