රාවණා රජ

රාවණ රජු ලංකේශ්වර
(රාවණා වෙතින් යළි-යොමු කරන ලදි)

රාවණ(IAST : Rāvaṇa; / ˈrɑːvənə/ ; සංස්කෘත දී : रावण) යනු රාමායණ නම් හින්දු වීර කාව්‍යයේ සදහන් වන චරිතයකි. රාවණ රජු යනු ලංකාපුර(ශ්‍රී ලංකාව නොවේ) අධිරාජ්‍ය පාලනය කෙරු ශිව සහ ශක්ති බැතිමතෙකි. රාමායණයට අනුව සිය අසුර සොයුරියකට කළ නිගරුවකට පළිගනීමක් ලෙස රාම සිය බිරිද වන සීතා දේවිය පැහැරගෙන එන රාවණ මහා වීර රජුව රාම විසින් මහා වානර සේනාවක් සහ දෙවිවරැන්දගේද හා රාවනගේ සොයුරකු වන විභීෂණගේ සහයත් ලබාගනිමින් සටන් කර පසුපස සිට තබන ලද හී පහරකින් මරා දමනු ලැබේ.[2]

රාවණ රජ
මහ රජ
බ්‍රිතාන්‍යය කෞතුකාගාරය තුල පවතින 18 වන සියවසට අයත් දකුණු ඉන්දියාවෙන් ගෙන ගිය ලද රාවණ ප්‍රතිමාව[1]
ලංකාපුර රජ
රාජ්‍ය සමයත්‍රේතා යුග
අනුප්‍රාප්තිකයාවිභීෂණ
වල්ලභයාමන්දෝදරී, ධන්‍යමලිනි
පියාවිශ්‍රාවාස මුණි
මවකෛකේෂි දේවි

රාමායණය

රාමායණ ග්‍රන්ථ 300කට අධික ප්‍රමාණයක් ඇත. එයින් මුඛ්‍ය ග්‍රන්ථය වන වාල්මිකි රාමායණයට අනුව රාවණ රජු යනු හිස් දහයක් සහ අත් විස්සක් ඇති බලසම්පන්න රජ කෙනෙකි. රාවණ ඇතුලු ලංකාවාසී රාක්ෂසයන් මිනිසුන් බුදින ගුප්ත ශක්ති සහිත අමනුෂ්‍ය කොට්ඨාශයක් වශයෙන් එහි නිරූපණය කර ඇත. එමෙන් ම ගුප්ත හැකියාවන් සහිත වූත් ශිව, බ්‍රහ්මා වැනි දෙවිවරුන් සමග ගැටුණු සහ හිරු සදු පවා මෙහෙයවිය හැකි අයකු ලෙස නිරූපණය කර තිබේ. රාමායණයට අනුව රාම කුමරු සිය බිරිද වන සීතා සහ සොහොයුරු වන ලක්ෂ්මණ සමග වනගත ව සිටින අතරක සූර්පණකා නම් රාවණගේ නැගණිය සීතාට දේවියට හිරිහැර කරයි. එවිට ලක්ෂ්මණ ඇයගේ කන්, නාසා සහ පියයුරු අසිපතෙන් කපා දමයි. සූර්පණකා රාවණ හමුවට ගොස් තමාට සිදුකළ දෙය ගැන පවසයි. එහි දී ඇය සීතා කුමරිය ගැන කරන විස්තරය අසන රාවණ රජු ඇගේ සුන්දරත්වයෙන් වශී වේ. ඇය සිය මෙහෙසියක කරගැනීමේ අදහසින් සිය දඩුමොණරයෙන් යන ඔහු රාමා සහ ලක්ෂ්මණ උපක්‍රමයෙන් බැහැරට යවා තවුස් වෙසකින් සීතා හමුවට පැමිණ සිය දඩුමොණරයට නංවාගෙන එයි. එනමුත් වාමන සහ බ්‍රහ්ම වෛවර්ත පුරාණයට අනුකූලව සිතා කුමරිය අග්නි දෙවියන්ට කන්නලව් කර එම ශක්තියෙන් තමා වැනි ප්‍රතිරූපයක් නිර්මාණය කර එම ස්ථානයෙන් අතුරුදහන් වෙයි.[3] ඡායා සිතාව රැගෙන ලංකාපුරයට පැමිණි රාවණ රජු ඇයව අශෝක වනයේ සිර කර තබයි. සීතා දේවිය ගෙනගිය මග සොයා ගන්නා රාම කුමරුන් ස්‍රග්‍රීව නම් වානර නායකයාගේ සහායෙන් හනුමන්තා ඇතුලු වානර සේනාවක් රැගෙන විත් රාවණ සමග සටන් වදී. රාවණ සමග ගැටුමක් ඇතිකරගන්නා ඔහුගේ සොහොයුරකු වන විභීෂණ රාජ්‍යයට හතුරු වී රාම සමග එක්වෙයි. ඊට කලගුණ සැලකීමක් වශයෙන් රාම රාවණගේ මරණින් පසු ඔහු ව ලංකාවේ රජු ලෙස පත්කරයි. රාමායණයේ පූර්ව වෘතාන්තයට අනුව සීතා කුමරියව පාවාගනු පිණිස සැපිරිය අභියෝගයක් වශයෙන් ඇගේ පියා සතු ශිව විසින් දෙනු ලැබූ ඉතා බර දුන්නක් බිද දැමිය යුතු වේ. අභියෝගය භාරගැනීමට පැමිණෙන රජවරු අතර රාවණ හා රාම කුමරුද ද වෙති. කිසිදු මිනිසෙක් එය සෙලවීමටවත් අසමත් වන අතර රාවණ එසවීමට සමත් වුවත් බිද දැමීමට අසමත් වේ. රාම කුමරුන් එය පහසුවෙන් ම බිද දමයි. ඒ අනුව සීතා කුමරිය ඔහුට හිමි වේ.[4]

උපත

ත්‍රේතා යුගයේ මහා මුණි විශ්‍රාවාස සහ එතුමාගේ බිරිඳ වන කෛකේෂි දේවිය දේවියට දාව භාරතයේ උත්තර ප්‍රදේශයේ බිස්‍රක් ග්‍රාමයේ උපත ලබා ඇත. රාවණගේ ජන්මයෙන් පසුව එම ග්‍රාමය විශ්‍රව යන නාමයෙන් හඳුන්වා ඇත. [5] නමුත් හෙළ ජනප්‍රවාදයන්ට අනුව ඔහු ශ්‍රී ලාංකිකයකු බව විශ්වාස කරයි.

රාවණ රජුගේ පිය පාර්ශ්වයේ සීයා ලෙස හැඳින්වෙන්නේ බ්‍රහ්ම දෙවියන්ගේ මානස පුත්‍රයන් දස දෙනාගෙන් එක් අයෙකු මෙන්ම සප්ත ඍෂි වරුන්ගේද එක් අයෙකු වන පුලස්ති මුණිවරයායි.[6] මව් පාර්ශවයෙන් සීයා වන්නේ සුමාලි රජුයි. ඔහුට දියණියන් සිව් දෙනෙක් සිටි අතර ඔහුට අවශ්‍ය වූයේ කෛකේෂි දේවිය ඉතා බලවත් පුද්ගලයෙකු සමඟ විවාහ වනවා දැකීමටයි. මන්ද එවිට බලවත් පුත්‍රයකුට ජන්මය ලබා දිය හැකි බැවිනි. ඒ අනුව ඔහු සියලු රජවරුන්ගෙන් පැමිණි යෝජනා ප්‍රතිකේෂ්ප කළ අතර, විශ්‍රාවාස මුණිවරයා තෝරා ගත්තේය.

ශිව බැතිමතෙක් ලෙස

 
රාවණ රජු කෛලාෂ පර්වතය එසවීමට යාමේදි ශිව සහ පාර්වති දේවිය එය නවත්වන අකාරය.

රාවණ රජු හැඳින්වෙන්නේ ශිව දෙවිඳුන්ගේ විශිෂ්ටතම බැතිමතා ලෙසයි. ශිව තාණ්ඩව ස්තෝත්‍රය ගයනා කොට ශිව දෙවියන්ගෙන් චන්ද්‍රහාස් අසිපත ලබා ගත් බව ජනප්‍රවාදයන් වල දැක්වේ. රාවණානුග්‍රහ මූර්තියෙන් සංකේතවත් වන්නේ රාවණ රජු කෛලාෂ පර්වතයට ගොස් ශිව තාණ්ඩව ස්තෝත්‍රය ගායනා කරන අකාරයයි.

දුර්ගා මාතාවගේ බැතිමතෙක් ලෙස

ඉතාමත් පැරණි මූලාශ්‍ර තුළ දැක්වෙන පරිදි රාවණ රජු බ්‍රහස්පති මුණි හට දේවී මහත්ම්‍යම් තුළ එන චණ්ඩි මන්ත්‍ර ජප කරන්නට අණ දෙනු ලබනවා. කෘත්තිවාස ලියවිලි වලට අනුව රාවණ රජු චණ්ඩි හෝමයක් පවත්වන අතර එයට බ්‍රහස්පති මුණිටද ආරාධනා කරනු ලබනවා.[7] එමෙන්ම දේවි පුරාණය තුළ එන රාමායණය වෘතාන්තයට අනුව රාවණ රජු තම සියලු ශක්තීන් ලබා ගනු ලැබුවේ ලංකේශ්වරි දේවිය දේවිය උදෙසා සාධනා කොටයි. [8] වාල්මිකි රාමායණයට අනුව ලංකාපුරයේ කුළ දෙවඟන ලෙසද ඇයව සඳහන් කොට ඇත.

සංස්කෘතික බලපෑම

එසේම ඉන්දියාවේ ප්‍රදේශ කීපයක මෙන්ම බාලි දූපත් වල (වර්තමාන ඉන්දුනීසියාව) ද රාවණ රජු ඇදහීම සිදුවේ. ඉන්දියාවේ දුශේරා නමින් රාවණ සමඟ පැවති යුද්ධයේ රාම ගේ ජයග්‍රහණය සැමරීමට කටයුතු කරනු ලබයි. බාලි දූපත් ආශ්‍රිතව රාවණ උදෙසා පුද පූජා පවත්වනු ලැබේ.[9]

පෙලපත

එම ජනතාව රජුට ”අංගම්” ශිල්පයෙන් පහරදී මරාදමා ආක‍්‍රමණිකයාගෙන් රට බේරාගෙන තිබේ. එයට උපහාරයක් වශයෙන් වැලිතොට නම ඉවත් කරවා ”බළපිටිය” යැයි නම් කෙරිණි.

රාවණ රජතුමාගේ කාලයේ සිට පැවත එන තවත් විශේෂ ශාස්ත‍්‍රයක් හැටියට දේශීය වෙදකම හඳුන්වා දිය හැකිය. තණකොළ ගසේ සිට බෝගස දක්වා සෑම පැළයක්, පැළෑටියක්, ගහක්, වැලක්ම රාවණ යුගයේ ඖෂධවී තිබේ. ආයුර්වේදය නමින් කරන වෛද්‍ය ක‍්‍රමය ද රාවණගේ වෙදකමයි. එයට හේතුව රාවණගේ වෛද්‍ය ක‍්‍රම ඉන්දියාව දක්වා පැතිර තිබීමය. හෙළ වෙදකමේ ශාස්ත‍්‍රීය ක‍්‍රමයට, පුස්කොළ පොත් බලා හැ¥ තෙල්, බෙහෙත් අද නොයෙක් වෙද පරම්පරා ඇසුරේ තිබේ. මේ සියලූ බෙහෙත් එක්තරා යුගයක පුස්කොළ පොත්හි තිබූ නමක්, ගමක් නැති ඖෂධයි. ඒවා පුස්කොළ පොතින් උපුටා නැවත නිෂ්පාදනය කරගත් අය තමන්ගේ නමින් ගුලි, කසාය, තෙල් හදා පරම්පරාවලට දායාද කළහ. අවසානයේ පැරණි සිංහල වෙදකම ඒ ඒ නම්වලින් නොයෙක් දෙනා ”තමන්ගේ” බවට පත්කරගත්හ. නමුත් හුදෙක් බොහෝ ඒවා රාවණ රජ කාලයේ පටන් පරම්පරා අනුව එන බේත් වට්ටෝරුය. මේ අනුව හෙළ වෙදකම හා ආයුර්වේද වෙදකම දෙකම රාවණ රජුට අයත් බව කල්පනාවට ගත යුතුය. ඖෂධයේ බලය, ශක්තිය පිරිහී ඇත්නම් එය වත්මන් නිෂ්පාදකයන්ගේ දොසක් මිස පුරාණ ඖෂධ වට්ටෝරුවල දොසක් නොවේ.

රාවණ රජතුමාට අයත් ඖෂධ උයන් රාශියක් එකල තිබී ඇත. නාගහපොළ, ඇහැලේපොළ, තල්වත්ත ආදී ප‍්‍රදේශ රාවණගේ වෙදකමට නෑකම් ඇත. පසුකාලීන බුද්ධදාස වැනි රජවරු රාවණගේ වෙද උයන් දියුණු කරවා තිබේ. සිංහරාජ වෙද උයන (අද සිංහරාජ කැලය* රාවණගේ ප‍්‍රමුඛ ඖෂධ උයනකි. ඊළඟට රාවණගේ රාජ සභාව පිළිබඳ තවත් අලූත් යමක් සටහන් තබමි. වත්මන් ලංකාවේ ඇමැති මණ්ඩලය 108 ක් බව මාධ්‍යයේ පළවිණ. අදටත් වඩා විශාල එවක ලක්දිව ඇමැති මණ්ඩලය හත් දෙනෙකි. රාවණ රජුට ප‍්‍රබල ඇමැතිවරු සතක් සිට ඇත. කාර, මහෙජ, ශූර, උග‍්‍රසේන, තිරමුණ, මාන, භානු යක්‍ෂයෝ මේ ඇමැති මණ්ඩලය නියෝජනය කළහ. මේ සියලූ යක්‍ෂයෝ ලංකාව පමණක් නොව යටත් ප‍්‍රදේශ පවා පාලනය කරගෙන ශක්තිමත් රාජ්‍යයක් ගෙන ගියහ. කාර රාක්‍ෂයා ඇමැති මණ්ඩලේ සිටි විශේෂතමයෙකි.

විශේෂයෙන් රාවණට වඩා තරමක් බලයෙන් අඩු සත් දෙනකුගෙන් යුත් යක්‍ෂ ඇමැති මණ්ඩලය, රටේ ඒ ඒ ප‍්‍රදේශවල පාලන බලය අතටගෙන කටයුතු කරවා ඇත. රාවණ පවරන ලද කටයුතු ක‍්‍රියාවට නංවා ඇත්තේ මේ අමාත්‍යවරුය. විශේෂයෙන් ඔවුන්ට සහාය වීමට සේනාපතිවරු 21 ක් සිට ඇත. විශේෂයෙන් මොවුහු යුද සේනාපතීහුය. මේ සේනාපතීන්ගේ භූත ආත්ම රාවණ දෙවි සමග දැනට ලොව සැරිසරන බව ආචාර්ය මිරැුන්ඩෝ සඳහන් කරයි. එහෙත් ඇමැති මණ්ඩලයේ සිටි යක්‍ෂයන්ගේ යළි නැගිටීමක් ගැන පුරාණ පුස්කොළ පොත්හි සටහන් නොවේ. කෙසේ හෝ වේවා රාවණ රජු මූලික කොටගත් සත් දෙනෙකු සහිත ඇමැති මණ්ඩලය, සේනාපතීන් 21 ක්, අන්තඃපුරයක්, බළකොටු, මාළිගා, රාජකීය උයන් සහිත රාජකීය දිවි පෙවෙතක් රජු භුක්තිවිඳ ඇත.

දේශ දේශාන්තර ද පාලනය කළ සියල් සම්පතින් ආඪ්‍ය වික‍්‍රමාන්විත රජකු ලෙස රාවණ සඳහන් කළ යුතුය. හුදෙක් රාවණ යනු ”ලද බොළඳ” හෝ මිථ්‍යාවක් ලෙස දකිනවා නම් එය ඔබගේ අදහස, මතය, තීරණය විය හැකිය. නමුත් රාවණ රජු ගැන අප මෙතෙක් කතා කළ ලිපි සමග ජීවත්වී නම් හේ තෙද බල ඇති ලාංකීය උරුමයේ ”මහ මොළකරු” ”මහ උරුමක්කරු” හැටියට අදහස අවදිකොට ගත යුතුය. එකල රටේ වූ දියුණුව, අධිරාජ්‍ය බලය, පාලන ශක්තිය මේ සියලූ දේ පසු කාලීනව ලොව බිහිවූ අධිරාජ්‍යවාදීන්ට වඩා ශක්තිමත් පුරුෂ ලක්‍ෂණය. ඒ අනුව ලොව බිහිවූ පළමු අධිරාජයා අපේ ‘‘රාවණ රජු” නොවේද? මෙය ලෝක සම්මතය කරා රැුගෙන යාමට කවුරුත් අත්වැල් බැඳගත යුතුය. ලෝකයා විසින් තම තමන්ගේ රට රාජ්‍යවලට අධිරාජ්‍යයන් බිහිකර ගනු ලබද්දී සිංහලයන් ලෙස ”පුහු” ජාතියක් වීම නොව පුරාණ පුස්කොළ සාක්‍ෂි සහිතව ”රාවණ අධිරාජයා” යන මතය රටේ නිර්මාණය වීමට කල් එළැඹ ඇ

රචිත බවට විශ්වාස කෙරෙන ග්‍රන්ථ

  • ශිවාලිඛිතය
  • අග්නිත්රාන්ත

මේවා සියල්ල සංස්කෘත භාෂාවෙන් රචනා කළ කෘති වන අතර සත්‍ය වශයෙන්ම රාවණ රජු විසින් රචනා කරණ ලදැයි කීමට පැහැදිල ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක සාක්ෂියක් නොමැත. එහෙත් හින්දුන් විසින් එය රාවණ රජුට ආදේශ කර තිබේ.

මූලාශ්‍ර

  1. https://annamarcella.wordpress.com/2014/03/03/ravana-the-10-headed-demon/
  2. https://www.speakingtree.in/allslides/shocking-facts-about-ravana-no-one-knows/
  3. https://en.wikipedia.org/wiki/Maya_Sita/
  4. සංරක්ෂිත පිටපත, https://valmikiramayan.net/, ප්‍රතිෂ්ඨාපනය 2020-04-17 
  5. DelhiOctober 10, Prabhash K. Dutta New; October 10, 2016UPDATED:; Ist, 2016 18:29. "Did you know? Ravana was born in Greater Noida West". India Today (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-07-02.{{cite web}}: CS1 maint: extra punctuation (link) CS1 maint: numeric names: authors list (link)
  6. Rajarajan, R.K.K. (2018). "Woven Threads of the Rāmāyaṇa The Early Āḻvārs on Brahmā and Rāvaṇa". Romanian Journal of Indian Studies. 2: 9–45.
  7. Genesis and Evolution of the Rāma Kathā in Indian Art, Thought, Literature, and Culture: From the Earliest Period to the Modern Times, Volume 2 By Shanti Lal Nagar
  8. සංරක්ෂිත පිටපත, http://www.eblindology.com/book_detail.php?bookid=550, ප්‍රතිෂ්ඨාපනය 2020-04-30 
  9. https://en.wikipedia.org/wiki/Vijayadashami/

තවද බලන්න

"https://si.wikipedia.org/w/index.php?title=රාවණා_රජ&oldid=606369" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි