රාවණා රජ

රාවණ රජු ලංකේශ්වර
(රාවණ රජු වෙතින් යළි-යොමු කරන ලදි)

රාවණ(IAST : Rāvaṇa; / ˈrɑːvənə/ ; සංස්කෘත දී : रावण) යනු රාමායණ නම් හින්දු වීර කාව්‍යයේ සදහන් වන චරිතයකි. රාවණ රජු යනු ලංකාපුර(ශ්‍රී ලංකාව නොවේ) අධිරාජ්‍ය පාලනය කෙරු ශිව සහ ශක්ති බැතිමතෙකි. රාමායණයට අනුව සිය අසුර සොයුරියකට කළ නිගරුවකට පළිගනීමක් ලෙස රාම සිය බිරිද වන සීතා දේවිය පැහැරගෙන එන රාවණ මහා වීර රජුව රාම විසින් මහා වානර සේනාවක් සහ දෙවිවරැන්දගේද හා රාවනගේ සොයුරකු වන විභීෂණගේ සහයත් ලබාගනිමින් සටන් කර පසුපස සිට තබන ලද හී පහරකින් මරා දමනු ලැබේ.[2]

රාවණ රජ
මහ රජ
Ravana British Museum.jpg
බ්‍රිතාන්‍යය කෞතුකාගාරය තුල පවතින 18 වන සියවසට අයත් දකුණු ඉන්දියාවෙන් ගෙන ගිය ලද රාවණ ප්‍රතිමාව[1]
ලංකාපුර රජ
රාජ්‍ය සමයත්‍රේතා යුග
අනුප්‍රාප්තිකයාවිභීෂණ
වල්ලභයාමන්දෝදරී, ධන්‍යමලිනි
පියාවිශ්‍රාවාස මුණි
මවකෛකේෂි දේවි

රාමායණයසංස්කරණය

රාමායණ ග්‍රන්ථ 300කට අධික ප්‍රමාණයක් ඇත. එයින් මුඛ්‍ය ග්‍රන්ථය වන වාල්මිකි රාමායණයට අනුව රාවණ රජු යනු හිස් දහයක් සහ අත් විස්සක් ඇති බලසම්පන්න රජ කෙනෙකි. රාවණ ඇතුලු ලංකාවාසී රාක්ෂසයන් මිනිසුන් බුදින ගුප්ත ශක්ති සහිත අමනුෂ්‍ය කොට්ඨාශයක් වශයෙන් එහි නිරූපණය කර ඇත. එමෙන් ම ගුප්ත හැකියාවන් සහිත වූත් ශිව, බ්‍රහ්මා වැනි දෙවිවරුන් සමග ගැටුණු සහ හිරු සදු පවා මෙහෙයවිය හැකි අයකු ලෙස නිරූපණය කර තිබේ. රාමායණයට අනුව රාම කුමරු සිය බිරිද වන සීතා සහ සොහොයුරු වන ලක්ෂ්මණ සමග වනගත ව සිටින අතරක සූර්පණකා නම් රාවණගේ නැගණිය සීතාට දේවියට හිරිහැර කරයි. එවිට ලක්ෂ්මණ ඇයගේ කන්, නාසා සහ පියයුරු අසිපතෙන් කපා දමයි. සූර්පණකා රාවණ හමුවට ගොස් තමාට සිදුකළ දෙය ගැන පවසයි. එහි දී ඇය සීතා කුමරිය ගැන කරන විස්තරය අසන රාවණ රජු ඇගේ සුන්දරත්වයෙන් වශී වේ. ඇය සිය මෙහෙසියක කරගැනීමේ අදහසින් සිය දඩුමොණරයෙන් යන ඔහු රාමා සහ ලක්ෂ්මණ උපක්‍රමයෙන් බැහැරට යවා තවුස් වෙසකින් සීතා හමුවට පැමිණ සිය දඩුමොණරයට නංවාගෙන එයි. එනමුත් වාමන සහ බ්‍රහ්ම වෛවර්ත පුරාණයට අනුකූලව සිතා කුමරිය අග්නි දෙවියන්ට කන්නලව් කර එම ශක්තියෙන් තමා වැනි ප්‍රතිරූපයක් නිර්මාණය කර එම ස්ථානයෙන් අතුරුදහන් වෙයි.[3] ඡායා සිතාව රැගෙන ලංකාපුරයට පැමිණි රාවණ රජු ඇයව අශෝක වනයේ සිර කර තබයි. සීතා දේවිය ගෙනගිය මග සොයා ගන්නා රාම කුමරුන් ස්‍රග්‍රීව නම් වානර නායකයාගේ සහායෙන් හනුමන්තා ඇතුලු වානර සේනාවක් රැගෙන විත් රාවණ සමග සටන් වදී. රාවණ සමග ගැටුමක් ඇතිකරගන්නා ඔහුගේ සොහොයුරකු වන විභීෂණ රාජ්‍යයට හතුරු වී රාම සමග එක්වෙයි. ඊට කලගුණ සැලකීමක් වශයෙන් රාම රාවණගේ මරණින් පසු ඔහු ව ලංකාවේ රජු ලෙස පත්කරයි. රාමායණයේ පූර්ව වෘතාන්තයට අනුව සීතා කුමරියව පාවාගනු පිණිස සැපිරිය අභියෝගයක් වශයෙන් ඇගේ පියා සතු ශිව විසින් දෙනු ලැබූ ඉතා බර දුන්නක් බිද දැමිය යුතු වේ. අභියෝගය භාරගැනීමට පැමිණෙන රජවරු අතර රාවණ හා රාම කුමරුද ද වෙති. කිසිදු මිනිසෙක් එය සෙලවීමටවත් අසමත් වන අතර රාවණ එසවීමට සමත් වුවත් බිද දැමීමට අසමත් වේ. රාම කුමරුන් එය පහසුවෙන් ම බිද දමයි. ඒ අනුව සීතා කුමරිය ඔහුට හිමි වේ.[4]

උපතසංස්කරණය

ත්‍රේතා යුගයේ මහා මුණි විශ්‍රාවාස සහ එතුමාගේ බිරිඳ වන කෛකේෂි දේවිය දේවියට දාව භාරතයේ උත්තර ප්‍රදේශයේ බිස්‍රක් ග්‍රාමයේ උපත ලබා ඇත. රාවණගේ ජන්මයෙන් පසුව එම ග්‍රාමය විශ්‍රව යන නාමයෙන් හඳුන්වා ඇත. [5] නමුත් හෙළ ජනප්‍රවාදයන්ට අනුව ඔහු ශ්‍රී ලාංකිකයකු බව විශ්වාස කරයි.

රාවණ රජුගේ පිය පාර්ශ්වයේ සීයා ලෙස හැඳින්වෙන්නේ බ්‍රහ්ම දෙවියන්ගේ මානස පුත්‍රයන් දස දෙනාගෙන් එක් අයෙකු මෙන්ම සප්ත ඍෂි වරුන්ගේද එක් අයෙකු වන පුලස්ති මුණිවරයායි.[6] මව් පාර්ශවයෙන් සීයා වන්නේ සුමාලි රජුයි. ඔහුට දියණියන් සිව් දෙනෙක් සිටි අතර ඔහුට අවශ්‍ය වූයේ කෛකේෂි දේවිය ඉතා බලවත් පුද්ගලයෙකු සමඟ විවාහ වනවා දැකීමටයි. මන්ද එවිට බලවත් පුත්‍රයකුට ජන්මය ලබා දිය හැකි බැවිනි. ඒ අනුව ඔහු සියලු රජවරුන්ගෙන් පැමිණි යෝජනා ප්‍රතිකේෂ්ප කළ අතර, විශ්‍රාවාස මුණිවරයා තෝරා ගත්තේය.

ශිව බැතිමතෙක් ලෙසසංස්කරණය

 
රාවණ රජු කෛලාෂ පර්වතය එසවීමට යාමේදි ශිව සහ පාර්වති දේවිය එය නවත්වන අකාරය.

රාවණ රජු හැඳින්වෙන්නේ ශිව දෙවිඳුන්ගේ විශිෂ්ටතම බැතිමතා ලෙසයි. ශිව තාණ්ඩව ස්තෝත්‍රය ගයනා කොට ශිව දෙවියන්ගෙන් චන්ද්‍රහාස් අසිපත ලබා ගත් බව ජනප්‍රවාදයන් වල දැක්වේ. රාවණානුග්‍රහ මූර්තියෙන් සංකේතවත් වන්නේ රාවණ රජු කෛලාෂ පර්වතයට ගොස් ශිව තාණ්ඩව ස්තෝත්‍රය ගායනා කරන අකාරයයි.

දුර්ගා මාතාවගේ බැතිමතෙක් ලෙසසංස්කරණය

ඉතාමත් පැරණි මූලාශ්‍ර තුළ දැක්වෙන පරිදි රාවණ රජු බ්‍රහස්පති මුණි හට දේවී මහත්ම්‍යම් තුළ එන චණ්ඩි මන්ත්‍ර ජප කරන්නට අණ දෙනු ලබනවා. කෘත්තිවාස ලියවිලි වලට අනුව රාවණ රජු චණ්ඩි හෝමයක් පවත්වන අතර එයට බ්‍රහස්පති මුණිටද ආරාධනා කරනු ලබනවා.[7] එමෙන්ම දේවි පුරාණය තුළ එන රාමායණය වෘතාන්තයට අනුව රාවණ රජු තම සියලු ශක්තීන් ලබා ගනු ලැබුවේ ලංකේශ්වරි දේවිය දේවිය උදෙසා සාධනා කොටයි. [8] වාල්මිකි රාමායණයට අනුව ලංකාපුරයේ කුළ දෙවඟන ලෙසද ඇයව සඳහන් කොට ඇත.

සංස්කෘතික බලපෑමසංස්කරණය

එසේම ඉන්දියාවේ ප්‍රදේශ කීපයක මෙන්ම බාලි දූපත් වල (වර්තමාන ඉන්දුනීසියාව) ද රාවණ රජු ඇදහීම සිදුවේ. ඉන්දියාවේ දුශේරා නමින් රාවණ සමඟ පැවති යුද්ධයේ රාම ගේ ජයග්‍රහණය සැමරීමට කටයුතු කරනු ලබයි. බාලි දූපත් ආශ්‍රිතව රාවණ උදෙසා පුද පූජා පවත්වනු ලැබේ.[9]

පෙලපතසංස්කරණය

දස රාවණ සංකල්පයසංස්කරණය

  • රාජාධි රාවණ (රටවල් කිහිපයක් පාලනය කල නිසා)
  • විරු රාවණ (අධික වීරත්වයක් ඇති නිසා)
  • තිර රාවණ
  • රණ රාවණ
  • සිරි රාවණ
  • තරු රාවණ
  • පුත් රාවණ
  • මනු රාවණ
  • දික් රාවණ
  • රාජාව රාවණ

දසිස් රාවණ හෙවත් හිස් දහයක් සහිත රාවණ නමින් රාවණ අධිරාජයා ඇමතීම සඳහා ඉහත දස රාවණ සංකල්පයද යම් බලපෑමක් සිදුකරන්නට ඇතැයි විශ්වාස කල හැකිය .ඇතැම් ප්‍රකෘතිමත් අතීත වාර්තා පවසන පරිදි හෙළය සමන්විත වී ඇත්තේ යක්ඛ, නාග, දේව හා රාක්ෂ යන මිනිසුන්ගෙනි. එමන්ම ලංකාවේ පැරණිතම කොඩිය ලෙසට සැලකෙන්නේ ද හිරු සඳු සහිත රාවණගේ කොඩියයි.

රාවණ නම් වූ වෛද්‍යවරයාසංස්කරණය

මහාවංශයේ සඳහන් පරිදි අක්ෂර භාවිතය ඇරඹුණේ මහින්දාගමනයෙන් පසුවන් නම් රාවණ අධිරාජයා විසින් රචිත පහත සඳහන් ආයුර්වේද ග්‍රන්ථ ලියවුනේ කෙසේදැයි විමසා බැලිය යුතුය. රාවණ විසින් පවත්වාගෙන ගිය රාජකීය ඔසුඋයනක් පිලිබඳ සෙල්ලිපි වල සඳහන්ව පවතින අතර වත්මන් හන්තාන ප්‍රදේශය මුලික කොටගනිමින් එය පවත්වාගෙන ගොස් ඇති බව සොයාගෙන තිබේ. "මහරත්මල්" යනු රාවණ රජ සමයේ "අශෝකමල්" ලෙස හඳුනාගෙන ඇති අතර ඉතා සෙමින් වර්ධනය වන ශාඛයක් ලෙස මෙය සැලකේ.

  • කුමාර තන්ත්‍රය (ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට අවශ්‍ය බලවත් රෝග දහසක් සඳහා බෙහෙත් ඇතුලත්ය)
  • උද්දිසා තන්ත්‍රය (මෝහන ප්‍රතිකාර හා ගුප්ත විද්‍යා ප්‍රතිකාර)
  • නාඩි ප්‍රකාශය (නාඩි ශාස්ත්‍රය ඇසුරෙන් වන ප්‍රතිකාර)
  • අර්ක ප්‍රකාශය
  • රසරත්නාකාරය
  • වට්කා ප්‍රකරණය

ඉහත "අර්ක ප්‍රකාශය" අවසන් වන්නේ "ලංකාධිපති රාවණ විසින් ප්‍රබන්ධ කරන ලද සර්ග සීයක් මෙසේ අවසන් වෙයි" ලෙසයි. එමෙන්ම රාවණ ගේ ප්‍රධානත්වයෙන් හිමාලයේ ආයුර්වේද සම්මන්ත්‍රණයක් පවත්වන ලද බවත්, ඔහු එහි වෛද්‍ය මණ්ඩලය හි ප්‍රධානියා වශයෙන් ද පත්ව සිටිබව සඳහන් වේ. [10]

රාවණ රජුගේ සටන් ක‍්‍රමසංස්කරණය

රාවණ රජු දක්‍ෂ සටන්කාමියෙකි. පහර දීමට හා පහරින් බේරීමට අපූරු ශිල්ප දැන සිටියෙකි. රාවණ පරපුරින් එන අගනා සටන් ක‍්‍රමයක් ලෙස අංගම් ශාස්ත‍්‍රය දැක්විය හැකිය. රාවණ රජතුමා අංගම් ශාස්ත‍්‍රයේ ආදිතමයෙකි. කරාටේ, කුංග්ෆු ආදී සටන් ක‍්‍රමවලට වඩා දස දහස් ගුණයකින් අංගම් ශාස්ත‍්‍රය පෙරමුණේ සිටියි. එය දේශීය සටන් ක‍්‍රමයකි. අනුන්ගේ දෙයක් ඉගෙනීමට වඩා රාවණ රජ සමයේ පටන් එන අංගම් ශාස්ත‍්‍රය අපේ දරුවන් ප‍්‍රගුණ කළ යුතුය. අද එහි සෑහෙන අඩු ලූහුඬුකම් තිබුණත් ආරක්‍ෂාවී පැවැතීම ගැන සතුටක් දැනවිය යුතුය.

රාවණ රජතුමා අංගම් ශාස්ත‍්‍රයේ දී මන්ත‍්‍ර හා කාලය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකොට ඇත. කඩුවලින්, පොලූ මුඟුරුවලින් සටන් කිරීම, පොරබඳා ගැනීම, දියල්ල නියම අංගම් ශාස්ත‍්‍රයේ නැත. පොර බැදීම පුරාණ අංගම් ශාස්ත‍්‍රයේ නැති අතර එය වෙනම ක‍්‍රීඩාවකි. ”ගුස්ති” තවත් ක‍්‍රීඩාවකි. ”සේලම්බරම්” තවත් ක‍්‍රීඩාවකි. මේ සියල්ල එකතුකරගෙන ”අච්චාරුවක්” කරගත් ක‍්‍රීඩාවක් අද අංගම් හැටියට තිබේ. රාවණ රජතුමා අංගම් ශාස්ත‍්‍රයේ දී ප‍්‍රබල මන්ත‍්‍ර භාවිත කර ඇත. එසේම පහර දෙන පුද්ගලයාගේ බර කිලෝ 70 ක් නම් එම සම්පූර්ණ බර අනෙකා වෙත ක්‍ෂණිකව ලබා දෙමින් පහර එල්ල කරයි. ඒ අයුරින්ම රාවණ රජතුමා ද නිලවලට අංගම් පහර ගැසීම වඩා හොඳින් කර ඇත. ”අංගම්” යනු ක‍්‍රීඩාවක් හෝ සෙල්ලමක් නොවේ. එය පුරාණයේ සිට පැවතියේ පහර ලබන්නා අතිශය දුර්වල කිරීම සඳහාය. පහර කන්නාට නියම අංගම් පහරක් වැදුණොත් එක්කෝ පිස්සු වැටෙයි. නැත්නම් පැය කීපයකින්, දින තුනෙන්, දින හතෙන්, මාස තුනෙන් ආදී වශයෙන් මරණයට පත්වේවි. නැත්නම් රෝගීව දුක් විඳියි.

අංගම් ප‍්‍රහාරය දෙන ස්ථාන හා ක‍්‍රම ද තිබේ. වැළමිටෙන් ඔළුවේ නිලයකට පහරදීම ජනප‍්‍රිය ක‍්‍රමයකි. එවැනි පහරක් නිවැරදිව එල්ල වුවහොත් එය වෛද්‍යවරයෙකුට ද සුවකළ නොහැක්කකි. කකුලේ මහපට ඇඟිල්ලට ඉලක්කය ගෙන උඩපැන යටි තල්ලට පහර එල්ල කළ විට ප‍්‍රහාරය සාර්ථක නම් හිස කදින් වෙන්වේ. ප‍්‍රහාරය අසාර්ථක වුවහොත් මරණය හෝ, දැඩි අසාධ්‍ය තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවේ. මෙවැනි ප‍්‍රහාර කීපයක් පුරාණ සාහිත්‍ය කෘතිවල සඳහන්වේ.ගෝඨයිම්බර යෝධයා සහ මහාසෝන යෝධයා අතර ඇතිවූ සටන අංගම් ශාස්ත‍්‍රයේ විශේෂ තැනකි. ගෝඨයිම්බර යෝධයාගේ බිරිඳට මහාසෝන කළ විහිලූවක් නිසා සටනක් ඇවිළිනි. එම සටනේ දී ගෝඨයිම්බර උඩ පැන මහාසෝනගේ නිකට වෙත කකුලේ මහපටැඟිල්ලෙන් ප‍්‍රහාරය එල්ල කළේය. එයින්ම මහාසෝනගේ හිස ගැලවිනි. නමුත් මෙවැනි ප‍්‍රහාර අංගම් ප‍්‍රදර්ශනවලට ඇතුළත් කරන්නේ නැත.

රාවණ රජුගේ සමයේ අංගම් සංචිතයක් තිබිණි. එය ”අංගම්” සටනට හැකියාව ඇතියවුන්ගෙන් තැනූවකි. රාවණ රජතුමාගේ අංගම්කරුවන්ට සහාය ලැබුණ ද පසු කාලීන විභීෂණ ආදී රජවරුන්ගෙන් අංගම් සංචිතයට සැලකිල්ලක් ලැබුණේ නැත. එමනිසා අංගම් සංචිත පරපුර දකුණු ඉන්දියාවට ගියේය. මේ අය පසුව දකුණු ඉන්දියාවේ කුලයක් බවට පත්විණ. ඒ ”අගම්පුඩියර්” නම් විය. පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත් පළමුවැනි විජයබාහු රජතුමා අතීතය හාරාඅවුස්සා බලා ලංකාවෙන් ගිය අංගම් සංචිතය (අගම්පුඩියර් කුලය* ලක්දිවට ගෙන්වා ගත්තේය. ඔවුන්ට ගම්බිම් ද ප‍්‍රදානය කළේය. මොවුහු අංගම් ශාස්ත‍්‍රයට ගුස්ති ආදී අංග ද එකතුකර සංවර්ධනය කරවාගෙන සිටියෝය. එදා මේ කුල ජනයා පදිංචි කළේ පුරාණ වැලිතොටය. අද එය දකුණේ බලපිටියය. මීට වසර සිය ගණනකට පසු චන්ද්‍රභානු නමින් ”ජා” ජාතික රජෙක් ලංකාවට පැමිණියේය. ඔහු ලංකාව ආක‍්‍රමණය පිණිස සේනා සහිතව පැමිණියෙකි. එදා ලංකාවේ සිටි රජු වැලිතොටහි සිටි ”අගම්පුඩියර්” කුලයට ”ජා” රජු පරදවන්නට උපදෙස් දී ඇත.

එම ජනතාව රජුට ”අංගම්” ශිල්පයෙන් පහරදී මරාදමා ආක‍්‍රමණිකයාගෙන් රට බේරාගෙන තිබේ. එයට උපහාරයක් වශයෙන් වැලිතොට නම ඉවත් කරවා ”බළපිටිය” යැයි නම් කෙරිණි. ශක්තිය බලය පෙන්වූ තැනක් වීම ඊට හේතුවයි. රාවණ පරපුරෙන් පැවත එන ”අගම්පුඩි” කුලයේ ජනතාව දැනුදු ලංකාවේ විවිධ ප‍්‍රදේශවල වෙසෙති. දැනටත් මොවුන් දුටුවිට සාමාන්‍ය වැසියකුට වඩා ශරීරාංගවලින්ම සටන්කාමී බවක් පෙනේ. ”අගම්පුඩියර්” තරුණයකු බව හඳුනා ගත හැකිය. කායවර්ධන මධ්‍යස්ථානවලින් හදාගත් ශරීරයට වඩා වෙනස්ම වූ ආවේණික සටන්කාමී ලක්‍ෂණ සහිත ශරීර අංග බළපිටියේ අංගම් ශාස්ත‍්‍රයට නෑකමැත්තන් සතුව තිබේ.

රාවණ රජතුමාගේ කාලයේ සිට පැවත එන තවත් විශේෂ ශාස්ත‍්‍රයක් හැටියට දේශීය වෙදකම හඳුන්වා දිය හැකිය. තණකොළ ගසේ සිට බෝගස දක්වා සෑම පැළයක්, පැළෑටියක්, ගහක්, වැලක්ම රාවණ යුගයේ ඖෂධවී තිබේ. ආයුර්වේදය නමින් කරන වෛද්‍ය ක‍්‍රමය ද රාවණගේ වෙදකමයි. එයට හේතුව රාවණගේ වෛද්‍ය ක‍්‍රම ඉන්දියාව දක්වා පැතිර තිබීමය. හෙළ වෙදකමේ ශාස්ත‍්‍රීය ක‍්‍රමයට, පුස්කොළ පොත් බලා හැ¥ තෙල්, බෙහෙත් අද නොයෙක් වෙද පරම්පරා ඇසුරේ තිබේ. මේ සියලූ බෙහෙත් එක්තරා යුගයක පුස්කොළ පොත්හි තිබූ නමක්, ගමක් නැති ඖෂධයි. ඒවා පුස්කොළ පොතින් උපුටා නැවත නිෂ්පාදනය කරගත් අය තමන්ගේ නමින් ගුලි, කසාය, තෙල් හදා පරම්පරාවලට දායාද කළහ. අවසානයේ පැරණි සිංහල වෙදකම ඒ ඒ නම්වලින් නොයෙක් දෙනා ”තමන්ගේ” බවට පත්කරගත්හ. නමුත් හුදෙක් බොහෝ ඒවා රාවණ රජ කාලයේ පටන් පරම්පරා අනුව එන බේත් වට්ටෝරුය. මේ අනුව හෙළ වෙදකම හා ආයුර්වේද වෙදකම දෙකම රාවණ රජුට අයත් බව කල්පනාවට ගත යුතුය. ඖෂධයේ බලය, ශක්තිය පිරිහී ඇත්නම් එය වත්මන් නිෂ්පාදකයන්ගේ දොසක් මිස පුරාණ ඖෂධ වට්ටෝරුවල දොසක් නොවේ.

රාවණ රජතුමාට අයත් ඖෂධ උයන් රාශියක් එකල තිබී ඇත. නාගහපොළ, ඇහැලේපොළ, තල්වත්ත ආදී ප‍්‍රදේශ රාවණගේ වෙදකමට නෑකම් ඇත. පසුකාලීන බුද්ධදාස වැනි රජවරු රාවණගේ වෙද උයන් දියුණු කරවා තිබේ. සිංහරාජ වෙද උයන (අද සිංහරාජ කැලය* රාවණගේ ප‍්‍රමුඛ ඖෂධ උයනකි. ඊළඟට රාවණගේ රාජ සභාව පිළිබඳ තවත් අලූත් යමක් සටහන් තබමි. වත්මන් ලංකාවේ ඇමැති මණ්ඩලය 108 ක් බව මාධ්‍යයේ පළවිණ. අදටත් වඩා විශාල එවක ලක්දිව ඇමැති මණ්ඩලය හත් දෙනෙකි. රාවණ රජුට ප‍්‍රබල ඇමැතිවරු සතක් සිට ඇත. කාර, මහෙජ, ශූර, උග‍්‍රසේන, තිරමුණ, මාන, භානු යක්‍ෂයෝ මේ ඇමැති මණ්ඩලය නියෝජනය කළහ. මේ සියලූ යක්‍ෂයෝ ලංකාව පමණක් නොව යටත් ප‍්‍රදේශ පවා පාලනය කරගෙන ශක්තිමත් රාජ්‍යයක් ගෙන ගියහ. කාර රාක්‍ෂයා ඇමැති මණ්ඩලේ සිටි විශේෂතමයෙකි.

විශේෂයෙන් රාවණට වඩා තරමක් බලයෙන් අඩු සත් දෙනකුගෙන් යුත් යක්‍ෂ ඇමැති මණ්ඩලය, රටේ ඒ ඒ ප‍්‍රදේශවල පාලන බලය අතටගෙන කටයුතු කරවා ඇත. රාවණ පවරන ලද කටයුතු ක‍්‍රියාවට නංවා ඇත්තේ මේ අමාත්‍යවරුය. විශේෂයෙන් ඔවුන්ට සහාය වීමට සේනාපතිවරු 21 ක් සිට ඇත. විශේෂයෙන් මොවුහු යුද සේනාපතීහුය. මේ සේනාපතීන්ගේ භූත ආත්ම රාවණ දෙවි සමග දැනට ලොව සැරිසරන බව ආචාර්ය මිරැුන්ඩෝ සඳහන් කරයි. එහෙත් ඇමැති මණ්ඩලයේ සිටි යක්‍ෂයන්ගේ යළි නැගිටීමක් ගැන පුරාණ පුස්කොළ පොත්හි සටහන් නොවේ. කෙසේ හෝ වේවා රාවණ රජු මූලික කොටගත් සත් දෙනෙකු සහිත ඇමැති මණ්ඩලය, සේනාපතීන් 21 ක්, අන්තඃපුරයක්, බළකොටු, මාළිගා, රාජකීය උයන් සහිත රාජකීය දිවි පෙවෙතක් රජු භුක්තිවිඳ ඇත.

දේශ දේශාන්තර ද පාලනය කළ සියල් සම්පතින් ආඪ්‍ය වික‍්‍රමාන්විත රජකු ලෙස රාවණ සඳහන් කළ යුතුය. හුදෙක් රාවණ යනු ”ලද බොළඳ” හෝ මිථ්‍යාවක් ලෙස දකිනවා නම් එය ඔබගේ අදහස, මතය, තීරණය විය හැකිය. නමුත් රාවණ රජු ගැන අප මෙතෙක් කතා කළ ලිපි සමග ජීවත්වී නම් හේ තෙද බල ඇති ලාංකීය උරුමයේ ”මහ මොළකරු” ”මහ උරුමක්කරු” හැටියට අදහස අවදිකොට ගත යුතුය. එකල රටේ වූ දියුණුව, අධිරාජ්‍ය බලය, පාලන ශක්තිය මේ සියලූ දේ පසු කාලීනව ලොව බිහිවූ අධිරාජ්‍යවාදීන්ට වඩා ශක්තිමත් පුරුෂ ලක්‍ෂණය. ඒ අනුව ලොව බිහිවූ පළමු අධිරාජයා අපේ ‘‘රාවණ රජු” නොවේද? මෙය ලෝක සම්මතය කරා රැුගෙන යාමට කවුරුත් අත්වැල් බැඳගත යුතුය. ලෝකයා විසින් තම තමන්ගේ රට රාජ්‍යවලට අධිරාජ්‍යයන් බිහිකර ගනු ලබද්දී සිංහලයන් ලෙස ”පුහු” ජාතියක් වීම නොව පුරාණ පුස්කොළ සාක්‍ෂි සහිතව ”රාවණ අධිරාජයා” යන මතය රටේ නිර්මාණය වීමට කල් එළැඹ ඇත. [11]

රචිත බවට විශ්වාස කෙරෙන ග්‍රන්ථසංස්කරණය

  • ශිවාලිඛිතය
  • අග්නිත්රාන්ත

මේවා සියල්ල සංස්කෘත භාෂාවෙන් රචනා කළ කෘති වන අතර සත්‍ය වශයෙන්ම රාවණ රජු විසින් රචනා කරණ ලදැයි කීමට පැහැදිල ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂියක් නොමැත. එහෙත් හින්දුන් විසින් එය රාවණ රජුට ආදේශ කර තිබේ.

මූලාශ්‍රසංස්කරණය

  1. https://annamarcella.wordpress.com/2014/03/03/ravana-the-10-headed-demon/
  2. https://www.speakingtree.in/allslides/shocking-facts-about-ravana-no-one-knows/
  3. https://en.wikipedia.org/wiki/Maya_Sita/
  4. https://valmikiramayan.net/
  5. DelhiOctober 10, Prabhash K. Dutta New; October 10, 2016UPDATED:; Ist, 2016 18:29. "Did you know? Ravana was born in Greater Noida West". India Today (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-07-02.{{cite web}}: CS1 maint: extra punctuation (link) CS1 maint: numeric names: authors list (link)
  6. Rajarajan, R.K.K. (2018). "Woven Threads of the Rāmāyaṇa The Early Āḻvārs on Brahmā and Rāvaṇa". Romanian Journal of Indian Studies. 2: 9–45.
  7. Genesis and Evolution of the Rāma Kathā in Indian Art, Thought, Literature, and Culture: From the Earliest Period to the Modern Times, Volume 2 By Shanti Lal Nagar
  8. http://www.eblindology.com/book_detail.php?bookid=550
  9. https://en.wikipedia.org/wiki/Vijayadashami/
  10. http://medbox.iiab.me/kiwix/wikipedia_si_all_maxi_2019-04/A/%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F_%E0%B6%BB%E0%B6%A2
  11. https://www.lankadeepa.lk/features/%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB-%E0%B6%BB%E0%B6%A2%E0%B7%94%E0%B6%9C%E0%B7%9A-%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8/2-261733

තවද බලන්නසංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=රාවණා_රජ&oldid=517509" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි