ද්වාරය:පුරාතන ඊජිප්තුව


පුරාතන ජිප්තුව ද්වාරය

පුරාතන ඊජිප්තුව පිළිබඳ ගොනු කළ අන්තර්ගතය

ටූටන්ඛාමූන්ගේ රත්රන් අවමංගල වෙස්මුහුණ, මෙය පුරාතන ඊජිප්තුව සඳහා බොහෝවිට සංකේතයක් ලෙස යොදාගැනේ.

පුරාතන ඊජිප්තුව යනුවෙන් හැඳින්වුණේ නැගෙනහිර උතුරු අප්‍රිකාවේ පිහිටා තිබූ පුරාතන ශිෂ්ටාචාරයකි. නයිල් ගංගාවේ පහළ ප්‍රදේශ ආශ්‍රිතව සංකේන්ද්‍රගතව පැවති මෙම ශිෂ්ටාචාරය වර්තමානයේ ඊජිප්තුව නම් රටට අයත් ය. ශිෂ්ටාචාරය ඒකාබද්ධ වූයේ ක්‍රි.පූ. 3150 අවට කාලයේ පළමු පාරාවෝවරයා විසින් ඉහළ සහ පහළ ඊජිප්තුව දේශපාලනික වශයෙන් එක්සත් කිරීමත් සමගයි. මෙය ඉදිරි සහස්‍රක දෙකක කාලය තුළ මැනවින් වර්ධනය විය. පුරාතන ඊජිප්තුව එහි උච්චස්ථානය කරා ළඟා වූයේ නව රාජධානි සමයේ වන අතර, ඉන් අනතුරුව ඊජිප්තුව පරිහානි සමයයක් කරා ළඟා විය. පසුකාලීනව ඊජිප්තුව විදේශ ආක්‍රමණිකයන් ශ්‍රේණියක් විසින් ආක්‍රමණය කරන ලදී. පාරාවෝ පාලනය නිල වශයෙන් අවසන් වූයේ ක්‍රි.ව. 31දී මුල්කාලීන රෝම අධිරාජ්‍යය විසින් ඊජිප්තුව යටත් කරගෙන එය පළාතක් බවට පත් කරගැනීමෙන් පසුවයි.

සැමදෙනාමට නැරඹීමට සර්වකාලීන උරුමයක් ඊජිප්තුව දායාද කොට ඇත. එහි කලා නිර්මාණ සහ ගෘහනිර්මාණ පුළුල් ලෙස අනුකරණයට ලක් විය. එහි පුරාවස්තු බොහෝමයක් ලොව ඈත පෙදෙස් කරා ගෙනයනු ලැබිණි. ඊජිප්තුවේ ස්මාරක නටබුන් සියවස් ගණනාවක් පුරා සංචාරකයන් සහ රචකයන්ගේ පරිකල්පනයන් පොළඹවාලී ය. මුල්කාලීන නූතන යුගයේ මෙහි පුරාවස්තු සහ කැනීම් සඳහා ඇතිවූ ප්‍රබෝධය ඊජිප්තු ශිෂ්ටාචාරය පිළිබඳ විද්‍යාත්මකව විමර්ශනයට සහ එහි සංස්කෘතික දායාදය මිහිමත පුළුල් ඇගයුමට ලක්වීමට හේතු විය.

තෝරාගත් ලිපිය

ඔබ දන්නවා ද?...

තෝරාගත් රුව

අනුග්‍රහය: ජෙෆ් ඩාල්

අතීතයේ, පුරාතන ඊජිප්තුව ප්‍රධාන භූමි දෙකකට බෙදා තිබිණි: එනම් ඉහළ ඊජිප්තුව සහ පහළ ඊජිප්තුව වේ. දකුණට වන්නට කුෂ් දේශයෙන් ද, නැගෙනහිරින් ලෙවැන්තයෙන් ද එය සීමා විය. රළු කාන්තාරවලින් වටවූ නයිල් නදිය මෙම පුරාතන ශිෂ්ටාචාරයේ ජීවනාලිය විය.

තෝරාගත් චරිතාපදානය

මුල්කාලීන අමර්ණ ශෛලියෙන් යුත් අක්නාටන්ගේ ප්‍රතිමාවක්
මුල්කාලීන අමර්ණ ශෛලියෙන් යුත් අක්නාටන්ගේ ප්‍රතිමාවක්

අක්නාටන් යනුවෙන් හැඳින්වුණේ වසර 17ක් රාජ්‍ය පාලනය ගෙනගිය ඊජිප්තුවේ දහඅටවන රාජවංශයේ පාරාවෝවරයකු වන අතර, ඔහු මියගියේ ක්‍රි.පූ. 1336 හෝ ක්‍රි.පූ. 1334දී ය. ඔහු වඩාත්ම වැදගත් වන්නේ සම්ප්‍රදායික ඊජිප්තු බහුදේවවාදය අත්හැර ආටන් දෙවියන් කේන්ද්‍ර කරගත් නව ආගමික සම්ප්‍රදායයක් හඳුන්වා දීම නිසායි. මෙය ඇතැම්විට ඒකදේවවාදයක් හෝ සමේශ්වරවාදයක් ලෙස හඳුන්වනු ලැබේ. මුල්කාලීන ශිලා ලේඛනයක ඔහුව තරු හා සැසඳීමේ දී සූර්යයා ලෙස දක්වා ඇත. නමුත් පසුකාලීන නිල භාෂාව තුළ ආටන් දෙවියකු ලෙස හඳුන්වා නොමැති අතර, මෙම සූර්ය දෙවියන්හට සාමාන්‍ය දෙවිවරුන්ට ඉහළ තත්ත්වයක් ආරෝපණය කොට ඇත.

සම්ප්‍රදායික ආගම අත්හැරීමට අක්නාටන් උත්සාහ දැරී ය. නමුත් අවසානයේ එය අනුමත වූයේ නැත. ඔහුගේ මරණින් පසු සම්ප්‍රදායික ආගමික වන්දනා ක්‍රම නැවත ස්ථාපනය කෙරිණි. වසර දොළහකට පමණ පසුව, දහඅටවන රාජවංශයේ පැහැදිළි අනුප්‍රාප්ති අයිතියක් නොමැති පසුකාලීන පාලකයින් නව රාජවංශයක් ස්ථාපනය කොට අක්නාටන්ව නිගරුවට ලක්කළහ. අක්නාටන් සහ ඔහුගේ අනුප්‍රාප්තිකයින් හෙළා දුටු ඔවුන් සිය ලේඛනවල අක්නාටන් හඳුන්වා ඇත්තේ 'සතුරා' යන නාමයෙනි.[1]

19 වන සියවසේ දී අක්නාටන් විසින් ආටන් වෙනුවෙන් ඉදිකළ නගරය වූ අක්ටාටන් හෙවත් අමර්ණ භූමිය යළි සොයාගන්නා තෙක්ම, අක්නාටන් පිළිබඳ තතු ඉතිහාසයෙන් සැඟව ගොස් තිබිණි. අමර්ණ නගරයේ ෆ්ලින්ඩර්ස් ප්‍රෙටී විසින් සිදුකළ මුල්කාලීන කැනීම් හේතුවෙන් මෙම පාරාවෝවරයා පිළිබඳවූ උනන්දුව වැඩි විය. මෙය තවදුරටත් තීව්‍ර වූයේ ලුක්සෝර්හි රජුන්ගේ නිම්නයෙන් ටූටන්ඛාමූන් රජුගේ සොහොන්ගැබ සොයාගැනීමත් සමගයි. 2010දී කයිරෝවේ ආචාර්ය සාහි හවාස් විසින් සිදුකළ DNA පරීක්ෂණ අනුව, ටූටන්ඛාමූන් අක්නාටන්ගේ පුත්‍රයකු විය හැකි බැව් සනාථ විය. අක්නාටන් සේම ඔහුගේ අගබිසව වූ නෙෆර්ටිටි ද පුරාවිද්‍යාඥයන්ගේ උනන්දුවට ලක්වූ චරිත වේ. ඔවුන් පිළිබඳ නූතන අවධානය යොමුව ඇත්තේ ටූටන්ඛාමූන් සමග ඔහුගේ සම්බන්ධය, ඔහු අනුග්‍රහ දැක්වූ කලා නිර්මාණවල වූ අනන්‍ය කලා ලක්ෂණ හා උස්ස ගුණාත්මකභාවය මෙන්ම ඔහු ස්ථාපනයට උත්සාහ දැරූ ආගම නිසාවෙනි.

තවදුරටත් කියවන්න...

ආශ්‍රේයයන්

  1. Trigger et al. (2001), pp.186-7

පුවත්

ප්‍රවර්ග

සියලු උපප්‍රවර්ග නැරඹීමට පහළ "+" මත ඔබන්න:

විකිව්‍යාපෘති

ප්‍රධාන මාතෘකා

පුරාතන ඊජිප්තුව

වැදගත් පාරාවෝවරු

පුරාතන ඊජිප්තු ආගම

අඩවි

කළ හැකි දෑ

අදාළ ද්වාර

විකිමීඩියා

විකිපුවත් තුළ පුරාතන ඊජිප්තුව ප්‍රවර්ගය   පුරාතන ඊජිප්තුව උද්ධෘත   විකිප්‍රභව තුළ පුරාතන ඊජිප්තුව ද්වාරය   විකිපොත් තුළ පුරාතන ඊජිප්තුව   විකිකොමන්ස් තුළ පුරාතන ඊජිප්තුව ප්‍රවර්ගය   වික්ෂනරිය තුළ පුරාතන ඊජිප්තුව ප්‍රවර්ගය   විකිසරසවිය ඉතිහාස ශාස්ත්‍රාලය
පුවත් උද්ධෘත ප්‍රකාශන මාර්ගෝපදේශ පින්තූර අරුත් ඉගෙනුම්
 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·