විකිපීඩියා:පිළිගැනීමේ කමිටුව/සාකච්ඡා


නව පරිශීලකයකුට ආයුබෝවන් කිව යුත්තේ කුමන අවස්ථාවේදීද? සංස්කරණය

  1. නව ගිණුම තැනූ අවස්ථාවේදීම
  2. එක් සංස්කරණයකට පසුව
  3. සංස්කරණ 5 කට පසුව
  4. සංස්කරණ 10 කට පසුව
  5. සංස්කරණ x කට පසුව

සාකච්ඡාව සංස්කරණය

  • මාගේ මතය අනුව මා සිතන්නේ "නව ගිණුම තැනූ අවස්ථාවේදීම" මෙය සිදුකළ යුතු බවයි. --තඹරු විජේසේකර සාකච්ඡාව 05:23, 3 අගෝස්තු 2010 (යූටීසී)[reply]
  • මාගේ අදහස නව ගිණුම තැනූ අවස්ථාවේදීමසංස්කරණ x කට පසුව ඔහුට ආයුබෝවන් කිව යුතුය යන්නයි. -- බිඟුවා සාකච්ඡාව 05:58, 3 අගෝස්තු 2010 (යූටීසී)[reply]
  • සමහරක් අයවළුන් ප්‍රවිෂ්ට වන්නේ නිකමටය. ගිණුම තනා කිසිවිටෙක දායක නොවෙති. ඕනෑම භාෂාවක විකිපීඩියාවක මෙවැන්නවුන් සිටිති. මෙවැනි අයට ආයුබෝවන් කීම පලක් නැත. අපට හෝ ඔවුන්ට, දෙලොවටම පලක් නැත. යම් යම් උදවු ලිපි හෝ වෙනයම් දෙයක් ආශ්‍ර කල යුතු බව අප යෝජනා කරන්නේ නම් ජොලියට ගිණුම් තැනු අයට එයින් පලක් නැත. මොලය හිල් කර ඒවා වත්කලත් ඔවුන් දායක වන්නේ නැත. බැරි මරගාතෙන් හෝ සංස්කරණ 10 ක් පමණ කල පසුව මෙම ආශ්‍ර ලිපි සමග ඔවුන් ට ආයුබෝවන් කිව යුතුය. අප දැන් ඔවුන්ට කියවන්නට යැයි කියන ආශ්‍ර ලිපි සිංහලෙන් ලියා තිබේද? ඒවා ඉංග්‍රීසි නම් කිසි පලක් නැත. අපේ බොහෝ පරිශීලකයන්ට ඉංග්‍රීසි බැරිය. එසේ හැකි නම් ඔවුන් ඉංග්‍රීසි විකිපීඩියාවට දායක වනු ඇත. අපගේ පිළිගැනීමේ ලිපිය සිංහලද? එසේ නැත්නම් කිසි පලක් නැත. අප කියන්නේ මොනවාදැයි ඔවුන්ට නොතේරෙයි. මේ අඩුපාඩු සාදාගෙන පොදු පිළිගැනීමේ ලිපියක් තනා (දැනට විවිධ අය විවිධ ලිපි මගින් අළුත් පරිශීලකයන් පිළිගනිති), සියළු ආශ්‍ර ලිපි පරිවර්තනය කොට සංස්කරණ 10 කට පසුව පිළිගැනීම කල යුතු බව මගේ අදහසයි. -- දසනැබළයෝ (talk) 06:14, 3 අගෝස්තු 2010 (යූටීසී)[reply]
ඔව්. ඔබ කියනායුරින් එලෙස ජොලියට ගිණුම් සාදන්නන් සිටිනා බැවින් ඔබ සමග එක් වීමටද කැමැති වෙමි.-- බිඟුවා සාකච්ඡාව 06:22, 3 අගෝස්තු 2010 (යූටීසී)[reply]
  • ගිණුම සෑදු අවස්ථාවේදීම පිළිගැනීම වඩා සුදුසු බව සිතමි. Tutorial,How to write a great article ආදිය කෙසේ වෙතත් සාකච්ඡාවක අවසානයේ ~~~~ ලෙස දැක්විය යුතු බව,උදව් ලබාගත හැකි ක්‍රම හා පංච කුලුනු පිළිබඳව දැක්වීම අගනේය. ලිපි සංස්කරණය කිරීම හා පරිවර්තනය කරන්නෝ කරති. නොකරන්නෝ නොකරති.පුද්ගලික අරමුණු ඉටුකරගැනීමට පැමිණෙන්නෝ සිටිති. නිකරුනේ හේතුවක් නොමැතිව ගිණුම් තනන්නෝද සිටිති. නමුත් මෙම පිළිගැනීම ඉතා වැදගත් වනුයේ ලිපි සංස්කරණය කිරීමට කැමති නුමුත් ඒ පිළිබඳව දැනුම නොමැති/ අඩු නවක සාමජිකයන්ටයි. තවද ගිණුමක් තනා ඉන්පසු "මම මොකද්ද දැන් කරන්නේ?" යැයි සිතමින් සිටින සාමාජිකයන්ටත් වැදගත් බව සිතමි.(බොහෝ දෙනෙකු අන්තර්ජාලයේ විවිධ ස්ථාන වල ගිණුම් තනන්නේ ඒවා ගැන මඳ හෝ අදහසක් නැතිවය. ) -- Shane44 (talk) 09:26, 8 අගෝස්තු 2010 (යූටීසී)[reply]
  • එක් සංස්කරණයකින් පසුව ආයුබෝවන් කිව යුතුය යන්න මගේ අදහසයි. නවකයින්ට විකිපීඩියාවේ කේතන නුහුරු බැවින් මෙවන් දෙයක් කිරීම වඩාත් සුදුසු යැයි හැඟේ. ----ස්වප්නා 03:07, 18 අගෝස්තු 2010 (යූටීසී)

තීරණය සංස්කරණය

       සාර්ථකයි (සංස්කරණ x කට පසුව සිදුකළ යුතු බවට තීරණය විණි.)
ආයුබෝවන් සැකිල්ල එක් කිරීම නැවත සංවාදයට ගැණින. -- බිඟුවා සාකච්ඡාව 00:58, 23 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

ස්වයංක්‍රීයව තනන ලද ගිණුම් හිමියන්ට ආයුබෝවන් බැනරය එක් කළ යුතුද? සංස්කරණය

  1. නැත
  2. ඔව්
  3. සමහර විට

සාකච්ඡාව සංස්කරණය

  • නැත යන්න මාගේ අදහසයි. එසේ ස්වයංක්‍රීයව සෑදෙන ගිණුම් සහිත පරිශීලකයින්ගේ විකි නිවස වෙනත් භාෂාවක් වීමේ සම්භාවිතාව ඉතා ඉහළ බැවින් ඔවුන් දැනටමත් විකිය තුළ පිළිගෙන තිබීමේ සම්භාවිතාව ඉතා වැඩිය. එසේම මෙලෙස සෑදෙන ගිණුම් හිමියන් විසින් යම් සංස්කරණයක් කළ පසුව ආයුබෝවන් බැනරය එක් කිරීම සුදුසු යැයි සිතමි. -- බිඟුවා සාකච්ඡාව 06:18, 3 අගෝස්තු 2010 (යූටීසී)[reply]
  • ස්වයංක්‍රීයව ගිණුම් තනන අය වෙනත් භාෂා විකිපීඩියාවල අයවළුන්ය. ඔවුන්ගේ මවු භාෂා විකිපීඩියා වල සමහරවිට බොහෝ කලකට පෙර ඔවුන් පිළිගෙන ඇත. ඔවුන්ට සිංහල තේරීමට ඇති සම්භාව්‍යතාවයද ඉතා අඩුය. එබැවින් ඔවුන් පිළිගත යුතු නැති බව මගේ අදහසයි. -- දසනැබළයෝ (talk) 06:20, 3 අගෝස්තු 2010 (යූටීසී)[reply]
  • මා ද අදහස් කරන්නේ "නැත" කියා යි. --තඹරු විජේසේකර සාකච්ඡාව 07:51, 3 අගෝස්තු 2010 (යූටීසී)[reply]
  • "නැත". නමුත් සිංහල භාෂාවෙන් සංස්කරණ කීපයක් හෝ සිදුකරන්නේ නම් සිංහල භාෂාවෙන් ඇති පිළිගැනීමේ බැනරය භාවිතයෙන් පිළිගැනීම වටියි. -- Shane44 (talk) 09:31, 8 අගෝස්තු 2010 (යූටීසී)[reply]
  • නැත යන්න මාගේ අදහසයි. ----ස්වප්නා 08:25, 17 අගෝස්තු 2010 (යූටීසී)

තීරණය සංස්කරණය

"නැත" යන්න වැඩි මනාපයෙන් තෝරා ගැණුනි.

       අවසන් තීරණය ගෙන ඇත. සාර්ථකයි!.

කුමන සැකිල්ල අපි භාවිතා කරමුද? සංස්කරණය

  1. {{subst:ආයුබෝවන්}}
  2. {{subst:welcome}}
  3. {{subst:welcome2}}


සාකච්ඡාව සංස්කරණය

  • මම හිතන්නේ වැඩිය හොඳ "{{subst:ආයුබෝවන්}}". ලොකු කතන්දරයකින් සාකච්ඡා පිටුව පුරවලා දාන එක ටිකක් හරි නෑ වාගෙ කියල මට නම් හිතෙන්නේ. --Lee (talk) 12:44, 3 අගෝස්තු 2010 (යූටීසී)[reply]

තීරණය සංස්කරණය

{{subst:ආයුබෝවන්}} සැකිල්ල වැඩි මනාපයෙන් තෝරා ගැණුනි.

       අවසන් තීරණය ගෙන ඇත. සාර්ථකයි!.


පරිශීලක පිළිගැනුම ස්වයංක්‍රීය කරමුද? සංස්කරණය

විකිපීඩියා පොදුදේපල (Wikipedia Commons)හි යම් නවක පරිශීලකයෙකු තම කුළුඳුල් සංස්කරණය කළ වහා පරිශීලකයාගේ සාකච්ඡා පිටුව වෙත "ආයුබෝවන්" පණිවුඩය ඇතුලත් කෙරේ. මීට ද එය,

  1. එක් කළ යුතු ය.
  2. එක් නොකළ යුතු ය.

සාකච්ඡාව සංස්කරණය

තීරණය සංස්කරණය

       නවක පරිශීලකයන් සීමිත නිසා දැනට හස්තිකරණීයව සිදුකිරීමට තීරණය කොට ඇත.

.

ආයුබෝවන් සැකිල්ල එක් කිරීම සංස්කරණය

මේ ගැන එක පාරකුත් කතා උනා. නමුත් මට හිතෙනවා අපි මේ ටැගය ගිණුම තැනූ අවස්තාවේදීම එක් කරන්න ඕනැ කියලා. මොකද කියන්නේ?

  1. Support -- බිඟුවා සාකච්ඡාව 11:13, 9 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
  2. Support තඹරු විජේසේකර සාකච්ඡාව 11:24, 9 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
  3. Support අනංගයා (talk) 11:52, 9 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
  4. Support Lee (talk) 12:00, 9 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
  5. Support Shane44 (talk) 13:52, 9 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
  6. Support අනිවා මේක කරන්න ඕනේ. ආපු එකා යන්න කලින් පිලිගන්න ඕනැ. මමත් මේක කියන්නම්යි හිටියේ. මැක්සා --මීමා (talk) 02:49, 10 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
  7. Support --උපුල් (talk) 03:11, 10 පෙබරවාරි 2011 (යූටීසී)[reply]


හරි එහෙනම් එහෙම කරමු. මම හිතන්නේ ඒ අදාළ පරිශීලකයා අඩුම ගානේ ගිණුමක් හරි තැනුවා කියන එක වැදගත්. ඊට පස්සේ අතරමං වෙන්න තියෙන අවකාශය අඩුවෙයි මේ වැඩෙන්. ජය! -- බිඟුවා සාකච්ඡාව 00:56, 23 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

සරල නව සැකිල්ලක් හදමුද? සංස්කරණය

අපි නවකයින් පිළිගන්න අලුත් සරල සැකිල්ලක් හදමුද? දැන් තියෙන එකේ බර වචන වැඩිද මන්දා. බොහොම සරල සිංහලෙන්... අලුත් කෙනෙකුට කියවලා තේරුම් ගන්න ලේසි ඒ වගේම එයාට කරන්න පුලුවන් සරල වැඩ ඇතුළත් කරලා... මොකද කියන්නේ? -- බිඟුවා සාකච්ඡාව 01:04, 23 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

ඇත්තටම වෙන්න ඕන දෙයක්. දැන් තියෙන එක හරි ම කෘතීමයි. ඔය වෙලා තියෙන්නේ පදානුගත පරිවර්තනයක් කරන්න යාමේ ප්‍රථිඵලයක් ද කියලත් හිතෙනවා.
නව සැකිල්ල සරල වගේ ම ලස්සණ වෙන්නත් ඕන​. කතා කරන සිංහල පාවිච්චි කරනව නම් වඩාත් හොඳයි. හිතට වදින්නේ කතා කරන බාසාවෙන් කියන දෙයක් ම තමයි. පිළිගැනීමේ පණිවිඩය උණුසුම් ප්‍රාණවත් ආචාරශීලී එකක් වෙන්නත් ඕන​. ඒකට අපේ ගූගල් සමූහය ගැනයි, ෆේස්බුක් පිටුව ගැනයි සඳහනකුත් දාන්න​. වෙන විකිවලටත් ගිහින් ඒවයෙනුත් ආභාසයක් ගන්නවනම් හොඳයි.
නවකයන්ව පුහුණු කරන්න​ පරණ කට්ටිය භාර ගන්න මේ වැඩ පිළිවෙලත් පණ ගන්වමු. තමුන් තනි වෙලා නෑ කියන හැඟීමත් අපි නවකයන් ගේ හිත් තුළ ඇති කරන්න ඕන​. නංගයා මතන්න 08:34, 23 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ස්තුතියි අනංගයා, අලුත් සැකිලි කිහිපයක් හදන්න පටන් ගන්නකෝ. මටත් පුලුවන් වෙලාවක් සප් එකක් දෙන්නම්. Friendly වලට ඒකාබද්ධ කරන වැඩේ මං කරලා දෙන්නම්. -- බිඟුවා සාකච්ඡාව 15:08, 23 පෙබරවාරි 2011 (යූටීසී)[reply]