මාතර
මාතර දකුනු රටේ නගරයක් වන අතර එය කොළඹ සිට කි.මි. 160 දුරින් දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර මාතර නගරය මාතර දිස්ත්‍රික්කයේ පරිපාලන නගරය ද වේ.
මාතර Matara | |
---|---|
නගරය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | දකුණු පළාත |
රජය | |
• අධිකරණ වර්ගය | නගර සභා |
සරිය | |
• නාගරික | 13 කිමී2 (5 සතරැස් සැත) |
උන්නතාංශය | 2 මී (7 අඩි) |
ජනගහණය(2011) | |
• නගරය | 68,244 |
• ඝණත්වය | 5,841/කිමී2 (15,130/වර්ග සැත) |
ජනනාමය(න්) | Matarians |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30) |
Postal code | 81xxx |
දුරකථන කේතය(න්) | 041 |
ඉතිහාසයසංස්කරණය
සංචාරක ආකර්ෂණසංස්කරණය
මාතර නගරය පහත සඳහන් ප්‍රධාන සංචාරක ආකර්ෂණ වලින් යුක්ත වේ.
- වෙහෙරහේන රජමහා විහාරය - වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානය මාතර පිහිටි උමං විහාරයක් සහිත බෞද්ධ සිද්ධස්ථානයකි.
- මාතර බෝධිය - මාතර බෝධිය එහි පිහිටි පූජනීය බෝ වෘක්ෂයකි.
- පරවි දූව - මාතර වෙරළ ආශ්‍රිතව පිහිටි බෞද්ධ පුදබිමක් සහිත කුඩා දිවයිනකි.
- මාතර බලකොටුව - පෘතුගීසින් විසින් 1560 වර්ෂයේදී ඉදිකරනු ලැබූ බල කොටුවක් වේ. ගාල්ල යටත් කර ගැනීමත් සමග ලන්දේසීන් විසින් 1640 වසරේදී නැවත ගොඩනගන ලදී.
- මාතර ඔරලෝසු කණුව - මාතර බලකොටුවේ කොටුපවුර මධ්‍යයෙහි පිහිටුවා තිබෙන මාතර ඔරලෝසු කණුව, ලන්දේසීන් විසින් මෙරට ඉදිකරනු ලැබූ පැරණි ඔරලෝසු කණුවක් වේ.
- මාතර තාරකා කොටුව - 1761 වර්ෂයේදී ලන්දේසීන් විසින් මාතර නගරයේ ආරක්ශාව වැඩි කිරීම වෙනුවෙන් ඉදි කරන ලද තාරකා කොටුව 1765 වර්ෂයේදී නිමවන ලදී.
- වේරගම්පිට රජ මහා විහාරය - මාතර පිහිටි පැරණි බෞද්ධ පුදබිමක් වේ.
අධ්‍යාපනයසංස්කරණය
අධ්‍යාපනය අතින් මාතර නගරය ශ්‍රී ලංකාවේ ඉහළ ස්ථානයක පවතී. අධ්‍යාපනය සඳහා දුර බැහැර හෝ ආසන්නව පිහිටි වෙනත් ප්‍රදේශවලින් ද මාතර නගරයට විශාල පිරිසක් ඇඳී එයි. සැළකිය යුතු පිරිසක් කුලී පදනම මත නැවතී අධ්‍යාපන කටයුතු වල නියැලේ.
විශ්ව විද්යාලසංස්කරණය
රජයේ ප්‍රධාන විශ්වවිද්‍යාල අතරින් එකක් වන රුහුණු විශ්වවිද්‍යාලය මාතර නගරයේ පිහිටා ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ප්‍රාදේශීය ශාඛා 8න් එකක් මාතර නූපේ පිහිටා ඇත.
රජයේ විශ්වවිද්‍යාල හැරුණු විට වෙනත් විශ්වවිද්‍යාල මට්ටමේ පුද්ගලික ආයතන රාශියක ශාඛා මාතර නගරය තුළ පිහිටා ඇත.
පාසල්සංස්කරණය
දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසල් රාශියක් මාතර නගරය තුළ පිහිටා ඇත. එම පාසල් වල ඇති වෙනත් පාසල් වල හිඟ පහසුකම් නිසා ඒවාට ඇතුළු වීමට විශාල තරඟයක් ද පවතී.
- ශාන්ත තෝමස් විද්‍යාලය,මාතර, ආරම්භය වර්ෂ 1844.
- ශාන්ත සර්වේසස් විද්‍යාලය, ආරම්භය වර්ෂ 1897.
- ශාන්ත මරියා කන්‍යාරාමය ආරම්භය වර්ෂ 1908.
- රාහුල විද්‍යාලය, ආරම්භය වර්ෂ 1923.
- සුජාතා විද්‍යාලය, ආරම්භය වර්ෂ 1929.
- මාතර මධ්‍ය මහා විද්‍යාලය, ආරම්භය වර්ෂ 1932.
- සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය
- ඉල්මා විද්‍යාලය
- මහින්ද රාජපක්ෂ විද්‍යාලය, සරසවි උයන ආරම්භය වර්ෂ 2013.
- ශාරිපුත්‍ර ද්විතීයික පාසල, ආරම්භ වර්ෂය 1927.
- මිරිස්ස මධ්‍ය මහා විද්‍යාලය, ආරම්භ වර්ෂය 1864
උපකාරක පන්තිසංස්කරණය
ලංකාවේ බොහෝ ප්‍රධාන නගර වල මෙන් මාතර ද උපකාරක පන්ති විශාල ප්‍රමාණයක් ඇත. ඒවා ප්‍රාථමික ශ්‍රේණිවල සිට ඊට ඉහළ ශ්‍රේණි දක්වාම සිසුන් සඳහා ඇති අතර වඩාත් ප්‍රසිද්ධ හා බහුලතම වන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සඳහා වන උපකාරක පන්ති වේ. එමෙන්ම 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා වන උපකාරක පන්ති ද ඉතා බහුලව ඇත.
අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ විභාග සඳහා වන ජනප්‍රිය උපකාරක පන්ති වලට සහභාගී වීමට වෙනත් දුර බැහැර හම්බන්තොට, රත්නපුර වැනි දිස්ත්‍රික්ක වල සිසුන් පවා පැමිණේ . ඇතැම් විට ඔවුන් මාතර නගරයේ තාවකාලිකව නතර වී එසේ උපකාරක පන්ති වලට සහභාගී වේ.
පුද්ගලික ඉඩකඩක පවත්වන උපකාරක පන්ති ද ඇති නමුත් වඩාත් ජනප්‍රිය එවැනි පන්ති පවත්වන අධ්‍යාපන ආයතන වේ. මේවා නගරය පුරා ව්‍යාප්තව ඇති නමුත් නූපේ, රාහුල හා සුජාතා පාසල් අවට ප්‍රදේශයේ වැඩි ඝනත්වයකින් යුක්ත ව පැතිර ඇත.
දෙයියන්දර මාතර නගරය ශ්‍රී ලංකාවේ ප්‍රවාහනය අතින් වැදගත්ම සංසධිස්ථානයක් වේ.
එය රටෙහි දුම්රිය මාර්ග පද්ධතියේ එක් පර්යන්තයක් වේ.
එමෙන්ම එය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ද එක් පරියන්තයකි.
මාතර ප්‍රධාන බස්නැවතුම්පළ පරවි දූපතට ඉදිරිපිට මුහුදු වෙරළට ආසන්නව පිහිටා ඇත.
(අලුත් ගාලු පාර හෝ නිකම්ම ගාලු පාර ලෙස දැන් භාවිතා වන) මාතර-කොළඹ ප්‍රධාන මාර්ගය මාතර නව නගරය හරහා දිවෙන අතර එය ද දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම් මාවත ද මංතීරු සතරේ මංමාවත් වන අතර මංතීරු දෙකේ මංමාවත් (පරණ නගරය හා දිවෙන පරණ ගාලුපාර හෙවත් කුමාරතුංග මාවත ද ඇතුළුව) බහුලවම දැකිය හැක.
මාතර ප්‍රධාන මාවත්වල බස් රථ බහුල වන අතර බොහෝ දෙනා නගරය තුළ ප්‍රවාහනයට බස් රථ භාවිතා කරයි. නමුත් වඩාත් බහුලව ඇත්තේ වඩා පටු අතුරු පාරවල් වන නිසා බොහෝ අවස්ථාවල යමෙකුට ගමනාන්තයට ළඟා වීමට බස් රථයෙන් ගමන් කර පසුව වෙනත් ප්‍රවාහන මාධ්‍යයක් භාවිත කිරීමට සිදු වේ. බොහෝ විට බහුලව භාවිතා වන අමතර ප්‍රවාහන මාධ්‍ය ත්‍රී රෝද රථ වේ. නමුත් කුලී කැබ් රථ හා වෙනත් කුලියට ගතහැකි වාහන සේවා ද ඇත.
මාතර නගරයේ භාවිතා වන ත්‍රී රෝද රථ බහුතරයකම තවමත් මීටර් භාවිතා නොවේ. එම නිසා එකම දුරට වුවද විවිධ ගාස්තු අය වන අවස්ථා ඇත.