ඊජිප්තුවේ IIIවන බෙරෙනිස්
බෙරෙනිස් III (ග්‍රීක: Βερενίκη; ක්‍රි.පූ. 120–80) හෙවත් ක්ලියෝපැට්රා බෙරෙනිස් යනුවෙන් හඳුන්වන්නේ ක්‍රි.පූ. 81 සිට 80 දක්වා ඊජිප්තුව පාලනය කළ රැජිනකි. ඇතැම්විට ඇය විසින් ක්‍රි.පූ. 101 සිට 88 දක්වා ඇගේ සැමියා/මාමණ්ඩිය වූ ටොලමි X ඇලෙක්සැන්ඩර් I සමග හවුල් පාලනයක් ද ගෙනයන්නට ඇත.[1]
බෙරෙනිස් III | |
---|---|
![]() | |
ඊජිප්තුවේ ටොලමියානු රැජින | |
රාජ්‍ය සමය | මාමණ්ඩිය සහ සුළු-පියා වූ ටොලමි X ඇලෙක්සැන්ඩර් I සමග (පළමු රාජ්‍ය සමය) අර්ධ-සොයුරා සහ මස්සිනා වූ ටොලමි XI ඇලෙක්සැන්ඩර් II සමග |
උපත | ක්‍රි.පූ. 115 අගභාගය හෝ මුල්කාලීන ක්‍රි.පූ. 114 |
මරණය | ක්‍රි.පූ. 80 ඊජිප්තුව |
වල්ලභයා | ටොලමි X (මාමණ්ඩිය සහ සුළු-පියා) ටොලමි XI ඇලෙක්සැන්ඩර් II (මස්සිනා සහ අර්ධ-සොයුරා) |
දරුවන් | ඊජිප්තුවේ Vවන ක්ලියෝපැට්රා |
රාජවංශය | ටොලමයික |
පියා | ටොලමි IX ලැතිරොස් |
මව | ක්ලියෝපැට්රා සෙලීන් I |
ක්‍රි.පූ. 120දී උපන් ඇය ටොලමි IX ලැතිරොස් සහ ක්ලියෝපැට්රා සෙලීන් I ගේ දියණිය වූවා ය. ටොලමි X ඇලෙක්සැන්ඩර් I විසින් ලැතිරොස්ගෙන් සිහසුන පැහැරගෙන සිය මෑණියන් (බෙරෙනිස්ගේ මිත්තණිය) වූ IIIවන ක්ලියෝපැට්රාව ඝාතනය කිරීමෙන් පසු ක්‍රි.පූ. 101දී ඇයට Xවන ටොලමි සමග විවාහ වීමට සිදු විය. ලැතිරොස් නැවත සිහසුනට පත්වූ පසු බෙරෙනිස්ට ඇගේ පාලනය අහිමි විය. නමුත් ක්‍රි.පූ. 81 අවසාන කාලයේ ලැතිරොස් මියයාමත් සමග, බෙරෙනිස් සිහසුනට පත්ව මාස හයක් රාජ්‍ය පාලනය මෙහෙයවූවා ය. මෙකල ඇය ජනතාවගේ ආදරයට පාත්‍රවූවා ය.[1]
ක්‍රි.පූ. 80දී ඇයට ටොලමි XI ඇලෙක්සැන්ඩර් II සමග විවාහ වීමට බලකෙරිණි. ඉන් දින 19කට පසු ඔහු ඇයව මරාදැමී ය. මෙය ජනතාවගේ වෛරයට හේතුවූ අතර, ඔහුට එරෙහිව කැරලි ගැසූ ජනතාව දින කිහිපයකට පසු ඔහුව මරාදැමූහ.[2]
හැන්ඩල්ගේ ඔපෙරාවක් වන බෙරෙනිස් සඳහා තේමාව වී ඇත්තේ ද බෙරෙනිස්ගේ චරිතයයි.
මූලාශ්‍රසංස්කරණය
- ↑ 1.0 1.1 බෙරෙනිස් III Archived July 16, 2011[Date mismatch], at the Wayback Machine. ක්‍රිස් බෙනට් විසිනි
- ↑ ටොලමි XI Archived July 16, 2011[Date mismatch], at the Wayback Machine. ක්‍රිස් බෙනට් විසිනි
ඊජිප්තුවේ IIIවන බෙරෙනිස් උපත: ක්‍රි.පූ. 115 – 114 පමණ මරණය: ක්‍රි.පූ. 80
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ටොලමි X සහ ක්ලියෝපැට්රා III |
ඊජිප්තුවේ රැජින ක්‍රි.පූ. 101-88 ටොලමි X සමග |
අනුප්‍රාප්තික ටොලමි IX |
පූර්වප්‍රාප්තිකයා ටොලමි IX |
ඊජිප්තුවේ රැජින ක්‍රි.පූ. 81-80 ටොලමි XI සමග |
අනුප්‍රාප්තික ටොලමි XI |