කුරුඳු වත්ත යනු ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට අයත් නාගරික කොටසකි. එය කොළඹ නගර මධ්‍යයේ සිට කිලෝ මීටර 3 ක් පමණ අග්නිදිග දිශාවෙන් පිහිටයි. අතීතයේ මෙම ප්‍රදේශය තුල කුරුඳු වගාකර තිබීම හේතුවෙන් කුරුඳු වත්ත යන නාමය මීට ලැබී තිබේ. වර්ෂ 1789 වන විට මෙහි අක්කර 289 ක පමණ ප්‍රමාණයක කුරුඳු වගා කර තිබූ බව පැවසෙයි.

කුරුඳු වත්ත
Cinnamon Gardens
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය
තැපැල් කේතය00700 [1]

වර්ථමානයේ අග්‍රාමාත්‍ය කාර්යාලය, කොළඹ නගර ශාලාව, සහ බොහොමයක් විදෙස් තානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාල රැසක්ද මෙම ප්‍රදේශයේ පිහිටුවා තිබේ.[2][3][4]

කොළඹ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා තිබෙන්නේද කුරුඳු වත්ත තුල වෙයි.[5]

සංචාරක ආකර්ෂණ සංස්කරණය

  • නිදහස් අනුස්මරණ ශාලාව - නිදහස් අනුස්මරණ ශාලාව ශ්‍රී ලංකාවේ ජාතික ස්මාරකයක් වේ. එය කුරුඳුවත්ත, කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටා ඇත
  • කොළඹ ජාතික කෞතුකාගාරය - පැරණි නාමය අනුව යමින් තවමත් කට වහරේ කොළඹ කෞතුකාගාරය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරය, ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම සහ විශාලතම කෞතුකාගාරය වෙයි.

ප්‍රදේශයේ පිහිටි පාසල් සංස්කරණය

විශ්වවිද්‍යාල සංස්කරණය

පින්තූර ගැලරිය සංස්කරණය


ආශ්‍රිත සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කුරුඳු_වත්ත&oldid=612992" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි