දඩුමොණරයසංස්කරණය

අද දවසේ බොහෝ අයගේ අවධානයට ලක්වන පුෂ්පිකය හෙවත් දඬුමොණරය යනු රාවණාගේ නිල රථය ලෙස සැලකේ. දැවයෙන් නිම කරන ලද මෙහි ඉන්ධන සඳහා භාවිතා වූයේ රසදිය බවත් දියමන්තියක් ආධාරයෙන් එම රසදිය උණු කිරීමෙන් දඬුමොණරය පණ ගැන්වූ බවට සඳහන්. තවත් එක් විශේෂ කාරණාවක් වන්නේ චිත්තකූටය හෙවත් වත්මන් සීගිරිය යනු දැවයෙන් නිර්මිත සෝපානයක් ඉහල සිට පහලට ක්‍රියාකර වූ සිරිලක එකම බලකොටුව ද වෙයි. සිංහ කට අසල සිට ඉහලට විද නිර්මිත කුහරය තුල මේ දැවයෙන් නිර්මිත සෝපානය දිනපතා සේවයේ යොදවාගත් බව සඳහන් වේ. පුරාවිද්වතුන්, ඉතිහාසඥයින් උපකල්පනය කරන ආකාරයට දඬුමොණරය, හිමාලයෙන් ගෙන එනලද සැහැල්ලු දැවයෙන් නිර්මාණය කරන්නට ඇතිබව සඳහන්. තවද, සීගිරිය වටා එහි රූප පන්සියයක ට අධික ප්‍රමානයක් චිත්‍රණය කර තිබුණත් ස්වාභාවික හේතූන් මත කාලයත් සමඟ ඒවා මැකීගොස් ඇතිබව කියැවෙයි. කුමක් වුවත් රාවණා හෝ කස්සප නිසා හෝ චිත්තකූට හා ආලකමන්දාවෙන් හැඳින්වෙන සීගිරිය ලොව පැරණිතම බලකොටු මාලිගාව වීම වලකන්නට නම් බැහැ. තවද මේවෙන විට රාවනා රජු කෙරවූ දඩුමොණරය පිලිබද යම් යම් කරෑනු කාරනා ලොවට හෙලිවී ඇත. එනම් දඩුමොණරය යත‍්‍රය සදහා ඇත්තේ රස දියෙන් ක්‍රියාත්මක වන එන්ජිමකි එයට සයිලන්සර කටවල් 4ක් ඇත. තවද බොහෝ කරෑනු කාරනා ඇත. දඩුමොණරය හට යම් යම් විශ්ෂ හැකියාවන් වන නොපෙනී යාමේ හැකියාවෙන්ද සමන්විතය සමන්විතය එවැනි විස්කමක් ඒ කාලය වන විට කර තිබෙන්නේ යම්කිසි ඇස්බැන්දුමක් වැනි දෙයෙකි, එනම් යානයේ යටි පැත්තේන් කන්නාඩි යොදා, යටි අතින් බලන විට කන්නාඩිය ඔස්සේ පරාවර්තනය වෙමින් පෙනෙන්නේ වලා රොදක් මෙනි.

ඔබෙන් කවුරුන් හෝ ගුවන් යානය නිපදවූයේ කවුද? යි ඇසුවහොත් ඔබේ පිළිතුර වන්නේ “රයිට් සහෝදරයෝ” යන්නයි. සමහරවිට ඔබ නිවැරදිය. එයට හේතුව මුළු ලෝකයම පිළිගන්නේ එම පිළිතුර නිසයි. නමුත් මෙහි නියම උරුමකරුවා වන්නේ සිංහල‍ෙයකු බව ඔබ දන්නේ නැත. පරගැති බවෙන් වැසී ඇති හෙළයාගේ චින්තනය මේ නියම උරුමකරු අමතක කොට එහි පේටන්ට් අයිතිය සුද්දාට පවරා බලාසිටී. එසේ වුවද ඔබ අමතක නොකළ යුත්තක් තිබේ. එනම්, සුද්දා කොල අතු අඳින යුගයේ හෙළයා රෙදි වියාගෙන ඇන්ඳ බව. එයට අපේ ඉතිහාසයේ කුවේණියගේ කථා පුවතින් සාක්ෂි සපයයි. ගුවන් යානය සම්බන්ධ කාරණාව ද ඒ ආකාරයේම වේ. මෙයින් පෙනෙන්නේ බටහිර ජාතින්ට පෙර, ශිෂ්ඨාචාර වූ ජාතියක් ලෙස සියවස් ගණනාවක් සිංහලයා ජීවත් වූ බවයි. ගුවන් යානය සම්බන්ධ කාරණාව ද ඒ ආකාරයේම වේ.

ඉන්දියාවේ පුරා වෘතයක් වූ “රාමායණය” කථා පුවතේ සඳහන් වන්නේ රාමාගේ බිරිඳ වන සිතාවන් හෙළයෙකු වූ රාවණා නිරිඳුන් (ක්‍රි.පූ. 2554 –2517) විසින් ඉන්දියාවෙන් හෙළ දීපයට පැහැරගෙන එන ලද්දේ“පුෂ්පක” නම් ගුවන් යානයෙන් බවයි. මෙය ප්‍රසිද්ධ කථා පුවතකි. මෙම “පුෂ්පක” නම් ගුවන් යානය “දඬු මොනරය” නමින් ද හඳුන්වනු ලැබීය. එම නම එයට ලැබුණේ මොනරාගේ ආකෘතියෙන් දැවයෙන් නිම කරන ලද බැවිනි. එසේම ලෝකය පිළිගන්නේ “දඬු මොනරය” නිපදවන ලද්දේ රාවනා බවයි. එහෙත් රාමායණය කියන්නේ ‍රාවණා නිරිඳුගේ සොහොයුරු වූ“වෛශ්‍රවණ” හෙවත් “කුවේර” නරේන්ද්‍රයාට ද “පුෂ්පක” නම් ගුවන් යානයක් තිබූ බවයි. ඔහු “සිව ගිරිය” හෙවත් “සීගිරිය” අග නගරය කොටගෙන රජකම් කල බව ද කියැවේ. එහි තව දුරටත් සඳහන් වෙන්නේ රාවණා රජු විසින් එම යානය පැහැරගෙන පරිහරණය කරඇති බවයි. කෙසේ වෙතත් මේ රජවරුන් දෙදෙ‍නාටම නගර නිර්මාණය සඳහා උපදෙස් ලබාදුන් “විස්කම්” හෙවත් “විශ්ව කර්ම” නමැති මහා මූලාචාරියා ජිවත්වූයේ ද එම යුගයේ ය. විශ්ව කර්ම යනු අතීතයේ මහා විෂ්මිත නිර්මාණ කල පුද්ගලයෙකු බව බොහෝදෙනා දන්නා කරුණකි. ඒ අනුව ඉහත දැක්වූ “දඬු මොනරය” විශ්ව කර්මයාගේ නිර්මාණයක් ද විය හැකිය. කෙසේ වෙතත් මේ රජවරුන් දෙදෙනාම සතුව ගුවන් යානා නිෂ්පාදන තාක්ෂණය තිබෙන්නට ඇතැයි මෙමගින් සිතිය හැකිය.

 තවත් ලෙසකින් සඳහන් වන්නේ මෙම “දඬු මොනරය” පිළිබඳ ඉතිහාසය රාවණා රජුගේ යුගයෙනුත් සියවස් විසි පහක් ඈතට දිවයන බවයි.
                    ශ්‍රී ලංකාවේ “වාරියපොළ” යනු නගරයකි. මෙම නම සන්දිකර බැලුව හොත් වා+රිය+පොළ යනුවෙන් දක්නට ලැබේ. මෙහි “වා” නම් වාතයයි.“රිය” නම් රථයයි. “පොළ” නම් එම රථය නතරකරන ස්ථානයයි. ඒ අනුව“වාතයෙන් ගමන් කරනා රථ නතරකරන ස්ථානය” ලෙස තවදුරටත් එය විග්‍රහ කළ හැකිය. (වාතයෙන් ගමන් කරන්නේ ගුවන් යානායි.) මේ විග්‍රහයට අනුව සිතිය හැක්කේ වර්තමාන වාරියපොළ නගරය අතීතයේ ගුවන් යානා නතර කරන ලද ප්‍රදේශයක් වියහැකි බවයි.
                         එමෙන්ම ක්‍රි.පු. දෙවන සියවසෙහි දී දකුණු ඉන්දියාවේ සිංහළයින් වාසය කරන ලදැයි සාක්ෂි ඇති “කුවන් කොඩ්” නමින් ‍ෙදමළට හැරවූ “ගුවන් ගොඩ” රාවණා යුගයෙහි ගුවන් යානා නවත්වන ලද ප්‍රදේශයක් වූ බවට තවත් ඉඟියකි.

වර්තමානයේ අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය වැනි ප්‍රදේශවල දක්නට ලැබෙන ලොවම විශ්මිත කරවන නිර්මාණ දෙස බලන විට ඉහත දැක්වූ විෂ්මිත නිර්මාණය ද හෙළයෙකුගේ අතින් නිමවූ එකක් නොවන බව කෙසේ කිව හැකිද? කෙසේ වෙතත් මේ පිළිබඳව ඉතිහාසඥයන්ගේ හා පුරාවිද්‍යාඥයන්ගේ අවධානය යෙමුවිය යුතු අතර ඒවා පිළිබඳව විධිමත් පර්යේෂණයන් පැවැත්විය යුතුය.


රාම සීතා පෙම්කතාවට අනුව රාවණා රජු ගමන්ගත්තේ යැයි කියන දඩුමොණරයක් ගැන රාමායනයේ කියවෙයි. සීතා දේවිය සඟවා තැබුවේ යැයි කියන ස්ථානයක් ලෙස නුවරඑළිය සීතාඑළිය ගැනද රාමායනයේ සඳහන් වෙයි.

සීතාඑළිය කෝවිල වර්ථමානයේදීත් හින්දු බැතිමතුන්ගේ පූජා පවත්වන ස්ථානයක් වන අතර රාවණා රජු විසින් සීතා දේවිය සඟවා තැබීම සඳහා නිතර නිතර ගමන්ගත් දඩුමොණරය නතර කර විවේකගත් ස්ථානයක් ලෙස වතු කම්කරුවන් පුද සත්කාර කරමින් තිබෙන ස්ථානයක් සොයා ගෙන තිබේ.

මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයට සහ කැනියොන් ජලවිදුලි බලාගාරයට ඉහලින් සප්තකන්‍යා කඳුවැටියට නුදුරු මාවුස්සාකැලේ නයිසා වත්තේ සීටන් කොටසේ අක්කර තුනක පමණ විශාල වපසරයකින් යුත් තැනිතලා ගල්පරයක් ලෙස මෙම ස්ථානය දැක ගත හැකිය.

අති දුෂ්කර මාර්ගයක් ඔස්සේ මෙම තැනිතලා ගල්පොත්තට ගිය විට දකින්නට ලැබෙන්නේ අඟලක් පමණ ගැඹුරට, අඟල් දෙකක් පමණ පළලට, අඩි පහක පමණ පරතරයකින් යුත් එක හා සමාන රේඛා දෙකක් අඩි සියයක් දිගට ගල්පර්වතයේ ස්ථාන කීපයකම සලකුණු කීපයක් තිබෙන ආකාරය ය. එම සලකුණු දඩුමොණරයේ රෝද සලකුණු බවයි තාමත් වතු කම්කරුවන් විශ්වාස කරන්නේ.

මෙම ගල් පර්වතය අසල පොකුණක්ද තිබෙන අතර එම පොකුණ මීට වසර කීපයකට ඉහත විශාල පොකුණක් ලෙස තිබූ බවත් එය නඩත්තු නොකිරීමෙන් පොකුණ කුඩාවී ඇති බවයි වතු කම්කරුවන් පවසන්නේ. මෙම ගල්පර්වතයට පහළින් විශාල ගල් උමඟක පිහිටි කෝවිලක්ද දක්නට ලැබේ.

ඉතිහාසය පවසන පරිදි මෙම දඩුමොණරය රසදියවලින් ක‍්‍රියාත්මකවූ බවටද පැවසෙයි. මෙම ගල්පර්වතය ශ‍්‍රීපාද ස්ථානයටද යාබඳව පිහිටා තිබේ.

මූලාශ්‍රසංස්කරණය

1. The Cultured Heritage of King Rawana. 2. Rawana - King of Lanka. 3. Journal of the Royal Asiatic Society. 4. Ramayanaya and Lanka. 5. The Sunday Tims. 6. Fauna and Geography of Maldives and Laccadives Archipelago. 7. Rajatharangani. 8. The Gazeetter of Central Province - Lawrie.

අධෝලිපිසංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=දඬුමොණරය&oldid=457569" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි