ඩෙයිමෝස් හෝ ඩීමෝස් (ඉංග්‍රීසි:  Deimos), අඟහරු ග්‍රහයා ගේ උප ග්‍රහයෙකි.

Deimos-MRO.jpg
Deimos
Deimos-MRO.jpg
An enhanced-color image of Deimos (MRO, 21 February 2009).
Image: NASA/JPL-Caltech/University of Arizona
සොයාගැනීම
සොයාගත් තැනැත්තේAsaph Hall
සොයාගත් දිනය12 August 1877
නිලනාමයන්
ශබ්දනැගීම/ˈdməs/ or /ˈdməs/[1]
විකල්ප නම්Mars II
විශේෂණයDeimosian
කක්ෂීය ලක්ෂණ
කාලාරම්භය 2012-Sep-21
(JD 2456191.5)
පරිදුරාන්තිකය23,455.5 කි.මි.
විදුරාන්තිකය23,470.9 කි.මි.
අඩ-මහා අක්ෂය23,463.2 කි.මි.[2] (6.92 Mars radii)
උත්කේන්ද්‍රියතාවය0.00033[2]
කක්ෂීය කාලාවර්තය1.263 d[2]
(30.312 h)
සාමාන්‍යය කක්ෂීය වේගය1.3513 km/s[3]
ආනතිය0.93° (to Mars's equator)
1.791° (to the local Laplace plane)[2]
27.58° (to the ecliptic)
මෙහි චන්ද්‍රිකාවකිMars
භෞතික ගුණාංග
මාන15 × 12.2 × 11 km[4]
මධ්‍යන්‍යය අරය6.2 ± 0.18 km[5]
(0.97316 mEarths)
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය495.1548 km2
(0.970755 µEarths)
පරිමාව999.78 km3
(92.2979 nEarths)
ස්කන්ධය1.4762×1015 kg[3]
(0.247179 nEarths)
මධ්‍යන්‍යය ඝණත්වය1.471±0.166 g/cm3[5]
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය0.003 m/s2[3]
(306 µg)
මිදුම් ප්‍රවේගය5.556 m/s
(20 km/h)[3]
භ්‍රමණ කාලාවර්තයSynchronous[2]
ප්‍රභානුපාතය0.068 ± 0.007[5]
උෂ්ණත්වය≈ 233 K
දෘශ්‍ය විශාලත්වය12.89[6]

සුවිශේෂ ලක්ෂණසංස්කරණය

අඟහරු ග්‍රහයාගේ අනෙක් චන්ද්‍රයා වන ෆෝබෝස් මෙන්ම ඩෙයිමෝස් සතුවද C හෝ D ආකාර ග්‍රහක වල දක්නට ලැබෙන වර්ණාවලි, ඇල්බී‍ඩෝ සහ ඝනත්ව ඇත.

ඩෙයිමෝස්ගේ ප්‍රමාණයේ වෙනත් බොහෝ වස්තු මෙන්ම ඩෙයි‍‍මෝස් ද ගෝලාකාර නොවන අතර එහි පරිමාණයන් වන්නේ 15 x 12 x 10 km අඟහරුගේ සමක තලයේ දී වෘත්තයකාර කක්ෂයට ආසන්න කක්ෂයක් එය සතුව පවතී.

ඩෙයිමෝස් යනු බ්‍රහස්පති ග්‍රහයාගෙන් කක්ෂයට විසිවුනු ග්‍රහකයක් වන්නට ඇති බවත් අඟහරු ග්‍රහයා විසින් එය ග්‍රහණය කර ගන්නට ඇති බවටත් මතයක් පවතී. ඩෙයිමෝස්ගේ පෘෂ්ඨයේ සිට බලන කල අඟහරු ග්‍රහයා පෘථිවියේ සිට චන්ද්‍රයා‍ගේ දිස්වන දීප්තිය මෙන් හාරසිය ගුණයක් දීප්තිමත් වන අතර දහස් ගුණයක් විශාලව පෙනේ.

අඟහරුගේ සිට බලන කල ඩෙයි‍මෝස්ට 2.5 කට අඩු කෝණාකාර විෂ්කම්භයක් ඇති අතර එබැවින් එය තරුවක් ලෙස බො‍හෝ දුරට පියවි ඇසට දිස්වේ.ඩෙයිමෝස්ගේ දීප්තිමත්ම අවස්ථාවේ දී එය පෘථි‍වියේ සිට සිකුරු තරුව දිස්වන තරම් දීප්තියක් දිස්වුනු ඇත. දින 1.2648 ක් ගත වන ඩෙයිමෝස්ගේ අවධි කුඩා දුරදක්නයක් මගින් අගහරු නිරීක්ෂණය කරන්නෙකු ට දැකගත හැකිය.

ඉතා වේගයෙන් කක්ෂගත වන ෆෝබෝස් බටහිරෙන් නැග නැගෙනහිරෙන් බැස ගියත්. ඩෙයිමෝස් නැගෙනහිරෙන් නැග බටහිරෙන් බැසයයි. ඩෙයිමෝස්ගේ කක්ෂය අඟහරු ග්‍රහයාට සාපේක්ෂව ඉතා ආසන්න බැවින් සහ අඟහරුගේ සමකයට කුඩා ආනතියකින් පිහිටන බැවින් එය අඟහරැගේ 82.70 කට වැඩි අක්ෂාංශ වලදී දැක ගත නොහැකිය.

මූලාශ්‍රසංස්කරණය

  1. "Moons of Mars – the Center for Planetary Science".
  2. 2.0 2.1 2.2 2.3 2.4 "HORIZONS Web-Interface". NASA. 21 September 2013. Retrieved 4 December 2013.
  3. 3.0 3.1 3.2 3.3 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; NASA නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. "Deimos". Retrieved June 6, 2014.
  5. 5.0 5.1 5.2 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; JPLSSD නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. "Mars' Moons".
"https://si.wikipedia.org/w/index.php?title=ඩෙයිමෝස්&oldid=437310" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි