සුසිල් ප්‍රේමජයන්ත්
ආරච්චිගේ දොන් සුසිල් ප්‍රේමජයන්ත් (1955 ජනවාරි 10) යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකු සහ වත්මන් පාර්ලිමේන්තු සාමාජිකයෙකු වෙයි.[1]
සුසිල් ප්‍රේමජයන්ත් | |
---|---|
சுசில் பிரேமஜயந்த Susil Premajayantha | |
සභානායක | |
In office 27 ජූලි 2022 – 24 සැප්තැම්බර් 2024 | |
ජනාධිපතිවරයා | රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | දිනේෂ් ගුණවර්ධන |
පූර්වප්‍රාප්තිකයා | දිනේෂ් ගුණවර්ධන |
අධ්‍යාපන අමාත්‍ය | |
In office 20 මැයි 2022 – 23 සැප්තැම්බර් 2024 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
පූර්වප්‍රාප්තිකයා | රමේෂ් පතිරණ |
අනුප්‍රාප්තිකයා | හරිනි අමරසූරිය |
In office 23 නොවැම්බර් 2005 – 23 අප්‍රේල් 2010 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක |
අනුප්‍රාප්තිකයා | බන්දුල ගුණවර්ධන |
In office 2000–2001 | |
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග |
අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක |
පූර්වප්‍රාප්තිකයා | රිචඩ් පතිරණ |
අනුප්‍රාප්තිකයා | සරත් අමුණුගම |
තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය [a] | |
In office 4 සැප්තැම්බර් 2015 – 12 අප්‍රේල් 2018 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | චම්පික රණවක |
පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය | |
In office 28 ජනවාරි 2013 – 12 ජනවාරි 2015 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | දි.මු. ජයරත්න |
අනුප්‍රාප්තිකයා | මෛත්‍රීපාල සිරිසේන |
ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය | |
In office 23 අප්‍රේල් 2010 – 28 ජනවාරි 2013 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | දි.මු. ජයරත්න |
අනුප්‍රාප්තිකයා | අනුර ප්‍රියදර්ශන යාපා |
විදුලිබල හා බලශක්ති අමාත්‍ය | |
In office 10 අප්‍රේල් 2004 – 23 නොවැම්බර් 2005 | |
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | කරු ජයසූරිය |
අනුප්‍රාප්තිකයා | ජෝන් සෙනෙවිරත්න |
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් | |
In office 20 ජනවාරි 2004 – 14 අගෝස්තු 2015 | |
Leader | මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකා කුමාරතුංග |
පූර්වප්‍රාප්තිකයා | තනතුර නිර්මාණය කරන ලදී |
අනුප්‍රාප්තිකයා | විශ්වා වර්ණපාල |
කොළඹ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 2001 | |
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 2000–2001 | |
Personal details | |
උපත | 10 ජනවාරි 1955 ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (2018 - වර්තමානය) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (2018ට පෙර) |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය (2020 - වර්තමානය) එක්සත් ජනතා නිදහස් සන්ධානය (2004 - 2018) පොදු ජන එක්සත් පෙරමුණ (2004ට පෙර) |
Alma mater | ශාන්ත ජෝන් විද්‍යාලය, නුගේගොඩ |
රැකියාව | දේශපාලඥ |
වෘත්තිය | නීතිඥ |
මුල් අවදිය
සංස්කරණයසුසිල් මහතා සිය මූලික ඉගෙනීම් කටයුතු නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් හදාරණ ලදී.[2] ඉන්පසුව කොළඹ විශ්වවිද්‍යාලයට ගොස් 1982 දී නීතිවේදී උපාධියක් ලබා 1984 දී නීතිඥ බවට පත් විය.[3] පසුව, 2004 දී ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ගත්තේය.[4]
දේශපාලන ජීවිතය
සංස්කරණයප්රේමජයන්ත් සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේ 1991 වසරේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ උප සභාපතිවරයා ලෙස තේරී පත්වෙමින්.[3]1993 දී ඔහු බස්නාහිර පළාත් සභාවට තේරී පත් වූණා වන අතර 1995 දී ඒ පළාතේ ප්‍රධාන අමාත්‍ය ලෙස තේරී පත් විය.[3][4]
2000 දී ඔහු ගම්පහ දිස්ත්‍රික්කය ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පත්වූණා සහ අධ්‍යාපන අමාත්‍යවරයා බවට පත් විය.[3] 2001 මහ මැතිවරණයෙන් පොදු ජන එක්සත් පෙරමුණ පරාජය වුවද, ප්‍රේමජයන්ත් කොළඹ දිස්ත්‍රික්කයෙන් නැවත පාර්ලිමේන්තුවට තේරී පත් විය. පසුව පැවති මැතිවරණවලදී ඔහුගේ ආසනය දැරීය.
2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවීමත් සමඟ ප්‍රේමජයන්ත එහි මංගල ප්‍රධාන ලේකම්වරයා බවට පත් කරන ලදී.[3]මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරන විට ඔහුට විදුලිබල හා බලශක්ති අමාත්‍ය තනතුර ලබා දෙන ලදී.[5]මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ විට ඔහු නැවතත් අධ්‍යාපන ඇමති ලෙස පත් කරන ලදී.[6]මහා මැතිවරණයෙන් පසුව ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍ය ලෙස ඔහු පත් වුණා.[7] 2013 වසරේ කැබිනට් සංශෝධනයත් සමඟ ඔහු පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා බවට පත් වුණා.[8]
2015 අගෝස්තු 25 වින දින, මහ මැතිවරණයෙන් දින කිහිපයකට පසු ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ධූරයෙන් ඉල්ලා අස්විය.මැතිවරණයට දින කිහිපයකට පෙර ඔහු පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම තනතුරෙන් ඉවත් කරන ලදී.[9] ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව,[10] ප්‍රේමජයන්ත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා බවට පත් වුණා.[11][12][13] ඔහු 2022 මැයි 20 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සහ 2022 ජූලි 23 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නැවත අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.
ආශ්‍රිත
සංස්කරණයසටහන්
සංස්කරණය- ^ 2015 සැප්තැම්බර් 21 දින තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන සහ රැකියා අමාත්‍යවරයාගෙන් කළඹ වෙනස් කළ නමුත් තවමත් එම අමාත්‍යාංශය
මූලාශ්‍ර
සංස්කරණය- ^ "බයෝග්‍රැෆීස් ඔෆ් කරන්ට් මෙම්බර්ස්". ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 14 අප්‍රියෙල් 2010.
- ^ ශාන්ත ජෝන් විද්‍යාලය, නුගේගොඩ - 70 ඉයර්ස් ඔෆ් සර්විස් ටු ද කමියුනිටි
- ^ a b c d e Premajayantha, Susil (3 August 2015) (in en), Message from Susil Premajayantha, http://www.lankaweb.com/news/items/2015/08/03/message-from-susil-premajayantha/, ප්‍රතිෂ්ඨාපනය 17 March 2016
- ^ a b "Speaker at Asia Energy Security Summit 2012" (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 17 මාර්තු 2016.
- ^ "PART I : SECTION (I) — GENERAL Appointments & c., by the President" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය අතිවිශේෂ (ඉංග්‍රීසි බසින්). Vol. 1335/24. 10 අප්‍රේල් 2015. 23 සැප්තැම්බර් 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 අගෝස්තු 2022.
{{cite news}}
: More than one of|archivedate=
and|archive-date=
specified (help); More than one of|archiveurl=
and|archive-url=
specified (help) - ^ "PART I : SECTION (I) — GENERAL Appointments & c., by the President" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය අතිවිශේෂ (ඉංග්‍රීසි බසින්). 1420/28. 23 නොවැම්බර් 2005. 17 මාර්තු 2007 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 අගෝස්තු 2022.
{{cite journal}}
: More than one of|archivedate=
and|archive-date=
specified (help); More than one of|archiveurl=
and|archive-url=
specified (help) - ^ "PART I : SECTION (I) — GENERAL Appointments & c., by the President" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය අතිවිශේෂ (ඉංග්‍රීසි බසින්). 1681/02. 22 නොවැම්බර් 2010. 22 පෙබරවාරි 2014 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 අගෝස්තු 2022.
{{cite journal}}
: More than one of|archivedate=
and|archive-date=
specified (help); More than one of|archiveurl=
and|archive-url=
specified (help) - ^ "PART I : SECTION (I) — GENERAL Appointments & c., by the President" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය අතිවිශේෂ (ඉංග්‍රීසි බසින්). 1795/43. 31 ජනවාරි 2013. 31 මැයි 2013 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 අගෝස්තු 2022.
{{cite journal}}
: More than one of|archivedate=
and|archive-date=
specified (help); More than one of|archiveurl=
and|archive-url=
specified (help) - ^ "Susil resigns as UPFA General Secretary". AdaDerana (ඉංග්‍රීසි බසින්). 25 අගෝස්තු 2015. සම්ප්‍රවේශය 17 මාර්තු 2016.
- ^ "SLFP, UNP sign MOU on National Government". Colombo Gazette (ඉංග්‍රීසි බසින්). 21 අගෝස්තු 2015. සම්ප්‍රවේශය 17 මාර්තු 2016.
- ^ "PART I : SECTION (I) — GENERAL Appointments & c., by the President" (PDF). The Gazette of the Democratic Socialist Republic of Sri Lanka Extraordinary. 1932/07. 14 සැප්තැම්බර් 2015.[permanent dead link]
- ^ "New Cabinet". The Daily Mirror (Sri Lanka) (ඉංග්‍රීසි බසින්). 4 සැප්තැම්බර් 2015.
- ^ "The new Cabinet". Ceylon Today (ඉංග්‍රීසි බසින්). 4 සැප්තැම්බර් 2015. 7 සැප්තැම්බර් 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 අගෝස්තු 2022.
{{cite news}}
: More than one of|archivedate=
and|archive-date=
specified (help); More than one of|archiveurl=
and|archive-url=
specified (help)
බාහිර සබැඳි
සංස්කරණය