“වාමන ග්‍රහලෝකයක්” යනු ග්‍රහලෝක-ස්කන්ධීය වස්තුවක් වන අතර එය එහි අභ්‍යවකාශ කලාපයේ ආධිපත්‍යය නොපෙන්වයි (සත්‍ය හෝ සම්භාව්‍ය ග්‍රහලෝකයක් මෙන්) එය චන්‍ද්‍රයෙක් ද නොවන්නේ ය. එනම්, එය සූර්යයාගේ ඍජු කක්‍ෂයේ පිහිටා ඇති අතර එය ඝනමය වීමට තරම් විශාල ය. එහි ගුරුත්වාකර්ෂණය නිසා එය ජල ස්ථිතික සමතුලිත හැඩයක් (සාමාන්‍යයෙන් ගෝලාකාර) පවත්‍වා ගෙන යාමට සමත්වූ නමුත් එහි කක්‍ෂය වටා ඇති “අසල්වැසි ආකාශවස්තූන්” ඉවත් කරලීමට තරම් හැකියාවක් නැත. .[1] මූලාකෘති වාමන ග්‍රහලෝකය ලෙස ප්ලූටෝ දැක්‍විය හැකි ය.[2]
සෞරග්‍රහ මණ්ඩලයේ ඇති වාමන ග්‍රහලෝක ගණන නොදන්නා බැවින් විභව ග්‍රහ වස්තුවක් වාමන ග්‍රහලෝකයක්ද යන්න තීරණය කිරීම සඳහා සමීප නිරීක්‍ෂණයක් අවශ්‍ය වේ. එම ආකාශවස්තු අතර දුසිම් භාගයකම පමණ විශාල අපේක්‍ෂකයින්ට අවම වශයෙන් එක් සඳක්‍වත් ඇති අතර එමඟින් ඔවුන්ගේ ස්කන්‍ධය තීරණය කිරීමට ඉඩ ලබා දේ. ග්‍රහලෝක භූ විද්‍යාඥයින්ට වාමන ග්‍රහලෝක කෙරෙහි ඇති උනන්‍දුව නම්, මෙම වාමන ග්‍රහලෝක, අවකලනය හා සමහර විට භූ විද්‍යාත්මකව ක්‍රියාකාරී වස්තූන් වන බැවින් සහ ඒවා ග්‍රහලෝක සතු භූ විද්‍යාවත්මක අංග ප්‍රදර්ශනය කිරීමට ඉඩ ඇති නිසාවෙනි. උදාහරණ ලෙස 2015 නිව් හොරයිසන්ස් මෙහෙයුම මගින් ප්ලූටෝවල (New Horizons mission to Pluto)[3] සහ ඩෝන් මෙහෙයුම මඟින් සෙරස්(වාමන ග්‍රහලෝකය)වල (Dawn mission to Ceres.) [4] කරන ලද මෙහෙයුම් දැක්‍විය හැක.
වාමන ග්‍රහලෝකය[5] යන යෙදුම සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක, ස්කන්ධ, වස්තු ත්‍රිත්‍ව වර්ගීකරණය, කිරීමේ කොටසක් බව ග්‍රහලෝක විද්‍යාඥ “ඇලන් ස්ටර්න්”( Alan Stern) පවසන ලදි. ඔහු පවසන පරිදි සම්භාව්‍ය ග්‍රහලෝක (විශාල ග්‍රහ ලෝක අට), වාමන ග්‍රහලෝක සහ චන්ද්‍රිකා ග්‍රහලෝක එම වර්ගීකරණ ත්‍රිත්‍වයයි. වාමන ග්‍රහලෝක මුලින් නිර්වචනය කරන ලද්දේ නමට අනුව ය. කෙසේ වෙතත්, 2006 දී “වාමන ග්‍රහලෝක” යන යෙදුම ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය (IAU) විසින් උප-ග්‍රහලෝක වස්තු කාණ්ඩයක් ලෙස සම්මත කරන ලදී. වමන ග්‍රහලෝක සූර්යයා වටා කක්‍ෂගත වන ග්‍රහවස්තුවක් මෙන්ම ත්‍රිත්‍ව වර්ගීකරණය කිරීමේ කොටසක් බව [1] ද, ඉතා දුරින් පිහිටි “එරිස්” ග්‍රහවස්තුව සොයා ගැනීමෙන් වඩාත් සනාථ විය. නමුත් මෙහිදී එරිස් ට වඩා, ප්ලූටෝ විශාල වන නමුත් සම්භාව්‍ය ග්‍රහලෝකවලට වඩා ඉතා කුඩා වන අතර නෙප්චූන් වලට වඩා සූර්යයාගෙන් ඈත්‍වී ඇති අතර, ප්ලූටෝගේ ලක්‍ෂණවලට වඩා ප්‍රතිවිරුද්ධ වෙනත් ග්‍රහවස්තූන් ගණනාවක්ම සොයා ගැනීමෙන් පසුව ප්ලූටෝ යනු ග්‍රහලොවක් ද නැද්ද යන්න නැවත සලකා බැලීමට බල කෙරුණි.[6] මේ අනුව “ස්ටර්න්”(Stern) සහ තවත් බොහෝ ග්‍රහලෝක භූ විද්‍යාඥයින් වාමන ග්‍රහලෝක සම්භාව්‍ය ග්‍රහලෝක වලින් වෙන්කර හඳුනාගත් නමුත් 2006 සිට IAU සහ තාරකා විද්‍යාඥයින්ගෙන් බහුතරයක් එරිස් සහ ප්ලූටෝ වැනි ග්‍රහවස්තු ග්‍රහලෝක ලැයිස්තුවෙන් බැහැර කර ඇත. ග්‍රහලෝකයක් යනු කුමක්ද යන්න පිළිබඳ මෙම නැවත අර්ථ දැක්වීම (ග්‍රහලෝක නිර්වචනය) ප්‍රශංසාවට හා විවේචනයට ලක්‍ව ඇත. .[7][8][9][10][11][12]
The five IAU-recognized dwarf planets
 සෙරස් (1801)
|
 ප්ලූටෝ (1930)
|
 එරිස් (2005)
|
 මාකේමාකේ (2005)
|
හවුමේයා (2004)
|
The five dwarf planets recognized by the IAU:
|
වඩාත් ජනප්‍රිය වාමන ග්‍රහලෝකසංස්කරණය
|
Physical attributes
නාමය
|
සඳට සාපේක්‍ෂ විශ්කම්භය
|
විශ්කම්භය (km)
|
සඳට සාපේක්‍ෂ ස්කන්‍ධය
|
ස්කන්‍ධය (×1021 kg)
|
ඝනත්වය (g/cm3)
|
භ්‍රමණ කාලය (hours)
|
චන්‍ද්‍රයන්
|
albedo
|
H
|
---|
සෙරස්
|
27%
|
939.4±0.2
|
1.3%
|
0.94
|
2.16
|
9.1
|
0
|
0.09
|
3.3
|
---|
ඔර්කස්
|
26%
|
910+50 −40
|
0.9%
|
0.64±0.02
|
1.57±0.15
|
13±4
|
1
|
0.23+0.02 −0.01
|
2.2
|
---|
ප්ලූටෝ
|
68%
|
2377±3
|
17.7%
|
13.03±0.03
|
1.85
|
6d 9.3h
|
5
|
0.49 to 0.66
|
−0.76
|
---|
(ඛාරෝන්)
|
35%
|
1212±1
|
2.2%
|
1.59±0.02
|
1.70±0.02
|
6d 9.3h
|
–
|
0.2 to 0.5
|
1
|
---|
හවුමේයා
|
≈ 45%
|
≈ 1560[13] |
5.5%
|
4.01±0.04
|
≈ 2.02[13] |
3.9
|
2
|
≈ 0.66
|
0.2
|
---|
ක්වාවර්
|
32%
|
1110±5
|
1.9%
|
1.4±0.2
|
2.0±0.5
|
17.7
|
1
|
0.11±0.01
|
2.4
|
---|
මාකේමාකේ
|
41%
|
1430+38 −22
|
≈ 4.2%
|
≈ 3.1
|
≈ 1.7
|
22.8
|
1
|
0.81+0.03 −0.05
|
−0.3
|
---|
ගොංගොං
|
35%
|
1230±50
|
2.4%
|
1.75±0.07
|
1.74±0.16
|
22.4±0.2?
|
1
|
0.14±0.01
|
1.8
|
---|
එරිස්
|
67%
|
2326±12
|
22.6%
|
16.6±0.2
|
2.52±0.07
|
25.9±0.5
|
1
|
0.96±0.04
|
−1.1
|
---|
සෙඩ්නා
|
29%
|
995±80
|
≈ 1%?
|
≈ 1?
|
?
|
10±3
|
0?
|
0.32±0.06
|
1.5
|
---|
|