විකිපීඩියා:නිබන්ධනය/සාකච්ඡා පිටු

හැඳින්වීම සංස්කරණය
කෙසේ කරමුද
  ආකෘතිකරණය  සබැඳි  මූලාශ්‍ර
උපන්‍යාසය
  සාකච්ඡා
පිටු
  සිතෙහි
තබා ගන්න
  ලියාපදිංචිය Wrap-up  

සාකච්ඡා පිටු විකිපීඩියාවේ මූලික අංගයකි. ලිපි පිළිබඳව සහ ආශ්‍රිත ගැටළු සම්බන්ධව අනෙකුත් විකිපීඩියානුවන් සමඟ සාකච්ඡා කිරීමට එමගින් අවස්ථාව සළසා දෙයි. නමුත් සාකච්ඡා පිටු, චැට් රූම් (chat room) ලෙස හෝ යුධ පිටි (අනෙකුත් විකිපීඩියානුවන් සමඟ සිත් රිදවන වචන හුවමාරු ඇතිකරගැනීමට) ලෙස භාවිත නොකළ යුතුය.

ඔබට ලිපියක් පිළිබඳව ගැටළුවක්, එය වැඩිදියුණු කළයුතු ආකාරය පිලිබඳ අදහසක් ඇත්නම් එය අදාළ ලිපියේ සාකච්ඡා පිටුව තුල සඳහන් කල හැකිය. ඔබේ එම අදහස් හෝ ගැටළු කිසිසේත්ම අදාළ ලිපිය (ලිපි අවකාශය/පිටුව) තුල සඳහන් නොකළ යුතුය. සාකච්ඡා පිටුවට යාම සඳහා යම් ලිපියක ඉහළ වම කෙළවරේ ඇති "සාකච්ඡාව" යන සබැඳිය මත click කරන්න. එම සබැඳිය රතු පැහැයෙන් දැක්වෙන්නේ නම් ඒ පිළිබඳව කරදර නොවන්න; දැනට නොපවතින එවැනි සාකච්ඡා පිටුවක් වුවද අළුතින් ආරම්භ කිරීමට ඔබට සම්පූර්ණ නිදහස ඇත.

ඔබ තවත් අයකුගේ අදහසකට ප්‍රතිචාර දක්වන විට හෝ පිළිතුරු දෙන විට ඔබේ අදහස එයට පහළින් අනුඡේදනය කර දැක්වීමට කටයුතු කරන්න. අනුඡේදනයක් කිරීම දෙතිත (:) ලකුණක් ඔබේ අදහසට ඉදිරියෙන් යෙදීමෙන් කළ හැක. ඔබට කලින් දෙදෙනකු අදහස් දක්වා ඇත්නම් ඔබ ඔබේ ප්‍රතිචාරයට අනුඡේදන තුනක් කිරීමට සිදුවනු ඇත. එනම් එවිට ඔබ දෙතිත ලකුණු තුනක් යෙදිය යුතු ය. මන්ද යත් එක් දෙතිතකින් ලැබෙන්නේ එක් අනුඡේදනයක් බැවිනි.

ඔබ කරන්නේ තවත් අයකුගේ අදහසකට ප්‍රතිචාර දැක්වීමක් නොවේ නම් සහ නව කරුණක් මතු කිරීමක් නම් සාකච්ඡා පිටුවේ ඉහළ ඇති මාතෘකාවක් එක්කරන්න යන ටැබය මත ක්ලික් කර පිටුව අවසානයට නව මාතෘකාව එක්කර ඒ යටතේ අදහස් පළකරන්න. මාතෘකාව ලෙස නව සාකච්ඡාව කුමක් පිළිබදවද යන්න පහසුවෙන් දැනගත හැකි ප්‍රයෝජනවත් සිරස්තලයක් යොදන්න.

ඔබ සෑම විට ම සාකච්ඡා පිටුවල පළකරන අදහස් අවසානයේ පරිශිලක නාමය සහ කාලමුද්‍රාව ලියමින් අත්සන් කළ යුතු ය. ඒ සදහා ~~~~ භාවිතා කරන්න. මෙය සටහන් කර සුරැකුම් කළ පසු ඒ විසින් ඔබේ අත්සන ස්වයංක්‍රීයව සටහන් කරවනු ඇත. ඔබේ පහසුව සදහා මෙවලම් තීරුවේ ඉහළ ඇති සළකුණ භාවිතා කළ හැකි ය.

ඔබ ගිණුමක් රහිත අයෙක් නම් හෝ ගිණුමට පිවිසී නොසිටියේ නම් ඔබගේ පරිගණකයේ අයි. පී. ලිපිනය අත්සන වශයෙන් යොදාගැනෙනු ඇත. මෙවැනි අවස්ථාවකදී සංස්කරණය කළ අය වශයෙන් ඔබේ අයි. පී. ලිපිනය පිටු ඉතිහාසයෙහිද සටහන් වනු ඇත.

සාකච්ඡා පිටු වලදී දෘෂ්‍ය සංස්කාරක පහසුකම නොලැබෙන අතර ප්‍රභව කේත සංස්කාරකය ම භාවිත කිරීමට සිදුවනු ඇත.

පරිශීලක සාකච්ඡා පිටු සංස්කරණය

විකිපීඩියා ගිණුමක් සහිත සෑම අයකුටම පරිශීලක සාකච්ඡා පිටුවක් ඇති අතර අනෙකුත් පරිශීලකයන්ට මෙන් ම ගිණුමක් රහිත අයටද මේ මත ලිවීමෙන් ඔබට කිසියම් අදහසක් පැවසිය හැකි ය. කිසියම් අයෙක් ඔබට මෙසේ පණිවිඩයක් තැබූ විට ඔබ විකිපීඩියා පිටුවක් වෙත පිවිසුණු විට එහි ඉහළින් ඔබට නව පණිවිඩ ඇත යනුවෙන් දැන්වීමක් දිස්වනු ඇත.

ඔබට ඔබේ ම සාකච්ඡා පිටුවේ හෝ අනෙක් තැනැත්තාගේ සාකච්ඡා පිටුවේ ඔබේ ප්‍රතිචාරය සටහන් කළ හැකි ය. ඔබගේ ම සාකච්ඡා පිටුවේ දක්වන පිළිතරු අන් අය දකීද යන්න ස්ථිර නොවේ. එබැවින් ඔබ මෙසේ කිරීමට අදහස් කරන්නේ නම් ඒ බවට දැන්වීමක් ඔබේ පරිශීලක පිටුවට එක්කර තැබීම වැදගත් ය.

සිතෙහි තබා ගත යුතු කරුණු සමගින් නිබන්ධනය ඉදිරියට ගෙන යන්න