පාරාවෝවරුන්ගේ ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය

මෙම ලිපියේ අන්තර්ගත වන්නේ පුරාතන ඊජිප්තුවේ පාරාවෝ ලැයිස්තුවයි. මෙමගින්, ක්‍රි.පූ. 3100ට පෙර කාලයේ මුල්කාලීන රාජවංශික යුගයේ සිට ක්‍රි.පූ. 30දී ඔගස්ටස් සීසර් විසින් ඊජිප්තුව රෝමයේ පළාතක් ලෙස ඈඳාගැනුණු ටොලමියානු රාජවංශයේ අවසානය දක්වා කාලපරිච්ඡේදය ආවරණය වේ.

ඊජිප්තුවෙහි පාරාවෝ
Double crown.svg
Pharaoh.svg
පාරාවෝවරයකුගේ දර්ශීය නිරූපණයක්.
ශෛලියපංච-විධ පදවි නාමය
පළමු රජනාමර් (හෙවත් මෙනස්)
අවසන් රජනෙක්ටැනෙබෝ II
(අවසන් ස්වදේශික)[1]
ක්ලියෝපැට්රා සහ සිසේරියන්
(අවසන් සැබෑ)
ස්ථාපනයක්‍රි.පූ. 3100 ප.
අහෝසි කිරීමක්‍රි.පූ. 343
(අවසන් ස්වදේශික පාරාවෝ)[1]
ක්‍රි.පූ. 30
(අවසන් ග්‍රීක පාරාවෝවරුන්)
වාසභවනයයුගය අනුව වෙනස් වේ
පත් කරන්නාදිව්‍යමය අයිතිය

මෙහි ලබා දී ඇත්තේ දිනයන් ආසන්න වශයෙන් බව සලකන්න. පහත දැක්වෙන පාරාවෝවරුන්‍ගේ ලැයිස්තුව පුරාතන ඊජිප්තුවේ සම්මුතික කාලානුක්‍රමය අනුව ප්‍රධාන වශයෙන්ම ඊජිප්තු පුරාවිද්‍යාව පිළිබඳ පෙට්‍රී කෞතුකාගාරය විසින් සම්පාදනය කළ විශ්වවිද්‍යාල සඳහා ඩිජිටල් ඊජිප්තුව නැමැති දත්ත සමුදාය මත පදනම්ව ගොඩනැගූවකි. නමුත් වෙනත් විකල්ප දිනයන් හා ඒවායේ ප්‍රාමාණිකයන් වෙනම දක්වා ඇත.

පුරාතන ඊජිප්තු රාජාවලිසංස්කරණය

පාරාවෝවරුන්ගේ නූතන ලැයිස්තු සඳහා පාදක කොටගෙන ඇත්තේ ඓතිහාසික වාර්තා ය. මේ අතර, පුරාතන ඊජිප්තු රාජාවලි ලැයිස්තු සහ මැනතෝගේ ඒජිප්ටියාකා වැනි ඉතිහාස වාර්තා මෙන්ම පුරාවිද්‍යාත්මක සාක්ෂි ද වේ. පුරාතන මූලාශ්‍ර සැලකීමේ දී ඊජිප්තුවේදීන් සහ පුරාවිද්‍යාඥයින් ඒවායේ ඇති විශ්වසණීයත්වය, නිරවද්‍යභාවය සහ සම්පූර්ණත්වය පිළිබඳ බෙහෙවින් සැළකිලිමත් වන්නේ ඒවායින් බොහෝමයක් අදාළ රාජ්‍ය සමයයන්ට පසුකලෙක ලියැවුණු ඒවා නිසායි.[2] පුරාතන රාජාවලි සම්බන්ධයෙන් ඇති තවත් ගැටුලවක් නම් ඒවා බොහෝමයක් හානි වී පැවතීමත් එකක් අනෙක සමග සැසඳීමට ඇති අපහසුවත් ය.

මේ වන විට පහත රාජාවලි හඳුනාගෙන ඇත (රාජවංශ අනුපිළිවෙලින් දක්වා ඇත):[3]

පූර්වරාජවංශික යුගයසංස්කරණය

පහළ ඊජිප්තුවසංස්කරණය

පහළ ඊජිප්තුවට භූගෝලීය වශයෙන් උතුරු නයිල් සහ නයිල් ඩෙල්ටාව ඇයත් විය. පහත ලැයිස්තුව සම්පූර්ණ නොවිය හැක:

නම රුව සටහන් දින
සෙකා - පැලර්මෝ පාෂාණයෙන් පමණක් හමු වේ.[4]
ඛායු - පැලර්මෝ පාෂාණයේ පමණක් සඳහන් වේ.[5]
ටියු - පැලර්මෝ පාෂාණයේ පමණක් සඳහන් වේ.[6]
තෙෂ් - පැලර්මෝ පාෂාණයේ පමණක් සඳහන් වේ.[7]
නෙහෙබ් - පැලර්මෝ පාෂාණයෙන් පමණක් හමුවේ.[8]
වස්නර් - පැලර්මෝ පාෂාණයෙන් පමණක් හමුවේ.[9]
මෙඛ් - පැලර්මෝ පාෂාණයේ පමණක් සඳහන් වේ.[10]
(විනාශ වී ඇත) - පැලර්මෝ පාෂාණයෙන් පමණක් හමුවේ.[10]
ඩබල් ෆෝකන්
 
ඇතැම්විට ඉහළ ඊජිප්තුව ද පාලනය කරන්නට ඇත. නැකාඩා III

ඉහළ ඊජිප්තුවසංස්කරණය

මෙහි ගොනුකර ඇත්තේ පසුකාලීන නැකාඩා III යුගයට අයත් ඉහළ ඊජිප්තුවේ පූර්ව රාජවංශිකත පාරාවෝවරුන්ගේ නම් ය. ඇතැම්විට රාජවංශය 00 ලෙස ද හඳුන්වයි.

නාමය රුව සටහන් දින
එලිෆන්ට්[11]
 
- නැකාඩා III
බුල් - - නැකාඩා III
ස්කෝර්පියන් I - - නැකාඩා III

මුල්කාලීන රාජවංශික යුගයසංස්කරණය

පූර්වරාජවංශික පාලකයින්: රාජවංශය 0සංස්කරණය

පහත පූර්වරාජවංශික පාරාවෝ ලැයිස්තුව සම්පූර්ණ එකක් විය හැක. මෙම රජවරුන් පළමු රාජවංශයට පෙර රාජ්‍ය පාලනය කළ හෙයින් ඇතැම්විට "රාජවංශය 0" ලෙස හඳුන්වා ඇත.

නම රුව සටහන් දින
අයිරි-හොර්
 
නිවැරදි කාලානුක්‍රම පිහිටුම අපැහැදිළි ය.[12] ක්‍රි.පූ. 3150 පමණ
ක්‍රොකඩයිල්
 
ෂෙන්ඩ්ජ්ව් ලෙස කියවිය හැක; අනන්‍යතාව සහ පැවැත්ම මතභේදාත්මක ය.[13] ක්‍රි.පූ. 3150 පමණ
කා
 
ඇතැම්විට කා වෙනුවට සෙඛෙන් ලෙස ද කියවනු ලබයි. නිවැරදි කාලානුක්‍රම පිහිටුම අපැහැදිළි ය.[14] ක්‍රි.පූ. 3150 පමණ
ස්කෝර්පියන් II
 
සෙර්කෙට් ලෙස ද කියැවිය හැක; ඇතැම්විට නාමර්ම විය හැක.[15] ක්‍රි.පූ. 3150 පමණ

පළමු රාජවංශයසංස්කරණය

නම රුව සටහන් රාජ්‍ය සමය
නාමර්
 
මෙනස් යනුවෙන් හැඳන්වුණේ මොහුම යැයි විශ්වාස කෙරේ. ඉහළ ඊජිප්තුව සහ පහළ ඊජිප්තුව ඒකාබද්ධ කර ඇත. ක්‍රි.පූ. 3100 පමණ
හොර්-අහා
 
ග්‍රීක ස්වරූපය: අතෝටිස්; මොහුගේ අසාමාන්‍ය සෙරෙඛ් නාමය හේතුවෙන් ප්‍රකට විය. ක්‍රි.පූ. 3050 පමණ
ඩ්ජෙර්
 
ග්‍රීක ස්වරූපය: උවෙනෙෆස් (ඔහුගේ රන් නාමය වන ඉන-නෙබ්ව් අනුව); ඔහුගේ නම සහ පදවි නාමයන් සුප්‍රකට පැලර්මෝ පාෂාණයේ දක්නට ලැබේ. ඔහුගේ සොහොන්ගැබ පසුව ඔසිරිස්ගේ ජනප්‍රවාදගත සොහොන්ගැබ ලෙස ප්‍රකට වන්නට ඇතැයි විශ්වාස කෙරේ. වර්ෂ 54[16]
ඩ්ජෙට්
 
ග්‍රීක ස්වරූපය: උසාෆේයිස්. වර්ෂ 10[17]
ඩෙන්
 
ග්‍රීක ස්වරූපය: කේන්කෙනෙස් (ඔහුගේ උපන් නාමය වූ කෙන්කෙන්හි රැම්සෙසීය වාග් විලාසය අනුව ගොඩනැගුණකි[18]). ඊජිප්තුවේ ද්විත්ව කිරුළ පැළඳ සිටිනු නිරූපිත ප්‍රථම පාරාවෝවරයායි. එසේම සම්පූර්ණ නිස්ව්ට් බිටි-නාමය හිමි පළමු පාරාවෝවරයා ද වේ. වර්ෂ 42[17]
අනෙඩ්ජිබ්
 
ග්‍රීක ස්වරූපය: මියෙබිඩොස්. ඔහුගේ අසුභ නෙබ්වි-නාමය‍ හේතුවෙන් ප්‍රකට ය.[19] වර්ෂ 10
සෙමෙර්ඛෙට්
 
ග්‍රීක ස්වරූපය: සෙමෙම්ප්සෙස්. සම්පූර්ණයෙන් වර්ධිත නෙබ්ටි නාමයක් හිමි පළමු පාරාවෝවරයායි. ඔහුගේ සම්පූර්ණ රාජ්‍ය සමය කයිරෝ පාෂාණයේ සටහන්ව ඇත. වර්ෂ 8½[17]
කා'ආ
 
ග්‍රීක ස්වරූපය: බියෙනෙචෙස්. දිගු කාලයක් රාජ්‍ය පාලනය ගෙනගිය රජෙකි. අතිරේක සොහොන්ගැබ් සහිත අවසන් සොහොන්ගැබ ඔහුට අයත් ය. වර්ෂ 34
ස්නෙෆෙර්කා
 
ඉතා කෙටි රාජ්‍ය සමයකි. නිවැරදි කාලානුක්‍රම පිහිටුම නොදනී. ක්‍රි.පූ. 2900 පමණ
හොරස් බර්ඩ්
 
ඉතා කෙටි රාජ්‍ය සමයකි. නිවැරදි කාලානුක්‍රම පිහිටුම නොදනී. ක්‍රි.පූ. 2900 පමණ

දෙවන රාජවංශයසංස්කරණය

නම රුව සටහන් දින
හොටෙප්සෙඛෙම්වි[20]
 
මැනතෝ ඔහුගේ නාමය බොයිතොස් ලෙස දක්වා ඇති අතර, ඔහුගේ පාලනය සමයේ භූමිකම්පාවකින් විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වූ බව පවසයි. වර්ෂ 15
නෙබ්රා[21]
 
ග්‍රීක ස්වරූපය: කෙයෙචොස් (කාකාව් යන රැම්සෙසීය කාර්ටුෂ නාමය අනුව යෙදුණකි). සිය රාජකීය නාමයේ සූර්ය-සංකේතය භාවිතය කළ පළමු පාලකයායි. ඇතැම්විට වෙනෙග් රජු යනුවෙන් පැවසෙන්නේ ද මොහුම විය හැක. වර්ෂ 14
නයිනෙට්ජෙර්[22]
 
ග්‍රීක ස්වරූපය: බිනෝත්‍රිස්. සිය අනුප්‍රාප්තිකයන් අතර ඊජිප්තුව බෙදා දෙන්නට ඇත. කාන්තාවන්ට පාරාවෝවරුන් මෙන් පාලනය ගෙනයන්නට ඉඩදුන්නේ යැයි පැවසේ. වර්ෂ 43–45
වෙනෙග්-නෙබ්ටි[23]
 
ග්‍රීක ස්වරූපය: ඕගොට්ලස්/ට්ලාස්. ස්වාධීන පාලකයකු හෝ පෙරිබ්සෙන්, සෙඛෙමිබ්-පෙරෙන්මාට් හෝ රැනෙබ් අයන අයගෙන් කෙනෙක් විය හැක.
සෙනෙඩ්ජ්[24]
 
ග්‍රීක ස්වරූපය: සෙතෙනස්. ඇතැම්විට පෙරිබ්සෙන් යනු මොහුම විය හැක. කෙසේනමුත්, මෙය දැඩිව මතභේදයට හේතු වී ඇත.[25]
සෙත්-පෙරිබ්සෙන්
 
ඔහුගේ සෙත්-නාමය නිසා ප්‍රකට විය. ඊජිප්තුවේ සූර්ය වන්දනාව ප්‍රචලිත කළ ඔහු, නිලධාරීන්, නොමර්ච්වරුන් සහ වංශාධිපතීන්ගේ බලය අඩුකළේ ය. ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ මොහු බෙදුණු ඊජිප්තුවක් පාලනය කළ බවයි.[26]
සෙඛෙමිබ්-‍පෙරෙන්මාට්
 
සෙත්-පෙරබ්සෙන් නැමැත්තා ද මොහු විය හැකි යැයි යෝජනා වී ඇත.[27]
නෙෆර්කාරා I ග්‍රීක ස්වරූපය: නෙ‍ෆර්චෙරෙස්. රැම්සෙසීය රාජාවලියෙන් පමණක් හමුවේ. පුරාවිද්‍යාත්මකව සනාථ වී නැත.
නෙෆර්කාසොකාර් ග්‍රීක ස්වරූපය: සෙසෝච්රිස්. රැම්සෙසීය රාජාවලියෙන් පමණක් හමුවේ. පුරාවිද්‍යාත්කව සනාථ වී නැත. පැරණි රාජධානියේ පුරාවෘත්තවල මෙම රජු ඊජිප්තුව දිගු නියඟයකින් බේරාගත් බව පැවසේ.[28]
හුඩ්ජෙෆා I රැම්සෙසීය රාජාවලියෙන් පමණක් හමුවේ‍ ඔහුගේ "නාමය" සැබැවින්ම රැම්සෙසීය රාජ්‍ය සමයේ ද ඔහුගේ මුල් නාමය සොයාගත නොහැකි වූ බවට යෙදුමකි‍.
ඛාසෙඛෙම්(වි)[29][30]
 
ග්‍රීක ස්වරූපය: චෙනෙරෙස්. අරගලකාරී සමයයකට පසුව ඊජිප්තුව එක්සත් කරන්නට ඇත. ඔහුගේ සෙරෙඛ් නාමය හොරස් සහ සෙට්ගේ නම් ඇතුළත් විශේෂිත නාමයකි.

පැරණි රාජධානියසංස්කරණය

තෙවන රාජවංශයසංස්කරණය

නම රුව සටහන් දින
ඩ්ජෝසර්[31][32]
 
ග්‍රීක ස්වරූපය: ටොසොර්ත්‍රොස්. ඊජිප්තුවේ පළමු පිරමිඩය ඉදිකරවන ලදී. මෙය ඔහුගේ ප්‍රධාන වාස්තු විද්‍යාඥයා සහ ලේකම්වරයා වූ ඉම්හොටෙප්ගේ නිර්මාණයකි. වර්ෂ 19 හෝ 28ක් ක්‍රි.පූ. 2670 පමණ
සෙඛෙම්ඛෙට්[33]
 
ග්‍රීක ස්වරූපය: ටයිරෙයිස් (සෙඛෙම්ඛෙට්ගේ රැම්සෙසීය කාර්ටුෂ නාමය වූ ටෙටි අනුව යෙදුණකි). ඔහුගේ පඩි පිරමිඩයේ සුසානභූමියෙන් වසර 2ක් පමණ වියැති දරුවකුගේ ශේෂයන් හමු විය.[34] ක්‍රි.පූ. 2649 - 2643
‍සැනැඛ්ට්
 
ග්‍රීක ස්වරූපය: නෙචෙරොෆස්. නෙබ්කා ලෙස හඳුන්වන්නේ ද මොහුම විය හැක. නමුත් එය විද්වතුන්ගේ මතභේදයට හේතු වී ඇත. ක්‍රි.පූ. 2650 පමණ
ඛාබා
 
නිමනොකළ පඩි පිරමිඩයක් ඉදිකරන්නට ඇත. ඇතැම්විට මොහු, හුනි විය හැකි බව ද පැවසේ. ක්‍රි.පූ. 2643 - 2637
හුනි[35]
 
ග්‍රීක ස්වරූපය: ඒචස්. ඇතැම්විට කාහෙඩ්ජෙට් හෝ ඛාබා යන දෙදෙනාගෙන් අයකු විය හැක. නිමනොකළ පඩි පිරමිඩයක් සහ ඊජිප්තුව පුරා වන්දනා පිරමිඩ කිහිපයක් ඉදිකොට ඇති බව පෙනේ. බොහෝකලක සිට මීඩම්හි පිරමිඩය හුනි විසින් ඉදිකළේ යැයි විශ්වාස කෙරිණි. නමුත් හුනි වෙනුවට ස්නොෆ්රු රජුව වර්ණනා කොට ඇති නව රාජධානියේ කුරුටුලිපි අනුව එය අසත්‍ය බව පෙනේ‍. ක්‍රි.පූ. 2637 - 2613

සිව්වන රාජවංශයසංස්කරණය

නම රුව සටහන් දින
ස්නෙෆරු
 
ග්‍රීක ස්වරූපය: සෝරිස්. දිගු කාලයක් (වර්ෂ 48ක්) රාජ්‍ය පාලනය කොට තිබේ. මේ කාලය තුළ ඔහු විසින් මීඩම් පිරමිඩය, බෙන්ට් පිරමිඩය සහ රතු පිරමිඩය ඉදිකරන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ ඔහුගේ දේහය රතු පිරමිඩය තුළ භූමදානය කෙරුණු බවයි. දිගු කලක් මීඩම් පිරමිඩය ස්නොෆ්රුගේ ඉදිකිරීමක් නොව හුනි රජුගේ බව පිළිගැනිණි. පුරාතන ඊජිප්තු ලේඛනවල ස්නොෆ්රු භක්තිමත්, ආචාරශීලී පාලකයකු ලෙස දක්වා ඇත.[36]
ක්‍රි.පූ. 2613 - 2589 BC
ඛුෆු
 
ග්‍රීක ස්වරූපය: චියොප්ස් සහ සුෆිස්. ගිසාහි මහා පිරමීඩය ඉදිකරන ලදී. පුරාතන ග්‍රීක කතුවරුන් විසින් ඛුෆු කෲර ප්‍රජාපීඩක රජකු ලෙස හඳුන්වා තිබුණත්, පුරාතන ඊජිප්තු මූලාශ්‍රවල ඔහු ආචාරශීලී ධාර්මික රජකු බැව් දක්වා ඇත. සුප්‍රකට වෙස්ට්කාර් ‍පැපිරසයේ ප්‍රධාන චරිතය ඔහු ය. මෙහි ඔහු ඩෙඩි නැමැති මන්ත්‍රකරුවකුටගේ උපදෙස් පතන අතර, ඩෙඩි විසින් අනාගතවාක්‍යයක් ප්‍රකාශ කොට මායාමය විස්කම් සිදුකරයි. පළමු ආමුද්‍රණ පැපිරසය ඛුෆුගේ සමයට අයත් ය. මේ නිසා ග්‍රීක කතුවරුන් විශ්වාස කළේ දෙවිවරුන්ට ප්‍රශංසා කිරීම පිණිස ඛුෆු ග්‍රන්ථ රචනා කළ බවයි.
ක්‍රි.පූ. 2589 - 2566
ඩ්ජෙඩෙෆ්රේ
 
ග්‍රීක ස්වරූපය: රාටොයිසිස්. ඇතැම් විද්වතුන් විශ්වාස කරන්නේ ඔහු සිය මියගිය පියාණන් අනුස්මරණය කිරීම පිණිස ගිසාහි මහා ස්ෆින්ක්සය ඉදිකළ බවයි. ඔහු විසින් අබු රවාෂ්හි පිරමිඩයක් ගොඩනගා තිබේ. කෙසේනමුත්, රෝමානුවන් විසින් එය ඉදිකළ අමුද්‍රව්‍ය යළි භාවිතයට ගැනීම නිසා එය එතරම් කල් නොපවතින්නට ඇතැයි විශ්වාස කෙරේ.
ක්‍රි.පූ. 2566 – 2558
ඛෆ්රේ
 
ග්‍රීක ස්වරූපය: චෙෆ්‍රෙන් සහ සුෆිස් II. ඔහුගේ පිරමිඩය ගිසාහි දෙවන විශාලතම පිරමිඩය වේ. ඇතැම් විද්වතුන් පවසන්නේ ඩ්ජෙඩෙෆ්රා ඉදිරිපිට ඇති මහා ස්ෆින්ක්සය ඔහුගේ නිර්මාණයක් බවයි. පුරාතන ග්‍රීක කතුවරුන් ඛෆ්රා ද ඛුෆු මෙන්ම කෲර පාලකයකු වූ බව දක්වා ඇත.
ක්‍රි.පූ. 2558 - 2532
බාකා/බොවෙෆ්‍රේ
 
ග්‍රීක ස්වරූපය: බිඛෙරිස්. ඇතැම්විට සාවියෙට් එල්'ආර්යන්හි නිම නොකළ උතුරු පිරමිඩය ඔහුගේ විය හැක.
මෙන්කෝරේ
 
ග්‍රීක ස්වරූපය: මෙන්චේරෙස්. ගිසාහි ඇති තෙවන සහ කුඩාම පිරමිඩය ඔහුගේ ය. පුරාවෘත්ත අනුව ඔහුගේ එකම දියණිය රෝගයකින් මියගිය බවත්, මෙන්කෝරා ඇයව ගවදෙනක හැඩැති රන් මිනීපෙට්ටියක භූමදාන කළ බවත් පැවසේ.
ක්‍රි.පූ. 2532 - 2503
ෂෙප්සෙස්කෆ්
 
ග්‍රීක ස්වරූපය: සෙබෙර්චේරෙස්. මස්ටාබට් එල්-ෆාරා'යුන්හි හිමිකරු ය.
ක්‍රි.පූ. 2503 - 2498 BC
තම්ෆ්තිස් මැනතෝ අනුව මොහු 4වන රාජවංශයේ අවසන් පාලකයා වේ. මොහු පිළිබඳ පුරාවිද්‍යාත්මකව සනාථ වී නොමැති අතර, ප්‍රබන්ධ චරිතයක් විය හැක.

පස්වන රාජවංශයසංස්කරණය

පස්වන රාජවංශය විසින් ක්‍රි.පූ. 2498 සිට 2345 දක්වා පාලනය ගෙන යන ලදී.

නම රුව සටහන් දින
උසර්කාෆ්
 
සකාරාහි පිරමිඩයක භූමදානය කෙරිණි. අබුසිර්හි පළමු සූර්ය දේවස්ථානය ඉදිකළේ ය.
ක්‍රි.පූ. 2498 - 2491
සහුරේ
 
රාජකීය ‍සුසානභූමිය අබුසිර් වෙත ගෙනගිය අතර, එහි ඔහුගේ පිරමිඩය ඉදිකළේ ය.
ක්‍රි.පූ. 2490 - 2477
නෙෆරිර්කරේ කකායි
 
සහුරේගේ පුත්‍රයායි. උපන් නාමය රැනෙෆර් ය.
ක්‍රි.පූ. 2477 - 2467
නෙෆරෙෆ්රේ
 
නෙෆරිර්කරේගේ පුත්‍රයායි.
ක්‍රි.පූ. 2460 - 2458
ෂෙප්සෙස්කරේ
 
නෙෆරෙෆ්රේට පසුව බොහෝවිට මාස කිහිපයක් පමණක් රජ කරන්නට ඇත. සහුරේගේ පුත්‍රයකු විය හැක.[37]
මාස කිහිපයක්
න්‍යුසෙරේ ඉනි
 
නෙෆරෙෆ්රේගේ සොහොයුරෙකි. අබුසිර් සුසානභූමිය විශාලකොට තැනවී ය.
ක්‍රි.පූ. 2445 - 2422
මෙන්කෝහොර් කාඉයු
 
සූර්ය දෙවොලක් ඉදිකළ අවසන් පාරාවෝවරයා ය.
ක්‍රි.පූ. 2422 - 2414
ඩ්ජෙඩ්කරේ ඉසෙසි
 
ඊජිප්තු පරිපාලනයේ සාධනීය ප්‍රතිසංස්කරණ සිදුකළේ ය. ඔහුගේ රාජවංශයේ වැඩිම කාලයක් පාලනය ගෙනගියේ ඔහු ය. සිහසුන වර්ෂ 35කට වඩා හොබවන්නට ඇත.
ක්‍රි.පූ. 2414 - 2375
උනාස්
 
උනාස්ගේ පිරමිඩයේ පිරමිඩ පාඨවල පැරණිතම උදාහරණයක් දක්නට ලැබේ.
ක්‍රි.පූ. 2375 - 2345

සයවන රාජවංශයසංස්කරණය

සයවන රාජවංශය විසින් ක්‍රි.පූ. 2345 සිට 2181 දක්වා පාලනය ගෙනගොස් තිබේ.

නම රුව සටහන් දින
ටෙටි
 
මැනතෝ අනුව ඔහුව මරාදැමිණි.
ක්‍රි.පූ. 2345–2333
උසර්කරේ
 
වර්ෂ 1 සිට 5 දක්වා කාලයක් රාජ්‍ය පාලනය කොට තිබේ. ඇතැම්විට ටෙටි ඝාතනය වූ අවස්ථාවේ සිහසුන පැහැරගන්නට ඇත.
ක්‍රි.පූ. 2333–2332
මෙරිරේ පෙපි I
 
ක්‍රි.පූ. 2332–2283
මෙරෙන්රේ නෙම්ටියෙම්සෆ් I
 
ක්‍රි.පූ. 2283–2278
නෙෆර්කරේ පෙපි II
 
මිනිස් ඉතිහාසයේ වැඩිම කාලයක් සිහසුන හෙබවූ පාලකයා විය හැක. එය වර්ෂ 94ක් ලෙස දැක්වේ. ඇතැමුන් පවසන්නේ ඔහු රාජ්‍ය පාලනය කළේ වර්ෂ 64ක් "පමණක්" බවයි.
ක්‍රි.පූ.2278–2184 BC
නෙෆර්කා පුරාතන ඊජිප්තුව පිළිබඳ ඔක්ස්ෆර්ඩ් විශ්වකෝෂයේ පමණක් සඳහන් වේ. IIවන පෙපි රාජ්‍ය සමයේ සිට ඇත; බොහෝවිට ඔහුගේ පුත්‍රයකු හෝ සම-අනුරාජයකු වන්නට ඇත.
ක්‍රි.පූ. 2200–2199
මෙරෙන්රේ නෙම්ටියෙම්සෆ් II[38]
 
කෙටිකාලයක් ජීවත් වූ පාරාවෝවරයෙකි. බොහෝවිට IIවන පෙපිගේ වියපත් පුතකු වන්නට ඇත.
වර්ෂ 1ක් සහ මාස 1ක් ; ක්‍රි.පූ. 2184 පමණ
නෙයිටිකෙර්ටි සිප්ටාහ්
 
නෙට්ජෙර්කරේ ලෙස හඳුනාගෙන ඇත. මෙම පුරුෂ රජු හේතුවෙන් හෙරඩෝටස් සහ මැනතෝ විසින් පැවසූ ජනප්‍රවාදගත නිටෝක්‍රිස් රැජින පිළිබඳ කථාව බිහිවන්නට ඇත.[39] ඇතැම් අවස්ථාවල සංයුක්ත 7වන/8වන රාජවංශවල පළමු රජු ලෙස විස්තර කෙරේ. කෙටි රාජ්‍ය සමය: ක්‍රි.පූ. 2184–2181 පමණ

පළමු අන්තර්මධ්‍ය යුගයසංස්කරණය

පළමු අන්තර්මධ්‍ය යුගය (ක්‍රි.පූ. 2181–2060) යනුවෙන් හැඳින්වෙන්නේ පැරණි රාජධානියේ අවසානය සහ මධ්‍ය රාජධානියේ ඇරඹීම අතර කාලයේ පැවති අවුල්වලින් ගහණ වූ ව්‍යාකූල සමයකි.

IIවන පෙපි රජුගේ මරණින් පසු පැරණි රාජධානිය ශීඝ්‍රයෙන් බිඳවැටිණි. ඔහු විසින් වර්ෂ 64කට වඩා (බොහෝවිට 94ක් දක්වා) රාජ්‍ය පාලනය මෙහෙයවූයේ මානව ඉතිහාසයේ වැඩිම කාලයක් රාජ්‍ය පාලනය මෙහෙයවූ රජු ලෙස ය. ඔහුගේ රාජ්‍ය සමයේ අවසන් කාලය ඔහුගේ වියපත්භාවය හේතුවෙන් අසමර්ථකම් පෙන්නුම් කළ යුගයක් විය. රාජධානි දෙකෙහි ඒකාබද්ධභාවය ගිලිහෙමින් පැවති අතර, සාගත හේතුවෙන් ප්‍රාදේශීය නායකයින් කැරැලි ඇතිකරන්නට විය.

6වන රාජවංශයේ අනුප්‍රාප්තිකයින් ලෙස පෙනී සිටි 7වන සහ 8වන රාජවංශවල රජවරුන් මෙම්ෆිස්හි යම් බලයක් රඳවා ගැනීමට උත්සාහ දැරුව ද, එයට බෙහෙවින් ඉවහල් වූයේ බලවත් නොමාර්ච්වරුන් ය. වසර 20 සිට 45 දක්වා කාලයකට පසු, හෙරක්ලියොපොලිස් මැග්නා ප්‍රදේශය මුල් කරගනිමින් බිහිවූ නව පාරාවෝ පෙළපතක් මගින් ඔවුනට බලයෙන් පහකෙරිණි. මෙම සිදුවීමෙන් මඳ කාලයකට පසු, තීබ්ස් කේන්ද්‍රකරගත් ප්‍රතිවාදී පෙළපතක් සිය නාමික උතුරු අධිපතීන්ට විරුද්ධව කැරැල්ලක් මෙහෙයවා ඉහළ ඊජිප්තුව එක්සත් කරන ලදී. ක්‍රි.පූ. 2055 අවට කාලයේ, IIIවන ඉන්ටෙෆ් පාරාවෝවරයාගේ පුත්‍රයා මෙන්ම අනුප්‍රාප්තිකයා ද වූ IIවන මෙන්ටුහොටෙප් විසින් හෙරක්ලියොපොලියානු පාරාවෝවරුන් පරාජය කොට භූමි ද්විත්වය යළි එක්සත් කරන ලදී. මෙලෙසින් මධ්‍ය රාජධානිය ඇරඹිණි.

හත්වන සහ අටවන රාජවංශ (සංයුක්ත)සංස්කරණය

හත්වන සහ අටවන රාජවංශ විසින් ආසන්න වශයෙන් වර්ෂ 20–45ක් පමණ පාලනය ගෙනගොස් තිබේ. මේ අතර බෙදුණු ඊජිප්තුවක් තුළ මෙම්ෆිස් සිට රාජ්‍ය පාලනය කළ කෙටිකාලීන රජවරුන් ගණනාවක් අයත් වේ. මෙහිදී වැඩවසම් ක්‍රමය හේතුවෙන් ඔවුනට හිමිවූයේ සීමිත බලයකි. පහත දැක්වෙන ලැයිස්තුව සඳහා පාදක කරගෙන ඇත්තේ Iවන සෙටි රාජ්‍ය සමයට අයත් ඇබයිඩොස් රාජාවලියයි. එය ජූර්ගන් වොන් බෙකරැත්ගේ Handbuch der ägyptischen Königsnamen ග්‍රන්ථයෙන්උපුටා ගැනිණි.[40] එසේම රැම්සෙසීය යුගයට අයත් තවත් රාජ නාමාවලියක් වන ටියුරින් රාජ නාමාවලියේ කිම් රයිහොල්ට්ගේ නූතනම ප්‍රතිනිර්මාණය ද ආශ්‍රය කරගෙන ඇත.[41]

නම රුව සටහන් දින
මෙන්කරේ
 
නෙයිට් රැජිනගේ සොහොන්ගැබේ කැටයමක කොටසකින් ඔහු පිළිබඳ සාක්ෂි ලැබෙන බව පෙනේ.[42][43][44]
නෙෆර්කරේ II
 
නෙෆර්කරේ (III) නෙබි
 
ඔහුගේ මව වූ අන්ඛෙසෙන්පෙපිගේ සොහොන්ගැබේ කැටයම්වලින් තහවුරු වේ. සකාරාහි පිරමිඩයක් ඉදිකිරීම ඇරඹී ය.
ඩ්ජෙඩ්කරේ ෂෙමායි
 
නෙෆර්කරේ (IV) ඛෙන්ඩු
 
මෙරෙන්හොර්
 
නෙෆර්කාමින්
 
නිකරේ
 
සිලින්ඩර-මුද්‍රාවක් සාක්ෂි දරයි.
නෙෆර්කරේ (V) ටෙරෙරු
 
නෙෆර්කාහොර්
 
සිලින්ඩර මුද්‍රාවකින් සාක්ෂි හමුවේ.
නෙෆර්කරේ (VI) පෙපිසෙනෙබ්
 
නෙෆර්කාමින් අනු
 
කාකරේ ඉබි
 
සකාරාහි පිරමිඩයක් ඉදිකළේ ය. අවසන් පිරමිඩ පාඨ නිදසුන ඉන් හමුවේ. ක්‍රි.පූ. 2169–2167
නෙෆර්කෝරේ
 
කොප්ටොස්හි මින් දෙවොලේ ඇති ආඥා ත්‍රිත්වයෙන් එකකින් මොහු පිළිබඳ සනාථ වේ. ක්‍රි.පූ. 2167–2163
නෙෆර්කෝහොර් ඛුවිහාපි
 
මින් දෙවොලේ ඇති ආඥා අට සහ [[ෂෙමේගේ සොහොන්ගැබේ ඇති ශිලාලේඛනය මොහු පිළිබඳ සාක්ෂි දරයි. ක්‍රි.පූ. 2163–2161
නෙෆරිර්කරේ
 
මින් දෙවොලේ ආඥාවේ දැක්වෙන හොරස් ඩෙමෙඩ්ජිබ්ටාවි විය හැක. ක්‍රි.පූ. 2161–2160

නවවන රාජවංශයසංස්කරණය

නවවන රාජවංශය[45] විසින් ක්‍රි.පූ. 2160 සිට 2130 දක්වා පාලනය මෙහෙයවා තිබේ. නවවන සහ දසවන රාජවංශවල රජවරුන් 18 දෙනකුගේ නම් ටියුරින් රාජාවලියේ දැක්වේ. මේ අතුරින්, නම් දොළහක් දක්නට නොමැති අතර, හතරක් ඇත්තේ අර්ධ වශයෙනි.[45]

නම රුව සටහන් දිනය
මෙරිඉබ්රේ ඛෙටි I (ඇක්තොයිස් I)
 
මැනතෝ පවසන්නේ ඇක්තොයිස් විසින් මෙම රාජවංශය පිහිටුවූ බවයි. ක්‍රි.පූ. 2160 - ?
- ?
නෙෆර්කරේ VII - ?
නෙබ්කෝරේ ඛෙටි II (ඇක්තොයිස් II)
 
- ?
සෙනෙන්හ්— හෝ සෙටුට් - ?
- ?
මෙරි— - ?
ෂෙඩ්— - ?
H— - ?

දසවන රාජවංශයසංස්කරණය

දසවන රාජවංශය යනු ක්‍රි.පූ. 2130 සිට 2040 දක්වා පාලනය ගෙනගිය, පහළ ඊජිප්තුවේ බලය අත්කරගත් ස්වදේශික කණ්ඩායමකි.

නම රුව සටහන් දින
මෙරිහාතොර්
 
ක්‍රි.පූ. 2130–?
නෙෆර්කරේ VIII ?
වහ්කරේ ඛෙටි (ඇක්තොයිස් III)
 
?
මෙරිකරේ
 
ක්‍රි.පූ. ?–2040

එකොළොස්වන රාජවංශයසංස්කරණය

එකොළොස්වන රාජවංශය යනු ක්‍රි.පූ. 2134 සිට 1991 දක්වා පාලනය ගෙනගිය ඉහළ ඊජිප්තුව කේන්ද්‍ර කරගත් ස්වදේශික කණ්ඩායමකි. 11වන රාජවංශය සම්භවය වූයේ 8වන, 9වන හෝ 10වන රාජවංශයේ රජවරුනට සේවය කළ තීබානු නොම්ර්ච්වරුන්ගෙනි.

නම රුව සටහන් දින
වැඩිමහල් ඉන්ටෙෆ් ඉරි-පැට්
 
නම් නොදන්නා රජකුට සේවය කළ තීබානු නොමාර්ච්වරයෙකි. පසුව 11වන රාජවංශය පිහිටුවූයේ යැයි සැලකේ.

Iවන මෙන්ටුහොටෙප්ගෙන් ඇරඹි වැඩිමහල් ඉන්ටෙෆ්ගේ අනුප්‍රාප්තිකයින් සිය උතුරු අධිපතීන්ගෙන් ස්වාධීනව කටයුතු කොට අවසානයේ IIවන මෙන්ටුහොටෙප් යටතේ ඊජිප්තුව ආක්‍රමණය කරන ලදී.

නම රුව සටහන් දින
මෙන්ටුහොටෙප් I ටෙපි-ආ
 
නාමිකව තීබානු මොනාර්ච්වරයකු වුවත්, ස්වාධීනව පාලනය ගෙනගොස් ඇති බව පෙනේ.
ක්‍රි.පූ. ?–2134
සෙහෙර්ටාවි ඉන්ටෙෆ් I
 
හොරස් නාමයක් ප්‍රකාශිත මෙම රාජවංශයේ පළමු සාමාජිකයායි.
ක්‍රි.පූ. 2134–2117
වාහැන්ඛ් ඉන්ටෙෆ් II
 
ඇබයිඩොස් ආක්‍රමණය කළේ ය.
ක්‍රි.පූ. 2117–2069
නැඛ්ට්නෙබ්ටෙප්නෙෆර් ඉන්ටෙෆ් III
 
අස්‍යුට් ආක්‍රමණය කළේ ය. තවත් උතුරට ආක්‍රමණ මෙහෙයවන්නට ඇත.[46]
ක්‍රි.පූ. 2069–2060

මධ්‍ය රාජධානියසංස්කරණය

මධ්‍ය රාජධානිය (ක්‍රි.පූ. 2060–1802) යනු පළමු අන්තර්මධ්‍ය යුගයේ අවසානයේ සිට දෙවන අන්තර්මධ්‍ය යුගය ආරම්භය දක්වා කාලසීමාවයි. දොළොස්වන රාජවංශයට අමතරව ඇතැම් විද්වතුන් විසින් මෙම යුගයට එකොළොස්වන, දහතුන්වන සහ දාහතරවන රාජවංශය ද ඇතුළත් කොට ඇත. මධ්‍ය රාජධානි සමයේ වැදගත් සිදුවීමක් ලෙස රාජධානියෙන් බාහිර වෙළඳාම දියුණු වීම සැලකිය හැක. මෙම වෙළඳාම විවෘත වීම ක්‍රමිකව මධ්‍ය රාජධානියේ බිඳවැටීමට හේතු විය. එයට හේතුව හික්සොස්වරුන් විසින් ඊජිප්තුව යටත කරගැනීමයි.

එකොළොස්වන රාජවංශයේ ඉතිරි කොටසසංස්කරණය

එකොළොස්වන රාජවංශයේ දෙවන අර්ධය ඊජිප්තුවේ මධ්‍ය රාජධානියට අයත් යැයි සැලකේ.

නම රුව සටහන් දින
නෙබ්හෙටෙප්රේ මෙන්ටුහොටෙප් II[47]
 
ක්‍රි.පූ. 2015දී සම්පූර්ණ ඊජිප්තුවම යටත් කරගත්තේ ය. මධ්‍ය රාජධානිය ඇරඹිණි.
ක්‍රි.පූ. 2060–2010
සන්ඛ්කරේ මෙන්ටුහොටෙප් III[48]
 
මධ්‍ය රාජදානියේ පළමු පුන්ට් ආක්‍රමණය මෙහෙයවන ලදී.
ක්‍රි.පූ. 2010–1998
නෙබ්ටාවිරේ මෙන්ටුහොටෙප් IV [49]
 
පසුකාලීන රාජාවලිවල දක්නට නොලැබෙන අප්‍රකට රජෙකි. සොහොන්ගැබ හඳුනාගෙන නැත. ඇතැම්විට ඔහුගේ අමාත්‍යවරයා සහ අනුප්‍රාප්තිකයා වූ Iවන අමනෙම්හාට් විසින් ඔහුව බලයෙන් පහකරන්නට ඇත.
ක්‍රි.පූ. 1997–1991

පහළ නූබියාවෙන් පමණක් සාක්ෂි හමුවන අපැහැදිළි රජවරුන්සංස්කරණය

නම රුව සටහන් දින
සෙගෙර්සෙනි[50]
 
පසුකාලීන රාජාවලිවල දක්නට නොලැබෙන අප්‍රකට රජ කෙනෙකි. සොහොන්ගැබ හඳුනාගෙන නැත. පහළ නූබියාවෙන් පමණක් සාක්ෂි හමුවේ. බොහෝවිට පසුකාලීන එකොළොස්වන රාජවංශයේ හෝ මුල්කාලීන දොළොස්වන රාජවංශයේ රාජ්‍ය පැහැරගත් රජකු විය හැක.
කාකරේ ඉනි[50]
 
පසුකාලීන රාජාවලිවල දක්නට නොලැබෙන අප්‍රකට රජ කෙනෙකි. සොහොන්ගැබ හඳුනාගෙන නැත. පහළ නූබියාවෙන් පමණක් සාක්ෂි හමුවේ. බොහෝවිට පසුකාලීන එකොළොස්වන රාජවංශයේ හෝ මුල්කාලීන දොළොස්වන රාජවංශයේ රාජ්‍ය පැහැරගත් රජකු විය හැක.
ඉයිබ්ඛෙන්ට්‍රේ[50]
 
පසුකාලීන රාජාවලිවල දක්නට නොලැබෙන අප්‍රකට රජ කෙනෙකි. සොහොන්ගැබ හඳුනාගෙන නැත. පහළ නූබියාවෙන් පමණක් සාක්ෂි හමුවේ. බොහෝවිට පසුකාලීන එකොළොස්වන රාජවංශයේ හෝ මුල්කාලීන දොළොස්වන රාජවංශයේ රාජ්‍ය පැහැරගත් රජකු විය හැක.

දොළොස්වන රාජවංශයසංස්කරණය

දොළොස්වන රාජවංශය විසින් ක්‍රි.පූ. 1991 සිට 1802 දක්වා පාලනය ගෙනයන ලදී.

නම රුව සටහන් දින
සෙහෙටෙපිබ්‍රේ අමනෙම්හාට් I[51][52]
 
IVවන මෙන්ටුහොටෙප් සිහසුනෙන් පහකොට බලයට පත් විය. ඝාතනය විය.
ක්‍රි.පූ. 1991–1962
ඛෙපෙර්කරේ සෙනුස්රෙට් I[53] (සෙසොස්ට්‍රිස් I)
 
ශ්වේත දෙවොල ඉදිකළේ ය.
ක්‍රි.පූ. 1971–1926
නුබ්කෝරේ අමනෙම්හාට් II[54]
 
ක්‍රි.පූ. 1929–1895
ඛාඛෙපෙර් සෙනුස්රෙට් II[55] (සෙසොස්ට්‍රිස් II)
 
ක්‍රි.පූ. 1897–1878
ඛාකෝරේ සෙනුස්රෙට් III[56] (සෙසොස්ට්‍රිස් III)
 
මධ්‍ය රාජධානි පාරාවෝවරුන් අතරින් බලවත්ම තැනැත්තායි.
ක්‍රි.පූ. 1878–1860
නිමාට්රේ අමනෙම්හාට් III[57]
 
ක්‍රි.පූ. 1860–1815
මාඛෙරුරේ අමනෙම්හාට් IV[58]
 
කොනොසෝහි ශිලා ලේඛනය අනුව ඔහුට අවම වශයෙන් වර්ෂ 1ක වත් හවුල් පාලන සමයයක් පැවතෙන්නට ඇත.
ක්‍රි.පූ. 1815–1807
සොබෙක්කරේ සොබෙක්නෙෆරු[59]
 
දුලබ පාරාවෝවරියකි.
ක්‍රි.පූ. 1807–1802
සෙඅන්ඛිබ්ටාවි සෙඅන්ඛිබ්රා
 
දොළොස්වන රාජවංශයේ අපැහැදිළි රජෙකි. ඇතැම්විට ඔහු සිහසුන පැහැර ගත්තකු හෝ රාජවංශයේ පළමු පාරාවෝවරුන් තිදෙනාගෙන් අයකුම විය හැක.

දෙවන අන්තර්මධ්‍ය යුගයසංස්කරණය

දෙවන අන්තර්මධ්‍ය යුගය (ක්‍රි.පූ. 1802–1550) යනුවෙන් හැඳින්වෙන්නේ මධ්‍ය රාජධානියේ අවසානය සහ නව රාජධානියේ ආරම්භය අතර කාලසීමාවේ පැවති අවුල් වියවුල් ගහන ව්‍යාකූල යුගයයි. මෙය වඩාත්ම ප්‍රකට වූයේ හික්සොස්වරුන් විසින් පහළොස්වන රාජවංශය ලෙස ඊජිප්තුවේ රාජ්‍ය පාලනය ගෙනගිය සමය නිසායි.

දහතුන්වන රාජවංශය දොළොස්වන රාජවංශයට සාපේක්ෂව බෙහෙවින් දුර්වල රාජවංශයක් විය. ඔවුනට ඊජිප්තුවේ භූමි ද්විත්වය එක්ව පාලනය කළ නොහැකි විය. රාජවංශයේ ආරම්භක යුගයේ ක්‍රි.පූ. 1805 පමණ හෝ ක්‍රි.පූ. 1710 අතර මැද කාලයක නැගෙනහිර ඩෙල්ටාවේ වගුරු පෙදෙසක පිහිටි ෂොයිස්හි ප්‍රාදේශික පාලන පවුලක් විසින් මධ්‍යගත පාලනයෙන් මිදී කනානීය දාහතරවන රාජවංශය පිහිටුවන ලදී.

හික්සොස්වරුන් පළමුවරට IVවන සොබෙක්හොටෙප් සමයේ නැගී එන්නට විය. ක්‍රි.පූ. 1720 අවට 14වන රාජවංශයේ රාජධානිය ආක්‍රමණය කළ ඔවුනට අවාරිස් (නූතන ටෙල් එල්-ඩබ්'ආ/ඛටා'නා) නගරය අල්ලා ගැනීමට හැකි විය. අනතුරුව, ක්‍රි.පූ. 1650 පමණ අවට කාලයේ පහළොස්වන රාජවංශයේ ආරම්භකයා වූ සැලිටිස්ගේ නායකත්වයෙන් යුත් හිටයිට් හමුදා මෙම්ෆිස් ආක්‍රමණය කොට 13වන රාජවංශයේ නිමාව සනිටුහන් කළේ ය. 13වන රාජවංශයේ බිඳ වැටීමෙන් ඇතිවූ බල රික්තය හේතුවෙන් 16වන රාජවංශය තීබ්ස්හි නැගී එන්නට විය. නමුත් මඳ කලකට පසු හික්සොස්වරුන් විසින් එය ද යටත් කරගන්නා ලදී.

අනතුරුව හික්සොස්වරුන් ඉහළ ඊජිප්තුවෙන් පසුබැසීමත් සමග තීබ්ස්හි ස්වදේශික ඊජිප්තු පාලන නිවසක් දාහත්වන රාජවංශය පිහිටුවන ලදී. මෙම රාජවංශයේ සෙකෙනෙන්රේ ටාඕ, කාමෝස් හා අවසානයේ අහ්මෝස් යන පාරාවෝවරුන් විසින් ක්‍රමිකව හික්සොස්වරුන්ව නැවත ආසියාව වෙත පලවා හරින ලදී. අහ්මෝස් රජු නව රාජධානියේ ආරම්භක පාරාවෝ ලෙස සැලකේ.‍

දහතුන්වන රාජවංශයසංස්කරණය

දහතුන්වන රාජවංශය (ටියුරින් රාජාවලිය අනුව) ක්‍රි.පූ. 1802 සිට 1649 අවට කාලය දක්වා රාජ්‍ය පාලනය මෙහෙයවා තිබේ. මැනතෝ අනුව එය වර්ෂ 153ක් හෝ 154ක් පැවතිණි. මෙම වගුව 13වන රාජවංශයේ හඳුනාගත් රජවරුන් සමග සැසඳිය හැක.

නම රුව සටහන් දින
සෙඛෙම්රේ ඛුටාවි සොබෙක්හොටෙප් I
 
13වන රාජවංශය පිහිටුවූයේ ය. ඔහුගේ රාජ්‍ය සමය පිළිබඳ මැනවින් සාක්ෂි හමුවේ. ප්‍රමුඛ කල්පිතය අනුව Iවන සොබෙක්හොටෙප් ලෙස හැඳින්වුව ද, පැරණි අධ්‍යයනවල IIවන සොබෙක්හොටෙප් ලෙස දක්වා ඇත. ක්‍රි.පූ. 1802–1800[60]
සොන්බෙෆ්
 
ඇතැම්විට සෙඛෙම්රේ ඛුටාවි සොබෙක්හොටෙප්ගේ සොහොයුරකු විය හැක. IVවන අමනෙම්හාට්ගේ පුත්‍රයායි.[60] ක්‍රි.පූ. 1800–1796[60]
නෙරිකරේ
 
ක්‍රි.පූ. 1796
සෙඛෙම්කරේ අමනෙම්හාට් V
 
වර්ෂ 3 සිට 4 දක්වා[60] ක්‍රි.පූ. 1796–1793[60]
අමෙනි කෙමෝ දකුණු දාෂුර්හි ඔහුගේ පිරමිඩයේ භූමදානය කරන ලදී. ක්‍රි.පූ. 1795–1792
හොටෙපිබ්රේ කෙමෝ සිහාර්නෙඩ්ජෙහෙරිටෙෆ්
 
සෙහොටෙපිබ්රේ ලෙස ද හඳුන්වයි. ක්‍රි.පූ. 1792–1790
ඉයුෆ්නි ටියුරින් රාජාවලියේ පමණක් දැක්වේ. ඉතා කෙටි රාජ්‍ය සමයයකි. ක්‍රි.පූ. 1790 – 1788 පමණ විය හැක.[60]
සෙඅන්ඛිබ්රේ අමනෙම්හට් VI
 
ක්‍රි.පූ. 1788–1785
සෙමෙන්‍කරේ නෙබ්නුනි
 
ක්‍රි.පූ. 1785–1783[60] or 1739 BC[61]
සෙහෙටෙපිබ්රේ සෙවෙසෙඛ්ටාවි
 
ක්‍රි.පූ. 1783–1781[60]
සෙවැඩ්ජ්කරේ ටියුරින් රාජාවලියෙන් පමණක් හමුවේ.
නෙඩ්ජෙමිබ්රේ ටියුරින් රාජාවිලයෙන් පමණක් හමුවේ. මාස 7කි; ක්‍රි.පූ. 1780[60] හෝ 1736[61]
ඛාඅන්ඛ්රේ සොබෙක්හොටෙප්
 
ප්‍රමුඛ කල්පිතය අනුව IIවන සොබෙක්හොටෙප් ලෙස දැක්වේ. පැරණි අධ්‍යයනවල Iවන සොබෙක්හොටෙප් ලෙස දැක්වේ. වර්ෂ 3ක් පමණ රාජ්‍ය පාලනය කොට තිබේ; ක්‍රි.පූ. 1780–1777[60]
රෙන්සෙනෙබ් මාස 4 ක්‍රි.පූ. 1777[60]
අවිබ්රේ-හොර් I
 
ඔහුගේ නොඉඳුල් සොහොන්ගැබේ වස්තුව සහ කා ප්‍රතිමාව නිසා ප්‍රකට ය. වර්ෂ 1ක් සහ මාස 6ක් රාජ්‍ය පාලනය කර තිබේ. ක්‍රි.පූ. 1777–1775[60]
සෙඛෙම්රේඛුටාවි ඛබාව්
 
හොර් අවි‍බ්රේගේ පුත්‍රයකු විය හැක. වර්ෂ 3ක් පමණ රාජ්‍ය පාලනය කළේ යැයි ඇස්තමේන්තුගත කෙරේ. ක්‍රි.පූ. 1775–1772[60]
ඩ්ජෙඩ්ඛෙපෙරෙව්
 
හොර් අවබ්රේගේ පුත්‍රයකු සහ ඛාබව්ගේ සොහොයුරකු විය හැක. පෙර ඛෙන්ඩ්ජෙර් ලෙස හඳුනාගෙන තිබිණි. වර්ෂ 2ක් යැයි ඇස්තමේන්තු කෙරේ; ක්‍රි.පූ. 1772–1770[60]
සෙබ්කායි
 
ඇතැම්විට සෙබ් සහ ඔහුගේ පුත් කායි යනුවෙන් රජවරුන් දෙදෙනකු සිටින්නට ඇත.[60]
සෙඩ්ජෙෆාකරේ
 
ශිලා ස්තම්භ ගණනාවක සහ වෙනත් ලේඛනවල සඳහන් වන රජකෙනෙකි. වර්ෂ 5 සිට 7 දක්වා හෝ 3ක්, ක්‍රි.පූ. 1769–1766[60]
ඛුටාවිරේ වෙගාෆ්
 
පැරණි අධ්‍යයන අනුව රාජවංශයේ ආරම්භකයා ලෙස සැලකිණි. ක්‍රි.පූ. 1767 පමණ
ඛෙන්ඩ්ජෙර්
 
බොහෝවිට පළමු සෙමිටික් පාරාවෝ විය හැක. සකාරාහි පිරමිඩය ඉදිකළේ ය. අවම වශයෙන් වර්ෂ 4ක් සහ මාස 3ක්; ක්‍රි.පූ. 1765 පමණ
ඉමිරෙමෙෂාව්
 
දැවැන්ත ප්‍රතිමා ද්විත්වයක සනාථ වේ. ක්‍රි.පූ. 1759න්[60] හෝ ක්‍රි.පූ. 1711න්[62]

ඇරඹී වර්ෂ 10කට අඩු කාලයක් රාජ්‍ය පාලනය කොට තිබේ

සෙහෙටෙප්කරේ ඉන්ටෙෆ් IV
 
?
සෙත් මෙරිබ්රේ
 
?
සෙඛෙම්රෙසෙවැඩ්ජ්ටාවි සොබෙක්හොටෙප් III
 
වර්ෂ 4ක් සහ මාස 2ක් ක්‍රි.පූ. 1755–1751 පමණ
ඛාසෙඛෙම්රේ නෙෆර්හොටෙප් I
 
වර්ෂ 11 ක්‍රි.පූ. 1751–1740
මෙන්වැඩ්ජ්රේ සිහාතොර් සිය සොහොයුරා වූ Iවන නෙෆර්හොටෙප් සමග හවුල් පාලනයක් ගෙනගිය කෙටිකාලීන රජෙකි. නමුත් ස්වාධීනව පාලනය මෙහෙයවා නොමැති බව පෙනේ. ක්‍රි.පූ. 1739[60]
ඛානෙෆරේ සොබෙක්හොටෙප් IV
 
වර්ෂ 10ක් හෝ 11ක් ක්‍රි.පූ. 1740–1730
මෙර්හොටෙප්රේ සොබෙක්හොටෙප් V
 
ක්‍රි.පූ. 1730 පමණ
ඛාහොටෙප්රේ සොබෙක්හොටෙප් VI
 
වර්ෂ 4ක් මාස 8ක් සහ දින 29ක් ක්‍රි.පූ. 1725 පමණ
වහිබ්රේ ඉබියාවු
 
වර්ෂ 10ක් සහ මාස 8ක් ක්‍රි.පූ. 1725–1714 හෝ ක්‍රි.පූ. 1712–1701[60]
මෙර්නෙෆරේ ආයි I
 
මෙම රාජවංශයේ වැඩිම කලක් රාජ්‍ය පාලනය කළ රජු ය. වර්ෂ 23ක් සහ මාස 8ක් සහ දින 18ක්; ක්‍රි.පූ. 1701–1677[60] හෝ ක්‍රි.පූ. 1714–1691
මෙර්හොටෙප්රේ ඉනි
 
ඔහුගේ පූර්වප්‍රාප්තිකයාගේ පුත්‍රයකු විය හැක. වර්ෂ 2ක් සහ මාස 3 ක් හෝ 4ක් සහ දින 9; ක්‍රි.පූ. 1677–1675[60] හෝ ක්‍රි.පූ. 1691–1689
සැන්ඛෙන්රේ සෙවාඩ්ජ්ටු ටියුරින් රාජාවලියේ දැක්වේ. වර්ෂ 3ක් සහ මාස 2–4ක්; ක්‍රි.පූ. 1675–1672[60]
මෙර්සෙඛෙම්රේ ඉනෙඩ්
 
ඇතැම්විට IIවන නෙෆර්හොටෙප් යනු මොහුම විය හැක. වර්ෂ 3; ක්‍රි.පූ. 1672–1669[60]
සෙවැඩ්ජ්කරේ හොරි වර්ෂ 5 ?
මෙර්කාව්රේ සොබෙක්හොටෙප් VII වර්ෂ 2ක් සහ මාස 6[60] ක්‍රි.පූ. 1664–1663[60]
රජවරුන් සත්දෙනෙක් ටියුරින් රාජාවලියේ වූ කුහරයක නාමයන් දක්නට නැත.[60] ක්‍රි.පූ. 1663 –?[60]
මෙර්[…]රේ ?
මෙර්ඛෙපෙරේ
 
ක්‍රි.පූ. 1663 සහ 1649 අතර කිසියම් කාලයක වන්නට ඇත.[60]
මෙර්කරේ ක්‍රි.පූ. 1663 සහ 1649 අතර කිසියම් කාලයක විය හැක.[60]
නම දක්නට නැත ?
සෙවැඩ්ජරේ මෙන්ටුහොටෙප් V
 
ක්‍රි.පූ. 1655 පමණ[60]
[…]මෝස‍්රේ ?
ඉබි […]මාට්රේ ?
හොර්[…] […]වෙබෙන්රේ ?
සේ...කරේ ? ?
සෙහෙකෙන්රේ සන්ඛ්ප්ටාහි
 
ඔහුගේ පූර්වප්‍රාප්තිකයාගේ පුත්‍රයකු විය හැක. ?
...රේ ? ?
සේ...එන්රේ ? ?–ක්‍රි.පූ.1649[60]

පහත දැක්වෙන රජවරුන්ට හිමි ස්ථානය නොදනී:

නම රුව සටහන් දින
ඩෙඩුමෝස් I
 
16වන රාජවංශයේ රජකු විය හැක. ක්‍රි.පූ. 1654 පමණ
ඩෙඩුමෝස් II
 
16වන රාජවංශයේ රජකු විය හැක. ?
සෙවාහෙන්රේ සෙනෙබ්මියු
 
පසුකාලීන 13වන රාජවංශය. ක්‍රි.පූ. 1660න් පසු[60]
ස්නාඉබ්
 
ඇබයිඩොස් රාජවංශයේ රජකු විය හැක. ?
මෙර්ෂෙප්සෙස්රේ ඉනි II
 
පසුකාලීන 13වන රාජවංශය ?

දාහතරවන රාජවංශයසංස්කරණය

දාහතරවන රාජවංශය යනු නැගෙනහිර ඩෙල්ටාවේ ආවරිස් වෙතින් පැමිණි ස්වදේශික ජන කොට්ටාසයකි.[63] ඔවුන් විසින් ක්‍රි.පූ. 1805 හෝ 1710 පමණ සිට ක්‍රි.පූ. 1650 දක්වා රාජ්‍ය පාලනය මෙහෙයවා තිබේ. මෙම රාජවංශයේ බොහෝ රජවරුන්ගේ බටහිර සෙමිටික් නාමයන් දක්නට ලැබෙන හෙයින් ඔවුනට කනානීය සම්භවයක් ඇතැයි සිතිය හැක.

නම රුව සටහන් දින
යක්බිම් සෙඛාඑන්රේ
 
කාලානුක්‍රම පිහිටුම අවිනිශ්චිත ය. මෙහි දක්වා ඇත්තේ රයිහොල්ට් විසින් ඉදිරිපත් කළ දිනයයි.[63] ක්‍රි.පූ. 1805–1780
යා'අම්මු නුබ්වොසෙරේ
 
කාලානුක්‍රම පිහිටුම අවිනිශ්චිත ය. මෙහි දක්වා ඇත්තේ රයිහොල්ට් විසින් දක්වා ඇති දිනයයි.[63] ක්‍රි.පූ. 1780–1770
කාරෙහ් ඛාවොසෙරේ[63]
 
කාලානුක්‍රම පිහිටුම අවිනිශ්චිත ය. මෙහි දක්වා ඇත්තේ රයිහොල්ට් විසින් දක්වා ඇති දිනයයි.[63] ක්‍රි.පූ. 1770–1760
'අම්මු ආහොටෙප්රේ[63]
 
කාලානුක්‍රම පිහිටුම අවිනිශ්චිත ය. මෙහි දක්වා ඇත්තේ රයිහොල්ට් විසින් දක්වා ඇති දිනයයි.[63] ක්‍රි.පූ. 1760–1745
ෂෙෂි[64]
 
කාලානුක්‍රම පිහිටුම, රාජ්‍ය සමය සහ පාලනය පැතිරි ස්වරූපය අවිනිශ්චිත ය. මෙහි දක්වා ඇත්තේ රයිහොල්ට් අනුව ය.[63] නැතහොත් ඔහු මුල්කාලීන හික්සොස් රජකු, 15වන රාජවංශයේ දෙවන භාගයේ විසූ හික්සොස් පාලකයකු හෝ හික්සොස්වරුන්ගේ යටත් රජකු විය හැක. ක්‍රි.පූ. 1745–1705
නෙහෙසි
 
කෙටි රාජ්‍ය සමයයකි. ඇතැම්විට ෂෙෂිගේ පුත්‍රයකු විය හැක.[63] ක්‍රි.පූ. 1705 පමණ
ඛාඛෙරෙව්රේ - ?
නෙබෙෆාව්රේ - ක්‍රි.පූ. 1704 පමණ
සෙහෙබ්රේ වසාඩ් හෝ ෂෙනෙහ් විය හැකි යැයි යෝජනා වී ඇත.[60] -
මෙර්ඩ්ජෙෆරේ
 
වසාඩ් හෝ ෂෙනෙහ් විය හැකි යැයි යෝජනා වී ඇත.[60] ක්‍රි.පූ. 1699
සෙවැඩ්ජ්කරේ III - ?
නෙබ්ඩ්ජෙෆරේ - ක්‍රි.පූ. 1694 පමණ
වෙබෙන්රේ - ?
- ?
ඩ්ජෙෆරේ? - ?
වෙබෙන්රේ ක්‍රි.පූ. 1690 පමණ
නෙබ්සෙන්රේ[63]
 
ඔහුගේ පුද්ගල නාමය දරන බුජමක් හමුවී ඇත. අවම වශයෙන් මාස 5ක වත් රාජ්‍ය සමයයක් තිබෙන්නට ඇත. ක්‍රි.පූ. 1690 සහ 1649 අතර කාලයක සිටින්නට ඇත.
සෙඛෙපෙරෙන්රේ[63] තනි ස්කැරබ් මුද්‍රවකින් සාක්ෂි හුමවේ. මාස 2කි; ක්‍රි.පූ. 1690 සහ 1649 අතර කාලයක සිටින්නට ඇත.
අනාටි ඩ්ජෙඩ්කරේ[63] ටියුරින් රාජාවලියෙන් පමණක් හුමවේ.
බෙබ්නුම්[63] ටියුරින් රාජාවලියෙන් පමණක් හමුවේ.
'අපෙපි[63] ස්කැරබ්-මුද්‍රා 5ක් අනුව රජකුගේ පුත්‍රයකු බැව් පෙනේ.

පහත පාරාවෝවරුන්ගේ පිහිටුම සහ අනන්‍යතාව අවිනිශ්චිත ය:

නම රුව සටහන් දින
නුයා[60] ස්කැරබ්-මුද්‍රාවකින් සාක්ෂි හමුවේ.
වසාඩ්[60]
 
සෙහෙබ්රේ හෝ මෙර්ඩ්ජෙෆරේ විය හැකි යැයි යෝජනා වී ඇත. ක්‍රි.පූ. 1700 පමණ?
ෂෙනෙහ්[60]
 
සෙහෙබ්රේ හෝ මෙර්ඩ්ජෙෆරේ යන දෙදෙනාගෙන් අයකු විය හැක.
ෂෙන්ෂෙක්[60] ස්කැරබ් මුද්‍රාවකින් සාක්ෂි ලැබේ.
ඛාමුරේ[60]
 
යකාරෙබ්[60]
 
යකුබ්-හර්[64]
 
14වන රාජවයේ, 15වන රාජවංශයේ හෝ හික්සොස්වරුන්ගේ යටත් රජකු විය හැක. ක්‍රි.පූ. 17වන–16වන සියවස්

ටියුරින් රාජාවලිය මගින් අමතර නම් සපයා තිබුණ ද, ඒවා ඉහත වගුවට ඇතුළු කර නොමැති බව සලකන්න.

පහළොස්වන රාජවංශයසංස්කරණය

පහළොස්වන රාජවංශය බිහිවූයේ සශ්‍රීක චන්ද්‍රවංකයේ සිට පැමිණි හික්සොස් ජනයා අතුරිනි. ඔවුහු ක්‍රි.පූ. 1674 සිට 1535 දක්වා නයිල් කලාපයේ වැඩි ප්‍රදේශයක කෙටි කාලයක් රාජ්‍ය පාලනය ගෙනගියහ.

නම රුව සටහන් දින
සෙම්කෙන්
 
කාලානුක්‍රම පිහිටුන අවිනිශ්චිත ය. ක්‍රි.පූ. 1649 – ?
'අපෙර්-'අනට්
 
කාලානුක්‍රම පිහිටුම නොදනී.
සකිර්-හාර් - ?
ඛ්‍යාන්
 
හික්සොස් බලයේ උච්චස්ථානයයි. සිය රාජ්‍ය සමයේ අවසානය තෙක්ම තීබ්සය ආක්‍රමණය කළේ ය. වර්ෂ 30–40
අපෙපි
 
- වර්ෂ 40ක් හෝ ඊට වැඩි කාලයක්
ඛාමුඩි
 
- ක්‍රි.පූ. 1555–1544

ඇබයිඩොස් රාජවංශයසංස්කරණය

දෙවන අන්තර්මධ්‍ය යුගයට ඇතැම්විට ක්‍රි.පූ. 1650 සිට 1600 දක්වා පැවති ස්වාධීන ඇබයිඩොස්හි රාජ්‍ය පාලනය ගෙනගිය රාජවංශයක් ද ඇතුළත් කෙරේ.[65][66][67] ඇබයිඩොස් රාජධානියේ විසූ බවට කෙටිකාලීන රජවරුන් සිව්දෙනකුගේ නම් හමුවේ. එම නම් (ඔවුන්ගේ නොදන්නා) කාලානුක්‍රම අනුපිළිවෙල නොසලකා පහත ඉදිරිපත් කොට ඇත:

නම රුව සටහන් දින
සෙඛෙම්රැනෙෆර්ඛාවු වෙප්වාවෙටෙම්සෆ්
 
ඇතැම්විට පසුකාලීන 16වන රාජවංශයට අයත් විය හැක.[68]
සෙඛෙම්රෙඛුටාවි පැන්ට්ජෙනි
 
ඇතැම්විට 16වන රාජවංශයට අයත් විය හැක.[68]
මෙන්ඛෝරේ ස්නායිබ්
 
ඇතැම්විට පසුකාලීන 13වන රාජවංශයට අයත් විය හැක.[69][70][71]
වොසෙරිබ්රේ සෙනෙබ්කායි
 
2014දී සොහොන්ගැබ සොයාගැනිණි. ඇතැම්විට ටියුරින් රාජාවලියේ දැක්වෙන වොසර්[...]රේ මොහු විය හැක.

දහසයවන රාජවංශයසංස්කරණය

දහසයවන රාජවංශය යනු ක්‍රි.පූ. 1650දී මෙම්ෆිසය මූලික කරගත් 13වන රාජවංශයේ බිඳවැටීමෙන් පසු නැගී ආ ස්වදේශික තීබානු රාජවංශයකි. අවසානයේ දී ක්‍රි.පූ. 1580 පමණ හික්සොස්වරුන්ගේ 15වන රාජවංශය විසින් එය ආක්‍රමණය කරන ලදී. 16වන රාජවංශයට සිය පාලනයට නතු කරගත හැකිවූයේ ඉහළ ඊජිප්තුව පමණි.

නම රුව සටහන් දින
ටියුරින් රාජාවලියේ මෙම රාජවංශයේ පළමු රජුගේ නම විනාශ වී ගොසිනි. එය හඳුනාගත නොහැක.
ඩ්ජෙහුටි සෙඛෙම්රෙසෙමෙන්ටාවි
 
වර්ෂ 3
සොබෙක්හොටෙප් VIII සෙඛෙම්රෙසෙඋසර්ටාවි
 
වර්ෂ 16
නෙෆර්හොටෙප් III සෙඛෙරෙසැන්ඛ්ටාවි
 
වර්ෂ 1
මෙන්ටුහොටෙපි සෙඅන්ඛෙන්රේ
 
ඇතැම්විට 17වන රාජවංශයේ පාරාවෝවරයකු විය හැක.[70] වර්ෂ 1
නෙබිරිරාව් I සෙවැඩ්ජෙන්රේ
 
වර්ෂ 26
නෙබිරිරාව් II නෙෆර්කරේ?
 
සෙමෙන්රේ
 
බෙබියාන්ඛ් සෙඋසරෙන්රේ
 
වර්ෂ 12
ඩෙඩුමෝස් I ඩ්ජෙඩ්හොටෙප්රේ
 
ඇතැම්විට 13වන රාජවංශයේ පාරාවෝ කෙනකු විය හැක.[70]
ඩෙඩුමෝස් II ඩ්ජෙඩ්නෙෆරේ
 
මොන්ටුවෙම්සෆ් ඩ්ජෙඩන්ඛ්රේ
 
මෙරන්ඛ්රේ මෙන්ටුහොටෙප් VI
 
සෙනුස්රෙට් IV සෙනෙෆරිබ්රේ
 
සෙඛෙම්රේ ෂෙඩ්වාස්ට්

16වන රාජවංශයට ඇතැම්විට ස්නෙෆරන්ඛ්රේ පෙපි III[72] සහ නෙබ්මාට්රේ යන පාරාවෝවරුන් ද අයත් විය හැක. ඔවුන්ගේ කාලානුක්‍රම පිහිටුම් අවිනිශ්චිත ය.[69][70]

දාහත්වන රාජවංශයසංස්කරණය

ඉහළ ඊජිප්තුව කේන්ද්‍ර කරගත් දාහත්වන රාජවංශය ක්‍රි.පූ. 1650 සිට 1550 දක්වා පාලනය ගෙනගියේ ය:

නම රුව සටහන් දින
සෙඛෙම්රෙවහ්ඛාවු රහොටෙප්
 
-
ක්‍රි.පූ. 1620 පමණ
සෙඛෙම්රේ වැඩ්ජ්ඛාවු සොබෙකෙම්සෆ් I
 
අවම වශයෙන් වර්ෂ 7ක් වත් රාජ්‍ය පාලනය කොට ඇත. -
සෙඛෙම්රේ ෂෙඩ්ටාවි සොබෙකෙම්සෆ් II
 
ඔහුගේ සොහොන්ගැබ IXවන රැම්සෙස් රජ සමයේ කොල්ලකා ගිනිබත් කොට තිබේ. -
සෙඛෙම්රේ-වෙප්මාට් ඉන්ටෙෆ් V
 
- -
නුබ්ඛෙපෙරේ ඉන්ටෙෆ් VI
 
වර්ෂ 3කට වඩා රාජ්‍ය පාලනය කොට තිබේ. -
සෙඛෙම්රේ-හෙරුහිර්මාට් ඉන්ටෙෆ් VII
 
- -
සෙනඛ්ටෙන්රේ අහ්මෝස්
 
-
ක්‍රි.පූ. 1558 පමණ
සෙකෙනෙන්රේ ටාඕ
 
හික්සොස්වරුන්ට එරෙහි සටනක දී මරණයට පත් විය.
ක්‍රි.පූ. 1558–1554
වැඩ්ජ්ඛෙපෙරේ කාමෝස්
 
ක්‍රි.පූ. 1554–1549

මුල්කාලීන 17වන රාජවංශයට ඇතැම්විට කාලානුක්‍රම පිහිටුම අවිනිශ්චිත නෙබ්මාට්රේ පාරාවෝවරයා ද අයත් විය හැක.[60]

නව රාජධානියසංස්කරණය

නව රාජධානිය (ක්‍රි.පූ. 1550–1077) යනු ඊජිප්තුවේ දහඅටවන, දහනවවන, සහ විසිවන රාජවංශ ඇතුළත් යුගයයි. මෙය ක්‍රි.පූ. 16වන සිට 11වන සියවස දක්වා කාලය එනම්, ඊජිප්තුවේ දෙවන අන්තර්මධ්‍ය යුගය සහ තෙවන අන්තර්මධ්‍ය යුගය අතර කාලසීමාව අයත් වේ.

සිය යුධ හැකියාව බැහැරට ව්‍යාප්ත කරමින් නව රාජධානිය ඊජිප්තුවේ දැවැන්තම භූමි ව්‍යාප්තිය පෙන්නුම් කළ අවධිය විය. එය දකුණින් නුබියාව තෙක් ව්‍යාප්ත වූ අතර, මෑත පෙරදිග විශාල භූමි පදේශ අයත් විය. වර්තමාන සිරියාවට අයත් භූමි ප්‍රදේශය තමන් සතු කරගැනීම පිණිස ඊජිප්තු හමුදා හිටයිට් හමුදා සමග සටන්වැදීම ද මෙකල සිදු විය.

නව රාජධානියේ සුපකට පාරාවෝවරුන් දෙදෙනකු ලෙස අක්නාටන් සහ IIවන රැම්සෙස් යන පාරාවෝවරුන් දැක්විය හැක. IVවන අමෙන්හොටෙප් යනුවෙන් ද හැඳින්වුණු අක්නාටන්ගේ ආටන් දේවන වන්දනාව ඒකදේවවාදයට මුල්ම නිදසුනක් ලෙස සැලකිය හැක. IIවන රැම්සෙස් රජු දහඅටවන රාජවංශ සමයේ ඊජිප්තුව සතුව පැවති නූතන ඊශ්‍රායලය/පලස්තීනය, ලෙබනනය සහ සිරියාව සතු භුමිය යළි ලබාගැනීමට උත්සාහ දැරී ය. ඔහුගේ ආක්‍රමණවල දී කාඩේෂ්හි සටනේ දී ඊජිප්තු හමුදා IIවන මුවාටල්ලි නැමැති හිටයිට් රජුට එරෙහිව සටනෙහි යෙදුණහ.

දහඅටවන රාජවංශයසංස්කරණය

දහඅටවන රාජවංශය විසින් ක්‍රි.පූ. 1550 සිට 1292 පමණ දක්වා රාජ්‍ය පාලනය සිදුකොට තිබේ:

නම රුව සටහන් දින
නෙබ්පෙහ්ටිරේ අහ්මෝස් I, අහ්මෝසිස් I
 
කාමෝස්ගේ සොහොයුරා මෙන්ම අනුප්‍රාප්තිකයා ද විය. ඊජිප්තුවේ උතුරු පෙදෙස හික්සොස්වරුන්ගෙන් මුදාගත්තේ ය. ක්‍රි.පූ. 1550–1525; ඔහුගේ රාජ්‍ය සමයේ ආරම්භය සඳහා විකිරණශීලී කාබන් දින පරාසය ලෙස ක්‍රි.පූ. 1570–1544 ලැබේ. මෙහි මධ්‍ය අගය ක්‍රි.පූ. 1557 වේ.[73]
ඩ්ජෙසර්කරේ අමෙන්‍හොටෙප් I
 
Iවන අහ්මෝස්ගේ පුත්‍රයායි. ක්‍රි.පූ. 1541–1520
ආඛෙපෙර්කරේ තුත්මෝස් I
 
පියා නොදනී. බොහෝවිට Iවන අමෙන්හොටෙප් විය හැක. ඔහුගේ මව සෙන්සෙනෙබ් නැමැත්තියක ලෙස හඳුනාගෙන තිබේ. ඊජිප්තුවේ භූමිය ව්‍යාප්ත කළේ ය. ක්‍රි.පූ. 1520–1492
ආඛෙපෙරෙන්රේ තුත්මෝස් II
 
Iවන තුත්මෝස්ගේ පුත්‍රයායි. Iවන අමෙන්හොටෙප්ගේ මුණුපුරා ය. ඔහුගේ මව මුට්නොෆ්‍රෙට් වූවා ය. ක්‍රි.පූ. 1492–1479
මාට්කරේ හට්ෂෙප්සුට්
 
ඊජිප්තුවේ දෙවන හඳුනාගත් රාජ්‍ය පාලිකාවයි. ඇතැම්විට ඇගේ රාජ්‍ය සමයේ මුල් කාලයේ ඇගේ බෑණා වූ IIIවන තුත්මෝස් සමග හවුල් පාලනයක් ගෙන යන්නට ඇත. ඩේර් එල්-බහ්රිහි ඇගේ සුප්‍රකට මතකාගාර දෙවොලේ නිරූපිත පුන්ට් ආක්‍රමණය හේතුවෙන් ප්‍රකට විය. බොහෝ දේවස්ථාන සහ ස්මාරක ඉදිකළා ය. ඊජිප්තුව බලය අතින් උච්චස්ථානයට පැමිණි යුගයේ රාජ්‍ය පාලනය මෙහෙයවූවා ය. Iවන තුත්මෝස්ගේ දියණියයි. ඇගේ සොහොයුරා වූ IIවන තුත්මෝස්ගේ මහා රාජකීය භාර්යාව ද වූවා ය. ක්‍රි.පූ. 1479–1458
මෙන්ඛෙපෙරේ තුත්මෝස් III
 
IIවන තුත්මෝස්ගේ පුත්‍රයායි. ඇතැම්විට රාජ්‍ය සමයේ මුල් කා‍ලයේ සිය නැන්දණිය මෙන්ම සුළු මව ද වූ හට්ෂෙප්සුට් සමග හවුල් පාලනයක් ගෙන යන්නට ඇත. ලෙවැන්තය සහ නුබියාව වෙත මෙහෙයවූ ආක්‍රමණ හේතුවෙන් ප්‍රකට විය. ඔහුගේ පාලනය යටතේ, පුරාතන ඊජිප්තු අධිරාජ්‍යය එහි උච්චස්ථානයට පත් විය. රාජ්‍ය සමයේ පසු කාලයේ ඔහු විසින් හට්ෂෙප්සුට්ගේ නාමය සහ රුව දේවස්ථාන සහ ස්මාරකවලින් ඉවත් කොට තිබේ. ක්‍රි.පූ. 1458–1425
ආඛෙපෙරුරේ අමෙන්හොටෙප් II
 
IIIවන තුත්මෝස්ගේ පුත්‍රයා ය. ඊජිප්තුව බලය අතින් උච්චස්ථානයේ පැවති යුගයක ජීවත් විය. ක්‍රි.පූ. 1425–1400
මෙන්ඛෙපෙරුරේ තුත්මෝස් IV
 
මොහුගේ සිහින ශිලා ස්තම්භය නිසා ප්‍රකට විය. IIවන අමෙන්හොටෙප්ගේ පුත්‍රයා ය. ඊජිප්තුව බලය අතින් උච්චස්ථානයක පැවති යුගයක රාජ්‍ය පාලනය ගෙනගියේ ය. ක්‍රි.පූ. 1400–1390
නෙබ්මාට්රේ අමෙන්හොටෙප් III විශිෂ්ට රජ
 
අක්නාටන්ගේ පියා ය. ටූටන්ඛාමූන්ගේ මුත්තණුවන් ය. ඊජිප්තුව බලය අතින් උච්චස්ථානයේ පැවති සමයක රාජ්‍ය පාලනය සිදුකොට තිබේ. බොහෝ දේවස්ථාන සහ ස්මාරක ඉදිකළේ ය. මේ අතර ඔහුගේ දැවැන්ත ‍මතකාගාර දේවස්ථානය ද වේ. IVවන තුත්මෝස්ගේ පුත්‍රයා ය. ක්‍රි.පූ. 1390–1352
නෙෆර්ඛෙපෙරුරේ-වේන්රේ අමෙන්හොටෙප් IV/අක්නාටන්
 
අමර්ණ යුගයේ නිර්මාපකයා ය. මෙහි දී ඔහු රාජ්‍ය ආගම ලෙස බහුදේවවාදී පුරාතන ඊජිප්තු ආගම වෙනුවට ඒකදේවවාදී ආටන්වාදය ප්‍රකාශයට පත්කළේ ය. මෙය හිරුමඬලේ සංකේතය වූ ආටන් දේව වන්දනාව වටා කේන්ද්‍රගත වූවකි. ඔහු රාජ්‍යයේ අගනුවර අක්ටාටන්හි පිහිටුවී ය. IIIවන අමෙන්හොටෙප්ගේ දෙවන පුත්‍රයා ය. ආගමික විපර්යාසය සංකේතවත් කිරීමට අමෙන්හොටෙප් (අමුන් ප්‍රීතියට පත්වන) ලෙස පැවති සිය නාමය අක්නාටන් (ආටන් කෙරෙහි ක්‍රියාකාරී) ලෙස වෙනස් කරගත්තේ ය. ක්‍රි.පූ. 1352–1334
අන්ඛ්ඛෙපෙරුරේ ස්මෙන්ඛ්කරේ
 
අක්නාටන්ගේ රාජ්‍ය සමයේ අවසන් කාලයේ ඔහු සමග හවුල් පාලනයක් ගෙනගියේ ය. ස්මෙන්ඛ්කරේ ස්වාධීනව රාජ්‍ය පාලනය කළේ ද යන්න හඳුනාගෙන නැත. අනන්‍යතාව මෙන්ම ලිංගය පවා අවිනිශ්චිත ය. ඇතැමුන් යෝජනා කරන්නේ මොහු අක්නාටන්ගේ පුත්‍රයකු බවයි. ටූටන්ඛාමූන් මොහුම බව ඇතැමුන් යෝජනා කර ඇත. තවත් සමහරුන් පවසන්නේ නෙෆර්ටිටි රැජින හෝ මෙරිටාටන් යන දෙදෙනාගෙන් අයකු බවයි. ඇතැම්විට නෙෆර්නෙෆරුආටන් නැමැති පාරාවෝවරිය ඔහුගෙන් පසු සිහසුනට පත් වන්නට ඇත. ක්‍රි.පූ. 1334–1333
නෙබ්ඛෙපෙරුරේ ටූටන්ඛාටන්/ටූටන්ඛාමූන්
 
බහුලව පිළිගැනෙන මතය නම් මොහු අක්නාටන්ගේ පුත්‍රයකු බවයි. බහුදේවවාදී පුරාතන ඊජිප්තු ආගම යළි ස්ථාපනය කළේ මොහු යැයි සැලකේ. මෙකල ඒකදේවවාදී ආටන්වාදයේ සිට අමුන් ප්‍රධාන දේවතාවා වූ සම්භාව්‍ය ආගම තෙක් සිදුවූ ආගමික ප්‍රතිෂ්ඨාපනය සංකේතවත් කරමින් ඔහුගේ නාමය ටූටන්ඛාටන් සිට ටූටන්ඛාමූන් දක්වා වෙනස් කරගන්නා ලදී. ඔහු සිහසුනට පත්වන විට වයස අවුරුදු අටක් හෝ නවයක් බව පෙනේ. එසේම ඔහු මියයන විට වයස අවුරුදු දහඅටක් හෝ දහනවයක් බව පෙනේ. මේ නිසා ඔහුව "ළමා රජ" යන පටබැඳි නාමයෙන් හැඳින්විණි. ක්‍රි.පූ. 1333–1324
ඛෙපෙර්ඛෙපෙරුරේ ආයි
 
ටූටන්ඛාමූන්ගේ ප්‍රධාන අමාත්‍යවරයා විය. අක්නාටන් සහ ස්මෙන්ඛ්කරේ සමයයන්හි වැදගත් නිලධාරියකු විය. බොහෝවිට IIIවන අමෙන්හොටෙප්ගේ මහා රාජකීය භාර්යාව වූ ටියේ රැජින ඔහුගේ සොයුරියක වන්නට ඇත. අක්නාටන්ගේ මහා භාර්යාව වූ නෙෆර්ටිටි ඔහුගේ දියණියක විය හැක. මොහු වංශවතකු වුවක්, රාජකීයයකු ලෙස උපත නොලැබූ බව විශ්වාස කෙරේ. සිහසුනට උරුමකරුවකු නොවූ ටූටන්ඛාමූන්ගෙන් පසු සිහසුනට පත් විය. ක්‍රි.පූ. 1324–1320
ඩ්ජෙසර්ඛෙපෙරුරේ-සෙට්පෙන්රේ හොරෙම්හෙබ්
 
සාමාන්‍ය වැසියකු ලෙස උපත ලැබී ය. අමර්ණ යුගයේ සෙන්පතියකු ලෙස කටයුතු කළේ ය. අමර්ණ පාරාවෝවරුන්ගේ රූප විනාශ කළ මොහු ඔවුන් හා සම්බන්ධ ගොඩනැගිලි සහ ස්මාරක ද වැනසී ය. ආයිගෙන් පසු සිහසුනට පත් විය. නමුත් ආයිගේ අභිමත උරුමකරු වූයේ නැඛ්ට්මින් ය. ක්‍රි.පූ. 1320–1292

දහනවවන රාජවංශයසංස්කරණය

දහනවවන රාජවංශය විසින් ක්‍රි.පූ. 1292 සිට 1186 දක්වා රාජ්‍ය පාලනය කොට තිබේ. ශ්‍රේෂ්ඨතම පාරාවෝවරුන් අතුරින් අයකු වූ මහා IIවන රැම්සෙස් ද මේ රාජවංශයට අයත් ය:

නම රුව සටහන් දින
මෙන්පෙහ්ටිරේ රැම්සෙස් I[74]
 
රාජකීය නොවන උපතක් ඇත්තෙකි. උරුමකරුවකු නොමැති හොරෙම්හෙබ්ගෙන් පසුව සිහසුනට පත් විය. ක්‍රි.පූ. 1292–1290
මෙන්මාට්රේ සෙටි I
 
අක්නාටන්ගේ රාජ්‍ය සමයේ අහිමි වූ බොහෝ ප්‍රදේශ යළි සතු කරගත්තේ ය. ක්‍රි.පූ. 1290–1279
මහා උසර්මාට්රේ-සෙට්පෙන්රේ රැම්සෙස් II
 
ක්‍රි.පූ. 1275දී හිටයිට් අධිරාජ්‍යය සමග කාඩේෂ්හි සටනේ අසීරු තත්ත්වයකට එළඹෙන තෙක්ම ඊජිප්තු අධිරාජ්‍යය පුළුල් කළේ ය. ක්‍රි.පූ. 1258දී සුප්‍රකට ඊජිප්තු–හිටයිට් සාම ගිවිසුම අත්සන් කළේ ය. ක්‍රි.පූ. 1279–1213
බානෙන්රේ මෙරෙන්ප්ටාහ්[75]
 
IIවන රැම්සෙස්ගේ දහතුන්වන පුත්‍රයායි. ක්‍රි.පූ. 1213–1203
මෙන්මිරේ-සෙට්පෙන්රේ අමෙන්මෙසේ
 
සිහසුන පැහැරගත්තකු විය හැක. IIවන සෙටි රජුට එදිරිව රාජ්‍ය පාලනය කරන්නට ඇත. මෙර්නෙප්ටාහ්ගේ පුත්‍රයකු විය හැකි යැයි යෝජනා වී ඇත. ක්‍රි.පූ. 1203–1200
උසර්ඛෙපෙ‍රුරේ සෙටි II[76]
 
මෙර්නෙප්ටාහ්ගේ පුත්‍රයෙකි. මොහු විසින් අමෙන්මෙසේ සිය සිංහාසනාරූඪය තහවුරු කරගැනීමට පැවැත්වූ තරගයකින් ඔහුව පරදවා ඇති බව පෙනේ. ක්‍රි.පූ. 1203–1197
සෙඛාඑන්රේ/අඛෙන්රේ මෙරෙන්ප්ටාහ් සිප්ටාහ්[77]
 
IIවන සෙටි හෝ අමෙන්මෙසේගේ පුත්‍රයකු විය හැක. සිහසුන පත්වන විට ලාබාල වියේ පසු විය. ක්‍රි.පූ. 1197–1191
සට්රේ-මෙරෙන්අමුන් ටෝස්රෙට්
 
IIවන සෙටිගේ භාර්යාව විය හැක. ට්වොස්රෙට් හෝ ටවොස්රෙට් ලෙස ද හඳුන්වයි. ක්‍රි.පූ. 1191–1190

විසිවන රාජවංශයසංස්කරණය

විසිවන රාජවංශය විසින් ක්‍රි.පූ. 1190 සිට 1077 දක්වා පාලනය ගෙනයන ලදී:

නම රුව සටහන් දින
උසර්ඛෝරේ සෙට්නැඛ්ටේ
 
IIවන සෙටි, සිප්ටාහ්, හෝ ටෝස්රෙට් හට සම්බන්ධ අයකු නොවේ. ඇතැම්විට ටෝස්රෙට්ගෙන් සිහසුන පැහැරගන්නට ඇත. සිප්ටාහ් හෝ ටෝස්රෙට් නීත්‍යානුකූල පාලකයින් ලෙස පිළිගත්තේ නැත. රැම්සෙසීය රාජකීය පවුලේ සුළු සාමාජකයකු විය හැක. සෙට්නැඛ්ට් ලෙස ද හැඳින් වේ. ක්‍රි.පූ. 1190–1186
උසර්මාට්රේ-මෙරිඅමුන් රැම්සෙස් III
 
සෙට්නැඛ්ටේගේ පුත්‍රයායි. ක්‍රි.පූ. 1175දී සියා ජනයා සමග සටන් වැදුණේ ය. ඇතැම්විට මොහුව ඝාතනය වන්නට ඇත. ක්‍රි.පූ. 1186–1155
උසර්/හෙකාමාට්රේ-සෙට්පෙනමුන් රැම්සෙස් IV
 
IIIවන රැම්සෙස්ගේ පුත්‍රයා ය. මොහුගේ සමයේ ඊජිප්තු බලය පරිහානියට පත්වීම ඇරඹිණි. ක්‍රි.පූ. 1155–1149
උසර්මාට්රේ-සෙඛෙපෙරෙන්රේ රැම්සෙස් V
 
IVවන රැම්සෙස්ගේ පුත්‍රයෙකි. ක්‍රි.පූ. 1149–1145
නෙබ්මාට්රේ-මෙරිඅමුන් රැම්සෙස් VI
 
IIIවන රැම්සෙස්ගේ පුත්‍රයා ය. IVවන රැම්සෙස්ගේ සොහොයුරා ය. Vවන රැම්සෙස්ගේ මාමණ්ඩියයි. ක්‍රි.පූ. 1145–1137
උසර්මාට්රේ-සෙට්පෙන්රේ-මෙරිඅමුන් රැම්සෙස් VII
 
VIවන රැම්සෙස්ගේ පුත්‍රයා ය. ක්‍රි.පූ. 1137–1130
උසර්මාට්රේ-අඛෙනමුන් රැම්සෙස් VIII
 
අප්‍රකට පාරාවෝවරයෙකි. වර්ෂ එකක් පමණ රාජ්‍ය පාලනය කර තිබේ. IIවන සෙතිහෙර්ඛෙපෙෂෙෆ් කුමරු මොහු යැයි විශ්වාස කෙරේ. IIIවන රැම්සෙස්ගේ පුත්‍රයා ය. IVවන රැම්සෙස් සහ VIවන රැම්සෙස්ගේ සොහොයුරා ය. Vවන රැම්සෙස් සහ VIIවන රැම්සෙස්ගේ මාමණ්ඩියයි. සොහොන්ගැබ හමුනොවූ විසිවන රාජවංශයේ එකම පාරාවෝවරයා මොහු ය. ක්‍රි.පූ. 1130–1129
නෙෆර්කරේ-සෙට්පෙන්රේ රැම්සෙස් IX
 
IIIවන රැම්සෙස්ගේ මුණුපුරකු විය හැක. මොහුගේ පියා මොන්ටුහෙර්ඛොප්ෂෙෆ් ය. Vවන රැම්සෙස් සහ VIIවන රැම්සෙස්ගේ පළමු මස්සිනා ය. ක්‍රි.පූ. 1129–1111
ඛෙපෙර්මාට්රේ-සෙට්පෙන්ප්ටාහ් රැම්සෙස් X[78]
 
මෙම පාරාවෝ පිළිබඳ ඇත්තේ වාර්තා ස්වල්පයකි. වර්ෂ 3 සහ 10 අතර කාලයක් පැවති රාජ්‍ය සමයයක් පැවතියේ යැයි විශ්වාස කෙරේ. ඔහුගේ සම්භවය බෙහෙවින් අපැහැදිළි ය. ක්‍රි.පූ. 1111–1107
මෙන්මාට්රේ-සෙට්පෙන්ප්ටාහ් රැම්සෙස් XI[79]
 
Xවන රැම්සෙස්ගේ පුත්‍රයකු විය හැක. මොහුගේ රාජ්‍ය සමයේ දෙවන අර්ධයේ අමුන්ගේ ප්‍රධාන පූජක හෙරිහොර් විසින් තීබ්සයෙන් පහළ පෙදෙස පාලනය කරන ලදී. මේ නිසා මොහුගේ බලය පහළ (උතරු) ඊජිප්තුවට සීමා විය. මොහුගෙන් පසු උතුරෙහි ස්මෙන්ඩෙස් සිහසුනට පත් විය. ක්‍රි.පූ. 1107–1077

තෙවන අන්තර්මධ්‍ය යුගයසංස්කරණය

තෙවන අන්තර්මධ්‍ය යුගය (ක්‍රි.පූ. 1077–732) මගින් ඊජිප්තු අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු නව රාජධානියේ අවසානය සනිටුහන් කරයි. මෙකල ලිබියානු සම්භවයක් ඇති රාජවංශ ගණනාවක් රාජ්‍යත්වයට පත්වූ හෙයින් මෙය ලිබියානු යුගය ලෙස ද හඳුන්වයි.

විසි-එක්වන රාජවංශයසංස්කරණය

විසිඑක්වන රාජවංශය යනු ටැනිස් මූලික කරගත් සාපේක්ෂව දුර්වල රාජවංශයකි. සෛද්ධාන්තිකව ඔවුන් සම්පූර්ණ ඊජිප්තුවේ පාලකයන් වුවත්, ප්‍රායෝගිකව ඔවුන්ගේ බලපෑම සීමා වූයේ පහළ ඊජිප්තුවට පමණි. ඔවුහු ක්‍රි.පූ. 1069 සිට 943 දක්වා රාජ්‍ය පාලනය ගෙනගියහ.

නම රුව සටහන් දින
හෙඩ්ජ්ඛෙපෙරේ-සෙට්පෙන්රේ නෙස්බැනෙබ්ඩ්ජෙඩ් I (ස්මෙන්ඩෙස් I)[80]
 
XIවන රැම්සෙස්ගේ දියණිය යැයි පැවසෙන ටෙන්ටමුන් සමග විවාහ විය. ක්‍රි.පූ. 1077–1051
නෙෆර්කරේ හෙකාවැසෙට් අමෙනෙම්නිසු
 
අප්‍රකට සිව්-අවුරුදු රාජ්‍ය සමයයකි. ක්‍රි.පූ. 1051–1047
ආඛෙපෙරේ පැසෙබාඛෙනියුට් I (ප්සුසෙන්නස් I)
 
අමුන්ගේ ප්‍රධාන පූජක Iවන පිනෙඩ්ජෙම්ගේ පුත්‍රයා ය. වර්ෂ 40 සිට 51 දක්වා කාලයක් රාජ්‍ය පාලනය කොට තිබේ. මොහුගේ ටැනිස්හි නොඉඳුල් සොහොන්ගැබ නිසා ප්‍රකට විය. ඔහුව භූමදාන කෙරුණු වටිනා රිදී මිනීපෙට්ටිය හේතුවෙන් "රිදී පාරාවෝ" ලෙස හැඳින්විණි. රාජවංශයේ විසූ බලවත් පාලකයන් අතුරින් ‍අයෙකි. ක්‍රි.පූ. 1047–1001
උසර්මාට්රේ අමෙනෙමෝපේ
 
Iවන ප්සුසෙන්නස්ගේ පුත්‍රයා ය. ක්‍රි.පූ. 1001–992
ආඛෙපෙරේ සෙටෙපෙන්රේ ඔසොර්කොන් (වැඩිමහල් ඔසොර්කොන්)
 
මෙෂ්වෙෂ් (ලිබියාව) හි මහා ප්‍රධානියා වූ ෂොෂෙන්ක් Aගේ පුත්‍රයා ය. ඔසෝචොර් ලෙස ද හඳුන්වයි. ක්‍රි.පූ. 992–986
නෙට්ජෙරිඛෙපෙරේ-සෙට්පෙනමුන් සියාමුන්-මෙරිඅමුන්
 
නොහඳුනන සම්භවයකි. තෙවන අනර්තර්මධ්‍ය යුගයේ පාරාවෝවරුන් අතුරින් දැවැන්ත ඉදිකිරීම් සිදුකළ පාලකයෙකි. රාජවංශයේ බලවත්ම පාලකයන් අතුරින් අයෙකි. ක්‍රි.පූ. 986–967
ටිට්ඛෙපෙරුරේ පැසෙබඛෙනියුට් II (ප්සුසෙන්නස් II)
 
අමුන්ගේ ප්‍රධාන පූජක IIවන පිනෙඩ්ජෙම්ගේ පුත්‍රයෙකි. ක්‍රි.පූ. 967–943

අමුන්ගේ තීබානු ප්‍රධාන පූජකවරුන්සංස්කරණය

නිල වශයෙන් පාරාවෝවරුන් නොවූව ද, තීබ්ස්හි අමුන්ගේ ප්‍රධාන පූජකවරුන් විසිඑක්වන සහ විසිදෙවන රාජවංශ සමයේ ඉහළ ඊජිප්තුවේ සැබෑම පාලකයෝ වූහ. මොවුනට සිය නාමයන් කාර්ටුෂයන්හි සටහන් කිරීමේත්, රාජකීය සොහොන්ගැබ්වල භූමදානය වීමේත් වරප්‍රසාදය තිබිණි.

නම රුව සටහන් දින
හෙරිහොර් පාරාවෝ ලෙස ප්‍රකාශිත පළමු අමුන්ගේ ප්‍රධාන පූජකවරයායි. මොහු දකුණේ තීබ්ස් පාලනය කරන සමයේ XIවන රැම්සෙස් උතුරේ පයි-රැම්සෙස් පාලනය කළේ ය. ක්‍රි.පූ. 1080-1074
පියන්ඛ්
- ක්‍රි.පූ. 1074-1070
පිනෙඩ්ජෙම් I
පියන්ඛ්ගේ පුත්‍රයා ය. Iවන ප්සුසෙන්නස්ගේ පියා ය. ක්‍රි.පූ. 1070-1032
මසහර්ටා
Iවන පිනෙඩ්ජෙම්ගේ පුත්‍රයෙකි. ක්‍රි.පූ. 1054-1045
ඩ්ජෙඩ්ඛොන්සුවෙෆන්ක් Iවන පිනෙඩ්ජෙම්ගේ පුත්‍රයෙකි. ක්‍රි.පූ. 1046-1045
මෙන්ඛෙපෙරේ
Iවන පිනෙඩ්ජෙම්ගේ පුත්‍රයෙකි. ක්‍රි.පූ. 1045-992
නෙස්බනෙබ්ඩ්ජෙඩ් II (ස්මෙන්ඩෙස් II)
මෙන්ඛෙපෙරේගේ පුත්‍රයා ය. ක්‍රි.පූ. 992-990
පිනෙඩ්ජෙම් II
මෙන්ඛෙපෙරේගේ පුත්‍රයා ය. IIවන ප්සුසෙන්නස්ගේ පියා ය. ක්‍රි.පූ. 990-976
පැසෙබඛාඑනුයිට් III (ප්සුසෙන්නස් III) ඇතැම්විට IIවන ප්සුසෙන්නස්ම විය හැක. සාමාන්‍යයෙන් මොහු හෝ IIවන පිනෙඩ්ජෙම්, පාරාවෝ හා සමාන පදවියක් ඉසිලූ අවසන් අමුන්ගේ ප්‍රධාන පූජකවරයා ලෙස සැලකේ. ක්‍රි.පූ. 976-943

විසිදෙවන රාජවංශයසංස්කරණය

විසිදෙවන රාජවංශයේ පාරාවෝවරුන් ක්‍රි.පූ. 943 සිට 728 දක්වා අවට කාලයේ පාලනය මෙහෙයවූ ලිබියානුවෝ වූහ:

නම රුව සටහන් දින
හෙඩ්ජ්ඛෙපෙරේ-සෙටෙපෙන්රේ ෂොෂෙන්ක් I
 
වැඩිමහල් ඔසොර්කොන්ගේ සොහොයුරකු සහ මෙෂ්වෙෂ් (ලිබියාව) හි මහා ප්‍රධානියා වූ නිම්ලොට් Aගේ පුත්‍රයෙකි. ක්‍රි.පූ. 943–922
සෙඛෙස්ඛෙපෙරේ ඔසොර්කොන් I
 
Iවන ෂොෂෙන්ක්ගේ පුත්‍රයා ය. ක්‍රි.පූ. 922–887
හෙකාඛෙපෙරේ ෂොෂෙන්ක් II
 
අප්‍රකට පාරාවෝවරයෙකි. සිහසුන පැහැරගත්තකු විය හැක. ක්‍රි.පූ. 887–885
ටුට්ඛෙපෙරේ ෂොෂෙන්ක් IIb අප්‍රකට පාරාවෝවරයෙකි. පිහිටුම අවිනිශ්චිත ය. ක්‍රි.පූ. 880 දශකය
හෙඩ්ජ්ඛෙපෙරේ හාර්සියෙසේ
 
තීබ්ස්හි විසූ අප්‍රකට කැරලිකරුවෙකි. ක්‍රි.පූ. 880–860
ටැකෙලොට් I
 
Iවන ඔසොර්කොන්ගේ පුත්‍රයෙකි. ක්‍රි.පූ. 885–872
උසර්මාට්රේ-සෙටෙපෙනමුන් ඔසොර්කොන් II
 
Iවන ටැකෙලොට්ගේ පුත්‍රයෙකි. ක්‍රි.පූ. 872–837
උසර්මාට්රේ-සෙටෙපෙන්රේ ෂොෂෙන්ක් III
 
- ක්‍රි.පූ. 837–798
ෂොෂෙන්ක් IV - 798–785
උසර්මාට්රේ-සෙටෙපෙන්රේ පාමි
 
- ක්‍රි.පූ. 785–778
ආඛෙපෙරේ ෂොෂෙන්ක් V
 
- ක්‍රි.පූ. 778–740
උසර්මාට්රේ ඔසොර්කොන් IV
 
- ක්‍රි.පූ. 740–720

විසිතුන්වන රාජවංශයසංස්කරණය

විසිතුන්වන රාජවංශය යනු හෙරක්ලිපොලිස් සහ තීබ්ස් ‍මූලික කරගත් ලිබියානු සම්භවයක් ඇති ස්වදේශික‍ කොට්ඨාසයකි. මොවුහු ක්‍රි.පූ. 837 සිට 735 පමණ දක්වා පාලනය මෙහෙයවූහ:

නම රුව සටහන් දින
හෙඩ්ජ්ඛෙපෙරේ-සෙට්පෙන්රේ ටැකෙලොට් II
 
මුලින් 22වන රාජවංශ පාරාවෝවරයකු ලෙස විශ්වාස කෙරුණ ද, නූතනයේ පිළිගැනෙන්නේ 23වන රාජවංශයේ ආරම්භක පාලකයා ලෙසයි. ක්‍රි.පූ. 837–813
උසර්මාට්රේ-සෙටෙපෙනමුන් පෙඩුබාස්ට්
 
කැරැලි නායකයෙකි. IIවන ටැකෙලොට්ගෙන් තීබ්සය අල්ලාගත්තේ ය. ක්‍රි.පූ. 826–801
උසර්මාට්රේ-සෙටෙපෙනමුන් ඉයුපුට් I පෙඩුපාස්ට් සමග සම-අනුරාජයකු ලෙස කටයුතු කළේ ය. ක්‍රි.පූ. 812–811
උසර්මාට්රේ ෂොෂෙන්ක් VI පෙඩුබාස්ට්ගේ අනුප්‍රාප්තිකයායි. ක්‍රි.පූ. 801–795
උසර්මාට්රේ-සෙටෙපෙනමුන් ඔසොර්කොන් III
 
IIවන ටැකෙලොට්ගේ පුත්‍රයායි. තීබ්සය යළි සතු කරගෙන රජු ලෙස ප්‍රකාශයට පත්කළේ ය. ක්‍රි.පූ. 795–767
උසර්මාට්රේ-සෙටෙපෙනමුන් ටැකෙලොට් III
 
සිය රාජ්‍ය සමයේ මුල් වර්ෂ පහේ දී පියා වූ IIIවන ඔසොර්කොන්ගේ සම-අනුරාජයකු ලෙස කටයුතු කළේ ය. ක්‍රි.පූ. 773–765
උසර්මාට්රේ0සෙට්පෙනමුන් රුඩාමුන්
 
IIIවන ඔසොර්කොන්ගේ බාලම පුත්‍රයායි. IIIවන ටැකෙලොට්ගේ සොහොයුරායි. කි.පූ. 765–762

රුඩාමුන්ගෙන් පසු තීබ්සයේ ප්‍රාදේශීය පාලකයකු බලයට පත් විය:

නම රුව සටහන් දින
මෙන්ඛෙපෙරේ ඉනි
 
තීබ්ස්හි පමණක් රාජ්‍ය පාලනය ගෙනගියේ ය. ක්‍රි.පූ. 762-?

විසිහතරවන රාජවංශයසංස්කරණය

විසිහතරවන රාජවංශය යනු බටහිර ඩෙල්ටාවේ (සායිස්) විසූ සතුරු රාජවංශයකි. කෙටිකාලීන රාජවංශයක් වූ මෙය ක්‍රි.පූ. 732 සිට 720 දක්වා පාලනය ගෙනගිය අතර, එහි සිටියේ පාරාවෝවරුන් දෙදෙනකු පමණි.

නම රුව සටහන් දින
ෂෙප්සෙස්රේ ටෙෆ්නැඛ්ටේ
 
- ක්‍රි.පූ. 732–725
වහ්කරේ බැකන්රෙනෙෆ් (බොකෝරිස්)
 
- ක්‍රි.පූ. 725–720

විසිපස්වන රාජවංශයසංස්කරණය

පියේ නැමැති රජකු යටතේ පහළ ඊජිප්තුව ආක්‍රමණය කළ නූබියානුවෝ ඊජිප්තුවේ සිහසුන අත්කරගත්හ. පියේගේ රාජ්‍ය සමයේ මුල්කාලයේ ඔවුන් තීබ්ස් සහ ඉහළ ඊජිප්තුව ද පාලනය කොට ඇත. පහළ ඊජිප්තුවේ පියේගේ ආක්‍රමණය මගින් ක්‍රි.පූ. 656 තෙක් පාලනය ගෙනගිය විසිපස්වන රාජවංශය ස්ථාපනය කෙරිණි.

නම රුව සටහන් දින
උසර්මාට්රේ පියේ
 
නූබියාවේ රජු ය; 20වන වර්ෂයේ ඊජිප්තුව ආක්‍රමණය කළේ ය. සම්පූර්ණ රාජ්‍ය සමය අවම වශයෙන් 24ක් වත් විය හැක. එය වර්ෂ 30+ විය හැක. ඩැන්'එල් කාහ්න් අනුව ක්‍රි.පූ. 752–721
නෙෆර්කරේ ෂබාකා
 
- ක්‍රි.පූ. 721–707/706 රොල්ෆ් ක්‍රවුස්/ඩේවිඩ් වෝබර්ටන් අනුව[81]
ඩ්ඩේකරේ ෂෙබිට්කු
 
- ක්‍රි.පූ. 707/706–690 ඩැන්'එල් කාහ්න් අනුව[82]
ඛුයිනෙෆර්ටෙම්රේ ටහාර්කා
 
- ක්‍රි.පූ. 690–664
බැකාරේ ටැන්ටමනි
 
ක්‍රි.පූ. 656දී Iවන ප්සාම්ටික් විසින් තීබ්සය සිය යටතට ගැනීමත් සමග ඉහළ ඊජිප්තුවේ පාලනය නැති විය‍. ක්‍රි.පූ. 664–653

අවසානයේ මොවුන්ව නූබියාව වෙත පලවා හරින ලදී. එහ ඔවුහු නැපාටාහි (ක්‍රි.පූ. 656–590) සහ පසුව මෙරෝයි (ක්‍රි.පූ. 590 – ක්‍රි.ව. 4වන සියවස) රාජධානි පිහිටුවාගත්හ.

පසුකාලීන යුගයසංස්කරණය

පසුකාලීන යුගය කි.පූ. 664 සිට 332 අවට කාලය තෙක් දිවෙයි. මෙයට ස්වදේශික ඊජිප්තුවරුන්ගේ මෙන්ම පර්සියානු පාලන අවධි ද අයත් ය.

විසිහයවන රාජවංශයසංස්කරණය

විසිහයවන රාජවංශය විසින් ක්‍රි.පූ. 664 සිට 525 පමණ දක්ාව පාලනය මෙහෙයවන ලදී.[83]

නම රුව සටහන් දින
ටෙෆ්නැඛ්ට් II ‍මැනතෝ අනුව මොහු ස්ටෙෆිනේටස් ය. ඇතැම්විට විසිහතරවන රාජවංශයෙන් පැවතෙන්නෙක් විය හැක. Iවන නෙචෝගේ පියා ය. ක්‍රි.පූ. 685–678
නෙකෝබා මැනතෝ අනුව නෙචෙප්සොස් ය. ඔහුගේ පැවත්ම මතභේදයට තුඩු දී ඇත. ක්‍රි.පූ. 678–672
මෙන්ඛෙපෙරේ නෙකෝ I (නෙචෝ I)
 
ක්‍රි.පූ. 664දී ටැන්ටමනි යටතේ කුෂයිට් හමුදාවක් විසින් මොහුව මරාදමන ලදී. Iවන ප්සාම්ටික්ගේ පියා ය. ක්‍රි.පූ. 672–664

Iවන නෙචෝගේ පුත්‍රයා මෙන්ම අනුප්‍රාප්තිකයා ද වූ Iවන ප්සාම්ටික් විසින් ඊජිප්තුව යළි එක්සත් කළ අතර, ඔහු විසිහයවන රාජවංශයේ ආරම්භකයා ලෙස සැලකේ‍.

නම රුව සටහන් දින
වහිබ්රේ ප්සාම්ටික් I (ප්සාමේටිචස් I)
 
ඊජිප්තුව යළි එක්සත් කළේ ය. Iවන නෙචෝගේ පුත්‍රයා ය. IIවන නෙචෝගේ පියා ය. ක්‍රි.පූ. 664–610
වෙහෙමිබ්රේ නෙචෝ II (නෙචෝ II)
 
බයිබලයේ ග්‍රන්ථ කිහිපයකම සඳහන් පාරාවෝවරයා මොහු විය හැක. Iවන ප්සාම්ටික්ගේ පුත්‍රයා ය. IIවන ප්සාම්ටික්ගේ පියා ය. ක්‍රි.පූ. 610–595
නෙෆරිබ්රේ ප්සාම්ටික් II (ප්සාමේටිචස් II)
 
IIවන නෙචෝගේ පුත්‍රයා ය. ඒප්‍රියෙස්ගේ පියා ය. ක්‍රි.පූ. 595–589
හාඉබ්රේ වහිබ්රේ (ඒප්‍රියෙස්)
 
සිවිල් යුද්ධයකින් පසුව IIවන ආමසිස් (එකල සෙන්පතියෙකි) පාරාවෝ ලෙස පත්වීමත් සමග ඊජිප්තුවෙන් පලාගියේ ය. IIවන ප්සාම්ටික්ගේ පුත්‍රයෙකි. ක්‍රි.පූ. 589–570
ඛ්නෙමිබ්රේ අහ්මෝස් II (ආමසිස් II)
 
පර්සියානු ආක්‍රමණයට පෙර විසූ අවසන් ඊජිප්තු ශ්‍රේෂ්ඨ පාලකයා මොහු ය. ග්‍රීක ඉතිහාසඥ හෙරඩෝටස් අනුව මොහුට සාමාන්‍ය සම්භවයක් ඇත. IIIවන ප්සාම්ටික්ගේ පියා ය. ක්‍රි.පූ. 570–526
අන්ඛ්ඛේන්රේ ප්සාම්ටික් III (ප්සාමේටිකස් III)
 
IIවන ආමසිස්ගේ පුත්‍රයා ය. පෙලුසියම්හි සටනේ දී පර්සියානුවන් අතින් පරාජයට පත්වන තෙක් මාස හයක් පමණ රාජ්‍ය පාලනය මෙහෙයවී ය. පසුව කැරැලි ඇතිකිරීමේ චෝදනාව මත මරණයට පත්කෙරිණි. ක්‍රි.පූ. 526–525

විසිහත්වන රාජවංශය (පළමු පර්සියානු යුගය)සංස්කරණය

ක්‍රි.පූ. 525දී පර්සියානු අධිරාජ්‍යය විසින් ඊජිප්තුව ආක්‍රමණය කර ක්‍රි.පූ. 404 තෙක් එය ඈඳා තබාගන්නා ලදී. ඇකිමේනීය ෂාහන්ෂාවරුන්ව ද මෙකල පාරාවෝවරුන් ලෙස සැලකුණු අතර, "විසිහත්වන" රාජවංශය ඔවුන්ගෙන් සමන්විත විය:

නම රුව සටහන් දින
කැම්බයිසිස් (කැම්බයිසිස් II)
 
ක්‍රි.පූ. 525 පෙලුසියම් සටනේ දී IIIවන ප්සාම්ටික්ව පරාජය කළේ ය. ක්‍රි.පූ. 525–521
ස්මෙර්ඩිස් (බාර්ඩියා) මහා සයිරස්ගේ පුත්‍රයෙකි. ක්‍රි.පූ. 522–521
පෙටුබාස්ටිස් III[84]
 
ඩෙල්ටාවේ ස්වදේශික ඊජිප්තු කැරලි නායකයෙකි. ක්‍රි.පූ. 522/21–520
මහා Iවන ඩේරියස්
 
- ක්‍රි.පූ. 521–486
මහා ෂර්ෂස් I
 
- ක්‍රි.පූ. 486–465
ප්සාමෙටිචස් IV[84] යෝජිත ස්වදේශික ඊජිප්තු කැරලි නායකයෙකි. නිශ්චිත දින නොදනී. බොහෝවිට ක්‍රි.පූ. 480 දශකයේ විය හැක.
හයිර්කේනියානු ආර්ටබේනස් - ක්‍රි.පූ, 465–464
ආර්ටෂර්ෂස් I
 
- ක්‍රි.පූ. 464–424
ෂර්ෂස් II අයිතිවාසිකම් කියන්නා ක්‍රි.පූ. 424–423
සොග්ඩියානස් අයිතිවාසිකම් කියන්නා ක්‍රි.පූ. 424–423
‍ඩේරියස් II
 
ක්‍රි.පූ. 424–404

විසිඅටවන රාජවංශයසංස්කරණය

විසිඅටවන රාජවංශය පැවතියේ වර්ෂ 6ක් පමණි. ක්‍රි.පූ. 404 සිට 398 දක්වා එහි එක් පාරාවෝවරයකු රාජ්‍ය පාලනය කොට ඇත:

නම රුව සටහන් දින
ඇමිර්ටේයස් විසිහයවන රාජවංශයේ සයිට් පාරාවෝවරුන්ගෙන් පැවතෙන්නෙකි. පර්සියානුවන්ට එරෙහිව සාර්ථක කරැල්ලක් මෙහෙයවී ය. ක්‍රි.පූ. 404–398

විසිනවවන රාජවංශයසංස්කරණය

විසිනවවන රාජවංශය විසින් ක්‍රි.පූ. 398 සිට 380 දක්වා රාජ්‍ය පාලනය මෙහෙයවන ලදී:

නම රුව සටහන් දින
බේන්රේ නෙෆාරුඩ් I
 
නෙෆරයිටිස් ලෙස ද හැඳින්වේ. විවෘත සටනක දී ඇමර්ටේයස්ව පරාජය කොට මරාදැමී ය. ක්‍රි.පූ. 398–393
ප්සාමුතිස්
 
- ක්‍රි.පූ. 393
ඛෙනෙම්මාට්රේ හාකොර් (අචෝරිස්)
 
සිය පූර්වප්‍රාප්තික ප්සාමුතීස්ව සිහසුනෙන් නෙරපී ය. IIවන නෙෆාරුඩ්ගේ පියා ය. ක්‍රි.පූ. 393–380
නෙෆාරුඩ් II මාස 4ක් රාජ්‍ය පාලනය කිරීමෙන් පසුව සිහසුනෙන් නෙරපා Iවන නෙක්ටැනෙබෝ විසින් මරාදැමූ බව පෙනේ. හාකොර්ගේ පුත්‍රයායි. ක්‍රි.පූ. 380

තිස්වන රාජවංශයසංස්කරණය

තිස්වන රාජවංශය විසින් ක්‍රි.පූ. 380 සිට ඊජිප්තුව නැවත වරක් ක්‍රි.පූ. 343දී පර්සියානු ග්‍රහණයට නතුවන තෙක් පාලනය ගෙන යන ලදී:

නම රුව සටහන් දින
ඛෙපෙර්කරේ නෙඛ්ට්නෙබෙෆ් (නෙක්ටැනෙබෝ I)
 
නෙඛ්ට්නෙබෙෆ් ලෙස ද හඳුන්වයි. IIවන නෙෆරුඩ්ව සිහසුනෙන් පහකොට මරාදැමූයේ මොහු විසින් බව පෙනේ. අවසාන ස්ව‍දේශික ඊජිප්තු රාජවංශය ඇරඹී ය. ටියොස්ගේ පියා ය. ක්‍රි.පූ. 380–362
ඉරිමාටෙන්රේ ඩ්ජෙඩ්හර් (ටියොස්)
 
ක්‍රි.පූ. 365 පමණ සිට සිය පියා වූ Iවන නෙක්ටැනෙබෝගේ සම-අනුරාජයා ලෙස කටයුතු කළේ ය. ස්පාර්ටාවේ IIවන එජිසිලෝස්ගේ ආධාර ඇතිව IIවන නෙක්ටැනොබෝ විසින් මොහුව සිහසුනෙන් නෙරපන ලදී. ක්‍රි.පූ. 362–360
සෙනෙඩ්ජෙමිබ්රේ නැඛ්ට්හොර්හෙබිට් (නෙක්ටැනෙබෝ II)
 
පුරාතන ඊජිප්තුවේ අවසන් ස්වදේශික පාලකයායි.[85] ක්‍රි.පූ. 360–343

තිස්එක්වන රාජවංශය (දෙවන පර්සියානු යුගය)සංස්කරණය

ඊජිප්තුව නැවත වරක් ඇකිමේනීය පර්සියානුවන්ගේ පාලනයට යටත් විය. මැනතෝගේ වාර්තා අනුව, ක්‍රි.පූ. 343 සිට 332 දක්වා පාලනය මෙහෙයවූ පර්සියානු පාලකයින් තිස්එක්වන රාජවංශය යටතට ඇයත් යැයි සැලකේ:

නම රුව සටහන් දින
ආර්ටෂර්ෂස් III   දෙවන වරට ඊජිප්තුව පර්සියානු පාලනයට නතු කරගත්තේ ය. ක්‍රි.පූ. 343–338
ආර්ටෂර්ෂස් IV ආර්සස් පහළ ඊජිප්තුවේ පමණක් පාලනය මෙහෙයවා තිබේ. ක්‍රි.පූ. 338–336
ඛබාබාෂ්   නූබියාවේ ආක්‍රමණ මෙහෙයවූ කැරලිකාර පාරාවෝවරයෙකි. ක්‍රි.පූ. 338–335
ඩේරියස් III   ක්‍රි.පූ. 335දී ඉහළ ඊජිප්තුව යළි පර්සියානු පාලනයට නතු කරගත්තේ ය. ක්‍රි.පූ. 336–332

හෙලනිස්තික යුගයසංස්කරණය

ආගේඩ් රාජවංශයසංස්කරණය

මහා ඇලෙක්සැන්ඩර් යටතේ මැසිඩෝනියානුවෝ සිය පර්සියානු සහ ඊජිප්තු ආක්‍රමණය මගින් හෙලනිස්තික යුගය ව්‍යාප්ත කළහ. ආගේඩ්වරුන් විසින් ක්‍රි.පූ. 332 සිට 309 දක්වා රාජ්‍ය පාලනය මෙහෙයවා ඇත:

නම රුව සටහන් දින
සෙටෙපෙන්රේ-මෙරිඅමුන් ඇලෙක්සැන්ඩර් III (මහා ඇලෙක්සැන්ඩර්)
 
මැසිඩෝනියාව විසින් පර්සියාව සහ ඊජිප්තුව යටත් කරගන්නා ලදී. ක්‍රි.පූ. 332–323
ෆිලිප් III ආර්හිඩේයස්
 
මහා IIIවන ඇලෙක්සැන්ඩර්ගේ දුර්වල සොහොයුරා ය. ක්‍රි.පූ. 323–317
හාඉබ්රේ ඇලෙක්සැන්ඩර් IV
 
මහා IIIවන ඇලෙක්සැන්ඩර්ගේ සහ රොක්සානාගේ පුත්‍රයායි. ක්‍රි.පූ. 317–309

ටොලමියානු රාජවංශයසංස්කරණය

දෙවන හෙලනිස්තික රාජවංශය වූ ටොලමිවරුන් විසින් ක්‍රි.පූ. 305 සිට ක්‍රි.පූ. 30 දී ඊජිප්තුව රෝමයේ පළාතක් බවට පත්වන තෙක් රාජ්‍ය පාලනය මෙහෙයවන ලදී. (දින දෙකක අතිච්ඡාදනයක් පැවතීමෙන් පැවසෙන්නේ හවුල් පාලනයක් පැවති බවයි) මෙම රාජවංශයේ සුප්‍රකටම සාමාජිකයා VIIවන ක්ලියෝපැට්රා රැජිනයි. ඇය වර්තමානයේ සරලව ක්ලියෝපැට්රා ලෙස හඳුන්වයි. ඇය ජූලියස් සීසර්ගේ බිසවක වූ අතර, සීසර්ගේ මරණින් පසු මාක් ඇන්ටනිගේ භාර්යාව බවට පත්වූවා ය. ඇයට ඔවුන් දෙදෙනාටම දාව උපන් දරුවන් ද විය. ඊජිප්තුව සහ රෝමය අතර රාජවංශික සහ දේශපාලනික වශයෙන් ඒකාබද්ධභාවයක් ඇතිකිරීමට ක්ලියෝපැට්රා උත්සාහ දැරුවා ය. නමුත් සීසර්ගේ ඝාතනය සහ මාක් ඇන්ටනිගේ පරාජය හේතුවෙන් ඇගේ සැලසුම් අසාර්ථක විය. ඊජිප්තුවේ ටොලමියානු රාජවංශයේ අවසන් පාලකයා වූ සිසේරියන් (ටොලමි XV ෆිලොපේටර් ෆිලොමේටර් සීසර්) විසින් ඔහුගේ මව වූ VIIවන ක්ලියෝපැට්රා සමග ක්‍රි.පූ. 47 සැප්තැම්බර් 2දින සිට හවුල් පාලනයක් ගෙනගොස් තිබේ. VIIවන ක්ලියෝපැට්රාගේ වැඩිමහල්ම පුත්‍රයා වූ ඔහු, බොහෝවිට ජූලියස් සීසර්ගේ එකම පුත්‍රයා විය හැකි යැයි පැවසේ. ක්ලියෝපැට්රාගේ මරණින් පසු, ක්‍රි.පූ. 30 අගෝස්තු 12 දින ඔහු නාමිකව ස්වාධීන පාරාවෝ බවට පත් විය. පසුව රෝම අධිරාජ ඔගස්ටස් බවට පත්වූ ඔක්ටේවියන්ගේ නියෝග අනුව සිසේරිය්නව මරාදැමුණු බවට විශ්වාස කෙරේ. නමුත් ඒ පිළිබඳ ඓතිහාසික සාක්ෂි අපැහැදිළි ය.

නම රුව සටහන් දින
සෙටෙපෙන්රේ-මෙරිඅමුන් ටොලමි I සෝටර්   ක්‍රි.පූ. 285දී සිහසුන අත්හැරී ය. ක්‍රි.පූ. 283දී මියගියේ ය. ක්‍රි.පූ. 305–285
බෙරෙනිස් I   Iවන ටොලමිගේ භාර්යාවයි. ?– ක්‍රි.පූ. 285
වෙසෙර්කරේ-මෙරිඅමුන් ටොලමි II ෆිලඩෙල්ෆොස්   - ක්‍රි.පූ. 288–246
ආර්සිනෝයි I   IIවන ටොලමිගේ භාර්යාවයි. ක්‍රි.පූ. 284/281– 274 පමණ
ආර්සිනෝයි II   IIවන ටොලමිගේ භාර්යාවකි. ක්‍රි.පූ. 277–270
ටොලමි III යුවර්ජි‍ටිස් I   - ක්‍රි.පූ. 246–222
බෙරෙනිස් II   IIIවන ටොලමිගේ භාර්යාවයි. ක්‍රි.පූ. 244/243–222
ටොලමි IV ෆිලොපේටර්   - ක්‍රි.පූ. 222–204
ආර්සිනෝයි III   IVවන ටොලමිගේ භාර්යාවයි. ක්‍රි.පූ. 220–204
හුග්රොනැෆොර් දකුණේ විප්ලවවාදී පාරාවෝවරයෙකි.‍ ක්‍රි.පූ. 205–199
අන්ඛ්මැකිස් දකුණේ විප්ලවවාදී පාරාවෝවරයෙකි. ක්‍රි.පූ. 199–185
ටොලමි V එපිෆේනස්   ක්‍රි.පූ. 207–186 අතර කාලයේ ඉහළ ඊජිප්තුවේ කැරලි ඇති විය. ක්‍රි.පූ. 204–180
ක්ලියෝපැට්රා I   Vවන ටොලමිගේ භාර්යාවයි. කුඩා කාලයේ VIවන ටොලමිගේ සම-අනුරාජයා ලෙස කටයුතු කළා ය. කි.පූ. 193–176
ටොලමි VI ෆිලොමේටර්   ක්‍රි.පූ. 145දී මියගියේ ය. ක්‍රි.පූ. 180–164
ක්ලියෝපැට්රා II   VIවන ටොලමිගේ භාර්යාවයි. ක්‍රි.පූ. 175–164
ටොලමි VIII යුවර්ජිටිස් II   ක්‍රි.පූ. 170දී ඇලෙක්සැන්ඩ්‍රියාවේ රජු ලෙස ප්‍රකාශ කෙරිණි. ක්‍රි.පූ. 169 සිට 164 දක්වා ටොලමි VI ෆිලොමේටර් සහ IIවන ක්ලියෝපැට්රා සමග හවුල් පාලනයක් ගෙනගියේ ය. ක්‍රි.පූ. 116දී මියගියේ ය. ක්‍රි.පූ. 171–163
ටොලමි VI ෆිලොමේටර්   ක්‍රි.පූ. 164-163 දක්වා කාලයේ VIIIවන ටොලමි යටතේ පැවති ඊජිප්තුව ක්‍රි.පූ. 163දී යළි VIවන ටොලමිට හිමි විය. ක්‍රි.පූ. 163–145
ක්ලියෝපැට්රා II   VIIIවන ටොලමි හා විවාහ විය; ක්‍රි.පූ. 131දී ඔහුට විරුද්ධව කැරැල්ලක් මෙහෙයවා ඊජිප්තුවේ තනි රාජ්‍ය පාලකයා බවට පත් විය. ක්‍රි.පූ. 163–127
ටොලමි VII නියොස් ෆිලොපේටර් ඔහුගේ පියා විසින් සම-අනුරාජයකු ලෙස පත්කරන ලදී. පසුව ඔහුගේ මව වූ IIවන ක්ලියෝපැට්රාගේ භාරකාරීත්වය යටතේ රාජ්‍ය පාලනය සිදුකළේ ය. ක්‍රි.පූ. 145–144
ටොලමි VIII යුවර්ජිටිස් II   ප්‍රතිෂ්ඨාපිත ක්‍රි.පූ. 145–131
ක්ලියෝපැට්රා III   VIIIවන ටොලමිගේ දෙවන භාර්යාවයි. ක්‍රි.පූ. 142–131
ටොලමි මෙම්ෆයිටිස් IIවන ක්ලියෝපැට්රා විසින් රජු ලෙස ප්‍රකාශ කරන ලදී; මඳ කලකින්ම VIIIවන ටොලමි විසින් ඔහුව මරාදමන ලදී. ක්‍රි.පූ. 131
ටොලමි VIII යුවර්ජිටිස් II   ප්‍රතිෂ්ඨාපිත ක්‍රි.පූ. 127–116
ක්ලියෝපැට්රා III   VIIIවන ටොලමි සමග ප්‍රතිෂ්ඨාපනය කෙරිණි; පසුව IXවන ටොලමි සහ Xවන ටොලමිගේ සම-අනුරාජයා වූවා ය. ක්‍රි.පූ. 127–107
ක්ලියෝපැට්රා II   VIIIවන ටොලමි සමග සමාදාන වූවා ය; ක්‍රි.පූ. 116 තෙක් IIIවන ක්ලියෝපැට්රා සහ ටොලමි සමග හවුල් පාලනයක් ගෙනගියා ය. ක්‍රි.පූ. 124–116
ටොලමි IX සෝටර් II   ක්‍රි.පූ. 80දී මියගියේ ය. ක්‍රි.පූ. 116–110
ක්ලියෝපැට්රා IV කෙටිකාලීනව IXවන ටොලමි හා විවාහ විය. පසුව IIIවන ක්ලියෝපැට්රා විසින් ඇයව නෙරපා හරින ලදී. ක්‍රි.පූ. 116–115
ටොලමි X ඇලෙක්සැන්ඩර් I   ක්‍රි.පූ. 88දී මියගියේ ය. ක්‍රි.පූ. 110–109
බෙරෙනිස් III XIවන ටොලමි සමග විවාහ වීමට බලකෙරිණි; පසුව ඔහුගේ නියෝගය අනුව ඉන් දින 19කට පසු මරාදැමිණි. ක්‍රි.පූ. 81–80
ටොලමි XI ඇලෙක්සැන්ඩර් II ටොලමි X ඇලෙක්සැන්ඩර්ගේ බාල පුත්‍රයායි. සලා විසින් පත්කරන ලදී; දින 80ක් රාජ්‍ය පාලනය කිරීමෙන් පසු, ජනයා එක්වී ඔහුව මරාදැමූයේ ඔහු විසින් IIIවන බෙරෙනිස් රැජිනිය ඝාතනය කිරීම හේතුවෙනි. ක්‍රි.පූ. 80
ටොලමි XII නියොස් ඩියොනීසස් (ඕලීට්ස්)   IXවන ටොලමිගේ පුත්‍රයායි; ක්‍රි.පූ. 51දී මියගියේ ය. ක්‍රි.පූ. 80–58
ක්ලියෝපැට්රා V ට්‍රිෆේනා XIIවන ටොලමිගේ භාර්යාවයි. IVවන බෙරෙනිස්ගේ මෑණියන් ය. ක්‍රි.පූ. 79–68
ක්ලියෝපැට්රා VI XIIවන ටොලමිගේ දියණියකි. ක්‍රි.පූ. 58–57
බෙරෙනිස් IV XIIවන ටොලමිගේ දියණියකි; සෙලියුකස් කිබියෝසැක්ටිස් සමග විවාහ වීමට බලකෙරිණි. නමුත් ඔහු‍ගේ ගෙල සිරකොට මරාදැමූ ඇය ක්‍රි.පූ. VIවන ක්ලියෝපැට්රා සමග හවුල් පාලනයක් ගෙනගියා ය. ක්‍රි.පූ. 58–55
ටොලමි XII නියොස් ඩියොනීසස්   ප්‍රතිෂ්ඨාපිත; සිය මරණයට පෙර දියණිය වූ VIIවන ක්ලියෝපැට්රා සමග කෙටි කලක් හවුල් පාලනයක් ගෙනගියේ ය. ක්‍රි.පූ. 55–51
ක්ලියෝපැට්රා VII   සිය පියා වූ XIIවන ටොලමි, සොහොයුරා වූ XIIIවන ටොලමි, සිය සොහොයුරකු මෙන්ම සැමියා ද වූ XIVවන ටොලමි සමගත්, පුත්‍රයා වූ XVවන ටොලමි සමගත් හවුල් පාලනයක් ගෙනගියා ය; සරලව ක්ලියෝපැට්රා ලෙස ප්‍රකට ය. ක්‍රි.පූ. 51–30
ටොලමි XIII VIIවන ක්ලියෝපැට්රාගේ සොයුරා ය. ක්‍රි.පූ. 51–47
ආර්සිනෝයි IV VIIවන ක්ලියෝපැට්රාට විපක්ෂව ක්‍රි.පූ. 48–47
ටොලමි XIV   VIIවන ක්ලියෝපැට්රා සහ XIIIවන ටොලමිගේ බාල සොහොයුරායි. ක්‍රි.පූ. 47–44
ටොලමි XV   VIIවන ක්ලියෝපැට්රාගේ ළදරු පුත්‍රයායි; ක්ලියෝපැට්රා විසින් සිය සම-අනුරාජයා ලෙස ඔහුව පත්කරන විට ඔහුගේ වයස අවුරුදු 3කි. රෝමය විසින් යටත් කරගත් කාලයේ පුරාතන ඊජිප්තුවේ විසූ අවසාන පාරාවෝවරයා ලෙස සැලකේ. ක්‍රි.පූ. 44–30

රෝමයසංස්කරණය

VIIවන ක්ලියෝපැට්රා රෝම ආඥාදායක ජූලියස් සීසර් සහ රෝම සෙන්පති මාක් ඇන්ටනි සමග සම්බන්ධතා පැවැත්වූවා ය. නමුත් ඇගේ සියදිවි හානි කරගැනීමෙන් පසු (මාක් ඇන්ටනිව පසුව ඔගස්ටස් අධිරාජයා බවට පත් ඔක්ටේවියන් විසින් පරාජය කිරීමෙන් පසු) ක්‍රි.පූ. 30දී ඊජිප්තුව රෝමයේ පළාතක් බවට පත් විය. ඊජිප්තුව තුළ දී, ඉන් පසුකාලීන රෝම අධිරාජවරුන් පාරාවෝ පදවිය භාවිත කොට ඇති බව පෙනේ. එක්තරා ඊජිප්තු රාජාවලියක රෝම අධිරාජවරුන් පාරාවෝවරුන් ලෙස දක්වා ඇති අතර, එයට ‍ඩෙෂියස් ද ඇතුළත් වේ. බලන්න රෝම අධිරාජවරුන් ලැයිස්තුව.

මේවාත් බලන්නසංස්කරණය

ග්‍රන්ථාවලියසංස්කරණය

  • ජේ. එච්. බ්‍රෙස්ටඩ්, History of Egypt from the Earliest Time to the Persian Conquest, 1909
  • ජේ. කර්නි, 'Egypt from the Death of Ramesses III to the End of the Twenty-First Dynasty' in The Middle East and the Aegean Region c.1380-1000 BC, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, ISBN 0-521-08691-4
  • ක්ලේටන්, පීටර් ඒ. (1995). Chronicle of the Pharaohs: The Reign-by-Reign Record of the Rulers and Dynasties of Ancient Egypt. The Chronicles Series (නැවත මුද්‍රණය සංස්.). ලන්ඩන්: තේම්ස් ඇන්ඩ් හඩ්සන්. ISBN 978-0-500-05074-3. 
  • ඩොඩ්සන්, ඒඩන් සහ හිල්ටන්, ඩියෑන්. The Complete Royal Families of Ancient Egypt. තේම්ස් ඇන්ඩ් හඩ්සන්. 2004. ISBN 0-500-05128-3
  • ශ්‍රීමත් ඇල්න ගාඩිනර් Egyptian Grammar: Being an Introduction to the Study of Hieroglyphs, තෙවන සංස්කරණය, ප්‍රතිශෝධිතයි. ලන්ඩන්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, 1964. උපග්‍රන්ථය A, පිටු. 71–76.
  • නිකොලස් ග්‍රිමල්, A History of Ancient Egypt, (බ්ලැක්වෙල් බුක්ස්: 1992)
  • මර්නේන්, විලියම් ජේ.; Ancient Egyptian Coregencies, Studies in Ancient Oriental Civilization. No. 40. චිකාගෝ විශ්වවිද්‍යාලීය පෙරදිග ආයතනය, 1977
  • මයිකල් රයිස්, Who's Who in Ancient Egypt, රූට්ලෙජ් 1999
  • රයිහොල්ට්, කිම් සහ ස්ටීවන් බාර්ඩ්‍රම්; 2000. "The Late Old Kingdom in the Turin King-list and the Identity of Nitocris." Zeitschrift für ägyptische Sprache und Altertumskunde 127
  • ෂෝව්, ඉයන්; The Oxford History of Ancient Egypt., ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, 2000.
  • ෂෝව්, ගැරී. The Pharaoh, Life at Court and on Campaign, තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 2012.
  • ටෝබි ඒ. එච්. විල්කින්සන්, Early Dynastic Egypt, රූට්ලෙජ් 1999, ISBN 0-415-18633-1
  • වර්නර්, මිරොස්ලාව්, The Pyramids - Their Archaeology and History, ඇට්ලැන්ටික් බුක්ස්, 2001, ISBN 1-84354-171-8
  • Egypt, History & Civilisation ආචාර්ය ආර්. වෙන්ටුරා විසිනි. ප්‍රකාශනය ඔසිරිස්, තැ.පෙ. 107 කයිරෝ.

බාහිර සබැඳිසංස්කරණය

මූලාශ්‍රසංස්කරණය

  1. 1.0 1.1 ක්ලේටන් 1995, පි. 217. "වාචිකව පැරණි අදහස් සහ ආගම, විවධ මට්ටම්වලින් යුතුවූ පාරාවෝ යුගය ක්‍රි.පූ. 343දී අවසන් ස්වදේශික පාරාවෝ වූ IIවන නෙක්ටැනෙබෝගෙන් පසු අභාවයට පත් විය."
  2. ටෝබි ඒ. එච්. විල්කින්සන්: රෝයල් ඇනල්ස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. රූට්ලෙජ්, ලන්ඩන් 2012, ISBN 113660247X, පි. 50.
  3. ටෝබි ඒ. එච්. විල්කින්සන්: රෝයල් ඇනල්ස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. රූට්ලෙජ්, ලන්ඩන් 2012, ISBN 113660247X, පි. 61.
  4. තෝමස් ෂ්නයිඩර්: Lexikon der Pharaonen. ඇල්බට්‍රොස්, ඩූසල්ඩෝර්ෆ් 2002, ISBN 3-491-96053-3, පි. 259.
  5. තෝමස් ෂ්නයිඩර්: Lexikon der Pharaonen. ඇල්බට්‍රොස්, ඩූසල්ඩෝර්ෆ් 2002, ISBN 3-491-96053-3, පි. 139.
  6. තෝමස් ෂ්නයිඩර්: Lexikon der Pharaonen. ඇල්බට්‍රොස්, ඩූසල්ඩෝර්ෆ් 2002, ISBN 3-491-96053-3, පි. 199.
  7. තෝමස් ෂ්නයිඩර්: Lexikon der Pharaonen. ඇලබට්‍රොස්, ඩූසල්ඩෝර්ෆ් 2002, ISBN 3-491-96053-3, පි. 138.
  8. තෝමස් ෂ්නයිඩර්: Lexikon der Pharaonen. ඇල්බට්‍රොස්, ඩූසල්ඩෝර්ෆ් 2002, ISBN 3-491-96053-3, පි. 181.
  9. තොමස් ෂ්නයිඩර්: Lexikon der Pharaonen. ඇල්බට්‍රොස්, ඩූසල්ඩෝර්ෆ් 2002, ISBN 3-491-96053-3, පි. 311.
  10. 10.0 10.1 තෝමස් ෂ්නයිඩර්: Lexikon der Pharaonen. ඇල්බට්‍රොස්, ඩූසල්ඩෝර්ෆ් 2002, ISBN 3-491-96053-3, පි. 137.
  11. ලුඩ්විග් ඩේවිඩ් මොරෙන්ස්: Bild-Buchstaben und symbolische Zeichen. Die Herausbildung der Schrift der hohen Kultur Altägyptens (= Orbis Biblicus et Orientalis 205). ෆ්‍රිබෝර්ග් 2004, ISBN 3-7278-1486-1, පි. 91.
  12. පී ටැලට්, ඩී. ලෙයිස්නේ: Iry-Hor et Narmer au Sud-Sinaï (Ouadi 'Ameyra), un complément à la chronologie des expéditios minière égyptiene. තුළ: Bulletin de L'Institute Français D'Archéologie Orientale (BIFAO) 112. Ausgabe 2012, S. 381-395.
  13. ගන්තර් ඩ්‍රෙයර්: Horus Krokodil, ein Gegenkönig der Dynastie 0. තුළ: රෙනී ෆ්‍රීඩ්මන් සහ බාබරා ඇඩම්ස් (Hrsg.): ද ෆලොවර්ස් ඔෆ් හොරස්, ස්ටඩීස් ඩෙඩිකේටඩ් ටු මයිකල් ඇලන් හොෆ්මන්, 1949–1990 (= ඊජිප්තු අධ්‍යයන සංවිධාන ප්‍රකාශනය, වෙළු. 2). ඔක්ස්බෝ ප්‍රකාශන, බ්ලූමිංටන් (IN) 1992, ISBN 0946897441, පි. 259-263.
  14. ජර්ගන් වොන් බෙකරැත්: Handbuch der ägyptischen Königsnamen (= Münchner ägyptologische Studienවෙළු. 49) වොන් සැබර්න්, මේන්ස් 1999, ISBN 3-8053-2591-6, පි. 36-37.
  15. ටෝබි විල්කින්සන්: අර්ලි ඩයිනාස්ටික් ඊජිප්ට්: ස්ට්‍රැට්ජි, සොසයිටි ඇන්ඩ් සිකියුරිටි. රූට්ලෙජ්, ලන්ඩන් 1999, ISBN 0-415-18633-1, පිටු. 38, 56 සහ 57.
  16. වුල්ෆ්ගැං හෙල්ක්: Untersuchungen zur Thinitenzeit (= Ägyptologische Abhandlungen (ÄA), වෙළු. 45). හැරසෝවිට්ස්, වියස්බේඩ්න් 1987, ISBN 3-447-02677-4, පි. 124.
  17. 17.0 17.1 17.2 වුල්ෆ්ගැං හෙල්ක්: Untersuchungen zur Thinitenzeit (Agyptologische Abhandlungen), ISBN 3447026774, ඕ. හැරැසොවිට්ස් (1987), පි. 124
  18. විලියම් මැතිව් ෆ්ලින්ඩර්ස් ප්‍රෙටී: ද රෝයල් ටූම්බ්ස් ඔෆ් ද අර්ලියස්ට් ඩයිනාස්ටීස්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, නිව් යෝක් 2013 (නැවත මුද්‍රණය 1901), ISBN 1108066127, පි. 49.
  19. නිකොලස්-ක්‍රිස්ටෝෆ් ග්‍රිමල්: අ හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. බ්ලැක්වෙල්, ඔක්ස්ෆර්ඩ් එරා/ කේම්බ්‍රිජ් එජ 1992, ISBN 978-0-631-19396-8, පි. 53.
  20. විල්කින්සන් (1999) පිටු. 83–84
  21. ඩියෙට්‍රිච් විල්ඩන්ග්: Die Rolle ägyptischer Könige im Bewußtsein ihrer Nachwelt. Teil I. Posthume Quellen über die Könige der ersten vier Dynastien. තුළ: Münchener Ägyptologische Studien, වෙළු. 17. ඩ්‍යුෂර් කුන්ස්ට්වර්ලැග්, මියුනිච්/බර්ලින් 1969, පි. 31-33.
  22. විල්කින්සන් (1999) පි. 79
  23. විල්කින්සන් (1999) පිටු. 87–88
  24. පැස්කල් වර්නස්, ජීන් යොයොටේ, ද බුක් ඔෆ් ද ෆේරෝස්, කෝර්නෙල් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය 2003, පි. 27
  25. ජූර්ගන් වොන් බෙකරැත්: Handbuch der ägyptischen Königsnamen. Deutscher Kunstverlag, මියුන්චෙන්/බර්ලින් 1984, ISBN 3-422-00832-2, පිටුව 171.
  26. ටෝබි ඒ. එච්. විල්කින්සන්: අර්ලි ඩයිනාස්ටික් ඊජිප්ට්. රූට්ලෙජ්, ලන්ඩන්/නිව් යෝක් 2002, ISBN 1134664206, පි. 75-76.
  27. ජර්ගන් වොන් බෙකරැත්: Handbuch der ägyptischen Königsnamen. 2. verbesserte und erweiterte Auflage. වොන් සැබර්න්, මේන්ස් 1999, S. 44–45.
  28. තෝමස් ෂ්නයිඩර්: Lexikon der Pharaonen. ඇල්බ්‍රටොස්, ඩූසල්‍ඩෝර්ෆ් 2002, ISBN 3-491-96053-3, පිටුව 175.
  29. කිං ඛාසෙඛෙම්
  30. කිං ඛාසෙඛෙම්වි
  31. ටෝබි විල්කින්සන්, අර්ලි ඩයිනාස්ටික් පීරියඩ්, රූට්ලෙජ්, 1999, පිටු.83 සහ 95
  32. ටෝබි විල්කින්සන්, රෝයල් ඇනල්ස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්; පිටු. 79 සහ 258
  33. ක්ලේටන් (1994) පි.32
  34. මාක් ලෙහ්නර්: Geheimnis der Pyramiden. Econ, Düsseldorf 1997, ISBN 3-572-01039-X, S. 94–96.
  35. ක්ලේටන් (1994) පි.42
  36. තෝමස් ෂ්නයිඩර්: Lexikon der Pharaonen. ඇල්බට්‍රොස්, ඩූසල්ඩෝර්ෆ් 2002, ISBN 3-491-96053-3, S. 278–279.
  37. මිරොස්ලව් වර්නර් (2000): හූ වෝස් ෂෙප්සෙස්කරා, ඇන්ඩ් වෙන් ඩිඩ් හී රීන්?, තුළ: මිරොස්ලව් බාර්ටා, ජරොමිර් ක්‍රෙජ්කි (සංස්කාරකවරු): අබුසිර් ඇන්ඩ් සකාරා ඉන් ද ඉයර් 2000, චෙච් ජනරජයේ විද්‍යා ඇකඩමිය, ප්‍රාචීන විද්‍යා ආයතනය, ප්‍රාග්, ISBN 80-85425-39-4, පි.. 581 - 602, මාර්ගස්ථව ලබාගත හැක.
  38. ඩොඩ්සන් සහ හිල්ටන් (2004); පි. 73
  39. රයිහොල්ට් සහ බාර්ඩ්‍රම් (2000) පිටු.87–100.
  40. ජූර්ගන් වොන් බෙකරැත්: Handbuch der ägyptischen Königsnamen, Münchner ägyptologische Studien, Heft 49, මේන්ස් : පී. වොන් සැබර්න්, 1999, ISBN 3-8053-2591-6, මාර්ගස්ථව ලබාගත හැක
  41. කිම් රයිහොල්ට්: "ද ලේට් ඕල්ඩ් කිංඩම් ඉන් ද ටියුරින් කිං-ලිස්ට් ඇන්ඩ් ද අයිඩෙන්ටිටි ඔෆ් නිටෝක්‍රිස්", Zeitschrift für ägyptische, 127, 2000, පි. 99
  42. ගුස්ටාව් ජෙකියර්, මාස්ලාහට් අල්-ආතාර් (1993): Les pyramides des reines Neit et Apouit (ප්‍රංශ බසින්), කයිරෝ: Institut français d’archéologie orientale, OCLC 195690029, බලන්න පුවරුව 5.
  43. පර්සි නිව්බෙරි (1943): ක්වීන් නිටෝක්‍රිස් ඔෆ් ද සික්ස්ත් ඩයිනාස්ටි, තුළ: ඊජිප්තු පුරාවිද්‍යා ජර්නලය, වෙළු. 29, පිටු. 51 - 54
  44. ගේ කැලෙනඩර්: ක්වීන් නෙයිට්-ඉක්රෙටි/නිටෝක්‍රිස්, තුළ: මිරොස්ලාව් බාර්ටා, ෆිලිප් කොපන්ස්, ජැරොමික් ක්‍රෙක්ජි (සංස්කාරකවරු): අබුසිර් ඇන්ඩ් සකාරා ඉන් ද ඉයර් 2010/1, ප්‍රාග්: ඊජිප්තුවේදය පිළිබඳ චෙච් ආයතනය, කලා පීඨය, චාල්ස් විශ්වවිද්‍යාලය, 2011, ISBN 978-8-07-308384-7, බලන්න පිටු. 249-250
  45. 45.0 45.1 ටියුරින් කිංලිස්ට්, කොලම්න්ස් IV,18 ටු V,10, ඒන්ෂන්ට් ඊජිප්ට් ඩොට් ඕර්ග්. සම්ප්‍රවේෂණය 10 පෙබරවාරි 2010.
  46. මාගරට් බන්සන්: එන්සයික්ලොපීඩියා ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්, ඉන්ෆොබේස් පබ්ලිෂිං, 2009, ISBN 978-1438109978, මාර්ගස්ථව ලබාගත හැක; බලන්න පි. 181
  47. ලබිබ් හබාචි: කිං නෙබ්හෙටෙපෙට්‍රේ මෙන්තුහොටෙප්: හිස් මොන්‍යුමන්ට්ස්, ප්ලේස් ඉන් හිස්ට්‍රි, ඩෙයිෆිකේෂන් ඇන්ඩ් අන්යූෂුවල් රීප්‍රසන්ටේෂන්ස් ඉන් ෆෝම්ස් ඔෆ් ගෝඩ්ස්, තුළ: Annales du Service des Antiquités de l'Égypte 19 (1963), පිටු. 16–52
  48. වුල්ෆ්‍රැම් ග්‍රැජෙට්ස්කි (2006) පිටු. 23–25
  49. වුල්ෆ්‍රැම් ග්‍රැජෙට්ස්කි (2006) පිටු. 25–26
  50. 50.0 50.1 50.2 වොල්ෆ්‍රැම් ග්‍රැජෙට්ස්කි (2006) පිටු. 27–28
  51. අමනෙම්හාට් I
  52. වොල්ෆ්‍රැම් ග්‍රැජෙට්ස්කි (2006) පිටු. 28–35
  53. මර්නේන් (1977) පි. 2
  54. මර්නේන් (1977) පි. 7
  55. මර්නේන් (1977) පි. 9
  56. ජෝසෆ් වේග්නර්, ද නේචර් ඇන්ඩ් ක්රෝනොලොජි ඔෆ් ද සෙන්වොස්රෙට් III–අමනෙම්හට් III රෙග්නල් සක්සෙෂන්: සම් කන්සිඩරේෂන්ස් බේස්ඩ් ඔන් නිව් එවිඩන්ස් ෆ්‍රොම් ද මෝචරි ටෙම්පල් ඔෆ් සෙන්වොස්රෙට් III ඇට් ඇබයිඩොස්, JNES 55, වෙළු. 4, (1996), පිටු. 251
  57. වොල්ෆ්‍රම් ග්‍රැජෙට්ස්කි (2006) පිටු. 56–61
  58. "අමනෙම්හාට් IV මාඛෙරුරේ (1807/06-1798/97 BCE)". ඩිජිටල් ඊජිප්ට් ෆෝ යුනිවර්සිටීස්.
  59. ග්‍රැජෙට්ස්කි (2006) පිටු. 61-63
  60. 60.00 60.01 60.02 60.03 60.04 60.05 60.06 60.07 60.08 60.09 60.10 60.11 60.12 60.13 60.14 60.15 60.16 60.17 60.18 60.19 60.20 60.21 60.22 60.23 60.24 60.25 60.26 60.27 60.28 60.29 60.30 60.31 60.32 60.33 60.34 60.35 60.36 60.37 60.38 60.39 60.40 කේ. එස්. බී. රයිහොල්ට්; ද පොලිටිකල් සිචුවේෂන් ඉන් ඊජිප්ට් ඩියුරිං ද සකන්ඩ් ඉන්ටර්මීඩියේට් පීරියඩ්, c.1800-1550 BC, කාර්ස්ටන් න්‍යුබර් ආයතනයේ ප්‍රකාශන, වෙළු. 20. කෝපන්හේගන්: ටස්කියුලේනම් කෞතුකාගාර මුද්‍රණාලය, 1997
  61. 61.0 61.1 තෝමස් ෂ්නයිඩර්: Lexikon der Pharaonen, ඇල්බට්‍රොස්, ඩූසල්ඩෝර්ෆ් 2002, ISBN 3-491-96053-3
  62. තෝමස් ෂ්නයිඩර්: Lexikon der Pharaonen, ඇල්බට්‍රොස්, 2002
  63. 63.00 63.01 63.02 63.03 63.04 63.05 63.06 63.07 63.08 63.09 63.10 63.11 63.12 63.13 කේ. එස්. බී. රයිහොල්ට්: ද පොලිටිකල් සිචුවේෂන් ඉන් ඊජිප්ට් ඩියුරිං ද සකන්ඩ් ඉන්ටර්මීඩියේට් පීරියඩ්, c.1800-1550 BC, කාර්ස්ටන් නියේබර් ආයතිනක ප්‍රකාශන, වෙළු. 20. කෝපන්හේගන්: ටස්කියුලේනම් කෞතුකාගාර මුද්‍රණාලය, 1997
  64. 64.0 64.1 කිංස් ඔෆ් ද 2න්ඩ් ඉන්ටර්මීඩියේට් ඵීරියඩ්
  65. ඩෙට්ලෙෆ් ෆ්‍රෑන්ක්: Zur Chronologie des Mittleren Reiches. Teil II: Die sogenannte Zweite Zwischenzeit Altägyptens, තුළ: ඔරියන්ටලියා 57 (1988), පි. 259
  66. රයිහෝල්ට්, කේ. එස්. බී. (1997). ද පොලිටිකල් ස්චුවේෂන් ඉන් ඊජිප්ට් ඩියුරිං ද සකන්ඩ් ඉන්ටර්මීඩියේට් පීරියඩ්, C. 1800-1550 B.C.. ටස්කියුලේනම් කෞතුකාගාරය මුද්‍රණාලය. පි. 164. ISBN 8772894210. 
  67. "ජයන්ට් සාකොෆේගස් ලීඩ්ස් පෙන් මියුසියම් ටීම් ඉන් ඊජිප්ට් ටු ද ටූම්බ් ඔෆ් අ ප්‍රීවියස්ලි අන්නවුන් ෆේරෝ". පෙන් කෞතුකාගාරය. ජනවාරි 2014. Retrieved 16 ජනවාරි 2014.
  68. 68.0 68.1 මාර්සෙල් මාරී: අ ස්කල්ප්චර් වර්ක්ෂොප් ඇට් ඇබයිඩොස් ෆ්‍රොම් ද ලේට් සික්ස්ටීන්ත් ඕ අර්ලි සෙවන්ටීන්ත් ඩයිනාස්ටි, තුළ: මාර්සල් මාරී (සංස්කාරක): ද සකන්ඩ් ඉන්ටර්මීඩියේට් පීරියඩ් (තර්ටීන්ත්-සෙවන්ටීන්ත් ඩයිනාස්ටීස්), කරන්ට් රිසර්ච්, ෆියුචර් ප්‍රොස්පෙක්ට්ස්, ල්‍යුවන්, පැරිස්, වෝල්පෝල්, MA. 2010 ISBN 978-90-429-2228-0. පි. 247, 268
  69. 69.0 69.1 ජූර්ගන් වොන් බෙකරැත්: Untersuchungen zur politischen Geschichte der Zweiten Zwischenzeit in Ägypten, ග්ලූක්ස්ටැඩ්ට්, 1964
  70. 70.0 70.1 70.2 70.3 ජූර්ගන වොන් බෙකරැත්: Chronologie des pharaonischen Ägyptens, Münchner Ägyptologische Studien 46. Mainz am Rhein, 1997
  71. ජූර්ගන් වොන් බෙකරැත්: Handbuch der ägyptischen Königsnamen, Münchner ägyptologische Studien 49, මේන්ස් 1999.
  72. වුල්ෆ්ගැං හෙල්ක්, එබර්හාර්ඩ් ඔටෝ, Wolfhart Westendorf, Stele - Zypresse: වෙළුම 6 Lexikon der Ägyptologieහි, Otto Harrassowitz Verlag, 1986, පිටුව 1383
  73. ක්‍රිස්ටෝෆර් බ්‍රොන්ක් රැම්සේ ඇතුළු පිරිස, රේඩියෝකාබන්-බේස්ඩ් ක්රෝනොලොජි ෆෝ ඩයිනාස්ටික් ඊජිප්ට්, සයන්ස් 18 ජූනි 2010: වෙළු. 328. අං. 5985, පිටු. 1554-1557.
  74. "රැම්සෙස් I මෙන්පෙහ්ටිරේ". ඩිජිටල් ඊජිප්ට්. ලන්ඩන් යුනිවර්සිටි කොලීජිය. 2001. Retrieved 2007-09-29.
  75. "කිං මෙරෙන්ප්ටාහ්". ඩිජිටල් ඊජිප්ට්. ලන්ඩන් යුනිවර්සිටි කොලීජිය. 2001. Retrieved 2007-09-29.
  76. "සෙටි II". ඩිජිටල් ඊජිප්ට්. ලන්ඩන් යුනිවර්සිටි කොලීජිය. 2001. Retrieved 2007-10-27.
  77. "සිප්ටාහ් සෙඛාඑන්රේ/අඛෙන්රේ". ඩිජිටල් ඊජිප්ට්. ලන්ඩන් යුනිවර්සිටි කොලීජිය. 2001. Retrieved 2007-10-27.
  78. ග්‍රිමල් (1992); පි. 291
  79. "රැම්සෙස් XI සෙන්මාට්රේ-සෙට්පෙන්ප්ටාහ්". Retrieved 2007-10-28.
  80. කර්නි; පි. 645
  81. ආර්. ක්‍රවුස් සහ ඩී. ඒ. වෝබර්ටන්, "ක්රෝනොලොජිකල් ටේබල් ෆෝ ද ඩයිනාස්ටික් පීරියඩ්"; එරික් හෝර්නන්ග්, රෝල්ෆ් ක්‍රවුස් සහ ඩේවිඩ් වෝබර්ටන් (සංස්කාරකවරුන්), ඒන්ෂන්ට් ඊජිප්ටියන් ක්රෝනොලොජි (හෑන්ඩ්බුක් ඔෆ් ඔරියන්ටල් ස්ටඩීස්) තුළ, බ්‍රිල්, 2006. පි. 494
  82. ඩර්න'එල් කාහ්න්, "ද ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සාර්ගොන් II ඇට් ටෑං-ඉ වාර් ඇන්ඩ් ද ක්‍රෝනොලොජි ඍෆ් ඩයිනාස්ටි 25," ඔරියන්ටලියා 70 (2001), පිටු. 1-18
  83. "ලේට් පීරියඩ් කිංස්". Retrieved 2007-10-27.
  84. 84.0 84.1 මොහු ඇකිමේනීයවරුන්ට කිසිදු සම්බන්ධයක් ඇති අයකු නොවූව ද, කාලානුක්‍රම හේතූන් මත මෙම රාජවංශයට ඇතුළත් කොට ඇත.
  85. "නැඛ්ට්හොර්මෙබිට්". ඩිජිටල් ඊජිප්ට් ෆෝ යුනිවර්සිටීස්. Retrieved මාර්තු 1, 2011.