අනුර ප්‍රියදර්ශන යාපා

අනුර ප්‍රියදර්ශන යාපා (ඉංග්‍රීසි: Anura Priyadharshana Yapa) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කුරුනෑගල දිස්‌ත්‍රික්‌කය, හිටපු ගරු ආපදා කළමණාකරණ අමාත්‍ය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු පරිසර අමාත්‍යත්‍යවරයාය ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් වරයායි.

ගරු
අනුර ප්‍රියදර්ශන යාපා
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කුරුනෑගල දිස්‌ත්‍රික්‌කය, හිටපු ගරු ආපදා කළමණාකරණ අමාත්‍ය
පුද්ගලික තොරතුරු
උපත18 ජනවාරි 1959
කුරුනෑගල
ජාතියශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය
රැකියාවදේශපාලනය
වෘත්තියනීතිඥ

ජීවන සටහන් සංස්කරණය

1994 මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වන මෙතුමා 1997 වර්ෂයේ දී ජනමාධ්‍ය, තැපැල් හා විදුලි සංදේශ නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් තේරීපත් විය. 2001 වර්ෂයේ දී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්වූ ඔහු 2004 වර්ෂයේ පොදුජන එක්සත් පෙරමුණු රජයේ වැවිලි කර්මාන්ත කැබිනට් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය. 2005 වර්ෂයේ දී ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යවරයා සහ රජයේ කැබිනට් ප‍්‍රකාශක තනතුරට පත්විය. 2010 මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ එතුමා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනු ලැබූ අතර වර්තමානයේ දී ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනු ලැබේ.

අනුර ප්‍රියදර්ශන යාපා කොළඹ නාලන්දා විද්‍යාලයයේ හා ගම්පහ බණ්ඩරනායක විද්‍යාලයේ

සිසුවෙකි.

අමාත්‍යාංශ සංස්කරණය

තැපැල්, විදුලිසංදේශ හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය 1997 - 2000

ජනමාධ්‍ය අමාත්‍ය 2000 - 2001

වැවිලි කර්මාන්ත අමාත්‍ය 2004 - 2005

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය 2005 - 2010

ආයෝජන හා ප්‍රවර්ධන අමාත්‍ය 2010 - 2011

පරිසර අමාත්‍ය 2011 - 2013

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය 2013 - 2015

ආපදා කළමනාකරණ අමාත්‍ය 2015 - 2017

"https://si.wikipedia.org/w/index.php?title=අනුර_ප්‍රියදර්ශන_යාපා&oldid=457440" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි