සුමිත‍්‍රආරච්චිගේ දොන් බන්දුල චන්ද්‍රසිරි ගුණවර්ධන, පා.ම (දෙමළ:பந்துல குணவர்தன, ඉංග්‍රීසි: Bandula Gunawardane), (උපත 1953 මාර්තු 15[1]) යනු ශ්‍රී ලංකික දේශපාලකයෙක්, ගුරුවරයෙක් සහ චිත්‍රපට නිෂ්පාදකයෙක් වන අතර වත්මන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වේ.[2] ගුණවර්ධන කොළඹ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්.[3]

බන්දුල ගුණවර්ධන
பந்துல குணவர்தன
Bandula Gunawardane
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය
තනතුර දරමින්
23 මැයි 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාදිලුම් අමුණුගම[N 1]
කනක හේරත්[N 2]
ජනමාධ්‍ය අමාත්‍ය
තනතුර දරමින්
23 මැයි 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයානාලක ගොඩහේවා
තනතුර දරමින්
17 ජනවාරි 2020 – 12 අගෝස්තු 2020
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාමංගල සමරවීර
අනුප්‍රාප්තිකයාකෙහෙළිය රඹුක්වැල්ල
වෙළඳ අමාත්‍ය
තනතුර දරමින්
12 අගෝස්තු 2020 – 3 අප්‍රේල් 2022
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාඩලස් අලහප්පෙරුම
අනුප්‍රාප්තිකයාෂෙහාන් සේමසිංහ
තනතුර දරමින්
28 ජනවාරි 2007 – 23 අප්‍රේල් 2010
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාරත්නසිරි වික්‍රමනායක
පූර්වප්‍රාප්තිකයාජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ
උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය
තනතුර දරමින්
22 නොවැම්බර් 2019 – 12 අගෝස්තු 2020
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාරවුෆ් හකීම්
අනුප්‍රාප්තිකයාගෝඨාභය රාජපක්ෂ
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය
තනතුර දරමින්
22 නොවැම්බර් 2019 – 17 ජනවාරි 2020
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාමහින්ද රාජපක්ෂ
අධ්‍යාපන අමාත්‍ය
තනතුර දරමින්
23 අප්‍රේල් 2010 – 12 ජනවාරි 2015
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
අග්‍රාමාත්‍යවරයාදි.මු. ජයරත්න
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය
තනතුර දරමින්
12 දෙසැම්බර් 2001 – 2 අප්‍රේල් 2004
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
නියෝජ්‍ය මුදල් අමාත්‍ය
තනතුර දරමින්
2001–2004
ජනාධිපතිවරයාචන්ද්‍රිකා කුමාරතුංග
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
2000
තනතුර දරමින්
1989–1994
පුද්ගලික තොරතුරු
උපත
සුමිත‍්‍රආරච්චිගේ දොන් බන්දුල චන්ද්‍රසිරි ගුණවර්ධන

මාර්තු 15, 1953 (1953-03-15) (වයස 71)
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (2018 - වර්තමානය)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (2007 - 2018)
එක්සත් ජාතික පක්ෂය (2001- 2007)
මහජන එක්සත් පෙරමුණ‍ (1989 - 2001)
වෙනත් දේශපාලන
සබැඳියා
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය (2019 - වර්තමානය)
එක්සත් ජනතා නිදහස් සන්ධානය (2007 - 2019)
එක්සත් ජාතික පෙරමුණ (2001- 2007)
පොදු ජන එක්සත් පෙරමුණ (2000 - 2001)
වාසස්ථාන(ය)142 ජවුගස්මුල්ල මාවත,
නුගේගොඩ, ශ්‍රී ලංකාව.

මුල් ජීවිතය සංස්කරණය

ඔහු උපන්නේ ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ අවිසාසල්වැල්ල මැතිවරණ කොට්ඨාශයේ මාබුල ග්‍රාමයේ ය. ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය මාබුල රෝමානු කතෝලික පාසලෙන් වූ අතර ද්විතීයික අධ්‍යාපනය සඳහා ඔහු රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය. ඔහු උසස් පෙළ අධ්‍යාපනය සඳහා ලුම්බිණි විද්‍යාලය ඇතුළු වූ අතර වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ සමත්ව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් විය.

වෘත්තීය සංස්කරණය

ඔහු විශ්වවිද්‍යාලයේ සිටියදීම විනෝදාංශයක් ලෙස ආරම්භ කළ නගරයේ උපකාරක පන්ති ගුරුවරයෙකි. ඔහු 1989 පාර්ලිමේන්තු මැතිවරණය මහජන එක්සත් පෙරමුණ‍ පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස සාර්ථකව තරඟ කර පාර්ලිමේන්තුවට පිවිසියේය. පසුව පැවති 1994 පාර්ලිමේන්තු මැතිවරණය ඔහු පරාජයට පත් විය.

ගුණවර්ධන සරසවිය සම්මාන දිනාගත් සුද්දිලාගේ කතාව චිත්‍රපටයේ නිෂ්පාදකයා විය.

පෞද්ගලික ජීවිතය සංස්කරණය

ඔහු විවාහක සහ දරුවන් හතර දෙනෙකු සිටී: පුතෙක්, සහන් සහ දියණියන් තිදෙනෙක්. 2021 දී ඔහුගේ දියණිය රන්දුලා නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ තුන්වන ලේකම්වරිය ලෙස පත් කරන ලදී.[4]

ආශ්‍රිත ලිපි සංස්කරණය

සටහන් සංස්කරණය

  1. ප්‍රවාහන හා කර්මාන්ත අමාත්‍ය ලෙස
  2. මහාමාර්ග අමාත්‍යවරයා ලෙස

මූලාශ්‍ර සංස්කරණය

  1. "Parliament of Sri Lanka - Bandula Gunawardana".
  2. "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
  3. "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
  4. "Perks to placate?". The Morning. සම්ප්‍රවේශය 11 June 2021.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=බන්දුල_ගුණවර්ධන&oldid=612217" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි