විකිපීඩියා:නිබන්ධනය/මූලාශ්‍ර උපන්‍යාසය

හැඳින්වීම සංස්කරණය
කෙසේ කරමුද
  ආකෘතිකරණය  සබැඳි  මූලාශ්‍ර
උපන්‍යාසය
  සාකච්ඡා
පිටු
  සිතෙහි
තබා ගන්න
  ලියාපදිංචිය Wrap-up  

මෙය විශ්වකෝෂයක් බැවින් ඔබ නව ලිපියක් ලියූ විට හෝ පවතින ලිපියක් වැඩිදියුණු කළ විට ඒ සදහා තොරතුරු සපයාගත් මූලාශ්‍රයන් මොනවාද යන්න දැක්විය යුතු ය. ඔබ ඉදිරිපත් කරන කරුණු; පිළිගත හැකි වෙබ් අඩවියක්, ප්‍රකාශිත ග්‍රන්ථයක්, ප්‍රසිද්ධ පුවත්පතක ලිපියක් හෝ වෙනත් මූලාශ්‍රයක් ආධාරයෙන් තහවුරු කර දැක්වීම අනිවාර්ය වේ. මෙම මූලාශ්‍ර පිළිගත හැකි, විශ්වසනීය සහ නිරවද්‍ය ඒවා විය යුතු ය. ඔබ ඉදිරිපත් කරන කරුණු තහවුරු කිරීම සදහා එම මූලාශ්‍ර භාවිත කළ ද ඔබ එහි සදහන් තොරතුරු ඒ ආකාරයෙන් ම පිටපත් කිරීමද නොකළ යුතු ය. කිසියම් මතයක් පෙන්වා දීම සදහා යම්කිසි ඡේදයක් හෝ ප්‍රකාශයක් උපුටා දැක්වීමක දී පමණක් එසේ කිරීමට අවසර ඇත. මූලාශ්‍ර රහිත ව හෝ ප්‍රකාශන හිමිකම් කඩකරමින් එක්කරන තොරතුරු සහ ලිපි මකාදැමීමට ඉඩ ඇත.

පාද සටහන් සංස්කරණය

සාමාන්‍යයෙන් මූලාශ්‍ර එක්කළ යුත්තේ එක් එක් කරුණ උදෙසා වෙන් වශයෙනි. එනම් ඔබ යම්කිසි කරුණක් එක්කළ විට එම කරුණ අවසානයේ පාදසටහනක් වශයෙනි. මේ ආකාරයෙන් මූලාශ්‍ර එක්කිරීම ක්‍රම 3කින් කළ හැකි ය. ප්‍රභව කේත සංස්කාරකයේ දී විකිමාකප් ආධාරයෙන් ලියා දැක්වීම, ප්‍රභව කේත සංස්කාරකයේ reftoolbar මෙවලම භාවිතය සහ දෘෂ්‍ය සංස්කාරකය භාවිතයෙන් එක්කරන ක්‍රමය යි.

Reftoolbar ආධාරයෙන් මුලාශ්‍ර එක්කිරීම සංස්කරණය

This screencast walks through the citation wizard of RefToolbar

මෙහිදී ඔබට පෝරමයක් පිරවීම මගින් ඉතාමත් පහසුවෙන් මූලාශ්‍ර එක්කළ හැකි ය. මූලාශ්‍ර එක්කිරීමට අදාළ කේත ස්වංක්‍රීය ව ලියැවෙනු ඇත. මූලාශ්‍ර දැක්වීමේ රීති හෝ ආකෘති පිළිබද ව දැනසිටීමද ඇවැසි නොවනු ඇත. (සැ. යු. මෙය ක්‍රියාකරන්නේ ජාවාස්ක්‍රිප්ට් ස්ථාපිතව ඇති හෝ එය සක්‍රීය කර ඇති බ්‍රවුසරයන්හිදී පමණි.)

  1. පළමුව reftoolbar සක්‍රීය කරගත යුතු ය. ප්‍රභව කේත සංස්කාරකයේ ඉහළ මෙවලම් තීරුවේ දකුණුපස කෙළවරෙහි ම ඇති "Cite" ලකුණ මත ක්ලික් කරන්න. එවිට ප්‍රභව කේත සංස්කාරකයේ මෙවලම් තීරුවට පහතින් තවත් මෙවලම් තීරුවක් දිගහැරෙනු ඇත.
  2. පාදසටහන එක්විය යුතු තැන කර්සරය පිහිටුවන්න. ඉන්පසුව reftoolbar හි ඇති  Templates   ලකුණ ක්ලික් කරන්න.
  3. ඉන් ඇදහැලෙන මෙනුවෙන් ඔබ එක්කිරීමට අදහස් කරන මූලාශ්‍රයට අදාළ වර්ගය තෝරන්න. (Book, Web, News වැනි)
  4. දැන් ලැබෙන පෝරමය පුරවා යොමු කරන්න. මූලික ව වැදගත් කරුණු පිරවීම ප්‍රමාණවත් ය.

සැ. යු. ඉහත ක්‍රමය මගින් සිදුවන්නේ පාදසටහන් උදෙසා ඇවැසි කේත ලියැවීම පමණි. මූලාශ්‍රය හා සම්බන්ධ තොරතුරු දිස්වීම සිදුවන්නේ </reflist> හෝ {{reflist}} නම් කේතය මගිනි. මෙම කේතය ලියා ඇති ස්ථානයේ සිට පහළට ලැයිස්තුවක් වශයෙන් එම තොරතුරු දිස්වනු ඇත. සම්මතය වන්නේ මෙය ලිපියේ අග ආශ්‍රිත නාමාවලිය, හෝ මූලාශ්‍ර යනුවෙන් සටහන් ව ඇති සිරස්තලයට පසුව දැක්වීමයි.

නිදසුන්:
==ආශ්‍රිත නාමාවලිය== what language is this?
{{reflist}}

විකිමාකප් භාවිතයෙන් සංස්කරණය

මෙහි දී ඔබ මූලාශ්‍ර සම්බන්ධ සියලු ම තොරතුරු එක්විය යුතු ආකාරය විකි කේත මගින් දැක්විය යුතු ය. ඔබ දක්වන කරුණ අවසානයේ එය තහවුරු කරන මූලාශ්‍රය සම්බන්ධ තොරතුරු <ref> සහ </ref> යන කේත කොටස් දෙකක් අතර දැක්විය යුතු ය. (මෙවලම් තීරුවේ ඇති පොතක ලකුණ මත ක්ලික් කිරීමෙන් කේත සටහන් කිරීම ස්වයංක්‍රීයව කරගත හැක.) මූලාශ්‍ර සම්බන්ධ තොරතුරු පහත පරිදි එකී පිළිවෙළින් ඉදිරිපත් කිරීම යෝග්‍ය වේ. පාඨකයාට පහසු හා සුදුසු ඕනෑම ක්‍රමවේදයක් අනුගමනය කිරීමට නිදහස ඇති නමුත් මූලාශ්‍රය හදුනාගැනීමට ප්‍රමාණවත් තරම් තොරතුරු දැක්විය යුතු ය.
නිදසුන්:

<ref>කරුණාරත්න එච්. කේ. එන්. (2009). ''මිහිතලයේ භෞතික පරිසරය''. විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය. පිටු 15-20 </ref>

<ref> කේත මගින් කරනුයේ පාද සටහන් එක්කිරීම පමණක් වන අතර ඒවා අතර දක්වන මූලාශ්‍රය හා සම්බන්ධ තොරතුරු දිස්වීම සිදුවන්නේ </reflist> හෝ {{reflist}} නම් කේතය මගිනි. මෙම කේතය ලියා ඇති ස්ථානයේ සිට පහළට ලැයිස්තුවක් වශයෙන් එම තොරතුරු දිස්වනු ඇත. සම්මතය වන්නේ මෙය ලිපියේ අග ආශ්‍රිත නාමාවලිය, හෝ මූලාශ්‍ර යනුවෙන් සටහන් ව ඇති සිරස්තලයට පසුව දැක්වීමයි.

නිදසුන්:
==ආශ්‍රිත නාමාවලිය== Multiple former presidents of the USA are now prime ministers in Britain.
{{reflist}}

එකම මූලාශ්‍රයක් නැවත නැවත දක්වන්නේ නම් පළමු ව මූලාශ්‍රය සම්බන්ධ තොරතුරු එක්කරමින්, පළමු ref කේතය <refname= නාමය> යනුවෙන් යොදමින් එම මූලාශ්‍රය නම් කරන්න. නැවත එම මූලාශ්‍රය දැක්විය යුතු තැන <refname= නාමය/> යනුවෙන් පමණක් යෙදීම ප්‍රමාණවත් වනු ඇත.

මූලාශ්‍ර උපන්‍යාස සැකිලි භාවිතයෙන් සංස්කරණය

මූලාශ්‍ර දැක්වීමේ දී ආකෘතිකරණය පහසුවෙන් කිරීමට පහත ආකෘති භාවිත කරන්න. <ref> සහ </ref> කේත දෙක අතරට ඔබ සදහන් කරන මූලාශ්‍රයට අදාල ආකෘතිය පිටපත් කර එහි එක් එක් ලේබලය ඉදිරියේ මූලාශ්‍රයේ ඒ ඒ තොරතුර ලිවීමෙන් ඔබට විමර්ෂණ කෘති නිසි ආකෘති අනුව දැක්වීම වඩා පහසුවෙන්කළ හැකි ය. මේ සෑම ලේබලයක් ම පිරවීම අනිවාර්ය නැති නමුත් කෘතිය සොයාගැනීමට ප්‍රමාණවත් තරම් තොරතුරු දක්වන්න. තොරතුරු ඇතුළත් කෙරෙන ලේබල පමණක් ආකෘතිය තුළ තිබීම ප්‍රමාණවත් ය.

පොතක්

{{cite book
 | last1 =  | first1 = 
 | first2 = | last2 = 
 | first3 = | last3 = 
 | title = 
 | location = 
 | publisher = 
 | pages = 
 | date = 
 | isbn = }}

වෙබ් ලිපියක්

{{cite web
 | last = 
 | first = 
 | author-link = 
 | last2 =  | first2 = 
 | last3 =  | first3 = 
 | last4 =  | first4 = 
 | title = 
 | website = 
 | publisher = 
 | date = 
 | url = 
 | access-date = }}


පුවත්පත් ලිපියක්

{{cite news 
 | last = 
 | first = 
 | title = 
 | pages =
 | newspaper = 
 | location = 
 | date = 
 | url = 
 | archive-url = 
 | archive-date = }}


පර්යේෂණ පත්‍රිකාවක්

{{cite journal 
 | last1 =  | first1 = 
 | author-link1 = 
 | last2 = | first2 = 
 | author-link2 = 
 | last3 =  | first3 = 
 | author-link3 = 
 | title = 
 | journal = 
 | volume = 
 | issue = 
 | pages = 
 | publisher = 
 | location = 
 | date = 
 | url = 
 | issn =
 | doi = 
}}


සාකච්ඡා පිටු භාවිතය හා සමගින් නිබන්ධනය ඉදිරියට ගෙන යන්න