විශේෂාංග ලිපිය This star symbolizes the featured content on Wikipedia. සලකුණ නොපෙන්වීමේ වරද සංස්කරණය

විකිපීඩියාව තුල විශේෂාංග ලිපි තෝරා ගැනීමේදී කළින් තෝරා ගන්නා ලද ලිපියක් නැවත වරක් විශේෂාංග ලිපිය ලෙස තෝරා ගැනීමේ වරද සිදු නොවීම සඳහා මෙම   සලකුණ එම පිටුවේ ඉහළ දකුණු කෙලවරේ ප්‍රදර්ශනය වන බව දකින්නට ලැබුණි.තවද මෙසේ දර්ශනය වීම මගින් මෙම ලිපිය උසස් ප්‍රමිතියකින් හෙබි ලිපියක් ලෙස වටහා ගත හැකි බව මාගේ අදහසයි.නමුත් අපගේ විකිය තුල තෝරාගන්නා ලද මෙම ලිපි සඳහා මෙම සලකුණ ක්‍රියාත්මක නොවන බව මුල්පිටේ දැක්වෙන ශ්‍රී දළදා මාළිගාව ලිපිය නැරඹීමේදී පෙනී යයි.දැන ගත යුත්තේ මෙම සලකුණ ලිපියේ සටහන් වන්නේ auto ද manual ද යන්න සහ මෙය auto සටහන් විය යුත්තක් නම් මෙසේ සටහන් නොවන්නේ ඇයි කියායි.මා මේ පැනය ඔබට යොමු කළේ ඔබ මෙහි පරිපාලකයෙකු ලෙස දැක්වුණු නිසයි.ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි. --Sachira (සචිර ) (talk) 05:09, 17 ජූනි 2015 (යූටීසී)Reply

අලි අතුන් ලවා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සංස්කරණය

හස්තීන් මගින් මරණ දණ්ඩනය පැමිණවීම යන ලිපිය ඔබ විසින් අලි අතුන් ලවා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම යනුවෙන් වෙනස් කර ඇත. අලි නම් අපි දනිමු. ඇතුන්ද දනිමු. අතුන් යනු කුමන සතුන් වර්ගයක්ද? අපි නම් නොදනිමු. කරුණාකර පහදා දෙනු මැනවි. ඉහත ලිපිය හස්තයන් මගින් මරණ දණ්ඩනය ලෙසින් දින කිහිපයක් පැවතියද ඔබ එම කාලය තුල විකියට පැමිණියද හස්තයන් යන වචනය වැරදි බව අප පෙන්වා දී තිබුණද එය වෙනස් කිරීමට යුහුසුළු නොවූ ඔබ, අද දින මා විසින් එම වරද නිවරද කොට හස්තීන් පදය යෙදූ විගසින් වැරදි පදයකට නැවත මාතෘකාව වෙනස් කර ඇත. යම් වෙහෙසක් ගෙන ඔබගේ සිංහල දැනුම දියුණු කර ගන්න. එවිට විකියට වැඩදායකවීමට ඔබට හැකි වනු ඇත. ඔබ පරිශීලනය කරන පොත් ලැයිස්තුවක් ඔබගේ පිටුවෙහි දක්වා ඇත. ඒවාද කියවා මෙසේ දොස් ඇති වැඩ කරයි නම් එම කතුවරුන් වල දමා ඇති තැන එහෙ මෙහෙ පෙරලෙනු ඇත. දිවි ගෙවන්නෝ දිවි අහිමි කරගැනුමට සිතනු ඇත..--- Shwetha (talk) 14:29, 11 අප්‍රේල් 2014 (යූටීසී)Reply

Facebook Sinhala Localization සංස්කරණය

Hello Singhalawap, Are you on Facebook? Please help us with Facebook Sinhalese Localization. If you need any help, please contact me. I am the current project manager. Translation -> https://www.facebook.com/?sk=translations Translation group -> https://www.facebook.com/groups/572345802855037/ My profile -> https://www.facebook.com/pkavinda?ref=tn_tnmn Thanks! Pasindu Kavinda, Facebook Translation Team. පසිඳු කාවින්ද () 09:59, 9 මැයි 2014 (යූටීසී)Reply

වෙරළබඩ වැදි ජනයා සහ මූදු වැද්දෝ සංස්කරණය

ඉහත වෙරළබඩ වැදි ජනයා ලිපිය නිමවා සංස්කරණය කල පසු විකිපීඩියාවේ මෑත විමසීම් තුල එම සංස්කරණයන් දර්ශනය විය. ඔබ විසින් එම ලිපිය මූදු වැද්දෝ වෙත ගෙන ගොස් යළි වෙරළබඩ වැදි ජනයා වෙත ගෙන යෑමෙන් පසු විකිපීඩියාවේ මෑත විමසීම් තුල මා විසින් කල සංස්කරණයන් දර්ශනය නොවේ. මෙයට හේතුව කුමක්ද? --- Shwetha (talk) 14:21, 10 මැයි 2014 (යූටීසී)Reply

ශබගෙන් පිළිතුරක් බලාපොරොත්තු වන අතර, මෙය අනෙකුත් පරිහීලකයන්ටද වැදගත් වෙයි. --- Shwetha (talk) 21:05, 11 මැයි 2014 (යූටීසී)Reply
හිතවත් Shwetha
මෑත විමසීම් යනුවෙන් දෙයක් මම නොදනිමි. කරුණාකර පහදාදෙන්න.
Singhalawap (talk) 05:03, 12 මැයි 2014 (යූටීසී)Reply
දහස්වරක් සමාවන්න. එය "මෑත වෙනස්කිරීම්" විය යුතුයි. ඔබගේ කාර්ය බහුලත්වය මාගේ අත්වැරැද්දෙන් උද්ධමනය වූවා නම් සමාව අයදිමි. පිළිතුරක් බලාපොරොත්තු වෙමි. --- Shwetha (talk) 06:12, 12 මැයි 2014 (යූටීසී)Reply
හිතවත් Shwetha
මෙම සබැඳිය බලන්න.
එයට අනුව මං එම ලිපිය මූදු වැද්දෝ වෙත ගෙන ගොස් යළි වෙරළබඩ වැදි ජනයා වෙත ගෙන යෑමෙන් පසු ඔබ සංස්කරණ සිදුකරල නැහැ. ඒක වැරදියි කියලද කියන්නෙ?
Singhalawap (talk) 10:20, 12 මැයි 2014 (යූටීසී)Reply
සබැඳියේ තියෙන්නේ ඔබ කළ දෙය. එය කළ බව මම දනිමි. සබැඳිය ඇත්ත වශයෙන්ම අවශ්‍ය නොවේ. ඔබ එය කළ නිසා සිදුවූ දෙයක් ගැනයි මම අහන්නේ. මම මෙම ලිපිය පිළිබඳ කළ සංස්කරණ මෑත වෙනස්කිරීම් වල පෙන්නුම් කළා. ඔබ අර තට්ටුමාරුව කළ පසු ඒවා පෙනෙන්නේ නැහැ. ඔබගේ ක්‍රියාවෙන් පසු මම එම ලිපියට සංස්කරණය නොකළ බව ඇත්ත. එමනිසා කරපු නැති සංස්කරණ දකින්න මට ඕන නැහැ. මම කියන්නේ ඔබගේ ක්‍රියාවට කලින් මම ඔය ලිපියට කළ සංස්කරණ ඔබගේ එම ක්‍රියාවට පෙර ඹෑත වෙනස්කිරීම් වල පෙනුනා නමුත් ඔබගේ ක්‍රියාවට පසුව ඒවා පෙනෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද කියලයි. ඔබගේ ක්‍රියාවේ සාරධර්ම ගැන කියමින් කාලය නාස්ති කරන්න මම කැමති නැහැ. ඒක නොවෙයි ප්‍රශ්නය. පිළිතුරක් බලාපොරොත්තු වෙමි. --- Shwetha (talk) 10:56, 12 මැයි 2014 (යූටීසී)Reply
හිතවත් Shwetha
දැං තමයි ප්‍රශ්නෙ හරියට තේරුනේ.
එහෙම මෑත වෙනස්කිරීම් වලින් සංස්කරන නොපෙනීයන අවස්ථාවක් හෝ සිදුවීමක් ගැන මං අහලම නෑ.
උනානං මාර අප්සෙට් වැඩක්නෙ.
ඔය තාක්‍ෂණික කරුනු දන්න කෙනෙක්ගෙං ඇහුවනං හරි.
Singhalawap (talk) 11:14, 12 මැයි 2014 (යූටීසී)Reply
මේක "උනානං මාර අප්සෙට්" වැඩක් නොවෙයි. මේක "වී ඇති මාර අප්සෙට්" වැඩකි. ඔබ කලින් එවපු බැඳිය පරිදී 2014 මැයි 10 දින 12.49 සිට 12.54 දක්වා සංස්කරණ 7 ක් කර ඇත්තෙමි. දැන් මෑත වෙනස්වීම් වල 2014 මැයි 10 දිනට ගොස් බලන්න එම සංස්කරණ එකක් හෝ පේනවද කියා. මෙයට හේතුව මොකක්ද? පිළිතුරක් බලාපෛාරොත්තු වෙමි. --- Shwetha (talk) 11:22, 12 මැයි 2014 (යූටීසී)Reply
හිතවත් Shwetha
මෑත වෙනස්වීම් වල නිශ්චිත දිනක විස්තර බලන්නේ කොහෙමද. මම දන්නෙ නැහැ.
අදාල ලිපියෙ ඉතිහාසයෙ නං ඔයා කරපුවා තියනවා.
කොහොම උනත් මං නං ඒවා මකල නෑ. මකන ක්‍රමයක් තියනවද කියල මං දන්නෙත් නෑ.
Singhalawap (talk) 11:28, 12 මැයි 2014 (යූටීසී)Reply
හිතවත් පරිපාලක තුමනි
විකි කේත පිළිබඳ ඔබගේ දැනුම අනර්ඝ විය යුතුයි. එහෙත් මම ඔබට කියමි. මෑත වෙනස්වීම් වලට ගොස් පසුපසට ස්ක්‍රොල් කල විට 2014 මැයි 10 දිනට ගිය හැක. ඔබ විසින් වෙරළබඩ වැදි ජනයා යන ලිපිය මූදු වැද්දෝ වෙත ගෙන ගොස් නැවතත් මූදු වැද්දෝ ලිපිය වෙරළබඩ වැදි ජනයා වෙත ගෙන යෑමෙන් පසුව තමයි මෙම සංස්කරණ පිළිබඳ සටහන් අතුරුදහන් වුනේ.
මම සරල ප්‍රශ්නයක් අසන්නම්. ඔබ සිතුවේ වෙරළබඩ වැදි ජනයා යන මාතෘකවට වඩා මූදු වැද්දෝ යන මාතෘකාව සුදුසුය යන බව නම්, ඇයි එතනින් නොනැවතුනේ? ඇයි නැවත මූදු වැද්දෝ යන්න වෙරළබඩ වැදි ජනයා වෙතට ගෙන ගියේ? --- Shwetha (talk) 11:37, 12 මැයි 2014 (යූටීසී)Reply
හිතවත් Shwetha
පස්සෙ උත්තර දෙනනං
Singhalawap (talk) 11:57, 12 මැයි 2014 (යූටීසී)Reply

වෙරළබඩ වැදි ජනයා සහ මූදු වැද්දෝ සම්බන්ධ 2014 මැයි 10 සිදුවීම ගැන සංස්කරණය

ගරු Singhalawap මහතාණෙනි,

Shwetha මහතා විසින් පෙන්වා දුන් පරිදි, මෑත වෙනස්කිරීම් වලින් වෙරළබඩ වැදි ජනයා හා ඇත් පොකුණ යන ලිපියන්හී සංස්කරණ අතුරුදන් වී යාමේ සිදුවීම මමද පැහැදිලිව දුටුවෙමි. එසේම නව පිටු ලැයිස්තුවෙන්ද උක්ත ලිපි දෙක අතුරුදන්ව තිබෙයි. මේ මාර අප්සෙට් සිදුවීම සමග අපි දැනගත යුතු යම් දෙයක් වේද, ඒ ගැන දැනුවත් වීමට මමද කැමැත්තෙමි. (අනෙකුත් පරිශීලිකයනුත් කැමති ඇති කියා සිතමි)---L Manju (talk) 16:57, 12 මැයි 2014 (යූටීසී)Reply


Shwetha සහ හිතවත් පරිශීලක:L Manju වෙත
මෙම පිටුවේ මේ ගැන සටහනක් තැබූයෙමි.
Singhalawap (talk) 03:46, 13 මැයි 2014 (යූටීසී)Reply
මෙසේ ලිපි දෙවරක් ගෙන යෑමෙන් මෙවැනි අතුරුදහන් වීම් වන බව පැහැදිලිය. එබැවින් ලිපි ශීර්ෂයක් නුසුදුසු බව සිතෙයි නම් නව ශීර්ෂයකට ගෙන යෑමෙන් පසු යලි ගෙනයෑම් වලින් වැලකිය යුතු යැයි යෝජනා කරමි. හොඳින් සිතා බලා එම ගෙන යෑම කළ යුතු යැයි යෝජනා කරමි. --- Shwetha (talk) 04:25, 13 මැයි 2014 (යූටීසී)Reply

තල්දූවේ සෝමාරාම සහ තල්දූවේ සෝමාරාම තෙරණුවෝ යන ලිපි සහ ඔබතුමානන් වහන්සේ සංස්කරණය

මෙහි 2014 මැයි 13 දින 14.40 ට ම විසින් තල්දූවේ සෝමාරාම ලිපිය තැනූ සටහන "මෑත වෙනස්කිරීම්" තුලින් අතුරුදහන් වී ඇත. මෙය සිදුවී ඇත්තේ ඔබ විසින් තල්දූවේ සෝමාරාම තෙරණුවෝ ලිපිය තල්දූවේ සෝමාරාම බවට ගෙන යෑමෙන් පසුවය. මෙසේ වීම වැලැක්විය යුතු බව එකඟ වී තිබියදී මෙසේ අත්තනෝමතික ලෙසින් ක්‍රියා කරන්නේ ඇයි? --- Shwetha (talk) 02:17, 14 මැයි 2014 (යූටීසී)Reply

හිතවත් Shwetha
  1. ඔබ විසින් කල තල්දූවේ සෝමාරාම තෙරණුවෝ‎ ලිපියට කල වෙනස්කිරීම් මගේ බ්‍රවුසරයෙන් බැලූ විට හොඳින් පෙනේ. ගැටළුව ඇත්තේ ඔබේ ගිණුමේ හෝ බ්‍රවුසරයේ වියහැක.
  2. අප කලින් සාකච්චා කලේ ලිපි ගෙනගොස් නැවත මුල් ලිප මාතෘකාවට ගෙන ඒම පිළිබඳවය. මෙතැන එවැන්නක් සිදුවී නැත.
  3. ලිපි ගෙනගොස් නැවත මුල් ලිප මාතෘකාවට ගෙන ඒම පිලිබඳවද මත පලකිරීම් සිදුවූ බව දුටුවද එකඟතාවකට එලඹීමක් නුදුටුවෙමි. එකඟතාවයකට එලඹීමක් ඇත්නම් එය ඇති ස්ථානයේ සඹැදිය ලබාදීමට කාරුණික වන්න.
තක්‍ෂණික ගැටළුවක් ඇත්නම් කලයුත්තේ එය තාක්‍ෂණිකව විසඳිම මිස විකියේ එදිනෙදා කටයුතු නවතාලීම නොවන බව විශ්වාස කරමි.
අසිරිමත් වෙසක් මංගල්‍යයකට අසිරි පතමින් නවතිමි.
Singhalawap (talk) 03:02, 14 මැයි 2014 (යූටීසී)Reply
ඔබගේ බ්‍රවුසරයෙන් බැලූ විටද "මෑත වෙනස්කිරීම්" පෙනෙන්නේ පහත පරිදී විය යුතුයි.

  දැන් මෙහි 2014 මැයි 13 දින 14.40 ට ම විසින් තල්දූවේ සෝමාරාම ලිපිය තැනූ සටහන මෙහි නොමැති බව පෙනේද? --- Shwetha (talk) 03:42, 14 මැයි 2014 (යූටීසී)Reply

හරියට හරි මචෝ. ඔය සීන් එකම තමා මටත් පෙනුනෙ. ලිපිය තැනූ සටහන නැති සීන් එක මාත් note කලා. හැබැයි මචෝ මං ලිපිය තැනූ සටහන නැති සීන් දැක්කෙ move පාර දාන්නත් කලිං.
මොකක් හරි පට්ට අවුලක් තියනව වගේ. හේතුව ගැන නං මට no idea.
Singhalawap (talk) 01:19, 17 මැයි 2014 (යූටීසී)Reply

විකිපීඩියාව තුල සංස්කාරකවරුන්ට අඩන්තේට්ටම් (harassment) සිදුවීම සංස්කරණය

ගරු Singhalawap මහතාණෙනි,

සිංහල විකිපීඩියාව තුල පරිශීලකයින්ගේ පුද්ගලික හඳුනාගැනීම සිදුකිරීමත් (විකිපීඩියාවෙහි බලධරයෙකු වන Shwetha මහතා විසින් මෙහි දැක්වෙන 1928 කටුකුරුන්ද දුම්රිය අනතුර යටි ඡේදයේ මා සම්පූර්ණයෙන් හඳුනාගති යන්න පිළිගෙන ඇති නිසා), විකිපීඩියාවෙහි අන්තර්ගතය ගැන සංවාද නොකොට සංස්කාරකවරයාගේ/වරුන්ගේ පුද්ගලික ගතිපැවතුම් තමන්ගේ පදනම් මත යැපෙමින් අවඥාවට සහ සමච්චලයට ලක් කිරීමත්, ඔවුන්ට අනාරාධිත ලෙස පීඩාවට ලක්වන ආකාරයේ අවවාද ලබා දීමත්, නිශ්චිත පුද්ගලයෙකු හෝ පුද්ගලයන් කිහිපදෙනෙකු අරමුණු සහගත ලෙස ඉලක්ක කොට ගනිමින් එම සංස්කාරකවරුන්ට විකිපීඩියාව අප්‍රසන්න ස්ථානයක් බවට පත්කිරීමට උත්සාහ දැරීමත් හා මා ලවාම සංස්කරණ සිදුකරවීමේ (කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ) විකීලුහුබැඳීම් (WIKIHOUNDING) වැනි දෑ දක්නට ලැබෙන නිසාත්, පරිශීලක අවකාශයන්හී නොමනා "අවවාද" ස්ථාපනය කිරීම් ආදිය පිහිටුවීමත් (Miran27 පිටුවට අවවාද කිරීම), එවැනි අඩන්තේට්ටම් (harassment) විකිපීඩියා සුසිරිත් වලට අදාල නොවන නිසාත්, මෙවැනි භාහිර පුද්ගල ගතිපැවතුම් අපහාසයට පත්කිරීම වැනි ක්‍රියාවන් ඉදිරියට සිදු නොවීම පිණිසත්, සිංහල විකිපීඩියාවේ වගකීමක් සහිත බලධාරී මහත්වරුවන් වශයෙන් මෙවැනි සිදුවීම් සම්බන්ධව යම් කිසි ක්‍රියා මාර්ගයක් ගනු ඇතැයි මා විශ්වාස කරමි.

මේ සම්බන්ධ පොදු සංවාදයක්, පරිපාලකවරුන් වන ඔබතුමන්ලා විසින් පරිශීලකයන් සියළු දෙනාට අදහස් දැක්විය හැකි ස්ථානයක ඇති කරයි යැයි මා බලාපොරොත්තු වෙමි. මෙවැනි සිදුවීම් තව දුරටත් වර්ධනය වීම, සිංහල විකිපීඩියා ව්‍යාපෘතිය කඩාකප්පල් වීම හා නවක පරිශීලකයින් සිංහල විකිපීඩියාව හැරයන තත්වයක් ගොඩනැංවීම පිණිස හේතුකාරක විය හැකි බව විකිපීඩියා අඩන්තේට්ටම් කිරීම් (Wikipedia:Harassment) හී දක්වා තිබෙයි. --- L Manju (talk) 06:38, 17 මැයි 2014 (යූටීසී)Reply

හිතවත් L Manju
මේ පිලිබඳව මාගේ අවධානය යොමුකරලීම පිලිබදව ස්තූතිවන්ත වෙමි.
අදාල සංකල්පය (විකිපීඩියා:හිරිහැරකිරීම්) පිලිබඳව මා මෙතෙක් නොදැන සිටි බැවින් ඒ ගැන අධ්‍යයනය කිරීම ආරම්භ කලෙමි.
Singhalawap (talk) 18:36, 20 මැයි 2014 (යූටීසී)Reply

අත්‍යවශ්‍ය කාරණයක් සම්බන්ධයෙන් ... සංස්කරණය

Singhalawap මහතා ... අත්‍යවශ්‍ය කාරණයක් සම්බන්ධයෙන් ඔබතුමාගෙන් කරුණු දැනගන්නට අවශ්‍යයයි... ඔබව සම්බන්ධ කරගන්නට පුළුවන් කොහොමද ?

ස්තූතියි

හැකිය, ක්‍රම 2කි.
  1. මෙම සාකච්ඡා පිටුවේ සටහනක් තබන්න.
  2. වම් පස තීරුවේ ඇති "මෙම පරිශීලක වෙත විද්‍යුත්-ලිපියක් යවන්න" ආධාරයෙන් අදාර කාරණය දන්වන්න. (මා විතර ඊ-මේල් නොබලන බැවින්; ඊ-මේල් කල පසු මෙම පිටුවේ ඒ බවට සටහනක් තැබීමෙන් ඔබට ඉක්මන් ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
Singhalawap (talk) 18:41, 20 මැයි 2014 (යූටීසී)Reply

මගේ විරාමයට යන්නට කලින් සංස්කරණය

අළුතින් නවකයෙකු ලෙස සිංහල විකිපීඩියාවට පැමිණි මා කෙරේ ධෙෙර්ය හා විශ්වාසය ඇති කරමින්, සිංහල විකිපීඩියාව තුලදී හිතවත් සහ ප්‍රසන්න ආකාරයෙන් සැළකීම සම්බන්ධව ගරු Singhalawap මහතාණෙනි ඔබට බොහොමත්ම ස්තූතියි.--- L Manju (talk) 07:53, 31 මැයි 2014 (යූටීසී)Reply

  කරුණාවන්ත ලෙස නවකයින් පිළිගැනීම වෙනුවෙන් පිදෙන තාරකාව
සිංහල විකිපීඩියාවට පැමිණෙන නවකයන් විවෘත භාහුවලින් පිළිගැනීමත්, අපමණ ලෙස ඉවසීම සහ කාරුණිකත්වය ප්‍රදර්ශනය කරමින් විකිපීඩියාව වඩා හොඳ ස්ථානයක් බවට පත්කිරීමට විශේෂ විකිපීඩියානුවෙකු ලෙස වෙහෙසීමත් හේතුවෙන්,
මෙම විකි තාරකාව Singhalawap මහතා වෙත ලබා දුන්නේ --- L Manju (talk) 07:54, 31 මැයි 2014 (යූටීසී)   L Manju si 1  Reply
ඔබගෙන් ලද අගැයීම මට ඉමහත් සතුටකි.
Singhalawap (talk) 01:24, 1 ජූනි 2014 (යූටීසී)Reply

A barnstar for you! සංස්කරණය

  The Original Barnstar
ඔබ වසර 7ක සිට විකීපීඩියා දැනුම් සංචිතය ගොඩනැගීමට වෙන වෙහෙස මවිසින් අගය කරන වගයි!!! L.S. Semasinghe (talk) 14:59, 27 සැප්තැම්බර් 2014 (යූටීසී)Reply

A barnstar for you! සංස්කරණය

  The Original Barnstar
ඔබ වසර 7ක සිට විකීපීඩියා දැනුම් සංචිතය ගොඩනැගීමට වෙන වෙහෙස මවිසින් අගය කරන වගයි!!! L.S. Semasinghe (talk) 14:59, 27 සැප්තැම්බර් 2014 (යූටීසී)Reply
හිතවත් L.S. Semasinghe
ඔබගෙන් ලද අගයකිරීම ඉමහත් සතුටින් බාරගනිමි.
Singhalawap (talk) 14:22, 30 සැප්තැම්බර් 2014 (යූටීසී)Reply

A barnstar for you! සංස්කරණය

  The Barnstar of Diplomacy
Thank you! Randeerjayasekara (talk) 18:10, 23 ඔක්තොම්බර් 2014 (යූටීසී)

A barnstar for you! සංස්කරණය

  The Barnstar of Diplomacy
Thank you! Randeerjayasekara (talk) 18:10, 23 ඔක්තොම්බර් 2014 (යූටීසී)
හිතවත් Randeerjayasekara
අගයක්රීමෙන් දිරිියක් ලදිමි.
තුති Singhalawap (talk) 13:39, 30 ඔක්තොම්බර් 2014 (යූටීසී)

විකිපීඩියාවේ විද්‍යාව, නවීන විද්‍යාව සහ ශ්‍රී ලංකාවේ ජාතික ගීය සංස්කරණය

සිංහල විකිපීඩියාව තුල සයන්ස් යන්නට නවීන විද්‍යාව භාවිතා කිරීමට කිසියම් විලාසිතාවක් ඉස්මතු වී ඇත. එනමුත් ජීව විද්‍යාව, රසායන විද්‍යාව ආදිය නිකම්ම විද්‍යාවන් වෙති. විද්‍යාව යන්න බෞද්ධ සංකල්පයක් යයි කියති. ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ එන, "...ඔබ වේ අප විද්‍යා...." යන්නේ එන්නේ මොන විද්‍යාවද? කරුණාකර පැහැදිලි කරන්න. --- Shwetha (talk) 08:27, 6 නොවැම්බර් 2014 (යූටීසී)Reply

ඉක්මන් පිළිතුරු පතමි. -- Shwetha (talk) 18:50, 7 නොවැම්බර් 2014 (යූටීසී):Reply
හිතවත් Shwetha
මා දන්නා පරිදි සයන්ස් යන්න සිහලෙන් නවීන විද්‍යාව නම්වේ. 1980 සහ 1990 ගනන් වලදී නව-විද්‍යාව ලෙසද හඳුන්වා ඇත. බටහිර විද්‍යාව යන්නද සමාන තේරුමැති විකල්ප යෙදුමකි.
විද්‍යව (සහ අවිද්‍යව) යන සංකල්ප යම් වෙනස්කම් සහිතව විවිධ සමාජ සහ ආගම් වල ඇත. බෞද්ධ දර්ශනයට ඉන් එකකකි.
ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ එන, "...ඔබ වේ අප විද්‍යා...." යන්නේ එන්නේ මොන විද්‍යාවද යන්න කීමට තරම් මා ශ්‍රී ලංකාවේ ජාතික ගීය හදාරා නැත.
බටහිර විද්‍යව (සහ බටහිර විද්‍යාවට පටහැනි) සහ විද්‍යව (සහ අවිද්‍යාව) ආදී සංල්ප ඉතා සංකීර්ණ බැවින් මෙලෙස පහදාදිය නොහැක. අදාල ග්‍රන්ථ පරිශීලනය හා විෂය හැදෑරීම යෝග්‍ය බව සිතමි.
Singhalawap (talk) 19:28, 7 නොවැම්බර් 2014 (යූටීසී)Reply
විකිපීඩියාවෙහි අන්තර්ගත කල යුත්තේ "ඔබ දන්නා පරිදී" ලෙසින් දැක්විය හැකි කරුණු නොව, උපන්‍යාස මගින් මනා ලෙස ස්ඵුට කල හැකි කරුණුය. සයන්ස් යන්න නවීන නිද්‍යාව නම්, මෙඩිකල් සයන්ස් යන්න නවීන වෛද්‍ය විද්‍යාව විය යුතු නේද? මිනිස්ට්‍රි ඔෆ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලජී යන්න කවීන විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය විය යුතු නේද? විකිපීඩියාවේ භාවිතා කල යුත්තේ" සයන්ස් යන්නට රටෙහි ජනතාව භාවිතා කරන විද්‍යාව යන පදයද, නැත්නම් ප්‍රාඥයන් කිහිප දෙනෙක් තමන්ගේ පුද්ගලික මතිමතාන්තර සහ දෘෂ්ටිවාදයන් නිසා පෞද්ගලික මට්ටමෙන් භාවිතා කල පදයක්ද? මෙම ප්‍රාඥයින්ට (හා ඔබට) දශක දෙකකට වඩා කාලයක් තුලදීත් මෙම නව පදය ජන භාවිතයට එක් කරන්නට නොහැකි වූ තැන, විකිපීඩියාව තුලින් එය ඉස්මතු කරන්නට තතනන්නේ ඇයි? මෙවැනි නව පද භාෂාවකට එක් වන්නේ ක්‍රමයෙනි. ජනතාව එය පිළිගත යුතුයි. ජනමාධ්‍ය එය පිළිගත යුතුයි. පාලකයෝ එය පිළිගත යුතුයි. ඉන් පසුව අපට මෙය විකිපීඩියාව තුල භාවිතා කල හැකියි නේද? ---- Shwetha (talk) 01:36, 8 නොවැම්බර් 2014 (යූටීසී)Reply
මෙය ඉතා වැදගත් දෙයකි. විගසින් පිළිතුරු පතමි. --- Shwetha (talk) 10:24, 9 නොවැම්බර් 2014 (යූටීසී)Reply
Moving an article "Surpassing a Redirect" is only possible for an Administrator. An Administrator should exercise this right only after careful study. Whether the Sinhala word for "Science" is "විද්‍යාව" or "නවීන විද්‍යාව" is under discussion. As an Administrator you should not have moved Portals, Templates, Files and Articles with Title containing "Science" (විද්‍යාව or නවීන විද්‍යාව) term "Surpassing a Redirect". I am sorry to note your undue behavior. ---- Shwetha (talk) 12:19, 9 නොවැම්බර් 2014 (යූටීසී)Reply

හිතවත් Singhalawap ඉහත විද්‍යාව හා නවීන විද්‍යාව මාතෘකාව පිළිබදව වැඩිදුරටත් කරුණු පැහැදිලි කරගැනීමට කැමැත්තෙමු. විද්‍යව සම්බන්ධව ලිපි සැකසීම සදහා මෙය ස්තීරවම දැනගැනීම මහත් සහනයකි, ඒ සදහා දායක වන මෙන් ගෞරවයෙන් ඇරයුම් කරමි.--raju (talk) 12:44, 21 ජනවාරි 2015 (යූටීසී)Reply

නවීන විද්‍යාව ද්වාරයේ "/හදුන්වාදීම" කොටස සම්බන්ධව සංස්කරණය

ඔබ විසින් "නවීන විද්‍යාව/හදුන්වාදීම" කොටස not tally with the wikipedia theme යන හේතුව යොදා ඉවත් කර ඇත්තේ එහි සදහන් විද්‍යාව හා තාක්ෂණවේදය යන්න යොදා තිබූ බැවින් නම් එය නවීන විද්‍යාව ලෙස සංස්කරණය කර යොදාගත හැක.
නවීන විද්‍යාව ද්වාරය වෙත පිවිසෙන අය හට තමා පිවිස ඇත්තේ විද්‍යාව පිලිබද ස්ථානයකට බව පහසුවෙන් අවබෝධ කරගැනීම සදහා එය උපකාරී වනු ඇත.
එය උපුටා ගන්න ලද්දේ විකිපීඩියා විද්‍යාව ද්වාරයේ ඉතාලි භාෂාවෙන් ඇති සංස්කරණයෙනි.
Mr. 1100100 (Talk) 05:02, 10 නොවැම්බර් 2014 (යූටීසී)Reply

හිතවත් Mr. 1100100
not tally with the wikipedia theme ලෙස යෙදීම පැහැදිලි මදි බව තේරුම් ගතිමි. සමාවන්න.
නවීන විද්‍යාව හා තාක්‍ෂණවේදය යන්න වඩා නිවැරදි නමුත් මම not tally with the wikipedia theme යන්නෙන් අදහස්කලේ එය නොවේ.
මින් පෙර එක් පරිශීලකයෙකු විසින් මුල්පිටුව සහ තවත් පිටු කීපයක් යම් භෘෂා විකියකට අනුව යමින් (භාෂාව නිවැරදිව මතක නැත) වඩා රූප සහික සහ වර්ණවත් ලෙස වෙනස්කරන ලදී. ඒ පිලිබඳව සිංහල විකිප්‍රජාව තුල යම් කතිකාවතක් ගොඩනැගුනු අතර සිංහල විකිපීඩියාව මූලිකවම භාවිත කරන රට වන ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වේගය ඇතුළු කරුනු කීපයක් සලකාබලා වඩාත් යෝග්‍යවන්නේ සරල සහ බර අඩු තේමාවේ පිටු බව තීරණය විය. අදාාල පිටු නැවත තිබූ තත්වයට පත්කරන ලදී.
මා not tally with the wikipedia theme ලෙස අදහස්කලේ එම කරුණයි.
පෙර මාගේ ප්‍රකාශයේ විස්තර මදබවට නැවතත් සමාව ඉල්ලා සිටිමි.
Singhalawap (talk) 05:42, 11 නොවැම්බර් 2014 (යූටීසී)Reply
හරි මට තේරුනා, පැහැදිලි කර දීම සම්බන්දයෙන් ස්තූතියි. -- Mr. 1100100 10:15, 11 නොවැම්බර් 2014 (යූටීසී)

තෝරාගත් සංවත්සර/නොවැම්බර් 13 සංස්කරණය

ඔබ සිදු කල සංස්කරණයකදී මුල් පිටුවට ඉංග්‍රීසි අන්තර්ගතය හා රතු-සබැඳි එක්වී ඇත. ඉදිරියේදී එසේ කිරීමෙන් වලකින්න. ---- Shwetha (talk) 05:19, 13 නොවැම්බර් 2014 (යූටීසී)Reply

හිතවත් Shwetha
නොසලකිල්ල නිසා සිදුවූ වරදට සමාවන්න. ඉදිරියේදී මෙවැනි වරදක් නොකිරීමට සැලකිලිමත් වෙමි. Singhalawap (talk) 13:16, 15 නොවැම්බර් 2014 (යූටීසී)Reply

Copyright problems with උපාලි විජේවර්ධන සංස්කරණය

 

Hello. Concerning your contribution, උපාලි විජේවර්ධන, please note that Wikipedia cannot accept copyrighted text or images obtained from other web sites or printed material, without the permission of the author(s). This article or image appears to be a direct copy from http://www.divaina.com/2010/02/14/feature08.html. As a copyright violation, උපාලි විජේවර්ධන appears to qualify for deletion under the speedy deletion criteria. උපාලි විජේවර්ධන has been tagged for deletion, and may have been deleted by the time you see this message.

If you believe that the article or image is not a copyright violation, or if you have permission from the copyright holder to release the content freely under the Creative Commons Attribution/Share-Alike License (CC-BY-SA) then you should do one of the following:

However, for textual content, you may simply consider rewriting the content in your own words. While contributions are appreciated, Wikipedia must require all contributors to understand and comply with its copyright policy. Wikipedia takes copyright concerns very seriously, and persistent violators will be blocked from editing. Thank you. Shwetha (talk) 06:32, 1 දෙසැම්බර් 2014 (යූටීසී)Reply


සංස්කරණ 20,000+ සඳහා සංස්කරණය

  විශේෂ රන්තරුව
සිංහල විකිපීඩියාව සදහා ඔබ සංස්කරණයන් 20,000 කට වඩා වැඩි ප්‍රමාණයක් කරමින් ලබාදී ඇති දායකත්වය අගය කිරීම සඳහා මෙම විශේෂ රන්තරුව පුදකර සිටිමි.​ Mr. 1100100 (Talk) 12:58, 25 දෙසැම්බර් 2014 (යූටීසී)Reply
හිතවත් talk
ලද අගැයීම මහත් දිරියකි. තුති Singhalawap (talk) 18:31, 28 දෙසැම්බර් 2014 (යූටීසී)Reply
Return to the user page of "Singhalawap/ක්‍රි.ව.2014".