AA004 මාර්ගය (ශ්‍රී ලංකාව)

AA004 අංකය දරණ කොළඹ - රත්නපුර - වැල්ලවාය - මඩකලපුව මාර්ගය ශ්‍රී ලංකාවේ ඇති, AA ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. කොළඹ සහ මඩකළපුව යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

කොළඹ - රත්නපුර - වැල්ලවාය - මඩකලපුව
ගමන් මං තොරතුරු
දිග:430.57 කිමී (267.54 සැත)
ප්‍රධාන මං සන්ධි
උතුර අවසන:කොළඹ A1
බටහිර අවසන:මඩකළපුව A15
මහා මාර්ග පද්ධතිය
ශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග

මාර්ගය තුංමුල්ල හන්දිය, කිරුළපන, නුගේගොඩ, දෙල්කඳ, විජේරාම, නාවින්න,මහරගම, කොට්ටාව, හෝමාගම, හංවැල්ල, අවිස්සාවේල්ල,මාදොළ, දිවුරුම්පිටිය, ගැටහැත්ත, මීන්නාන, මොර්ගල, තොරණකඩ, ඇහැළියගොඩ, බදුවත්ත, තලාවිටිය, බෝධිමළුව, පරකඩුව, පුස්සැ්ල්ල, මිල්ලවිටිය, හිග්ගස්හේන, කුරුවිට, රත්නපුරය, ලෙල්ලොපිටිය, පැල්මඩුල්ල, බලංගොඩ, බෙරගල, කොස්ලන්ද, වැල්ලවාය, බුත්තල, මොණරාගල, ලියන්ගොල්ල, සියඹලාණ්ඩුව, ලාහුගල, පොතුවිල්, තිරුක්කෝවිල්, අක්කරෙයිපත්තුව, ඔලුවිල්, කරෙයිතිව්, කල්මුනේ, අරයම්පදි සහ කාත්තන්කුඩි යන නගර හරහා ගමන් කරයි.

කිරුළපන සිට හංවැල්ල අතර කොටස, හයිලෙවල් මාර්ගය ලෙස පොදුවේ හඳුන්වනු ලබන අතර, ශ්‍රී ලංකාවේ දිගම AA ශ්‍රේණියේ මහා මාර්ගය වන්නේද මෙයයි.[1]


මූලාශ්‍ර සංස්කරණය

ඛණ්ඩාංක: 6°51′05″N 80°15′52″E / 6.851364°N 80.264536°E / 6.851364; 80.264536

"https://si.wikipedia.org/w/index.php?title=AA004_මාර්ගය_(ශ්‍රී_ලංකාව)&oldid=421714" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි