කොළඹ දිස්ත්‍රික්කය
642 කිමී² ක වර්ග ප්‍රමාණයක් සහිත කොළඹ දිස්ත්‍රික්කය (ඉංග්‍රීසි: Colombo District, දෙමළ: கொழும்பு மாவட்டம்) යනු ශ්‍රී ලංකාවේ කුඩාම දිස්ක්‍රික්කය වෙයි. එය පිහිටා ඇත්තේ දිවයිනෙහි බටහිර වෙරළ තීරයෙහි බස්නාහිර පළාතෙහිය. ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර කොළඹ සහ දේශපාලන අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටා ඇත්තේ මෙම දිස්ත්‍රික්කය තුලය. 2,235,000 (2001 සංගණනය) ක ජනගහණයක් එය සතු වන අතර ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහණ ඝණත්වය (3,500 වැසියන්/කිමී²) පවතින්නේ මෙම දිස්ත්‍රික්කයේ ය.
කොළඹ දිස්ත්‍රික්කය Colombo District கொழும்பு மாவட்டம் | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
![]() කොළඹ දිස්ත්‍රික්කය ඉස්මතු කොට ඇති ශ්‍රී ලංකාවේ සිතියම | |
රට | ![]() |
පළාත | බස්නාහිර |
අගනුවර | කොළඹ |
ප්‍රදේශ | List
|
රජය | |
• දිස්ත්‍රික් ලේකම් | ජී. ඒ. ජේ. සිල්වෙස්ටර් |
• ප්‍රාදේශීය | List
|
සරිය | |
• මුළු | 699 කිමී2 (270 සතරැස් සැත) |
• භූමිය | 676 කිමී2 (261 සතරැස් සැත) |
• ජලය | 23 කිමී2 (9 සතරැස් සැත) |
ජනගහණය(2001) | |
• මුළු | 2,251,274 |
• ඝණත්වය | 3,200/කිමී2 ( 8,300/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
ISO 3166 කේතය | LK-11 |
වෙබ් අඩවිය | ds.gov.lk/dist_colombo |
සාපේක්ෂ පිහිටීමසංස්කරණය
කොළඹ දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට වන්නටය. කොළඹ දිස්ත්‍රික්කයේ සීමා මායිම් වන්නේ,
උතුරින් : කැලණි ගග
නැගෙනහිරින් : කෑගල්ල හා රත්නපුර දිස්ත‍්‍රික්ක
දකුණින් : කළුතර දිස්ත්‍රික්කය
බටහිරින් : ඉන්දියන් සාගරය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසසංස්කරණය
- කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රධාන නගර හා ඒවා පවතින රාජ්‍ය ආයතන වර්ගයසංස්කරණය
මහ නගර සභාසංස්කරණය
- කොළඹ මහනගර සභාව
- ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව
- දෙහිවල-ගල්කිස්ස මහනගර සභාව
- කඩුවෙල මහනගර සභාව
- මොරටුව මහනගර සභාව
නගර සභාසංස්කරණය
- කොළොන්නාව නගර සභාව
- කැස්බෑව නගර සභාව
- පාදුක්ක නගර සභාව
- බොරලැස්ගමුව නගර සභාව
- මහරගම නගර සභාව
ප්‍රාදේශීය සභාසංස්කරණය
- කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව
- සීතාවකපුර ප්‍රාදේශීය සභාව
- හෝමාගම ප්‍රාදේශීය සභාව