ලතින් යනු පෞරාණික ඉතාලියානු භාෂාවකි. පුරාණ රෝමයේ ලැටියම්හි ඉතාලියානු ලතින් වැසියන් විසින් මෙය මුලින්ම භාවිත කරන ලදී. වෙනත් බොහෝ යුරෝපීය භාෂාවන් මෙන් එය පුරාණ ප්‍රාථමික-ඉන්දු-යුරෝපීය භාෂාවන්ගෙන් පැවත එන්නකි. පදනම වශයෙන් ග්‍රීක සහ එට්රුස්කන් භාෂාවේ ආභාෂය ඇතිව ඉතාලියානු පෙනින්සුලාවෙහි ලතින් වශයෙන් හඳුන්වන දෙය බවට පත් වුනි. නවීන රෝමානුක භාෂාවන්, ග්‍රාම්‍ය ලතින් ව්‍යවහාරයන් ගේ දිගුවකි. (Latin) ඉන්දු යුරෝපීය බසකි. දැන් මෙය මළ බසක් වූවද රෝම අධිරාජ්‍යය පැවති සමයේදී මෙය එම අධිරාජ්‍යයේ රජ බස විය. වර්තමානයේ මේ බස ලිඛිත භාෂාවක් පමණි. කතන භාෂාව මළ බසක් වී ඇත. මේ හෙයින් මෙය නූතනයේ විද්‍යාත්මක යෙදුම් සඳහා මෙම බස බහුලව යෙදවේ. එමෙන්ම බොහෝ යුරෝපීය ශිෂ්‍යයන්ට මව් බසට අමතරව අනිවාර්ය භාෂාවකි. මිට අමතරව විද්‍යාර්ථීන් සහ ක්‍රිස්තියානු පූජකවරු (විශේෂයෙන් රෝමානු කතෝලික පල්ලිය තුල) මෙම භාෂාව චතුරව හසුරුවති.

ලතින් භාෂාව
Lingua latīna
ලතින් බසින් ලියවුනු සෙල්ලිපියක් (රෝම කොලෝසියම අවට)
උච්චාරණය[laˈtiːna]
ස්වදේශික වන්නේ
  • ලතියම්
  • රෝම රාජධානිය / ජනරජය / අධිරාජ්‍යය
  • සිසිලියාවේ ආමෙනියානු රාජධානිය (ප්‍රංශයේ කොටසක්)
  • වතිකානු නගරය
ජන වර්ගයලතින්
යුගයවග්‍ර ලතින් සංවර්ධන වුනා රොමානු භාෂාව, හයවන සියවසත් නවවන සියවසක් අතර; විධිමත් භාෂාවක් ලෙස දිර්ඝ කාලයක් පැවතුනා ප්‍රංශයේ දකුණු කොටස කාතෝලික රටවල් සහ මධ්‍යකාලීන යුරෝපය තුල ලිඛිත භාෂාව ලෙස රෝමානු කතෝලික පල්ලිය තුල.
ලතින් හොඩිය 
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
යාමනය කරනු ලබන්නේ
භාෂා කේත
ISO 639-1la
ISO 639-2lat
ISO 639-3lat
ග්ලොටෝලොග්lati1261[2]
ලින්ග්වාස්ෆියර්51-AAB-a
රෝම අධිරාජ්‍යයේ උච්චතම අවධිය දැක්වෙන සිතියම(ක්‍රි.ව 117 දී පමණ) සහ රෝම පාලනය තුළ ලතින් භාෂාව කතා කළ ප්‍රදේශ (තද කොළ පැහැති). ලතින් භාෂාව හැර වෙනත් බොහෝ භාෂා, විශේෂයෙන් ග්‍රීක භාෂාව කතා කළේ අධිරාජ්‍යය පිට ය.
යුරෝපයේ ලතින් භාෂාවෙන් පැවත එන නූතන පරම්පරාවෙන් යුත් රොමානු භාෂාව ව්‍යාප්තිය.
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වේ. නිසි පරිවර්තන සහාය නොමැති විට, යුනිකේත අක්ෂර වෙනුවට ඔබට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දර්ශනය විය හැක. IPA සංකේත පිළිබඳ හැඳින්වීම් මාර්ගෝපදේශනයක් සඳහා, Help:IPA බලන්න.

ඉංග්‍රීසි භාෂාව ද ඇතුළුව වෙනත් බොහෝ භාෂා පවුල් වලට අයත් භාෂාවන්හි නව වචන බිහි වීමේදී අදටත් ලතින් භාෂාව භාවිත වේ. එමෙන්ම ජීව විද්‍යාත්මක තක්සෝනකරණයේදී බෙහෙවින්ම යොදා ගනු ලබන්නේ ලතින් භාෂාවයි. ලතින් සහ එයින් ව්‍යුත්පන්න වූ රෝමානුක භාෂාවන් පමණක් අදටත් ඉතිරිව ඇති ඉතාලියානු භාෂා පවුලට අයත් භාෂාවන් වෙති. මුල් කාලීන ඉතාලියානු ලියවිලි අනෙකුත් භාෂාවන් පිළිබඳව සාක්ෂි දරනු ලබන අතර රෝමානු ජනරජ සමයේදී ලතින් භාෂාව විසින් එම භාෂා අවශෝෂණය කර ගන්නා ලදුව අභාවයට පත්ව ඇත.

ඉතිහාසය සංස්කරණය

මුල් කාලීනව ලතින් බස ඉතාලි අර්ධද්වීපය මුල් කරගෙන ජීවත් වු ග්‍රීක ජනපද මගින් බිහි වන්නකි. ලතින් බස ග්‍රීක අක්ෂර වලට නෑකමක් පවති. පසුකාලීනව ග්‍රීක රාජ්‍යයන්ගේ අභාවයත් සමඟ කුඩා ඉතාලි ජනපද තුළ පරිණාමය වී රෝම රාජධානිය තුල ලිඛිත සාක්ෂි සහිතව පැරණි ලතින් භාෂාව පරිණාමය විය. පසුව රෝමානු ආක්‍රමණ හේතු කොටගෙන ලතින් භාෂාව මධ්‍යධරණී සහ නැගෙනහිර යුරෝපියානු කලාපයේ පැතිරී ගොස් ඇත. රෝමානු අධිරාජ්‍යයේ බිඳ වැටීමත් සමඟ ඇති වූ අධ්‍යාපනික සහ ධන පරිහානිය නිසා සම්භාවය ලතින් භාෂාව මද වශයෙන් වෙනස් වීමට ලක්ව ඇත. පුනරුද සමයේදී විද්‍යාර්ථීන් අතින් විශෝධනයට ලක්වන තුරු මධ්‍යකාලීන ලතින් භාෂාව ජර්මානුක සහ රෝමානුක භාෂාවන්ගේ බලපෑමට නතුවෙමින් පැවතුණි. ස්වභාෂාකාමීන් විසින් ලතින් භාෂාව වෙනුවට ස්වභාෂා භාවිතයට පටන් ගන්නා තෙක් 18 වන ශතවර්ෂය තෙක්ම පුනරුද විද්‍යාර්ථීන්, අන්තර්ජාතික සන්නිවේදනය, අධ්‍යාපනය සහ විද්‍යාවේදී ලතින් භාෂාව ඇති විශාල වශයෙන් භාවිතයට ගනු ලැබිණි. මධ්‍යකාලීන යුගය දක්වා ලියවි ඇති විද්‍යාත්මක ප්‍රකාශන බොහෝමයක් ම ලිවීම ඇත්තේ ලතින් භාෂාවෙනි. ඉංග්‍රීසි අධිරාජ්‍ය වර්ධනයත් සමඟ ඉංග්‍රීසි යටත් විජිත පාලනය තුළ ඉංග්‍රීසි ලිඛිත බස ප්‍රවර්ධනය කිරීම සමඟ ඉංග්‍රීසි ප්‍රධාන භාෂාවක් ලෙස ලොව පුරා ප්‍රචලිත විය. එමගින් ලතින් භාෂාවට හිමිතැන ඉංග්‍රීසි භාෂාවට ලැබිණි. ඒ නිසා ක්‍රමයක් ක්‍රමයෙන් විද්‍යාත්මක ලිපි ජර්මන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලියවිණි.

  1. "Schools". Britannica (1911 ed.). 
  2. Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "Latin". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. {{cite book}}: Invalid |display-editors=4 (help); Unknown parameter |chapterurl= ignored (help)
"https://si.wikipedia.org/w/index.php?title=ලතින්&oldid=455050" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි