ශ්‍රී ලංකාවේ බුද්ධාගම

ශ්‍රී ලංකාවේ බුදු දහම

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගම ථෙරවාදයට ඇතුළත් වන අතර ජනගහනයෙන් 70% ක්ම බෞද්ධ ආගමිකයන්ය. මුලින්ම ශ්‍රී ලංකාවේ ස්ථාපිත වුයේ ථෙරවාදී බුදු දහමය. ශ්‍රී ලංකාවේ ජනගනයෙන් 70% ථෙරවාදී බුදුදහමේ අනුගාමිකයෝ වෙති. දීපවංශය වැනි වංශකතාවල සදහන් පරිදි ශ්‍රී ලංකාවේ දේවානම්පියතිස්ස රජතුමා‍ගේ කාලයේ අශෝක අධිරාජ්‍යයාගේ පුත් මහින්ද තෙරුන් ක්‍රි.පු. 2 වැනි සියවසේදි ලංකාවට බුදු දහම ගෙන එන ලදී. මෙම කාලය තුලදිම ශ්‍රී මහා බෝධි අංකුරයද ලංකාවට වැඩම කරන ලද අතර රජුගේ අනුග්‍රහය ඇතිව ප්‍රථම ආරාමයන් පිහිටුවන ලදී. එතෙක් පාලි භාෂාවෙන් කට පාඩමින් රැක ගෙන ආ ධර්ම කරුණු ක්‍රි.පු. 30 දී පමණ ලේඛණාරූඪ කරන ලදී.

දෙවැනි සියවසේ ශ්‍රී ලංකාවට බුදු දහම හදුන්වා දිමෙන් පසුව, අඛණ්ඩව පැවති ගෙන ආ සඟ පරපුර හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ බුදු සසුන බොහෝ කාලයක් පවතින්නේය. මෙය වෙනත් ඕනෑම බෞද්ධ රටක නොමැති තත්වයක්. බුද්ධාගම පිරිහීමට ලක්වු ඇතම් අවස්ථාවල ශ්‍රී ලාංකිය සඟ සසුන, මියන්මාරය සහ තායිලන්තය වැනි රටවල් සමග පැවති සම්බන්ධතා උපයෝගි කරගෙන නැවත පුනර්ජීවනය ලැබීය. මහායානය බලවත් වු කාලවලදි මෙන්ම යටත් විජිතවාදී රාජ්‍ය නිලධාරීන් බුද්ධාගම නොසළකා හැරි අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ ථෙරවාදී බෞද්ධ සමාජයට විශාල අභියෝගයන්ට මුහුණ දීමට සිදු විය. ‍එහෙත් නැවත නැවත (විශේෂයෙන් 19 ශත වර්ෂය තරම් මෑත කාලය තුළදී ) ලැබු පුනර්ජීවනයන් නිසා ථෙරවාදී බුදු දහම වසර 2000ක පමණ කාලයක් ජීවමානව පැවතුණි.

ඉතිහාසය

 
අවුකන බුදු පිළිමය

සාම්ප්‍රදායික වංශ කථාවන්ට අනුකූලව ලංකාවට බුදු දහම හඳුන්වා දී ඇත්තේ දෙවන සියවසේ ඉන්දියාවේ විසූ අශෝක අධිරාජයාගේ ගේ පුතුන් වූ මහින්ද මහා රහතන් වහන්සේය. එවකට ලංකාව පාලනය දේවානම්පියතිස්ස රජුන් හට භාර වී තිබිණි. මේ කාලය තුළදී ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාකාවක් ද වැඩම කරන ලදී. ශ්‍රී ලංකා රජුන්ගේ අනුග්‍රහය ඇතැතිව මුල්ම ආශ්‍රමය බිහි විය. ඒ වාගේම පාලි පොත් පත් ලියවීම ආරම්භ විනි. දෙවන සියවසේදී බුදු දහම හඳුන්වා දීමෙන් අනතුරුව එය වැඩිම කාලයක් ව්‍යාප්ත වූයේත් සහ සංඝයා වහන්සේලා වැඩි ප්‍රමාණයක් බිහි වූයේ ශ්‍රී ලංකාවේ පමණි. එම තත්වය හීන වූ අවස්ථාවල මියන්මාරයෙන් සහ තායිලන්තයෙන් පැවිදි පෙලපත් ඈඳ ගන්නා ලදී. මාහායාන ධර්මය ඇති වීමත් සමග ථෙරවාද බුදු දහමේ පැවැත්මට යම් කිසි බලපෑමක් ඇතිවූ නමුත් ථෙරවාද ධර්මය අවුරුදු 2000 කටත් වඩා ශ්‍රී ලංකාවේ ප්‍රචලිත වී ඇත. මුලින්ම ශ්‍රී ලංකාවේ ස්ථාපිත වුයේ ථෙරවාදී බුදු දහමය. ලංකාවේ ජනගහනයෙන් 70% ථෙරවාදී බුදුදහමේ අනුගාමිකයෝ වෙති. දීපවංශය වැනි වංශකතාවල සදහන් පරිදි ශ්‍රී ලංකාවේ දේවානම්පියතිස්ස රජතුමා‍ගේ කාලයේ අශෝක අධිරාජ්‍යයාගේ පුත් මහින්ද තෙරුන් ක්‍රි.පු. 2 වැනි සියවසේදි ලංකාවට බුදු දහම ගෙන එන ලදී. මෙම කාලය තුලදිම ශ්‍රී මහා බෝධි අංකුරයද ලංකාවට වැඩම කරන ලද අතර රජුගේ අනුග්‍රහය ඇතිව ප්‍රථම ආරාමයන් පිහිටුවන ලදී. එතෙක් පාලි භාෂාවෙන් කට පාඩමින් රැක ගෙන ආ ධර්ම කරුණු ක්‍රි.පු. 30 දී පමණ ලේඛණාරූඪ කරන ලදී.

දෙවැනි සියවසේ ශ්‍රී ලංකාවට බුදු දහම හදුන්වා දිමෙන් පසුව , අඛණ්ඩව පැවති ගෙන ආ සංඝපරපුර හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ බුදු සසුන බොහෝ කාලයක් පවතින්නේය. මෙය වෙනත් ඕනෑම බෞද්ධ රටක නොමැති තත්වයක්. බුද්ධාගම පිරිහීමට ලක්වු ඇතම් අවස්ථාවල ශ්‍රී ලාංකිය සංඝ සසුන , මියන්මාරය සහ තායිලන්තය වැනි රටවල් සමග පැවති සම්බන්ධතා උපයෝගි කරගෙන නැවත පුනර්ජීවනය ලැබීය. මහායානය බලවත් වු කාලවලදි මෙන්ම යටත් විජිතවාදී රාජ්‍ය නිලධාරීන් බුද්ධාගම නොසළකා හැරි අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ ථෙරවාදී බෞද්ධ සමාජයට විශාල අභියෝගයන්ට මුහුණ දීමට සිදු විය. ‍එහෙත් නැවත නැවත (විශේෂයෙන් 19 ශත වර්ෂය තරම් මෑත කාලය තුළදී ) ලැබු පුනර්ජීවනයන් නිසා ථෙරවාදී බුදු දහම වසර 2000ක පමණ කාලයක් ජීවමානව පැවතුණි.

ක්‍රිස්තියානි මිෂනාරී ආක්‍රමණ සහ ය‍ටත්විජිතවාදය

16වන සියවසයේ සිට ක්‍රිස්ත්‍රියානි මිෂනාරීවරු සහ පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය යන ජාතීන් ශ්‍රී ලංකාවේ ජනතාව කතෝලික, රෙපරමාදු ක්‍රිස්ත්‍රියානි භක්තිකයන් කිරීමට උත්සාහ දැරූහ. 19වන සියවසයේ අග භාගයේදී ජාතික බෞද්ධ ව්‍යාපාරය ඇමරිකානු ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුග්‍රහයෙන් සහ පානදුරාවාදයේ (ක්‍රිස්තියානි පූජකයකු සහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් අතර පැවති) ජයග්‍රහණයෙන් නැවතත් බලාත්මක වෙන ලදී.

බුදුදහ‍මේ ව්‍යාප්තිය

 
ශ්‍රී ලංකාවේ බුදු දහමේ ව්‍යාප්තිය (2001 ජන සංගනන වාර්තාව)

ශ්‍රි ලංකාවේ බුදුදහම වූයේ මහින්ද මහරහතන් වහන්සේගේ වැඩම කිරීමෙන් පසුව 2 වන සියවසේදීය. දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු බොහෝදෙනා බෞද්ධයින් බවට පත් වූවේය. මහා විහාර නම්වූ පූජාශ්‍රමය බිහි වූයේද මේ යුගයේදීය. ශ්‍රිලංකා වේ පාලි ග්‍රන්ථයන් බිහි වූයේ වට්ටගාමිනී රජුන්ගේ සමයේදීය. ඒ වාගේම ථේරවාද බුදු දහමේ පටන් ගැන්මද මේ යුගයේදී ආරම්භ විය. පසු කලෙක විවරණ ලියන්නන් මඟින් බුදු දහම පිලිබඳව පොත් පත් ලියවුනි. එවන් විශිෂ්ඨ කතෘන් වන්නේ බුද්ධඝෝස (4-5 වන සියවස)සහ ධම්මපාල (5-6 වන සියවස)වැනි රජවරු. එවකට මහායාන ධර්මය දේශයට බලපෑමක් වූ නමුත් කාලයාගේ ඇවෑමේන් ථේරවාදය ප්‍රචලිත විය. ඉන් පසුව අග්නිදිග ආසියාවේම 11 වන සියවස වනවිට ථේරවාදී බුදු දහම ප්‍රචලිත විය.

ඉන්දියානු උප මහද්වීපයේ පෙරදිග ප්‍රදේශයේ මොන් නමැති ජනවාර්ගික කොටස අතර ඉන්දීයානු සංස්කෘතිය තදින්ම ව්‍යාප්ත වී තිබුණි. 3 වැනි සියවසේදී මෙම ජන වාර්ගික කොටස බෞද්ධාගම වැළඳ ගෙන ඇති බවට සඳහන් වේ. එසේ සිදු වූයේ මහා අෂෝක නම් වූ ඉන්දියානු අධිරාජයාගේ සමයේදීය. මධ්‍යම බුරුමයේ පිහිටි පීක්තානෝ නම් වූ මොන් ජනයාගේ බෞද්ධ පන්සල නිමවා ඇත්තේ 1වන සහ 5වන සියවස් අතර යැයි සඳහන් වේ. මොන් ජනවාර්ගිකයන් ගේ බෞද්ධ සිතුවම් හා ඉන්දියානු ගුප්තා සිතුවම් වලට සංස්කෘතිය මුසු වී ඇත. මොන් රාජධානිය ප්‍රචලිත වනවාත් සමග 5 වැනි සහ 6 වැනි සියවස්වලදී අග්නිදිග ආසියාවේ මෙම සිතුවම් කලාව ප්‍රචලිත විය. ඒ වාගේම මොන් වරුන්ගේ බලපෑමත් සමග ථේරවාද දහම ප්‍රචලිත වූ නමුත් උතුරු ප්‍රාන්තයේ 6වන සියවසින් පසුව මහායානය මුලුමනින්ම ප්‍රචලිත විය. අශෝකවාදයේ ඇතුළත් වී ඇති පරිදි හිමාල ප්‍රදේශය තුළින් අශෝක රජුන් ධර්මදූතයින් යවා ඇති බවට සඳහන් වී ඇත.

සංඝ සමාජය

ශ්‍රී ලංකාවේ බෞද්ධ සංඝ සමාජයේ "නිකාය" ලෙසින් හඳුන්වන එකිනෙකට වෙනස් සම්ප්‍රදායයන් පවතින අතර ඉන් ප්‍රධාන නිකයයන් 3 පහත දැක්වේ.

  • සියම් නිකාය – කීර්ති ශ්‍රී රාජසිංහ රජු සහ වැලිවිට සරණංකර හිමියන්ගේ ආරාධනය පරිදි ලංකාවට වැඩම කළ තායි ජාknතික උපාලි හිමියන් විසින් 18 වන සියවසේදී ආරම්භ කරන ලදී.
  • අමරපුර නිකාය – 1800 වර්ෂයේ ආරම්භ කර ඇත්තේ මියන්මාරයෙන් ලැබුණු ඉහළත්වයෙන් සලකන පැවිදි පෙලපතකින්ය.
  • රමාඤ්ඤ නිකාය – අඹගහවත්ත සරණංකර හිමියන් විසින් 1864 දී ආරම්භ කර ඇත.

ඉහත නිකායන් අතරත් වෙනස් ආකාරයේ කුලයන් අනුකූලව තවත් බෙදීම් ඇත. එහෙත් ධර්මයෙහි කිසිදු වෙනසක් නැත.

බාහිර සබැඳි

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවේ_බුද්ධාගම&oldid=597719" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි