විකිපීඩියා:තහවුරු කිරීමක් අවශ්‍යයි

Innovative application for the template in xkcd 285 (Wikipedian Protester)
The {{Citation needed}} template aims to promote accountable discourse.
විකිපීඩියාව පිළිගත හැකි තොරතුරු මූලාශ්‍රයකි.[තහවුරු කර නොමැත]

විකිපීඩියාවේ විශ්වසනීයත්වය සුරැකීම උදෙසා, ඕනෑ ම අයෙකුට මූලාශ්‍රය නො දැක් වූ ප්‍රකාශනයක් අභියෝගයට ලක් කළ හැකි ය. විකිපීඩියා ලිපියක යම් ප්‍රකාශනයක් ඔබේ සාමාන්‍ය දැනීමට අනුව පිළිගත නො හැකි යයි ඔබ සිතනවා නම්, එම වැකියට පසුව {{තහවුරු​ කරන්න}} යන්න යෙදීමෙන්, පිළිගත හැකි මූලාශ්‍රයක් ඇසුරින් තහවුරු කිරීමක් ඉල්ලා සිටිය හැකි ය​.

කේතනය කරන ආකාරය දිස්වන​ ආකාරය
රම්බොඩ උමං මාර්ගය තැනීම සඳහා
රුපියල් කෝටි 200 ක් වැය විය​.{{තහවුරු​ කරන්න}}
රම්බොඩ උමං මාර්ගය තැනීම සඳහා
රුපියල් කෝටි 200 ක් වැය විය​.[තහවුරු කර නොමැත]
රම්බොඩ උමං මාර්ගය තැනීම සඳහා රුපියල්
කෝටි 200 ක් වැය විය​.<ref>[http://www.silumina.lk/2008/02/24/_art.asp?fn=aa0802241_01 සිළුමිණ​]</ref>
රම්බොඩ උමං මාර්ගය තැනීම සඳහා රුපියල් කෝටි 200 ක් වැය විය​.[1]
== සටහන් ==
{{reflist}}

සටහන්

[තහවුරු කර නොමැත] කරන්න දුටු විටක දී ඔබ,

  • එම මූලාශ්‍රය සඳහන් නො කළ තොරතුරු භාවිතා කිරීමේ දී එහි නිරවද්‍යතාවය ගැන අවදානමක් පවතින බව සිහි තබා ගන්න​.
  • එම තොරතුර සත්‍යාපනය කිරීමට විශ්වාසවන්ත මූලාශ්‍ර සොයා ගත හැකි නම්, {{තහවුරු​ කරන්න}} ටෑගය මකා දමා, ඒ වෙනුවට <ref>මූලාශ්‍රය ගැන සටහන</ref> යොදමින් මූලාශ්‍රය සටහන් කොට​, එම තොරතුර සනාථ කරන්න​.
ලිපිය අවසානයේ ඇති සටහන් කොටසේ මූලාශ්‍රය ගැන සටහන දිස් වනු ඇති. ලිපියට සටහන් යනුවෙන් කොටසක් නො මැති නම් ලිපිය අවසානයේ නව පේළියකින් == සටහන් == යොදමින් සටහන් කොටස අරඹා {{reflist}} ටෑගය එහි යොදන්න​.
මේ කටයුත්ත ගැන අවබෝධයක් ලබා ගැනීමට මෙම ලිපිය බලන්න​; එහි මාකප් ටෑග පිරික්සන්න​.


මූලාශ්‍රයක් ඇසුරු කිරීමේ දී,
මූලාශ්‍රය පිටපත් කොට අලවන්න එපා.
මූලාශ්‍රය විකිපීඩියා ලිපියට ආකෘතියක් කර ගන්න එපා.
එහි සඳහන් තොරතුරු පමණක් භාවිත කරන්න​.
  • එම ප්‍රකාශනය ගැන කුකුසක් ඇති කර නො ගත යුතු යැයි ඔබ සිතනවා නම්, {{තහවුරු​ කරන්න}} ටෑගය මකා දමා, ඔබ එසේ කිරීමට හේතුව ලිපියේ සාකච්ඡා පිටුවේ දක්වන්න​.
  • සත්‍යාපනය නො කරන ලද තොරතුරු අභියෝගයනට ලක්ව​, ඉවත් කෙරීමට ඉඩ ඇත​.
  • ජීවත් වන පුද්ගලයන් ගැන සත්‍යාපනය නො කළ විවාදාපන්න තොරතුරු වහා ම ඉවත් කෙරෙනු ඇත​.

මෙම ලිපිවල​ තහවුරු කිරීම් අවශ්‍යය ප්‍රකාශයන්ට මූලාශ්‍ර සැපයීමෙන් ඔබට විකිපීඩියාව දියුණු කළ හැකි ය​.


සැලැකිය​: සංස්කරණය

ඇතැම් අවස්ථාවල දී ඇතැම් කරුණු සම්බන්ධයෙන් මූලාශ්‍ර සැපයීම ප්‍රායෝගික නොවනු ඇත​. නිදසුනක් වශයෙන් අභියෝගයට ලක් වන කරුණ මීට පෙර කවර හෝ මාධ්‍යයකින් ප්‍රකාශනයට පත් නුවූ සාම්ප්‍රදායික​, පාරම්පරික දැනුමක් සම්බන්ධයෙන් නම්, එවිට එයට මූලාශ්‍ර සටහනක් සැපයීම බොහෝ විට කළ නොහැකි වනු ඇත​. එවන් විටක අභියෝගයට ලක් වූ කරුණ සම්බන්ධයෙන් විද්වත් සංවාදයක් අරඹා එම ගැටළුව නිරාකරණය කොට​, එම සංවාදයට මූලාශ්‍ර සටහන යොමු කිරීම​ මැනැවි.

ආශ්‍රිත සංස්කරණය

භාහිර සබැඳි සංස්කරණය

  •   Citation needed හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත