ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය


ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා යනු ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයේ කෘත්‍යාත්මක ප්‍රධානියා වේ.

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය
இலங்கை பிரதமர்
Prime Minister of Sri Lanka
Emblem of Sri Lanka.svg
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිල ලාංඡනය
Flag of Sri Lanka.svg
Dinesh Gunawardena.jpg
තනතුර ධාරී
දිනේෂ් ගුණවර්ධන

22 ජූලි 2022 සිට
ශෛලීයගරු අග්‍රාමාත්‍ය
මෙහි සාමාජිකයෙකි
මොහුට වාර්තා කරයිපාර්ලිමේන්තුව
නිවහනඅරලියගහ මන්දිරය
ආසනයකුරුණෑගල
පත් කරන්නාජනාධිපති රනිල් වික්‍රමසිංහ
ධූර කාල ප්‍රමාණයවසර 5
සංස්ථාපන ලිඛිතයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව
පූර්වගයාසභානායක, ජාතික රාජ්‍ය සභාව
සමාරම්භක දරන්නාදොන් ස්ටීවන් සේනානායක
සංස්ථාපනය1947, ඔක්තෝබර් 14
සන්තතියපළමු
වැටුපරුපියල් 858,000 වාර්ශිකව (2016)[1][2]
වෙබ් අඩවිය[1]

සමාලෝචනයසංස්කරණය

අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයෙහි සාමාජිකයෙකු වන අතර එහි නාමාත්‍ර ප්‍රධානියා වේ. කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා හා ශ්‍රී ලංකා රජයේ ප්‍රධානියා යන තනතුරු ද්වයම හොබවන්නේ ජනාධිපති විසිනි. ජනාධිපතිගේ නියෝජ්‍යයා ලෙස ක්‍රියාකරමින් ඔහු/ඇය‍‍ නොමැති තන්හී හෝ අශක්නුකෘත අවස්ථාවන්හී එම පදවියෙහි වැඩබලන්නාවූ අග්‍රාමාත්‍ය වරයා, අනුප්‍රාප්තික පිළිවෙලෙහි පළමුවැන්නා ද වෙයි.

ඉතිහාසයසංස්කරණය

 
ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා ඔහුගේ කැබිනට් මණ්ඩලය සමග

ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරය නිර්මාණය කරනු ලැබුවේ 1947 දී වන අතර එය එසේ වූයේ 1948 දී බ්‍රිතාන්‍යය වෙතින් නිදහස ලැබීමට හා ඩොමීනියන් ලංකාව පිහිටුවීමට පෙරය. 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් වූ කල්හී මෙම ධූරයේ නම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලෙසින් වෙනස් විය. වෙස්මිනිස්ටර්-පදනමෙහි දේශපාලන ක්‍රමය අනුව අග්‍රාමාත්‍යවරයා රජයේ ප්‍රධානියා වූ අතර එම නිසාම එම සමයෙහිදී රටේ බලවත්ම දේශපාලන තනතුර හෙබවීය. 1978 දී , ව්‍යවස්ථාදායකමය වෙනස්වීම් වලින් අනතුරුව, විධායක ජනාධිපති ධූරය ස්ථාපනය කිරීමත් සමගින්, ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා සහ රජයේ ප්‍රධානියා යන තනතුරු ද්වයම හොබවන්නා බවට පත්වූ විට, මෙම සියල්ල වෙනස් විය. 1978 වන තුරු අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යවරයාද විය. කැබිනට් අමාත්‍ය මණ්ඩලයෙහි ප්‍රධානියා ලෙසින් අග්‍රාමාත්‍යවරයා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. ධුරය හොබවද්දීම, ජනාධිපතිවරයා මිය ගිය හොත්, අනු‍ප්‍රාප්තිකයෙකු පත්කරගැනුමට පාර්ලිමේන්තුව රැස්වනතුරු හෝ නව ජනාධිපතිවරයෙකු තොරාගැනුමට නව මැතිවරණයක් පවත්වනතුරු, වැඩබලන ජනාධිපතිවරයා ලෙසින් අග්‍රාමාත්‍යවරයා පත්වේ. ජනාධිපති ඩිංගිරි බණ්ඩා විජේතුංග පදවි ප්‍රාප්ත වූයේ එලෙසිනි.

ශ්‍රී ලංකාවේ වර්තමාන අග්‍රමාත්‍යවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා වන අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2014 ජනවාරි 09 දිනදි ඔහු එම නිලයට පත් කරන ලදි .

ශ්‍රී ලාංකික අග්‍රාමාත්‍යවරුන්ගේ ලැයිස්තුවසංස්කරණය


මෙහි පහත දැක්වෙන්නේ ශ්‍රී ලාංකික අග්‍රාමාත්‍යවරුන්ගේ ලැයිස්තුවකි:

ලංකාවෙහි අග්‍රාමාත්‍යවරුන් (1948 - 1972)සංස්කරණය

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරුන් (1972 - මේ දක්වා)සංස්කරණය

වෙනත් තොරතුරුසංස්කරණය

අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන්නේ අග්‍රාමාත්‍ය මන්දිරය වන අතර එයට සාමාන්‍ය වශයෙන් ව්‍යවහාර කරනුයේ අරලියගහ මන්දිරය යනුවෙනි. අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයය පිහිටා ඇත්තේ කොළඹ 7, මල් පාරේය.

මෙයද බලන්නසංස්කරණය

ආශ්‍රිතසංස්කරණය

  1. Thomas, Kris (21 November 2016). "Of Ministers' Salaries And Parliamentary Perks". Roar.lk. සම්ප්‍රවේශය 30 August 2017.
  2. Thomas, Kavindya Chris (20 November 2016). "Do MPs get fat salaries?". Ceylontoday.lk. Ceylon Today. සම්ප්‍රවේශය 30 August 2017.