කියුෂූ
කියූෂූ (九州; Kyūshū; වචනාර්ථය: "පළාත් නවය") (ජපන්: [kjɯᵝːꜜɕɯᵝ]) යනුවෙන් හැඳින්වෙන්නේ ජපානයේ තෙවන විශාලතම දූපත වන අතර, එය ප්‍රධාන දූපත් සතරෙන් වඩාත් නිරිතදිගට වන්නට පිහිටි දූපත ද වේ.[2] මෙහි පුරාතන විකල්ප නාමයන් අතර ක්‍යූකොකු ("ප්‍රාන්ත නවය"; 九国), චින්සෙයි ("සංසිඳවූ ප්‍රදේශයේ බටහිර"; 鎮西) සහ ට්සුකුෂි-නෝ-ෂිමා ("ට්සුකුෂිහි දූපත"; 筑紫島) වැනි නම් ප්‍රකට ය. ඓතිහාසික කලාප නාමය වන සයිකයිඩෝ (西海道; සාහිත්‍ය. බටහිර මුහුදු පළාත) යන්න ක්‍යූෂූ සහ ඒ අවට දූපත්වලට භාවිතා විය.
ස්වදේශික නාමය: 九州 | |
---|---|
භූගෝල විද්‍යාව | |
පිහිටීම | නැගෙනහිර ආසියාව |
දූපත් සමූහය | ජපන් දූපත් සමූහය |
භූමි ප්‍රමාණය | 36,782 km2 (14,202 sq mi) |
භූමි ප්‍රමාණය අනුව ස්ථානය | 37වන |
ඉහළම උන්නතාංශය | 1,791 මී (5,876 අඩි) |
උසම ස්ථානය | කුජූ කන්ද[1] |
පරිපාලනය | |
ප්‍රාන්තය | ෆුකෝකා ප්‍රාන්තය කගොෂිමා ප්‍රාන්තය කුමාමොතෝ ප්‍රාන්තය මියාසකි ප්‍රාන්තය නගාසකී ප්‍රාන්තය ඕයිටා ප්‍රාන්තය ඔකිනවා ප්‍රාන්තය සාගා ප්‍රාන්තය |
විශාලතම ජනාවාසය | ෆුකුඕකා |
ජනවිකාසනය | |
ජනගහනය | 12,970,479 (2016) |
ජන ඝනත්වය | 307.13 /කිමී2 (795.46 /වර්ග සැත) |
ජන කොට්ඨාස | ජපන් |
8 වන සියවසේ දී, ටයිහෝ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මගින් ප්‍රදේශය සඳහා විශේෂ පරිපාලන වදනක් ලෙස දසායිෆු යන්න ස්ථාපිත කෙරිණි.[3]
2016 වන විට[update], ක්‍යූෂූහි ජනගහනය 12,970,479 වූ අතර, එමගින් වර්ග කිලෝමීටර 36,782ක (ව.සැ. 14,202) ප්‍රදේශයක් ආවරණය විය.
භූගෝලීය ලක්ෂණ
සංස්කරණයමෙම දූපත කඳු සහිත ප්‍රදේශයක් වන අතර ජපානයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කන්ද වන මීටර 1,591 (අඩි 5,220) උසැති අසෝ කන්ද පිහිටියේ ද කියූෂූහි ය. මෙහි භූ තැටිකාරක ක්‍රියාවන් සිදුවන බවට තවත් උදාහරණයක් ලෙස මෙහි ව්‍යාප්තව ඇති උණුදිය උල්පත් ගණනාව දැක්විය හැක. මින් වඩාත් ප්‍රකට උල්පත් නැගෙනහිර වෙරළේ පිහිටි බෙප්පු සහ මධ්‍යම කියූෂූහි අසෝ කන්ද අවට පිහිටා ඇත. මෙම දූපත හොන්ෂු දූපතෙන් වෙන් වන්නේ කන්මොන් සමුද්‍රසන්ධිය ඔස්සේ ය.
කියූෂූ යන නාමය පැන නැගී ඇත්තේ දූපතේ පිහිටා තිබූ සයිකයිඩෝ පුරාතන පළාත් නවය හේතුවෙනි. එම පළාත් නවය පහත පරිදි වේ: චිකුසෙන්, චිකුගෝ, හිසෙන්, හිගෝ, බුසෙන්, බුංගෝ, හ්‍යූගා, ඔසුමි, සහ සත්සුමා.
වර්තමානයේ ක්‍යූෂූ කලාපය (九州地方; කියූෂූ-චිහෝ) යනු දේශපාලන වශයෙන් නිර්ණිත කලාපයක් වන අතර, එයට කියූෂූ දූපත තුළ පිහිටි ප්‍රාන්ත සතක් (මෙයට පැරණි ට්සුෂිමා සහ ඉකි නාගසාකිහි කොටසක් ලෙස ඇතුළත් කොට ඇත) සමග දකුණින් පිහිටි ඔකිනාවා ප්‍රාන්තය ද ඇතුළත් ය:
ජනවිකාසනය
සංස්කරණයක්යූෂූහි ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් වයඹ දෙසට ෆුකුඕකා සහ කිටකියූෂූ නගර වටා සාන්ද්‍රණය වී ඇත. ජනගහන මාර්ග නිරිතදිග ඔස්සේ සසේබෝ සහ නාගසාකි වෙතත්, දකුණු දිගින් කුමමොතෝ සහ කගෝෂිමා වෙතත් විහිදී පවතී. ඕයිටා සහ මියසාකි නගර හැරුණු විට, නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ ජනගහනය ක්‍රමයෙන් හායනය වන ස්වරූපයක් පෙන්වයි.
- නම් කළ නගර
- හර නගර (Core cities)
ආර්ථිකය සහ පරිසරය
සංස්කරණයකියූෂූහි මියසාකි සහ කගෝෂිමා ප්‍රාන්ත ඇතුළු ඇතැම් ප්‍රදේශවල උපනිවර්තන දේශගුණයක් දක්නට ලැබේ. මෙහි ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදන ලෙස සහල්, තේ, දුම්කොළ, බතල සහ සෝයා සැලකේ. සේද ද පුළුල්ව නිෂ්පාදනය කෙරේ. මෙම දූපත අරිටා, ඉමාරි, සත්සුමා, සහ කරාත්සු ඇතුළු නොයෙකුත් පෝසිලේන් ප්‍රභේද වෙනුවෙන් ප්‍රසිද්ධියක් උසුලයි. ෆුකුඕකා, කිටකියූෂූ, නාගසාකි සහ ඕයිටා වැනි උතුරුදිග ප්‍රදේශවල බැර කර්මාන්ත ද කේන්ද්‍රගත වී පවතී. මෙහි දී රසායන ද්‍රව්‍ය, මෝටර් රථ, අර්ධ සන්නායක සහ ලෝහ පිරිසැකසුම්කරණය සිදු වේ.
2010දී, මෙම කලාපයේ උපාධිධාරී රැකියා නියුක්ති ප්‍රතිශතය රටේ පහළම අගය, එනම් 88.9%ක ප්‍රතිශතයක් විය.[4]
දකුණෙහි ගිනිකඳු කලාපය හැරුණු විට, දූපතේ උතුරු කොටසෙහි බෙප්පු අවට ප්‍රකට මඩ උණුදිය උල්පත් පිහිටා ඇත. මෙම උල්පත් අතිශයින් උණුසුම් පරිසරවල පවා නොනැසී සිටියේ හැකියාව සහිත ආන්තික තාපකාමී ක්ෂුද්‍රජීවීන් ව්‍යාප්තව සිටින ප්‍රදේශයක් ලෙස සැලකේ.[5]
අධ්‍යාපනය
සංස්කරණයකියූෂූහි පිහිටි ප්‍රධාන විශ්වවිද්‍යාල සහ කොලීජී පහත දැක්වේ:
- ජාතික විශ්වවිද්‍යාල
- කියූෂූ විශ්වවිද්‍යාලය - පැරණි සප්ත "අධිරාජකීය විශ්වවිද්‍යාල" අතුරින් එකකි.
- කියූෂූ තාක්ෂණ ආයතනය
- සගා විශ්වවිද්‍යාලය
- නාගසාකි විශ්වවිද්‍යාලය
- කුමමොතෝ විශ්වවිද්‍යාලය
- ෆුකුඕකා අධ්‍යාපන විශ්වවිද්‍යාලය
- ඕයිටා විශ්වවිද්‍යාලය
- මියසාකි විශ්වවිද්‍යාලය
- කගෝෂිමා විශ්වවිද්‍යාලය
- කනෝයාහි ජාතික යෝග්‍යතා සහ ක්‍රීඩා ආයතනය
- ර්යුක්යුවරුන්ගේ විශ්වවිද්‍යාලය
- ප්‍රාදේශීය රජය විසින් පවත්වාගෙන යන විශ්වවිද්‍යාල
- කිටකියූෂූ විශ්වවිද්‍යාලය
- කියූෂූ දන්ත වෛද්‍ය විද්‍යාලය
- ෆුකුඕකා කාන්තා විශ්වවිද්‍යාලය
- ෆුකුඕකා ප්‍රාන්ත විශ්වවිද්‍යාලය
- නාගසාකි ප්‍රාන්ත විශ්වවිද්‍යාලය
- ඕයිටා හෙද සහ සෞඛ්‍ය සේවා විශ්වවිද්‍යාලය
- කුමමොතෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලය
- මියසාකි ප්‍රාන්ත විශ්වවිද්‍යාලය
- මියසාකි ප්‍රාන්ත හෙද විශ්වවිද්‍යාලය
- ඔකිනාවා ප්‍රාන්ත කලා විශ්වවිද්‍යාලය
- ප්‍රධාන පෞද්ගලික විශ්වවිද්‍යාලය
- ෆුකුඕකා විශ්වවිද්‍යාලය - කියූෂූහි වැඩිම සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලයයි.
- කුමමොතෝ ගකුඑන් විශ්වවිද්‍යාලය
- රිත්සුමෙයිකන් ආසියා පැසිෆික් විශ්වවිද්‍යාලය
- සෙයිනන් ගකුඉන් විශ්වවිද්‍යාලය
- කියූෂූ සන්ග්යෝ විශ්වවිද්‍යාලය - මෙහි බේස්බෝල් කණ්ඩායම 2005 ජපන් ජාතික ශූරතාවය හිමි කරගත්තේ ය.
- වෘත්තීය සහ පාරිසරික සෞඛ්‍යය පිළිබඳ විශ්වවිද්‍යාලය
- කුරුමේ විශ්වවිද්‍යාලය
ප්‍රවාහනය
සංස්කරණයමෙම දූපත විශාල දූපතක් වන හොන්ෂු සමග සම්බන්ධ වී ඇත්තේ කන්මොන් උමං මාර්ග ඔස්සේ ය. මෙයට කියූෂූ දුම්රිය සමාගමේ සන්යෝ ෂින්කන්සෙන් සහ ෂින්කන්සෙන්-නොවන දුම්රිය මෙන්ම වාහන, පදික සහ බයිසිකල් ප්‍රවාහන මාර්ග ද ඇතුළත් ය. කන්මොන් පාලම මගින් ද මෙම දූපත හොන්ෂු සමග සම්බන්ධ කෙරේ. දූපතේ පිහිටි දුම්රිය මාර්ග ක්‍රියාත්මක කරන්නේ කියූෂූ දුම්රිය සමාගම සහ නිෂිටෙට්සු දුම්රිය මාර්ගය මගිනි.
මේවාත් බලන්න
සංස්කරණය- අසුමි ජනයා, උතුරු කියූෂිහි වෙසෙන පුරාතන ජන කොට්ඨාසයකි.
- ජපානයේ භූගෝල විද්‍යාව
- කියූෂූ සමූහය
- බටහිර හමුදාව (ජපානය)
- කන්මොන්ක්යෝ පාලම, කියූෂූ සහ හොන්ෂූ සම්බන්ධ කරයි.
- කියූෂූ ජාතික කෞතුකාගරය
- කෘතිම වෙරළ
- ජපානයේ කලාප ලැයිස්තුව
- කියූෂූ උපභාෂාව
- හිචිකු උපභාෂාව, හෝනිචි උපභාෂාව සහ කගෝෂිමා උපභාෂාව
සටහන්
සංස්කරණය- ^ "Kujū-san, Japan". Peakbagger.com.
- ^ Nussbaum, Louis-Frédéric. (2005). "Kyūshū" in Japan Encyclopedia, p. 588, පි. 588, සඳහා ගූගල් බුක්ස්
- ^ Nussbaum, "Dazaifu" in p. 150, පි. 150, සඳහා ගූගල් බුක්ස්; Dazaifu
- ^ "Grads landing jobs near all-time low". The Japan Times. May 22, 2010. 19 March 2022 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 October 2010.
- ^ C.Michael Hogan. 2010. Extremophile. eds. E.Monosson and C.Cleveland. Encyclopedia of Earth. National Council for Science and the Environment, Washington DC
ආශ්‍රේයයන්
සංස්කරණය- Nussbaum, Louis-Frédéric and Käthe Roth. (2005). Japan encyclopedia. Cambridge: Harvard University Press. ISBN 978-0-674-01753-5; OCLC 58053128
භාහිර සබැඳි
සංස්කරණය- Kyushu හා අදාළ වික්ෂණරිය තුළ ඇති ශබ්දකෝෂමය අර්ථ දැක්වීම
- Kyushu (category) හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත