ගෙන්දගම්

(සල්ෆර් වෙතින් යළි-යොමු කරන ලදි)


සල්ෆර් (/iconˈsʌlfər/ SUL-fər; අක්ෂර වින්‍යාසය පහතින් බලන්න) යනු පරමාණුක ක්‍රමාංකය 16 වන රසායනික මූලද්‍රව්‍යයක් වන අතර, S යන සංකේතයෙන් ප්‍රත්‍යර්පණය කරනු ලැබේ.

පොස්ෆරස්ගෙන්දගම්ක්ලෝරීන්
O

S

Se
මුහුණුවර
Lemon yellow sintered microcrystals


ගෙන්දගම්හී වර්ණාවලී රේඛා
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය ගෙන්දගම්, S, 16
උච්චාරණය /ˈsʌlfər/ SUL-fər
මූලද්‍රව්‍ය කාණ්ඩය අලෝහය
කාණ්ඩය, ආවර්තය, ගොනුව 163, p
සම්මත පරමාණුක ස්කන්ධය 32.065(5)g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය [Ne] 3s2 3p4
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2, 8, 6
ද්‍රව්‍යමය ගුණ
අවධිය solid
ඝනත්වය (කා.උ. දී) (alpha) 2.07 g·cm−3
ඝනත්වය (කා.උ. දී) (beta) 1.96 g·cm−3
ඝනත්වය (කා.උ. දී) (gamma) 1.92 g·cm−3
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය 1.819 g·cm−3
ද්‍රවාංකය 388.36 K, 115.21 °C, 239.38 °F
තාපාංකය 717.8 K, 444.6 °C, 832.3 °F
අවධි ලක්ෂ්‍යය 1314 K, 20.7 MPa
විලයන එන්තැල්පිය (mono) 1.727 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය (mono) 45 kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) 22.75 J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa) 1 10 100 1 k 10 k 100 k
උෂ්. (K) 375 408 449 508 591 717
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය 6, 5, 4, 3, 2, 1, -1, -2
(ප්‍රබල ආම්ලික ඔක්සයිඩය)
විද්‍යුත් ඍණතාව 2.58 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: 999.6 kJ·mol−1
2වන: 2252 kJ·mol−1
3වන: 3357 kJ·mol−1
සහසංයුජ අරය 105±3 pm
වැන්ඩ වාල්ස් අරය 180 pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතිය orthorhombic
චුම්බකත්වය diamagnetic[1]
විද්‍යුත් ප්‍රතිරෝධිතාව (20 °C) (amorphous)
2×1015 Ω·m
තාප සන්නායකතාව (300 K) (amorphous)
0.205 W·m−1·K−1
නිකර මාපාංකය 7.7 GPa
මෝ දැඩියාව 2.0
CAS ලේඛනගත අංකය 7704-34-9
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: ගෙන්දගම් වල සමස්ථානික
සමස්. ස්.සු. අර්ධ ජීව කාලය ක්.නිය. ක්.ශ. (MeV) ක්.නිශ්.
32S 95.02% 32S is stable with 16 neutrons
33S 0.75% 33S is stable with 17 neutrons
34S 4.21% 34S is stable with 18 neutrons
35S syn 87.32 d β 0.167 35Cl
36S 0.02% 36S is stable with 20 neutrons

සල්ෆියුරික් අම්ල වර්ග

සංස්කරණය

100%ට ඉතාම ආසන්න ‍සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කළ හැකි මුත් , තාපාංකයේ දී එමගින් SO3 මුක්ත වී 98.3% සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය වේ. 98% වර්ගයේ (18M) සල්ෆියුරික් අම්ලය ගබඩා තුළ වඩා ස්ථායී වන අතර සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය ලෙස හදුන්වන්නේ මෙයයි. වෙනත් සාන්ද්‍රණ විවිධ අවශ්‍යතා සදහා යොදා ගනී. එයින් සමහරක් පහත දැක්වේ.

  • 10% තනුක සල්ෆියුරික් අම්ලය විද්‍යාගාර භාවිත සදහා
  • 33.5% බැටරි අම්ලය (ඊයම් - අම්ල බැටරිවල භාවිතා වේ.)
  • 62.18% කුටීර හෝ පොහොර අම්ලය
  • 77.67% අටළු හෝ ග්ලෝවර් (Glover) අම්ලය
  • 98% සාන්ද්‍ර අම්ලය

අම්ලවල වෙනස් සංශුද්ධතා ද පවතී. තාක්ෂණික තත්වයේ H2SO4 අශුද්ධ හා වර්ණයක් සහිත වේ. නමුත් පොහොර සෑදීමට යෝග්‍ය වේ. ඹෟෂධ හා සායම් වර්ග සෑදීමේ දී එක්සත් ජනපද ඖෂධ සංග්‍රහය (usp) වැනි සංශුද්ධ තත්ව භාවිතා කෙරේ.

සල්ෆියුරික් අම්ලයට ඉතා සාන්ද්‍ර SO3(g) එකතු කළ විට පයිරො සල්ෆියුරික් අම්ලය ලෙස හදුන්වන H2S2O7 සෑදේ. H2S2O7 සධුම සල්ෆියුරික් අම්ලය , ඕලියම් හෝ නෝ‍ඩෝශන් (Nordhausen acid ) අම්ලය ලෙස ද හැදින්වේ. ඕලියම්හි සාන්ද්‍රණය % SO3 (% ඕලියම් ලෙස හැදින්වේ) ලෙස හෝ % H2SO4 (H2O එකතු කළ විට සෑදෙන ප්‍රමාණය) ලෙස දැක්වේ. ඕලියම් වල සාමාන්‍ය සාන්ද්‍රණය වන්නේ 40% ඕලියම් (109% H2SO4) හා 65% ඕලියම් (114.6% H2SO4) ය. සංශුද්ධ H2S2O7 ද්‍රවාංකය 360C වූ ඝනයකි.


ධ්‍රැවීයතාව හා සන්නායකතාව

සංස්කරණය

නිර්ජලීය H2SO4 ඉතාමත් ධ්‍රැවීය ද්‍රවයක් වන අතර පාර විද්‍යුත් නියතය 100ට ආසන්න වේ. H2SO4 ප්‍රෝටෝනිකරණය හරහා විඝටනය වීම නිසා විශාල විද්‍යුත් සන්නායකතාවක් පෙන්නුම් කරයි. මෙම ක්‍රියාවලිය ස්වයං අයනීකරණය ලෙස හැදින්වේ.

2 H2SO4 ⇌ H3SO4+ + HSO4−

ස්වයං අයනීකරණය සදහා සමතුලිතතා නියතය

Kap(25°C)= [H3SO4+][HSO4−] = 2.7 × 10−4.

ඒ හා සැසදිය හැකි ජලයේ සමතුලිතතා නියතය Kw 10-14 වන අතර 1010 (බිලියන 10) ගුණයකින් කුඩාය.

අම්ලය දුස්ස්‍රාවී වුවත් අන්තඃ අණුක ප්‍රෝටෝන හුවමාරු යාන්ත්‍රණය ජලයෙහි ග්‍රෝතස් (Grotthuss mechanism) යාන්ත්‍රණයට සමාකාර නිසා H3SO¬4+ හා HSO4- අයනවල සඵල සන්නායකතාව විශාල අගයක් ගන්නා අතර එම නිසා සල්ෆියුරික් අම්ලය හොද සන්නායකයක් වී ඇත. තවද බොහෝමයක් ප්‍රතික්‍රියා සදහා ප්‍රභල ද්‍රාවකයක් ලෙසද ක්‍රියා කරයි.

සමතුලිතතා‍ව ඉහත සදහන් කර ඇති ආකාරයට වඩා සංකීර්ණය . සමතුලිතතාවයේ දී 100% H2SO4 තුළ පහත දේ පවතී. (ද්‍රාවක කිලෝග්‍රෑමයට ඇති මිලි මවුල ගණන දැක්වේ) HSO4-(15.0) , H3SO4+(11.3) , H3O+ (8.0) , HS2O7- (4.4) , H2S2O7(3.6) , H2O (0.1).




ආශ්‍රිත

සංස්කරණය
  1. ^ Magnetic susceptibility of the elements and inorganic compounds, in Handbook of Chemistry and Physics (PDF). CRC press. 2000. ISBN 0849304814.
"https://si.wikipedia.org/w/index.php?title=ගෙන්දගම්&oldid=343843" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි