ද්වාරය:ආසියාව
![]() | Portal maintenance status: (2020 නොවැම්බර්)
|
හැඳින්වීම
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/22/LocationAsia.png/250px-LocationAsia.png)
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2a/Asia_satellite_orthographic.jpg/250px-Asia_satellite_orthographic.jpg)
ආසියාව යනු ලොව විශාලතම සහ ජනාකීර්ණම මහාද්වීපය යි. එය පිහිටා ඇත්තේ පෘථිවියේ නැගෙනහිර සහ උතුරු අර්ධගෝලවලය. පෘථිවියේ මුළු මතුපිට වර්ගඵලයෙන් 8.6%ක් හෙවත් මුළු භූමි ප්‍රමාණයෙන් 29.9%ක් එයට අයත් වෙයි. එහි බිලියන 4ක ජන ප්‍රමාණයක් ජීවත් වෙන අතර මෙය වත්මන් ලෝක ජනගහණයෙන් 60%කි. 20 වැනි සියවස තුළ ආසියාවේ ජනගහණය සිව් ගුණයකින් වැඩි විය.[1]
ආසියාව අර්ථ දක්වා ඇත්තේ සූවස් ඇළෙන්, යූරල් කඳුවලින්, කොකේසස් කඳුවලින්, කැස්පියන් මුහුදෙන් සහ කළු මුහුදෙන් නැගෙනහිරින් පිහිටි යුරේසියාවේ නැගෙනහිර භූමි කොටස ලෙසයි[2]. යුරේසියාවේ බටහිර භූමි කොටස යුරෝපය යි. ආසියාව නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් ද, දකුණින් ඉන්දියන් සාගරයෙන් ද, උතුරින් ආක්ටික් සාගරයෙන් ද මායිම් වී ඇත.
තෝරාගත් ලිපි
-
Image 1
කීර්ගිස්තානය නිළ වශයෙන් කීර්ගිස්තාන් සමුහාණ්ඩුව, මධ්‍යම ආසියාවේ රටකි. එය මායිම් වන්නේ උතුරින් කසක්ස්තානය, බටහිරින් උස්බෙකිස්ථානය, නිරිත දෙසින් ටජිකිස්තානය සහ නැගෙනහිරින් චීනයට ය. පුරාවෘත්තයක සඳහන් මනාස් යන වීරයාගේ ගෝත්‍රයන් 40 යක නාමයෙන් බිදී ආ නමක් ලෙස කීර්ගිස්තානය හඳුන්වයි. ඒ රටේ ජාතික කොඩියේ ඇති හිරු කිරණ 40 යෙන් එම ගෝත්‍ර 40 විදහා දක්වයි. (තව දුරටත්...) -
Image 2
පිලිපීන (i/ˈfɪləpiːnz/ FIL-ə-peenz; Tagalog: Pilipinas [ˌpɪlɪˈpinɐs] or Filipinas [ˌfɪlɪˈpinɐs]) සමූහාණ්ඩුව බටහිර පැසිෆික් සාගරයේ ගිනිකොණ ආසියාවේ පිහිටි රටකි. මායිම් උතුරින් ලුසාන් සමුද්‍ර සන්ධිය, බටහිරින් හා දකුණින් චීන මුහුද, නිරිතදිගින් සුලූ මුහුද, නැගෙනහිරින් පිලිපීන මුහුදට මායිම් වේ. කොදෙව් දුපතක් වන මෙම දූපත් 7,641 හා භූගෝලීය වශයෙන් ප්‍රදේශ 03 වන ලූසෝන්, විසායාස් හා මන්ඩානෝ වලට බෙදේ. අගනුවර වන්නේ මැනිලාය. ජනගහනය මිලියන 92 වන අතර ලෝකයේ ජනාකීර්ණ 12 වන නගරයයි. විදේශ රටවල පිලිපීන ජාතිකයන් මිලියන 11 වෙසේ.සෞම්‍ය දේශගුණය ජෛව විවිධත්වයෙන් ඉහළය. මෙහි මුල් පදිංචිකරුවන් වශයෙන් නෙග්රිටෝ ජනයා විසීය. මොවුන්ගෙන් පසු ඔස්ට්‍රොනේසියන් ජනතාව මැලේ, හින්දු සහ ඉස්ලාම් සංස්කෘතීන් ගෙන ආවේය. චීනුන් විසින් වෙළදාම හඳුන්වා දෙනු ලැබීය. 1521 ෆර්ඩිනන් මැගලන් ස්පාඤ්ඤ යුගයක් ඇති කළේය. 19 වන 20 වන ශත වර්ෂ වල පැවති යුධමය හා විප්ලවකාරී පසුබිමකින් පසු ඇමරිකාව ස්පාඤ්ඤය හට බලය පවරන ලදී. දෙවන ලෝක යුද්ධයෙන් පසු පිලිපීනය නිදහස ලැබීය. (තව දුරටත්...)
-
Image 3
බහරේන් නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ බහරේන් රාජධානිය ලෙසයි. මෙය අල් සාෆීනා රාජකීය පවුල් විසින් පාලනය කරනු ලබන පර්සියානු ගල්ෆ්හි පිහිටි කුඩා දුපතකි. බහරේන් දුපත් 33 කින් සමන්විත කොදෙව්වකි. විශාලතම බහරෙන් දුපත කී.මී. 55 දිගින් හා කි.මී 18 පළල යුත් එකකි. සවුදි අරාබියට බටහිරට වන්නට පිහිටා ඇති අතර එය බහරේන් හා ෆාහාඩ් රජ මාවත (1986 නොවැම්බර් මස 25 දින විවෘත කරනු ලැබු මාවත) හා සම්බන්ධයි. කටාර් ගිනිකොන දෙසින් ගල්ෆ් හරහා පැතිරේ. යෝජිත කටාර් බහරේන් මාවත බහරේන් හා නාමර් සම්බන්ධ කරන අතර, එය ලෝකයේ දීර්ඝතම මාවත වන්නේය. බහරේන් එහි ඇති තෙල් හා මුතු වලට ප්රසිද්ධයක් දරයි. මෙහි ඉතා උස් වු ගොඩනැගිලි (Skyscrapers) ඉදිකර තිබේ. වර්තමානයේ යෝජිත මීටර් 1022 (අඩි 3353) කින් යුත් මුරුජාන් කුළුන වැනි ගොඩනැගිලිද ඇත. මෙහි බහරේන් ජාත්‍යන්තර ධාවන පථයද පිහිටා ඇත. එබැවින් බහරේන් F 1 ධාවන තරඟයද මෙහි පැවැත්වේ. (තව දුරටත්...) -
Image 4
නැගෙනහිර ටිමෝරය (i/ˈtiːmɔr/, අහන්න) ටිමෝර්-ලෙස්ටේ ලෙසද හැඳින්වේ.(/tiˈmɔr ˈlɛʃteɪ/; පෘතුගීසි උච්චාරණය: [ti'moɾ 'lɛʃ.tɨ]; ), නිල වශයෙන් ටිමෝර්-ලෙස්ටේ ප්රජාතන්ත්රවාදී ජනරජය (පෘතුගීසි: República Democrática de Timor-Leste,) අග්නිදිග ආසියාවේ දූපත් රටකි. එය ටිමෝර් දිවයිනේ නැගෙනහිර අර්ධය, වයඹ අර්ධයේ ඔයකසී එක්ස්ක්ලේව් සහ කුඩා දූපත් වන අටවුරෝ සහ ජැකෝ වලින් සමන්විත වේ. ඕස්ට්‍රේලියාව යනු ටිමෝරය මුහුදෙන් වෙන් වූ රටේ දකුණු අසල්වැසියා වේ. රටේ විශාලත්වය වර්ග කිලෝමීටර් 14,874 (වර්ග සැතපුම් 5,743) වේ. දිලී එහි අගනුවරයි.
නැඟෙනහිර ටිමෝරය දහසයවන සියවසේදී පෘතුගීසි බලපෑමට යටත් වූ අතර, 1975 දක්වා පෘතුගීසි යටත් විජිතයක්ව පැවතුණි. අභ්‍යන්තර ගැටුම් ඒකපාර්ශ්වික නිදහස ප්‍රකාශ කිරීමට සහ ඉන්දුනීසියානු ආක්‍රමණයට හා ඈඳා ගැනීමට පෙරාතුව විය. ඉන්දුනීසියානු පාලනය පුරාවටම ප්‍රතිරෝධය අඛණ්ඩව පැවති අතර, 1999 දී එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලත් ස්වයං නිර්ණ පනතක් මගින් ඉන්දුනීසියාව භූමියේ පාලනය අත්හැරීමට හේතු විය. ටිමෝර්-ලෙස්ටේ ලෙස, එය 2002 මැයි 20 වන දින 21 වන සියවසේ පළමු නව ස්වෛරී රාජ්‍යය බවට පත් විය. (තව දුරටත්...) -
Image 5
උලාන්බාටර් මොන්ගෝලියානු ඉස්ටුවක්
මොංගෝලියාව ඉංග්‍රීසි: මොංගෝලියා (මොංගෝලියානු: [මොංගෂ් ඔෂ්, වචනාර්ථය මොංගල් රට/රාජ්‍යය] Error: {{Lang}}: text has italic markup (help)) යනු නැගෙනහිර සහ මධ්‍යම ආසියාවෙහි පිහිටි භූමියෙන් වටවූ රටකි.. මායිම උතුරින් රුසියාව, දකුණින්, නැගෙනහිරින් හා බටහිරින් චීනයට වේ. අගනුවර වන්නේ උලාන් බැටර් ය. එහි ජනගහනයෙන් 38% ජීවත් වේ. දේශපාලන පද්ධතිය පාර්ලිමේන්තු සමූහාණ්ඩුවක් වන මෙය විවිධ නොමැඩික් අධිරාජ්‍යයන් වන ෂියොන්නු, ෂියැංවි, රෝරන් 1206 ගල්කිෂ්කාන් විසින් සොයාගෙන ඇත.
16 හා 17 වන ශත වර්ෂ වල ටිබටන් බුදුදහමේ ආභාෂය ලැබීය. 17 වන ශත වර්ෂයේ බොහෝ මොන්ගෝලියානුවන් කුයීන් රාජ්‍ය පාලනයට යටත් විය. 1911 මෙහි බිඳවැටීමත් සමඟ නිදහස ලැබු අතර 1921 තෙක් චීනයෙන් නිදහස් වීමට වෙර දැරූ අතර 1945 ජාත්‍යන්තර අවධානයට ලක්විය.1924 මොන්ගෝලියානු සමූහාණ්ඩුව විකාශය වූ අතර දේශපාලනය ද ආරම්භ විය. 1990 බහු පක්ෂ ක්‍රමයක් හා 1992 නව ව්‍යවස්ථාවක් හා වෙළඳ ආර්ථිකයකට විවර විය. වර්ග සැතපුම් 603,909 හා ජනගහනයෙන් මිලියන 2.9 කි. මෙහි තැනිතලා භූමිද වන අතර බෑවුම් සහිත ප්‍රදේශ විශාලවන අතර කඳු උතුරු හා බටහිරට වන අතර, දකුණට ඇත්තේ ගෝබි කාන්තාරයයි.ජනගහනයෙන් 30% ක් නොමැඩික් සහ අර්ධ නොමැඩික්ය. මෙහි බහුතරයක් ජනයා ස්වදේශීය මොන්ගෝල් කසාන්තුවාන් සහ සුළු පිරිසක් රටේ බටහිරට වන්නට ඇත . ජනගහනයෙන් 20% දිනකට ඇ.ඩො.1.25 ට වඩා අඩුවෙන් උපයයි. (තව දුරටත්...) -
Image 6
උස්බෙකිස්ථානය නිළ වශයෙන් උස්බෙකිස්ථාන් සමුහාණ්ඩුව මධ්‍යම ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ බටහිරින් හා උතුරින් කසකස්ථානය, නැගෙනහිරින් කියර්ගිස්තානය හා නැගෙනහිරින් ටජිකිස්ථානය දකුණින් අෆ්ගනිස්ථානය හා ටර්ක්මෙනිස්ථානයටය. මුල් 16 වන ශතවර්ෂයේ දී නැගෙනහිර ටර්නින් භාෂාවන් කථා කල උස්බෙක් නොමෑඩ්වරුන් විසින් මෙම රාජ්‍ය අල්ලා ගත්හ. වර්තමානයේ උස්බෙකිස්ථාන ජනගහනය අයත් වන්නේ අස්බෙස් ජන වර්ගයට අනුව ඔවුන් එම භාෂාව කථා කරයි. 19 ශතවර්ෂයේ දී උස්බෙකිස්ථානය රුසියානු රාජ්‍යයට එක් කල අතර 1924 වර්ෂයේ දී සෝවියට් සංගමයේ ව්‍යවස්ථාදායක සමුහාණ්ඩුවක් බවට පත් විය. එය නිදහස් සමුහාණ්ඩුවක් ලෙස 1991 පටන් පවතී. උස්බෙකිස්ථානය ආර්ථිකය මුලික වශයෙන් වෙළඳ භාණ්ඩ වන කපු, රත්තරන්, යුරේනියම්, පොටැසියම් සහ ස්වභාවික වායු මත යැපේ. එය වෙළඳ ආර්ථිකයකට මාරුවීමට ද පරමාර්ථ කොටගෙන තිබේ. රට ස්ථාවර ආර්ථිකයන් රදා පවත්වා ගන්නට උත්සාහ දරන අතර ඒ නිසා විදේශ ආයෝජකයින් ද වළක්වා ගෙන ඇත. මෙම ක්‍රමයෙන් හා ස්ථිරව මාරුවිමට දරණ පනත අනුව 1995 පසු ආර්ථික වශයෙන් යහපත් ප්‍රතිචාර දක්වා නොමැත. උස්බෙකිස්ථානයේ පවතින මානව හිමිකම් පනත හා ඒක පුද්ගල නිදහස් අන්තර්ජාතික සමාගම්වල විවේචනයට භාජනය වී ඇත. එහි 45% කට ආසන්න ජනගහනයක් දිනකට ඇ. ඩො. 1.25 කට වඩා අඩුවෙන් උපයයි.
(තව දුරටත්...) -
Image 7
අරාබි අර්ධද්වීපයේ, පර්සියානු බොක්කේ දකුණු වෙරළේ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යය, 1971 වසරේදී නිදහස් ශෛක් රටවල් හතක් එක් වීමෙන් සැදුනකි. ව.කි.මි.77,700ක් තරම් මෙරට, 1991දී 1,630,000ක් ජනයා විසූහ.
එහි මායිම් වන්නේ ඕමානය සහ සවුදි අරාබියයි. මෙහි රාජ්‍යයන් හතක් ඇත. එනම් අබුඩාබි, ඩුබායි, සාජා, අජ්මාන්, උම්-අල්, කුවේන්, රස්-අල්, කයිමා සහ ෆුජයිරා වේ. රටේ අගනුවර හා විශාලම නගරය වන්නේ අබුඩාබියයි. එය දේශපාලන, කර්මාන්ත සහ සංස්කෘතිමය මධ්‍යස්ථානයයි. 1971 ට පෙර UAE හැඳින්වුයේ සටන් විරාමයක් ලද රාජ්‍යයක් ලෙසිනි. 19 වන ශතවර්ෂයේ මෙම සටන් විරාමය එක්සත් රාජධානිය හා අරාබි ශීක් ජාතිකයන් අතර පැවතුණි. 18 වන ශතවර්ෂයේ හා 20 වන ශතවර්ෂයේ මෙම ප්‍රදේශය පයිරට් කෝස් නමින් හැඳින්වේ. 1971 ව්‍යවස්ථාවෙන් ස්ථාපිත එරට දේශපාලන පද්ධතිය රාජ්‍ය පාලන කිහිපයකින් සමන්විතයි. ප්‍රධාන ආගම වන්නේ ඉස්ලාම් ආගමයි. අරාබි ප්‍රධාන භාෂාව වේ. මෙරට ලෝකයේ 7 වන විශාලම තෙල් සංරක්ෂිතය හා මැදපෙරදිග පවතින වඩා සංවර්ධනය වු ආර්ථිකයන්ගෙන් එකකි. මුල්‍ය විනිමය මත ආර්ථිකයක් පවතී. එය 66 වන විශාලම ආර්ථිකයයි. එහි ඒක පුද්ගල ගෘහස්ථ නිෂ්පාදනය ඉහළ වන අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අනුව ඒක පුද්ගල ආදායම ඇ. ඩොලර් 46,584 කි. ඒක පුද්ගල මිළදී ගැනීම් අනුව 14 වන විශාලම රාජ්‍ය වන අතර ආසියානු මහද්විපයේ සංසන්දනාත්මකව මානව සංවර්ධන සටහන ඉහළ මට්ටමක පවතී. මෙය ලෝකයේ 35 වන ස්ථානය ගනි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය නිර්මාතෘ සාමාජිකයෙක් වන්නේ අරාබි රාජ්‍යයන්ගේ ඒකාබද්ධ අරාබි සංගමයයි. මෙම රට එක්සත් ජාතීන්ගේ සංගමය, ඔපෙක් සංවිධානය සහ ලෝක වෙළඳ සංගමයේ ද සාමාජිකයෙකි. (තව දුරටත්...) -
Image 8
යේමන ජනරජය නිරිතදිග ආසියාවේ පිහිටි අරාබි අර්ධද්වීපයේ පිහිටයි. සවුදි අරාබිය උතුරින්ද, බටහිරින් රතු මුහුදද, දකුණින් අරාබි මුහුද හා ඒඩන් (Aden) බොක්කද, නැගෙනහිරින් ඕමානයද දේශ සීමා ලෙස පිහිටයි. යේමන භූමි ප්‍රමාණයට දූපත් 200 ක් පමණ අයත් වේ. එහි විශාලම දූපත වන Socotre (සොකෝට්‍රා) ප්‍රධාන භූමියට කි. මී. 415 ක් දකුණින් සෝමාලියානු මුහුදු තීරයට ආසන්නයේ පිහිටයි. අරාබියාවේ ඇති එකම ජනරජය යේමනයයි. (තව දුරටත්...) -
Image 9සිරියාව යනු බටහිර ආසියාවේ නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ සහ ලෙවන්ට් හි පිහිටි රටකි. එය බටහිරින් මධ්‍යධරණී මුහුද, උතුරින් තුර්කිය, නැගෙනහිරින් සහ ගිනිකොන දෙසින් ඉරාකය, දකුණින් ජෝර්දානය සහ නිරිත දෙසින් ඊශ්‍රායලය සහ ලෙබනනය මායිම් වේ. එය සංක්‍රාන්ති රජයක් යටතේ පවතින අතර ආණ්ඩුකාරවරුන් 14 කින් සමන්විත වේ. දමස්කස් යනු අගනුවර සහ විශාලතම නගරයයි. 185,180 square කිලෝmetres (71,500 sq mi) ක ප්‍රදේශයක් පුරා මිලියන 25 ක ජනගහනයක් සමඟ, එය 57 වන වැඩිම ජනගහනය සහ 87 වන විශාලතම රට වේ.
"සිරියාව" යන නම ඓතිහාසිකව පුළුල් කලාපයකට යොමු කර ඇති අතර, පුළුල් ලෙස ලෙවන්ට් වලට සමාන වන අතර අරාබි භාෂාවෙන් අල්-ෂාම් ලෙස හැඳින්වේ. නූතන රාජ්‍යය ක්‍රි.පූ. 3 වැනි සහස්‍රයේ එබ්ලාන් ශිෂ්ටාචාරය ඇතුළු පුරාණ රාජධානි සහ අධිරාජ්‍ය කිහිපයක ස්ථාන ආවරණය කරයි. දමස්කස් සහ ඇලෙප්පෝ විශාල සංස්කෘතික වැදගත්කමක් ඇති නගර වේ. දමස්කස් යනු උමයියාද් කැලිෆේට් හි ආසනය වූ අතර ඊජිප්තුවේ මාම්ලුක් සුල්තාන්වරුන්ගේ පළාත් අගනුවර විය. නූතන සිරියානු රාජ්‍යය පිහිටුවන ලද්දේ 20 වැනි සියවසේ මැද භාගයේ ඔටෝමාන් පාලනයෙන් පසුව, ප්‍රංශ ජනවරමක් ලෙසිනි. කලින් ඔටෝමාන් පාලනය කළ සිරියානු පළාත්වලින් බිහි වූ විශාලතම අරාබි රාජ්‍යය මෙම රාජ්‍යය නියෝජනය කළේය. 1945 දී පළමු සිරියානු ජනරජය එක්සත් ජාතීන්ගේ ආරම්භක සාමාජිකයෙකු බවට පත් වූ විට එය පාර්ලිමේන්තු ජනරජයක් ලෙස ජූරේ නිදහස ලබා ගත් අතර එය ප්‍රංශ ජනවරම නීත්‍යානුකූලව අවසන් කරන ලදී. 1946 අප්‍රේල් මාසයේදී ප්‍රංශ හමුදා ඉවත් වූයේ ජාතියට තත්‍ය නිදහස ලබා දෙමිනි. (තව දුරටත්...) -
Image 10
නිල වශයෙන් ඉරාන ඉස්ලාමීය ජනරජය ලෙසද හැඳින්වෙන ඉරානය බටහිර ආසියානු රටකි. 1648, 195Km2 වන මෙය භූමි ප්‍රමාණයෙන් ලොව 18 වන විශාලතම රට වන අතර ලෝක ජනගහනයෙන් මිලියන 70 ක් මෙහි වාසය කරති. එහි මායිම් උතුරු ආමේනියා අසබජා සහ ටර්කිමේනිස්ටාන් දක්වා ඇත. කසකස්ථානය සහ රුසියාව ඉරානයට කෙළින්ම උතුරින් ඇති අසල්වැසියන්ය. ඉරානය මායිම් වන්නේ නැගෙනහිර ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය දකුණු පර්සියන් බොක්ක හා ඕමානු බොක්කටය. බටහිරින් ඉරානය. වයඹ තුර්කිය වේ (කුර්ඩිස්ටාන්). ටෙහෙරාන් අගනුවර වේ. එහි තෙල් සංචිත වන පෙට්‍රොලියම් සහ ස්වභාවික වායු ලෝක ආර්ථිකයේ විශේෂ බලශක්ති ආරක්ෂණය සහ ලෝක ආර්ථිකයේ විශේෂ තැනක් ගනී. මෙහි පළමුවන රාජධානිය වන එලමයිට් පිහිටුවනු ලැබුවේ ක්‍රි.පූ. 2800 හිය. ඉරානයෙන් මේඩීස් බි.සි.ඊ. 625 න් ඉරානය රාජ්‍යයක් කරන ලදී. පර්ෂියානු වේ පිබිදීමත් සමඟ සාහිත්‍ය දර්ශන විද්‍යාව,ඖෂධ තාරකා විද්‍යාව, ගණිතය සහ සෞන්දර්ය මුස්ලිම් ජනාවාස වල මුලික පද්ධති විය. 1501 දී සෆවිසි රාජ්‍යය පාලනයෙන් නිදහස ලැබීය.1906 දී පර්සියානු ව්‍යවස්ථාදායක විප්ලවීය විසින් රටේ පළමු පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක රාජ තන්ත්රයක් ඇතිව නිර්මාණය කළහ. 1976 අප්‍රේල් 01 ඉරාන් විප්ලවයෙන් පසු නිල වශයෙන් එය ඉස්ලාමීය සමූහාණ්ඩුවක් විය. ඉරානය UN, NAM,OIC,OPAC සංවිධාන වල නිර්මාතෘ සාමාජිකයකි. ඉරාන දේශපාලන පද්ධතිය 1979 ව්‍යවස්ථාව මත පවතී. (තව දුරටත්...) -
Image 11
කොඩිය
බෲනායි නිල වශයෙන් බෲනායි දරුසලාමි හෝ බෲනායි රාජ්‍ය නමින් හැඳින්වේ. සාමයේ මුලස්ථානය (මැලේ, නෙගාරා බෲනායි දරුසලාම්, ජාවී)වන බෲනායි රාජ්‍යය දකුණු ගිණිකොන ආසියාවේ බෝනියෝහි උතුරු වෙරල තීරයෙහි පිහිටා ඇත. දකුණු චීනයේ වෙරළ තීරය හැරුණුකොට, එය සම්පූර්ණයෙන්ම මැලේසියාවේ සාරවත් රාජ්‍යයන්ගෙන් වට වී ඇත. තවද එය කොටස් දෙකකට වෙන් වී ඇත. එය ලිම්බාත් වලින් වෙන් වී ඇත. බෲනායි හි ඉහළම මානව වර්ධන ලැයිස්තුව පිහිටා ඇති රටක් වන අතර, එය දකුණු ගිනිකොණ රාජ්‍යයන් අතර වේ. සිංගප්පූරුව සංවර්ධිත රටක් ලෙස ලැයිස්තු ගත කර ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අනුව (IMF), බෲනායි දල ගෘහස්ථ නිෂ්පාදිත මිලදී ගැනීම් අනුව ලෝකයේ හතරවන ස්ථානයේ සිටී.
(තව දුරටත්...) -
Image 12
සෞදි අරාබිය, සවුදි අරාබියාව, නිල වශයෙන් සවුදි අරාබි රාජධානිය යනු මැද පෙරදිග පිහිටි විශාලතම රටයි. එහි මායිම් වන්නේ උතුරින් හා ඊසාන දිගින් ජෝර්දානය හා ඉරානය නැගෙනහිරින් කුවේට්, කටාර්, බහරේන් හා එක්සත් අරාබි එමිරේට්ස්, ගිණිකොණ දිගින් ඕමාන් හා දකුණෙන් යේමනය වේ. පර්සියානු අගාධය ඊසානයට හා බටහිරට රතු මුහුද වේ. ජනගහනය මිලියන 28 වන අතර එය වර්ග කි. මී. 21 49 690 (වර්ග සැතපුම් 830 000) විශාලය. ඉස්ලාමය තුල ඇති පුජනීයම ස්ථානයක් වන මෙඩීනා හා මක්කම මෙහි ඇති බැවින් මෙය පුජනීය දේවස්ථාන 2 ඇති නගරය වශයෙන් ද හදුන්වයි. වර්තමාන රාජධානිය සොයා ගනු ලැබුවේ, අබ්දුල් අසීස් බින් සවුද් විසිනි. 1902 ඔහුෙග් වෑයම නැරඹුන අතර අල් සවුද් පුරාතන නිවහන වන රියාද් සහ 1932 එය පිලිගැනුනු අතර හා ප්‍රත්‍යාගණනය කරනු ලැබු අතර එය සවුදි අරාබිය තුල උච්චාවචනයට ලක් විය. එහි ජාතික මුලාරම්භයක් 1744 පලමු සවුදි රාජ්‍ය ස්ථාපනය දක්වා දිව යයි. සවුදි ආර්ථිකයේ ප්‍රධානතම අපනයනය වන්නේ පෙට්ට්‍රෝලියම්ය. අපනයනයෙන් 90% හා 75% ක් රාජ්‍ය ආදායම සුභසාධන රාජ්‍යයන් ගොඩ නැගීමට ඉවහල් වි ඇත.
නිළ වශයෙන් සවුදි අරාබි රාජධානිය මැද පෙරදිග පිහිටි විශාලතම රටයි. එහි මායිම් වන්නේ උතුරින් හා ඊසානෙන් ජෝර්දානය හා ඉරානය, නැගෙනහිරින් කුවේට්, කටාර්, බහරේන් හා එක්සත් අරාබි එමිරේට්, ගිණිකොණින් ඕමාන් හා දකුණෙන් යේමනය වේ. පර්සියානු අගාධය ඊසානයට හා බටහිරට රතු මුහුද වේ. ජනගහනය මිලියන 28 වන අතර එය වර්ග කි.මී. 21,49,690 (වර්ග සැතපුම් 830,000) විශාලය. ඉස්ලාමීය තුල ඇති පුජනීයම ස්ථානයක් වන මදීනා හා මක්කම මෙහි ඇති බැවින් මෙය පුජනීය දේවස්ථාන දෙකක් ඇති නගරය වශයෙන් ද හඳුන්වයි. වර්තමාන රාජධානිය සොයා ගනු ලැබුවේ, අබ්දුල් අසීස් බින් සවුද් විසිනි. 1902 දී අල් සවුද් පුරාතන නිවහන වන රියාද් සොයා ගැනීමත් සමඟම ඔහුගේ වෑයම ඇරඹුනි. එය 1932 දී පිළිගැනීම හා ප්රකාශනය කරනු ලැබු අතර එය සවුදි අරාබිය තුල උච්චාවචනයට ලක් විය. එහි ජාතික මුලාරම්භයක් 1744 පළමු සවුදි රාජ්‍ය ස්ථාපනය දක්වා දිව යයි. සවුදි ආර්ථිකයේ ප්‍රධානතම අපනයනය වන්නේ ඛනිජ තෙල්(පෙට්ට්‍රෝලියම්)ය. අපනයනයෙන් 90% හා 75% ක් රාජ්‍ය ආදායම සුභසාධන රාජ්‍යයන් ගොඩනැගීමට ඉවහල් වි ඇත. (තව දුරටත්...) -
Image 13
හොංකොං මහජන චීන ජනරජය විසින් පාලනයවන විශේෂ පරිපාලන (Hong Kong Special Administrative Region of the People's Republic of China) කොටස් දෙකෙන් එකකි. අනින් එක මැකාඋ වේ. සම්පූර්ණ ප්‍රමාණය වර්ග කිලෝ මීටර 1104 කි. (තව දුරටත්...) -
Image 14
ඊජිප්තුව ( අරාබි: مصر ), නිල වශයෙන් ඊජිප්තු අරාබි ජනරජය, යනු අප්‍රිකාවේ ඊසානදිග කෙළවරේ සහ ආසියාවේ නිරිතදිග කෙළවරේ සිනායි අර්ධද්වීපයේ විහිදී ඇති මහාද්වීපික රටකි. එය උතුරින් මධ්‍යධරණී මුහුද, ඊසාන දෙසින් පලස්තීනය සහ ඊශ්‍රායලයේ ගාසා තීරය, නැගෙනහිරින් රතු මුහුද, දකුණින් සුඩානය සහ බටහිරින් ලිබියාව මායිම් වේ. ඊසාන දෙසින් පිහිටි අකාබා බොක්ක ජෝර්දානය සහ සෞදි අරාබිය ඊජිප්තුව වෙන් කරයි. කයිරෝ ඊජිප්තුවේ අගනුවර සහ විශාලතම නගරය වන අතර දෙවන විශාලතම නගරය වන ඇලෙක්සැන්ඩ්‍රියාව මධ්‍යධරණී වෙරළ තීරයේ වැදගත් කාර්මික සහ සංචාරක කේන්ද්‍රස්ථානයකි. ආසන්න වශයෙන් මිලියන 100 ක ජනගහනයක් සිටින ඊජිප්තුව ලෝකයේ 14 වැනි වැඩිම ජනගහන රට වන අතර අප්‍රිකාවේ තුන්වන වැඩිම ජනගහණයෙන් යුත් රට වන්නේ නයිජීරියාවට සහ ඉතියෝපියාවට පසුවය.
ඊජිප්තුවට ඕනෑම රටකට වඩා දීර්ඝතම ඉතිහාසයක් ඇති අතර, නයිල් ඩෙල්ටාව දිගේ එහි උරුමය ක්‍රි.පූ. ශිෂ්ටාචාරයේ තොටිල්ලක් ලෙස සැලකෙන පුරාණ ඊජිප්තුව ලේඛන, කෘෂිකර්මාන්තය, නාගරීකරණය, සංවිධානාත්මක ආගම සහ මධ්‍යම ආන්ඩුව යන මුල්ම වර්ධනයන් කිහිපයක් පැවතියේය. ඊජිප්තුවේ දිගු හා පොහොසත් සංස්කෘතික උරුමය එහි ජාතික අනන්‍යතාවයේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර, එය මධ්‍යධරණී, මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව යන එහි අනන්‍ය මහාද්වීපික පිහිටීම පිළිබිඹු කරයි. ඊජිප්තුව ක්‍රිස්තියානි ධර්මයේ මුල් හා වැදගත් මධ්‍යස්ථානයක් වූ නමුත් හත්වන සියවසේදී බොහෝ දුරට ඉස්ලාමීයකරණය විය. නූතන ඊජිප්තුව 1922 දක්වා දිව යයි, එය රාජාණ්ඩුවක් ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගන්නා විට තිබුනි. 1952 විප්ලවයෙන් පසු ඊජිප්තුව ජනරජයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර 1958 දී එය සිරියාව සමඟ ඒකාබද්ධ වී එක්සත් අරාබි ජනරජය පිහිටුවා ගත් අතර එය 1961 දී විසුරුවා හරින ලදී. 20 වන ශතවර්ෂයේ දෙවන භාගය පුරාම ඊජිප්තුව සමාජ හා ආගමික ආරවුල් සහ දේශපාලන අස්ථාවරත්වය විඳදරාගත් අතර, 1948, 1956, 1967 සහ 1973 දී ඊශ්‍රායලය සමඟ සන්නද්ධ ගැටුම් කිහිපයකට එරෙහිව සටන් කළ අතර 1967 දක්වා ගාසා තීරය කඩින් කඩ අල්ලා ගත්තේය. 1978 දී ඊජිප්තුව ගාසා තීරයෙන් නිල වශයෙන් ඉවත් වී ඊශ්‍රායලය පිළිගනිමින් කෑම්ප් ඩේවිඩ් ගිවිසුම් අත්සන් කළේය. 2011 ඊජිප්තු විප්ලවයට සහ හොස්නි මුබාරක් බලයෙන් පහ කිරීමට තුඩු දුන් අරාබි වසන්තයෙන් පසුව, රට දිගුකාලීන දේශපාලන නොසන්සුන්තාවයකට මුහුණ දුන්නේය. (තව දුරටත්...) -
Image 15
tiny globe ජාතික කොඩිය
කටාර් රාජ්‍යය යනුවෙන් ද නැතහොත් දේශිය වශයෙන් 'දව්ලත් කටාර්' (Dawlat Qatar) යනුවෙන් ද මෙරට හඳුන්වයි.කටාර් රාජ්‍යය මැදපෙරදිග පිහිටි ආරාබියානූ එමීර් රාජ්‍යයට අයත් (Emirate) අරාබි අර්ධද්විපයේ ඊසාන දිග වෙරළ තීරයෙහි පිහිටා ඇති කුඩා රටකි. දකුණු දෙසින් සවුදි අරාබිය නොවුයේ නම්, පර්සියන් මුහුදු බොක්කෙන් මෙරට සිව් දෙසම වටවන්නට ඉඩ තිබිණි. ආසන්නයෙහි පිහිටි බහරේන් දූපත, කටාර් රාජ්‍යයෙන් වෙන් වෙන්නේ පර්සියන් ගල්ෆ් සමුද්‍ර සන්ධියෙනි.
කටාර් රාජ්‍යය ඛණිජ තෙලින් හා ගෑස් සම්පතින් පොහොසත් රටකි. ලොව විශාලත්වයෙන් තෙවනි තැන ගන්නා ගෑස් සංචිතයන් ද ඉහළම එක් පුද්ගල ආදායම වාර්තා වන්නේද මෙරටිනි. පරිපූර්ණ රාජාණ්ඩුවක් වන කටාර් රාජ්‍යය වර්ෂ 1800 යේ මැද භාගයේ සිටම පාලනය කරන ලද්දේ 'අල්තානි' පවුල විසිනි. එවකට දිළිදු රාජ්‍යයක්ව පැවති කටාර් රාජ්‍යය බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වීය. පසුව ඛණිජ තෙල් සහ ස්වාභාවික ගෑස් නිෂ්පාදන ක්ෂේත්රයෙහි ලා කැපී පෙනුණු වර්ධනයත් සමග ඉහළ ආදායම් තත්ත්වයක් සපිරි, ස්වාධීන රාජ්‍යක් බවට ක්‍රමයෙන් පරිවර්තනය විය.වර්ෂ 1972 පටන් මෙරට පාලනය කළ රාජ්‍ය නායකයා (එමීර් ) විසින් ඛණිජ තෙලින් ඉපැයූ ආදායම් නිරන්තරයෙන් අපගමනය කිරීම (Siphoni off) හේතු කොට ගෙන අසූව දශකයේ පසුභාගයෙහිද අනූව දශකයේ මුල් කාලසීමාවන් හිදි ද, කටාර් ආර්ථිකය ප්‍රපාතයට ඇද වැටිණි. ඔහුගේ පුත් එනම් වර්තමාන පාලකයා (එමීර්) වන හමාඩ් බින් කලීෆා අල්තානි 1995 වසරේ දියත් කළ ලේ වැගිරීමකින් තොරව සිදුකළ කුමන්ත්රණයක ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ පියාව පාලනයෙන් නෙරපා හැරිණි. බහරේන් සහ සවුදි අරාබිය සමග දිගු කාලයක් පුරා පැවති දේශසීමා ආරවුල 2001 වසරේ දී විසදා ගැනීමට කටාර් රාජ්‍යය සමත් වන ලදී. (තව දුරටත්...) -
Image 16
පාකිස්ථානය යනු දකුණු ආසියාතික රටකි. අරාබි මුහුදින් සහ ඕමාන බොක්කෙන් මායිම්වූ කිලෝමීටර් 1,046ක මුහුදු සීමාවක් සහිත පාකිස්ථානය බටහිරින් ඇෆ්ගනිස්ථානයෙන් සහ ඉරානයෙන් ද, නැගෙනහිරින් භාරතයෙන් ද, ඊසාන දිගින් චීනයෙන් ද මායිම් වෙයි. මේ අනුව මෙය පිහිටා ඇත්තේ දකුණු ආසියාව, මධ්‍යම ආසියාව සහ මැද පෙරදිග යාකරන තැනකයි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ද පදනම් වී තිබුණේ මෙම වත්මන් පාකිස්ථාන භූමිය තුළයි. වෛදික, පර්සියානු, ඉන්දු-ග්‍රීක, ඉස්ලාම්, තුර්කි-මොන්ගෝලියානු සංස්කෘතිවලින් ආභාෂය ලැබුණු පාකිස්ථානය ඉතිහාසයේදී ඉන්දු-ආර්ය, පර්සියානු, ග්‍රීක, අරාබි, තුර්කි, ඇෆ්ගන්, මොන්ගෝල්, සහ බ්‍රිතාන්‍ය ආක්රමණවලට මුහුණ දී ඇත.
ඉන්දීය නිදහස් අරගලය නිදහස් ඉන්දියාවකට මං සොයද්දී, පාකිස්ථාන ව්‍යාපාරය බ්‍රිතාන්‍ය ඉන්දියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශවල විසූ මුස්ලිම් බහුතරය සඳහා නිදහස් රාජ්‍ය ලබාගැනීමට වෙහෙසුණි. බ්‍රිතාන්‍යයෝ ඉන්දියාවට නිදහස දෙනවාත් සමගම සින්ද්, වයඹ පෙරමුණු ප්‍රාන්තය, බටහිර පන්ජාබය, බලුකිස්තානය සහ නැගෙනහිර බෙන්ගාලය එක් කොට මුස්ලිම් බහුතරයක් සහිත පාකිස්ථානය වෙන් කළහ. 1956 දී ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථාවත් සමග පාකිස්ථානය ඉස්ලාම් ජනරජයක් බවට පත්විය. 1971 දී ඇතිවුණු සිවිල් යුද්ධයෙන් අනතුරුව නැගෙනහිර පාකිස්ථානය බංගලාදේශය නමින් වෙනම රාජ්‍යයක් බවට පත්විය. (තව දුරටත්...) -
Image 17
සයිප්‍රස් එසේත් නැත්නම් සයිප්‍රසය නිල වශයෙන් හඳුන්වන්නේ සයිප්‍රස් ජනරජය යන නමින් ය. නැගෙනහිර මධ්‍යධරණීය, දකුණු තුර්කිය, බටහිර සිරියාව හා ලෙබනන් අතර පවතින සයිප්‍රසය, යුරේසියානු දුපත් රටකි. එය මධ්‍යධරණී මුහුදෙහි පිහිටි 3 වැනි විශාලතම දුපත වන අතර සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථානයකි. එහි ඉහල ආර්ථිකයක් හා ඉහල මානව සංවර්ධනයක් ඇත. සයිප්‍රස් සමුහාණ්ඩුව පොදු රාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙක් වන අතර, 2004 මැයි 01 දා යුරෝපානු සංගමය හා සම්බන්ධ වීම තෙක්ම එම තත්ත්වයේ පැවතුණි. 1974 දී අභ්‍යන්තර ජන ගැටුම් හේතුවෙන් අවුරුදු 11 කට පසු හා ග්‍රීක සයිප්‍රියානු ජාතිකයන් තුර්කිය සමඟ එක්ව රාජ්‍යය ආක්‍රමණය කොට රටෙහි උතුරු ප්‍රදේශය තමනට යටත් කර ගත්හ. මෙම අභ්‍යන්තර ගැටුම් හා තුර්කි ආක්‍රමණයෙන් සයිප්‍රියානුවන් දහස් ගණනක් අනාථ වු අතර තුර්කි සයිප්‍රියන් දේශපාලන සම්මුතියක් ගොඩනගන ලදී. මෙම සිද්ධීන් හා දැනට පවතින දේශපාලන තත්වය වර්තමානයේ ඇති ආරවුල වලට හේතූන්ය. (තව දුරටත්...) -
Image 18
සිංගප්පූරුව, නිල වශයෙන් සිංගප්පූරු ජනරජය, සමුද්‍ර අග්නිදිග ආසියාවේ දූපත් රටක් සහ නගර රාජ්‍යයකි. එය සමකයට උතුරින්, මැලේ අර්ධද්වීපයේ දකුණු කෙළවරට ඔබ්බෙන්, බටහිරින් මලක්කා සමුද්‍ර සන්ධියට, දකුණින් සිංගප්පූරු සමුද්‍ර සන්ධියට සහ ඉන්දුනීසියාවේ රියාව් දූපත් වලට මායිම්ව, සමකයට උතුරින් එක් අක්ෂාංශ (කිලෝමීටර් 137 හෝ සැතපුම් 85) පමණ වේ., නැගෙනහිරින් දකුණු චීන මුහුද සහ උතුරින් මැලේසියාවේ ජොහෝර් ප්‍රාන්තය සමඟ ජොහෝර් සමුද්‍ර සන්ධිය.
රටේ භූමි ප්‍රදේශය එක් ප්‍රධාන දූපතකින්, චන්ද්‍රිකා දූපත් සහ දූපත් 63කින් සහ එක් පිටත දූපතකින් සමන්විත වේ. රට නිදහස ලැබීමෙන් පසු පුළුල් ඉඩම් ගොඩකිරීමේ ව්‍යාපෘති හේතුවෙන් මේවායේ ඒකාබද්ධ ප්‍රදේශය ආසන්න වශයෙන් 25% කින් වැඩි වී ඇත. නාගරික සැලසුම්කරණයේ ප්‍රතිඵලයක් ලෙස හරිත හා විනෝදාස්වාද අවකාශයන් රාශියක් තිබුණද, එය ලෝකයේ ඕනෑම රටක තුන්වන ඉහළම ජනගහන ඝනත්වය ඇත. බහු සංස්කෘතික ජනගහනයක් සහිත සහ ජාතිය තුළ ඇති ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම්වල සංස්කෘතික අනන්‍යතා පිළිගැනීම සඳහා, සිංගප්පූරුවට නිල භාෂා හතරක් ඇත: ඉංග්‍රීසි, මැලේ, මැන්ඩරින් සහ දෙමළ. ඉංග්‍රීසි පොදු භාෂාව වන අතර, බොහෝ රාජ්‍ය සේවාවන්හි පමණක් භාවිතා වේ. බහු-වාර්ගිකත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගත කර ඇති අතර අධ්‍යාපනය, නිවාස සහ දේශපාලනයේ ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම දිගටම කරගෙන යයි. (තව දුරටත්...) -
Image 19
බොහෝවිට තායිවානය ලෙසද, ක්‍රීඩා කටයුනු වලදී චීන තායිපේ හැඳන්වෙන්නේ චීන සමූහාණ්ඩුව හෙවත් චීන ජනරජයයි. මෙය නැගෙනහිර ආසියාවේ රාජ්‍යයක් වන අතර ආසියාවේ පළමු ව්‍යවස්ථාමය සමූහාණ්ඩුව වෙයි. (තව දුරටත්...) -
Image 20
අසර්බයිජානය යන නමින් නිල වශයෙන් හඳුන්වනු ලබන මෙම රට යුරේෂියාහි කෝකසස් ප්‍රාන්තයේ පිහිටි රටකි. බටහිර ආසියාව හා නැගෙනහිර යුරෝපය අතර පිහිටා ඇති අතර එහි මායිම් වන්නේ නැගනෙහිරින් කැප්සියන් මුහුදත්, උතුරින් රුසියාව, ඊසාන දෙසින් ජෝර්ජියාව, බටහිරින් ආමේනියාව හා දකුණින් ඉරානයත්ය. නකචිවා මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් ආමේනියාවත්, බටහිරින් හා දකුණින් ඉරානයට හා කෙටි දේශසීමාවකින් යුත් වයඹ තුර්කියට වේ. බහුතරයක් ආමේනියානුවන් වෙසෙන නගොනෝ තරබන් ප්‍රාන්තය අසර්බයිජානයේ නිරිත දෙසින් පිහිටි අතර, එය 1991 අසර්බයිජානයෙන් වෙන්වී නිදහස් රාජ්‍යයක් බවට පත්විය. නමුත් එය කිසිදු රාජ්‍යයකින් රාජතාන්ත්‍රික වශයෙන් පිළිනොගන්නා බැවින් තවමත් අසර්බයිජානයේ කොටසක් ලෙස පිළිගනියි. අසර්බයිජානයේ වෙසෙන ජනයාගෙන් බහුතරයක් තුර්කි හා මුස්ලිම් ජාතිකයින් වන අතර, ලෞකික හා ඒකාබද්ධ සමුහාණ්ඩුවක් පවතින පැරණි හා ඓතිහාසික වටිනාකමින් යුත් සංස්කෘතික ලක්ෂණයන්ගෙන් හෙබි නගරයකි. අසර්බජානය ගුවාමි රසායන අවි තහනම් කිරීමේ සංගමයේ ආරම්භක සාමාජිකයෙකි. 1993 දී සැප්තැම්බර්හි දී පොදු රාජ්‍ය මණ්ඩලීය නිදහස් රාජ්‍යයන් අතරට ද අසර්බයිජානය එක් විය. යුරෝපියානු කොමිසමේ විශේෂ නියෝජිතයකු රට තුළ සිටින අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, OSCE, යුරෝපා සංගමය සහ නේටෝ සාම හවුලෙහි ද සාමාජිකයෙකි. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට ආසියාව සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
-
Image 1ලිස්බන් සිට නාගසාකි දක්වා නාවික ගමන් මාර්ගය (නාගසාකි වෙතින්)
-
Image 2ටයිශෝ යුගයේ නාගසාකි නගර කාර්යාලය. (නාගසාකි වෙතින්)
-
Image 4නාගසාකියේ සැලැස්ම, 1860 (නාගසාකි වෙතින්)
-
Image 5වෛශාලියේ ඇති අශෝක ස්ථම්භය (ඉන්දියාවේ ඉතිහාසය වෙතින්)
-
Image 6හරප්පාවේ ධාන්‍යාගාරය සහ මහා ශාලාවේ දර්ශනයක් (ඉන්දියාවේ ඉතිහාසය වෙතින්)
-
Image 7ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත කලා කෞතුකාගාරයේ ඇති 2600–2450 BCE කාලයේ හරප්පන් ශිෂ්ටාචාරයට අයත් බඳුනක් (ඉන්දියාවේ ඉතිහාසය වෙතින්)
-
Image 8නාගසාකි වෙත පැමිණෙන පෘතුගීසි කැරැක් නෞකාවක චිත්රයකි. මෙය 1571 දී පමණ නිර්මාණය වූ ජපාන නැන්බැන් යුගයට අයත් බ්යෝබු නිර්මාණයකි. (නාගසාකි වෙතින්)
-
Image 9ඉදිරියේ පිහිටන මහා ස්නානාගාරය ඇතුළු කැණීම් වලින් මතුකරගත් මොහෙන්ජෝදාරෝවේ නටඹුන් (ඉන්දියාවේ ඉතිහාසය වෙතින්)
-
Image 10ඉන්දියානු උප මහාද්වීපයේ ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණය (ඉන්දියාවේ ඉතිහාසය වෙතින්)
-
Image 12නාගසාකි නුවර නකශිමා ගංගාව හරහා ඉදිකර තිබූ ගල් පාලම් කිහිපයක්. 1870 දශකයේදී උචිඩා කුයිචි විසින් ගත් ඡායාරූපයකි. (නාගසාකි වෙතින්)
-
Image 13මෙයිජි යුගයේ නාගසාකි දිස්ත්‍රික් කාර්යාලය. (නාගසාකි වෙතින්)
-
Image 14නාගසාකියේ සැලැස්ම, හයිසෙන් පළාත, 1778 (නාගසාකි වෙතින්)
උප ප්‍රවර්ග
උප මාතෘකා
ස්වාධීන රාජ්‍යයන් |
| ||||||
---|---|---|---|---|---|---|---|
සීමිත පිළිගැනීමක් ඇති රාජ්‍යයන් | |||||||
යටත් ප්‍රදේශ සහ විශේෂ පාලන ප්‍රදේශ |
|
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fa/Wikibooks-logo.svg/25px-Wikibooks-logo.svg.png)
කොමන්ස්
මාධ්‍ය
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4a/Commons-logo.svg/18px-Commons-logo.svg.png)
විකිනිව්ස්
පුවත්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/24/Wikinews-logo.svg/46px-Wikinews-logo.svg.png)
විකික්වෝට්
කියමන්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/fa/Wikiquote-logo.svg/21px-Wikiquote-logo.svg.png)
විකිසෝර්ක්
මූලාශ්‍ර
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4c/Wikisource-logo.svg/24px-Wikisource-logo.svg.png)
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/91/Wikiversity-logo.svg/31px-Wikiversity-logo.svg.png)
වික්ෂනරි
අර්ථ දැක්වීම්
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ec/Wiktionary-logo.svg/25px-Wiktionary-logo.svg.png)
විකිඩේටා
දත්ත ගබඩාව
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/ff/Wikidata-logo.svg/45px-Wikidata-logo.svg.png)
- ^ "Like herrings in a barrel". The Economist. December 23, 1999.
- ^ National Geographic Atlas of the World (7th ed.). Washington, DC: National Geographic. 1999. ISBN 978-0-7922-7528-2. "Europe" (pp. 68–9); "Asia" (pp. 90–1): "A commonly accepted division between Asia and Europe ... is formed by the Ural Mountains, Ural River, Caspian Sea, Caucasus Mountains, and the Black Sea with its outlets, the Bosporus and Dardanelles."