විකිපීඩියා:නිබන්ධනය(ආකෘතිකරණය)

හැඳින්වීම සංස්කරණය
කෙසේ කරමුද
  ආකෘතිකරණය  සබැඳි  මූලාශ්‍ර
උපන්‍යාසය
  සාකච්ඡා
පිටු
  සිතෙහි
තබා ගන්න
  ලියාපදිංචිය Wrap-up  

විකිපීඩියා පිටු ආකෘතිකරණය සම්මත පද සකසනයක ලිවීමට වඩා මදක් වෙනස්ය. දැඩි WYSIWYG ප්‍රවේශයක් ("ඔබ දකින්නේ ඔබ අත්දකින දෙයය") වෙනුවට, පිටුවක කිසියම් මූලිකාංග (නිද. ශීර්ෂකයන්) නිමැවීමට විකිපීඩියා භාවිතා කරන්නේ පෙළ කේතයන්ය. මෙම "භාෂාව" හැඳින්වෙන්නේ විකිපෙළ (හෙවත් විකි-සලකුණු) ලෙසින් වන අතර එය සැලසුම් කර ඇත්තේ සංස්කරණය පහසු වන පරිදීය.

තදකුරු හා ඇලකුරු සංස්කරණය

වඩාත් බහුල ලෙසින් භාවිතා වන විකි ටැග වන්නේ තදකුරු සහ ඇලකුරු යන ඒවාය. තදකුරුකරණය සහ ඇලකුරුකරණය සිදු කරන්නේ පදයක් හෝ වාක්‍යාංශයක් වටා උඩුකොමා (') බහුසංඛ්‍යාවක් යෙදීමෙනි:

ඔබ ලියන පෙළ ඔබට ලැබෙන පෙළ
''ඇලකුර'' ඇලකුර

'''තදකුර'''

තදකුර

'''''තද ඇලකුර'''''

තද ඇලකුර

විකිපීඩියා තුල ලිපියක අන්තර්ගතයෙහි දී එම ලිපියේ විෂයය මාතෘකාව මුලින්ම හමුවන තැනදී එය තදකුරු වලින් නිරූපණය කෙරේ. නිදසුනක් ලෙසින්, දස මහා යෝධයෝ ලිපිය ඇරඹෙන්නේ:

සිංහල දුටුගැමුණු රජු හා දකුණු ඉන්දියානු ආක්‍රමණිකයෙකු වන, දමිළ එළාර රජු අතර අනුරාධපුර නගරයේ ආධිපත්‍යය පතා, ඇතිවූ මහා සංග්‍රාම පිළිබඳවද එහිදී දුටුගැමුණුගේ දස මහා යෝධයෝ ඉටුකල වැදගත් කාර්යභාරය පිළිබඳවද බොහෝ දෑ ලියැවී ඇත. ශ්‍රී ලාංකික වංශ කථාව වන මහාවංශය අනුව දුටුගැමුණුගේ පිය:...

පොත් වල, චිත්‍රපට වල, පරිගණක/වීඩියෝ ක්‍රීඩා මාතෘකා වල නම් සඳහා ඇලකුරු භාවිතා කල හැක. ලිපියක විෂයය කරුණ පිළිබඳ පළමු සඳහන පොතක් හෝ චිත්‍රපටයක් පිළිබඳ නම් එවන් අවස්ථාවකදී තද ඇලකුරු භාවිතා වෙයි.

තදකුර ‍හා ඇලකුරු කුමන අවස්තාවක භාවිතා කල යුතුද යන්න පිළිබඳ තවද තොරතුරු සඳහා, Wikipedia:රචනාකරණයේ අත්පොත බලන්න.

ශීර්ෂ සහ උපශීර්ෂ සංස්කරණය

ලිපියක සංවිධානය වැඩිදියුණු කිරීම සඳහා භාවිතා කල හැකි පහසුම ක්‍රමයක් වන්නේ ශීර්ෂ හා උපශීර්ෂයි. එකිනෙකට වෙනස් මාතෘකා දෙකක් හෝ වැඩි ගණනක් සාකච්ඡාවට ලක් වන බව ඔබ දුටුවේ නම්, එක් එක් ඡේදය සඳහා ශීර්ෂයක් බහාලීමෙන් ලිපිය කොටස් වලට කැඩීමට ඔබ හට පුළුවන.

මෙලෙසින් ශීර්ෂයන් තැනිය හැක:

ඔබ ලියන පෙළ ඔබට ලැබෙන පෙළ

==ශීර්ෂය==

ශිර්ෂය සංස්කරණය

===උපශීර්ෂය===

උපශීර්ෂය සංස්කරණය

ලිපියක් සතුව අවම වශයෙන් ශීර්ෂයන් සතරක් හෝ තිබේ නම්, ස්වයංක්‍රීය ලෙසින් පටුනක් නිර්මාණය වෙයි. මෙම පිටුවෙහි වැලිපිල්ල තුල ශීර්ෂයක් නිර්මාණය කිරීමට උත්සාහ ගන්න. එය ස්වයංක්‍රීය ලෙසින් පිටුවෙහි පටුනට එක්වන්නේ, තව තුනක් දැනටමත් පවතින බවට උපකල්පනය කෙරෙමිනි.

විකිපීඩියාවෙහි ආකෘතිකරණ සම්මුතීන් අනුගමනය කරනු වස් අවශ්‍ය සියළු විශේෂාංග විකිපෙළෙහි අඩංගුව ඇති බැවින් HTML කේතය පිළිබඳ දැනුමක් අනවශ්‍ය මුත්, වර්ණ භාවිතය, පෙළ හා ඡේද ශෛලීන් සහ පිටු සැලැස්ම වැනි වඩාත් විශේෂිත ආකෘතිකරණය සඳහා එය භාවිතා වෙයි.

පිටුවක් සංස්කරණය කිරීම පිළිබඳ වැඩි විස්තර සඳහා පිටුවක් සංස්කරණය කරන අයුරු හෝ ලුහුඬුසටහන් මාලාව බලන්න.
විවරණ සහිත නිදර්ශන පිටුවක් ද ඔබ විසින් පරිශීලනය කල හැක.
ඔබ උගත් දෑ වැලිපිල්ල තුල අත්හදා බලන්න
විකිපීඩියා සබැඳි හා සමගින් නිබන්ධනය දිගටම භාවිත කරන්න