රනිල් වික්‍රමසිංහ
Editing of this article by new or unregistered users is currently disabled. See the protection policy and protection log for more details. If you cannot edit this article and you wish to make a change, you can submit an edit request, discuss changes on the talk page, request unprotection, log in, or create an account. |
Editing of this article by new or unregistered users is currently disabled. See the protection policy and protection log for more details. If you cannot edit this article and you wish to make a change, you can submit an edit request, discuss changes on the talk page, request unprotection, log in, or create an account. |
රනිල් වික්‍රමසිංහ ( උපත 1949 මාර්තු 24 ) යනු ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා යි. ඔහු 1993 මැයි 7 සිට 1994 අගෝස්තු 19 දක්වාත්, 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රියෙල් 6 දක්වාත්,2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 17 දක්වාත්, 2015 අගෝස්තු 17 සිට 2018 ඔක්තෝම්බර් 26 දක්වාත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස සිව් වරක් කටයුතු කර තිබේ. 2018 ඔක්තෝම්බර් මස 26 වැනි පත් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් 2018 ඔන්තෝම්බර් මස 15 වැනි දින ඉල්ලා අස් වූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් යලිත් 2018 දෙසැම්බර් මස 16 වන දින පස්වන වරටත් අග්‍රාමාත්‍ය ධූරයේ පත් කරනු ලැබීය. පස් වතාවක් ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා වශයෙන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන් කටයුතු කරනු ඇතී.
ගරු රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී | |
---|---|
![]() | |
ශ්‍රී ලංකාවෙහි 10වන අග්‍රාමාත්‍යවරයා | |
පදවිය දැරීම 2015 ජනවාරි 09 – 2019 නොවැම්බර් 21 | |
President | මෛත්‍රීපාල සිරිසේන ගෝඨාභය රාජපක්ෂ |
පූර්වප්‍රාප්තිකයා | දි. මු. ජයරත්න |
අනුප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ |
පදවිය දැරීම 2001 දෙසැම්බර් 9 – 2004 අප්‍රියෙල් 6 | |
President | චන්ද්‍රිකා කුමාරතුංග |
පූර්වප්‍රාප්තිකයා | රත්නසිරි වික්‍රමනායක |
අනුප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ |
පදවිය දැරීම 1993 මැයි 7 – 1994 අගෝස්තු 19 | |
President | ඩී.බී. විජේතුංග |
පූර්වප්‍රාප්තිකයා | ඩී.බී. විජේතුංග |
අනුප්‍රාප්තිකයා | චන්ද්‍රිකා කුමාරතුංග |
විපක්‍ෂ නායක | |
පදවිය දැරීම 2004 අප්‍රියෙල් 22 – 2015 ජනවාරි 9 | |
President | චන්ද්‍රිකා කුමාරතුංග මහින්ද රාජපක්ෂ |
Prime Minister | මහින්ද රාජපක්ෂ රත්නසිරි වික්‍රමනායක දි. මු. ජයරත්න |
පූර්වප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ |
පදවිය දැරීම 1994 ඔක්තෝම්බර් 28 – 2001 ඔක්තෝම්බර් 10 | |
President | රත්නසිරි වික්‍රමනායක |
Prime Minister | සිරිමාවෝ බණ්ඩාරනායක රත්නසිරි වික්‍රමනායක |
පූර්වප්‍රාප්තිකයා | ගාමිණි දිසානායක |
අනුප්‍රාප්තිකයා | රත්නසිරි වික්‍රමනායක |
Member of Parliament for කොළඹ දිස්ත්‍රික්කය | |
නිලයට පත්වූයේ 1989 පෙබරවාරි 15 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 24 මාර්තු 1949 ලංකා ඩොමීනියන් රාජ්‍යය (ශ්‍රී ලංකාව) |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
කලත්‍රයා(යන්) | මෛත්‍රී වික්‍රමසිංහ |
උගත් ශාස්ත්‍රාලය | කොළඹ විශ්වවිද්‍යාලය, රාජකීය විද්‍යාලය, කොළඹ |
රැකියාව | දේශපාලඥ |
වෘත්තිය | නීතිඥ |
අධ්‍යාපනය
කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නේය.
ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා මෙරට අග්‍රාමාත්‍ය ධූරය ඉසිලූ එකම පුද්ගලයාද රනිල් වික්‍රමසිංහ මහතා ය
මුල් අවධිය
1970 වසරේ මැද භාගයේදී කැළණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ වික්‍රමසිංහ මහතා පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කෙරුණි.
ජේ.ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ලාබාලතම අමාත්‍යවරයා වූයේ රනිල් වික්‍රමසිංහ මහතායි. එහිදී ඔහු දැරුවේ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධූරයයි.
අග්‍රාමාත්‍යවරයා ලෙස
පළමුවර
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කිරීමෙන් පසුව 1993 මැයි 07 වනදා රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අගමැතිවරයා ලෙස පළමු වතාවට පත් කෙරුණි.
දෙවනවර
2001 මැතිවරණ ජයග්‍රහණයෙන් පසුවද හෙතෙම මෙරට අගමැතිවරයා ලෙස පත්විය.
තෙවනවර
2015 ජනවාරි 9 දිනදී, රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස තුන් වන වරටත් තෝරා පත් කෙරුණි.
සිව්වනවර
2015 අගෝස්තු මැතිවරණයෙන් පසු මෙරට අග්‍රාමාත්‍ය ධූරයට සිවන වරටත් පත් කෙරුණි.
පුද්ගලික දිවිය
1949 වසරේදි එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලිනි වික්‍රමසිංහ යන මහත්මියට දාව දෙවන පුතු ලෙස උපන් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා , කැළණිය විශ්ව විද්‍යාලයේ, ඉංග්‍රීසි අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග 1994 වසරේදි විවාහ දිවියට එළඹිය.