ග්‍රහලෝකයක් යනු තාරකාවක් හෝ තාරකා අවශේෂයක් වටා පරිභ්‍රමණය වන සහ තම ගුරුත්වාකර්ෂණය මඟින් ගෝලීය හැඩයක් ගත හැකි, භ්‍රමණය වීමට තරම් විශාලවන “තාප න්‍යෂ්ටික වියලනය” ඇති කිරීමට තරම් විශාල නොවූ අසල්වැසි ග්‍රහවස්තු සිය කලාපෙන් ඉවත් කරළීමට සමත් අභ්‍යවකාශ වස්තුවකි.[1][2]

Mercury Venus
Earth Mars
Jupiter Saturn
Uranus Neptune
සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9:
  • කුඩා පාෂානමය ග්‍රහලෝක:

බුධ, සිකුරු, පෘථිවිය, අඟහරු

  • විශාල ග්‍රහලෝක:

බ්‍රහස්පති, සෙනසුරු (වායු යෝධයින්)

යුරේනස්, නෙප්චූන් (අයිස් යෝධයින්)

සූර්‍යාගේ සිට අනුපිළිවෙලට නිවැරදි වර්ණයෙන් දක්වා ඇත. නියම පරිමාණයට නොවේ.

ග්‍රහලෝකය යන පදය ඉතිහාසය, ජ්‍යෝතිෂය, විද්‍යාව, මිථ්‍යා කථා සහ ආගම සමඟ බැඳී ඇත. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක පහක් පියවි ඇසට පෙනේ. මේවා බොහෝ මුල් සංස්කෘතීන් විසින් දිව්‍යමය හෝ දේවතාවන්ගේ දූතයන් ලෙස සලකනු ලැබීය. විද්‍යාත්මක දැනුම දියුණු වෙත්ම, ග්‍රහලෝක පිළිබඳ මානව සංජානනය වෙනස් වූ අතර, අසමාන වස්තූන් ගණනාවක් ඇතුළත් විය. 2006 දී ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය (the International Astronomical Union)(IAU) සෞරග්‍රහ මණ්ඩලය තුළ ග්‍රහලෝක නිර්වචනය කිරීමේ යෝජනාවක් නිල වශයෙන් සම්මත කළේය. මෙම අර්ථ දැක්වීම මතභේදාත්මක වන්නේ එය “ග්‍රහ ස්කන්ධය” බොහෝ වස්තූන් ඒවා කක්‍ෂගත වන්නේ කොතැනද යන්න මත පදනම්ව බැහැර කරන බැවිනි. 1950 ට පෙර සොයාගත් ග්‍රහ වස්තූන් අටක් වර්තමාන අර්ථ දැක්වීම යටතේ “ග්‍රහලෝක” ලෙස පැවතුනද, සෙරස් (Ceres), පල්ලස් (Pallas ), ජූනෝ (Juno) සහ වෙස්ටා (Vesta) (සූර්ය ග්‍රහක පටියේ ඇති සෑම වස්තුවක්ම) සහ ප්ලූටෝ කලක් විද්‍යාත්මක ප්‍රජාව විසින් ග්‍රහලෝක ලෙස සලකනු ලැබූ වස්තූන් ග්‍රහලෝකයේ වර්තමාන අර්ථ දැක්වීම යටතේ තවදුරටත් ග්‍රහලෝක ලෙස නොසලකයි.


ටොලමි විසින් සිතුවේ ග්‍රහලෝක, පෘථිවිය වටා කක්‍ෂගත වී ඇතිබව හා ඒවාට භ්‍රමණකක්‍ෂ චලිතයන් ඇති බවය. “ග්‍රහලෝක සූර්යයා වටා කක්‍ෂගත වේ”ය යන අදහස බොහෝ වාර ගණනක් යෝජනා කර තිබුණද, 17 වන සියවසේදී ගැලීලියෝ ගැලීලි විසින් සිදු කරන ලද පළමු දුරේක්‍ෂ තාරකා විද්‍යාත්මක නිරීක්‍ෂණවල සාක්‍ෂි මගින් මෙම මතය සනාථ විය. ඒ සමගම, ටයිකෝ බ්‍රාහ් විසින් එකතු කරන ලද පූර්ව දුරේක්‍ෂ නිරීක්‍ෂණ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු ජොහැන්නස් කෙප්ලර් ග්‍රහලෝකවල කක්‍ෂයන් වෘත්තාකාර ස්වභාවයට වඩා ඉලිප්සාකාර ස්වභාවයෙන් යුක්ත බව සොයා ගත්තේය. නිරීක්‍ෂණ මෙවලම් වැඩිදියුණු වන විට තාරකා විද්‍යාඥයින් දුටුවේ පෘථිවිය මෙන් සෑම ග්‍රහලෝකයක්ම එහි කක්‍ෂීය ධ්‍රැවයට සාපේක්‍ෂව නැඹුරු අක්‍ෂයක් වටා භ්‍රමණය වන බවත් සමහරු අයිස් තට්ටු හා ඍතු වැනි ලක්‍ෂණ ද බෙදා ගත් බවත්ය.


අභ්‍යවකාශ යුගයේ ආරම්භයේ සිටම, අභ්‍යවකාශ ගවේෂණ මඟින් සමීපව නිරීක්‍ෂණය කිරීමෙන් පෘථිවිය සහ අනෙකුත් ග්‍රහලෝක මත ද ගිනිකඳු, සුළි කුණාටු, භූකම්පන සහ සමහර ග්‍රහලෝක මත ද්‍රව ජලය ද ඇති බව සොයාගෙන ඇත. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ප්‍රධාන වර්‍ග දෙකකට බෙදා ඇත. එනම් විශාල හීන ඝනත්‍වයකින් යුත් “යෝධ ග්‍රහලෝක” සහ “කුඩා පාෂාණමය භූමි” යි. අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අටක් ඇත. [3] ඒවායින් බුධ, සිකුරු, පෘථිවිය සහ අඟහරු යන ග්‍රහලෝක හතර පාෂාණමය භූමි වන අතර පසුව ඇති බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක හතර යෝධ ග්‍රහලෝක ලෙස ගැනේ. ග්‍රහලෝක හයක් ස්වාභාවික චන්ද්‍රයින් එකක් හෝ කිහිපයක් කක්‍ෂගත කරගෙන ඇත.


ක්‍ෂීරපථයේ වෙනත් තාරකා වටා ඇති ග්‍රහලෝක දහස් ගණනක් (“බාහිර සූර්ය ග්‍රහලෝක” හෝ “එක්ස්ප්ලෝනෙට්ස්”) සොයාගෙන ඇත. 2021 ජනවාරි 20 වන විට, ග්‍රහලෝක පද්ධති 3,212 ක දන්නා බාහිර සූර්ය ග්‍රහලෝක 4,331ක්, චන්ද්‍රයාගේ ප්‍රමාණයට වඩා ඉහළින් සිට බ්‍රහස්පති මෙන් දෙගුණයක් පමණ විශාල වන වායු යෝධයන් දක්වා සොයාගෙන ඇත.[4] ග්‍රහලෝක 100 කට වඩා වැඩි ප්‍රමාණයක් පෘථිවියට සමාන වන අතර ඉන් නවයක්ම තාරකාවට සූර්යයාගේ සිට පෘථිවියට සාපේක්‍ෂ දුරින් පිහිටා ඇත [5][6]. 2011 දෙසැම්බර් 20 වන දින කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්‍ෂ කණ්ඩායම විසින් පෘථිවි ප්‍රමාණයේ පළමු බාහිර ග්‍රහලෝක වන කෙප්ලර්-20 ඊ [7] සහ කෙප්ලර්-20 එෆ් [8] සහ සූර්යයා වැනි තාරකාවක් වටා ගමන් කරන කෙප්ලර්-20 සොයා ගන්නා ලදී [9][10][11]. ක්‍ෂීරපථයේ සෑම තාරකාවක් සඳහාම අවම වශයෙන් බැඳී ඇති ග්‍රහලෝක 1.6 ක් වත් පවතින බව “ගුරුත්‍වාකර්ෂණ ක්ෂුද්‍ර තරංග දත්ත විශ්ලේෂණය” කරමින් 2012 අධ්‍යයනයකින් ඇස්තමේන්තු කර ඇත. සූර්යයා වැනි තාරකා පහෙන් එකක් පමණ එහි වාසයට සුදුසු කලාපයේ පෘථිවි ප්‍රමාණයේ ග්‍රහලෝකයක් ඇතැයි විශ්වාස කෙරේ. .[12].[13][14]

ආශිත ලිපිසංස්කරණය

මූලාශ්‍රසංස්කරණය

  1. http://www.iau.org/news/pressreleases/detail/iau0603/
  2. https://web.archive.org/web/20060916161707/http://www.dtm.ciw.edu/boss/definition.html
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; IAU නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. https://exoplanets.nasa.gov/
  5. "NASA discovery doubles the number of known planets". USA TODAY. 10 May 2016. Retrieved 10 May 2016.
  6. Schneider, Jean (16 January 2013). "Interactive Extra-solar Planets Catalog". Retrieved 2013-01-15. Unknown parameter |encyclopedia= ignored (help)
  7. NASA Staff (20 December 2011). "Kepler: A Search For Habitable Planets – Kepler-20e". NASA. Retrieved 2011-12-23.
  8. NASA Staff (20 December 2011). "Kepler: A Search For Habitable Planets – Kepler-20f". NASA. Retrieved 2011-12-23.
  9. Johnson, Michele (20 December 2011). "NASA Discovers First Earth-size Planets Beyond Our Solar System". NASA. Retrieved 2011-12-20.
  10. Hand, Eric (20 December 2011). "Kepler discovers first Earth-sized exoplanets". Nature. doi:10.1038/nature.2011.9688.
  11. Overbye, Dennis (20 December 2011). "Two Earth-Size Planets Are Discovered". New York Times. Retrieved 2011-12-21.
  12. Cassan, Arnaud; D. Kubas; J.-P. Beaulieu; M. Dominik; et al. (12 January 2012). "One or more bound planets per Milky Way star from microlensing observations". Nature. 481 (7380): 167–169. arXiv:1202.0903. Bibcode:2012Natur.481..167C. doi:10.1038/nature10684. PMID 22237108.
  13. Sanders, R. (4 November 2013). "Astronomers answer key question: How common are habitable planets?". newscenter.berkeley.edu. Archived from the original on 7 November 2014. Retrieved 7 November 2013.
  14. Petigura, E. A.; Howard, A. W.; Marcy, G. W. (2013). "Prevalence of Earth-size planets orbiting Sun-like stars". Proceedings of the National Academy of Sciences. 110 (48): 19273–19278. arXiv:1311.6806. Bibcode:2013PNAS..11019273P. doi:10.1073/pnas.1319909110. PMC 3845182. PMID 24191033.
"https://si.wikipedia.org/w/index.php?title=ග්‍රහලෝක&oldid=474023" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි