වෙරළබඩ වැදි ජනයා හෙවත් මූදු වැද්දෝ යනු, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ජීවත්වන වැදි ජන කණ්ඩායමකි.

වෙරළබඩ වැදි ජනයා
1990 ගණන් වලදී වාහරෙයි හිදී සඩංගු උත්සවයට සූදනෙම් වන වෙදාර් පිරිසක්
මුළු ජනගහණය
8,000 පමණ (1983)[1]
සැලකිය යුතු ජනගහණයක් සහිත ප්‍රදේශ
නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව
භාෂා
ශ්‍රී ලාංකික දෙමළ
ආගමික කටයුතු සඳහා වැදි භාෂාව වුවද භාවිතා කෙරෙයි
ආශ්‍රිත වාර්ගික කණ්ඩායම්
වැදි ජනයා සහ ශ්‍රී ලාංකික දෙමළ ජනයා

ශ්‍රී ලංකාවේ වැදි ජන කණ්ඩායම් වලින් සුවිශේෂ වන්නේ අනෙක් කණ්ඩයෙම් සිංහල ජන සමාජය ආශ්‍රිතව ජීවත් වීම සමග සිංහල මිශ්‍රිතව වැදි භාෂාව කථා කිරීමත් මොවුන් පමණක් දෙමළ ජාතිකයන් ආශ්‍රිතව ජීවත්වන බැවින් මිශ්‍රව දෙමළ වැදි භාෂාව කථාකිරීමත්ය.

ජීවත්වන ප්‍රදේශය සංස්කරණය

නැගෙනහිර පළාතේ නාගරික ප්‍රදේශයන් වන්නාවූ ත්‍රිකුණාමලය සහ මඩකලපුව අතර කුඩා වෙරළබඩ ගම්මානයන්හී මොවුන් සාමාන්‍යයෙන් ජීවත් වෙති. කෙසේවෙතත්, මඩකලපුවට දකුණෙන් පිහිටි ගම්මාන කිහිපයක් තුලද ඔවුන්ගේ ජනාවාස පිහිටා ඇත.

රැකියා සංස්කරණය

මසුන් ඇල්ලීම, හේන් ගොවිතැන, වී ගොවිතැන , වෙළෙඳ පොළ සඳහා පැස විවීම සහ කලාතුරකින් කුලී කම්කරු සේවය මගින් ඔවුන් දිවි ගැට ගසා ගනිති.

සම්භවය සංස්කරණය

මානව විද්‍යාඥයින් විසින් සැලකෙන්නේ මොවුන් අඩ වශයෙන් වැදි ජනයා වෙතින් මෙන්ම, ප්‍රාදේශීය දෙමළ ජනයා වෙතින්ද පැවත එන්නන් බවයි. ඔවුන්ගේ වෙදාර් ("දඩයම්කරු" යන්නට දෙමළ පදය)[2] අසල්වැසියන් ආදි කාලයෙහි සිටම ප්‍රාදේශීය සමාජ ව්‍යුහයෙහි කොටසක් වශයෙන් පැවති බවට නැගෙනහිර පළාතේ වැසියන් සලකන අතර, සමහරක් වෙදාර් වැඩිහිටියන් විශ්වාස කරනුයේ අතීතයේ කිසියම් කාලයකදී ඔවුන්ගේ මුතුන්මිත්තන් රට අභ්‍යන්තරයෙන් සංක්‍රමණය වූ බවකි.

සටහන් සංස්කරණය

  1. ජොන් ඩාර්ට් (සමරසිංහ, එස්. ඩබ්. ආර්. ද ඒ[සංස්කරණය]), පි.83
  2. මෙම ලිපිය විසින් වැද්දා යන්න භාවිතා කරනුයේ රට අභ්‍යන්තරයෙහි වැදි ජන කොට්ඨාශය හැඳින්වීමට වන අතර වෙරළබඩ වැදි ජන කොටස සඳහා වෙදාර් නම භාවිතා කරයි
"https://si.wikipedia.org/w/index.php?title=වෙරළබඩ_වැදි_ජනයා&oldid=304451" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි