කරු ජයසූරිය

ශ්‍රී ලංකාභිමාන්‍ය කරූ ජයසූරිය (දෙමළ: கரு ஜயசூரிய, ඉංග්‍රීසි: Karu Jayasuriya; උපත 29 සැප්තැම්බර් 1940) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්. ඔහු හිටපු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වේ. [1] කරු ජයසුරිය මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු,බුද්ධශාසන හා ආගමික කටයුතු,බල ශක්ති යන අමාත්‍ය තනතුරු සහ කොළඹ නගරාධිපති තනතුර දරා ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වේ. එමෙන්ම එතුමා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පදවිය දරා අැත. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන එතුමා රණසිංහ ප්‍රේමදාස රජය විසින් ජර්මනියේ ශ්‍රී ලාංකීය තානාපති ලෙස එවකට පත් කරන ලදී.

කරූ ජයසූරිය
கரு ஜயசூரிய
Karu Jayasuriya
ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි 20 වන කථානායකවරයා
In office
1 සැප්තැම්බර් 2015 – 3 මාර්තු 2020
Deputyආනන්ද කුමාරසිරි
තිලංග සුමතිපාල
පූර්වප්‍රාප්තිකයාචමල් රාජපක්ෂ
අනුප්‍රාප්තිකයාමහින්ද යාපා අබේවර්ධන
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මන්ත්‍රණ සභාවේ සභාපති
In office
9 සැප්තැම්බර් 2015 – 20 අගෝස්තු 2020
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
ගෝඨාභය රාජපක්ෂ
බුද්ධ ශාසන අමාත්‍ය
In office
12 ජනවාරි 2015 – 17 අගෝස්තු 2015
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාදි.මු. ජයරත්න
රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ අමාත්‍ය [a]
In office
12 ජනවාරි 2015 – 17 අගෝස්තු 2015
ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
පූර්වප්‍රාප්තිකයාදි.මු. ජයරත්න
In office
2007–2008
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායක
විදුලිබල හා බලශක්ති අමාත්‍ය
In office
12 දෙසැම්බර් 2001 – 6 අපේ‍්‍රල් 2004
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
ජාතික ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී
In office
2015–2020
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී
In office
2000–2015
කොළඹ නගරාධිපති
In office
1997–1999
Personal details
උපත29 සැප්තැම්බර් 1940 (1940-09-29) (වයස 84)
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
Alma materආනන්ද විද්‍යාලය, කොළඹ
රැකියාවදේශපාලනඥ, රාජ්‍ය තාන්ත්‍රික
වෘත්තියව්‍යාපාරිකයා
වෙබ් අඩවියparliament.lk/members-of-parliament/directory-of-members/viewMember/101
Military service
පක්ෂපාතීත්වයශ්‍රී ලංකාව
ශාඛාව/සේවාවශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාව
සේවා කාලය1965–1972
නිලයදෙවන ලුතිනන්
ඒකකයලංකා ජාතික ආරක්ෂක බළකාය
සටන්/ යුද්ධ1971 ජවිපෙ කැරැල්ල
  1. ^ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය 2007 සිට 2008 දක්වා.

කරු ජයසුරිය 1965 සිට 1972 දක්වා කාලය තුල හමුදාවේ නිල ලත් නිලධාරියෙක් ලෙස කටයුතු කරන ලදී. වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන ජයසුරිය 1996 වසරේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහාතාගේ ආරාධනය පරිදි පක්ෂ සභාපතිත්වයට පත් විය.

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "Karu elected as new Speaker". Adaderana. 3 September 2015. සම්ප්‍රවේශය 3 September 2015.
"https://si.wikipedia.org/w/index.php?title=කරු_ජයසූරිය&oldid=722464" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි