සෙංකඩගල රාජධානිය

udarata rajadaniye rajawaru
(මහනුවර යුගය වෙතින් යළි-යොමු කරන ලදි)

සෙංකඩගල රාජධානිය හෙවත් මහනුවර රාජධානිය 16 වැනි සියවසේ අගභාගයේදී ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ බිහි වූ බලගතු රාජ්‍යයකි. සෙංකඩගල නගරයේ පිහිටා ඇති මෙම රාජධානිය පෘතුගාලයේ, නෙදර්ලන්තයේ සහ එංගලන්තයේ යටත් විජිත බලවතුන්ට එරෙහිව සියවස් දෙකකට වැඩි කාලයක් සිය ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට සමත් විය.

සිංහලේ රාජධානිය (සෙංකඩගල යුගය)
கண்டி இராச்சியம் (Tamil)
Kingdom of Kandy (name used by British)
1469-1581
1593-1815
උඩරට රාජධානිය හී කොඩිය
ධජය
අගනුවරසෙංකඩගල
පොදු භාෂාවන්Sinhala and Tamil
ආගම
Theravada Buddhism, Hinduism
රජයMonarchy
Kingdom of Kandy 
• 1581-1593
Rajasimha I
• 1591-1604
Vimaladharmasuriya I
• 1605-1635
Senarat
• 1629-1687
Râjasimha II
• 1687-1707
Vimaladharmasurya II (Fifth)
• 1798-1815
Sri Vikrama Rajasinha (8th and Last)
ඉතිහාසය 
• Foundation of Senkadagalapura
1469
• Conquest by Sitawaka
1581
• Rebellion of Vimaladharmasuriya I
1593
5th November 1815
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
Kingdom of Sitawaka
Dutch period in Ceylon
British Ceylon

මෙම කාලය තුළ මහනුවර රාජධානිය ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය. එහි ස්වාධීනත්වය පවත්වා ගැනීමටත්, දිවයින පුරා තම පාලනය ව්යාප්ත කිරීමට යුරෝපීයයන් දැරූ උත්සාහයන්ට එරෙහිවීමටත් එය සමත් විය. රාජධානියට මෙය කිරීමට හැකි වූයේ එහි ශක්තිමත් යුධ බලය සහ මධ්‍යම කඳුකරයේ උපායමාර්ගික පිහිටීම නිසා යුරෝපීයයන්ට ප්‍රවේශ වීමට සහ පහර දීමට අපහසු විය. උඩරට ස්වතන්ත්‍රවාදය පවත්වා ගැනීමට උත්සාහ කළ ද, 1815 දී රාජධානිය බ්‍රිතාන්‍යයන් අතට පත් විය. මෙය මහනුවර රාජධානියේ අවසානය සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ ආරම්භය සනිටුහන් කළේය. විදේශීය ආක්‍රමණ හමුවේ ප්‍රතිරෝධයේ සහ ස්වාධීනත්වයේ සංකේතයක් ලෙස ඉතිහාස ගතවූ රාජධානිය වේ.

ආරම්භය

පළමුවෙන් ආරම්භ කළේ වික්‍රම භාමන්ත නම් 6 වැනි විජයබාහුගේ පුත්‍රයායි. ඔහුගේ පුතුන් විසින් 1492 දී විජය බාහු ඝාතනය කරන ලදී. මෙම සිද්ධියෙන් පසු රට කොටස් 4 කට බෙදුනි. සීතාවක රාජධානිය මායාදුන්නේ විසින් ද කොට්ටේ 6 වැනි පරාක්‍රම බාහු විසින්දරයිගම රාජ්‍යය රයිගම් බණ්ඩාර විසින් ද නුවර රාජධානිය වික්‍රම සමන්ත විසින්ද ස්ථාපිත කරනු ලැබීය.

පෘතුගීසි යුගය

1505 දී පෘතුගීසිහුකෝට්ටේ රාජධානිය අයත් ලංකාවේ බටහිර වෙරළට ගොඩ බැස්සාහ. සිතාවක රජු හමුදාවක් සංවිධානය කර ගෙන කෝට්ටේ රාජ්‍යයට පහර දුන් අවස්ථාවේ පෘතුගිසිහු කොට්ටේ රජ වු 6 වැනි පරාක්‍රම බාහුට සහයෝගය දුන්හ. කොට්ටේ රජු පෘතුගිසින්ගේ උදවු බලාපොරොත්තු වු විට කුලි හේවායින් වශයෙන් ඉදිරිපත් වීමට ඔවුහු කැමති වූහ. මායාදුන්නේ මරණයෙන් පසු ඔහුගේ පුත් රාජසිංහ සීතාවක රජු බවට පත් විය. රජ පවුල් අතර නොකඩවා අභ්‍යන්තර අර්බුද කෙරීගෙන යන අතර වාරයේ කොට්ටේ සහ මහනුවර රාජ්‍යයන් පරාජය කිරීමට අන්තිමේදි රාජසිංහ රජුට හැකි විය. නව රජතුමා ඔහුගේ පාලන කටයුතු සදහා අගනුවර ලෙස මහනුවර තෝරා ගත්තේය. ඔහුට වස දීම නිසා ඔහුගේ රාජ්‍ය කාලය කෙටි එකක් විය. කරලියද්දේ බණ්ඩාර මහනුවර රාජධානියේ නිළ බලය ඇතිව රජු බවට පත්වු පළමු තැනැත්තාය. පසුව ඔහු 1 වැනි විමළධර්ම සුරිය බවට පත්විය. හෙතෙම මහනුවර රාජධානියේ දෙවැනි යුගයේ ආරම්භකයා විය. මෙම රාජධානියේ දෙවැනි යුගයශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු 1739 දී මිය යන තෙක් පැවතුනේය.

පරිපාලන කලාප

සෙංකඩගල යුගයේදී සිංහල රාජධානිය උප පාලන කලාප 21කින් සමන්විත විය. ඉන් විශාල කලාප 12 දිසාවනි ලෙසත් කුඩා කලාප 9 රට ලෙසත් හැඳින්වුනි.

දිසාවනි

මේවායේ පාලන ප්‍රධානී දිසාව නම් විය.

රට

මේවායේ පරිපාලන ප්‍රධානී රටේ මහත්තයා නම් විය.

  • උඩුනුවර
  • යටිනුවර
  • හේවාහැට
  • කොත්මලේ
  • තුම්පනේ
  • හාරිස්පත්තුව
  • දුම්බර
  • උඩ බුලත්ගම
  • පාත බුලත්ගම

මහනුවර රාජාවලිය

පළවන විමලධර්මසුරිය රජු ගේ සිට මහනුවර රාජධානියේ රජවරු මහනුවර රාජධානිය යටතේ පාලනය කිරීමට පටන් ගත්තේය.

ආශ්‍රිත ලිපි

"https://si.wikipedia.org/w/index.php?title=සෙංකඩගල_රාජධානිය&oldid=692402" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි