විශ්ව රූ රැජිණ යනු විශ්ව රූ රැජිණ සංවිධානය (Miss Universe Organization) විසින් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි. ජාත්‍යන්තර රූ රැජිණ, මහා ජාත්‍යන්තර රූ රැජිණ, මිහිකත රූ රැජිණ සහ ලෝක රූ රැජිණ තරඟ හැරුණු විට, ලෝකයේ පවත්වන අනෙක් දැවැන්තම රූ රැජිණ තරඟය වන්නේ විශ්ව රූ රැජිණ තරඟයයි. ඊට සහභාගී වන්නේ එක් එක් රටවල ජාතික මට්ටම් නියෝජනය කල තරඟකාරියන් වෙයි.[1][2][3]

විශ්ව රූ රැජිණ
Miss Universe
විශ්ව රූ රැජිණ ලාංඡනය.
ආදර්ශ පාඨයනිසැකවම සුන්දරයි
(Confidently Beautiful)
සංස්ථාපනය1952
වර්ගයරූ රැජිණ තරඟයකි.
මූලස්ථානයනිව්යෝර්ක්
 ඇමරිකානු එක්සත් ජනපද
නිල භාෂා
ඉංග්‍රීසි
President
Paula Shugart
Key people
Charles Bluhdorn
වෙබ් අඩවියwww.missuniverse.com

1952 දී කැලිෆෝනියානු රෙදි සමාගමක් වූ පැසිෆික් මිල් (Pacific Mills) විසින් ඇරඹූ මෙම තරඟය පසුව Kayser-Roth, සහ ඉන්පසුව Gulf+Western සමාගම් වල කොටසක් විය. 1996 වර්ෂයේදී Donald Trump විසින් තරඟයේ හිමිකාරීත්වය ලබා ගන්නා ලදී.[4][5]

තරඟය විකාශනය කරන්නේ අමෙරිකානු NBC-TV නාලිකාව ඔස්සේ වන අතර, ඊට සමගාමී විකාශයක් ස්පාඤ්ඤයේ Telemundo නාලිකාව සිදු කරයි. මීට අමතරව Xbox Live විසින් අන්තර්ජාල විකාශනය සිදු කරයි.

වර්ථමාන විශ්ව රූ රැජිණ තරඟයේ නිල ලාංඡණය වන "තරු පිරිවරා සිටින කාන්තාවකගේ රුව", හඳුන්වා දුන්නේ 1998 වසරේදීයී. ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරඟ 5 න් එකක් ලෙසද විශ්ව රූ රැජිණ තරඟය නම් දරයි.[6]

ඉතිහාසය සංස්කරණය

1951 අමෙරිකා රූ රැජිණ (Miss America) වූ Yolande Betbeze, එම තරඟයේදී, අනුග්‍රාහක පැසිෆික් මිල් (Pacific Mills) සමාගමේ නිශ්පාදන නාමයක් වූ Catalina Swimwear යටතේ පැවති නාන ඇඳුම් තරඟයට පෙනී සිටීම ප්‍රතික්ෂේප කරන ලදී. මේ නිසා මිස් අමෙරිකා වෙතින් ඉවත් වූ පැසිෆික් මිල් සමාගම 1952 දී Miss USA සහ විශ්ව රූ රැජිණ (Miss Universe contests) නමින් නව තරඟයක් කැලිෆෝනියාවේ, ලෝන්ග් බීච් හී පැවැත්වූ අතර එය වර්ථමාන විශ්ව රූ රැජිණ තරඟයේ ආරම්භය ලෙස සැලකේ.

1998 වසරේදී, කැලිෆෝනියාවේ පිහිටුවා තුබූ විශ්ව රූ රැජිණ ප්‍රධාන මූලස්ථානය වෙනස්කොට එය නිව්යෝර්ක් නගරය වෙතට ගෙන යන ලදී.

කිරුළ සංස්කරණය

2002–2007 අතර කාලය තුල භාවිතා කල කිරුළ නිර්මාණය කලේ, විශ්ව රූ රැජිණ සංවිධානයේ නිල ආභරණ අනුග්‍රාහක වූ Mikimoto විසිනි. කිරුළ සතුව කැරට් 30 ක (ග්රෑම් 6)දියමන්ති 500 ක්, සවුත් සී සහ අකෝයා මුතු 120 ක් පවතී. කිරුළේ වටිනාකම අමෙරිකා ඩොලර් 250,000 ක් පමණ වෙයි.[7]

2009 යේ පටන් භාවිතා වන්නේ, ඩයමන්ඩ් නෙක්සස් ලැබ්ස් (Diamond Nexus Labs) විසින් නිර්මාණය කල කිරුළකි. එහි කැරට් 416.09 ක් (ග්රෑම් 83.218) වටිනා මැණික් ගල් 1,371 ඔබ්බවා තිබෙන අතර, කැරට් 14 හා කැරට් 18 සුදු රන් සහ ප්ලැටිනම් පූරකයක් පවතියි. [8][9]

මෑත කාලීන ජයග්‍රාහිකාවන් සංස්කරණය

වසර 2018 රට philippines විශ්ව රූ රැජිණ catriona gray ජාතික ජයග්‍රහණය ස්ථානය තායිලන්තය තරඟකාරියන් සංඛ්‍යාව 94
2018 philippines catriona gray බැංකොක්, තායිලන්තය තායිලන්තය

94

2017 south africa demi lee nel peters usa 92
2016
2015
2014   කොලොම්බියාව Paulina Vega කොලොම්බියාව රූ රැජිණ Doral, එක්සත් ජනපදය 88
2013   වෙනිසියුලාව María Gabriela Isler වෙනිසියුලා රූ රැජිණ මොස්කව්, රුසියාව 86
2012   ඇමරිකානු එක්සත් ජනපද Olivia Culpo ඇමරිකානු එක්සත් ජනපද රූ රැජිණ ලාස් වේගාස්, එක්සත් ජනපදය 89
2011   ඇන්ගෝලාව Leila Lopes ඇන්ගෝලා රූ රැජිණ São Paulo, බ්‍රසීලය 89
2010   මෙක්සිකෝව Ximena Navarrete Nuestra Belleza México ලාස් වේගාස්, එක්සත් ජනපදය 83
2009   වෙනිසියුලාව Stefanía Fernández වෙනිසියුලා රූ රැජිණ Nassau, බහමාස් 83
2008   වෙනිසියුලාව Dayana Mendoza වෙනිසියුලා රූ රැජිණ Nha Trang, වියට්නාමය 81
2007   ජපානය Riyo Mori මෙක්සිකෝ රූ රැජිණ මෙක්සිකෝ සිටි, මෙක්සිකෝව 77
2006   පුවටෝ රිකෝ Zuleyka Rivera පුවටෝ රිකෝ රූ රැජිණ ලොස් ඇන්ජලිස්, එක්සත් ජනපදය 86
2005   කැනඩාව Natalie Glebova කැනඩා විශ්ව රූ රැජිණ බැංකොක්, තායිලන්තය 81

ගැලරිය සංස්කරණය

එක් එක් රටවල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව සංස්කරණය

රට වාර සංඛ්‍යාව ජයගත් වසර
  ඇමරිකානු එක්සත් ජනපද 8 1954, 1956, 1960, 1967, 1980, 1995, 1997, 2012
  වෙනිසියුලාව 7 1979, 1981, 1986, 1996, 2008, 2009, 2013
  පුවටෝ රිකෝ 5 1970, 1985, 1993, 2001, 2006
  ස්වීඩනය 3 1955, 1966, 1984
  මෙක්සිකෝව 2 1991, 2010
  කොලොම්බියාව 1958, 2014
  ජපානය 1959, 2007
  කැනඩාව 1982, 2005
  ඕස්ට්‍රේලියාව 1972, 2004
  ඉන්දියාව 1994, 2000
  ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ 1977, 1998
  තායිලන්තය 1965, 1988
  ෆින්ලන්තය 1952, 1975
  පිලිපීනය 1969, 1973
  බ්‍රසීලය 1963, 1968
  ඇන්ගෝලාව 1 2011
  ඩොමිනිකන් ජනරජය 2003
  පැනමාව 2002
  රුසියාව 2002 (තනතුරින් ඉවත් කරන ලදී)
  බොට්ස්වානා 1999
  නැමිබියාව 1992
  නෝර්වේ 1990
  නෙදර්ලන්තය 1989
  චිලි 1987
  නවසීලන්තය 1983
  දකුණු අප්‍රිකාව 1978
  ඊශ්‍රායෙලය 1976
  ස්පාඤ්ඤය 1974
  ලෙබනනය 1971
  ග්‍රීසිය 1964
  ආර්ජන්ටිනාව 1962
  ජර්මනිය 1961
  පෙරූ 1957
  ප්‍රංශය 1953

මූලාශ්‍ර:[10][11]

හොඳම තරඟකාරී රටවල් 15 සංස්කරණය

ස්ථානය රට විශ්ව රූ රැජිණ දෙවන ස්ථානය තෙවන ස්ථානය සිව්වන ස්ථානය පස්වන ස්ථානය අවසන් වටයට එකතුව
1   ඇමරිකානු එක්සත් ජනපද 8[12] 8 6 1[13] 5 29 57
2   වෙනිසියුලාව 7 6 6 4 2 14 39
3   පුවටෝ රිකෝ 5[14] 1[15] 2 1 3 8 20
4   ස්වීඩනය 3 1 2 3 4 16 29
5   බ්‍රසීලය 2 5 1 2 5 17 32
6   ෆින්ලන්තය 2 3 5 1 1 7 18
7   පිලිපීනය 2 2 0 5 2 7 18
8   ඕස්ට්‍රේලියාව 2 1 3 2[16] 2 6 16
9   ජපානය 2[17] 1[14] 1 2 3 9 18
10   ඉන්දියාව 2 1 1 1 1[18] 15 21
11   කැනඩාව 2[15] 1 1 1 0 11 16
12   මෙක්සිකෝව 2 0 1 2 2 10 17
13   ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ 2 0 1 0 1 4 8
14   තායිලන්තය 2 0 1 0 0 4 7
15   කොලොම්බියාව 2 4 2 3 1 19 30

විශේෂ කරුණු සංස්කරණය

තම මව් රට තුලදීම කිරුළ හිමිකරගත් සංස්කරණය

තරඟකාරියන් 7 දෙනෙකු සිය මව් රටදී කිරුළ හිමිකරගෙන තිබේ.

විදේශ රටකදී කිරුළ හිමිකරගත් සංස්කරණය

විදේශ රටකදී වැඩිම වාරයක් කිරුළ හිමිකරගෙන තිබෙන්නේ වෙනිසියුලාවයි. (7 වතාවක්)

  වෙනිසියුලාව

  පුවටෝ රිකෝ

  ස්වීඩනය

ප්‍රේක්ෂක මනාපය සංස්කරණය

2011 වසරේ සිට ප්‍රේක්ෂකයින් හට, සිය ප්‍රියතම තරඟකාරිය වෙනුවෙන් මනාපය ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවිය.

  • 2011:   පෘතුගාලය= Laura Gonçalves. (තරඟයේ අවසන් 10 දෙනා අතරට පැමිණියාය)
  • 2013:   පිලිපීනය= Ariella Arida. (තරඟයේ සිව්වන ස්ථානය ලැබුවාය)

වයස සංස්කරණය

උස සංස්කරණය

කාල පරතරය සංස්කරණය

  • එකම රටක් විසින් කිරුළ හිමි කර ගත් විශාලම කාල පරතරය:
    • 1959 - Akiko Kojima ←   ජපානය → 2007 - Riyo Mori. (වසර 47 යි, දවස් 308 යි.)
  • එකම රටක් විසින් කිරුළ හිමි කර ගත් කෙටිම කාල පරතරය:

කිරුළ හිමි කාලය සංස්කරණය

  • දිගම කිරුළ හිමි කාලය:
  • කෙටිම කිරුළ හිමි කාලය:
  • තනතුරින් පහ කල අයෙකුගේ කෙටිම කිරුළ හිමි කාලය:
  • දෙවන ස්ථානය ලබාගත් අයෙකුගේ කෙටිම කිරුළ හිමි කාලය:
    • 2002   පැනමාව= Justine Pasek මාස 8 යි, දවස් 10 යි. (2002 කිරුළ ධාරිනිය වූ Oxana Fedorova, තනතුරෙන් පහ කිරීම නිසා, දෙවන ස්ථානය ලත් Justine Pasek එම වසරේ විශ්ව රූ රැජිණ වූවාය.)
  • තනතුරින් ඉල්ලා අස්වූ අයෙකුගේ කෙටිම කිරුළ හිමි කාලය:
    • 1974   ස්පාඤ්ඤය= Amparo Muñoz -මාස 6 යි. (Muñoz ගේ තනතුර එවර තරඟයේ දෙවන ස්ථානය ලබාගත් වේල්සයේ Helen Morgan ට නොලැබුනේ, ඇය 1974 ලෝක රූ රැජිණ වීම නිසාය.)

සහභාගීත්වයන් සංස්කරණය

  • අවම සහභාගීත්වය:
    • 1953 දී අවම සහභාගීත්වය වාර්ථා වූ අතර සහභාගී වූ සංඛ්‍යාව 26 කි.
  • වැඩිම සහභාගීත්වය:
    • 2011 හා 2012 වර්ෂ වලදී වැඩිම සහභාගීත්වය වාර්ථා වූ අතර සහභාගී වූ සංඛ්‍යාව 89 කි.

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Washington Post: Trump and Rosie Argue Over Miss USA
  2. Miss Venezuela Stefania Fernandez is Miss Universe 2009
  3. Miss Universe crown eludes Africa 55 times, http://www.southerntimesafrica.com/inside.aspx?sectid=8608&cat=2, ප්‍රතිෂ්ඨාපනය 2014-01-31 
  4. Miss Universe Pageant Defends Credibility Amid Criticism Show is Degrading, Unprofessional
  5. Channel-i to telecast Miss Universe 2004 live!
  6. Katrina Angco (2017-12-14). "How PH became the top beauty pageant country in the world" (ඉංග්‍රීසි බසින්). ABS-CBN. 2019-02-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-12-14. {{cite web}}: |archive-date= / |archive-url= timestamp mismatch; $1 suggested (help)
  7. "Mikimoto History Timeline". mikimotoamerica.com.
  8. "Connection to MISS UNIVERSE®". diamondnexus.com.
  9. "Diamond Nexus Labs Announced as The Official Jewelry of The Miss Universe Organization". redorbit.com. redOrbit. February 3, 2009. සම්ප්‍රවේශය October 8, 2013.
  10. Pageantopolis - Miss Universe
  11. Miss Universe - Past Titleholders, http://www.missuniverse.com/contestant_profiles/past, ප්‍රතිෂ්ඨාපනය 2014-01-31 
  12. "Miss USA crowned Miss Universe in 8th American win". reuters.com. REUTERS. December 19, 2012. සම්ප්‍රවේශය October 9, 2013.
  13. "Unkissed Colombia girl is new Miss Universe". The Miami News. Associated Press. July 25, 1958. සම්ප්‍රවේශය 25 September 2011.[permanent dead link]
  14. 14.0 14.1 "Puerto Rico wins, faints". The Age. Melbourne. July 24, 2006. සම්ප්‍රවේශය 10 November 2010.
  15. 15.0 15.1 "Canada won the crown". El Universal. May 31, 2005. සම්ප්‍රවේශය 10 November 2010.
  16. "Miss Venezuela, Stefania Fernandez, Crowned Miss Universe". redorbit.com. PR Newswire. August 23, 2009. 7 January 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 November 2010.
  17. "RP bet fails to advance to Top 15 in Miss Universe 2007". business.inquirer.net. Philippine Daily Inquirer. May 29, 2007. සම්ප්‍රවේශය October 9, 2013.
  18. "Puerto Rican beauty wins Miss Universe crown". Associated Press. May 12, 2001. සම්ප්‍රවේශය 10 November 2010. In second place was Miss Greece, 22-year-old Evelina Papantoniou and in third place was Miss USA, 24-year-old Kandace Krueger. Miss Venezuela, 18-year-old Eva Ekvall was third runner-up and Miss India, 22-year-old Celina Jaitley was named fourth runner-up. The five semifinalists who were earlier eliminated in the pageant were Miss Spain, Eva Siso Casals; Miss Nigeria, Agbani Darego...
  19. [1]

භාහිර සබැදි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=විශ්ව_රූ_රැජිණ&oldid=596833" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි