බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව
බස්නාහිර පළාත (ඉංග්‍රීසි: [Western Province] error: {{lang}}: text has italic markup (help) වෙස්ටර්න් ප්‍රොවින්ස්) (දෙමළ - மேல் மாகாணம்) යනු ශ්‍රී ලංකාවේ අධිකතම ජන ඝනත්වයක් සහිත පළාත වෙයි. රටේ අගනගරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මෙන්ම විශාලතම නගරය සහ වාණිජ කේන්ද්‍රය වන කොළඹ ද එහි පිහිටා ඇත.
බස්නාහිර පළාත Western Province | |
---|---|
පළාත | |
![]() ශ්‍රී ලංකාව තුල පිහිටුම | |
රට | ශ්‍රී ලංකාව |
සංස්ථාපනය | 1833 |
පිළිගැනීම | 14 නොවැම්බර් 1987 |
අග නගරය | බත්තරමුල්ල |
විශාලතම නගරය | කොළඹ |
රජය | |
• ආණ්ඩුකාර | අලවි මවුලානා |
• ප්‍රධාන අමාත්‍ය | ප්‍රසන්න රණතුංග |
සරිය | |
• මුළු | 3,709 කිමී2 (1,432 සතරැස් සැත) |
භුමිප්‍රමාණ අනුස්ථිතිය | 9වන (සම්පූර්ණ වර්ග ප්‍රමාණයෙන් 5.64% ) |
ජනගහණය(2001) | |
• මුළු | 5,361,200 |
• අනුස්ථිතිය | 1වන (සම්පූර්ණ ජනගහණයෙන් 28.79% ) |
• ඝණත්වය | 1,400/කිමී2 ( 3,700/වර්ග සැත) |
පසුගිය වසර 10 තුලදී ජනගහණය 36.8% කින් ඉහළ ගොස් ඇත | |
දළ ප්‍රාදේශීය නිෂ්පාදිතය (2010)[1] | |
• සම්පූර්ණ | රු 2,178 බිලියන |
• අනුස්ථිතිය | 1වන (මුළු ප්‍රමාණයෙන් 45.1% ) |
වේලා කලාප | කොළඔ (UTC+05:30) |
නිල භාෂා | සිංහල, දෙමළ |
වෙබ් අඩවිය | wpc.gov.lk/ |
බස්නාහිර පළාත සතුව 5,648,000 ප්‍රමාණයක ඇස්තමේන්තුගත ජනගහණයක් ඇති අතර එහි භූමිප්‍රමාණය 3,694.20 කිමී2[convert: unknown unit] ක් වෙයි. බස්නාහිර පළාත විසින් දකුණු ආසියාවේ ඕනෑම ප්‍රදේශයක් විසින් වාර්තා කර ඇති විශාලතම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදන අගය ලෙස ඇ.එ.ඩො. 3,808 ක් වාර්තා කර ඇත.
ඉතිහාසයසංස්කරණය
15 වන සියවසේදී වත්මන් බස්නාහිර පළාතෙන් කොටසක් කෝට්ටේ රාජධානියට අයත් ව තිබුණි. මෙම ප්‍රදේශය පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ජාතිකයින්ගේ මූලස්ථානයද විය. ක්‍රි.ව. 1815 දී බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ව ශ්‍රී ලංකාව පත්වූ අවස්ථාවේ ශ්‍රී ලංකා ප්‍රජාව පහතරට සිංහල, උඩරට (නුවර) සිංහල, දෙමළ යනුවෙන් ජන නිකායන් 3කට වෙන්විය. බස්නාහිර පළාත් දිසාව පහතරට සිංහල ප්‍රජාවේ කේන්ද්‍රස්ථානය විය. පසුව ක්‍රි.ව. 1833 දී කෝල්බෲක් - කැමරන් ආණ්ඩුක්‍රම කාලයේදී ශ්‍රී ලංකාව භුගෝලීය වශයෙන් පළාත් පහකට වෙන්කරනු ලැබිය. ඉන් එකක් වන බස්නාහිර පළාත
- කොළඹ
- කළුතර
- පුත්තලම
- හලාවත
- සතර කෝරලය
- සත්කෝරලය (අද කුරුණෑගල)
- තුන්කෝරලය
- පහත බුලත්ගම (අද කෑගල්ල)
යන දිස්ත්‍රික්ක වලට වෙන්කර තිබුණි. ඉන් ක්‍රි.ව.1845 දී සත් කෝරලය, පුත්තලම හා හලාවත වයඹ පළාතටත්, 1889 දී සතර කෝරලය,තුන් කෝරලය හා පහත බුලත්ගම යන ප්‍රදේශ සබරගමුව පළාතට වෙන් කරනු ලැබිය. 2030 දී බස්නාහිර පළාත බස්නාහිර මෙගාපොලිස් (Western Region Megapolis) යන ව්‍යාපෘතියක් යටතේ සියලූම අංශවල දියුණු වැඩපිළිවෙළක් ඇරඹිමට සූදානම් ය. මෙහිදී වත්මන් දිස්ත්‍රික්ක වන කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක කලාපීකරණය කරනු ලැබේ.
භූගෝලීය පිහිටීම හා දේශගුණයසංස්කරණය
විශාලත්වයෙන් වර්ග කිලෝමීටර 3684ක් වන මෙම පළාත ලක්ෂද්වීප් මුහුදට නැගෙනහිරින්ද, සබරගමුව පළාතට බටහිරින්ද, වයඹ පළාතට දකුණින්ද, දකුණු පළාතට උතුරින්ද පිහිටා ඇත. නාගරීකරණය වී ඇති බැවින් මෙම පළාතේ සමහර ප්‍රදේශවල ගංවතුර තත්ත්ව වලින් ඉතා හානියට පත්වේ.
දිස්ත්රික්කසංස්කරණය
බස්නාහිර පළාත, පරිපාලන දිස්ත්‍රික්ක 3 කට බෙදා ඇත:
- කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය 642 කිමී2[convert: unknown unit]
- ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය 1,386.6 කිමී2[convert: unknown unit][2]
- කළුතර පරිපාලන දිස්ත්‍රික්කය 1,606 කිමී2[convert: unknown unit]
එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40ක් හා ග්‍රාම නිලධාරි කොට්ඨාස 2505ක් ඇත.
දිස්ත්‍රික්කය | අගනුවර | දිස්ත්‍රික් ලේකම් | ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණන | ග්‍රාම නිලධාරි වසම් ගණන | විශාලත්වය
(km2)[6] |
භූමි ප්‍රමාණය
(km2)[6] |
ජනගහනය (2012 ඇස්තමේන්තුගත)[7] | ජනගහන ඝනත්වය
(/km2) | |||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සිංහල | ශ්‍රී ලංකා යෝනක | ශ්‍රී ලංකා දෙමළ | ඉන්දිය දෙමළ | වෙනත් (මුස්ලිම්/බර්ගර්) | මුළු | ||||||||
කොළඹ | කොළඹ | Sunil Kannangara | 13 | 566 | 699 | 676 | 1,771,319 | 242,728 | 231,318 | 27,336 | 37,108 | 2,309,809 | 3,304 |
ගම්පහ | ගම්පහ | J. J. Rathnasiri | 13 | 1,177 | 1,387 | 1,341 | 2,079,115 | 95,501 | 80,071 | 10,879 | 29,075 | 2,294,641 | 1,654 |
කළුතර | කළුතර | U. D. C. Jayalal | 14 | 762 | 1,598 | 1,576 | 1,054,991 | 112,276 | 24,362 | 23,611 | 2,020 | 1,217,260 | 762 |
Total | 40 | 2,505 | 3,684 | 3,593 | 4,905,425 | 450,505 | 335,751 | 61,826 | 68,203 | 5,821,710 | 1,580 |
පළාත් පාලන සීමාසංස්කරණය
මහ නගර සභා සීමාසංස්කරණය
නගර සභා සීමාසංස්කරණය
- කළුතර
- minuwangoda
- මහරගම
- කැස්බෑව
- කොලොන්නාව
- වත්තල නගරය
- ජාඇල නගරය
- කටුනායක - සීදුව
- පාදුක්ක
- පිළියන්දල
- පෑලියගොඩ
ප්‍රාදේශීය සභා සීමාසංස්කරණය
- කොටිකාවත්ත - මුල්ලේරියාව
- වත්තල
- ජා-ඇල
- කිරිබත්ගොඩ
- කැලණිය
- සීතාවකපුර (අවිස්සාවේල්ල)
- ඉංගිරිය
- බණ්ඩාරගම
- හෝමාගම
ආශ්‍රිතසංස්කරණය
- ↑ :.නිවුස් ලයින් : නෝර්ත්, ඊස්ට් රෙකෝඩ් හයස්ට් ජීඩීපී ග්‍රෝත් රේට්
- ↑ ඩිස්ට්‍රික්ට්ස් සෙක්‍රටේරියන්ට්ස්
- ↑ "Grama Niladhari Divisions". Colombo District Secretariat.
- ↑ "Grama Niladhari Divisions". Gampaha District Secretariat.
- ↑ "Grama Niladhari Divisions". Kalutara District Secretariat.
- ↑ 6.0 6.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;area
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;2012eth
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි