විකිපීඩියා:නිබන්ධනය/විකිපීඩියා සබැඳි

හැඳින්වීම සංස්කරණය
කෙසේ කරමුද
  ආකෘතිකරණය  සබැඳි  මූලාශ්‍ර
උපන්‍යාසය
  සාකච්ඡා
පිටු
  සිතෙහි
තබා ගන්න
  ලියාපදිංචිය Wrap-up  
සබැඳි නිර්මාණය ඇතුළු විකි මාර්ක්අප් මූලධර්ම පිළිබඳ වීඩියෝ පටය

විකිපීඩියා ලිපි සබැඳීම (Linking) ඉතා වැදගත් වේ. මෙම ඉතා පහසුවෙන් නිර්මාණය කළ හැකි මෙම සබැදි නිසා විකිපීඩියා පාඨකයා තමා කියවන පිටුවට අදාල වෙනත් පිටු වලට පහසුවෙන් යා හැකිය.

සබැදි එකතු කිරීම සංස්කරණය

විකිපීඩියා වෙනත් පිටුවකට (විකි සබැදි නමින් හැදින්වෙන) සබැදිය එක් කිරීමට පහත ආකාරයට ද්විත්ව කොටු වරහන් එක් කරන්න.

[[විශ්වය]]

ඔබ, ඔබගේ සංස්කරණය සුරැකුමට පසු පාඨකයාට මේ ආකාරයට එය දැකිය හැක: විශ්වය

ඔබ ලිපියක් සබැඳෙයි එකතු කරන විට සබැඳිය සඳහා අදාල ලිපියේ නම වෙනුවට එය වෙනත් ආකාරයකට ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය නම්, මෙසේ කළ හැක,

[[විශ්වය|විශ්වයේ]]

ඔබ, ඔබගේ සංස්කරණය සුරැකුමට පසු පාඨකයාට මේ ආකාරයට එය දැකිය හැක: විශ්වයේ මේ සදහා මැදින් යෙදිය යුත්තේ "|" divider සලකුණයි (ඉංග්‍රීසි-සැකැස්ම හා වෙනත් යතුරු පුවරු මත SHIFT + BACKSLASH (\)).

විකිපීඩියාවෙන් බැහැර වෙනත් අඩවියකට සබැඳියක් යෙදීම පහත පරිදි කළ හැකි ය.

[https://www.example.com නිදසුන]

මෙය මේ ආකාරයෙන් දිස්වනු ඇත.: නිදසුන (URL ලිපිනය සහ දිස්විය යුතු පෙළ අතර හිස්ඉඩක් තැබිය යුතු ය.)

මේ ආකාරයෙන් සබැඳි යොදන්නේ අඩවියෙන් බැහැර පිටු දැක්වීමේ දී පමණ ය.

මූලාශ්‍ර උපන්‍යාසය හා සමගින් නිබන්ධනය ඉදිරියට ගෙන යන්න