ලංකාපුර
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
ලංකාපුර හෙවත් මලෑඬුර යනු රාවණා රජ කල රාජධානියයි. මෙය ත්‍රිකූට හෙවත් කදු තුනකින් වටව පිහිටුණ බව විශ්වාස කෙරේ. මෙය වර්තමානයේ ශ්‍රී ලංකාව ලෙස හැඳින්වේ.ලංකාපුරයෙ කුල දෙවඟන ලෙස හැඳින්වෙන්නේ ලංකේශ්වරි දේවියයි.

පිහිටි ස්ථානයසංස්කරණය
රාමායණයට අනුව, රාවණා රාම අතින් මියයාමෙන් පසු ලංකාපුර පාලනය රාවණාගේ සොහෙයුරකු වූ විභීෂණ ට භාර දුන් බව කියවේ. විභීෂණ ගෙන් පසු ද, ඔහුගෙන් පැවැතෙන පරම්පරාව රාජ්‍යය පාලනය කළ බව සඳහන් ය.
ලංකා පුර රටේ පාලකයින්සංස්කරණය
මෙය මුලින් පාලනය කළේ සුමාලි නම් සුර බවත් පසුව විශ්‍රවස් (කුවේර / කුබේර) නම් සර රජෙක් ලංකාපුර පාලනය භාර ගත් බවත් රාමායණයේ සඳහන් වේ. විශ්‍රවස් ගේ පාලන කාලයෙන් පසුව රාවණා රජු රටේ පාලනය භාර ගන්නා අතර සුර අසුර යුද්ධයෙන් පසු අසුර පාලනය යම් තාක් දුරට නැසී යයි.
මහාභාරත ග්‍රන්ථයට අනුව අසුර රජකු වූ වෛශ්‍රවණ හෙවත් කුවේර ලංකාපුර පාලකයා ව සිටියදී රාවණා විසින් කුවේර යුධමය අතින් පරාජය කොට ලංකාවේ පාලනය ලබා ගෙන ඇත. කුවේර ගේ අගනුවර රාක්ෂ (රකුස්) ජනයා විසින් ආරක්ෂා කළ බව කියවේ.
See alsoසංස්කරණය
External linksසංස්කරණය
- Mahabharata of Krishna Dwaipayana Vyasa, translated from Sanskrit into English by Kisari Mohan Ganguli
- Sri Lanka Reference - Country Information, History and Maps