ද්වාරය:සෞරග්‍රහ මණ්ඩලය
![]() | Portal maintenance status: (2023 ඔක්තෝබර්)
|
හැඳින්වීම

සෞරග්‍රහ මණ්ඩලය යනු, හිරු සහ එයට ගුරුත්වය මගින් බැඳුණු අනෙකුත් අභ්‍යවකාශ වස්තූන් (celestial objects) පද්ධතියයි: ප්‍රධාන ග්‍රහයන් අට (8) සහ ඒවායේ දැනට හඳුනාගෙන ඇති චන්ද්‍රයන් 205, ප්‍රධාන වාමන ග්‍රහයන් පහකින් (5) (ප්ලුටෝ, එරිස්, සෙරිස්, මාකේ මාකේ, හෝමියා) හා එම වාමන ග්‍රහයන්ගේ හඳුනාගෙන ඇති චන්ද්‍රයන් නව (8) දෙනා සහ බිලියනයක් පමණ වන කුඩා ග්‍රහවස්තූන් එයට අයත් වේ. මෙහි අවසානයට සඳහන් ප්‍රවර්ග ග්රාහක, කූපර් පටියේ ඇති වස්තූන්, වල්ගාතරු, උල්කා (meteoroids) සහ අන්තර් ග්‍රහලෝක, දුහුවිලි වලින් සමන්විත වේ.
තෝරාගත් ලිපි
-
Image 1
ෆෝබෝස් (පද්ධතිමය නම් කිරීම : Mars I) යනු අඟහරුගේ චන්ද්‍රයන් දෙදෙනාගෙන් විශාලතම සහ සමීපතම චන්ද්‍රයා වේ. (අනිත් චන්ද්‍රයා වනුයේ ඩෙයිමොස්ය - Deimos) එය නම් කරන ලද්දේ ග්‍රීක දෙවියකු වන සහ එරස් (Ares) දෙවියාගේ පුතෙකු වන ෆෝබෝස් (භීතිය යන අරුත) නමිනි. කුඩා නොහැඩ වස්තුවක්වන ෆෝබෝස් අඟහරු ග්‍රහයාගේ මධ්‍යය සිට 9377km(5823mi) ඉහළින් කක්ෂගත වී ඇති අතර අනෙකුත් කිසිම ග්‍රහලොවක චන්ද්‍රයා මෙතරම් මව් ග්‍රහලොවට සමීපව පිහිටා නැත.ගොනුව:Fobos.JPG (තව දුරටත්...) -
Image 2
ගැලීලියෝ යානය වෙතින් ලබා ගන්නා ලද වර්ණ ඡායාරූපයක්. ගැලීලියෝ යානය වෙතින් ලබාගත් ඡායාරූපයකි. මධ්‍යයේ සිට මඳක් වම් පසට වන්නට පෙනෙන අඳුරු පැල්ලම විදාරණය වන ප්‍රොමිතියස් ගිනි කන්දයි. ඒ වටා වන සුදට හුරු තැනිතලා භූමි ගිනිකඳු විදාරණයෙන් නිකුත් වූ සල්ෆර් ඩයොක්සයිඩ් තුහිනයෙන් වැසී ඇත. වඩා කහ පැහැ පෙදෙස් වැසී ඇත්තේ වැඩි සංයුතියකින් යුතු සල්ෆර් වලිනි.
අයෝ යනු බ්‍රහස්පතිගේ ගැලීලියානු චන්ද්‍රයින් අතුරින් ඇතුළතින් ම (එනම් ග්‍රහ ලෝකයට කිට්ටුවෙන්ම) පිහිටි චන්ද්‍රයා වන අතර එහි විෂ්කම්භය කිමී 3,642 වේ. එය සෞරග්‍රහ මණ්ඩලයේ චන්ද්‍රයින් අතුරින් හතරවන විශාලතම චන්ද්‍රයා ද වේ. එය හේරා දේවතාවියගේ පූජකවරිය මෙන්ම සියුස් මහ දෙවියාගේ ආදරවන්තියද වූ අයෝ වෙනුවෙන් අයෝ ලෙස නම් කරන ලදී.
