නැකාඩා III
නැකාඩා III යනුවෙන් හඳුන්වන්නේ පුරාතන ඊජිප්තු ප්‍රාග් ඉතිහාසයේ නැකාඩා සංස්කෘතියේ අවසන් අවධියයි. මෙය දළ වශයෙන් ක්‍රි.පූ. 3200 සිට 3000 දක්වා කාලයේ පැතිර පවතින්නට ඇතැයි අනුමාන කෙරේ.[1] මෙම යුගයේ නැකාඩා II යුගයේ ආරම්භ වූ රාජ්‍ය සංවිධානය, පැහැදිළිව දෘශ්‍යමාන වන්නට විය. එසේම බලවත් ආණ්ඩුක්‍රමයක් පිහිටුවූ රජුන්ගේ නම් ද මෙම යුගයේ හමු වේ. නැකාඩා III යුගය බොහෝ අවස්ථාවන්හි රාජවංශය 0 හෙවත් ප්‍රාක්රාජවංශික යුගය[1] ලෙස හඳුන්වන අතර, මේ යුගයේ බලවත් රාජ්‍යවල රජවරුන් සිටිය ද, එම රජවරුන් රාජවංශයක කොටසක් යැයි නොසැලකේ. ඔවුන් එකිනෙකා අතර දැඩි තරගයක නියුතු වූවෝ වෙති. මෙම යුගයේ රජුන්ගේ නම් සෙරෙඛ් ස්වරූපයෙන් විවිධ මැටි බඳුන් සහ සොහොන්ගැබ්වල කැටයම් කොට තිබේ.
දින | ක්‍රි.පූ. 3,200 පමණ — ක්‍රි.පූ. 3,150 පමණ |
---|---|
Major sites | නැකාඩා |
පූර්වගමනය වූයේ | ගෙර්සෙහ් සංස්කෘතිය |
පසුගමනය වූයේ | මුල්කාලීන රාජවංශික යුගය (ඊජිප්තුව) |
පුරාතන ඊජිප්තුවේ ප්‍රාක්රාජවංශික යුගයේ සුවිශේෂි ලක්ෂණයක් ලෙස දේශපාලන ඒකාබද්ධතාවක් ඇති කිරීම සහ අවසාන වශයෙන් තනි රාජ්‍යයක් ගොඩනගා මුල්කාලීන රාජවංශික යුගයක් බිහි වීම දක්නට ලැබේ. මීට අමතරව, ඊජිප්තු භාෂාව පළමුවරට රූපාක්ෂරවලින් වාර්තා කිරීම සිදුවූයේ ද මෙම යුගයේ දී ය. ප්‍රාක්රාජවංශික යුගයේ දකුණු කනාන් ප්‍රදේශයේ ඊජිප්තු ජනාවාස පැවිත බවට ප්‍රබල පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුව තිබේ. මේවා ජනපද නැතහොත් වෙළඳ බිම් වශයෙන් හඳුන්වනු ලැබේ.
මෙම යුගයේ හෝ ඇතැම්විට මීට පෙර යුගයක රාජ්‍යය සංවිධානය වීම ආරම්භ වූයේ යැයි සැලකේ. නයිල් අවට කුඩා නගර-රාජ්‍ය ගණනාවක් බිහි විය. ආක්‍රමණ සියවස් ගණනාවක් නිසා ඉහළ ඊජිප්තුව ප්‍රධාන රාජ්‍ය තුනකට සීමා විය. එනම්: තිනිස්, නැකාඩා, සහ නෙඛෙන් ය. තිනිස් සහ නෙඛෙන් රාජ්‍ය අතරට මැදි වූ නැකාඩාව පළමුව බිඳවැටිණි. අනතුරුව තිනිස් රාජ්‍යය පහළ ඊජිප්තුව ආක්‍රමණය කළේ ය. නෙඛෙන් සහ තිනිස් අතර සම්බන්ධතාව නිශ්චිත නැත. නමුත් මෙම රාජ්‍ය සාමකාමීව ඉස්මතු වූ බව පෙනේ. තිනීය රාජකීය පවුල මුළු ඊජිප්තුවම පාලනය කළේ ය. තිනීය රජවරුන් ඇබයිඩොස්හි උම් එල්-කාබ් සුසානයෙහි භූමදානය කෙරිණි.
බොහෝ ඊජිප්තුවේදීන් විශ්වාස කරන්නේ මෙම යුගයේ අවස්න රජු මෙන්ම පළමු රාජවංශයේ ආරම්භක රජු ද නාමර් බවයි. ඔහුට පෙර ඉහළ ඊජිප්තුවේ ඇතැම් පෙදෙස්වල ක්‍රොකඩයිල්, අයිරි-හොර්, කා සහ ඇතැම්විට ඊනියා "ද්කෝර්පියන් රජු(න්)" රාජ්‍ය කොට තිබේ. මෙම ස්කෝර්පියන් යන වදන වෙනත් දෙවිවරුන් සහ පාලකයන්ගේ ආරක්ෂකයකු යැයි සැලකුණු සර්කෙට් දෙවඟනගේ නාමයෙන් පැනනැගුණක් විය හැක.[2]
නැකාඩා III සංස්කෘතිය මුළු ඊජිප්තුව පුරාම ව්‍යාප්ත වූ අතර, පහත අංගවල ආරම්භකයා ලෙස එය සැලකේ:
මූලාශ්‍ර
සංස්කරණය- ^ a b ෂෝව් 2000, පිටු අංකය: 479.
- ^ ෂෝව් 2000, පිටු අංකය: 71.
- ^ මෙසා, ඒ. අයි. (2007) “නියෝලිතික් බෝට්ස්: ඒන්ෂන්ට් ඊජිප්ට් ඇන්ඩ් ද මෝල්ටීස් අයිලන්ඩ්ස්. අ මිනෝවාන් කනෙක්ෂන්” ජේ-සී. ගෝයොන්, සී. කාර්ඩින් (සංස්.) Actes Du Neuvième Congrès International Des Égyptologues, පි. 1287.
- ^ රොබින්සන්, ඩී. (2012). "රීවිව් ඔෆ්: ඇන්ඩර්සන්, ඒ., ඇතුළු පිරිස. (2010), ද ග්ලෝබල් ඔරිජින්ස් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට් ඔෆ් සීෆෙයාරිං". ඉන්ටර්නැෂනල් ජර්නල් ඔෆ් නොටිකල් ආකියොලොජි. 41 (1): 206–208. doi:10.1111/j.1095-9270.2011.00333_2.x.
වැඩිදුර කියවීමට
සංස්කරණය- ඇන්ඩිල්කොවික්, බ්‍රැනිස්ලව් (2002). "Southern Canaan as an Egyptian Protodynastic Colony". Cahiers Caribéens d’Égyptologie. 3/4 (Dix ans de hiéroglyphes au campus): 75–92.
- බාඩ්, කැතරින් ඒ. (2000). "The Emergence of the Egyptian State". In ෂෝව්, ඉයන් (ed.). The Oxford History of Ancient Egypt. ඔක්ස්ෆර්ඩ් සහ නිව් යෝක්: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. pp. 61–88. ISBN 0-19-815034-2.
- මිඩන්ට්-රේයින්ස්, බියට්‍රික්ස් (2000). The Prehistory of Egypt: From the First Egyptians to the First Pharaohs. ඔක්ස්ෆර්ඩ් සහ මැල්ඩන්: බ්ලැක්වෙල්. ISBN 0-631-20169-6.
- ෂෝව්, ඉයන්, ed. (2000). The Oxford History of Ancient Egypt. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. ISBN 0-19-815034-2.
{{cite book}}
: Invalid|ref=harv
(help) - විල්කින්සන්, ටෝබි ඇලෙක්සැන්ඩර් හොවාඩ් (2001). Early Dynastic Egypt (2වන ed.). ලන්ඩන්: රූට්ලෙජ්. ISBN 0-415-18633-1.
{{cite book}}
: Invalid|ref=harv
(help) - රයිට්, මේරි (1985). "Contacts Between Egypt and Syro-Palestine During the Protodynastic Period". Biblical Archeologist: Perspectives on the Ancient World from Mesopotamia to the Mediterranean. 48 (4): 240–53.