බීටා ක්ෂය වීම
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. |
β-ක්ෂය වීම හෙවත් බීටා ක්ෂය වීම (ඉංග්‍රීසි: beta decay or β-decay).
බීටා ක්ෂය වීමකදී පිටවන අංශුව බීටා අංශුවක් (β) ලෙස හැදින්වේ. මේවා වර්ග දෙකකි. එනම් ඉලෙක්ට්‍රෝන හා ප්‍රොසිටෝන වේ. බීටා ක්ෂය වීමකදී සත්‍ය වශයෙන් අංශු දෙකක් විමෝචන අතර න්‍යෂ්ටිවල පවතින නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට හෝ ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයක් බවට පත්වීම සිදු වේ. මෙහිදී ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයක් බවට පත්වීමේදී පොසිටෝනයක් හා නියුමිනෝවක් න්‍යෂ්ටියෙන් විමෝචනය වන අතර එවිට ලැබෙන න්‍යෂ්ටියේ පරමාණුක ක්‍රමාංකය එකකින් අඩුවේ. නියුට්‍රෝනයෙන් ප්‍රෝටෝනයක් බවට පත් වන විට නව න්‍යෂ්ටියේ පරමාණුක ක්‍රමාංකය එකකින් අඩුවේ. නියුට්‍රෝනයේ ප්‍රෝටෝනයක් බවට පත් වන විට නව න්‍යෂ්ටියේ පරමාණු ක්‍රමාංකය එකකින් වැඩි වන අතර එවිට න්‍යෂ්ටියෙන් ඉලෙක්ට්‍රෝනයක් හා (ඇන්විනියුට්‍රිතෝ හෙවත්) ප්‍රතිනියුටිතෝවක් විමෝචනය වීම සිදුවේ.
β-අංශු පිට කරමින් අස්ථායී න්‍යෂ්ටි ස්ථායී වින්‍යාසයන්ට ලඟා වීම β-ක්ෂය වීම ලෙස හැඳින්වේ. මීට අමතරව β-ක්ෂය වීමකදී නියුට්‍රිනෝ අංශුවක්ද මුක්ත වෙයි. β-ක්ෂය වීමකදී පීතෘ න්‍යෂ්ටියේ ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වීමක් සිදු නොවන නමුදු, පරමාණුක ක්‍රමාංකය අංක 1 කින් අඩු හෝ වැඩි වෙයි.
β-ක්ෂය වීමකදී මුක්ත වන β-අංශු, දෙවර්ගයක් පවතී:
- β− - ඉලෙක්ට්‍රෝනය (ඍණ ආරෝපිතය)
- β+ - පොසිට්‍රෝනය (ධන ආරෝපිතය. මෙය ඉලෙක්ට්‍රෝනයේ ප්‍රතිපදාර්ථ අංශුවයි)
ඒ අනුව β-ක්ෂය වීම් වර්ග 2ක් පවතී.
β−-ක්ෂය වීම
සංස්කරණයඅස්ථායී න්‍යෂ්ටියේ ඇති නියුට්‍රෝනයක් ප්‍රෝටෝනයක් බවට හැරෙමින් β−-අංශුවක් සහ ප්‍රති-නියුට්‍රිනෝවක් පිට කරයි. මෙහිදී ප්‍රෝටෝන අංකය එකකින් වැඩි වන බැවින් පරමාණුක ක්‍රමාංකය එකකින් වැඩි වේ.
β+-ක්ෂය වීම
සංස්කරණයඅස්ථායී න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝනයක් නියුට්‍රෝනයක් බවට හැරෙමින් β+-අංශුවක් සහ නියුට්‍රිනෝවක් පිට කරයි. මෙහිදී ප්‍රෝටෝන අංකය එකකින් අඩු වන බැවින් පරමාණුක ක්‍රමාංකය එකකින් අඩු වේ.