ද්වාරය:සෞරග්‍රහ මණ්ඩලය
Portal maintenance status: (2023 ඔක්තෝබර්)
|
හැඳින්වීම
සෞරග්‍රහ මණ්ඩලය යනු, හිරු සහ එයට ගුරුත්වය මගින් බැඳුණු අනෙකුත් අභ්‍යවකාශ වස්තූන් (celestial objects) පද්ධතියයි: ප්‍රධාන ග්‍රහයන් අට (8) සහ ඒවායේ දැනට හඳුනාගෙන ඇති චන්ද්‍රයන් 205, ප්‍රධාන වාමන ග්‍රහයන් පහකින් (5) (ප්ලුටෝ, එරිස්, සෙරිස්, මාකේ මාකේ, හෝමියා) හා එම වාමන ග්‍රහයන්ගේ හඳුනාගෙන ඇති චන්ද්‍රයන් නව (9) දෙනා සහ බිලියනයක් පමණ වන කුඩා ග්‍රහවස්තූන් එයට අයත් වේ. මෙහි අවසානයට සඳහන් ප්‍රවර්ග ග්රාහක, කූපර් පටියේ ඇති වස්තූන්, වල්ගාතරු, උල්කා (meteoroids) සහ අන්තර් ග්‍රහලෝක, දුහුවිලි වලින් සමන්විත වේ.
තෝරාගත් ලිපි
-
Image 1
මාකේ මාකේ (සංකේතය: ) වාමන ග්‍රහලොව කුයිපර් වළල්ලේ ඇති විශාල ග්රහවස්තූන්ගෙන් එකකි. මෙහි විශ්කම්භය ප්ලූටෝ ග්‍රහලොව මෙන් 2/3 කි. මේක්මේක් හට උපග්රහයන් නොමැති බැවින් එය කුයිපර් වළල්ලේ ඇති අනෙක් ග්‍රහලෝක අතුරින් වෙන්කර හඳුනාගත හැකිය. එමගින් එහි බර නිමානය කලහැකිය. එහි උෂ්ණත්වය 30 K (−243.2 °C) ක පමන ඉතාමත් අඩු ප්රතිශතයක උෂ්ණත්වයකි. එමගින් කියවෙන්නේ එහි මතුපිට එතේන්,මෙතේන් සහ නයිට්රජන් අයිස් මගින් ආවරනය වී ඇති බවයි. (තව දුරටත්...) -
Image 2
ට්‍රයිටන් නෙප්චුන් ග්‍රහයාගේ විශාලතම උප ග්‍රහයා වන අතර එය ක්‍රිස්තු වර්ෂ 1846 ක් වූ ඔක්තෝබර් මස 10 වෙනි දින සොයා ගන්න ලද්දේ ඉංග්‍රීසි ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ විලියම් ලැසල් විසිනි. එය සෞරග්‍රහ මණ්ඩලය තුල පිහිටි මව් ග්‍රහයාගේ භ්රරමණ දිශාවට ප්රතිගාමී චලිතයක් දක්වන විශාලතම උප ග්‍රහයා ය. විශ්කම්භයෙන් කිලෝමීටර් 2700 ක විශාලත්වයක් දක්වන ට්‍රයිටන් උප ග්‍රහයා විශාලත්වය අතින් සැලකීමේදී සෞරග්‍රහ මණ්ඩලයේ සත් වැන්නට විශාලතම උප ග්‍රහයා වේ. ට්‍රයිටන් ග්‍රහයාගේ ප්රතිගාමී චලිත රටාව සහ ග්‍රහයාගේ මූලද්‍රව්‍ය සංයුතිය පිළිබද සැලකීමෙන් පසු තාරකාවිද්‍යාඥයින් අනුමානය වන්නේ ට්‍රයිටන් ග්‍රහලොව කූපර් පටිය තුල පැවතෙන්නට ඇති බවත් පසු කාලීනව ගුරුත්වාකර්ෂණ ක්‍රියාවලියක ප්‍රතිපලයක් ලෙස නෙප්චූන් ග්‍රහයාගේ උප ග්‍රහයෙක් බවට පත් වන්නට ඇති බවත් ය. ට්‍රයිටන්ගේ පෘෂ්ඨය මූලිකවම ඝණ නයිට්රජන් සහ අයිස් මිශ්‍රණයකින් වැසී පවතින අතර ඊට අමතරව ලෝහ සහ පාෂාණ වැස්මකින්ද සමන්විත වේ. එය ග්‍රහලොවේ මුළු ස්කන්ධයෙන් තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් දක්වා අගයක් ගනී. ට්‍රයිටන් ග්‍රහයාගේ මධ්‍යනය ඝනත්වය 2.061 g/cm3 පමණ වන අතර ග්‍රහ ලොවේ ස්කන්ධයෙන් 15–35% දක්වා ප්‍රමාණයක් ජලය ද්‍රව අයිස් ලෙස පවතී.
ට්‍රයිටන් යනු සෞරග්‍රහ මණ්ඩලය තුල භූ විද්‍යාත්මක ලෙස සැලකු විට සක්‍රීයව පවතින උපග්රහයන් කිහිපය අතුරින් එක් උපග්‍රහයෙක් වන අතර අනෙකුත් ග්‍රහලෝක වලට සාපේක්ෂව තරුණ ග්රහලොවක් වන මෙහි මතුපිට පෘෂ්ටය එම නිසා මෙතෙක් අවබෝධ කර නොගත් භූ විෂමතා කලාප, පැහැදිලි හේතුවක් පැවසිය නොහැකි නිතර පෘෂ්ටය මත සිදු වන භූචලන වලින් පිරි පවතී. ග්රහලෝවෙන් කොටසක මතුපිට පෘෂ්ටය මත විසිරී පවතින උණුදිය උල්පත් නිතරම අධික උෂ්ණත්වයකට ලක්වෙමින් උතුරා යන ලක්ෂණ පෙන්වයි.ට්‍රයිටන් මතුපිට වායුගෝලය මත පවතින නයිට්රජන් වායුව පෘතුවියේ මෙන් 1/70,000 ක් පමණ තුනී ස්තරයක් ලෙස විසිරී පවතී. (තව දුරටත්...) -
Image 3
-
Image 4
සෙනසුරු වළලු යනු සෙනසුරු ග්‍රහයා වටා පිහිටා ඇති ග්රහලෝකමය වළලු වේ. එය සමන්විත වී ඇත්තේ විශාලත්වයෙන් මයික්‍රෝ මීටර් සිට මීටර් දක්වා පරාසයක විශාලත්වයෙන් යුතු නොගිනිය හැකි තරම් විශාල සංඛ්‍යාවක් වූ අංශුවලිනි. ඒවා සෙනසුරු ග්‍රහයා වටා සමූහයක් ලෙස කක්ෂගත වී ඇත. වළලු සෑදී ඇති මෙම අංශු සම්පූර්ණයෙන්ම සෑදී ඇත්තේ ජල හිම කැට (water ice) වලින් වන අතර සමහර ඒවා දූවිලි සහ වෙනත් රසායනික ද්‍රව්‍යවලින් දූෂිත වී ඇත. (තව දුරටත්...) -
Image 5
සෞරග්‍රහ මණ්ඩලයේ 8 වෙනි සහ සූර්යයාගේන් දුරින්ම පිහිටි ගහලෝකය වන්නේ නෙප්චූන් ය. (තව දුරටත්...) -
Image 6
-
Image 7
-
Image 8
-
Image 9
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතමයා ලෙස විරුදාවලි ලබන බ්‍රහස්පති ග්‍රහයා සූර්යයාගේ සිට පස්වැනියට පිහිටා ඇත. සෞරග්‍රහ මණ්ඩලයයේ අනෙකුත් ග්‍රහයින් සියල්ල එකතු කළ විට ලැබෙන ප්‍රමාණය මෙන් 2.5 ගුණයක් බ්‍රහස්පති ග්‍රහයා විශාලවේ. සෙනසුරු, යුරේනස්, සහ නෙප්චූන් මෙන්ම බ්‍රහස්පති ද සැලකෙන්නේ වායු යෝධයකු (gas giant) ලෙසටය.
බ්‍රහස්පති ග්‍රහයා අතීතයේ දී තාරකා විද්‍යාඥයින්ගේ අවධානයට යොමු වූවක් වන අතර බොහෝ සංස්කෘතිවල මිත්‍යා විශ්වාස වලට සහ ආගම් වලට එය සම්බන්ධ කොට ගෙන තිබේ. එයට ජුපිටර් යන නාමය ලැබී ඇත්තේ රෝම දෙවිවරයෙකු වන ජුපිටර් සිහිපත් වීමටය . පෘථිවියේ සිට බලන කල එහි දීප්තිමත් බව -2.8 ක් වන අතර චන්ද්‍රයා සහ සිකුරු ග්‍රහයා හැරුණු විට රෑ අහසේ තෙවැනියට දීප්තිමත්ම වස්තුව මෙය වේ. (තව දුරටත්...) -
Image 10
මාකේ මාකේ (සංකේතය: ) වාමන ග්‍රහලොව කුයිපර් වළල්ලේ ඇති විශාල ග්රහවස්තූන්ගෙන් එකකි. මෙහි විශ්කම්භය ප්ලූටෝ ග්‍රහලොව මෙන් 2/3 කි. මේක්මේක් හට උපග්රහයන් නොමැති බැවින් එය කුයිපර් වළල්ලේ ඇති අනෙක් ග්‍රහලෝක අතුරින් වෙන්කර හඳුනාගත හැකිය. එමගින් එහි බර නිමානය කලහැකිය. එහි උෂ්ණත්වය 30 K (−243.2 °C) ක පමන ඉතාමත් අඩු ප්රතිශතයක උෂ්ණත්වයකි. එමගින් කියවෙන්නේ එහි මතුපිට එතේන්,මෙතේන් සහ නයිට්රජන් අයිස් මගින් ආවරනය වී ඇති බවයි. (තව දුරටත්...) -
Image 11අඟහරු හට ෆෝබෝස් සහ ඩෙයිමෝස් නමැති, කුඩා චන්ද්‍රයන් දෙදෙනෙකු ඇති අතර, ඒවා අත්පත් කර ගත් ග්‍රහකයන් බවට විශ්වාස කෙරෙයි . 1877 දී අසාෆ් හෝල් විසින් සොයාගන්නා ලද චන්ද්‍රිකා දෙක, නම් කරන ලද්දේ, ග්‍රීක මිථ්‍යාකතා වලට අනුව, යුද්ධයට අධිපති සහ ඔවුන්ගේ පියා වන ඒරීස් සමග එක්ව, යුද්ධය සඳහා නික්මගිය, ෆෝබෝස් (සන්ත්රාසය/භීතිය) සහ ඩෙයිමෝස් (භීෂණය/ත්‍රාසය) අනුව යමිනි. රෝමන්වරුන් විසින් අඟහරු හැඳින්වුනු ලැබුයේ ඒරීස් යනුවෙනි. (තව දුරටත්...)
-
Image 12
බුධ යනු හිරුගේ සිට පළමු වැනියට පිහිටි සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය වේ. හිරුට ආසන්නයේම පිහිටා අති මෙය කි.මි.4,887 ක විශ්කම්භයකින් යුක්තය. අධික උෂ්ණත්වයකින් යුතු මෙම ග්‍රහයා තුල ජලය නොමැත.දිවාකාලයේ උෂ්ණත්වය කෙල්වින් 673කි.එය රාත්‍රියට 175 කි. මෙහි ජීවී වාසයක් නොමැත. මෙහි චුම්බක ක්ෂේත්රය පෘථිවිය මෙන් 1% කි.අභ්‍යන්තර මදය ද්‍රව යකඩවලින් සමන්විත වීම එයට හේතුවයි. ඉලිප්සාකාර කක්ෂයක සූර්යයා වටා ගමන් කරන බුධ ග්‍රහයා තමා වටා භ්‍රමණය වීමට පෘථිවි දින 58ක් සහ පැය 15ක් ගත වන අතර සූර්යයා වටා එක් වරක් භ්‍රමණය වීමට දින 88ක් ගත වේ.
භෞතික ලෙස බුධ ග්‍රහයාගේ පෙනුම චන්ද්‍රයාගේ පෙනුමට සමාන වේ. එය ආවාට විශාල ප්‍රමාණයකින් සමන්විත අතර ස්වභාවික චන්ද්‍රිකා හෝ එහි වායුගෝලයක් ඇති බව සනාථ වී නැත. බුධ ග්‍රහයා සතුව විශාල යකඩ හරයක් ඇති අතර එමඟින් පෘථිවියේ චුම්බක ක්ෂේත්රයෙන් 1% ක් පමණ වන චුම්බක ක්ෂේත්රයක් උත්පාදනය කරයි. එය අසාමාන්‍ය ලෙස ඝන ග්‍රහයක් වී ඇත්තේ එහි හරය විශාල වීම නිසාය. බුධ ග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය 90 – 700 k ( -180 සිට 430 සෙල්සියස්) දක්වා වන අතර සුර්යයාට පහලින් ඇති ලක්ෂය උණුසුමින් වැඩිම ස්ථානය වන අතර ධ්රැව අසල ඇති ආවාටවල පතුල සීතලම ස්ථානය වේ. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට සෞරග්‍රහ මණ්ඩලය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
උප මාතෘකා
| |||||||||||||||||
සෞරග්‍රහ මණ්ඩලය → Local Interstellar Cloud → Local Bubble → Gould Belt → Orion Arm → ක්ෂීර පථය → Milky Way subgroup → Local Group → Virgo Supercluster → Laniakea Supercluster → Observable universe → විශ්වය |
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව