ද්වාරය:ආසියාව
Portal maintenance status: (2020 නොවැම්බර්)
|
හැඳින්වීම
ආසියාව යනු ලොව විශාලතම සහ ජනාකීර්ණම මහාද්වීපය යි. එය පිහිටා ඇත්තේ පෘථිවියේ නැගෙනහිර සහ උතුරු අර්ධගෝලවලය. පෘථිවියේ මුළු මතුපිට වර්ගඵලයෙන් 8.6%ක් හෙවත් මුළු භූමි ප්‍රමාණයෙන් 29.9%ක් එයට අයත් වෙයි. එහි බිලියන 4ක ජන ප්‍රමාණයක් ජීවත් වෙන අතර මෙය වත්මන් ලෝක ජනගහණයෙන් 60%කි. 20 වැනි සියවස තුළ ආසියාවේ ජනගහණය සිව් ගුණයකින් වැඩි විය.[1]
ආසියාව අර්ථ දක්වා ඇත්තේ සූවස් ඇළෙන්, යූරල් කඳුවලින්, කොකේසස් කඳුවලින්, කැස්පියන් මුහුදෙන් සහ කළු මුහුදෙන් නැගෙනහිරින් පිහිටි යුරේසියාවේ නැගෙනහිර භූමි කොටස ලෙසයි[2]. යුරේසියාවේ බටහිර භූමි කොටස යුරෝපය යි. ආසියාව නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් ද, දකුණින් ඉන්දියන් සාගරයෙන් ද, උතුරින් ආක්ටික් සාගරයෙන් ද මායිම් වී ඇත.
තෝරාගත් ලිපි
-
Image 1
ජෝර්දානය ( අරාබි: الأردن al-Urdun), නිල වශයෙන් ජෝර්දාන් හැෂ්මයිට් රාජධානිය (අරාබි: المملكة الأردنية الهاشمية al-Mamlakah al-Urdunīyah al-Hāshimīyah) යනු, ජෝර්දාන් නදියේ බටහිර ඉවුරේ පිහිටි, බටහිර ආසියාවේ අරාබි රාජධානියකි. දකුණු සහ නැගෙනහිර දෙසින් සවුදි අරාබියාවෙන්ද, ඊසාන දෙසින් ඉරාකයෙන්ද, උතුරු දෙසින් සිරියාවෙන්ද සහ, බටහිර දෙසින් ඊශ්‍රායෙලයෙන්ද ජෝර්දානය මායිම් වී ඇත.
බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය විසින් සිදු කල, බටහිර ආසියාවේ පශ්චාත්-පළමුවන ලෝක යුද්ධ බෙදීමට පසුව, ජාතීන්ගේ සංගමයෙහි කවුන්සිලය විසින් 1922 වසරෙහිදී ට්‍රාන්ස්ජෝර්දාන එමීර් රාජ්‍යය නිල වශයෙන් පිළිගන්නා ලදි. 1946 වසරෙහිදී, ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් බවට පත්වූ ජෝර්දානය, නිල වශයෙන් හැඳින්වුනේ ට්‍රාන්ස්ජෝර්දාන හැෂ්මයිට් රාජධානිය ලෙසිනි. 1948 අරාබි–ඊශ්රායෙල යුද්ධය තුලදී, බටහිර ඉවුර අත්පත් කර ගැනීමෙන් පසුව, පළමුවන අබ්දුල්ලා රජ විසින්, ජෝර්දානයේ රජ නමැති අභිධානය ලබා ගති. 1948 දෙසැම්බර් 1 දිනදී, රාජ්‍යයේ නම, ජෝර්දාන් හැෂ්මයිට් රාජධානිය බවට වෙනස් කරන ලදි. (තව දුරටත්...) -
Image 2
මකාවෝ යනු, මහජන චීන ජනරජයේ විශේෂ පරිපාලන භූමිප්‍රදේශ දෙක අතුරින් එකක් වන අතර, අනෙක වන්නේ හොංකොං ය. (තව දුරටත්...) -
Image 3
ඕමාන් සුල්තාන් රාජ්‍යය (Sultanate of Oman) යන නිල නාමයෙන් හඳුන්වන ඕමාන් දේශය අරාබි අර්ධද්වීපයේ ගිණිකොන දිග වෙරළ තීරය වන නිරිත දිග ආසියාවේ පිහිටි අරාබි රටකි. වයඹට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බටහිරට සවුදි අරාබිය, නිරිත දිගට රෝමයද, ඕමාන් රාජ්‍යයේ දේශ සීමාවන් වේ.
වෙරළ තීරය සමන්විත වන්නේ, දකුණින් හා නැගෙනහිරින් අරාබි මුහුදෙන් හා ඊසාන දිගින් ඕමාන් මුහුදු බොක්කෙනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වටවී ඇති මධ" (Madha) සහ 'මුසන්ඩම්' (Mausandam) යන ප්‍රදේශයන් ද මෙරටට අයත් වේ. (තව දුරටත්...) -
Image 4
බංග්ලාදේශය දකුණු ආසියාතික රටකි. ගිනිකොණ දෙසින් ඇති ඉතා කුඩා මියන්මාර මායිම ද, දකුණෙන් පිහිටි බෙංගාල බොක්ක ද හැරුණු විට මුළු රටම ඉන්දියාවෙන් වට වී පවතියි. ඉන්දියාවට අයිති බටහිර බෙංගාල ප්‍රාන්තය ද බංග්ලාදේශය ද සහිත ප්‍රදේශයට බෙංගාලය යැයි කියනු ලැබෙයි. මෙහි නිල භාෂාව වන බෙංගාලි බසෙන් 'බංග්ලාදේශය' යන්න 'බෙංගාල රාජ්‍යය' යන අර්ථය ලබාදෙයි.
වත්මන් බංග්ලාදේශ දේශසීමා ලකුණු වූයේ 1947 දී සිදුවුණු බෙංගාල සහ ඉන්දියානු බෙදා වෙන්කිරීම් වලදීය. මෙහිදී පාකිස්ථානය නමින් රාජ්‍යයක් ඇතිවුණු අතර එයට අයත් නැගෙනහිර පාකිස්ථාන ප්‍රදේශය වත්මන් බංග්ලාදේශය වෙයි. කෙසේ වෙතත් පසුව ඇතිවූ දේශපාලනමය සහ භාෂාමය භේද නිසාත් ආර්ථික වශයෙන් ලැබුණු කුඩම්මාගේ සැලකිලි නිසාත් 1971 දී බංග්ලාදේශ නිදහස් සටන මගින් බංග්ලාදේශය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරන ලදී. නිදහස ලැබීමෙන් පසු දුර්භික්ෂ, ස්වභාවික විපත් සහ දුගී බව මෙන්ම දේශපාලන ගැටුම් සහ හමුදා කුමන්ත්‍රණ ද බංග්ලාදේශයේ සුලභ දසුනක් විය. 1991 දී ප්රජාතන්ත්රවාදය නැවත ස්ථාපිත කිරීමෙන් පසු වාතාවරණය සන්සුන් වූ අතර ක්රමික ආර්ථික දියුණුවක් ඇතිවිය. අද බංග්ලාදේශය ආගමික දේශපාලන පක්ෂ තහනම් කර ඇති ප්රජාතන්ත්රවාදී, අනාගාමික (secular), ඒකීය, ව්‍යවස්ථානුකූල ජනරජයක් වෙයි. (තව දුරටත්...) -
Image 5
ලාඕසය (නිල නාමය: ලාඕ මහජන ප්රජාතන්ත්රවාදී ජනරජය) ගිනිකොණදිග ආසියාවේ පිහිටි රටකි. සතර අතින්ම ගොඩබිමින් මායිම් වුණු ලාඕසයේ වයඹින් බුරුමය සහ චීනය ද, නැගෙනහිරින් වියට්නාමය ද, දකුණින් කාම්බෝජය ද, බටහිරින් තායිලන්තය ද පිහිටා ඇත. 2012 දී එහි ඇස්තමේතුගත ජනගහණය මිලියන 6.5ක් පමණ විය. රටේ ජනගහණයෙන් 33%ක් පමණ ලෝක දරිද්‍රතා මායිමෙන් පහළ, එනම් දිනකට ඇමෙරිකානු ඩොලර් 1.25කට වඩා අඩු ආදායමක් උපයමින්, ජීවත් වෙති.
ලාඕසයේ ඉතිහාසය 14 සිට 18 වැනි ශතවර්ෂය දක්වා පැවති ලන් සං රාජධානිය තෙක් දිවෙයි. එතෙක් රාජ්‍ය තුනක් ලෙස පැවති මෙම රාජධානිය 1893 දී ප්‍රංශ යටත්විජිතයක් ලෙස ලාඕසය නමින් එක් රටක් බවට පත් විය. 1945 දී ජපාන ආක්‍රමණයකින් පසුව තාවකාලිකව නිදහස ලබා ගත්තත්, නැවත ප්‍රංශ ග්‍රහණයට නතු වුණු ලාඕසය ස්වතන්ත්‍ර රජයක් බවට පත් වූයේ 1949 දීය. 1953 දී ලාඕසය සිසවං වොං යටතේ ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් ලෙසින් නිදහස ලබා ගත්තේය. වසර කිහිපයකට පසු පැවැති සිවිල් යුද්ධයකින් රාජාණ්ඩුව පහකෙරුණු අතර පැතෙට් ලාඕ නමැති කොමියුනිස්ට් කණ්ඩායම 1975 දී බලය පැමිණෙන ලදී. (තව දුරටත්...) -
Image 6
කටාර් රාජ්‍යය යනුවෙන් ද නැතහොත් දේශිය වශයෙන් 'දව්ලත් කටාර්' (Dawlat Qatar) යනුවෙන් ද මෙරට හඳුන්වයි.කටාර් රාජ්‍යය මැදපෙරදිග පිහිටි ආරාබියානූ එමීර් රාජ්‍යයට අයත් (Emirate) අරාබි අර්ධද්විපයේ ඊසාන දිග වෙරළ තීරයෙහි පිහිටා ඇති කුඩා රටකි. දකුණු දෙසින් සවුදි අරාබිය නොවුයේ නම්, පර්සියන් මුහුදු බොක්කෙන් මෙරට සිව් දෙසම වටවන්නට ඉඩ තිබිණි. ආසන්නයෙහි පිහිටි බහරේන් දූපත, කටාර් රාජ්‍යයෙන් වෙන් වෙන්නේ පර්සියන් ගල්ෆ් සමුද්‍ර සන්ධියෙනි.
කටාර් රාජ්‍යය ඛණිජ තෙලින් හා ගෑස් සම්පතින් පොහොසත් රටකි. ලොව විශාලත්වයෙන් තෙවනි තැන ගන්නා ගෑස් සංචිතයන් ද ඉහළම එක් පුද්ගල ආදායම වාර්තා වන්නේද මෙරටිනි. පරිපූර්ණ රාජාණ්ඩුවක් වන කටාර් රාජ්‍යය වර්ෂ 1800 යේ මැද භාගයේ සිටම පාලනය කරන ලද්දේ 'අල්තානි' පවුල විසිනි. එවකට දිළිදු රාජ්‍යයක්ව පැවති කටාර් රාජ්‍යය බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වීය. පසුව ඛණිජ තෙල් සහ ස්වාභාවික ගෑස් නිෂ්පාදන ක්ෂේත්රයෙහි ලා කැපී පෙනුණු වර්ධනයත් සමග ඉහළ ආදායම් තත්ත්වයක් සපිරි, ස්වාධීන රාජ්‍යක් බවට ක්‍රමයෙන් පරිවර්තනය විය.වර්ෂ 1972 පටන් මෙරට පාලනය කළ රාජ්‍ය නායකයා (එමීර් ) විසින් ඛණිජ තෙලින් ඉපැයූ ආදායම් නිරන්තරයෙන් අපගමනය කිරීම (Siphoni off) හේතු කොට ගෙන අසූව දශකයේ පසුභාගයෙහිද අනූව දශකයේ මුල් කාලසීමාවන් හිදි ද, කටාර් ආර්ථිකය ප්‍රපාතයට ඇද වැටිණි. ඔහුගේ පුත් එනම් වර්තමාන පාලකයා (එමීර්) වන හමාඩ් බින් කලීෆා අල්තානි 1995 වසරේ දියත් කළ ලේ වැගිරීමකින් තොරව සිදුකළ කුමන්ත්රණයක ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ පියාව පාලනයෙන් නෙරපා හැරිණි. බහරේන් සහ සවුදි අරාබිය සමග දිගු කාලයක් පුරා පැවති දේශසීමා ආරවුල 2001 වසරේ දී විසදා ගැනීමට කටාර් රාජ්‍යය සමත් වන ලදී. (තව දුරටත්...) -
Image 7
බහරේන් නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ බහරේන් රාජධානිය ලෙසයි. මෙය අල් සාෆීනා රාජකීය පවුල් විසින් පාලනය කරනු ලබන පර්සියානු ගල්ෆ්හි පිහිටි කුඩා දුපතකි. බහරේන් දුපත් 33 කින් සමන්විත කොදෙව්වකි. විශාලතම බහරෙන් දුපත කී.මී. 55 දිගින් හා කි.මී 18 පළල යුත් එකකි. සවුදි අරාබියට බටහිරට වන්නට පිහිටා ඇති අතර එය බහරේන් හා ෆාහාඩ් රජ මාවත (1986 නොවැම්බර් මස 25 දින විවෘත කරනු ලැබු මාවත) හා සම්බන්ධයි. කටාර් ගිනිකොන දෙසින් ගල්ෆ් හරහා පැතිරේ. යෝජිත කටාර් බහරේන් මාවත බහරේන් හා නාමර් සම්බන්ධ කරන අතර, එය ලෝකයේ දීර්ඝතම මාවත වන්නේය. බහරේන් එහි ඇති තෙල් හා මුතු වලට ප්රසිද්ධයක් දරයි. මෙහි ඉතා උස් වු ගොඩනැගිලි (Skyscrapers) ඉදිකර තිබේ. වර්තමානයේ යෝජිත මීටර් 1022 (අඩි 3353) කින් යුත් මුරුජාන් කුළුන වැනි ගොඩනැගිලිද ඇත. මෙහි බහරේන් ජාත්‍යන්තර ධාවන පථයද පිහිටා ඇත. එබැවින් බහරේන් F 1 ධාවන තරඟයද මෙහි පැවැත්වේ. (තව දුරටත්...) -
Image 8
වියට්නාමය (නිල නාමය: වියට්නාම සමාජවාදී සමුහාණ්ඩුව) ගිනිකොණදිග ආසියාවේ නැගෙනහිර ඉන්දු චීන අර්ධද්වීපයේ පිහිටි රටකි. එය උතුරින් චීනයට, වයඹින් ලාඕසයට, නිරිත දිගින් කාම්බෝජයට සහ නැගෙනහිරින් දකුණු චීන මුහුදට මායිම් වෙයි. 2012 දී මිලියන 90.3ක ජනගහණයකින් යුක්ත වූ වියට්නාමය ලොව 13 වැනියට වැඩිම ජන සංඛ්‍යාවක් වෙසෙන රටයි. 1976 දී සිදුවුණු උතුරු සහ දකුණු වියට්නාම එකමුතුවත් සමග රටේ අගනුවර හැනෝයි ලෙස නම් කෙරිණි.
ක්‍රි.ව. 938 දී බැන්ඩැන් ගඟ ආශ්‍රිතව සිදුවූ සටනකින් පසුව වියට්නාමය චීනයෙන් මිදී තම නිදහස ලබා ගත්තේය. මින්පසුව 19 වැනි ශතවර්ෂය තෙක් පැවත ආ රජ පරම්පරා සමග වියට්නාමය ගිනිකොණදිග ආසියාව පුරා විහිදුණු අතර 1954 දී පළමු ඉන්දු-චීන සටනේ දී රට උතුරු සහ දකුණු වියට්නාම ලෙස වෙන්වුණි. දෙපාර්ශවය අතර දරුණු සටන් ඇවිලී ගිය අතර වියට්නාම යුද්ධයෙන් පසුව එය 1975 දී උතුරු වියට්නාමය ජයගැනීමෙන් අවසන් විය. (තව දුරටත්...) -
Image 9
තායි රාජධාණිය හෙවත් තායිලන්තය අතීතයේදී සියමය ලෙස හැඳින්විනි. එය ආසියාවේ ගිණිකොණ පිහිටි ස්වාධීන රටකි. එහි මායිම් උතුරින් බුරුමය සහ ලාඕස්, නැගෙනහිරින් ලාඕස් සහ කාම්බෝජය, දකුණින් තායිලන්ත මුහුදු බොක්ක සහ මලයාසියාව, බටහිරින් අන්දමන් මුහුද සහ දකුණු දිග බුරුමයට සීමාවේ. එහි වරාය ඇතුළත් වන්නේ තායිලන්ත බොක්කෙහි, වියට්නාමය ගිණිකොණ දෙසට හා නිරිත දෙසට ඉන්දුනීසියාව සහ අන්දමන් මුහුදෙහි ඉන්දියාව වේ. මෙම රට රාජාධානියකි. ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් ඇති අතර, භූමිබොල් අදුල්යාදෙජ් රජු එහි 9 වන රජුය. මොහු 1946 සිට රට පාලනය කරන අතර ලෝකයේ දීර්ඝතම කාලයක් රාජ්‍ය පාලකයා හා තායි ඉතිහාසයේ දිර්ඝතම රාජතන්ත්‍රය වේ. රජු නිළ වශයෙන් රාජ්‍ය නායකයා, ත්‍රවිධ හමුදා නායකයා, බුද්ධ ධර්මය ඉදිරියට ගෙන යන සහ සෑම ආගමකම ආරක්ෂකයාය. තායිලන්තයේ විශාලතම නගරය වන්නේ බැංකොක්ය. එය රටේ දේශපාලන මුලස්ථානය, වාණිජ කර්මාන්ත සහ සංස්කෘතික ක්‍රියාකාරකම්වල මුලස්ථානයයි. භුමි ප්‍රමාණය 513,000 Km2 (198,000) වර්ග සැතපුම් වන තායිලන්තය ලෝකයේ භුමි ප්‍රමාණයෙන් 50 වන විශාලතම රටයි. ජනගහනය මිලියන 64 ක් වන මෙය ලෝකයේ 21 වන ජනාකීර්ණ රටයි. 75% ස්වදේශී තායි වන අතර, 14% චීන හා 3% ස්වදේශීය මැලේ ඉතිරිය කුඩා කණ්ඩායම් වන මොනිස්, කර්මස් සහ විවිධ කඳු ආශ්රිත ගෝත්‍රිකයන් වේ. තායිලන්තය තුල මිලියන 2.2 ක නීත්‍යානුකූල නොවන සංක්‍රමණිකයන් ප්‍රමාණයක් ඇත. එසේම සංවර්ධිත රටවලින් පිටුවහල් කරන ලද පුද්ලයන් ද වේ. රාජ්‍ය භාෂාව වන්නේ තායි භාෂාවයි. මුලික වශයෙන් බුද්ධාගම අදහන රටක් වන තායිලන්තයේ 95% ක් බෞද්ධාමිකයන්ය. 1985 සිට 1995 දක්වා කාලයේ තායි ආර්ථිකය වේගයෙන් ඉහළ ගිය අතර අළුතින් කාර්මීකරණය වූ රටක් වන මෙය සංචාරක ව්‍යාපාරය සමඟ පටායා, බැංකොක්, පුකෙට් සහ චැන්මයි යන නගර සහ අපනයනය තුලින් සැළකිය යුතු අන්දමින් ආර්ථිකයට දායක වි ඇත. අතීතයේ සියම ලෙස මෙරටට කියන ලදී. (තව දුරටත්...) -
Image 10
බෲනායි නිල වශයෙන් බෲනායි දරුසලාමි හෝ බෲනායි රාජ්‍ය නමින් හැඳින්වේ. සාමයේ මුලස්ථානය (මැලේ, නෙගාරා බෲනායි දරුසලාම්, ජාවී)වන බෲනායි රාජ්‍යය දකුණු ගිණිකොන ආසියාවේ බෝනියෝහි උතුරු වෙරල තීරයෙහි පිහිටා ඇත. දකුණු චීනයේ වෙරළ තීරය හැරුණුකොට, එය සම්පූර්ණයෙන්ම මැලේසියාවේ සාරවත් රාජ්‍යයන්ගෙන් වට වී ඇත. තවද එය කොටස් දෙකකට වෙන් වී ඇත. එය ලිම්බාත් වලින් වෙන් වී ඇත. බෲනායි හි ඉහළම මානව වර්ධන ලැයිස්තුව පිහිටා ඇති රටක් වන අතර, එය දකුණු ගිනිකොණ රාජ්‍යයන් අතර වේ. සිංගප්පූරුව සංවර්ධිත රටක් ලෙස ලැයිස්තු ගත කර ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අනුව (IMF), බෲනායි දල ගෘහස්ථ නිෂ්පාදිත මිලදී ගැනීම් අනුව ලෝකයේ හතරවන ස්ථානයේ සිටී.
(තව දුරටත්...) -
Image 11
ඊජිප්තුව ( අරාබි: مصر ), නිල වශයෙන් ඊජිප්තු අරාබි ජනරජය, යනු අප්‍රිකාවේ ඊසානදිග කෙළවරේ සහ ආසියාවේ නිරිතදිග කෙළවරේ සිනායි අර්ධද්වීපයේ විහිදී ඇති මහාද්වීපික රටකි. එය උතුරින් මධ්‍යධරණී මුහුද, ඊසාන දෙසින් පලස්තීනය සහ ඊශ්‍රායලයේ ගාසා තීරය, නැගෙනහිරින් රතු මුහුද, දකුණින් සුඩානය සහ බටහිරින් ලිබියාව මායිම් වේ. ඊසාන දෙසින් පිහිටි අකාබා බොක්ක ජෝර්දානය සහ සෞදි අරාබිය ඊජිප්තුව වෙන් කරයි. කයිරෝ ඊජිප්තුවේ අගනුවර සහ විශාලතම නගරය වන අතර දෙවන විශාලතම නගරය වන ඇලෙක්සැන්ඩ්‍රියාව මධ්‍යධරණී වෙරළ තීරයේ වැදගත් කාර්මික සහ සංචාරක කේන්ද්‍රස්ථානයකි. ආසන්න වශයෙන් මිලියන 100 ක ජනගහනයක් සිටින ඊජිප්තුව ලෝකයේ 14 වැනි වැඩිම ජනගහන රට වන අතර අප්‍රිකාවේ තුන්වන වැඩිම ජනගහණයෙන් යුත් රට වන්නේ නයිජීරියාවට සහ ඉතියෝපියාවට පසුවය.
ඊජිප්තුවට ඕනෑම රටකට වඩා දීර්ඝතම ඉතිහාසයක් ඇති අතර, නයිල් ඩෙල්ටාව දිගේ එහි උරුමය ක්‍රි.පූ. ශිෂ්ටාචාරයේ තොටිල්ලක් ලෙස සැලකෙන පුරාණ ඊජිප්තුව ලේඛන, කෘෂිකර්මාන්තය, නාගරීකරණය, සංවිධානාත්මක ආගම සහ මධ්‍යම ආන්ඩුව යන මුල්ම වර්ධනයන් කිහිපයක් පැවතියේය. ඊජිප්තුවේ දිගු හා පොහොසත් සංස්කෘතික උරුමය එහි ජාතික අනන්‍යතාවයේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර, එය මධ්‍යධරණී, මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව යන එහි අනන්‍ය මහාද්වීපික පිහිටීම පිළිබිඹු කරයි. ඊජිප්තුව ක්‍රිස්තියානි ධර්මයේ මුල් හා වැදගත් මධ්‍යස්ථානයක් වූ නමුත් හත්වන සියවසේදී බොහෝ දුරට ඉස්ලාමීයකරණය විය. නූතන ඊජිප්තුව 1922 දක්වා දිව යයි, එය රාජාණ්ඩුවක් ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගන්නා විට තිබුනි. 1952 විප්ලවයෙන් පසු ඊජිප්තුව ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර 1958 දී එය සිරියාව සමඟ ඒකාබද්ධ වී එක්සත් අරාබි ජනරජය පිහිටුවා ගත් අතර එය 1961 දී විසුරුවා හරින ලදී. 20 වන ශතවර්ෂයේ දෙවන භාගය පුරාම ඊජිප්තුව සමාජ හා ආගමික ආරවුල් සහ දේශපාලන අස්ථාවරත්වය විඳදරාගත් අතර, 1948, 1956, 1967 සහ 1973 දී ඊශ්‍රායලය සමඟ සන්නද්ධ ගැටුම් කිහිපයකට එරෙහිව සටන් කළ අතර 1967 දක්වා ගාසා තීරය කඩින් කඩ අල්ලා ගත්තේය. 1978 දී ඊජිප්තුව ගාසා තීරයෙන් නිල වශයෙන් ඉවත් වී ඊශ්‍රායලය පිළිගනිමින් කෑම්ප් ඩේවිඩ් ගිවිසුම් අත්සන් කළේය. 2011 ඊජිප්තු විප්ලවයට සහ හොස්නි මුබාරක් බලයෙන් පහ කිරීමට තුඩු දුන් අරාබි වසන්තයෙන් පසුව, රට දිගුකාලීන දේශපාලන නොසන්සුන්තාවයකට මුහුණ දුන්නේය. (තව දුරටත්...) -
Image 12
මාලදිවයින (ඉංග්‍රීසි - Maldives) (දිවෙහි - ދިވެހިރާއްޖެ දිවෙහි රාජ්ජේ), නිල වශයෙන් මාලදිවයින් ජනරජය (ඉංග්‍රීසි - Republic of Maldives) (දිවෙහි - ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ දිවෙහි රාජ්ජේ ජමහාරියා) ඉන්දියානු සාගරයේ ඇති දූපත් රාශියකින් සැදුනු කුඩා රාජ්‍යකි. එය දූපත් පොකුරු 26 කින් සමන්විත වන අතර, ලක්ෂද්වීප් දූපත් වලට නුදුරින් මිනිකොයි දූපත් සහ චාගොස් කොදෙව්ව අතරින්, ලක්ක්දිව් මුහුදේ, ඉන්දියාවට කිලෝ මීටර 400 නිරිත දිගින් සහ ශ්‍රී ලංකාවට කිලෝ මීටර 700ක් නිරිත දිගින් පිහිටා ඇත.
දහසය වන සියවසේ සිට පෘතුගීසි, ඕලන්ද සහ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ අවධානයට ලක් වූ මාලදිවයින, බ්‍රිතාන්‍ය යටතේ කටයුතු කල සුල්තාන් වරයෙකුගේ පාලන ක්‍රමයකින් මිදී 1965 දී පූර්ණ නිදහස ලබා ජනරජයක් බවට පත් විය. (තව දුරටත්...) -
Image 13
සිංගප්පූරුව, නිල වශයෙන් සිංගප්පූරු ජනරජය, සමුද්‍ර අග්නිදිග ආසියාවේ දූපත් රටක් සහ නගර රාජ්‍යයකි. එය සමකයට උතුරින්, මැලේ අර්ධද්වීපයේ දකුණු කෙළවරට ඔබ්බෙන්, බටහිරින් මලක්කා සමුද්‍ර සන්ධියට, දකුණින් සිංගප්පූරු සමුද්‍ර සන්ධියට සහ ඉන්දුනීසියාවේ රියාව් දූපත් වලට මායිම්ව, සමකයට උතුරින් එක් අක්ෂාංශ (කිලෝමීටර් 137 හෝ සැතපුම් 85) පමණ වේ., නැගෙනහිරින් දකුණු චීන මුහුද සහ උතුරින් මැලේසියාවේ ජොහෝර් ප්‍රාන්තය සමඟ ජොහෝර් සමුද්‍ර සන්ධිය.
රටේ භූමි ප්‍රදේශය එක් ප්‍රධාන දූපතකින්, චන්ද්‍රිකා දූපත් සහ දූපත් 63කින් සහ එක් පිටත දූපතකින් සමන්විත වේ. රට නිදහස ලැබීමෙන් පසු පුළුල් ඉඩම් ගොඩකිරීමේ ව්‍යාපෘති හේතුවෙන් මේවායේ ඒකාබද්ධ ප්‍රදේශය ආසන්න වශයෙන් 25% කින් වැඩි වී ඇත. නාගරික සැලසුම්කරණයේ ප්‍රතිඵලයක් ලෙස හරිත හා විනෝදාස්වාද අවකාශයන් රාශියක් තිබුණද, එය ලෝකයේ ඕනෑම රටක තුන්වන ඉහළම ජනගහන ඝනත්වය ඇත. බහු සංස්කෘතික ජනගහනයක් සහිත සහ ජාතිය තුළ ඇති ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම්වල සංස්කෘතික අනන්‍යතා පිළිගැනීම සඳහා, සිංගප්පූරුවට නිල භාෂා හතරක් ඇත: ඉංග්‍රීසි, මැලේ, මැන්ඩරින් සහ දෙමළ. ඉංග්‍රීසි පොදු භාෂාව වන අතර, බොහෝ රාජ්‍ය සේවාවන්හි පමණක් භාවිතා වේ. බහු-වාර්ගිකත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගත කර ඇති අතර අධ්‍යාපනය, නිවාස සහ දේශපාලනයේ ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම දිගටම කරගෙන යයි. (තව දුරටත්...) -
Image 14
කීර්ගිස්තානය නිළ වශයෙන් කීර්ගිස්තාන් සමුහාණ්ඩුව, මධ්‍යම ආසියාවේ රටකි. එය මායිම් වන්නේ උතුරින් කසක්ස්තානය, බටහිරින් උස්බෙකිස්ථානය, නිරිත දෙසින් ටජිකිස්තානය සහ නැගෙනහිරින් චීනයට ය. පුරාවෘත්තයක සඳහන් මනාස් යන වීරයාගේ ගෝත්‍රයන් 40 යක නාමයෙන් බිදී ආ නමක් ලෙස කීර්ගිස්තානය හඳුන්වයි. ඒ රටේ ජාතික කොඩියේ ඇති හිරු කිරණ 40 යෙන් එම ගෝත්‍ර 40 විදහා දක්වයි. (තව දුරටත්...) -
Image 15
හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ගත් ජපානය, ජපන් ජාතිකයන් විසින් හදුන්වනු ලබන්නේ "නිප්පොන්/නිහොන්" යනුවෙනි. එය "නි" ඉර සහ "හොන්" මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුනකි. පැසිපික් සාගරය නැගෙනහිර දෙසින් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කි. මී. 377,835 කි. (තව දුරටත්...) -
Image 16
තුර්කි සමූහාණ්ඩුව යුරෝපියානු රටක් වන අතර එය බටහිර ආසියා ඇනටෝලියන් අර්ධද්වීපය ට්‍රේස් ගිනිකොණ යුරෝපය දක්වා විහිදේ. එහි මායිමේ රටවල් 08 ක් වන වයඹ දෙසින් බල්ගේරියාව, බටහිරින් ග්‍රීසිය,ඊසාන දෙසින් අමේනියා අසබයිජාන්,නැගෙනහිරින් බටහිර ඉරානය, ගිනිකොණ දෙසින් ඉරාකය සහ සිරියාව, දකුණු දෙසින් මධ්‍යධරණී මුහුද හා සයිප්‍රසය, බටහිර දෙසින් එයිගියන් මුහුද සහ උතුරින් කළු මුහුදට අයත් වේ. ජනගහනයෙන් බහුතරයක් ජනවාර්ගික තුර්කි හා කර්ටිස් වේ.එරට ප්රබලතම ආගම වන්නේ ඉස්ලාම්ය. රාජ්‍ය භාෂාව වන්නේ තුර්කිය. අගනුවර අන්කරා වේ.තුර්කිය ඔටෝමන් අධිරාජ්‍යයේ අනුප්රාප්තිකයෙකි. එය ප්රජාතන්ත්රවාදි ලෞකික එකමුතු ව්‍යවස්ථදායක සමූහාණ්ඩුවකි. 1923 මුස්තෆා කොමාල්ගේ නායකත්වයෙන් දේශපාලන පද්ධතිය පිහිටුවන ලදී. ඉන්පසු තුර්කිය බටහිර හා සමඟ බද්ධ වි ඇති අතර යුරෝපා කවුන්සිලය, නේටෝ, ඕ.ඊ.සී.ඩී (Organisation for Economic Co-operation and Development), ඔ.එ.ස්.සී.ඊ (Organization for Security and Co-operation in Europe) සහ ජි විස්ස කණ්ඩායම යන සමුළුවල සාමාජිකත්වය දරයි.2005 වර්ෂයේ යුරෝපානු සංගමය සමඟ සම්පූර්ණ සාමාජිකත්වය සඳහා සාකච්ඡා කර ඇත. 1963 සිට යුරෝපානු ආර්ථික කමිටුවේ සහකාර සාමාජිකයෙක් හා 1995 ආචාර සංගම් එකඟතාවයකට පැමිණියහ. මෙරට නැගෙනහිර ආසියාව,මැදපෙරදිග,තුර්කික් රාජ්‍යය මධ්‍යම ආසියාව සමඟ සංස්කෘතික, දේශපාලන ආර්ථික හා කාර්මික සබඳතාවයන් ගොඩනගා ඇත. (තව දුරටත්...) -
Image 17
භූතාන රාජධානිය යනු ස්වෛරීය රාජ්‍යයකි. සෑම පැත්තෙන්ම ගොඩබිමින් වටවී ඇති මෙම රට දකුණු ආසියාතික රටකි. හිමාලයේ නැගෙනහිර ප්‍රදේශයට වන්නට පිහිටා ඇති මෙය දකුණින්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද, උතුරින් ටිබෙට් ස්වතන්ත්‍රික ප්‍රදේශයට ද මායිම් වී ඇත. භූතාන ජාතිකයෝ තම රට "මකරාගේ දේශය" යන තේරුම දෙන Druk Yul යන නමින් හඳුන්වති.
භූතානය කලක් යනතුරුම ලොව හුදෙකලාම රාජ්‍යයක් ලෙස පැවතුණි. වර්තමානය වන විට අන්තර්ජාතික ගුවන් ගමන්, අන්තර්ජාලය, ජංගම දුරකථන ජාල සහ රූපවාහිනී සේවා නිසා රටේ නාගරික ප්‍රදේශ නවීකරණය වී ඇත. නමුත් දළ ජාතික සතුට (GNH) සංකල්පය ඔස්සේ පැරණි සංස්කෘතිය සහ සම්ප්‍රදායන් අනුව යමින් මෙම නවීකරණය පාලනය කිරීමට භූතානය පියවර ගෙන තිබේ. පරිසර සංරක්ෂණයට ද වැඩි ප්රමුඛත්වයක් ලබා දි ඇත. භූතාන රජය සැම විටම රටේ සංස්කෘතිය, සංස්කෘතික අනන්‍යතාවය සහ පරිසරය සුරැකීමට ක්‍රියා කරයි. 2006 දී ලෙයිචෙස්ටර් විශ්වවිද්‍යාල සමීක්ෂණයකට අනුව සතුටෙන්ම දිවි ගෙවන ජනතාවක් සිටින රටවල් අතරින් දකුණු ආසියාවෙන් පළමුවැනි තැන ද, ලෝකයෙන් අටවැනි තැන ද භූතානයට හිමිවන බව Business Week සඟරාව වාර්තා කළේය. (තව දුරටත්...) -
Image 18
හොංකොං මහජන චීන ජනරජය විසින් පාලනයවන විශේෂ පරිපාලන (Hong Kong Special Administrative Region of the People's Republic of China) කොටස් දෙකෙන් එකකි. අනින් එක මැකාඋ වේ. සම්පූර්ණ ප්‍රමාණය වර්ග කිලෝ මීටර 1104 කි. (තව දුරටත්...) -
Image 19
ඇෆ්ගනිස්ථාන ඉස්ලාමික ජනරජය, එසේත් නැතිනම් පොදු ව්‍යවහාරයට අනුව ඇෆ්ගනිස්ථානය යනු දකුණු-මධ්‍යම ආසියාවේ පිහිටි සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවූ කඳුකර රාජ්‍යයකි. එය දකුණින් සහ නැගෙනහිරින් පාකිස්ථානයට ද, බටහිරින් ඉරානයට ද, උතුරින් තුර්කමෙනිස්ථානයට, උස්බෙකිස්ථානයට සහ ටජිකිස්ථානයට ද, ඊසානදිගින් චීනයට ද මායිම් වී ඇත. වත්මන් ඇෆ්ගනිස්ථාන භූමිය අතීතයේ දී සේද මාවතේ සහ මානව සංක්‍රමණයේ සන්ධිස්ථානයක් විය. ක්‍රිපූ 50,000 තරම් ඈත අතීතයේ මෙහි මිනිස් වාසය පැවති බවට සාක්ෂි පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. මේ ප්‍රදේශයේ නාගරික ජනාවාස ක්‍රිපූ 3000-2000 අතර කාලයක ඇරඹෙන්නට ඇතැයි සැළකේ.
කාලයත් සමග ජනවර්ග රාශියක් ජීවත් වී ඇති ඇෆ්ගනිස්ථානය, මධ්‍යම ආසියාව සහ මැදපෙරදිගත් ඉන්දියානු උපමහාද්වීපයත් යා කරන වැදගත් ස්ථානීය පිහිටුමක පවතියි. මේ නිසාම පුරාණයේ සිටම මහා ඇලෙක්සැන්ඩර්, මෞර්ය අධිරාජ්‍යය, ජෙන්ගිස් ඛාන් වැන්නන්ගේ හමුදා ආක්රමණවලට ඇෆ්ගනිස්ථානය ගොදුරු වී ඇත. (තව දුරටත්...) -
Image 20
ඉරාකයේ නිල නාමය 'ඉරාක ජනරජය' යන්නය. ඉරාකය 'සක්රොස්' (Zaqros) කඳු පෙලෙහි වයඹ දිග කෙළවරෙහි වැඩි ප්‍රදේශයක් පුරා විහිදී පවත්නා බටහිර ආසියාවට ද, සිරියානු කාන්තාරයේ නැගෙනහිර කොටසට ද, අරාබියානු කාන්තාරයේ උතුරු දිග කොටසට ද විහිදී පවත්නා රටක් වෙයි. (තව දුරටත්...) -
Image 21
මලයාසියාව ගිණිකොණ ආසියාවේ පිහිටි රාජ්‍ය 30 කින් හා එක්සත් පාලන ප්‍රදේශ 3 කින් සමන්විත වර්ග කි.මී. 329,845 (වර්ග සැතපුම් 127,354) යුත් රටකි. අගනුවර වන්නේ ක්වාලා ලම්පූර්ය. එක්සත් ආණ්ඩුවේ ආසනය වන්නේ පුම්මුජයාය. ජනගහනය මිලියන 28 කි. මැලේසියාව මායිම් වන්නේ තායිලන්තය, ඉන්දුනිසියාව, සිංගප්පුරුව හා බෲනායි වේ. එය නිරක්ෂයට ආසන්න වන අතර සෞම්‍ය දේශගුණයක් ඇත. රාජ්‍ය නායකයා වන්නේ යැන්ග් ඩී. පර්ටුආන් අගොන්ග්ය. රාජාණ්ඩුවේ හා රාජ්‍යයේ නායකයා වන්නේ අගමැතිය. මෙරට පවතින්නේ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයයි. 1963 තෙක් මැලේසියාව රාජ්‍යයන් ලෙස නොපැවතුණි. 18 වන ශතවර්ෂය සිට එක්සත් රාජධානියේ බලපෑම ජනාවාස ඇති කිරීමට හේතු විය. වර්තමාන මැලේසියාවේ බටහිර කොටස රාජධානියන් කිහිපයකින් අඩංගු විය. 1946 දි විසිර යාමට පෙර එය බ්‍රිතාන්‍යය මලයාව වශයෙන් හඳුන්වනු ලැබීය. 1948 දි රටේ විසිරි පැවති විපක්ෂ හේතුවෙන් එය එක්සත් මැලේසියාව වශයෙන් නම් කල අතර, 1957 අගෝස්තු 31 දා නිදහස ලැබීය. 1963 වර්ෂයේ සැප්තැම්බර් 16 වනදා සිංගප්පුරුව, සරවන්, බ්‍රිතාන්‍ය, උතුරු බෝනියෝව එකතුවෙන් මැලේසියාව පිහිටුවන ලදි. 20 වන ශතවර්ෂයේ දී රට ආර්ථිකය අතින් ඉහළට ගියේය. එහි මායිමක් වන මලක්කාව වැදගත් නැව් සේවයේ සන්ධිස්ථානයකි. විදේශ වෙළදාම මෙරට ආර්ථිකය පෝෂණය කර ඇත. නිෂ්පාදනය මැලේසියානු ආර්ථිකයේ ඉහල කොටසක් දරන අතර, ශාක හා සත්ව ජෛව විවිධත්වය පවතින රටවල් 17 න් එකක් ලෙස සැලකේ. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට ආසියාව සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
-
Image 1ඉදිරියේ පිහිටන මහා ස්නානාගාරය ඇතුළු කැණීම් වලින් මතුකරගත් මොහෙන්ජෝදාරෝවේ නටඹුන් (ඉන්දියාවේ ඉතිහාසය වෙතින්)
-
Image 2මෙයිජි යුගයේ නාගසාකි දිස්ත්‍රික් කාර්යාලය. (නාගසාකි වෙතින්)
-
Image 3නාගසාකියේ සැලැස්ම, හයිසෙන් පළාත, 1778 (නාගසාකි වෙතින්)
-
Image 5ඉන්දියානු උප මහාද්වීපයේ ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණය (ඉන්දියාවේ ඉතිහාසය වෙතින්)
-
Image 6නාගසාකි නුවර නකශිමා ගංගාව හරහා ඉදිකර තිබූ ගල් පාලම් කිහිපයක්. 1870 දශකයේදී උචිඩා කුයිචි විසින් ගත් ඡායාරූපයකි. (නාගසාකි වෙතින්)
-
Image 7නාගසාකියේ සැලැස්ම, 1860 (නාගසාකි වෙතින්)
-
Image 8ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත කලා කෞතුකාගාරයේ ඇති 2600–2450 BCE කාලයේ හරප්පන් ශිෂ්ටාචාරයට අයත් බඳුනක් (ඉන්දියාවේ ඉතිහාසය වෙතින්)
-
Image 9නාගසාකි වෙත පැමිණෙන පෘතුගීසි කැරැක් නෞකාවක චිත්රයකි. මෙය 1571 දී පමණ නිර්මාණය වූ ජපාන නැන්බැන් යුගයට අයත් බ්යෝබු නිර්මාණයකි. (නාගසාකි වෙතින්)
-
Image 10ලිස්බන් සිට නාගසාකි දක්වා නාවික ගමන් මාර්ගය (නාගසාකි වෙතින්)
-
Image 12වෛශාලියේ ඇති අශෝක ස්ථම්භය (ඉන්දියාවේ ඉතිහාසය වෙතින්)
-
Image 13ටයිශෝ යුගයේ නාගසාකි නගර කාර්යාලය. (නාගසාකි වෙතින්)
-
Image 14හරප්පාවේ ධාන්‍යාගාරය සහ මහා ශාලාවේ දර්ශනයක් (ඉන්දියාවේ ඉතිහාසය වෙතින්)
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
උප මාතෘකා
ස්වාධීන රාජ්‍යයන් |
| ||||||
---|---|---|---|---|---|---|---|
සීමිත පිළිගැනීමක් ඇති රාජ්‍යයන් | |||||||
යටත් ප්‍රදේශ සහ විශේෂ පාලන ප්‍රදේශ |
|
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව
- ^ "Like herrings in a barrel". The Economist. December 23, 1999.
- ^ National Geographic Atlas of the World (7th ed.). Washington, DC: National Geographic. 1999. ISBN 978-0-7922-7528-2. "Europe" (pp. 68–9); "Asia" (pp. 90–1): "A commonly accepted division between Asia and Europe ... is formed by the Ural Mountains, Ural River, Caspian Sea, Caucasus Mountains, and the Black Sea with its outlets, the Bosporus and Dardanelles."