සක්‍රීය ගිණි කඳු 400කට අධික ප්‍රමාණයක් සහිත අයෝ චන්ද්‍රයා භූ විද්‍යාත්මකව සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සක්‍රීයම වස්තුව වේ. මෙම අධික භූ ගෝලීය සක්‍රීයතාවයට හේතු වන්නේ බ්‍රහස්පති විසින් ඇති කරන වෙනස්වන ආකර්ෂණය නිසා අයෝ චන්ද්‍රයාගේ අභ්‍යන්තරයේ ඝර්ෂණය තුළින් හටගන්නා උදම් උෂ්ණත්වයයි. මෙහි ඇති ඇතැම් ගිණි කඳු මගින් පිට කරන සල්ෆර් හා සල්ෆර් ඩයොක්සයිඩ් දුම් රොටු කිලෝමීටර 500 (සැතපුම් 310) පමණ උසකට ඉහළ යයි. තවද අයෝ ග්‍රහයාගේ පෘෂ්ඨය කඳු 100කින් පමණ සමන්විත වේ. ඒවා අයෝහි පාදමේ වූ සිලිකේට කබොල්ලෙහි වූ අධික තෙරපුම පාදක කරගෙන ඉහළට සෑදුණු කඳු වේ. එහි ඇතැම් කඳු පෘථිවියේ එවරස්ට් කන්දටත් වඩා උස් වේ. බාහිර සෞරග්‍රහ මණ්ඩලයේ ඇති (ඝන අයිස් තට්ටු ඇති) අනෙක් බොහෝ උපග්රහයන් මෙන් නොව අයෝ චන්ද්‍රයා ද්‍රව යකඩ හෝ අයන් සල්ෆයිඩ් හරයක් වටා ඇති සිලිකේට් පාෂාණවලින් මූලිකව සමන්විත වේ. තවද, අයෝ ග්‍රහයාගේ පෘෂ්ඨයේ වැඩි ප්‍රමාණයක් සල්ෆර් හා සල්ෆර් ඩයොක්සයිඩ් තුහිනවලින් වැසී පවතී. (තව දුරටත්...) -
Image 3
Neptune (top) and Triton (bottom), three days after the Voyager 2 flyby in 1989
නෙප්චූන් ග්‍රහලොවට චන්ද්‍රයන් දාහතරක් (14) ඇත. (තව දුරටත්...) -
Image 4
-
Image 5සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතමයා ලෙස විරුදාවලි ලබන බ්‍රහස්පති ග්‍රහයා සූර්යයාගේ සිට පස්වැනියට පිහිටා ඇත. සෞරග්‍රහ මණ්ඩලයයේ අනෙකුත් ග්‍රහයින් සියල්ල එකතු කළ විට ලැබෙන ප්‍රමාණය මෙන් 2.5 ගුණයක් බ්‍රහස්පති ග්‍රහයා විශාලවේ. සෙනසුරු, යුරේනස්, සහ නෙප්චූන් මෙන්ම බ්‍රහස්පති ද සැලකෙන්නේ වායු යෝධයකු (gas giant) ලෙසටය.
බ්‍රහස්පති ග්‍රහයා අතීතයේ දී තාරකා විද්‍යාඥයින්ගේ අවධානයට යොමු වූවක් වන අතර බොහෝ සංස්කෘතිවල මිත්‍යා විශ්වාස වලට සහ ආගම් වලට එය සම්බන්ධ කොට ගෙන තිබේ. එයට ජුපිටර් යන නාමය ලැබී ඇත්තේ රෝම දෙවිවරයෙකු වන ජුපිටර් සිහිපත් වීමටය . පෘථිවියේ සිට බලන කල එහි දීප්තිමත් බව -2.8 ක් වන අතර චන්ද්‍රයා සහ සිකුරු ග්‍රහයා හැරුණු විට රෑ අහසේ තෙවැනියට දීප්තිමත්ම වස්තුව මෙය වේ. (තව දුරටත්...) -
Image 6යුරේනස් යනු සූර්යයාගේ සිට හත් වැන්නට පිහිටා ඇති ග්‍රහලොව වන අතර එය සෞරග්‍රහ මණ්ඩලයේ විශාලත්වයෙන් තෙවන ස්ථානය හා ස්කන්ධයෙන් හතරවන ස්ථානය ලබාගනී. එය නම් කරන ලද්දේ අහසට අධිපති දෙවියාගේ නමිනි. එනම් යුරේනස්ය. ඔහු ක්‍රෝනෝස් (සෙනසුරු) ගේ පියා වන අතර සියුස් (බ්‍රහස්පති) ගේ සීයා ද වේ. නූතන කාලය තුළ සොයාගත් මුල්ම ග්‍රහ වස්තුව ද මෙය වේ. මුලින්ම සොයාගත් ග්‍රහයින් පස්දෙනා මෙන්ම පියවි ඇසට දර්ශනයවුවත් පැරණි නිරීක්ෂකයන් එය ග්රහලොවක් ලෙස හඳුනා නොගත්තේ එහි තිබූ අඳුරු ගතිය නිසාවෙනි. නූතන ඉතිහාසයේ ප්‍රථම වරට සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳව දැන සිටි සීමා මායිම් පුළුල් කරමින් 1781 මාර්තු 13 වන දින සර් විලියම් හර්ෂෙල් විසින් යුරේනස් සොයාගැනීම ප්‍රසිද්ධියට පත් කරන ලද අතර එය දුරේක්ෂයක් යොදාගනිමින් සිදු කළ ප්‍රථම සොයාගැනීම ද විය.
යුරේනස් හා නෙප්චූන් යන ග්‍රහයින් දෙදෙනා අභ්‍යන්තරික හා වායුගෝලීය සංයුතීන් අනුව විශාල වායු යෝධයින් වන බ්‍රහස්පති හා සෙනසුරුගෙන් වෙනස් වේ. අභ්‍යාවකාශ විද්‍යාඥයින් ඇතැම් විට ඒවා අයිස් යෝධයන් ලෙස වෙනස් වූ වර්ගීකරණයට ඇතුළත් කරයි. යුරේනස්ගේ වායුගෝලය බ්‍රහස්පති හා සෙනසුරුට සමාන වන මුලිකවම හයිඩ්රජන් හා හීලියම්වලින් සමන්විත වන අතර ජලය , ඇමෝනියා හා මීතේන් වැනි අයිස් විශාල ප්‍රමාණ වලින්ද සාමාන්‍ය හයිඩ්‍රොකාබන ශේෂයන් ෙගන්ද සමන්විතවේ. තවද එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සිසිල්ම ග්‍රහලෝකය ද වේ. එහි අවම උෂ්ණත්වය 49K (-224oC) පමණ වේ. එයට ස්ථරවලින් යුත් සංකීර්ණ වලාකුළු අකෘතියක් පවතී. එහිදී ජලය එහි පහළින්ම ඇති වළාකුළු ස්ථරය සාදන බවත් මීතේන් එහි ඉහළින්ම ඇති වලාකුළු ස්ථරය සාදන බවට උපකල්පනය කර ඇත. (තව දුරටත්...) -
Image 7
බුධ, සිකුරු, පෘථිවිය, සහ අඟහරු, හා සෙරෙස් වාමන ග්‍රහලෝකය, යන්නාවූ අන්තහ් ග්‍රහලෝක, ඒවායේ ප්‍රමාණයන් පරිමාණයට අනුව දක්වමින්.
භෞමික ග්‍රහලෝක, භූමිෂ්ඨ ග්‍රහලෝක, පෘථිවි-සදෘශ ග්‍රහලෝක හෝ පාෂාණී ග්‍රහලෝක යනු ප්‍රාථමික වශයෙන් සිලිකේට් පාෂාණයන්ගෙන් සමන්විත ග්‍රහලෝක වේ. සෞර ග්‍රහ මණ්ඩලය තුල, භූමිෂ්ඨ ග්රහලෝකයන් වන්නේ සූර්යයා ට කිට්ටුවෙන් පිහිටා ඇති අන්තහ් ග්‍රහලෝක වෙති. භූමිෂ්ඨ යන්නට වූ ටෙරෙස්ට්‍රියල් යන ඉංග්‍රීසි වදනද පෘථිවි-සදෘශ යන්නට වූ ටෙලියුරික් යන ඉංග්‍රීසි වදනද බිඳී ඇත්තේ පෘථිවිය සඳහා වූ ලතින් වචන (ටෙරා සහ ටෙලියුස්) වලින් වන අතර, විකල්ප අර්ථදැකුමක් ලෙසින් මෙම ග්‍රහලෝක සියල්ල, යම් සංගණ්‍ය ආකාරයකට, "පෘථිවි-සදිසි" බවක් දැක්විය හැක. (තව දුරටත්...) -
Image 8
♄
සෙනසුරු යනු සූර්යයාගේ සිට ඇති හයවන ග්‍රහලොව වන අතර සෞරග්‍රහ මණ්ඩලයේ බ්‍රහස්පතිට පසුව එන දෙවන විශාලතම ග්‍රහලෝකයයි. මෙය බ්‍රහස්පති, යුරේනස්, නෙප්චූන් සමඟ වායු යෝධයන් ලෙස නම් කර ඇත. (බ්‍රහස්පති වෙනුවෙන් ජෝවියන් ග්‍රහ ලෝක ලෙස ද හඳුන්වයි) මෙය නම් කරන ලද්දේ රෝමාණු දෙවියකු වූ සැටර්නස් ගේ නමිනි. ඔහුව ග්‍රීක ක්‍රොනෝස්ට සමාන කරන ලද අතර බැබිලෝනියානු නිනුර්ටා ටද සමාන වේ. සැටර්න්ගේ ලකුණ දෙවියන්ගේ දෑකැත්ත ප්‍රදර්ශනය කරයි. මෙයට උප ග්‍රහයින් 274 ක් සිටියි. (තව දුරටත්...) -
Image 9යුරේනස් යනු සූර්යයාගේ සිට හත් වැන්නට පිහිටා ඇති ග්‍රහලොව වන අතර එය සෞරග්‍රහ මණ්ඩලයේ විශාලත්වයෙන් තෙවන ස්ථානය හා ස්කන්ධයෙන් හතරවන ස්ථානය ලබාගනී. එය නම් කරන ලද්දේ අහසට අධිපති දෙවියාගේ නමිනි. එනම් යුරේනස්ය. ඔහු ක්‍රෝනෝස් (සෙනසුරු) ගේ පියා වන අතර සියුස් (බ්‍රහස්පති) ගේ සීයා ද වේ. නූතන කාලය තුළ සොයාගත් මුල්ම ග්‍රහ වස්තුව ද මෙය වේ. මුලින්ම සොයාගත් ග්‍රහයින් පස්දෙනා මෙන්ම පියවි ඇසට දර්ශනයවුවත් පැරණි නිරීක්ෂකයන් එය ග්රහලොවක් ලෙස හඳුනා නොගත්තේ එහි තිබූ අඳුරු ගතිය නිසාවෙනි. නූතන ඉතිහාසයේ ප්‍රථම වරට සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳව දැන සිටි සීමා මායිම් පුළුල් කරමින් 1781 මාර්තු 13 වන දින සර් විලියම් හර්ෂෙල් විසින් යුරේනස් සොයාගැනීම ප්‍රසිද්ධියට පත් කරන ලද අතර එය දුරේක්ෂයක් යොදාගනිමින් සිදු කළ ප්‍රථම සොයාගැනීම ද විය.
යුරේනස් හා නෙප්චූන් යන ග්‍රහයින් දෙදෙනා අභ්‍යන්තරික හා වායුගෝලීය සංයුතීන් අනුව විශාල වායු යෝධයින් වන බ්‍රහස්පති හා සෙනසුරුගෙන් වෙනස් වේ. අභ්‍යාවකාශ විද්‍යාඥයින් ඇතැම් විට ඒවා අයිස් යෝධයන් ලෙස වෙනස් වූ වර්ගීකරණයට ඇතුළත් කරයි. යුරේනස්ගේ වායුගෝලය බ්‍රහස්පති හා සෙනසුරුට සමාන වන මුලිකවම හයිඩ්රජන් හා හීලියම්වලින් සමන්විත වන අතර ජලය , ඇමෝනියා හා මීතේන් වැනි අයිස් විශාල ප්‍රමාණ වලින්ද සාමාන්‍ය හයිඩ්‍රොකාබන ශේෂයන් ෙගන්ද සමන්විතවේ. තවද එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සිසිල්ම ග්‍රහලෝකය ද වේ. එහි අවම උෂ්ණත්වය 49K (-224oC) පමණ වේ. එයට ස්ථරවලින් යුත් සංකීර්ණ වලාකුළු අකෘතියක් පවතී. එහිදී ජලය එහි පහළින්ම ඇති වළාකුළු ස්ථරය සාදන බවත් මීතේන් එහි ඉහළින්ම ඇති වලාකුළු ස්ථරය සාදන බවට උපකල්පනය කර ඇත. (තව දුරටත්...) -
Image 10
රේඩියෝ දුරේක්ෂ
තාරකා විද්‍යාව හෙවත් තාරකාවේදය (ඉංග්‍රීසි: Astronomy / ඇස්ට්‍රොනොමි) (ග්‍රීක: αστρονομία = άστρον + νόμος, astronomia / ඇස්ට්‍රොනොමියා = astron + nomos, සරලව ගත් කල, "තාරකා නීතිය") යනු තාරකා, ග්‍රහලෝක, ධූමකේතු (comets), ඌෂාලෝකය (aurora), චක්‍රාවාට (galaxies) සහ අන්තරීක්ෂ පසුබිම් විකිරණය (cosmic background radiation) යනාදී පෘථිවි වායුගෝලයෙන් පරිභාහිර සංසිද්දීන් සහ අභ්‍යවකශ වස්තූන් (celestial objects) පිලිබඳ විද්‍යාවයි. මෙහි ප්‍රධාන කාර්යයන් වන්නේ විශ්වයේ සම්භවය සහ විකාශණය, විශ්ව වස්තූන්ගේ භෞතික සහ රසායනික ගුණයන්ගේ පරිනාමය සහ ඒවායේ චලනයන් යනාදිය ගැන හැදෑරීමයි. මෙහි එන විද්‍යාත්මක නිරීක්ෂණයන් වැදගත් වන්නේ තාරකා විද්‍යාවට පමණක් නොවේ, ඒවා සාමාන්‍ය සාපේක්ෂතා වාදය වැනි භෞතික විද්‍යාත්මක මතවාදයන් සනාථ කරගැනීමට අවශ්‍ය වැදගත් තොරතුරු ද සපයයි. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට සෞරග්‍රහ මණ්ඩලය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
උප මාතෘකා
| |||||||||||||||||
සෞරග්‍රහ මණ්ඩලය → Local Interstellar Cloud → Local Bubble → Gould Belt → Orion Arm → ක්ෂීර පථය → Milky Way subgroup → Local Group → Virgo Supercluster → Laniakea Supercluster → Observable universe → විශ්වය |
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස්
පුවත්

විකික්වෝට්
කියමන්

විකිසෝර්ක්
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්ෂනරි
අර්ථ දැක්වීම්

විකිඩේටා
දත්ත ගබඩාව
