විකිපීඩියා:නිබන්ධනය/සිතෙහි තබා ගන්න

හැඳින්වීම සංස්කරණය
කෙසේ කරමුද
  ආකෘතිකරණය  සබැඳි  මූලාශ්‍ර
උපන්‍යාසය
  සාකච්ඡා
පිටු
  සිතෙහි
තබා ගන්න
  ලියාපදිංචිය Wrap-up  

පළපුරුදු සංස්කාරකවරුන් විසින් එක්රැස්කරගත් අත්දැකීම් අනුසාරයෙන් ප්‍රයෝජනවත් ලිපි තැනීමට, අන් සංස්කාරකවරුන්වරුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සහ මතගැටුම් ඇති වූ විට කටයුතු කළ යුතු ආකාරය පිළිබදව ගුරුකරගත යුතු ප්‍රතිපත්ති සහ මගපෙන්වීම් ප්‍රජාව විසින් කාලයත් සමග ඇති කරගෙන ඇත. මෙම ප්‍රතිපත්ති විකිපීඩියාවේ නීති නොවේ. පිළිපැදිය යුතු රීති ය. ඒ විසින් දැක්වෙන්නේ සාමන්‍යයෙන් පොදුවේ කටයුතු කළ යුතු ආකාරයයි. උද්ගත වන සෑම අවස්ථාවක ම කටයුතු කළ යුතු ආකාරය ලෙස එය වටහා නොගත යුතු ය. අදාළ අවස්ථාව මත සිතා බලා ඒ ආදේශ කළ යුතු ද යනු තීරණය කළ යුතු ය. පංචස්තම්භ නමින් හැදින්වෙන ඉතා ජනප්‍රිය මූලික මූළධර්ම 5ක් ද විකිපීඩියාවේ ඇත.

මූලික ප්‍රතිපත්ති සංස්කරණය

මධ්‍යස්ථ දෘෂ්ටිකෝණය සංස්කරණය

විකිපීඩියා ලිපි රචනා කිරීමේ දී නිශ්චිත එක් මතවාදයක් පමණක් නිවැරදි ලෙස දැක්වීමෙන් තොර ව කිසියම් කරුණක් පිලිබද ව ඇති සෑම මතවාදයක් ම, ආකල්පයක් ම ඉදිරිපත් කළ යුතු ය. අපගේ අරමුණ විනිශ්චය කිරීම නොව තොරතුරු ඉදිරිපත් කිරීමයි. කෙසේ නමුත් යම් කරුණක් පිලිබද ප්‍රතිවිරුද්ධ කරුණු ඇති විට අවසාන නිගමනයකට එළැඹීමට පාඨකයාට පහසු වන පරිදි ඒවා නිසි පරිදි විග්‍රහ කරමින් ඉදිරිපත් කළ යුතු ය. කිසියම් කරුණක් පිළිබද ව ඇති ප්‍රතිවිරුද්ධ මතවාදයන් දැක්වීමේ දී එතරම් ප්‍රචලිත නොවූ හෝ පිළිගැනීමට ලක් නොවූ මතවාදයන්ටද පිළිගත් මතයන්ට තරම් ම වූ ඉඩක් වෙන් කිරීමෙන් අනවශ්‍ය උලුප්පා දැක්වීමක්ද සිදු නොවිය යුතු ය. ඒ පිලිබද ව ලියැවී ඇති ප්‍රමාණයට සාපේක්ෂ ව ඉඩ වැය කළ යුතු ය. වෙනත් ලෙසකින් කිවහොත් ප්‍රධාන දහරාවේ මතවාදයන්ට වැඩි අවධානයක් සහ ඉඩකඩක් වෙන් කළ යුතු ය.

නිරවද්‍යතාවය සංස්කරණය

විකිපීඩියාවට එක්කරන තොරතුරු නිවැරදි විය යුතු ය. ඔබ කිසියම් කරුණක් විකිපීඩියාවට එක්කළ යුත්තේ පිළිගත් මූලාශ්‍රයන් ගෙනහැර දක්වමින් සනාථ කළ හැකි නම් පමණි. ඔබට එම කරුණ තහවුරු කරන මූලාශ්‍රයක් සපයා ගත නොහැකි නම් එය සත්‍ය බව කෙතරම් හොදින් ඔබ දැනසිටියත් විකිපීඩියාවට එක් නොකළ යුතු ය. ඔබ තහවුරු කිරීම පිණිස ඉදිරිපත් කරන මූලාශ්‍ර පාද සටහන් වශයෙන් එක්කළ යුතු ය. (මෙය සිදුකරන ආකාරය මෙම නිබන්ධනයේ ම මූලාශ්‍ර උපන්‍යාස කිරීම පිටුවේ දක්වා ඇත.)

උත්පාදක පරියේෂණ ඇතුළත් නොකිරීම සංස්කරණය

ආචාරශීලී ව හැසිරීම සංස්කරණය

ප්‍රජාව තුළ මිත්‍රත්වයෙන් සහ සහයෝගයෙන් යුතු ව කටයුතු කෙරෙනු දැකීම අපගේ අපේක්ෂාවයි. එහෙත් ප්‍රායෝගික ව ගත්විට මෙවැනි කාර්යයක දී මත ගැටුම් ඇතිවීම නොවැළැක්විය හැකි දෙයකි. ඇතැම්විට ඉතා උණුසුම් විවාදයන් ඇතිවන බව සැබෑ වුවත් එවන් අවස්ථාවන්හි දී පවා සාමාජිකයන් එකිනෙකා කෙරේ ගරුත්වයෙන් යුතු ව කටයුතු කිරීම වටී. මෙහි දී ඉතා ප්‍රයෝජනවත් උපදෙසක් නම් සෑමවිට ම අන් අයද යහපත් චේතනාවෙන් යුතු ව කටයුතු කරන බව සිහිපත් කිරීම ය. කිසියම් අයෙකු වෙතින් සිදු වූ වරදක් දුටුවිට ඔහු හෝ ඇය එය සිතාමතා ම කළ බවට උපකල්පනය නොකළ යුතු ය. ඔවුන් යහපත් චේතනාවෙන් කටයුතු කළ බවට අපේක්ෂා කරමින් අදාළ ලිපියේ සාකච්ඡා පිටුවේ හෝ පරිශීලකයාගේ සාකච්ඡා පිටුවේ ඒ පිලිබද සදහන් කරමින් සුහද ව පෙන්වා දීම වැදගත් ය. ඉන් අනවශ්‍ය ගැටුමකින් ඔබ ව වළක්වා ගත හැකි ය.

විෂය කරගත හැකි මාතෘකා සංස්කරණය

විකිපීඩියාව යනු ඕනෑම අයකුට සංස්කරණය කළ හැකි ලෙස ලියැවෙන අන්තර්ජාල විශ්වකෝෂයකි. එමනිසා විකිපීඩියා ලිපියක් ලියැවිය යුත්තේ විශ්වකෝෂයකට එක්කිරීමට තරම් වැදගත්කමක් ඇති මාතෘකාවක් සම්බන්ධයෙන් පමණි. ඒවායේ විශේෂ වටිනාකමක්, ප්‍රසිද්ධියක් සහ පිළිගැනීමක් ඇත්නම් මිස සියලුම පුද්ගලයන් සහ සියලුම ආයතන හෝ ව්‍යාපාර සහ සියලුම මාවත් සහ නගර පිළිබද ව විකිපීඩියාවට ඇතුළත් විය යුතු නැත. විකිපීඩියාව විශ්වකෝෂයක් බැවින් මාතෘකාව පිළිබද තොරතුරු සදහන් විය යුතු ය. හුදෙක් වචනයක තේරුම, සමානපද හා භාවිතයන් දක්වන්නේ ශබ්දකෝෂයක ය. එබැවින් එවැනි ලිපි විකිපීඩියාවට යොමු කරනු වෙනුවට විකිෂනරි සහෝදර ව්‍යාපෘතියට යොමු කළ හැකි ය.

ප්‍රකාශන හිමිකම් සුරැකීම සංස්කරණය

වෙනත් මූලාශ්‍රවලින් තොරතුරු එලෙසින් ම පිටපත් කිරීම කිසිවිටෙකත් නොකළ යුතු ය. එය ප්‍රකාශන හිමිකම් කඩකිරීමක් මෙන් ම රචනා චෞරත්වයක්ද වන බැවිනි. ප්‍රකාශන හිමිකම් පිළිබද ව සදහනක් නොතිබුණද ඕනෑම වෙබ් අඩවියක්, ශාස්ත්‍රීය ලියැවිල්ලක්, මාධ්‍ය පළකිරීමක් කෙරෙහි මෙය අදාළ වේ. එසේ නමුත් යම්කිසි මතයක් පැහැදිලි කිරීමට හෝ තහවුරු කිරීමට ප්‍රකාශන හිමිකම් සහිත ලියැවිල්ලක/මාධ්‍යයක කෙටි උපුටාදැක්වීමක් භාවිතා කිරීමට සම්පූර්ණ ඉඩකඩ ඇත.