ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ඉංග්‍රීසි: The Sri Lanka People's Front ; දෙමළ: இலங்கை பொதுஜன முன்னணி,SLPP) යනු ශ්‍රී ලංකාවේ දේශපාලන පෙරමුණකි. එය 2019 සිට 2022 දක්වා ශ්‍රී ලංකාවේ පාලක පක්ෂය වූ අතර 2020 සිට 2024 දක්වා පාර්ලිමේන්තුව හි විශාලතම පක්ෂය විය.[10] මීට පෙර ශ්‍රී ලංකා ජාතික පෙරමුණ සහ අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ ලෙස හැඳින්වු සුළු දේශපාලන පක්ෂයක් වූ එය, 2016 දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස නැවත ආරම්භ කරන ලදි. එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු නායක මහින්ද රාජපක්ෂ සහ ඔහුට පක්ෂපාතී සාමාජිකයින් මෙම පක්ෂයට පැමිණියේය.[11]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ இலங்கை பொதுஜன முன்னணி Sri Lanka Podujana Peramuna | |
---|---|
![]() | |
නායකයා | මහින්ද රාජපක්ෂ[a] |
සභාපති | ජී.එල්. පීරිස් |
මහ-ලේකම් | සාගර කාරියවසම් |
ආරම්භක | බැසිල් රාජපක්ෂ |
උද්‍යෝගපාඨය | අපි අපේ රට හදමු |
ආරම්භය | 2016 |
බිඳීම | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,එක්සත් ජනතා නිදහස් සන්ධානය |
පූර්වප්රාප්තිය | ඒකාබද්ධ විපක්ෂය |
මූලස්ථානය | 1316 නෙළුම් මාවත, ජයන්තිපුර, බත්තරමුල්ල[3][4] |
සිසු පාර්ශවය | පොදුජන ශිෂ්‍ය සංගමය |
තරුණ පාර්ශවය | පොදුජන තරුණ පෙරමුණ |
මතවාදය | සමාජ ප්‍රජාතන්ත්‍රවාදය[5][6] සිංහල බෞද්ධ ජාතිකවාදය[7][8] සන්ධීය විරෝධී වාදය සමාජ ගතානුගතිකවාදය ජනතාවාදය අධිරාජ්‍ය විරෝධිවාදය |
දේශපාලන ආකල්පය | සමාජ: දක්ෂිණාංශික ආර්ථික: වාමාංශික[9] |
නිල වර්ණ | මැරූන් |
පාර්ලිමේන්තුව | 3 / 225 |
පළාත් පාලන සභිකයන් | 742 / 8,793 |
මැතිවරණ ලාංඡනය | |
මල් පොහොට්ටුව![]() | |
වෙබ් අඩවිය | |
http://www.podujanaperamuna.lk | |
මෙම පක්ෂය පිහිටුවන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) පක්ෂයෙන් වෙන්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එසේම මධ්‍ය-වාමාංශික සහ සිංහල ජාතිකවාදී මතවාදයක් දරයි.[12] ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෘෂ්ටිවාදයේ සමහර අංග ඇති නමුත් එහි ආර්ථික දැක්ම වෙනස් වේ. එය ශ්‍රී ලංකාවේ ෆෙඩරල්වාදයට විරුද්ධ වේ.[12] [13] පක්ෂයේ නායකත්වය දරන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනි. සාගර කාරියවසම් පක්ෂයේ මහලේකම්වරයා වේ. නිදහස් මහජන කොංග්‍රසය පිහිටුවීමට පෙර ජී.එල්. පීරිස් පක්ෂයේ සභාපතිවරයා විය.[14][15]
පසුබිම
සංස්කරණයශ්රී ලංකා ජාතික පෙරමුණ
සංස්කරණය2001 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයේදී රට පුරා මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් 15 ක් සඳහා ශ්‍රී ලංකා ජාතික පෙරමුණ තරඟ කළේය. ඡන්ද 719 ක් (ප්‍රකාශිත සියලුම ඡන්ද වලින් 0.01% ක් පමණ) ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එක ආසනයක්වත් දිනා ගැනීමට එම පක්ෂය අසමත් විය.[16] 2004 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයේදී මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් 17 ක් සඳහා ශ්‍රී ලංකා ජාතික පෙරමුණ නැවත තරඟ කළ නමුත් ඡන්ද 493 ක් (0.01%) ලබා ගැනීමෙන් පසු නැවත වරක් පාර්ලිමේන්තුවේ කිසිදු ආසනයක් දිනා ගැනීමට අපොහොසත් විය.[17] නායක විමල් ගීගනගේ 2005 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයට තරඟ කළ අතර ඡන්ද 6,639 ක් (0.07%) ලබා ගැනීමෙන් පසු අටවන ස්ථානයට පත්විය.[18]
2010 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයේදී මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් 19 ක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරඟ කළ නමුත් රට පුරා ඡන්ද 5,313 ක් (0.07%) ලබා ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවේ කිසිදු ආසනයක් දිනා ගැනීමට අපොහොසත් විය.[19] ගීගනගේ 2015 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේදී තරඟ කළ අතර ඡන්ද 1,826 ක් (0.02%) ලබා ගැනීමෙන් පසු 19 වන ස්ථානයට පත්විය.[20]
අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ
සංස්කරණය2015 දී, ශ්‍රී ලංකා ජාතික පෙරමුණ එහි නම අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ ලෙසත් එහි සංකේතය ක්‍රිකට් පිත්තෙන් මල් පොහොට්ටුවක් ලෙසත් වෙනස් කළේය.[21][22] 2016 මුල් භාගයේදී, නායක ගීගනගේ පක්ෂ නායකත්වයේ වෙනසක් ඉක්මනින් සිදුවනු ඇති බවට ඉඟි කළේය.[23]
ඉතිහාසය
සංස්කරණයආරම්භය
සංස්කරණය2016 නොවැම්බර් මාසයේදී, අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පෙරමුණක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස නැවත ආරම්භ කළ අතර, එහි සභාපතිවරයා ලෙස රටේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් පත් කරන ලදී.[24][25] ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සංවිධායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සහෝදරයා වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයා ලෙස කටයුතු කල සාගර කාරියවසම් පක්ෂ ලේකම් ලෙස පත් කරන ලදී.[26][27][28] මල් පොහොට්ටුව පක්ෂයේ සංකේතය ලෙස පැවතුනි.[29][30] මහින්ද රාජපක්ෂගේ තවත් සහෝදරයෙකු වන බැසිල් රාජපක්ෂ, එය නැවත දියත් කිරීමෙන් ටික කලකට පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් විය.[31]
මැතිවරණ ජයග්‍රහණ
සංස්කරණය2018 ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණයේදී, පුදුම සහගත ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 40% ක බහුතර ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්, වැඩිම මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතන ඇති පක්ෂය බවට පත්විය;[32][33] ඔවුන් මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළුව පළාත් පාලන ආයතන 239 ක් දිනා ගත්හ.[34] ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහි මල් පොහොට්ටුවේ සංකේතය යටතේ මැතිවරණයට තරඟ කළේය.[35] 2019 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේදී, රාජපක්ෂවරුන්ගේ බාල සහෝදරයා වු ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස මැතිවරණයට තරඟ කර මැතිවරණය ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.[36][37] 2020 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයේදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් සහ පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවේ ආසන 116 ක් දිනා ගත්තේය. රාජපක්ෂ පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු පාර්ලිමේන්තුවේ ආසන දිනා ගත් අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ නව අගමැති ලෙස දිවුරුම් දුන්නේය.[38]
මැතිවරණ ඉතිහාසය
සංස්කරණයජනාධිපතිවරණ
සංස්කරණයමැතිවරණ වර්ෂය | අපේක්ෂකයා | ඡන්ද | % | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2005 | විමල් ගීගනගේ | 6,639 | 0.07% | පරාජය |
2015 | විමල් ගීගනගේ | 1,826 | 0.02% | පරාජය |
2019 | ගෝඨාභය රාජපක්ෂ | 6,924,255 | 52.25% | ජය |
2022[b] | රනිල් වික්‍රමසිංහට සහය දැක්විය | 134 (පා.ම) | 61.19% | ජය |
ඩලස් අලහප්පෙරුම | 82 (පා.ම) | 37.44% | පරාජය | |
2024 | නාමල් රාජපක්ෂ | 342,781 | 2.57% | පරාජය |
පාර්ලිමේන්තු
සංස්කරණයමැතිවරණ වර්ෂය | ඡන්ද | ඡන්ද % | දිනූ ආසන | +/– | නායක | ප්‍රතිඵලය |
---|---|---|---|---|---|---|
2001 | 719 | 0.01% | 0 / 225
|
නව | විමල් ගීගනගේ | පාර්ලිමේන්තුව නියෝජනය නොකරයි |
2004 | 493 | 0.01% | 0 / 225
|
විමල් ගීගනගේ | පාර්ලිමේන්තුව නියෝජනය නොකරයි | |
2010 | 5,313 | 0.07% | 0 / 225
|
විමල් ගීගනගේ | පාර්ලිමේන්තුව නියෝජනය නොකරයි | |
2020 | 6,853,690 | 59.09% | 145 / 225 [c]
|
145 | මහින්ද රාජපක්ෂ | ආණ්ඩුව |
2024 | 350,429 | 3.14% | 3 / 225
|
▼ 142 | විපක්ෂය |
පළාත් පාලන
සංස්කරණයමැතිවරණ වර්ෂය | ඡන්ද | ඡන්ද % | සභා මන්ත්‍රීවරු | පළාත් පාලන ආයතන | +/– | නායකයා |
---|---|---|---|---|---|---|
2018 | 5,006,837 | 40.47% | 3,436 / 8,327
|
231 / 341
|
නව | මහින්ද රාජපක්ෂ |
2019 (ඇල්පිටිය) | 23,372 | 56.3% | 17 / 29
|
1 / 1
|
නව | |
2024 (ඇල්පිටිය) | 3,597 | 9.91% | 3 / 30
|
0 / 1
|
▼ 14 | |
2025[39] | 954,517 | 9.17% | 742 / 7,812
|
0 / 341
|
▼ 2,694 |
සටහන්
සංස්කරණය- ^ Mahinda Rajapaksa is considered to be the real leader of Sri Lanka Podujana Peramuna whilst its official leader G. L. Peiris is considered to be Rajapaksa's proxy.[1][2]
- ^ මෙය වක්‍ර මැතිවරණයක් විය. මෙම මැතිවරණයේදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එක් කොටසක් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ අතර, අනෙක් කොටස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දැක්වීය.
- ^ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් දිනාගත් මුළු ආසන සංඛ්‍යාව, SLPP පමණක් ආසන 100ක් දිනා ගත්තේය.
මූලාශ්‍ර
සංස්කරණය- ^ "Sri Lanka's Local Government Polls: Time To Send Signals". The Sunday Times. Colombo, Sri Lanka. 9 January 2018. 10 August 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 january 2018.
{{cite news}}
: Check date values in:|accessdate=
(help) - ^ Liyanagama, Lakdev (6 July 2017). "Waiting to Vote". Daily News. Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 14 January 2018.
- ^ "Contact". Sri Lanka People's Youth Front. Sri Lanka Podujana Peramuna. සම්ප්‍රවේශය 26 June 2018.
- ^ Marasinghe, Sandasen; Jayamanna, Kamal (12 Feb 2018). "Historic victory for SLPP - JO". Daily News. සම්ප්‍රවේශය 26 June 2018.
- ^ https://www.business-standard.com/article/international/don-t-buy-lankan-assets-may-nationalise-jvs-if-i-come-to-power-rajapaksa-118080300391_1.html
- ^ http://www.sundaytimes.lk/100627/Columns/eco.html
- ^ Perera, Jehan. "Prevent Vicious Cycle From Re-Emerging After Election". peace-srilanka.org. The National Peace Council of Sri Lanka. සම්ප්‍රවේශය 30 March 2018.
- ^ Jayakody, Rasika (8 October 2017). "Week of Masqueraders". sundayobserver.lk. The Sunday Observer. සම්ප්‍රවේශය 30 March 2018.
- ^ http://www.ft.lk/columns/The-SLFP-s-crisis/4-645000
- ^ "Sri Lanka ruling party to announce presidential candidate on Aug 07". EconomyNext (ඉංග්‍රීසි බසින්). 2024-08-06. සම්ප්‍රවේශය 2024-09-27.
- ^ Jayakody, Rasika (8 October 2017). "Week of Masqueraders". The Sunday Observer. සම්ප්‍රවේශය 30 March 2018.
- ^ a b උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Srinivasan 2019
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Jeyaraj 2019
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "Mahinda made Leader of SLPP". Ada Derana. 11 August 2019. සම්ප්‍රවේශය 12 July 2022.
- ^ "Sri Lanka Podujana Peramuna". Colombo, Sri Lanka: Election Commission of Sri Lanka. 2 November 2016. සම්ප්‍රවේශය 17 December 2017.
- ^ "Results of Parliamentary General Election – 2001" (PDF). Colombo, Sri Lanka: Election Commission of Sri Lanka. සම්ප්‍රවේශය 17 December 2017.
- ^ "Results of Parliamentary General Election – 2004" (PDF). Colombo, Sri Lanka: Election Commission of Sri Lanka. සම්ප්‍රවේශය 17 December 2017.
- ^ "Results Of Presidential Election – 2005 (Summary)" (PDF). Colombo, Sri Lanka: Election Commission of Sri Lanka. සම්ප්‍රවේශය 17 December 2017.
- ^ "Results of Parliamentary General Election – 2010" (PDF). Colombo, Sri Lanka: Election Commission of Sri Lanka. සම්ප්‍රවේශය 17 December 2017.
- ^ "Results Of Presidential Election –2015" (PDF). Colombo, Sri Lanka: Election Commission of Sri Lanka. සම්ප්‍රවේශය 17 December 2017.
- ^ "If UPFA nomination foils; Mahinda prepared to contest through 'budding flower'". Ada Derana. Colombo, Sri Lanka. 7 July 2015. සම්ප්‍රවේශය 17 December 2017.
- ^ "G.L. Peiris to Chair Sri Lanka Podujana Peramuna changed". Puvath.lk. November 2016. 27 September 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 December 2016.
- ^ Fernando, Tharushan (2 February 2016). "Contention in political circles over budding new political party". News First. Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 17 December 2017.
- ^ "GL named Chairman of Podujana Peramuna". The Daily Mirror. 2 November 2016. සම්ප්‍රවේශය 17 December 2017.
- ^ Sri Abeyratne, Dharma (3 November 2016). "Renamed political party under GL's chairmanship". Daily News. Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 17 December 2017.
- ^ Jayakody, Rasika (14 February 2016). "SLFP cracks down on dissidents as pro-MR party suffers birth-pangs". Sunday Observer. Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 17 December 2017.
- ^ Fonseka, Piyumi (26 July 2015). "MR sends Letters of Demand". The Daily Mirror. Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 17 December 2017.
- ^ Ramakrishnan, T. (24 April 2015). "Gotabaya Rajapaksa appears before anti-graft body". The Hindu. Chennai, India. සම්ප්‍රවේශය 17 December 2017.
- ^ Dharmasena, Ranil (3 November 2016). "Sri Lanka Podujana Peramuna formed". The Island. Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 17 December 2017.
- ^ "'Our Sri Lanka Freedom Front' changes name; GL named Chairman". Ada Derana. 2 November 2016. සම්ප්‍රවේශය 17 December 2017.
- ^ "Basil Rajapaksa Joins Sri Lanka Podujana Permauna". Hiru News. Colombo, Sri Lanka. 17 November 2016. සම්ප්‍රවේශය 17 December 2017.
- ^ Imtiaz, Zahrah (14 February 2018). "Over 180 Local Govt. hung councils". Daily News. Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 6 May 2018.
- ^ Kanakarathna, Thilanka (6 March 2018). "LG Election: SLPP obtained 40% votes; media miscalculated: Champika". The Daily Mirror. Colombo, Sri Lankaaccess-date=6 May 2018.
{{cite news}}
: CS1 maint: location (link) - ^ "SLPP wins 239 LG bodies, UNP 41". Daily Mirror. Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 14 July 2023.
- ^ "Podu Jana Peramuna submits nominations". News Radio. Colombo, Sri Lanka. 13 December 2017. 2018-01-07 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 January 2017.
- ^ "Sri Lanka's ruling party calls an election, hoping for a landslide". The Economist. 5 March 2020.
- ^ Bastians, Dharisha; Schultz, Kai (17 November 2019). "Gotabaya Rajapaksa Wins Sri Lanka Presidential Election". The New York Times.
- ^ "Mahinda Rajapaksa sworn in as Sri Lanka's PM".
- ^ "Local Authorities Election 2025 Results - Sri Lanka | Adaderana". election.adaderana.lk. සම්ප්‍රවේශය 2025-05-07.